Travel_Sri_Lanka

Travel_Sri_Lanka Life is a wonderful thing, we chase after everything we love, because we love those things, be a dre

අපේ අයමයි අපේ ඒව වහගෙන ඉන්නෙ 😐💔
26/11/2022

අපේ අයමයි අපේ ඒව වහගෙන ඉන්නෙ 😐💔

මොකක්ද මේ 'පරවි දූපත' ? 🇱🇰 What is this 'pigeon island'? ❤නිලාවලි වෙරළ තීරයේ සිට කිලෝ මීටර් දෙකක් ඔබ්බෙන් පිහිටි "පරවි ද...
19/10/2022

මොකක්ද මේ 'පරවි දූපත' ? 🇱🇰
What is this 'pigeon island'? ❤

නිලාවලි වෙරළ තීරයේ සිට කිලෝ මීටර් දෙකක් ඔබ්බෙන් පිහිටි "පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය" සංචාරක අකර්ශණය දිනා ගත් ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයකි. සාමාන්‍ය ජනතාව පරවි දූපත යනුවෙන් හදුන්වන්නේ එහි පිහිටි ගල් කුළු වලින් ගහණ නැගෙනහිර සහ බටහිර දෙපස පමණක් පටු වෙරළක් සහිත අක්කර පහක පමණ භූමියකින් යුතු කුඩා දූපතකි .

මෙම ගල් පර ඉතාම ලිස්සන සුළුය. ගොඩ බිමේ පාවහන් නොමැතිව ඇවිදීම අනතුරුදායකවන්නේ සෑම තැනම විසිරී ඇති ඉතා සියුම් බෙලි කටු වලට දෙපා කැපීමේ අවදානම හේතුවෙනි. සංචාරකයන් වෙරළේ සිට බෝට්ටු මගින් මුලින්ම පැමිණෙන්නේ මෙම ගොඩ බිමටය.

මෙය දෙමළ බසින් "පෙරිය පුරා මලේ" (ලොකු පරවි කන්ද) නමින් හැදීන්වේ. ප්‍රමාණයෙන් කුඩා මෙවැනිම තවත් දූපතක් තරමක් ඈතින් දකින්ට ඇති අතර එය හැඳින්වෙන්නේ "සින්න පුරා මලේ" නමිනි. සින්න පුරා මලේ අවට මුහුද තරමක් ගැඹුරුය. වෙරළකින් තොරය. ඒ නිසා සංචාරකයෝ එහි යාමට කැමත්තක් නොදක්වති.

පරවි දූපත 1963 දී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර 2003 දී 1291/15 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සාමාන්‍ය ජනතාවට පැමිණිය හැකි සමුද්‍ර උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. වනජීවී දෙපාර්තමේන්තුව පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය ලෙස හදුන්වන්නේ ඉහත සඳහන් කෙරුණු කුඩා දූපත් දෙක පමණක් නොව මුහුදේ තැනින් තැන ඇති ගල් පර, කොරල් ජීවීන් හා දුලබ මසුන් ගහණ හෙක්ටයාර් 417.429 ක් පුරා පැතිරුණු මුළු පරිසර පද්ධතියමය.

පරවි දූපත ජාතික සමුද්‍ර උද්‍යානය වඩාත් වැදගත් වන්නේ එය දුර්ලභ ගණයේ ජෛව විවිධත්යෙන් යුතු කොරල් පර සහ නානා මත්ස්‍ය විශේෂයන්ගෙන් ගහණ මුහුදු කළාපයක් වීමත්, ROCK PIGEON නම් පරවි විශේෂය කැදැලි සාදන ගල් කුළු වලින් යුක්ත වීමත් නිසා බව ත්‍රීකුණාමල වනජීවී සහකාර අධ්‍යක්ෂ ආචාර්ය ලලිත් කුමාර කියයි.

"එවැනි කොරල් වර්ග සියයක් පමණ සහ මත්ස්‍ය වර්ග එකසිය ඇත්තෑ අටක් පමණ දැනට හඳුනා ගෙන තියෙනවා" යැයි ආචාර්ය ලලිත් කුමාර පැවසීය.

සංචාරකයින්ගේ පැමිණීම

නොගැඹුරු මුහුදේ සුන්දරත්වය නැරඹීමට පහසුකම් සළසනු ලබන්නේ සීමාසහිත නිලාවලි සංචාරක යාත්‍රා හා සේවා සමුකාර සමිතිය මගිනි.

කුඩා යාන්ත්‍රික බෝට්ටු තිස් තුනක් අපේ සමිතිය සතුව තියෙනවා සිංහල දෙමළ මුස්ලිම් සහෝදරයන් සමානව සාමාජිකත්වය දරනවා. ප්‍රවාහන පහසුකම් හා අවශ්‍ය උපකරණ සමිතියෙන් සපයනවා.

18/10/2022

😏❤️

18/10/2022

🤤❤️

18/10/2022

❤️😍

18/10/2022

😍❤️

ඔන්න යාලුවනේ අද ඔයාලට ගෙනාවතවත් ලස්සන තැනක්😍- සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍යය සේනාසනය 🥺🌿🙏⛰️❤️🌻☘️- සිත කය නිවෙන පුදුමාකාර සැනසීම...
18/10/2022

ඔන්න යාලුවනේ අද ඔයාලට ගෙනාව
තවත් ලස්සන තැනක්😍
- සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍යය සේනාසනය 🥺🌿🙏⛰️❤️🌻☘️
- සිත කය නිවෙන පුදුමාකාර සැනසීමක් දැනන තැනක් 😌🙏🌿🌊💛

දවසේ ඕනිම වෙලාවක මීදුමෙන් බරවුනු සෞම්‍ය දේශගුනයකින් හෙබි සිංහරාජ වන පෙතේ මායිමේ පිහිටි සිංහරාජ ප්‍රාන්ත ආරන්ය අති සුන්දර බිම්කඩකි.
සතර අතින් ගලාහැලෙන නිල් දිය දහරා ,දවස පුරාවටම මීදුමින් වැසි පවතින වටපිටාව මෙහි යන එන අයගේ නෙත් සිත් පැහැරගන්නවා නො අනුමානයි.

ආරනය භූමියේ ඇති පුංචි ලෝකාන්තය වගේම ආරන්‍ය ඇතුලතින් සිංහරාජ කැලේ ඇතුලට ගියෝතින් ඔබට සුන්දර දිය ඇල්ලක් නරඹන්න යන්නත් හැකියාව තියනවා..

රක්වානේ ඉඳන් සිංරාජේට යන පාරේ වංගු දහ පසු කරමින් අති සුන්දර මාර්ගයක් දිගේ තමයි සිංහරජ ආරන්‍ය වෙත එන්න තියෙන්නේ

පොඩ්ඩ පොඩ්ඩ වංගු දහය දිගේ ඉදිරියට යන කෙනෙක්ට පහලින් කුරුමුට්ටන් සේ පෙනෙන බිම්කඩවල් සහ ඈතින් ඇතට දිස්වෙන මනරම් කඳු යායවල් නෙතට රසඳුනක්.ඒ වගෙම මාර්ගය දෙපසින් වැටි තියන ජලදහරා මේ මාර්ගයට අමුතු ගතියක් එකතු කරලා තියනවා.

රක්වානේ ඉඳන් වංගු දහය එහෙම පහු කරලා සූරියකඳ පැත්තට කිලෝ මීටර් එකොලහක් විතර එනකොට කඩමුදුන හංදිය හම්බවෙනවා.එතැන් පටන් තවත් කිලෝමීටර් දෙකක් පමන දුර යනකොට තමයි ඔබට මේ සිංහරාජ ප්රායන්ත ආරන්යක සේනාසනය මුනගැහෙන්නේ.

මේ පාරෙත් සිංහරාජ වන පෙතෙන් ගලා එන ජලදාරා වලින් පොහොසත් උනු දිය ඇල්ලක් වගේම ස්වභාවික ජල තටාකයක් දැක ගන පුලුවනි.අයිස් කැට තරම් සීතල දිය පාරේ මේ ජල තටාකයට බැහැලා නා කියාගන්න නම් මේ දිය පාර පංකාදුයි.

පසෙකින් සිංහරාජ වන පියසටත් තවත් පසෙකින් කදුහෙල් පන්තියකටත් වට වෙලා තමයි මේ ආරන්ය පිහිටන්නේ.හවසේ වැඩි හරියක් මීදුමෙන් බරව පවතින නිසා මේ ආරන්යත භූමිය දවසේ හැම වෙලාවකම morning අසිරියක් සිරිගන්වනවා.

වල් දිවුල් ,බදුල්ල, වල්ල පට්ටා වගේ ශාඛ වර්ග මේ භූමියේ ඕබට දැකගන්න පුලුවනි.ඒ වගේම දිවියන් ගෝනුන් මුවන් වගේම විශගෝර සර්පයනුත් මේ භූමියේ සැරිසරනවා.

ආරන්ය භූමිය වටාම දිය පහරවල් ස්වභාවික ජල පොකුනු දකින්න පුලුවනි.ඒ වගේම මෙහි යන එන සංචාරකයන්ට පුංචි ලෝකාන්තයකුත් මෙහි ආවොත් දකින්න පුලුවනි.

ආරනය භූමියේ ඉඳන් ඇතුලට වන්නට සිංහරාජ මහ වනයේ මැදි පිහිටි දිය ඇල්ලකටත් මේ සේනාසන භූමියේ ඉඳන් ලඟා වෙන්න් පුලුවන් මාර්ගයක් පවතිනවා.ඒ සඳහා වනයට පිවිසීමට නම් අවසරයක් නෑ.මොකද ඒ ගමන ටිකක් විතර අවදානම් ගමන්ක් නිසා.

🤤
18/10/2022

🤤

01/10/2022

ස්කූටියක් + කෙල්ලෙක්
පරිස්සමෙන් ඔයාලත්😅

17/09/2022
17/09/2022

Tag your dream partner 😏❤️

ඉන්නවද ,කව්ද එයා🍃

Like & shear for more videos

17/09/2022

😍😍😍

17/09/2022

මානසික නිදහස😐❤️🍃

like & fallow & shear😏

😂❤️
15/09/2022

😂❤️

Address

Colombo

Telephone

+94766391790

Website

Alerts

Be the first to know and let us send you an email when Travel_Sri_Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share