travel with shan

travel with shan Lets go around until die 🚴🚴🚵

Abardeen waterfall
21/06/2024

Abardeen waterfall

PC - Roshen Anjelo
18/06/2024

PC - Roshen Anjelo

Guruge Nature Park- Jaelaස්වභාවික උද්‍යානයක් කිව්වට මේක ඇත්තටම විනෝද වෙන්න හදලා තියන place එකක්.කුරුල්ලො එහෙමත් බලන්න පු...
08/06/2024

Guruge Nature Park- Jaela

ස්වභාවික උද්‍යානයක් කිව්වට මේක ඇත්තටම විනෝද වෙන්න හදලා තියන place එකක්.කුරුල්ලො එහෙමත් බලන්න පුලුවන්.පට්ට ෆන් එකක් ගන්න පුලුවන් තැනක් තමයි.ඇත්තම කිව්වොත් පට්ටම ලස්සනයි.කෑම බීමත් පාක් එක ඇතුලෙ තියෙන්නේ. Packages එක එක ගනන් වලට තියනවා. අපි select කරේ රැපියල් 1000ට තිබුන water area package එක.

යන්නෙ කොහොමද?
ජා ඇල වැලිගම්පිටියට යන්න. එතන ඉදලා මීටර් 850යි


Algama waterfall
27/05/2024

Algama waterfall

දහසක් දෙනා‍ගේ දුක අහනා මවක්
12/05/2024

දහසක් දෙනා‍ගේ දුක අහනා මවක්

මදුනාගල උණුදිය උල්පත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදලංගල - සූරියවැව පාරෙ පදලංගල සිට 11km දුරින් මාර්ගයේ දකුණු දෙසට පිහිටි අ...
08/05/2024

මදුනාගල උණුදිය උල්පත්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදලංගල - සූරියවැව පාරෙ පදලංගල සිට 11km දුරින් මාර්ගයේ දකුණු දෙසට පිහිටි අතු මාර්ගයක 3.9km පසු කල විට ස්වාභාවික උණුදිය උල්පත් කිහිපයකින් සමන්විත මෙම ස්තානයට ලඟා විය හැක. (ත්‍රීරෝද රථ පහසුකම් ඇත)

ප්‍රවේශ පත්‍ර ගාස්තුව වැඩිහිටි - රුපියල් 100/-, ළමා 50/- (2024.05.04දිනට)

විවිධ උෂ්ණත්වයන්ගෙන් සමන්විට ලිං 6ක් බැඳ ඇති අතර මධ්‍යයෙහි පවතින ලිඳ ඉහලම උෂ්ණත්වයකින් යුක්ත වේ (සෙල්සියස් අංශක 46) . අනෙකුත් ලිං වල ජලය සෙල්සියස් අංශක 30-40 අතර පරාසයක පවතී .මෙම ලිං වල ජලය ඖෂධීය ගුණයෙන් යුතු වන අතර එම ජලය ස්නානය කිරීමෙන් ලෙඩ රෝග වලට සුදුසු බව පිළිගැනේ. ඉතාම වියලි කාලගුණයක් පවතින පරිසරයක මෙය පිහිටා තිබුනද දිය නෑම සඳහා මෙයට විවිධ ප්‍රදේශ වලින් ජනයා පැමිණේ. උණුදිය උල්පත් වලට අමතරව කුඩා ලමා උද්‍යානයක් හා මින් මැදුරක් ද පවතී ( සතුන් රඳවා ගැනීමේ ස්තාන තිබුනද වර්තමානයේ එහි කිසිඳු සත්වයෙක් දැක ගැනීමට නැත ). වෙල් යායවල් වලින් වටවූ අලංකාර පරිසරයක් මධ්‍යයේ පවතින මෙම ස්ථානයට මදක් ඈතින් මදුනාගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත.

තල්පේ වෙරළ -Thalpe Beach 🌴🌊🏖️️           තල්පේ යනු දකුණු වෙරළබඩ තීරයේ පිහිටි ගාල්ලට ආසන්නව පිහිටි වඩාත් ජනප්‍රිය වෙරළකි....
08/05/2024

තල්පේ වෙරළ -Thalpe Beach 🌴🌊🏖️️ තල්පේ යනු දකුණු වෙරළබඩ තීරයේ පිහිටි ගාල්ලට ආසන්නව පිහිටි වඩාත් ජනප්‍රිය වෙරළකි.රොක් පුල් බීච් යනුවෙන් ද හදුන්වන අතර නැරඹීමට හොඳම කාලය මාර්තු සිට අප්‍රේල් දක්වා උදෑසන කාලයයි.වෙනත් අවස්ථාවලදී තටාකය වැලි වලින් පිරී ඇත.

මීට වසර 50කට පමණ පෙර මෙම ගල් තටාක කොරල්පර වලින් කපා පොල් කොහු වෙන් කිරීම සඳහා පොල් ලෙලි පොඟවා ගැනීමට භාවිතා කළ බව ගම්වාසීහු පවසති.

සංඛපාල විහාරයරත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ කොළඹගේආර ප්‍රදේශයේ  පිහිටි කඳුවැටියක පාමුල සංඛපාල රජ මහා විහාරය පිහිටා ඇත. විශාල...
07/05/2024

සංඛපාල විහාරය
රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ කොළඹගේආර ප්‍රදේශයේ පිහිටි කඳුවැටියක පාමුල සංඛපාල රජ මහා විහාරය පිහිටා ඇත. විශාල ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම භූමි භාගයේ ලෙන් 15ක් පමණ පිහිටා ඇත. විහාරස්ථාන පසුබිම තුළ කටාරම් ලකුණු සහිත ලෙන්කුටි 15ක් පමණ, වෙහෙර විහාරයන්හි නටබුන් ස්තූප, මෙන්ම පැරණි බෝධි වෘක්ෂයක්ද ඇත. කැලෑව තුලට පිවිසිම තහනම් වේ. ඓතිහාසික වැදගත්කමක් සහිත විහාරයකි.

(විස්තරය -අන්තර්ජාලයෙන් උපුටාගෙන සංස්කරණය කර ඇත)

ගමන් මාර්ගය - කොළඹ -ඇඹිලිපිටිය මාර්ගයේ උඩවලවට ආසන්නව මහා මාර්ගයට මුහුණලා ඇත..විහාරය ඉදිරිපිට බස් නතරකරයි.

හොර ගස් වලින් පිරුණු හොරගොල්ල ජාතික උද්‍යානය
15/04/2024

හොර ගස් වලින් පිරුණු හොරගොල්ල ජාතික උද්‍යානය

Ussangoda national park and beach
15/04/2024

Ussangoda national park and beach

ලංකාවේ අප ස්වාමි දුවගේ දේවස්ථානය (තේවත්ත පල්ලිය)ලංකාවේ රෝමානු කතෝලිකයන් මෙන්ම අන්‍යාගමිකයන්ගේද ගෞරවයට පත් වූ තේවත්ත බැසි...
12/03/2024

ලංකාවේ අප ස්වාමි දුවගේ දේවස්ථානය (තේවත්ත පල්ලිය)

ලංකාවේ රෝමානු කතෝලිකයන් මෙන්ම අන්‍යාගමිකයන්ගේද ගෞරවයට පත් වූ තේවත්ත බැසිලිකා දේවස්ථානය ගැන කතෝලිකයන්ට නම් අමුතුවෙන් විස්තර කරන්න ඕනෙ නෑ. විශාල භූමි ප්‍රමාණයක් මෙම දේවස්ථානයට අයත් වන අතර ඉන් කුඩා ප්‍රමාණයක් පල්ලිය භූමියට වෙන්ව ඇත. ඉතිරි සියල්ලම වැසී පවතින්නේ ගස් වැල් වලින් . ප්‍රධාන දේවස්ථානයට අමතරව තවත් දේවස්ථාන කිහිපයකින් මෙය සමන්විත වෙනවා. දෙව් මැදුර දේව මාතාවන් (මරියා තුමිය) වෙනුවෙන් කැප කර තිබෙනවා . ඉතින් අපි අන්‍යාගමික උනත් මේ වගේ තැන් වල සුන්දරත්වය විඳලා මරියා මාතාවට ඉටිපන්දමක් පත්තු කරන්න තහනමක් නෑ.

ගමන් මාර්ගය - රාගමට පැමිණ කඩවත බසයක 2km පමණ ගමන් කල යුතු වේ. දේවස්ථානය ප්‍රධාන පිවිසුම ආසන්නයෙන්ම බහින්න පුලුවන්

මාදු ගඟේ සවාරිය බලපිටියේ රැම්සා මාදු ගඟේ රවුමක් යමුද 🚤🚤🍀🛶⛵අද අපි කියන්නේ මාදුගඟේ සෆාරිය ගැන මාදු ගඟ කිව්ව ගමන් මතක් වෙන්...
22/02/2024

මාදු ගඟේ සවාරිය

බලපිටියේ රැම්සා මාදු ගඟේ රවුමක් යමුද 🚤🚤🍀🛶⛵

අද අපි කියන්නේ මාදුගඟේ සෆාරිය ගැන

මාදු ගඟ කිව්ව ගමන් මතක් වෙන්නේ බෝට්ටුවේ නැගලා ගඟ වටේ යන්න නේ,අපි හිතුවා මාදුගඟ ගැන පොඩ්ඩක් විස්තර කියන්න..දකුණු ලකේ බලපිටිය ගම ආශ්‍රිත ව පිහිටා තියෙන මාදු ගඟ,දකුණේ අයට විතරක් නෙමෙයි, මුලු ලංකාවටම ලොකු ආඩම්බරයක්..🤜🤜🤜

අපි නං ගියේ මාදු ගඟේ පැකේජ් එකක් දාලා,එක්කෙනෙක්ට පැකේජ් එක උනේ රුපියල් 3000ක් පමණයි.

⛵⛵Dayout Pack ⛵⛵
🚤Welcome Drink
🚤මාදුගඟේ සම්පූර්ණ සෆාරිය
🚤දවල් ආහාරය+අතුරුපස
🚤කොත්දූව රජමාහා විහාරය නැරඹීම
🚤මාලු තෙරපි*
🚤කුරුදු දූපත
🚤ආවේනික ජලජ ජීවීන්
🚤කඩොලාන ගුහා අතරින් ගමන් කීරීම්
🚤මාදු ගගේ කුඩාම දූපත සත පහේ දූව ඇතුලුව කුඩා දූපත් නැරඹීම(බෝට්ටුවේ සිට)
🚤කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය නැරඹීම
🚤සංගීතය
🚤සවස තේ සමග කෙටි කෑමක්

අවමය උපරිම 5 දෙනෙකුට වැඩිය ඉන්න ඕනේ,10 කට වැඩි උනාට අවුලක් නෑ...

සෆාරියේ නම ගන්තෙර සෆාරි(Gantera Safari) Ganthera Safari-Maadu River
071 191 0753
https://maps.app.goo.gl/mhwXgrkBkXJPJuXR7
(බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයෙම තමයි තියෙන්නෙ)

කෑම සුපිරියටම තිබ්බා පට්ට රහයි,😍😍😍අතුරැපසත් එහෙමයි,හරිම සුහදශීලී..බෝට් එකත් හොඳයි,👍👍

මීදුමෙන් පිරුණු නාරංගල
05/02/2024

මීදුමෙන් පිරුණු නාරංගල

31/01/2024

ශ්‍රී පාදය කරුණා කිරීමට ඇති මාර්ග හා ඒවාගේ දුර

පලාබද්දලින් දිව්‍යලෝකෙටඔන්න පලාබද්දලින් සිරිපාදෙ යන්න ඉන්න සෙට් එකට පොඩ්ඩක් ගයිඩ් කරන්න හිතාගෙන අපිත් රත්නපුර පාරෙන් පලව...
29/01/2024

පලාබද්දලින් දිව්‍යලෝකෙට

ඔන්න පලාබද්දලින් සිරිපාදෙ යන්න ඉන්න සෙට් එකට පොඩ්ඩක් ගයිඩ් කරන්න හිතාගෙන අපිත් රත්නපුර පාරෙන් පලවෙනි වතාවට කරුනා කරා. ඉතින් හැටන් පාර වගේ ලේසි නම් නෑ. පාර දුර වැඩි නිසා නගින්න ඕනෙ පඩි ප්‍රමාණය හැටන් මාර්ගයට වඩා වැඩියි. ඒවත් සමහර තැන් වල ලොකු බෑවුමක් තියන විදිහට තමයි තියෙන්නෙ. හැටන් මාර්ගයට සාපේක්ෂව වෙළඳසැල් ප්‍රමාණය අඩුයි. ඒ වගේම හරිම අඩු පිරිසක් තමයි මේ මාර්ගය භාවිතා කරනවා දැක්කෙ. දුර වැඩි උනාට රත්නපුර - පලාබද්දල මාර්ගයෙ තියෙන්නෙ වෙනමම ලස්සනක්. හැබැයි ගොඩක් අය ප්ලාස්ටික් පොලිතින් විසිකරන්නෙ කිසිම හැඟීමක් නැතුව. යන්න හිතන් ඉන්න අය පරිසරෙත් ආරක්ෂා වෙන විදිහට වන්දනා කරන්න හිතාගන්න .වන්දනාකරුවන්ට අලුතින් වැසිකිලි පහසුකම් ඉදිකරලා තියනවා කිහිපයක්ම.

මේ පාරට අතරමගින් දෙහෙනකන්ද-මුක්කුවත්ත , කුරුවිට -එරත්න පාරවල් 2 එකතුවෙනවා.

ගමන් මාර්ගය - රත්නපුර බස් නැවතුම්පොලෙන් පලාබද්දලට ගමන් කරන බස් රථයක නැගලා අවසාන නැවතුමෙන් බහින්න. එතන ඉදලා පිවිසුම් මාර්ගයට පොඩි දුරක් ඇවිදන් එන්න ඕනෙ.

Sri Padaya ❤️☘️🍃🍃🍃උතුම් සිරිපාකරුනාව හැටන්-නල්ලතන්නිය හැමෝම ආසවෙන් යන්න කැමති තැනක් තමයි හැටන් කියන්නේ 🌿🌻🌿🌻සැ.යු- දුම්රි...
22/01/2024

Sri Padaya ❤️☘️🍃🍃🍃

උතුම් සිරිපාකරුනාව හැටන්-නල්ලතන්නිය
හැමෝම ආසවෙන් යන්න කැමති තැනක් තමයි හැටන් කියන්නේ 🌿🌻🌿🌻සැ.යු- දුම්රියෙන් යන අය 9.45ට කොළඹින් තියන එකේ යන්න බලන්න.නැත්තම් booking දාන්න. 5.55, 8.30 යන්න හිතන්නවත් එපා

ආසියාවේ විශාලතම ශෛලමය හිඳි පිළිමය (70ft) ඉඳිකර ඇති රම්බඩගල්ල මොණරාගල රජමහා විහාරය  ගමන් මාර්ගය- කුරුණෑගල සිට කැප්පිටිගල ...
21/01/2024

ආසියාවේ විශාලතම ශෛලමය හිඳි පිළිමය (70ft) ඉඳිකර ඇති රම්බඩගල්ල මොණරාගල රජමහා විහාරය

ගමන් මාර්ගය- කුරුණෑගල සිට කැප්පිටිගල බස් රථයක නැග විහාරස්ථානය ආසන්නයෙන්ම බැහැගන්න පුලුවන් . කුරුණෑගල නගරයේ සිට 21km දුරින් පිහිටා ඇත.

Crow island beach park  - Mattakkuliya
17/01/2024

Crow island beach park - Mattakkuliya

පුවක්පිටියේ කුමාරි ඇල්ලකොළඹ දිස්ත්‍රික්කයේ ලොකු දිය ඇලි ප්‍රමාණයක් නැති නිසා මේකත් සෑහෙන වටිනවා.
15/01/2024

පුවක්පිටියේ කුමාරි ඇල්ල

කොළඹ දිස්ත්‍රික්කයේ ලොකු දිය ඇලි ප්‍රමාණයක් නැති නිසා මේකත් සෑහෙන වටිනවා.

මැදිරිගිරිය වටදාගෙයමෙතන ඉතින් ට්‍රැවලින් ලොකේෂන් එකකට වඩා ඓතිහාසික වැදගත් කමක් තියන ස්ථානයක්. අපි ඉතිහාසය පොත් වලින් රූප...
12/01/2024

මැදිරිගිරිය වටදාගෙය

මෙතන ඉතින් ට්‍රැවලින් ලොකේෂන් එකකට වඩා ඓතිහාසික වැදගත් කමක් තියන ස්ථානයක්. අපි ඉතිහාසය පොත් වලින් රූප බැලුවට ඇත්තටම මේ වගේ තැන්වලටත් ගිහින් ඇස් දෙකෙන්ම සුන්දරත්වය විදගත්තට පාඩුවක් නෑ.දැනට ලංකාවෙ වැඩිම නටඹුන් ප්‍රමාණයක් තියන වටදාගෙය විදිහට තමයි මැදිරිගිරිය හඳුන්වන්නෙ. විශාල භූමි ප්‍රමාණයක් තුල මෙය ඉදිකර ඇති අතර චෝල ආක්‍රමණය වලින් පසුව විනාශ ව පසුව මහා විජයබාහූ රජු විසින් ප්‍රතිසංස්කරණය කර ඇති බව පොත් පත්වල සඳහන් වෙනවා. පොළොන්නරුව යුගයට අයත් මෙම කලා නිර්මාණය දරුවන් සමඟ නරඹා වියළි පරිසරයක අසිරිය විඳින්න.

පොදු ප්‍රවාහනයෙන් යන්න බලාපොරොත්තු වෙන අයට -
හිඟුරක්ගොඩට ගොස් මැදිරිගිරිය දෙසට යන ඕනෑම බස් රථයක මැදිරිගිරියෙන් බහින්න. එතැන් සිට පා ගමනින් 250m පමණ ගමන් කිරීමට ඇත .

වාරණ රජ මහා විහාරය 🙏🙏🌻🌻(Warana Buddhist Temple)කොළඹ - නුවර ප්‍රධාන ගමන් මගෙහි විසි තුන්වන  සැතපුම වූයේ තිහාරිය මංසන්ධිය ...
07/01/2024

වාරණ රජ මහා විහාරය 🙏🙏🌻🌻
(Warana Buddhist Temple)

කොළඹ - නුවර ප්‍රධාන ගමන් මගෙහි විසි තුන්වන සැතපුම වූයේ තිහාරිය මංසන්ධිය අසල ය.මෙම මංසන්ධියෙන් දකුණට ඇති මාවතේ සැතපුම් දෙකක් ගිය විට දකුණින් දිස්වන රමණීය කඳු ගැටය "වාරණ විහාරස්ථානය"පිහිටා ඇත.

වාරණ යනු හස්ති වාචික නාමයකි.මෙහි සුලභව දකින්නට ලැබෙන්නේ ගල්කුණු නිසාත්,කඳු ගැටය මුදුනේ ගල් පර්වතය දුරට ඇතෙකු සේ දිස්වන නිසා "වාරණ" වී යයිද මතයකි.

වතුර හිදුනම විතරක් බලන්න පුලුවන් කඩදොර විහාරය
05/01/2024

වතුර හිදුනම විතරක් බලන්න පුලුවන් කඩදොර විහාරය

Batticoloa dutch fort
28/12/2023

Batticoloa dutch fort

පාසිකුඩා වෙරළ       මෙතනට යන්න ආස කෙනෙක් ඉන්නවනම් කෝච්චියේ වාලච්චේනට හරි බස් එකෙන් ඔට්ටමාවඩි හන්දියට ඇවිල්ලා  6km වගේ ත්...
27/12/2023

පාසිකුඩා වෙරළ


මෙතනට යන්න ආස කෙනෙක් ඉන්නවනම් කෝච්චියේ වාලච්චේනට හරි බස් එකෙන් ඔට්ටමාවඩි හන්දියට ඇවිල්ලා 6km වගේ ත්‍රීවීල් එකකින් යන්න පුලුවන් . නවාතැන් පහසුකම් ආහාර පාන සපයාගන්න තැන් මුහුද අවටම තියනවා

26/12/2023
මාරවිල කුරුස පල්ලිය.    හාස්කම් පිරි මාරවිල කුරුස පල්ලිය ❤️✝️✝️🙏🙏🙏 නිදහසේ විඳින්න හිත නිවෙන තැන 💚❤️          "වෙහෙස වන බ...
26/12/2023

මාරවිල කුරුස පල්ලිය.

හාස්කම් පිරි මාරවිල කුරුස පල්ලිය ❤️✝️✝️🙏🙏🙏 නිදහසේ විඳින්න හිත නිවෙන තැන 💚❤️

"වෙහෙස වන බර උසුලන සියල්ලෙනි මා වෙත එන්න" ✝️🙏❤️

මඩකලපුව නගරයේ පිහිටා ඇති ගාන්ධි උද්‍යානය
26/12/2023

මඩකලපුව නගරයේ පිහිටා ඇති ගාන්ධි උද්‍යානය

Address

Colombo

Telephone

+94788163494

Website

Alerts

Be the first to know and let us send you an email when travel with shan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Travel Companies in Colombo

Show All