සබරගමුව ලස්සනයි_Sabaragamuwa lassanai

සබරගමුව ලස්සනයි_Sabaragamuwa lassanai සබරගමූවේ ඔබ නොදකින සුන්දරත්වය විදින්න.

28/08/2023

සීතල සුලඟ මැද්දෙන් අවාරේ සිරිපා කරුණාව...❤🍃💐

Credits goes to original owner

රාත්‍රීයේදී  පැල්මඩුල්ල නගරය දිස්වෙන අයුරු (📷 උපුටා ගැනිමකි )
09/08/2023

රාත්‍රීයේදී පැල්මඩුල්ල නගරය දිස්වෙන අයුරු
(📷 උපුටා ගැනිමකි )

Weeragoda Temple, Rathnapura(📷 උපුටා ගැනිමකි )
05/08/2023

Weeragoda Temple, Rathnapura
(📷 උපුටා ගැනිමකි )

වසර සියයක ඉතිහාසයකට රත්නපුර මහා නගර සභාව යලි පන දෙන්නට උත්සාහයක රත්නපුර නගරයේ සංඛේතය බඳු ශතකයකට අධික ඉතිහාසයක් ඇති ඔරලෝස...
04/08/2023

වසර සියයක ඉතිහාසයකට රත්නපුර මහා නගර සභාව යලි පන දෙන්නට උත්සාහයක

රත්නපුර නගරයේ සංඛේතය බඳු ශතකයකට අධික ඉතිහාසයක් ඇති ඔරලෝසුව යලිත් පන ගැන්වීම සඳහා රත්නපුර මහා නගර සභාව උත්සාහ දරමිණ් සිටී.
මෙහිදී රත්නපුර මහා නගර සභා නාගරික කොමසාරිස් අරුණ ප්‍රේමරත්න මහතාගේ උපදෙස් හා සහයෙන් ගොඩනැගිල්ලේ පවත්නා අළුත්වැඩියාවන් පුරා විද්‍යා දෙපාර්ථමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ තාක්ෂණික සහය ලැබෙන අතර
සියවසක උරුමය වන ඔරලොසුවේ ප්‍රතිසංස්කරණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරු අංශය සහය ලබා දෙමින් කටයුතු කරයි.
එම ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරු අංශයේ සහයෙන් වසර සියයකට අධික සේවාවක් ලබා දුන් ඔරලොසුවේ තාක්ෂණික අවශ්‍යතා 2023 අගෝස්තු 01 දින එම නිලධාරීන් පරීක්ෂා කරන ඡායාරූප කිහිපයක් පහත
මෙම රත්නපුර මහා නගර සභාව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරා විද්‍යා දෙපාර්ථමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරු බලකාය එකතුවෙන් නැවතත් රත්නපුර ඔරලොසු කණුව ඔබගේ අපගේ සේවාව වෙනුවෙන් යලිත් හඩ නගනු දැකීම අපගේ අභිප්‍රාය වන අතර මෙයට සමගාමීව ඔරලොසු කණුවේ භාහිර පෙණුමද වෙනත් දැන්වීම් වලින් තොරව පවත්වාගෙන යාමට නාගරික කොමසාරිස් අරුණ එන් ප්‍රේමරත්න මහතාගේ අභිප්‍රාය බවද ප්‍රකාශ විය.
ඉතින් ඔබගේ පෞඩ හඩින් යලි රත්නපුර නගරය ගිගුම් දී අවධි වන තුරු අප බලා සිටිමු
(උපුටා ගැනිමකි)

අතීතය හා වර්තමානය 💔😥 ාශය
04/08/2023

අතීතය හා වර්තමානය 💔😥
ාශය

ඉඩෝරයට හසුවූ උඩවලව ජලාශය  😥
04/08/2023

ඉඩෝරයට හසුවූ උඩවලව ජලාශය 😥

 #කෑගල්ල_නගරය    #கேகாலை_நகரம்
04/08/2023

#කෑගල්ල_නගරය

#கேகாலை_நகரம்

රුවන්පුර නගරය රාත්‍රී කාලයේ දිස්වෙන අයුරු 🌙(📷 උපුටා ගැනිමකි)
03/08/2023

රුවන්පුර නගරය රාත්‍රී කාලයේ දිස්වෙන අයුරු 🌙
(📷 උපුටා ගැනිමකි)

අවාරේ ශ්‍රී පාද වන්දනාව (📷 උපුටා ගැනිමකි)
03/08/2023

අවාරේ ශ්‍රී පාද වන්දනාව
(📷 උපුටා ගැනිමකි)

~ රත්නපුර සපරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ නිමාව ~රුවන් කණක මුතු මැණික් ද බබලනපත්මරාග යන ජය සිහිලැල්..මෙවන් ...
03/08/2023

~ රත්නපුර සපරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ නිමාව ~

රුවන් කණක මුතු මැණික් ද බබලන
පත්මරාග යන ජය සිහිලැල්..
මෙවන් පසිඳු කළු ගංඟා ජල පිට
මකර තොරණ සිංහාසන වල්..
සවන් බිහිරි කර පොකුර ඔගෝසා
යනෙන කැළඹි ගඟ ඉදිරිය රැල්..
සමන් දෙවිදු අඹ කෙළියට වැඩි තැන
සැදුනි මෙවන් තිර දේව අඟුල්..

රත්නපුර සපරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය අවසන් වන්නේ දිය කැපීමේ මංගල්‍යයෙනි.මහ පෙරහැර අවසන් වූ දා රාත‍්‍රියේ පිරිත් නිලය භාර හිමි වරුන් මහ දේවාලයට වැඩමවා පිරිත් දේශනාව ආරම්භ කරයි. ඒ අතරතුර දිය කැපීමට පෙර දේවාලයේදී සිදු කරනු ලබන චාරිත්‍ර එනම් දේවාභරණවලට පළදවා ඇති ඇඳුම් ගලවා ඉවත් කිරිම, දේවාභරණ පෙරහැරින් ගෙන ගොස් රථයේ තැනපත් කිරීම, රථය සිංහාසන මණ්ඩපය දක්වා පෙරහැරින් වැඩම කරවීම හා ආභරණ දෝලියෙහි තැන්පත් කිරීම ආදී සිරිත් ඉටු කරයි.

දිය කැපීම සිදු කරන්නේ කළු ගඟේ රත්මල් ඇල්ල නම් ස්ථනයේදීය. එය පිහිටා තිබෙන්නේ සමන් දේවාලයේ සිට සැතපුම් 7 ක් පමණ දුරින් පිහිටි මල්වල නම් ගමේය. ගඟේ වතුර අඩු වැඩි වීම යන සාධකය හෝ වෙනත් බාධාවක් හෝ තිබුණහොත් මෙම දියකැපීමේ මංගල්‍ය ය සිදු කරන්නේ දේවාලයේ ඉදිරිපිට බෝඹූගල කන්ද පාමුල පිහිටි බොලපැන් ලිඳෙහිය. ගගේ වතුර අඩු අවස්ථාවක් උදා වුවහොත් ගඟ දිය අඩු තැන් වලින් ඔරු ඇඳගෙන යමට අලි ඇතුන්ද සූදානම් කරයි.

දෙවියන්ට ආලින්ති ගායනය කරමින් හේවිසි වයමින් රත්මල් ඇල්ල දක්වා පෙරහැරකින් ගමන් කිරීම සිදු කරයි. මෙයට ගඟේ පෙරහැර යන නමද කියනු ලබයි. අඟුල් දෙකක් පෙරහැරේ ගමන් කරන අතර එම අඟුල් දෙකටම වහලවල් යොදා අලංකාරවත් ලෙස සරසා එක් අඟුලක සමන් දේවාලයේ දෝලාව ද අනෙකෙහි පත්තිනි දේවාලයේ දෝලාවද වැඩම කරවයි. දේව අඟුල රත්මල් ඇල්ලේ යාහැකි ඉහළම තැනට ගොස් කඹ වලින් බඳිනු ලබයි. ඉන් පසුව කපු මහතාත්, බත්වඩන රාළත්, අඟුල පදවන්නාත් පමණක් අඟුලේ රැඳී සිට අන් සියලු දෙනාම ගොඩ බිමට යැවීම සිඳු කරයි.

දිය කැපීම කිසිදු බාහිර පුද්ගලයෙකුට නොපෙනෙන සේ වියන් බැඳ සිදු කරන අතර එය අවසන් වීමෙන් පසු වෙඩිල්ලක් පත්තු කර පෙරහැර ආපසු ගමන් ආරම්භ කරයි. ගඟ දෙපස සිටින ජනයා ගඟට බැස අඟුල දෙපසේ සිට පූජා පවත්වන අතර කපු මහතා සඳුන් නිලක තබා ආශිර්වාද කරනු ලබයි.

බැතිමතුන්ට ආශීර්වාද කරමින් ඉතා සෙමින් ආපසු ඇදෙන ගඟේ පෙරහැර කොටාඹේ තොටුපලට පැමිණි පසු ආභරණ ඇතු පිටින් ද දිය කපා ගත් ජලය සහිත කෙන්ඩිය දෝලාවෙන් ද වැඩම කරවයි. මෙම පෙරහැර ඉදිරියෙන් පෙළ ගස්වා ඇති මහ පෙරහැරට එකතුවේ. මහ පෙරහැරේ ඉදිරියෙන්ම සිටින ගරා යකුන් දෙදෙනා දේවාභරණ ගෙන එන ඇතු ලඟට ගොස් සෙත් ශාන්ති කළ පසු වෙඩිල්ලක් පත්තු කොට මහ පෙරහැර ගමන් අරඹයි.

පසුව පෙරහැර දෙකම සිංහාසන මණ්ඩපය වෙත පැමිණෙන අතර ගෙවැදීමට නියමිත නැකත් වේලාව පැමිණෙන තුරු සිංහාසන මණ්ඩපයේ දේවාභරණ තැන්පත් කර විවේක ගනියි. පසුව නැකැත් වේලාව පැමිණි පසු සංහිඳේ වීදියේ ගමන් අරඹා දිය කැපු පෙරහැර දේවාලයට ගෙවදී. ඉන් අනතුරුව ගරායකුන් නැට්මක් පවත්වයි.දියකැපීමෙන් ලබා ගන්නා ලද ජලය ඊළඟ වර්ෂයේ දිය කැපීම දක්වා ආරක්ෂා කිරීමට දේවාලය තුළ තැන්පත් කරයි.මෙම දිය කැපීමේ මංගල්‍යය සමඟ ඇසළ උත්සවය නිමාවට පත්වෙයි.( උපුටා ගැනිණිමකි)

ඓතිහාසික සපරගමු මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යය 2023Saparagamu maha saman dewalayaසපරගමු මහ සමන් දේවාලය රත්නපුර (උපුටා ග...
02/08/2023

ඓතිහාසික සපරගමු මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යය 2023
Saparagamu maha saman dewalaya
සපරගමු මහ සමන් දේවාලය රත්නපුර
(උපුටා ගැනිමකි)

ඉඩෝරයට හසුවූ සමනල වැව 😥
01/08/2023

ඉඩෝරයට හසුවූ සමනල වැව 😥

උඩවලව වන උද්යානයට උදවු අවැසි මොහොතක් 😐🙏  වියලි යන උඩවළව ජාතික උද්‍යානය කුඩා වලවල් පොකුනු පුරවමු.ප්‍රධාන ජලාශ දෙක වන උඩවල...
01/08/2023

උඩවලව වන උද්යානයට උදවු අවැසි මොහොතක් 😐🙏

වියලි යන උඩවළව ජාතික උද්‍යානය කුඩා වලවල් පොකුනු පුරවමු.
ප්‍රධාන ජලාශ දෙක වන උඩවලව හා මව් ආර ජලය ප්‍රමානවත්ව තියෙනවා ,නමුත් අභ්‍යන්තර ගලා නොයන වැසිදිය පිරෙන කුඩා වැව් සිදී යනව,ඒ වගේම ඉතිරිව ඇති ජලය බීමට නුසුදුසු මට්ටමේ තියෙනවා ,විශේෂයෙන් මඩ වලවල් හා හදපු කෘතිම පොකුනු සියල්ලම සිදීගොස් තියෙනවා.
හැම සතෙකුටම දිනපතාම ප්‍රධාන ජලාශ වෙත ලගාවිය නොහැකි.
විශේෂයෙන් අලින් හැර අන් සියලුම සතුන්ට වෙනදා තිබු මඩවලවල් අහිමිව ගොස් තියෙනවා ,ඒක වියලි කාලගුණය හුලග එක්ක තවත් වැඩිවෙමින් පවතිනව .
ඉතින් මේ කාලයේ සාමාන්‍යයෙන් බවුසර් වලින් ඒ වලවල් පොකුණ පුරවන්න පුලුවන් නම් හොදයි ,
ඒක සාමාන්‍යයෙන් වනජීවි දෙපාර්තමේන්තුව කලත් නොකලත් ඔය සතුන්ගෙන් හම්බකරන් කන මිනිසුන්ට යුතුකමක් හා වගකීමක් තියෙනවා මේ කාලයේ ඒක කරන්න .
ඉතින් සමහරු තනි තනිවම නිහඩවත් සමහරු මහා පරිමානයෙන් සද්ද දමාත් වැඩේ කරන්න හදනව,ඒ වගේම සමහරු මේ වෙද්දි කරනව,
ඕක ඇගට දැනෙන්න ඕන උඩවලව අවට සෆාරි රථ රියදුරන් ට සෆාරි රථ අයිතිකරුවන් ට හෝටල් හිමියන්ට හා කුමනාකාරයේ ශෘජු වක්‍රාකාරයෙන් උඩවළවේ සතුන් පෙන්වා ආදායම් ලබන්නන්ට.
ඒක යුතුකමක් වගකීමක් සේ සලකා ඊලග සැප්තැම්බර් 20 විතර වනතුරුත් කරන්න පුලුවන් නම් තනි තනිව හෝ සංවිධානාත්මක ව හැබැයි උද්‍යාන පරිපාලනය සමග එක්ව බොහොම වටිනා සත් ක්‍රියාවක්.
ඉතින් ඒක කවුරු කරත් හොද දෙයක් ,බවුසර් ගොඩාක් එකවරම පුරවල ගිහින් අකන්ඩවම පුරවන එක වඩා ප්‍රායෝගික බවයි මගෙත් හැගීම.
ඒකට හැකියාවක් ඇති අය පුලුවන් තරමින් උද්‍යානය භාරකාර තුමා හා ඒ සම්බන්ධයෙන් ඉන්න නිලධාරීන් මහතුන් එක්ක එකතුවෙලා වඩාත් ප්‍රායෝගිකව මේ කටයුතු කර අහිංසක වන සතුන්ගේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට එකතු වෙමු.
පහල රූප සටහන් අපේ ශාන් මල්ලිල,පැතුම් මල්ලිල,ධනුශ්ක මල්ලී,වසන්න විජෙසිරි ,සුනිල් සෆාරි මහතුන් වගේම
උද්‍යානයේ වැඩ කරන නිලධාරීන් මිල මුදල් වලින් සහය දුන්(නම් නොදන්නා උනත් උදව් කල සියලුම දෙනා ) මේ වනවිටත් වැඩේ එයාලට පුලුවන් විදියට ආරම්බ කරපු ආකාරය පෙන්වනව.
එයාල සැලසුම් කරල වතුර මෝටර් හොයාගෙන මේ කල වැඩේ හරිම ප්‍රශංසනීයයි.🙏🙏🙏🙏🙏
ඔයාලට තව තවත් දිරිය ශක්තිය ලැබේවා.එසේම ඔයාලට උදව් උපකාර කල අයටත් ජයවේවා.තවදුරටත් ඔයාලට තවත් අය එකතුවේවා.👌👌👍👍❤️❤️🙏🙏
පසුව ලියමි.
කනගාටුවෙන් උනත් කියන්න වෙනව මේ රටේ හැම ප්‍රශ්නයක් ගැටලුවක් ම සල්ලි නිසා වතුර පුරවන මුවාවෙන් සල්ලි හොයන ජාවාරම් කාරයන්ට එකතුවෙන්න එපා.ඒක දෙපාර්තමේන්තුවේ ද පිටද කියල නෑ.
එකතුවෙලා සතුන්ගෙන් හොරාකන උන් ලෝකෙ කොහෙත් ඉන්නව .
අහිංසක සතෙකුගෙ පිපාශය සංසිදවීමට සතුන් විකුනන් කන්න එපා.ඒක සත්භාවයෙන් කරන්න.
ඔබ සියලුම දෙනාට ජයවේවා
U.S.Weerathunga
2023 07 30
📷 shaan Shan Safari Udawalawe මල්ලිගෙ

සටහන උපුටාගැනීම - Sameera Weerathunga

කාන්තාරයක් වේගෙන යන උඩවලව ජලාශය 😥
01/08/2023

කාන්තාරයක් වේගෙන යන උඩවලව ජලාශය 😥

22/06/2023

🍃සමනලවැව 🌸😍

 #බලංගොඩ #பலாங்கொடை ❤️ #උපුටාගැනීමකි
11/02/2023

#බලංගොඩ
#பலாங்கொடை

❤️
#උපුටාගැනීමකි

 #පැල්මඩුල්ලෙ_කිරිබත්ගල_කන්ද  මුදුනට ගමනක් 😍❤️ බලන්න ලස්සන ❤කිරිබත්ගල කන්දරත්නපුර සිට පැල්මඩුල්ල දක්වා ප්‍රදාන මාර්ගයේ ග...
10/02/2023

#පැල්මඩුල්ලෙ_කිරිබත්ගල_කන්ද මුදුනට ගමනක් 😍❤️ බලන්න ලස්සන ❤

කිරිබත්ගල කන්ද

රත්නපුර සිට පැල්මඩුල්ල දක්වා ප්‍රදාන මාර්ගයේ ගමන් ගන්නා දකුන බැලූ විට පවුරක් මෙන් ප්‍රතාපත් ලෙස අපට දිස් වනුයේ මෙම පර්වතයයි.

කිරිබත්ගල තරණය කිරීමට හොඳම සමය පෙබරවාරි මාසයයි. සාමාන්‍යයෙන් ගම්වාසීන් මෙම කන්ද තරණය කිරීම සඳහා පෙබරවාරි 4 වැනිදා වෙන්කර ගනී. එමෙන්ම පෙබරවාරි මාසය තුළදී නිසි අඩිපාරේ අමතර වාසියක් ලබා ගත හැකිය. (නමුත් තවමත් ප්‍රදේශයේ පුද්ගලයෙකු අවශ්‍ය වේ).

කිරිබත්ගල තරණය කිරීමට මාර්ග 3ක් ඇත
1 පැල්මැඩුල්ල (ලෙල්ලෝපිටිය), පාතකඩ සිට පුළුන් ඇල්ල මාර්ගය දුර වැඩි නමුත් දුෂ්කරතා මට්ටම අඩුය.
2 ගමේකන්ද සිට උඩඑරබද්ද හරහා, දෑල සිට තිරිවානකැටිය අගලවත්ත මාර්ගය දුර සහ දුෂ්කරතා මට්ටම මධ්‍යස්ථ වේ
3 වන්නියවත්ත සිට වටපොත - නිවිතිගල හරහා හෝ පැල්මඩුල්ල සිට දුර ඉතා අඩු වන අතර දුෂ්කර මට්ටම වැඩිය.

ඉහලට නැගීම සදහා ලේසිම පාර පුලුන් ඇල්ල දොල දිගේ ඉහලට ගොස් පර්වතය තරනය කිරීමයි. මග දිගට දිය ඇලි දාමයක් පසු කර යාමට ඇති නිසා ගමන තවත් අලකාරවත්‍ වේ.

“කිරිබත්ගල” ඒ නම ලැබි ඇත්තේ හේතුවක් බුදුන්වහන්සේගේ සිරිපතුල පිහිටුවීම සඳහා මෙම ගල මුදුන තෝරගෙන තියෙනවා. එහෙම තෝරාගත්ත බව දැනගත්ත මාරයා ගල මුදුනේ කිරිබත් කපලා ගල ඉඳුල් කලා කියලා මතයක් ජනප්‍රවාදයේ තියෙනවාලු. ඒ හින්දා බුදුන් සිරිපතුල පිහිටුවීමට මේ තැන මඟඇරලා තියෙනවා. ලංකාවේ බොහෝ ඉසව්වල මේ කතා තියෙනවා බුදුන් සිරිපතුල තියන්නට සුදුසුම ස්ථානයක් තෝරාගැනීමේදී තෝරාගත් තැන් මඟඅරින්නට විවිධ හේතූ කාරණා ගොඩනැගිලා තියෙනවා. මේකත් ඒ වගේ තැනක් තමා. ඉතින් මේ ගල මුදුනේ අදටත් කිරිබත් කපපු හැඩයට සටහනක් දැකගත හැකියි.
#උපුටාගැනීමකි

-  #සූරියකන්ද දුර්ගය හා සුවිශේෂී "හිමිදිරි පෙදෙස" 🍀🌈🥰💫🌸 සිංහරාජයේ නැගෙනහිර මායිමේ පිහිටි එක්තරා සුවිශේෂි කුඩා බිම් කඩකි....
09/02/2023

- #සූරියකන්ද දුර්ගය හා සුවිශේෂී "හිමිදිරි පෙදෙස" 🍀🌈🥰💫🌸

සිංහරාජයේ නැගෙනහිර මායිමේ පිහිටි එක්තරා සුවිශේෂි කුඩා බිම් කඩකි. තෙත් කලාපීය පරිසරයෙන් මදක් ගිලිහුණු රක්වාන හා දෙනියාය අතරින් යා හැකි හිමිදිරි පෙදෙස (Morning Side) යනු ඉතාමත් අලංකාර ස්ථානයකි. එම ප‍්‍රදේශය හිමිදිරි පෙදෙස ලෙස හඳුන්වන්නේ උදේ සිට සවස අඳුර එනතුරුම එම සීමිත ප‍්‍රදේශය හිමිදිරි උදය මෙන් පැවතීමය.

පරිසරයේ කාලගුණික හා වටපිටාව දහවලටත් සවසටත් එකම ලෙස දිස්වේ. නිතරම මීදුම් සළු අහස් වියනේ ගෙත්තම් කරගෙන සිටින සොඳුරු ඉසව්ව සොයා අප බොහෝ අය නොයන මාර්ගයකින් ඉතා දුෂ්කර හා අවදානමෙන් යුතු පාද චාරිකාවක යෙදුණු අත්දැකීම මෙයයි.

රත්නපුර සිට හෝ බදුල්ල ප‍්‍රදේශයේ සිට පැමිණෙන විට පැල්මඩුල්ලෙන් කහවත්ත හරහා රක්වානටත් ඉන්පසුව සූරියකන්දටත් පැමිණිය යුතුය. ගාල්ල ප‍්‍රදේශයේ සිට දෙනියාය හරහාද සූරියකන්දට පැමිණිය හැකිය. සූරියකන්ද ප‍්‍රදේශයේ දකුණු පෙදෙසට වන්නට සම්මත මගක් තිබෙන අතර එයට වන ජීවි සංචාරක බංගලාව ආශ‍්‍රිතයටම පහසුවෙන් යා හැකිය. එහෙත් රක්වාන සිට පැමිණෙන විට මාර්ගයේ දකුණු පසින් කුඩා තේ වත්තක් මැද හිමිදිරි පෙදෙස ගැන නාම පුවරුවකි. එතැන් සිට ඉතා අබලන් දුෂ්කර කඳුකර මගක් ඔස්සේ කි.මී. 7ක් ගෙවමින් හිමිදිරි පෙදෙසට ළඟා විය හැකිය. අප තෝරා ගත්තේ එම දුෂ්කර මාර්ගයයි.

#උපුටාගැනීමකි
Photo credit goes to original photographer

සපරගමුව සමන් දේවාල රත්නපුර ❤️
31/01/2023

සපරගමුව සමන් දේවාල රත්නපුර ❤️

  ❤️
30/01/2023

❤️

❤
14/11/2022

31/10/2022
ඔබත් නිවසක්,ඉඩමක් සොයන හෝ  විකිණීමට බලාපොරොත්තුවෙන් පසුවන  පුද්ගලයෙක්ද, අධික කාර්යබහුලතාවය හේතුවෙන් ඒ සඳහා කාලයක් නැද්ද?...
03/10/2022

ඔබත් නිවසක්,ඉඩමක් සොයන හෝ විකිණීමට බලාපොරොත්තුවෙන් පසුවන පුද්ගලයෙක්ද, අධික කාර්යබහුලතාවය හේතුවෙන් ඒ සඳහා කාලයක් නැද්ද? ඔබට සහය වීමට අපි සුදානම්...
කතාකරන්න අපිට..

අමතන්න -: 071 724 4386
076 170 1200
071 350 7248

සැ.යු-:රත්නපුර පැල්මඩුල්ල අවට අය සඳහා

Are you also a person looking for a house, land or hoping to sell, but do not have time for it due to excessive work? We are ready to help you...
Contact us...
We will give you value for money
We offer you a reliable deal.

Call us-: 071 724 4386
076 170 1200
071 350 7248

Note-: For those around Ratnapura Pelmadulla

24/09/2022

😂
14/05/2022

😂

😂
14/05/2022

😂

😂😂

13/04/2022

You haven't seen my country yet❤🇱🇰
Visit to srilanka 😍

04/04/2022

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when සබරගමුව ලස්සනයි_Sabaragamuwa lassanai posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සබරගමුව ලස්සනයි_Sabaragamuwa lassanai:

Videos

Share


Other Colombo travel agencies

Show All

You may also like