24/12/2023
උදේම ගමනක් යන්න වෑන් එක, හයර් එක ගන්න තැනට ගියාම අම්මෝ මෙයාගෙ ලස්සන....😍 හරි පිලිවෙලට තියන් ඉන්නවා😋 අරූද බන් ඩයිවර් කියලා අහලා😳සුපිරි වැඩ්ඩෙක්නේ😉 කියන මිනිස්සුම ටික දුරක් ගිහින් තේ බීලා, බත් කාලා ඉවතලන දේ එහෙමම දාලා😒 කර්ටන් එකෙන් අත පිහලා, නියපොත්තෙන් ෂීට් පහුරුගාලා හවස් වෙද්දි පදමට වැදුනාම එ ලස්සන වාහනේ නෑ සගෝ😭. ඉතින් දවසක් දෙකෙක් හෝ තුනක් ගමන ගිහින් බලන්න තියන තැන් ඔක්කොමත් පෙන්නලා😊 හීරීමක්වත් නැතුව පණ වගේ වාහනේ රැකගෙන යන අයත් රැකගෙන,පාන්දරක ගෙදර ගිහින්🚃, තිබුන විදියටම අස්කරලා හරියට නින්දක් නැතුව අවධානෙන් රිය සක හසුරවන අපේ කොල්ලන්ට අනේ තව ටිකක් අඩුවට යන්න අහද්දි අරයා මේ ගානට යන්නෙ කියලා බොරුවක් කියලා ඔයාට බැරිද අහන මිනිස්සු😵😪 අපි කන කට්ට දන්නවනම්, තෙල්,ටයර්,සර්විස්, හැමදේමත් කරලා
වාරික මතක් වෙද්දි රෑ නින්දක් නැතිව😰 කොහොමද මේවා කරන්නෙ කියලා කල්පනා කර කර ඉද්දි😗, ගහන්න පුලුවන් බදු සේරමත් ගහලා 😳මොන ජීවිත ද අපි මේ ලංකාවෙ ගෙවන්නෙ කියලා මාර කලකිරීමක් එන්නෙ😢
එව්වට හරි යන්නම ඕනි කවදාහරි 🙏
එත් සමහර හයර් තියනවා ගමනක් ගියාම full fun සමහර වෙලාවට චූටි දූවිලි පොඩ්ඩක් විතරක් තියන අතුගාන්න ඕනත් නෑ කියලා හිතෙන මාර decent මිනිස්සු, මල්ලි ගාන ඇතිද අපි ගොඩක් විනෝද වුනා, බුලත් කෙල පොඩ්ඩක් වැදුනත්, අපි වාහනේ හෝදලා දෙන්නද අහන මිනිස්සු අම්මෝ මාරයි වචනෙත් වටිනවා, අයෙත් යමු කියන මාර ලස්සන මිනිස්සුන්ට හදවතින්ම ❤❤❤❤
රියදුරු රැකියාව ආශාවෙන් කරන්න පටං ගත්තාට දැන් ඒක කරන්නම ඕනි නිසා කරනවා මිසක් රැකියාව කරන්න හිතට කිසිම හැඟිමක් නැති තරම්..... මොනා උනත් රියදුරු දැතට බුදුසරණයි 🙏🙏
😊