Travel Mind

Travel Mind සංචාරේ

22/04/2024

සම්පූර්ණ වීඩියෝ එක පළවෙනි කමෙන්ට් එකේ link එකෙන් බලන්න ❤️❤️❤️🌺

Kirigalpotta is the second tallest mountain in Sri Lanka at 2,388 m (7,835 ft) above mean ocean level, and is likewise the most elevated mountain in the country whose culmination is open to the overall population (the most noteworthy point, Pidurutalagala, is involved by an army installation and untouchable to general society). The pinnacle is arranged close to the city of Nuwara Eliya, inside the Nuwara Eliya District.[1][2] Only one 7 km (4 mi) climbing trail gives admittance to the mountain's culmination through the Horton Fields Public Park, albeit the path isn't extremely well known.

කිරිගල්පොත්ත කන්ද ශ්‍රී ලංකාවේ දෙවන උසම කඳුවැටිය වේ. එහි මුහුදු මට්ටමේ සිට උස 2,388 m (7,835 ft) කි. කිරිගල්පොත්ත කඳුවැටිය යනු මහජනයාට විවෘතව පවතින ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වේ.හෝර්ටන් තැන්න ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන ස්ථානයේ සිට කඳුමුදුනට කිලෝමීටර් 7ක් පමණ තියෙනවා.
මේ කන්ද තරණය කරන්න යනවා නම් උදේ 6 සිට 11 දක්වා ප්‍රවේශපත් ගත් අයට විතරයි යන්න දෙන්නෙ.උදේ 11 පස්සෙ කන්ද තරණය කරන්න දෙන්නෙ නෑ.
මෙම කන්ද තරණයට අපේක්ෂා කරනවා නම් ඊට හොදම කාලය වන්නේ පෙබරවාරි-අප්‍රේල් කාලය හා ජුලි – සැප්තැම්බර් අතර කාලයයි. ඊට හේතුව ඒ කාලවල වැඩි වියළි බවක් මෙහි පවතින නිසාය.අනෙක් මාසවල තද වැසි සමඟ තද සුළං පවතින නිසා ඒ කාලයේ කන්ද තරණය අවධානම් වේ.🌳🌺

🌳🌺සම්පුර්ණ වීඩියෝව පළවෙනි කමෙන්ට් එකේ🌳

17/04/2024

අපි දෙන්නා.පට්ටිපොල පාර 🌳🌺

🌳🌺

කිරිගල්පොත්ත කන්ද ශ්‍රී ලංකාවේ දෙවන උසම කඳුවැටිය වේ. එහි මුහුදු මට්ටමේ සිට උස 2,388 m (7,835 ft) කි. කිරිගල්පොත්ත කඳුවැට...
16/04/2024

කිරිගල්පොත්ත කන්ද ශ්‍රී ලංකාවේ දෙවන උසම කඳුවැටිය වේ. එහි මුහුදු මට්ටමේ සිට උස 2,388 m (7,835 ft) කි. කිරිගල්පොත්ත කඳුවැටිය යනු මහජනයාට විවෘතව පවතින ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වේ.හෝර්ටන් තැන්න ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන ස්ථානයේ සිට කඳුමුදුනට කිලෝමීටර් 7ක් පමණ තියෙනවා.

මේ කන්ද තරණය කරන්න යනවා නම් උදේ 6 සිට 11 දක්වා ප්‍රවේශපත් ගත් අයට විතරයි යන්න දෙන්නෙ.උදේ 11 පස්සෙ කන්ද තරණය කරන්න දෙන්නෙ නෑ.

මෙම කන්ද තරණයට අපේක්ෂා කරනවා නම් ඊට හොදම කාලය වන්නේ පෙබරවාරි-අප්‍රේල් කාලය හා ජුලි – සැප්තැම්බර් අතර කාලයයි. ඊට හේතුව ඒ කාලවල වැඩි වියළි බවක් මෙහි පවතින නිසාය.අනෙක් මාසවල තද වැසි සමඟ තද සුළං පවතින නිසා ඒ කාලයේ කන්ද තරණය අවධානම් වේ.🌳🌺

🌳🌺

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
13/04/2024

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

22/03/2024

Sri Paadaya- සුන්දර බත්තුලු ඹය දිගේ සිරිපා වන්දනාව
Full video එක පළවෙනි comment එකේ

20/01/2024

දුම්බර මිටියාවතේ සුන්දරත්වය සොයා පිටවල පතන, රිවස්ටන්, බඹරකිරි ඇල්ල #රිවස්ටන්
Dulaj Wickramasinghe Senali Palihawadana

සුන්දරත්වය සොයා 🐞🦋 part 03පිටවල පතන 🐞🐞🦋🦋        🐞🐞🦋🦋
16/01/2024

සුන්දරත්වය සොයා 🐞🦋 part 03

පිටවල පතන 🐞🐞🦋🦋

🐞🐞🦋🦋

සුන්දරත්වය සොයාගෙන Part 2 🐝🐝🌲🌲 රිවස්ටන් 🐝🐝🌲🌲Riverston 🐝🐝🌲🌲     මාතලේ පිහිටි නකල්ස් කඳු වැටියේ තවත් ලස්සන සංචාරක ස්ථානයක්...
15/01/2024

සුන්දරත්වය සොයාගෙන Part 2 🐝🐝🌲🌲

රිවස්ටන් 🐝🐝🌲🌲
Riverston 🐝🐝🌲🌲



මාතලේ පිහිටි නකල්ස් කඳු වැටියේ තවත් ලස්සන සංචාරක ස්ථානයක් තමා රිවස්ටන් කියන්නේ.. රිවස්ටන් මුදුනට ගියාම බලන්න කියල විශේෂ දෙයක්නම් නෑ..කඳුකර පරිසරය විඳින්න ආස කරන කෙනෙක්ට මාතලේ ඉඳලා කිලෝමීටර් 30ක් විතර යන මේ ගමන පුදුම ආස්වාදයක් ගෙන එන බව නම් නොඅනුමානයි. රිවස්ටන් කන්ද උඩ තියෙන්නේ රුපවාහිනි කුළුණු දෙකක්.. නමුත් ඒ උඩටගියාම දකින්න ලැබෙන දර්ශනය නම් අමතක නොවෙන එකක් කියන්න පුළුවන්. වටෙන් ම නකල්ස් කඳු වැටියෙන් ද ඈත පෙන පතන සහ ඈත ගම්මාන වලද දර්ශනය හැමදාම දකින්න පුළුවන් කමක්නම් නෑ. මොකද ගොඩක් වෙලාවට කන්ද වටේට මීදුමෙන් වැහිලයි තියෙන්නේ...
ගමන් මාර්ගය.. : මාතලේ පැත්තෙන් ලගා වීම තමා ලේසිම මාර්ගය..
මාතලේ සිර රත්තොට නගරය හරහා රිවස්ටන් වෙත ලඟා වෙන්න පුළුවන්.

සුන්දරත්වය සොයා 🌳 part 01බඹර කිරි ඇල්ල 🦟🦟🌳🌳Bambara kiri ella waterfall 🦟🦟🌳🌳      🦟🦟🌳🌳මාතලේ, රත්තොට සිට රිවස්ටන් දක්වා වූ...
15/01/2024

සුන්දරත්වය සොයා 🌳 part 01

බඹර කිරි ඇල්ල 🦟🦟🌳🌳
Bambara kiri ella waterfall 🦟🦟🌳🌳

🦟🦟🌳🌳

මාතලේ, රත්තොට සිට රිවස්ටන් දක්වා වූ ගමන් ගන්නා මාර්ගයේ කිලෝමීටර් 5 ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව බඹරකිරි ඇල්ල හමුවේ.බඹරකිරි ඇල්ලේ උල්පත ආරම්භ වන්නේ නකල්ස් කඳු පන්තියෙනි. දුම්බර මිටියාවතේ අඹන්ගඟ පෝෂණය කරමින් ගලා බසින වෙලන්ගහඔය හෙවත් කුඩා ඔය ජල දහරාවෙන් බඹරකිරි ඇල්ල නිර්මාණය වී තිබේ.මෙම දියඇල්ලට බඹරකිරි ඇල්ල යන නාමය ලැබුණේ, ඇල්ල අසල පර්වතයක බොහෝමයක් බඹර වද බැඳ තිබූ නිසා බව ජනප්‍රවාදයේ සඳහන් වේ. නමුත් අද වන විට දිය ඇල්ල අවට පරිසර පද්ධතියේ බඹර වද දැක ගැනීමට පුළුවන්කමක් නැත. දිය ඇල්ලේ සම්පූර්ණ උස මීටර් 10 ක් පමණ වුවද මීටර් 3 ක පමණ කොටස් තුනකින් දිය ඇල්ල සමන්විත වේ. බඹරකිරි ඇල්ල ගලා යන්නේ ඇලි දාමයක ආකාරයටය. ඒ අනූව තට්ටු තුනකින් සමන්විත ඇල්ලේ පළමු ඇල්ල නිර්මාණය කරන ජල ධාරාවම ගලා විත් දෙවන ඇල්ලට උප්පත්තිය දෙනු ලබන අතර, දෙවන ඇල්ලෙන් පසුව ජලය කඩා හැලෙන්නේ අඩි පහළවක් පමණ වන ප්‍රධාන ජල තටාකයටය. අනතුරුව ගල් තලාව මත්තෙන් තාලයට පල්ලම් බසින ජල දහරාව දිය ඇල්ලේ තුන්වන ඉසව්ව නිර්මාණය කරයි. ස්ථර කීපයකින් ගලා හැලීමත්, ඇල්ලට ඉහළින් වෙලන්ගහවත්ත ගමට පිවිසීමට ඉදි කර ඇති අත් වැල් පාලම බඹරකිරි ඇල්ලේ සුන්දරත්වය තව තවත් වැඩි කිරීමට හේතුවන බව සඳහන් කළ යුතු ය.

11/08/2023

ගවරවිල තැන්න 🐂🐂🐂

මස්කෙළිය ගාට්මෝර් වතුයායට මායිම් වෙලා තියෙන මුහුදු මට්ටමෙන් මීටර් 1850ක් තරම් උසක පිහිටා තියෙන ගවරවිල තැන්න යනු සුන්දර වගේ ම ඉතා සංවේදී පරිසර පද්ධතියක්.මහ එළිය තැන්න තරම් ම සුවිසල් නැති වුවත් ඒ හා සමාන ශාක හා පාරිසරික ලක්ෂණවලින් නම් ගවරවිල අඩුවක් නැති තරම්.කැලණි හා වලවේ යන ගංඟා දෙකම හරි අඩක් හෝර්ටන් තැන්නෙනුත් අනෙක් කොටස මේ ගවරවිලෙනුත් පෝෂණය වෙන්නෙ.

සමනල අඩවියෙන් වාර්තා වන විශාලතම පතන මෙයයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ලංකාවේ වාසය කරා යැයි සාධක හමුවී ඇති ගවරා නම් වූ ප්‍රාග් ඓතිහාසික සත්වයා මේ පතන හා ඒ ආශ්‍රිතව වාසය කළ නිසා මේ නම මේ තැන්නට පට බැඳෙන්නට හේතු වී ඇති බව වාග්විද්‍යාවත්මක සාධක අනුව සිතන්න පුළුවන්.

ගවරවිල කියූ විට මෙය විලක් දැයි බොහෝ අයට සිතෙයි.එහෙත් කන්දක් උඩ විලක්? ඔව්,මේ ලස්සන තණ පිටියක් වගේ මතුපිටට මේ තැන්න පෙනුනට වතුර පිරිලා තියෙන විලක් වගේ කියලා ඇවිදිනකොට තේරෙනවා තෘණ මතින් ඇවිදිනකොට මෙට්ටයක ඇවිදිනවා මෙන් හැඟීමක් එනවා.සමහර තැන්වලින් වතුර එනවා ඇවිදිනකොට තවත් තැන්වල කකුල් එරෙනවා.අපි ගිය කාලේ වැසි රහිතව එහෙම නම් නිරිතදිග මෝසම සක්‍රීය කාලයක මෙය කෙසේ පවතීද?
සත්‍යවශයෙන් ම කිවහොත් මෙය කන්දක් උඩ තියෙන ජල ටැංකියක් හා සමානයි.

ගෝනා,මුවා,වල් ඌරා,කඳුකර කොටියා,අලියා වැනි සතුන් මේ භූමියහි වාසය කරනවා.නමුත් මහ එළිය තැන්න වගේ සතුන් දැක බලාගන්න නම් අපහසුයි.මොකද, රක්ෂිතය අවට ඉන්න මිනිසුන් රක්ෂිතයේ සතුන් දඩයම් කිරීම නිසා.

ගවරවිල යන්න තහනම්.ඒ මීට පෙර ගවරවිල බලන්න ගිය සංචාරකයො මේ සංවේදී පරිසර පද්ධතියට හානි කළ නිසා.ඒ වගේම මේ තැන්නෙ මැණික් ඉල්ලම් නොඅඩුව තියෙන නිසා නමුත් නිසි අවසරයක් ඇතුව මේ සංවේදී පරිසරයට ඔබටත් යන්න පුළුවන්.යනවා නම් අංශ දෙකකින් අවසරය ගන්න ඕනෙ වනජීවී එකෙනුයි ගාට්මෝර් වත්තෙනුයි (වත්තෙ අවසරය ගන්න එක නම් ලේසි නැති වෙයි)

අපට වත්තෙ අවසරය හමුවුණේ නෑ.ඒක නිසා අපි වත්ත හරහා යන්න තියෙන 3-4 Km තරම් කෙටි දුරකින් ගමානාන්තයට යන්න තියෙන අවස්ථාව මඟහැරුණා.අපට වත්ත මඟ හැරලා කන්ද වටෙන් අඩිපාරක් වත් නැති කැලයක පාර කපන් 25-28 Km වගේ දුරක් ඉතාමත් දුෂ්කර විදියට දවස් දෙකක් පුරාවට යන්න වුණා.මේ විදියට යන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන් ම ඔයාලා Map Reading ගැන දන්නෙ නෑ නම් යන්න එපා අනිවාර්යයෙන් කැලේ අතරමං වෙනවා මොකද ඒ තරමට ම කැලය ඝනයි.අවශ්‍ය කෙනෙක් ඉන්නවා ඉල්ලන්න නම් අපි ගිය GPS Coordinates දෙන්නම්.

#ගවරවිල #ගවරවිලතැන්න #ගාට්මෝර්

https://youtu.be/EGXLdwUiwIM

02/08/2023

ගවරවිල තැන්න 🐂🐂🐂

#ගවරවිල #ගවරවිලතැන්න #ගාට්මෝර්

Laxapana Falls, which is the 8th highest waterfall in Sri Lanka and the 625th highest waterfall in the world, is 126 m (...
16/06/2023

Laxapana Falls, which is the 8th highest waterfall in Sri Lanka and the 625th highest waterfall in the world, is 126 m (413 ft) high.It is located in a village called Kiriwan Eliya in the Maskeliya section of the Nuwara Eliya District, some 16 kilometers (9.9 miles) from Maskeliya town on the Maskeliya-Norton Bridge route. Maskeliya Oya creates it close to where Kehelgamu Oya and Maskeliya Oya meet to make the Kelani River.



15/06/2023

❤️🧡

18/05/2023

කුමාරි ඇල්ල - පුවක්පිටිය

15/05/2023

දුනුමාල ඇල්ල ❤

14/05/2023

ඇබර්ඩීන්
Aberdeen waterfall ❤

12/05/2023

දෙහෙනකන්ද - මූක්කුවත්ත සිරිපා මාර්ගය

Address

Biyagama
Biyagama

Telephone

+94755064632

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Mind posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Mind:

Videos

Share

Category


Other Biyagama travel agencies

Show All