Travel with Mahesh

Travel with Mahesh ලංකාවේ ගොඩක් අය නොදුටු අලුත්ම ලස්සන ත?

ඔයත් ට්‍රැවල් කරන පොටෝ මෙම පේජ් එක තුල බෙදා හරින්න....
ඇවිදින්න යන ඔයාලා වෙනුවෙන් ලොකේශන් සහ තොරතුරු ලබා දීමට බැදී සිටිමි..
මුලින්ම ඔයා ට්‍රැවල් කරන්න යන තැන් සම්බන්දව නිවැරදි අවබෝධයක් ලබාගෙනම ගමන පටන් ගන්න..
ශෙයාර් කරලා ලයික් කරලා සපෝර්ට් එකක් දෙන්න..

My shot 📸📸📷📷📷චැතම් වීදිය කොලඹ 12:23 A.M😊💀💀💀
16/12/2023

My shot 📸📸📷📷📷
චැතම් වීදිය කොලඹ
12:23 A.M
😊💀💀💀

ජීවිතයේ හෙට දවස අවිනිශ්චිත වෙන නිසාම ගෙවුණ කාලය ඇතුලේ දැක්ක බැඳීම් හරි අපූරූ බව ලියලා තියන්න මට හිතෙනවා.ඉතින් ගෙවිලා ගිය...
28/11/2023

ජීවිතයේ හෙට දවස අවිනිශ්චිත වෙන නිසාම ගෙවුණ කාලය ඇතුලේ දැක්ක බැඳීම් හරි අපූරූ බව ලියලා තියන්න මට හිතෙනවා.

ඉතින් ගෙවිලා ගියපු කාලේ,

කිසිදාක තනි නොකරන බව කියපු බොහෝ දෙනෙක් ''යන්නම්...' කියන වචනයක්වත් නොකියා නික්ම යන හැටි මම බලාගෙන හිටියා.

අහම්බෙන් මුණගැහුන ආදරණීය මිනිස්සු ජීවිතෙන් මැකිලා යන්නේ දේදුන්නක් වගේ ලස්සන මතක ඉතුරු කරලා කියන එක මම අත්දැක්කා.

'ආදරෙයි' කියලා වචනෙන් නොකිව්වට කොන්දේසි විරහිතව ස්නේහ කල හැකි අය අතලොස්සක් හමුවෙන බව දැක්කා. ඒ මිනිස්සුන්ගේ ආදරේ උපරිමයෙන් වින්ඳා. ඒක හරි ලස්සන හැඟිමක්.

මගේ නොවෙන බව දන්නවා උනත් මගේ කියලා අල්ලගෙන මගේ කරගන්න හිතපු ගොඩක් දේවල් අමතක කරන්න හදන එක පුදුමාකාර වේදනාවක් බව දැනගත්තා.

මේ හැමදේම අතරේ එක්තරා තැනකදි මම මාව කියෙව්වා. අන්න එතනදි මට මම විතරයි කියන එකයි, මගේ වගකීම් අන්සතු කරන්න බෑ කියන එකයි තේරුම් ගත්තාම මට මාරම සැනසීමක් දැනුනා.

අන්න එතනදි මගේ ජීවිතේ අනිත් අය ගැන බලාපොරොත්තු වීම් වලින් තොර උනා.

ඒ නිසාම,

බලාපොරොත්තු විරහිත ආදරේ කරන්නයි අතෑරෙන තැනක් වෛරයකින් තොරව සමුදෙන්නයි මම ඉගෙනගත්තා.

ඒ වගේම කිසිම පොරොන්දුවක් 100% අවංකව නොවන බවත් හැම පොරොන්දුවක්ම කාලයට සාපේක්ෂව වෙනස් වන බවත් තේරුම් ගත්ත.

මේ මොහොතේ සමුගැනීම කොතරම් දුශ්කර උනත් ඒ වේදනාව තාවකාලිකයි කියන එක වගේම වේදනාවන් කාලය විසින් සනීප කරන බවත් මේ දේවල් නිසා මම දැනගත්තා.

අන්න ඒ දේවල් තේරුම් ගත්තට පස්සේ එක තැනකදි මගෙන් එලියට ආපූ මනුස්සයා තනිකමට ප්‍රේම කරන ඒත් සමාජයට වෛර නොකරන ආදරෙන් පිරුන මනුස්සයෙක් කියලා මම මේ මොහොතේ දන්නවා..

ඒක මට කියලා දුන්නේ මට හමුවුන හා මාව හැර ගියපු අපූරූ බැඳීම් ඉතින් ඒ නිසාම මොන දේවල් කොහොම උනත් අහිමි උන බැඳීමක් පවා මට හුඟක් වටිනවා කියලා විතරක්ම අවසානයට ලියලා තියන්නම් ❤️

"ඉක්මනට බැදපන් බන්" කියන්න කලින් ටිකක් හිතපන්....දෙමාපියන්ගෙන් කිසිම දෙයක් උරුම නැති උන් ඉන්නවා..උන් මුල ඉඳන්ම ජීවිතේ හද...
24/10/2023

"ඉක්මනට බැදපන් බන්" කියන්න කලින් ටිකක් හිතපන්....

දෙමාපියන්ගෙන් කිසිම දෙයක් උරුම නැති උන් ඉන්නවා..
උන් මුල ඉඳන්ම ජීවිතේ හදාගන්න ඕනි...

නිදහසේ ඉන්න ඕනි කියල හිතන උන් ඉන්නවා...
උන්ට බදින්න හදිසියක් නෑ...

සහෝදර සහෝදරියන්ට උගන්වන්න තියෙන උන් ඉන්නවා...
උන්ගෙ කරමත ලොකු වගකීම්...

ලෙඩ තියෙන මිනිස්සු ඉන්නවා...
කාසාද බදින්නෙ නෑ කියල තීරණය කරපු...

අවුරුදු 16 /18 පැනලා ගියපු උන් වගේ නෙමෙයි 25 / 26 වෙලත් ඉගෙනගන්න උන් ඉන්නවා...
උන්ට ගොඩාක් ලොකු හීන තියෙනවා...

ධර්මය වටහාගෙන, ධර්මයෙහි හැසිරෙන අයත් ඉන්නවා...
ජීවිතය ගැන ගැබුරෙන් වටහාගෙන...

ඔය අතරේ තවම බඳින්න කෙනෙක් හොයාගන්න බැරි උන අයත් ඉන්නවා...
මොකෝ.. උන් තනිවම බඳින්නද...?

හැමෝගෙම ජීවිතය එකවගේ නෑ....

පෞද්ගලික කාරණා අහනවා නම් සැලකිලිමත් වෙන්න...
අහන්නෙම නැතුව ඉන්න පුලුවන් නම් තවත් හොදයි...

ජය ❤❤❤

https://youtu.be/j696AXd63wU?si=icdstBTmaoV7SPlt Subscribe 🌳🌳👌අවාරේ සිරිපා____+++
22/10/2023

https://youtu.be/j696AXd63wU?si=icdstBTmaoV7SPlt

Subscribe 🌳🌳👌අවාරේ සිරිපා____+++

's (සිරිපා අඩවිය)සිරිපා අඩවිය නැතහොත් සමනල රක්ෂිතය කියන්නේ බෞද්ධයන්ගේ උතුම් බුදු සිරිපතුල පිහිටි කන්ද පිහ...

https://youtu.be/1qzfboOg65U?si=hUhFnecVEwyGWG68සිරිපා අවාරෙ..🌳👌🌳🙏🌳🌳🙏 subscribe
21/10/2023

https://youtu.be/1qzfboOg65U?si=hUhFnecVEwyGWG68

සිරිපා අවාරෙ..🌳👌🌳🙏🌳🌳🙏
subscribe

's (සිරිපා අඩවිය)සිරිපා අඩවිය නැතහොත් සමනල රක්ෂිතය කියන්නේ බෞද්ධයන්ගේ උතුම් බුදු සිරිපතුල පිහිටි කන්ද පිහ...

 's    2023:10:20🌳🌳🌳🌳🌳🌳🌳🌳⛈️⛈️⛈️⛈️⛈️⛈️
21/10/2023

's

2023:10:20
🌳🌳🌳🌳🌳🌳🌳🌳⛈️⛈️⛈️⛈️⛈️⛈️

දෙවියනි නුඹ ඇස් කන් පියා සිටින්නේ කෙලෙසද?නැතිනම් නුඹ මිහිපිට කොහේවත් නැතිද?එසේත් නැතිනම් සැබවින්ම නුඹ මෙතරම් කුරිරුද?හයක...
15/10/2023

දෙවියනි නුඹ ඇස් කන් පියා සිටින්නේ කෙලෙසද?
නැතිනම් නුඹ මිහිපිට කොහේවත් නැතිද?
එසේත් නැතිනම් සැබවින්ම නුඹ මෙතරම් කුරිරුද?
හයක් හතරක් නොතේරෙන කිරිසප්පයින්ගේ
අදෝනා නෑසෙන තරමට බිහිරිද?
යුද්ධය කියන්නෙ කුමක්ද කියා නොදන්න කිරි සප්පයින්,තිරිසනුන්ගේ දුක පේන්නේ නැතිද?

හේතු විරහිතව යුද්දයට විරුද්ධ වෙමි. ජීවත් වීමේ අයිතිය කාහටත් පොදුය. මනුෂ්‍යත්වය මිලේච්ඡත්වයට පත් වූ තුච්ච නිර්ධන බලලෝභීත්වයෙන් මිදී ලෝක සාමයම උදාවේවා!!! 🙏
ඊශ්‍රායලය - පලස්තීනය යුද්දය

https://www.youtube.com/Sub pliz 🙏
23/09/2023

https://www.youtube.com/

Sub pliz 🙏

We will take you to beautiful places you have not seen in Sri Lanka.Join us with beautiful waterfalls, beautiful mountains, natural beautiful places, thrill,...

රෝද දෙකෙන් රට වටේ.😯🌱❤️🌿🌺☘️දින 11ක්..කි.මී. 1806ක්..ආ ගිය තැන් ගැන සේරම කියන්න අමාරුයි.ආයෙ යන කෙනෙක්ට වැදගත් වෙයි කියල හි...
03/08/2023

රෝද දෙකෙන් රට වටේ.😯🌱❤️🌿🌺☘️
දින 11ක්..කි.මී. 1806ක්..

ආ ගිය තැන් ගැන සේරම කියන්න අමාරුයි.ආයෙ යන කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතෙන ටිකක් විතරයි මේ...
--------------------------------------
ලඟපාත කියලා නොසලකා හැරියට දෙවිනුවර ලයිට් හවුස් එක අසල මුහුදු වෙරළත් හරිම ලස්සනයි. කොරල් ආශ්‍රිතව ජීවත්වෙන මුහුදු මාළු බලන්න ආස කෙනෙකුට pigeon island ම යන්න ඕන නෑ, මෙතන්ට ගියානම් දවසක් උනත් බලන් ඉන්න තරම් මාළු ඉන්නවා.

ඒ වගේම තමයි මාතර ඉන්න කෙනෙකුට උනත් යැවෙන්නෙ නැති, ඒත් යන්නම ඕන තැන් ටිකක් තමයි හිරිකැටිය වෙරළ, නිල්වැල්ල වෙරළ, ගොයම්බොක්ක වෙරළ, රැකව වෙරළ,මඩිහ වෙරළ,තල්පෙ වෙරළ.. උදේ 9ට කලින් හරි හවස 4න් පස්සෙ හරි ගියානම්... 👌👌

රැකව කැස්බෑවුන් බලන්න පුලුවන් මොන කාලෙටද? බලන්න පුලුවන්ද? ඒ ගැන තොරතුරු දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

හම්බන්තොට පැත්තට එද්දි ටිකක් හවස්වෙලා තිබ්බ නිසාත්,ඒ වෙලාවට අලි ඉන්නවා කියපු නිසාත් සිතුල්පව්ව හරහා කතරගම යන අදහස අතාරින්න සිද්ද උනා. දැන්නම් හිතෙනවා අපරාදෙ කියලත්.

බුත්තල කතරගම පාරේනම් කොහොමත් අලි ඉන්නවනේ. පාරේ යද්දි එක පාරටම අලියෙක් මතු උනාම දැනෙන feeling එක ගන්න ඕන නම් උදේ 7ට 8ට වගේ කතරගම ඉදන් යන්න පිටත් වෙන්න. සතුන්ට කෑම දෙන්න එපා කියලා බෝඩ් නම් ගහලා තියෙනවා. ඒත් පාර මැද ඉන්න අලියව පාර අයිනට ගන්න තීන හොදම විදිය ඒක තමයි.

කල්ලඩි බීච් නම් ලස්සන උදේට. 6ට 7ට වගේ ගියොත් වෙරළට එන මාළු බෝට්ටු බලන්නත් පුලුවන්. හැබැයි එතන ඉන්න බල්ලො සෙට් එකට නම් මාළු අරන් දෙන්නත් වෙනව. උන් මාළු දෙනකන් පස්සෙන්ම එනව.
කල්ලඩි පාලම යට වෙනදට නම් ජෙලි ෆිෂ්ල ඉන්නව ගොඩක්. මේ පාර හිටියෙ නෑ. වතුර පිරිසිදුයි වෙනදට වඩා.

මේ හැම වෙරළකම රැල්ල වැඩියි ටිකක් මේ දවස් වල. වෙනදට පූල් එකක් වගේ තියන මාබල් බීච් එකෙත් රැල්ල ගහනව. පතුල පෙන්නෙ නැති වෙන්න වැලි ඇවිස්සිලා තියෙන්නෙ සාමාන්‍ය තැනක් වගේ. වෙනද නම් ඒකෙ ගොඩක් ඈතට යනකන්ම පතුල පැහැදිලිව පේනව නේ.

ඒ වගේම තමයි පරවි දූපතටත් රැල්ල වැඩි දවසට බෝට්ටු යන්නෙ නෑ. ඒ නිසා එහේ යන්නම බලාගෙන කෙනෙක් trinco යනවනම් මාර්තු - ඔක්තෝබර් මාස ඇතුලත යන්න.හොඳම අප්‍රේල් මැයි වගේලු. ඒත් දැන් ඒ සීසන් හරියටම සෙට් වෙන්නෙ නෑ කියල වනජීවි එකෙන් කිව්ව. ඒක නම් කෙනෙක් මැරෙන්න කලින් යන්නම ඕන තැනක්. කොරල් වලට අඩිය තියන්න නම් එපා. අල්ලන්නත් එපා. දැන් බොහොම ටිකයි ඉතුරු වෙලා තියෙන්නෙ.

කෝකිලායි කලපුව හරහා මුලතිව් යන්න හැදුවත්, කලපුවෙන් තියන බෝට්ටුවෙ විස්තරයක් හරියට හොයාගන්න බැරි උන නිසා කලපුව වටේ පාරකින් ගියා. බයික් එකේ නිසා ප්‍රධාන පාරෙන් නොයා අතුරු පාරවල් වලින් දාගෙන ගියාට, පස්සෙ තමයි දැනගත්තේ ඒකෙ හැම තැනම අලි ඉන්න පාරක් කියල. හැබැයි අපිට නම් හම්බ උනේ නෑ. ඉඳල ගියපු බවට නම් සාක්ෂි තිබ්බ උණු උණුවෙ...

සමහර තැන් වල තාමත් බිම්බෝම්බ ඉවත් නොකරපු බිම් තියනව කියලත් බෝඩ් ගහල තියනව ඒ පාර අයිනෙම. Trinco ඉඳන් මුලතිව් යද්දි තමයි ඒ.

යාපනේ ඉදන් ඩෙල්ෆ් යනවනම් උදේ 8ට වගේ බෝට්ටුවක් තියනව කිව්ව. ඒක ආයෙත් හවස 3ට ගොඩබිමට එනවලු. යන්න කැමති කෙනෙක් ඉන්නවනම් හොයල බලන්න. අපිට කිව්වෙ නාගදීපෙට යන තැන ජැටියෙ ඉඳපු ආමි එකේ අය. ඩෙල්ෆ් යන්න සල්ලි අයකරන්නෙ නෑ කිව්ව, ඒක නේවි එකේ බෝට්ටුවක්ද කොහෙද. වෙනම යනවනම් බර ගාණක් වෙයි කිව්ව.

මන්නාරම් දූපතට යනකොට වගේ නෙමෙයි , එනකොට නම් ඉඳිකට්ටෙ ඉඳන් check කරනව. හේතුව නම් දන්නෙ නෑ. ඒකටත් ලේස්ති වෙලා යන්න යන කෙනෙක්.

එහේ කුරුළු අභයභූමිය බලනවනම් පයින්ම යන්න.වාහන සද්දෙට සතුන් බයයි. එතන තිබ්බ Flemingo ලා එන තැන් දෙකක්. ඒත් උන් නම් හිටියෙ නෑ. උන් ඉන්න කාලයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

මන්නාරම ඉඳන් පුත්තලමට, විල්පත්තුව මැදින් එන්න පට්ටම ආසාවක් තිබ්බත් ඒක කරගන්න බැරි උනා. පාලමක් කැඩිල නිසා යන්න බෑ කියලයි කවුරුත් කිව්වෙ. ඇත්ත නැත්ත දන්නෙ නෑ.
---------------------------------------------------------
FAQ.

1.පශ්චාත් ප්‍රදේශ වලට අමාරුද?

නෑ..
ඒක පදින බයික් එක අනුවයි, බයික් එක පදින විදිය අනුවයි, බයික් එකේ condition එක අනුවයි, යන දුර අනුවයි, එක දිගට වාඩි වෙලා ඉන්න වෙලාව අනුවයි තීරණය වෙන දෙයක්. අනික "මොන කරුමයක්ද මේ" කියල හිත හිත ගියොත් කිලෝමීටරයක් ගියත් අමාරු දැනෙයි. ඕනම දෙයකට බලපාන්නෙ හිතයි. ඒ වගේම වාහනේට සලකන විදිය අනුව තමයි වාහනෙත් අපිට සලකන්නෙ.

2.කීයක් වියදම් උනාද?

ඒක ඔයාල ඉන්න තැන් අනුව, කන බොන තැන් අනුව වෙනස් වෙනව.
අපි ගියපු දුර කිමී1806යි.
1806 බෙදල ඔයාගෙ බයික් එකේ ලීටරේකින් දුවන්න පුලුවන් කිලෝමීටර ගණනෙන්, ඒ එන උත්තරේ පෙට්‍රල් ලීටරේක මිලෙන් ගුණ කරන්න. එතකොට ඔයාලට යන තෙල් වල වියදම ලැබෙයි. 😋.....................................

ඒ වගේම මේකට like, comment කරපු අයගෙන් පොඩි ඉල්ලීමක් කරන්නම්. මම මහලොකුවට travel කරපු මනුස්සයෙක් නම් නෙමෙයි. ලංකාව කියන්නෙ පුදුම ලස්සන රටක්. ඒ ලස්සන තවත් වැඩි කරන එක අපේ යුතුකමක් වගකීමක්. ඒක කරන්න පුලුවන් හොඳම සෙට් එක ඉන්නෙ මේ group එකේ කියල මම හිතනව. 👌👌👌

ඔයාල කවුරුත් travel කරන්න කැමති අය නිසානෙ අපේ මේ වැඩේට කැමති උනෙත්. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. ඔයාල යන තැනක තියන ටොෆි කොලයක් උනත් කමක් නෑ, කැතක් ලැජ්ජාවක් නැතුව අහුලන්න.පස්සෙ මග තියන dust bin එකකට දාන්න. අපි මේ හැම තැනකම ඒක කරා. දැනටමත් ඔයාල මෙහෙම කරනවත් ඇති. මේකෙ ඉන්න සෙට් එක ඒ වැඩේ හරියට කලොත්, අඩු කාලෙකින් ලොකු දෙයක් කරන්නත් පුලුවන් වෙයි. 💪💪

ස්තුතියි හැමෝටම

සමහර ගොබ්බ මිනිස්සු හිතනවා machine එකක් ඉස්සරහා ඉඳගෙන දවස පුරාම වැඩ කරන එක හරි ලේසියි කියලා , කිසිම මහන්සියක් නැහැ කියලා...
21/07/2023

සමහර ගොබ්බ මිනිස්සු හිතනවා machine එකක් ඉස්සරහා ඉඳගෙන දවස පුරාම වැඩ කරන එක හරි ලේසියි කියලා , කිසිම මහන්සියක් නැහැ කියලා. ඒත් ඒ ගොබ්බ මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ ඇඟ හෙලවුනේ නැති උනාට ඒ මිනිස්සු මනසින් කොච්චර මහන්සි වෙනවද කියලා. එහෙම පිටට පේන්නෙ නැතුව ඉන්න creative මිනිහෙක්ට දවසක හැමදේම එපා උනොත් ? ඇඟ මහන්සි කරන උන්ට පිටි හරි ප්‍රෝටීන් හරි ගහලා ආයෙ ශක්තිමත් කරන්න පුලුවන් ඇති හැබැයි මනස මහන්සි කරන උන්ට 99% ක්ම ඕන මානසික නිදහස. ඒ දේ නැති උන වෙලාවට ඒ වැඩ බින්දුවටම වැටෙනවා. ආයෙ ඒ මානසික මට්ටම තිබුන ගානට ගන්න එක ලේසි වැඩක් නං නෙමෙයි ඉතින්.

Good morning
12/07/2023

Good morning

Ella
15/01/2023

Ella

copied🖇 බස් රථයක් නොවුන නමුත් කඳුකර වතු ගම්මානවලට එකල බස් රථයකටත් කල නොහැකි අමිල  සේවාවක් සිදුකල route van එකක් තම අව...
15/01/2023

copied🖇
බස් රථයක් නොවුන නමුත්
කඳුකර වතු ගම්මානවලට එකල බස් රථයකටත් කල නොහැකි අමිල සේවාවක් සිදුකල route van එකක් තම අවසන් කාලය ගෙවාදමන අයුරු..
සමහක් දුශ්කර වතු ගම්මාන වල මංගල දිනයේ මනාල යුවලගේ මංගල ගමනේ සිට අළුත උපන් බිළිදා ගෙදරට ගෙන එ්මත් සමහර වෙලාවන් වලට නගර රෝහලේ මියැදුනු තම සහෘදයාගේ නිසල දේහය වල ගොඩැලි වතු මාවත් ඔස්සේ නිවසට ගෙනඑ්ම දක්වාම වු අමිල සේවාවත් ..
වතු මාසික වැටුප් ගෙවන දිනට නගරයේ සිට වහලයේ පවා බඩු පටවාගෙන වතු ගම්මාන වලට යන දර්ශනය එකල සුලභ විය..
අදටත් සමහර පැති වල මෙම මගී ප්රවාහන සේවාව පවතී...
ඡායාරුපයේ හිමිකරුට ස්තූති..

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when Travel with Mahesh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with Mahesh:

Share