Walk With Chathu Travels & Tours

Walk With Chathu Travels & Tours දැන් ඔයාලටත් පුළුවන් මේ රටේ ලස්සනම තැන් වලට සංචාරය කරන්න අපිත් එක්ක එකතු වෙන්න. 🇱🇰

11/06/2024

ජුලි මස 5/6/7 දින තුනේ යොදාගෙන තිබූ #ඩෙල්ෆ් ගමන ජුලි මස 26/27/28 තෙදිනට යොදාගනු ලැබුවා .

ජුලි මුල් සතියේ කතරගම පාදයාත්‍රා යෑමට සූදානම් වෙන නිසා ☺️

10/06/2024

අපගේ මෙවර තුන්හිස්ගල ( Hike ) ගමනේ සියළු ආසන වෙන් වී අවසානයි 🥰 නැවත යන දිනයක් පසුව දැනුම් දෙන්නම්.

සෙම්බුවත්ත සහ මාතලේ එක්දින සංචාරයජූලි 31 වෙනිදා බදාදා තමයි මේ සංචාරය අපි ලෑස්ති කරලා තියෙන්නේ. එක්දින සංචාරයක් නිසා අපි ...
10/06/2024

සෙම්බුවත්ත සහ මාතලේ එක්දින සංචාරය

ජූලි 31 වෙනිදා බදාදා තමයි මේ සංචාරය අපි ලෑස්ති කරලා තියෙන්නේ.

එක්දින සංචාරයක් නිසා අපි පාන්දර 1 ට කොළඹ කොටුවෙන් පිටත් වෙනවා.
නැවත කොළඹට රාත්‍රී 10 ත් 11 ත් අතර පැමිණෙනවා

මේ ගමනේදි ඔයාලට ලස්සනම ලස්සන තැන් ගොඩක් බලන්න පුළුවන් . සමහර විට වෙලාව එක්ක ලිස්ට් එකේ දාලා තියෙන තැන් වලට වඩා තැන් වලට ඔයාලව අපි එක්කගෙන යනවා.

ලස්සන වැවක් ළඟ තියෙන පූල් එකක සීතලේ නාන ගමන් පොඩි කයියක් දාන්නත් අපිට පුළුවන්.

හංස බෝට්ටු පදින්න වගේම කේබල් වලින් වැවේ එහා කෙලවරේ ඉදන් මෙහා කෙලවරට යන්නත් ඔයාලට පුළුවන් . තවත් ක්‍රියාකාරකම් ගොඩක් එහේ ඔයාලට කරන්න තියෙනවා හොදේ. ඒවට වියදම් නම් තම තමන් තනියෙන් බලාගන්න වෙනවා. ලොකු වියදම් නෙවෙයි හැබැයි.

අපි නරඹන්න යන තැන්
✅ සෙම්බුවත්ත
✅ හුන්නස්ගිරි ඇල්ල
✅ One three hill 360• view point

මේ ගමනේදි අපෙන් ඔයාලට
💟 කොළඹ සිට යෑමට ඒමට ප්‍රවාහන පහසුකම්
💟 උදෑසන තේ
💟 ඇතුලත්වීමේ ටිකට්පත්
💟 ප්‍රධාන ආහාර වේල් 2ක්

ලැබෙනවා.

⭕️ ඇල්කඩුවේ සිට ඉහත ලොකේෂන් සියල්ලටම යෑමට ඔබට 4 wheel jeep රථ ලැබෙනවා. ඒ නිසා ඔයාලට ගොඩක් ඇවිදින්නත් නෑ හොදේ.....

❌ පානීය ජලය රැගෙන ආ යුතුයි.

ඉතාමත් සීමිත පිරිසක් තමයි අපි මේ ගමනට එකතු කරගන්නේ. ඉතිං යන්න කැමති අය ජූලි 10 වෙනිදාට ප්‍රථමයෙන් ආපසු නොගෙවන පදනම මත රුපියල් 4000 ක මුදලක් පහත ගිණුම් අංකයට බැර කර 071-7193686 අංකයට whatsapp කර ඔයාලගේ ආසනය වෙන් කරවාගන්න.

Account number

129020075468
H.A.C. lakmini
HNB bank
Kohuwala branch

ගමනේ සම්පූර්ණ වියදම එක් අයෙකුට රුපියල් 9000 ක් වේ.

ගමන යන්න එන අය පමණක් ඒ චාරිකාවට අදාළ පහත whatsapp සමූහයට සම්බන්ධ වෙන්න 🙏

https://chat.whatsapp.com/Fat9StNOOIDH9V2ojGg1qf

10/06/2024

ජුලි මස 20/21 මීමුරේ ( Ladies only ) චාරිකාව සදහා තවත් ආසන 6 ක් පමණයි ඉතිරිව තියෙන්නේ . එන්න කැමති අය ඉක්මන් කරලා තමන්ගේ අවස්ථාව වෙන් කරවාගන්න 🥰

09/06/2024

එක දවසින් ඓතිහාසික පොලොන්නරුවේ සංචාරයකට එක් වෙන්න කැමති ඔයාලටයි මේ ගමන් විස්තර

⭕️ සතියේ දවසක බැවින් නිදහසේ වන්දනාමාන කරගැනීමේ හැකියාව ඔබට ලැබෙන බව 100% ක් විශ්වාසයි.

මේ ගමන අපි පිටත් වෙන්නේ ජුලි 09 අඟහරුවාදා රාත්‍රී 12 ට කොට්ටාවෙන් . ජුලි 10 බදාදා දවස පුරාවට තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.

කොට්ටාවෙන් පටන් ගන්න අපේ ගමනේ ගමන් මාර්ගය තමයි මේ . ඒ ඕනෑම තැනකින් ඔයාලට අපේ බස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් බවත් මතක් කරනවා.

කොට්ටාව ➡️ පන්නිපිටිය ➡️ මහරගම ➡️ නුගේගොඩ ➡️ තුන්මුල්ල ➡️ කොළඹ කොටුව ➡️ කඩවත ➡️ නිට්ටඹුව ➡️ වරකාපොල ➡️ අලව්ව ➡️ කුරුණෑගල ➡️ දඹුල්ල ➡️ හබරණ ➡️ පොලොන්නරුව

මේ ගමනේදි වෙන්නේ මෙන්න මෙහෙමයි 👇

පාන්දරම අපි පිටත් වෙන නිසා මගදි මුලින්ම ඔයාලට තේ එකක් බොන්න තැනක නවත්වනවා.

ඊට පස්සේ මුලින්ම අපි පොලොන්නරුවෙන් උදේ කෑම එක අරගෙන එහෙමම පිටත් වෙනවා සෝමාවතිය වන්දනාමාන කරන්න( ඒ කෑම එකට එක්කෙනෙක්ට රුපියල් 300 ක් 400 ක් වගේ තමයි වෙන්නේ )

සෝමාවතියට ගිහින් එතනින් පොඩ්ඩක් මූණ කට සෝදගෙන උදේට තේ එකකුත් බීලා උදේ කෑම එකත් කාලා උදෙන්ම අපි සෝමාවතිය වන්දනාමාන කරගෙන ඉමු. ඔයාලට පහසු විදිහට නිදහසේ වන්දනාමාන කරන්න අපි වෙලාව දෙනවා.

ඊට පස්සේ අපිට පුළුවන් නිදහසේ අපේ ඊළඟ වැඩසටහනට ලෑස්ති වෙන්න.

අපි ඊළඟට යන්නේ පොලොන්නරුවේ පොත්ගුල් විහාරය බලන්න. පොත්ගුල් විහාරය බලලා පරාක්‍රම සමුද්‍රයත් බලලා දවල් කෑමත් කාලා ඊට පස්සේ අපිට පුළුවන් ලංකාතිලක පිළිමගෙය වගේම පොලොන්නරුවේ කිරිවෙහෙරත් ඊට පසු ගල්විහාරයත් බලන්න යන්න.

දවල් කෑම එකක් එක්කෙනෙක්ට රුපියල් 600 ක් වගේ තමයි වෙන්නේ. ඔයාලට කෑම ගන්න අපි නවත්වන තැනින් ඔයාලට අවශ්‍ය විදිහට කෑම එක ගන්න පුළුවන් . ( බුෆේ )

ගල්විහාරය බැලුවටත් පස්සේ නිශ්ශංක මල්ල රජතුමාගේ රාජ සභා මණ්ඩපය බලන්නත් අපි අමතක කරන්නේ නෑ. එනගමන් මින්නේරිය සහ ගිරිතලේ වැව් දෙකත් බලාගෙන නිදහසේ අපිට මේ ගමන ගිහින් එන්න පුළුවන් .

ඒ එන අතරවාරෙදි හවස් යාමෙදි ඇතුගල විහාරය බලන්නත් ඔයාලව අපි එක්කගෙන යනවා. පිළිමය ළගටම අපි ඔයාලට ප්‍රවාහන පහසුකම් සපයනවා හොදේ.

ඊට පස්සේ තමයි අපි නැවත කොළඹ බලා පිටත් වෙන්නේ. සුපුරුදු පරිදි ඔයාලව අපි ගන්න තැනින්ම ගෙනත් බස්සනවා.

මේ ගමනේදි අපි ඔයාලගෙන් අය කරන්නේ එක්කෙනෙක්ට රුපියල් 7500 ක මුදලක් පමණයි.

නරඹන ස්ථාන පිළිවෙලින්
⭕️ සෝමාවතිය රජමහා විහාරය
⭕️ පොත්ගුල් විහාරය
⭕️ පරාක්‍රම සමුද්‍රය
⭕️ ලංකාතිලක පිළිමගෙය
⭕️ පොලොන්නරුවේ කිරිවෙහෙර
⭕️ ගල්විහාරය
⭕️ නිශ්ශංකමල්ල රාජසභා මණ්ඩපය
⭕️ ගිරිතලේ වැව
⭕️ මින්නේරිය වැව
⭕️ ඇතුගල විහාරය

ඇතුලත් වෙන දේවල්
✅ කොට්ටාව සිට යෑමට ඒමට A/C බස් ප්‍රවාහන පහසුකම්
✅ ප්‍රදේශය පිළිබද මනා පලපුරුද්දක් ඇති මගපෙන්වන්නියක්
✅ සවස තේ පැන් සංග්‍රහයක්

ඇතුලත් නොවෙන දේවල්
❌ පානීය ජලය
❌ උදෑසන සහ දහවල් ආහාරය
❌ සවස තේ එක හැර අනෙකුත් තේ වියදම්

ඔන්න දැන් ඔයාලට මේ ගමන එනවා නම් කරන්න තියෙන්නේ මෙච්චරයි පහත ගිණුම් අංකයට ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 5000 ක මුදලක් තැන්පත් කර 0717193686 අංකයට whatsapp කරලා පහත දැක්වෙන whatsapp සමූහයට එකතු වීම විතරයි.

❌ පයින් ලොකු දුරක් ඇවිදීමට නැති නිසා බාල මහළු ඕනෑම කෙනෙකුට මේ ගමන සදහා සහභාගි වෙන්න පුළුවන්.

✅ පොලොන්නරුවේ වගේ පැත්තකට A/C transport සමඟ වඩා සුවපහසු විදිහට ගිහින් එන්න කැමති නම් විතරක් අපිත් එක්ක ඔයාලට එකතු වෙන්න පුළුවන්.

✅ වසර 5 ක් පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශ වල සංචාරයන් සංවිධානය කර පළපුරුද්දක් ඇති අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ දවසක් ගත කරලා බලන්න. එන්න එකතු වෙන්න අලුත් මිතුරන් හදුනාගන්න වගේම කාර්‍යබහුල ජීවිතෙන් එක දවසක් මිදිලා නිදහසේ ඉන්න.

වැඩි විස්තර සදහා අමතන්න 071-7193686 ( චතූ )
Email - [email protected]
Address - 65/1C , pragathi mawatha, pannipitiya
Registered number - P V 00289882
✅ 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයකි.

❌ ආසන වෙන් කරවාගත හැක්කේ ජුනි මස 25 වෙනිදා වනතෙක් පමණයි . ආසන සීමා සහිතයි.

දැන් ඔයාලටත් පුළුවන් මේ රටේ ලස්සනම තැන් වලට සංචාරය කරන්න අපිත් එක්ක එකතු වෙන්න. 🇱🇰

කළුගල ගැරඬිඇල්ල ( එක්දින චාරිකා )ජුනි මාසේ 29 සෙනසුරාදා දවසේ අපි හිතුවා ලස්සන වීව් එකක් තියෙන කන්දක් නගින්න ඕනේතරම් වතුර...
07/06/2024

කළුගල ගැරඬිඇල්ල ( එක්දින චාරිකා )

ජුනි මාසේ 29 සෙනසුරාදා දවසේ අපි හිතුවා ලස්සන වීව් එකක් තියෙන කන්දක් නගින්න

ඕනේතරම් වතුර තියෙන , ලස්සන නිදහස් වටපිටාවකට ගිහින් නාලා කාලා පොඩ්ඩක් විවේකීව ඉදලා එන්නයි මේ පාර අපේ කල්පනාව.

මේතැන ගැන අමුතුවෙන් ලොකු විස්තරයක් කරන්න අවශ්‍ය නෑ කියලා හිතනවා. සාමාන්‍ය විදිහට කදු නගින්න පුළුවන් ලස්සන තැන් වලට යන්න කැමති සුන්දර හදවත් තියෙන මිනිස්සු කීපදෙනෙක්ටයි මේ ආරාධනා කරන්නේ 😁

යන්න කැමති සීමිත පිරිසකට විතරයි අවස්ථාව හිමි වෙන්නේ මේ පාර. ඉතිං එහෙනම් කැමති නම් දැන්ම අවස්ථාව වෙන් කරවාගන්න කතා කරන්න අපිට 0717193686 ( චතූ )

ගමන යන්නේ ජුනි 28 සිකුරාදා රාත්‍රී 11 ට පන්නිපිටියෙන්. පන්නිපිටියේ සිට 138 රූට් එකේ මහරගම නුගේගොඩ ඕනේ ස්ථානයකින් ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වගේම රාත්‍රී 12 ට අපි කොළඹ කොටුවෙන් පිටත් වෙනවා.

කොළඹ කොටුව-කඩවත-නුවර පාරේ ඕනෑම තැනකින් ඔයාලට අපි එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්.

ගමන අවසන් වෙන්නේ 29 වෙනිදා රාත්‍රී 10 ට පමණ කොළඹ කොටුවෙන්

ඔයාලට මේ ගමනේදි අපෙන්
✅අවසර ටිකට් පත්
✅පළපුරුදු මාර්ගෝපදේශකයෙක්
✅කළුගලට යෑමට ඒමට ප්‍රවාහන පහසුකම්
✅ප්‍රධාන ආහාරවේල් 02 ක් ( උදේ සහ දවල් )
✅හවසට තේපැන් සංග්‍රහයන්

ලැබෙනවා.

ගමන යන්න කැමති අය පහත සදහන් ගිණුම් අංකයට ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 5000 ක මුදලක් තැන්පත් කල යුතුයි.

129020075468
H.A.C. lakmini
HNB bank
Kohuwala branch

ගමනේ සම්පූර්ණ වියදම එක් අයෙකුට රුපියල් 8500 ක් වේ.

සැ.යු. කඹේක එල්ලිලා ටිකක් දුර යන්නත් තියෙනවා ඒ වගේම පොඩි බෑවුම් ටිකක් තියෙනවා . ඒවටත් සූදානම් වෙලා එන්න ලමයිනේ 😉

වැඩි විස්තර සදහා - 0717193686 ( චතු ) අමතන්න .

❌ ඉතාමත් සීමිත පිරිසක් පමණක් සහභාගි කරගන්නා බැවින් ජුනි මස 15 වෙනිදාට පෙර ඔබගේ ආසනය වෙන් කරවාගන්න කාරුණික වෙන්න 🙏

වැස්සත් එක්ක හරි අපූරුවට හැඩ වෙලා තියෙන දියඇලි කිහිපයක් බලන්න එක දවසින් ගිහින් එමුද ?ඔන්න මේ ආරංචිය දියඇලි වලට කැමති , එ...
06/06/2024

වැස්සත් එක්ක හරි අපූරුවට හැඩ වෙලා තියෙන දියඇලි කිහිපයක් බලන්න එක දවසින් ගිහින් එමුද ?

ඔන්න මේ ආරංචිය දියඇලි වලට කැමති , එක දවසේ ගමන් වලට කැමති ඒ වගේම සතියේ දවස් වල නිවාඩු තියෙන ඔයාලටයි......

මේ ගමන අපි පිටත් වෙන්නේ ජුනි මාසේ 26 බදාදා දවසේ පාන්දර 1 ට කොළඹ කොටුවෙන්

ගමන් මාර්ගය - පන්නිපිටිය ➡️ නුගේගොඩ ➡️ කොළඹ කොටුව ➡️ කඩවත ➡️ නුවර ➡️ මාතලේ ➡️ වත්තේගම

ඉහත මාර්ගයේ ඕනෑම තැනකින් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.

මේ ගමනේදි ඔයාලට
✅ සාරි ඇල්ල
✅ ලෙබනන් ඇල්ල
✅ ජෝඩු ඇල්ල
✅ හුළුගග ඇල්ල

බලන්න පුළුවන් වගේම එක දියඇල්ලකින් හිතේ හැටියට නාන්නත් පුළුවන්.

ඔයාලට අපි
➡️ කොළඹ සිට යෑමට ඒමට A/C transport
➡️ උදේ කෑම
➡️ දවල් කෑම
➡️ හවසට තේ සමඟ කේක්

ලබාදෙනවා.

මේ හැමදේම එක්ක එක්කෙනෙක්ට අපි අය කරන්නේ රුපියල් 8,000 ක මුදලක් පමණයි. එතනිනුත් ජුනි මාසේ 12 වෙනිදාට ප්‍රථම ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 5000 ක මුදලක් පහත ගිණුමට බැර කර ආසන වෙන් කරවාගන්නා සියළුම දෙනාට 10% ක පුංචි discount එකකුත් ලැබෙනවා ඔන්න.

Account number
129020075468
H.A.C. lakmini
HNB bank
Kohuwala branch

මේ ගමන යන්නේ 28 දෙනෙක් විතරක් නිසා ඔයාලගේ ආසනය දැන්ම වෙන් කරවාගන්න. මුදල් තැන්පත් කරන පිළිවෙල අනුව ආසන වෙන් කිරීම සිදුවන බව කරුණාවෙන් සලකන්න 🙏

වැඩි විස්තර සදහා 071-7193686 දුරකථන ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් යොමු කරන්න.

සැ.යු. කුඩා දරුවන්ටද මෙම මුදලම ගන්නා අතර අයකිරීමේ කිසිදු වෙනසක් නොමැත.

මීමුරේ සහ නුවර සංචාරය ( Ladies only ) හැමදාම ගෙවල් වල වැඩ කර කර ඉදලා නිදහසක් ඇත්තෙම නැද්ද. එහෙනම් යමු අපි මේ ගමන. වයස් ස...
06/06/2024

මීමුරේ සහ නුවර සංචාරය
( Ladies only )

හැමදාම ගෙවල් වල වැඩ කර කර ඉදලා නිදහසක් ඇත්තෙම නැද්ද. එහෙනම් යමු අපි මේ ගමන. වයස් සීමාවක් නැතුව සම්බන්ධ විය හැකි කදිම Trip එකක්
නිදහසේ ගිහින් නටලා සිංදුවක් කියලා උපරිම නිදහසේ ඉදලා එන්න කැමති ගැහැණු පාර්ශවයේ අයට හොදම අවස්ථාවක් 👍

ඔන්න ඉතිං අපේ ඊලඟ Ladies only සංචාරය යොදාගෙන තියෙන්නේ සුන්දර මීමුරේ සහ නුවර අවට තියෙන ලස්සනම ලස්සන තැන් කිහිපයක් බලලා විනෝද සාගරයක කිමිදෙන්නයි 😀

ගමන පටන් ගන්නේ පන්නිපිටියෙන් ජුලි මාසේ 20 ඒ කියන්නේ ඇසල පෝය දවසේ ( සෙනසුරාදා ) පාන්දර 12.15 ට. ඒ වෙලාවට එන්න අපහසු කවුරුත් ඉන්නවා නම් කලින් දවසේ රාත්‍රියේ මගේ නවාතැනට ඇවිත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන් 👍

පන්නිපිටියේ සිට කොටුව දුම්‍රිය ස්ථානය දක්වා 138 රූට් එකේ ඕනෑම තැනකින් ඔයාලට අපි එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන් .

කොළඹ කොටුවෙන් රාත්‍රී 1ට අපි පිටත් වෙනවා.

නැවත පැමිණෙන්නේ ජූලි 21 වෙනිදා රාත්‍රී 11 ට පමණ කොළඹ කොටුවට 👍

මුලින්ම යන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී දළදා මාලිගාවට. උදෑසන පූජාවටත් සම්බන්ධ වෙලා ඊට පස්සේ අපිට පුළුවන් පහත තියෙන ලොකේෂන් ටිකත් බලලම අපේ නවාතැනට යන්න. 👇

නරඹන ස්ථාන 👇
✅ ශ්‍රී දළදා මාලිගාව
✅ නෙල්ලිගල පංසල
✅ බහිරවකන්ද පංසල
✅ වික්ටෝරියා වේල්ල
✅ සුළං කපොල්ල
✅ දියඇලි හත
✅ පුංචි ලෝකාන්තය
✅ දියකැරැල්ල
✅ සූරිය අරණ රූපගත කල ස්ථානය

මේ ගමනේදි එක් අයෙකුට සම්පූර්ණ අය කිරීම රුපියල් 20,000 ක් වන අතර එකට ඇතුලත් වන දේවල් වගේම ඇතුලත් නොවෙන දේවල් පහත පරිදි වේ 👇

ඇතුලත් වෙන දේවල්
✅ යෑමට ඒමට A/C bus transport
✅ ප්‍රධාන ආහාර වේල් 5 ක්
✅ උදෑසන කිරි, තේ හෝ කෝපි
✅ මීමුරේ සංචාරය සදහා පළපුරුදු මාර්ගෝපදේශකයෙක්
✅ ජල ක්‍රීඩා සදහා අවශ්‍ය ආරක්ෂිත උපකරණ
✅ රාත්‍රී නවාතැන් පහසුකම් ( Non A/C with fan )

ඇතුලත් නොවෙන දේවල්
❌ පානීය ජලය

❌ මේ ගමන යන්න තියෙන අවස්ථාවන් නම් ඉතාමත් සීමිතයි . යන්න කැමති අය පහත ගිණුමට ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 12,500ක මුදලක් තැන්පත් කර රිසිට් පත 071-7193686 අංකයට whatsapp කරන්න.

Account number
129020075468
H.A.C. lakmini
HNB bank
Kohuwala branch

ගැහැණු පාර්ශවය පමණක් සම්බන්ධ වෙන ගමනක් බැවින් ඔබගේ නිදහස සහ ආරක්ෂාව 100% ක් ලැබෙන බව ඉතාමත් වගකීමෙන් කියනවා. ඉතිං එන්න යමු ලස්සනම ලස්සන දවස් දෙකක් අලුත් යාලුවෝ එක්ක ලස්සනම ගමනක් ගිහින් විදලා මතක ගොඩක් එකතු කරගෙන එමු.

ඉක්මන් කරන්න ඔයාලගේ අවස්ථාව අදම වෙන් කරවාගන්න. හිත හිත හිටියොත් නම් ඔයාලා පරක්කු වැඩි වෙයි හොදේ 😁

⭕️ නවාතැන් ගන්නා ස්ථානයේ සහ නරඹන ස්ථාන වල පින්තූර පහලින් දමා ඇත.

04/06/2024

ඊලඟ Ladies only tour එක ජූලි 20/21 මීමුරේ

20 දෙනෙක්ට විතරක් අවස්ථාව තියෙනවා . කැමති අය මැසේජ් එකක් දාලා තියන්න 👍

මඩොල්සිම ගියපු අපේ   Night camping එක ❤️ඒක නම් හරි ලස්සන නිදහස් ගමනක් 🥰
03/06/2024

මඩොල්සිම ගියපු අපේ Night camping එක ❤️

ඒක නම් හරි ලස්සන නිදහස් ගමනක් 🥰

යමුද ඉතිං 😁යන්න කැමති අයට ඔන්න හෙට තමයි දවස 😍විස්තර 👇ත්‍රිකුණාමලය සංචාරය - 2024
16/05/2024

යමුද ඉතිං 😁

යන්න කැමති අයට ඔන්න හෙට තමයි දවස 😍

විස්තර 👇

ත්‍රිකුණාමලය සංචාරය - 2024

2024/05/10,11,12 සුන්දර ‍යාපනය අර්ධද්වීපයේ සංචාරය 03 චාරිකාව සදහා සහභාගි වූ ඔබ සැමටම ස්තූතියි 🥰හමුවෙමු නැවතත් ඉතාමත් සුන...
13/05/2024

2024/05/10,11,12 සුන්දර ‍යාපනය අර්ධද්වීපයේ සංචාරය 03 චාරිකාව සදහා සහභාගි වූ ඔබ සැමටම ස්තූතියි 🥰

හමුවෙමු නැවතත් ඉතාමත් සුන්දර ගමනකින්.....

අපගේ ඊලඟ සංචාරය ත්‍රිකුණාමලය සංචාරය - 2024 😍 සහභාගි වීමට කැමති අය ඉන්නවා නම් තනිව හෝ ඔබගේ පවුලේ අය සමඟ නැත්නම් ‍යාළුවෝ සමඟ පැමිණ අපගේ සංචාරයන්ගේ වෙනස වටහාගන්න 😉

අපේ ඊළඟ යාපනය සහ ඩෙල්ෆ් සංචාරය ජූලි 5/6/7

සම්පූර්ණ ‍යාපනය සංචාරය අගෝස්තු 2/3/4

මේ අද දවසේ මගේ වත්කමයි ❤️සුන්දර ‍යාපනය අර්ධද්වීපයේ සංචාරය 03 🇱🇰 🥰
10/05/2024

මේ අද දවසේ මගේ වත්කමයි ❤️

සුන්දර ‍යාපනය අර්ධද්වීපයේ සංචාරය 03 🇱🇰 🥰

ජූලි මාසයේ නිදහසේ ඉන්න අපිත් එක්ක " මන්දාරම් නුවර " යමුද 😁❤️ මේ ගමන යන්නේ නිදහසේ ගිහින් සිංදුවක් කියලා නටලා විනෝද වෙලා ,...
09/05/2024

ජූලි මාසයේ නිදහසේ ඉන්න අපිත් එක්ක " මන්දාරම් නුවර " යමුද 😁❤️

මේ ගමන යන්නේ නිදහසේ ගිහින් සිංදුවක් කියලා නටලා විනෝද වෙලා , ගැමි අසිරිය හිතේ හැටියට විදලා එන්න කැමති ඔයාලා වෙනුවෙන්මයි.

අපි මේ ගමන පිටත් වෙන්නේ ජූලි මාසයේ 13 සෙනසුරාදා පාන්දර 1 ට කොළඹ කොටුවෙන්.

නැවත පැමිණෙන්නේ 14 ඉරිදා රාත්‍රී 10 ට පමණ කොළඹ කොටුවට.

අපි යන මාර්ගයේ ඕනෑම තැනකදි ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. 👇

කොළඹ කොටුව - කඩවත - නිට්ටඹුව - කෑගල්ල - නුවර - පදියපැලැල්ල - මන්දාරම් නුවර

මේ ගමනේදි අපි ප්‍රධාන වශයෙන් දියඇලි 4 ක් බලනවා. ඒ වගේම ස්වභාවික වතුර ගලාගෙන යන තැනකින් හිතේ හැටියට ඔයාලට නාන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි කටට රහට ගමේ කෑම වේලක රස බලන්නත් ඔයාලට පුළුවන්.

ඒ දේවල් විතරක් ද 😉 හැමදාම මහන්සි වෙලා රැකියාවල බිස්නස් වල හිරවෙලා ඉන්න ඔයාලට මේ දවස් දෙකේ පුළුවන් සිංදුවක් කියලා නටලා කරලා ඔයාලගේ ඔලුවේ තියෙන පීඩනය අවම කරගන්නත්.

මේ ගමන යන්න ඔයාලට කවුරුත් නැත්නම් තනියෙන් හරි ඇවිත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලා මේ ගමන එන්නේ තනියෙන් උනාට ඔයාලා නැවත යද්දි ගොඩක් යාළුවෝ හදුනගෙන යන බව නම් ස්ථීරයි.

කොළඹ කොටුවේ සිට Up & Down A/C transport
ප්‍රධාන ආහාර වේල් 05ක්
උදෑසන තේ වේලක්
රාත්‍රී නවාතැන් පහසුකම් ( Sharing )

මේ සියල්ලත් එක්කම එක් අයෙකුට රුපියල් 20,000 ක සම්පූර්ණ මුදලක් පමණයි වැයවෙන්නේ.

එහෙනම් ඉක්මන් කරන්න මේ ගමනට බොහොම සීමිත පිරිසක් විතරයි එක්කගෙන යන්නේ. ඒ නිසා ඔයාලට අවශ්‍ය නම් ආපසු නොගෙවන මුදල් පදනම මත පහත ගිණුම් අංකයට රුපියල් 7500 ක මුදලක් තැන්පත් කර 071-7193686 වට්ස්සැප් අංකයට ඔබගේ රිසිට්පත් යොමු කරන්න.

Account number
129020075468
H.A.C. lakmini
HNB bank
Kohuwala branch

බාල මහළු වැඩිහිටි ඔයාලා ඕනේ කෙනෙක්ට නිදහසේ ගිහින් එන්න පුළුවන් අපිත් එක්ක. මේ ඉන්න ටිකේ හොදට ඉදින්ලා අපි හෙට මැරෙයිද කියලා දන්නේ නෑ...... 😁

එහෙනම් හමුවෙමු ලස්සන ගමනකින් ඉක්මනටම ❤️ ජය 💪

වැඩිවිස්තර සදහා අමතන්න 071-7193686 ( චතූ )

නවාතැන් ගන්නා ස්ථානය Mandaramnuwara Mandarama මන්දාරම්නුවර මන්දාරම 🥰

⛔️ ඩෙල්ෆ් ⛔️ ඩෙල්ෆ් ⛔️ ඩෙල්ෆ් අපිත් එක්ක ඩෙල්ෆ් යන්න ආසාවෙන් බලාගෙන හිටිය ඔයාලටයි මේ විස්තර.....ඔන්න අපේ ඊළඟ ඩෙල්ෆ් ගමන ...
08/05/2024

⛔️ ඩෙල්ෆ් ⛔️ ඩෙල්ෆ් ⛔️ ඩෙල්ෆ්

අපිත් එක්ක ඩෙල්ෆ් යන්න ආසාවෙන් බලාගෙන හිටිය ඔයාලටයි මේ විස්තර.....

ඔන්න අපේ ඊළඟ ඩෙල්ෆ් ගමන අපි යොදාගෙන තියෙනව ජූලි මාසේ අන්තිම සතියේ. ඒ කියන්නේ ජුලි 26/27/28 දවස් තුනේ.

අපි මේ ගමන පිටත් වෙන්නේ 26 වෙනිදා උදේ 8 ට කොළඹ කොටුවෙන්. ඒ නිසා ඔන්න දුර බැහැර ඉන්න අයටත් මෙවර අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් වෙලාවක තමයි අපි මේ ගමන සංවිධානය කරලා තියෙන්නේ.

නැවත පැමිණෙන්නේ නම් 28 වෙනිදා රාත්‍රී 10 ත් 12 ත් අතර තමයි ඉතිං.

ගමන් මාර්ගය ➡️ පන්නිපිටිය , කොළඹ කොටුව , කඩවත , නිට්ටඹුව, අනුරාධපුරය හරහා යාපනය

✅ නුවර සහ කුරුණෑගල සිටින අයටද අප සමඟ සම්බන්ධ වීමට විශේෂ සැලැස්මක් ක්‍රියාත්මකයි.

මොනවද අපි මේ දවස් තුනේදි බලන්නේ ? ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තර පහලින් තියෙනවා . ඒ දාලා තියෙන location list එකට අමතරව ස්ථාන කිහිපයකුත් අපිට බලන්න පුළුවන් අපිට තියෙන වෙලාවත් එක්ක.

01.ඩෙල්ෆ් ලන්දේසි බලකොටුව
02.ඩෙල්ෆ් ලියලන ගල
03.ඩෙල්ෆ් පරෙවි කූඩුව
04.ඩෙල්ෆ් පැරණි උසාවිය
05.ඩෙල්ෆ් ලන්දේසි රෝහල
06.ඩෙල්ෆ් කැලෑ අශ්වයින්
07.ඩෙල්ෆ් හනුමාන් පාද සටහන
08.ඩෙල්ෆ් ඉපැරණි අශ්ව ගාල
09.ඩෙල්ෆ් ප්‍රදීපාගාරය
10.නල්ලූර් කෝවිල
11.සංගිලි ප්‍රතිමාව
12.සංගිලි තෝප්පුව
13.සංගිලි මන්ත්‍රී මාලිගය
14.නීලවර ලිද
15.පේදුරු තුඩුව
16.කන්කසන්තුරේ දුම්රිය ස්ථානය
17.කීරමලේ පොකුණ
18.දඹකොළපටුන විහාරය
19.රියෝ අයිස්ක්‍රීම්
20.යාපනය මහජන පුස්තකාලය
21.අලිමංකඩ රණවිරු ස්මාරකය
22.යාපනය පොල
23.සංගුපිඩ්ඩි පාලම
24.සුළං විදුලි බලාගාර කුළුණු
25.යාපනය ඔරලෝසු කණුව

මෙම ගමනේදි ඔයාලට අපෙන්
➡️රාත්‍රී දෙකටම නවාතැන් පහසුකම් sharing ( එක් රාත්‍රියක් තල්සෙවණ හෝටලයේත් අනිත් රාත්‍රිය ඩෙල්ෆ් දූපතේ සමුද්‍රා හෝටලේත් හිමි වේ )
➡️ප්‍රධාන ආහාර වේල් 6ක්
➡️උදෑසන තේ
➡️කොළඹ සිට යෑමට සහ ඒමට සුවපහසු A/C ප්‍රවාහන පහසුකම්
➡️ඩෙල්ෆ් දූපතට යෑමට සහ ඒමට පෞද්ගලික බෝට්ටුවක්
➡️සියළුම ඇතුලත්වීමේ ටිකට්පත්

ලැබෙනවා.

මේ හැමදේමත් එක්ක ඔයාලා එක්කෙනෙක්ට අපි අය කරන්නේ රුපියල් 30,000 ක් පමණයි.

මේ වගේ ගානකට මේ තරම් location ප්‍රමාණයක් බලලා සියළුම කෑමත් දීලා මේ වගේ පහසුකම් එක්ක යන ඩෙල්ෆ් ටුවර් එකක් තිබුණොත් ඒ ගැන අපිට කියන්න හොදේ.... විශ්වාසයෙන් කියනවා ලංකාවේ කිසිම තැනකින් මේ ගානට මේ පහසුකම් එක්ක මේ ටුවර් එක යන්න බැහැ.

එහෙනම් ඉතිං එකතු වෙන්න අපිත් එක්ක පවුලේ අය එක්ක ගියා වගේ හැගීමකින් ලස්සනම ලස්සන යාපනය / ඩෙල්ෆ් සංචාරයක් යන්න.

⛔️ ආසන නම් ඉතාමත් සීමිතයි.
⛔️ පටලවගන්නෙපා මේක අපි කරන යාපනය සංචාරය නෙවෙයි. මේකෙදි මූලිකත්වය දෙන්නේ ඩෙල්ෆ් දූපතේ සංචාරය කරන්න. ඊට පස්සේ තමයි යාපනයේ ඉහත location ටික අපි බලන්නේ.

එහෙනම් ඉතිං මේ ගමන යන්න අපිත් එක්ක එකතු වෙන්න කැමති ඔයාලට කරන්න තියෙනවා පුංචි වැඩක්. යාලුවෝ එක්ක ගෙදර අය එක්ක කතා කරගෙන එහෙම නැත්නම් තනියෙන් හරි මේ ගමන යන්න කැමති නම් එක්කෙනෙක් ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 15,000 ක මුදලක් තැන්පත් කල යුතු වෙනවා.

Account number
129020075468
H.A.C. lakmini
HNB bank
Kohuwala branch

⛔️ජුනි මස 20 වෙනිදාට ප්‍රථමව අත්තිකාරම් මුදල් ගෙවා ආසන වෙන් කරවා ගන්නා වියළුම දෙනාට සම්පූර්ණ මුදලින් 5% ක වට්ටමක් හිමි වේ.

අපගේ මෙම Face Book පිටුවටත් Like 👍 එකක් දාගෙන Follow කරගෙනම යන්න.
එතකොට අපේ ඉදිරි සංචාර පිළිබඳව දැනුවත් වේවි..

✅ වසර 5 ක් පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශ වල සංචාරයන් සංවිධානය කර පළපුරුද්දක් ඇති අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ දවසක් ගත කරලා බලන්න. එන්න එකතු වෙන්න අලුත් මිතුරන් හදුනාගන්න වගේම කාර්‍යබහුල ජීවිතෙන් එක දවසක් මිදිලා නිදහසේ ඉන්න.

වැඩි විස්තර සදහා අමතන්න 071-7193686 ( චතූ )
Email - [email protected]
Address - 65/1C , pragathi mawatha, pannipitiya
Registered number - P V 00289882
✅ 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයකි.

යාපනේ අර්ධද්වීපයේ දින තුනේ සංචාරය ( 04 කණ්ඩායම ) අපේ ඊළඟ දවස් තුනේ යාපනය අර්ධද්වීපයේ සංචාරය තියෙන්නේ අගෝස්තු මාසේ 2/3/4 ...
06/05/2024

යාපනේ අර්ධද්වීපයේ දින තුනේ සංචාරය ( 04 කණ්ඩායම )

අපේ ඊළඟ දවස් තුනේ යාපනය අර්ධද්වීපයේ සංචාරය තියෙන්නේ අගෝස්තු මාසේ 2/3/4 ( සිකුරාදා , සෙනසුරාදා , ඉරිදා ) දින තුනේදි.

අපි කොළඹ කොටුවෙන් පිටත් වෙන්නේ 1 වෙනිදා රාත්‍රී 11.30 ට. ඒ තරම් කලින් අපි පිටත් වෙන්නේ අපිට මුල්ම සංචාරක ස්ථානයට උදේ පාන්දරම යන්න පුළුවන් වෙන නිසා. මොකද අපි යන මගට දවසෙන් භාගයක්ම වෙලාව ගියොත් බලන්න තියෙන එකම එක location එකක් හරි අඩු උනොත් අපරාධයක්. සුව පහසු බස් රථයක යන නිසා ඔයාලට පුළුවන් එළිවෙනකල් ඒකේ නිදාගන්න.

අපි එච්චර උදෙන්ම පිටත් වෙනවා නම් කොහොමද ඔයාලා සම්බන්ධ වෙන්නේ අපිට?

ඔයාලට පුළුවන් පන්නිපිටියේ සිට කොළඹ කොටුවට යන අතරවාරයේදි ඒ ගමන් මාර්ගයේ ඕනෑම තැනකින් අපේ බස් එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම කොළඹ කොටුවේ සිට කිරිබත්ගොඩ කඩවත ගම්පහ නිට්ටඹුව මීරිගම ගිරිඋල්ල නාරම්මල තලාව අනුරාධපුර මේ ඕනෑම තැනකින් අපේ බස් එකට සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන්.

කුරුණෑගල සහ නුවර ඉන්න අයටත් සම්බන්ධ වීමට විශේෂ සැලැස්මක් ක්‍රියාත්මකයි ❤️

මේ ගමනේදි අමතර වියදම් මොකුත් යනවද?

අපි ඔයාලට කෑම වේල් 08 ක්
යන්න එන්න ප්‍රවාහන පහසුකම්
සියළු ඇතුලත්වීමේ ටිකට්පත්
නවාතැන් පහසුකම්

මේ සියල්ල ලබාදුන් පසු තවත් මොනවටවත් වියදම් කරන්න දෙයක් නෑ නේද ? ( පෞද්ගලිකව තමන්ට අවශ්‍ය ටොෆි , චොකලට් , අයිස්ක්‍රීම් වැනි දේවල් වලට වියදම් තමන්ම දැරිය යුතුයි )

නරඹන ස්ථාන

හසලක ගාමිණි පිළිරුව
අලිමංකඩ
නල්ලූර්
කීරිමලේ පොකුණ
කන්කසන්තුරේ වෙරළ
පේදුරුතුඩුව
සංගිලියන් රජුගේ ඇමතිගේ නිවස
යාපනය පුස්තකාලය
යාපනේ ඔරලෝසු කණුව
යාපනය කොටුව
මනල්කාඩු වැලිතලාව
මනල්කාඩු පල්ලිය
නාගදීපය
කයිට්ස් දූපත
කයිට්ස් කොටුව
දඹකොල පටුන
කරෙයිනගර් ප්‍රදීපාගාරය
කැසුරිනා වෙරල
කදුරුගොඩ පන්සල
නිලවරෙයි ලිද
ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය
පලාලි ගුවන්තොටුපල
යාපනය පොල
රියෝ අයිස්ක්‍රීම්
සුළං විදුලි බලාගාර කුළුණු

මේ සියල්ලම එක්ක ඔයාලට එක්කෙනෙක්ට රුපියල් 35,000 යි වියදම් වෙන්නේ. ඔයාලා ගමන යන්න කැමති නම් ඔන්න සියළුම විස්තර මේ පෝස්ට් එකේ තියෙනවා . සීමිත පිරිසකට පමණක් අවස්ථාව හිමිවන අතර ඔයාලත් මේ ගමන එන්න කැමති නම් අපිත් එක්ක එහෙනම් ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 10,000 ක advance එකක් දමා ආසනයක් වෙන් කරවාගන්න.

Account number
129020075468
H.A.C. lakmini
HNB bank
Kohuwala branch

වැඩි විස්තර සදහා 071-7193686 අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න.

වෙනම කාමර පහසුකම් අවශ්‍ය නම් වෙන් කරවාගත හැකියි. මැයි මස 30 වනදාට ප්‍රථමව Advance මුදල් තැන්පත් කරන අයට 5%ක වට්ටමක් හිමිවේ....

Walk With Chathu Travels & Tours අපිත් එක්ක සෙම්බුවත්ත සහ මාතලේ සංචාරය   ( එක්දින ) සඳහා සහභාගී වූ සියළුම දෙනාට ස්තූතියි...
03/05/2024

Walk With Chathu Travels & Tours අපිත් එක්ක සෙම්බුවත්ත සහ මාතලේ සංචාරය ( එක්දින ) සඳහා සහභාගී වූ සියළුම දෙනාට ස්තූතියි ❤️

✅සෙම්බුවත්ත
✅වන් ත්‍රි හිල් වීව් පොයින්ට්
✅හුන්නස්ෆෝල්ස්

යාපනේ අර්ධද්වීපයේ දින තුනේ සංචාරය අපි අපේ ඊළඟ දවස් තුනේ යාපනය අර්ධද්වීපයේ සංචාරය තියෙන්නේ මැයි මාසේ 10/11/12. දින තුනේදි...
02/05/2024

යාපනේ අර්ධද්වීපයේ දින තුනේ සංචාරය

අපි අපේ ඊළඟ දවස් තුනේ යාපනය අර්ධද්වීපයේ සංචාරය තියෙන්නේ මැයි මාසේ 10/11/12. දින තුනේදි.

( තවත් ආසන 5 ක් පමණක් ඉතිරිව ඇත )

අපි කොළඹ කොටුවෙන් පිටත් වෙන්නේ 09 වෙනිදා රාත්‍රී 11.30 ට. ඒ තරම් කලින් අපි පිටත් වෙන්නේ අපිට මුල්ම සංචාරක ස්ථානයට උදේ පාන්දරම යන්න පුළුවන් වෙන නිසා. මොකද අපි යන මගට දවසෙන් භාගයක්ම වෙලාව ගියොත් බලන්න තියෙන එකම එක location එකක් හරි අඩු උනොත් අපරාධයක්. සුව පහසු බස් රථයක යන නිසා ඔයාලට පුළුවන් එළිවෙනකල් ඒකේ නිදාගන්න.

අපි එච්චර උදෙන්ම පිටත් වෙනවා නම් කොහොමද ඔයාලා සම්බන්ධ වෙන්නේ අපිට?

ඔයාලට පුළුවන් පන්නිපිටියේ සිට කොළඹ කොටුවට යන අතරවාරයේදි ඒ ගමන් මාර්ගයේ ඕනෑම තැනකින් අපේ බස් එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම කොළඹ කොටුවේ සිට කිරිබත්ගොඩ කඩවත ගම්පහ නිට්ටඹුව මීරිගම ගිරිඋල්ල නාරම්මල තලාව අනුරාධපුර මේ ඕනෑම තැනකින් අපේ බස් එකට සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන්.

කුරුණෑගල සහ නුවර ඉන්න අයටත් සම්බන්ධ වීමට විශේෂ සැලැස්මක් ක්‍රියාත්මකයි ❤️

මේ ගමනේදි අමතර වියදම් මොකුත් යනවද?

අපි ඔයාලට කෑම වේල් 08 ක්
යන්න එන්න ප්‍රවාහන පහසුකම්
සියළු ඇතුලත්වීමේ ටිකට්පත්
නවාතැන් පහසුකම්

මේ සියල්ල ලබාදුන් පසු තවත් මොනවටවත් වියදම් කරන්න දෙයක් නෑ නේද ? ( පෞද්ගලිකව තමන්ට අවශ්‍ය ටොෆි , චොකලට් , අයිස්ක්‍රීම් වැනි දේවල් වලට වියදම් තමන්ම දැරිය යුතුයි )

නරඹන ස්ථාන

හසලක ගාමිණි පිළිරුව
අලිමංකඩ
නල්ලූර්
කීරිමලේ පොකුණ
කන්කසන්තුරේ වෙරළ
පේදුරුතුඩුව
සංගිලියන් රජුගේ ඇමතිගේ නිවස
යාපනය පුස්තකාලය
යාපනේ ඔරලෝසු කණුව
යාපනය කොටුව
මනල්කාඩු වැලිතලාව
මනල්කාඩු පල්ලිය
නාගදීපය
කයිට්ස් දූපත
කයිට්ස් කොටුව
දඹකොල පටුන
කරෙයිනගර් ප්‍රදීපාගාරය
කැසුරිනා වෙරල
කදුරුගොඩ පන්සල
නිලවරෙයි ලිද
ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය
පලාලි ගුවන්තොටුපල
යාපනය පොල
රියෝ අයිස්ක්‍රීම්
සුළං විදුලි බලාගාර කුළුණු

මේ සියල්ලම එක්ක ඔයාලට එක්කෙනෙක්ට රුපියල් 35,000 යි වියදම් වෙන්නේ. ඔයාලා ගමන යන්න කැමති නම් ඔන්න සියළුම විස්තර මේ පෝස්ට් එකේ තියෙනවා . සීමිත පිරිසකට පමණක් අවස්ථාව හිමිවන අතර ඔයාලත් මේ ගමන එන්න කැමති නම් අපිත් එක්ක එහෙනම් ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 10,000 ක advance එකක් දමා ආසනයක් වෙන් කරවාගන්න.

Account number
129020075468
H.A.C. lakmini
HNB bank
Kohuwala branch

වැඩි විස්තර සදහා 071-7193686 අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න.

28/04/2024

යාපනේ අර්ධද්වීපයේ දින තුනේ සංචාරය

ගොඩක් දෙනෙක් අපේ ඊළඟ යාපනේ ගමන ගැන විස්තර අහනවා. හැමෝම call කර කර අහන පොදු ගැටළු කිහිපයකට post එකකින්ම පිළිතුරු දෙන්න හිතුවා.

අපි අපේ ඊළඟ දවස් තුනේ යාපනය අර්ධද්වීපයේ සංචාරය තියෙන්නේ මැයි මාසේ 10/11/12 දින තුනේදි.

අපි කොළඹ කොටුවෙන් පිටත් වෙන්නේ 09 වෙනිදා රාත්‍රී 11.30 ට. ඒ තරම් කලින් අපි පිටත් වෙන්නේ අපිට මුල්ම සංචාරක ස්ථානයට උදේ පාන්දරම යන්න පුළුවන් වෙන නිසා. මොකද අපි යන මගට දවසෙන් භාගයක්ම වෙලාව ගියොත් බලන්න තියෙන එකම එක location එකක් හරි අඩු උනොත් අපරාධයක්. සුව පහසු බස් රථයක යන නිසා ඔයාලට පුළුවන් එළිවෙනකල් ඒකේ නිදාගන්න.

අපි එච්චර උදෙන්ම පිටත් වෙනවා නම් කොහොමද ඔයාලා සම්බන්ධ වෙන්නේ අපිට?

ඔයාලට පුළුවන් පන්නිපිටියේ සිට කොළඹ කොටුවට යන අතරවාරයේදි ඒ ගමන් මාර්ගයේ ඕනෑම තැනකින් අපේ බස් එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම කොළඹ කොටුවේ සිට කිරිබත්ගොඩ කඩවත ගම්පහ නිට්ටඹුව මීරිගම ගිරිඋල්ල නාරම්මල තලාව අනුරාධපුර මේ ඕනෑම තැනකින් අපේ බස් එකට සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන්.

මේ ගමනේදි අමතර වියදම් මොකුත් යනවද?

අපි ඔයාලට කෑම වේල් 08 ක්
යන්න එන්න ප්‍රවාහන පහසුකම්
සියළු ඇතුලත්වීමේ ටිකට්පත්
නවාතැන් පහසුකම්

මේ සියල්ල ලබාදුන් පසු තවත් මොනවටවත් වියදම් කරන්න දෙයක් නෑ නේද ? ( පෞද්ගලිකව තමන්ට අවශ්‍ය ටොෆි , චොකලට් , අයිස්ක්‍රීම් වැනි දේවල් වලට වියදම් තමන්ම දැරිය යුතුයි )

නරඹන ස්ථාන

හසලක ගාමිණි පිළිරුව
අලිමංකඩ
නල්ලූර්
කීරිමලේ පොකුණ
කන්කසන්තුරේ වෙරළ
පේදුරුතුඩුව
සංගිලියන් රජුගේ ඇමතිගේ නිවස
යාපනය පුස්තකාලය
යාපනේ ඔරලෝසු කණුව
යාපනය කොටුව
මනල්කාඩු වැලිතලාව
මනල්කාඩු පල්ලිය
නාගදීපය
කයිට්ස් දූපත
කයිට්ස් කොටුව
දඹකොල පටුන
කරෙයිනගර් ප්‍රදීපාගාරය
කැසුරිනා වෙරල
කදුරුගොඩ පන්සල
නිලවරෙයි ලිද
ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය
පලාලි ගුවන්තොටුපල
යාපනය පොල
රියෝ අයිස්ක්‍රීම්
සුළං විදුලි බලාගාර කුළුණු

මේ සියල්ලම එක්ක ඔයාලට එක්කෙනෙක්ට රුපියල් 35,000 යි වියදම් වෙන්නේ. ඔයාලා ගමන යන්න කැමති නම් ඔන්න සියළුම විස්තර මේ පෝස්ට් එකේ තියෙනවා . සීමිත පිරිසකට පමණක් අවස්ථාව හිමිවන අතර ඔයාලත් මේ ගමන එන්න කැමති නම් අපිත් එක්ක එහෙනම් දැන්ම ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 10,000 ක advance එකක් දමා ආසනයක් වෙන් කරවාගන්න.

Account number
129020075468
H.A.C. lakmini
HNB bank
Kohuwala branch

වැඩි විස්තර සදහා 071-7193686 අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න.

දැන් ඔයාලටත් පුළුවන් මේ රටේ ලස්සනම තැන් වලට සංචාරය කරන්න අපිත් එක්ක එකතු වෙන්න. 🇱🇰

23/04/2024

හැමෝම යන්න කැමති නුවරඑළිය ❤️

සුන්දර මැයි මාසයේ නුවරඑළියේ සීතල විදින්න එන්න යමු ඔයාලත් අපිත් එක්ක.

මේ කාලයට දියඇලි වල වතුර පිරිලා ලස්සන ලස්සන මල් වර්ග ගොඩාක් පිපිලා තියෙනවා. ඉතිං ඒ නිසාම ඔන්න මම තීරණය කරා මැයි මාසේ මුලම නුවරඑළියේ ලස්සන සංචාරයක් කරන්න.

මතක ඇතුව මේක මුලින්ම කියන්න ඕනේ . ගමනට ඉතාමත් සීමිත පිරිසක් තමයි එකතු කරගන්නේ. ඒකට හේතුව මේ ගමන යන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් නිදහසේ. පහසුවෙන්.

මේ ගමන අපි යන්නේ මැයි 3/4/5 දවස් තුනේ . ( සිකුරාදා සෙනසුරාදා ඉරිදා )

අපි කොළඹ කොටුවෙන් පිටත් වෙන්නේ 3 වෙනිදා උදෑසන 8 ට. ඒ වගේම නැවත පැමිණෙන්නේ 5 වෙනිදා රාත්‍රී 10 ට පමණ

ගමන යන අතරවාරෙදි මොනවද අපි බලන්නේ ?

⚡️ඩෙවෝන් ඇල්ල
⚡️ඩන්සිනන් ඇල්ල
⚡️ග්‍රෙගරි පාර්ක්
⚡️බෝඹුරු ඇල්ල
⚡️සාන්ත ක්ලෙයාර් ඇල්ල
⚡️සීතා අම්මාන් කෝවිල
⚡️වික්ටෝරියා පාර්ක්
⚡️ශාන්තිපුර ( ලංකාවේ උසම ගම්මානය )
⚡️හග්ගල මල් වත්ත
⚡️අඹේවෙල

ඒ වගේම ලස්සන නිදහස් තැනක ( villa 192 ) ඔයාලට නවාතැන් පහසුකම් දෙන්න අපි ලෑස්ති කරලා තියෙනවා 🙂

මේ ගමනේදි
කොළඹ සිට ප්‍රවාහන පහසුකම් යන්න එන්න
ප්‍රධාන ආහාරවේල් 7 ක්
රාත්‍රී නවාතැන් පහසුකම්
උදෑසන තේ

ඔයාලට ලැබෙනවා.

බාබකිව් එකක් ඕනේ නම් රෑට ඔයාලට දාගන්න පුළුවන් . ( ඒ සඳහා යන වියදම් යන පිරිස අතර වෙනමම දැරිය යුතු වෙනවා )

මේ සියළු දේ සමඟ එක් අයෙකුට වැය වෙන්නේ රුපියල් 27,500 ක් පමණයි.

ගමන යන්න කැමති කවුරුම හරි ඉන්නවා නම් මෙන්න මේ ගිණුමට ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 12,500 ක මුදලක් තැන්පත් කල යුතු වෙනවා.

129020075468
H.A.C. lakmini
HNB bank
Kohuwala branch

එහෙනම් ගමන යන්න එන්න කැමති අය තමන්ගේ අවස්ථාව දැන්ම වෙන් කරවාගන්න. මුදල් ගෙවූ රිසිට් පත වට්ස්සැප් කරන්න 071-7193686

දැන් ඔයාලටත් පුළුවන් මේ රටේ ලස්සනම තැන් වලට සංචාරය කරන්න අපිත් එක්ක එකතු වෙන්න. 🇱🇰

කොහොමද ඒක 😮
15/04/2024

කොහොමද ඒක 😮

කාලයක් තිස්සේ මාත් එක්ක මගේ Travel Event වලට සහභාගි වෙලා මට වගේම එන හැමෝටම ලස්සන විනෝද ජනක මතක රැසක් එකතු කරගන්න උදව් වෙ...
15/04/2024

කාලයක් තිස්සේ මාත් එක්ක මගේ Travel Event වලට සහභාගි වෙලා මට වගේම එන හැමෝටම ලස්සන විනෝද ජනක මතක රැසක් එකතු කරගන්න උදව් වෙන කෙනෙක් මේ. වෘතියෙන් ගුරුවරියක් වෙලා ළමයි දහස් ගාණකගේ නුවණ පාදන ඇය සාමාන්‍ය ජීවිතයේදි ඉතාමත් නිදහස් සුන්දර ජීවිතයක් ගත කරනවා.

වයස අවුරුදු 50 ඉක්මවා තිබුණත් ඇය තවමත් තරුණයි. අපේ තරුණ කොල්ලෝ කෙල්ලෝ කරන සමහර ක්‍රියාකාරකම් වලට ඇය දෙපාරක් නොහිතා සහභාගි වෙන්නේත් ඇගේ ඇති ආත්මවිශ්වාසය නිසාමයි. පෞද්ගලිකව ගත්තොත් මම ඇයට ගෞරව කරන්නේද ඇගේ ඇති ඒ ශක්තිමත් හිතටයි.

අපේ ටීම් එකේම " ටීචර් " කියන ආදරණීය තැන ඇයට නිතැතින්ම හිමි උනේ ඇය අපි සියළු දෙනාටම සමහර තැන් වලදි ටීචර් වෙන නිසාමයි. ගමක ඉපදිලා හැදිලා වැඩුණ මට කොළඹ ජීවත් වෙද්දි අම්මලා ගොඩක් ලැබුණා. එක අතකට බලද්දි මේත් මට එහෙම ලැබුණ අම්මා කෙනෙක්.

ඉතිං " ටීචර් " ඔයාගේ හොඳ හිතත් තියාගෙන ඔය ශක්තිමත් හිත කය තියාගෙන තවත් ඉස්සරහට වැඩි වැඩියෙන් හම්බකරන්න පුළුවන් වෙන වැඩි වැඩියෙන් ඇවිදින්න ලැබෙන සුබම සුබ අනාගතයක් ඔයාට ලැබෙන්න ඕනේ. ආ මග කෙටියි ටීචර් යා යුතු මග දුරයි ඉතිං ඇවිදිමු අපි මේ රටේ ලස්සනම තැන් හොයාගෙන. ටීචර්ට සුබම සුබ උපන්දිනයක් වේවා නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ ❤️ ආදරෙයි 😘

Niranji De Costa 💪❤️ ගැම්මක් තමයි ආයේ ඒකේ කතා දෙකක් නෑ

14/04/2024

ජුනි 1/2 මඩොල්සිම night camping එකේ සියළු ආසන වෙන් වී අවසානයි ❤️

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ට්‍රැවල් කරන හිතවතුනි හිතවතියනි 😁
13/04/2024

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ට්‍රැවල් කරන හිතවතුනි හිතවතියනි 😁

Walk With Chathu Travels & Tours අපේ සෙම්බුවත්ත සහ මාතලේ සංචාරය  යෑමට පැමිණි ඔබ සියළු දෙනාටම බොහොම ස්තූතියි ❤️අප්‍රේල් 1...
13/04/2024

Walk With Chathu Travels & Tours අපේ සෙම්බුවත්ත සහ මාතලේ සංචාරය යෑමට පැමිණි ඔබ සියළු දෙනාටම බොහොම ස්තූතියි ❤️

අප්‍රේල් 11 දින දවසම සුන්දර මිනිස්සු ටිකක් එක්ක සුන්දර දවසක් ගත කරන්න ලැබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ඔයාලා හැමෝම එකා වගේ හරිම සුහඳශීලි උන නිසා ඒ ගමනේ ලස්සන තව තවත් වැඩි උනා. ආදරෙයි ඉතිං හැමෝටම 😍

දැන් ඔයාලටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙලා මේ රටේ ලස්සන තැන් බලන්න යන්න. ඒ වගේම අලුත් යාලුවෝ හදුනාගන්නත් නිදහසේ විනෝදෙන් ඉන්නත්. එහෙනම් කතා කරන්න අපිට 071- 7193686 ( චතූ )

අපේ ඊළඟ ගමන සීතල නුවරඑළිය සංචාරය. තවත් ආසන කිහිපයක් ඉතුරු වෙලා තියෙනවා කැමති ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් ඔන්න.

ලක්ෂපාන abseiling 💪කතාව ටිකක් දිග වෙයි පුළුවන් අය කියවන්ඩෝ.... මීට අවුරුදු 10 කට විතර කලින් තමයි මම මගේ අක්කා කෙනෙක් මාර...
09/04/2024

ලක්ෂපාන abseiling 💪
කතාව ටිකක් දිග වෙයි පුළුවන් අය කියවන්ඩෝ....

මීට අවුරුදු 10 කට විතර කලින් තමයි මම මගේ අක්කා කෙනෙක් මාර්ගයෙන් GM Rafting club sri lanka ව හදුනාගන්නේ. ඒ කිතුල්ගල රාෆ්ටින් එකක් කරන්න. එදා හදුනාගැනීමේ ප්‍රථිපලයක් විදිහට හැම අවුරුද්දෙම මුල්ම Event එක කිතුල්ගල රාෆ්ටින් දාගන්න එක මට පුරුද්දක් වෙලා දැන්.

ඒ වගේම තමයි ඒ හදුනාගැනීමේ ප්‍රථිපලයක් විදිහට මට The marvel Srilanka ටීම් එක මුණගැහෙන්නෙත්. එයාලා හැමෝම එක්ක කරපු ලස්සන වැඩක් ගැන තමයි මේ කතාව.

පසුගිය ඉරිදා දවසේ marvels ලගේ ටීම් එකේ chamod එක්ක කතා කරගත්ත විදිහටම අපේ ටීම් එක පාන්දර 4ට කොළඹ කොටුවෙන් එයාලා එක්ක සම්බන්ධ උනා. අපේ ටීම් එකේ කෙල්ලෝ 9 ක් කොල්ලෝ 2ක් තමයි හිටියේ. හැමදාම වගේ ඉතිං මගේ ගමන් වලදි කෙල්ලෝ තමයි වැඩිම වෙන්නේ 💪 කොටුවට අපිව ගන්න බස් රථයක් වගේම ගයානුත් ඇවිත් හිටියා. එහෙම බස් එකේ ඇවිත් අපි ලක්ෂපාන ඇල්ල පාමුල තියෙන කඩේට තමයි ගියේ උදේ කෑම එක කන්න. උදේ කෑම එක වගේම අපිට රසම රස කිරි එකකුත් එයාලගෙන් ලැබුණා.

ඊට පස්සේ එයාලා අපිට දුන්න ෆෝර්ම් එකත් පුරවලා දුන්න ලයිෆ් ජැකට් හෙල්මට් ඒ වගේම ග්ලව්ස් එහෙම අරගෙන අපි බස් එකට නැග්ගේ උඩ ලක්ෂපාන ට යන්න. එතනින් බස් එකෙන් බැහැලා අපි පහලට ගියා. ඒ ගිහින් එයාලා අපිට මේ වැඩේ කොහොමද කරන්නේ කියන එක ගැන ලොකු පැහැදිලි කිරීමක් කලා වගේම හැමෝගෙම හිතේ මේ කරන ක්‍රියාව ගැන තිබුණ බය චකිතය එයාලා නැති කරා. ටීම් එකේ ඉෂාන් ව මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ. මොකද එයා තමයි මේ වැඩේ ගැන පැහැදිලි කිරීමක් කරලා අපේ කට්ටියගේ හිත් ඒ වගේ හදන්න මූලික උනේ.

ඔන්න හැමදේකින්ම පස්සේ දෙන්නා ගානේ ලක්ෂපාන abseiling කරන්න පටන් ගත්තා. ජැකට් එකේ ඉදලා හැමදේම හරියට තියෙනවා ද කියලා එයාලා ආයේ ආයෙම චෙක් කරා. ඒ වගේම ලක්ෂපාන ඇල්ල පාමුල දෙන්නෙක් ඉන්නවා අපිව නිරීක්ෂණය කරන්නත්. ඉතිං මුලින්ම මමයි මගේ යාළුවා නෙතුයි ලක්ෂපාන ඇල්ල බහින්න පටන් ගත්තා.

මගක් යනකල් ගලකට අඩිය තියලා පහලට බහින්න උනාට ඊට පස්සේ ටික තියෙන්නේ කඹේ එල්ලිලා පහලට බහින්න . ඒක හරිම ජොලි වැඩක් ඉතිං . බයක් කියලා දෙයක් නම් ඇත්තටම දැනුනෙම නැති තරම්. වට පිටාව බල බල හරිම ලස්සනට අපි දෙන්නා එක්ක පහලට බැස්සා. ඒ බැහැලා පහල එයාලගේ ටීම් එකේ හිටිය ගයාන් සහ නව්වා මල්ලිගේ සහයෝගයෙන් අපි ගල්තලාවක් ළඟට පීනගෙන ගියා.

අනිත් 9 දෙනා පහලට බහිනකල් අපි ඉතිං චිල් එකේ හිටියා. ඒ හැමෝමත් බයක් නැතුව පහසුවෙන් පහලට බැස්සා. ඒ අය අතර අනුත්තරා , ෆියෝනි , නිරංජි ටීචර් , ජයාන් අයියා , ශකිලා අක්කා , දුනී නංගි , ඉෂාන් අයියා , තිළිණි අක්කා සනූජා අක්කා හිටියා. මේ හැමෝම මම දන්න තරමින් ඒ වගේ ත්‍රාසජනක ක්‍රීඩාවක් බොහොම පහසුවෙන් වින්දා. ඒකට marvels ටීම් එකටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මම.

පහලට හැමෝම බැස්සට පස්සේ අපිව ප්‍රවේසමෙන් ගල්තලාවක් ළඟට අරන් ගිය එයාලා ඊළඟට අපිට දවල් කෑම ලබාදුන්නා. ලක්ෂපාන ඇල්ල පේන මානයේ ඉදගෙන නිදහසේ අපි දවල් කෑම එකත් කාලා නැවත උඩට ආවා පඩිපෙලක් දිගේ. ඒ ඇවිත් අපි නැවතුණේ අර අපිට උදේ කෑම දුන්න කඩේ ළඟින්. ඉතිං එයාලා අපිට නාලා ලෑස්ති වෙන්න ගෙදරක් සූදානම් කරලා තිබුණා. අපි වොශ් එකක් එහෙම දාගෙන එනකොට මෙන්න බොලේ හොඳ කිරිකෝපි එකකුත් අපි වෙනුවෙන් තියෙනවා . ඒකත් බීලා ටීම් එකේම අය marvels ටීම් එකේ අය එක්ක පුංචි සුහද සාකච්ඡාවක් පැවැත්තුවා. එතනින් පස්සේ එයාලගෙම බස් එකේ නැගලා අපි නැවත කොළඹට ආවා.

ඒ එන අතරතුරේදි රෑ කෑමටත් එයාලා හොඳ කඩේක බස් එක නැවැත්තුවා. මේ නැවත එනගමනත් හරිම ජොලි එකක් උනා ඉතිං . සිංදු කියලා නටලා එයාලගේ ටීම් එකේ අය වගේම අපේ අයත් සුපිරිම ෆන් එකක් ගත්තා ඉතිං . ඇත්තටම කියන්න ඕනේ මිනිස්සු උනාම ඉන්න ඕනේ අන්න එහෙමයි. ලැබෙන මොහොතේ සතුටින් හිනාවෙලා අභියෝග ජය අරගෙන සුහඳව මිනිස්සු එක්ක ගණුදෙනු කරන්න ඕනේ.

මේ ගමනේදි බස් එකට අපිව ගන්න තැන ඉදලා නැවත කොළඹට ගෙනත් දානකල් අපිට උදව් කරපු marvels ටීම් එකේ හැමෝටම ගොඩක් ස්තූතියි . ඩ්‍රෝන් ශොට් වගේම ෆොටෝස් අරන් දුන්න මල්ලිටත් ස්තූතියි . එකක් කියලා කියන්න බෑ නම් ඇත්තටම මේ ටීම් එකේ හැමෝම එකා වගේ හරිම ලස්සනට මේ වැඩේ ඉවර කරන්න සහයෝගය දුන්නා. ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලංකාව ඇතුලේ ඔයාලට මොනවා හරිම adventure වැඩක් කරන්න අවශ්‍ය නම් ඔයාලා බය නැතුව කතා කරන්න marvels ලට. එයාලා ඔයාලගේ වැඩේ හරි ලස්සනට පිළිවෙලට කරලා දේවි අනිවාර්යයෙන්ම.

ඒ වගේම මේ වැඩේ කරන්න මාව විශ්වාස කරලා ආව කෙල්ලෝ 08 දෙනාටයි කොල්ලෝ දෙන්නටයි ගොඩක් ස්තූතියි . හැමදාම වගේ මම උත්සාහ කරනවා ඔයාලට වඩාත් හොදම විශ්වාසනීයම දේ ලබාදෙන්න ❤️ Nethulee KaushalyaAnuththara Malaki Jayasinghe Niranji De Costa Fiyoni Dilhara Bandara Thilini Udyogi Dunee Shani Ishan Dareeju Jayan Charitha Rathnayake

අපේ ඊළඟ ත්‍රාසජනක ක්‍රීඩාව මොකක් වෙයිද කියන්න නම් දන්නේ නෑ. ඒ උනාට ඒ ගැන අපි ඔයාලට කලින් දැනුවත් කරන්නම්. ඔයාලටත් පුළුවන් එතකොට අපිත් එක්ක එකතු වෙලා marvels ලත් එක්කත් එකතු වෙලා හරි ලස්සන අත්දැකීමක් විදින්න. එහෙනම් ඉතිං බය කියලා දෙයක් ගෑවිලාවත් නැති කොල්ලෝ කෙල්ලෝ හැමෝටම ජය ❤️ 💪

Address

Colombo

Telephone

+94717193686

Website

Alerts

Be the first to know and let us send you an email when Walk With Chathu Travels & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Walk With Chathu Travels & Tours:

Videos

Share

Category


Other Travel Companies in Colombo

Show All