05/10/2023
Join with Walk With Chathu
KMP වාඩියයි 🏡
තුන්හිස්ගල කන්දයි ⛰
KMP wadiya camping & thunhisgala hike
ඔන්න ඉතිං walk_with_chathu අපේ කණ්ඩායමේ ඊළඟ සැලසුම #නකල්ස්_කැලේ පීරලා #තුන්හිස්ගල_කන්ද නැගලා ාඩියේ රැයක් පහන් කිරීමටයි 💪
Knuckles Mountain Range එකේ තියන කඳුමුදුන් වලින් ලස්සනම View එකක් තියන peak එකක් තමා තුන්හිස්ගල. මේකට නම හැදිච්ච විදිය ගැන කතන්දර 2ක් තියනවා.එකක් තමයි මේ කන්දේ ඔලු එහෙම නැත්නම් මුදුන් 3ක් තියන හින්දා, හිස් තුනක් තියන ගල, තුන්හිස්ගල වුනා කියලා. අනෙක් එක තමා මේ Peak එකේ මුදුනට ගියාම Knuckles mountain range එකේ තියන peak 33 ක් දකින්න පුලුවන් නිසා, තිස්තුන්ගල, තුන්හිස්ගල වුනා කියලා.
මේ කන්දේ තියන විශේෂත්වය තමා මේකේ උඩට යන කොට තියෙන්නේ කුරු ගස්. ඒ කියන්නේ අපි peak එකට ලංවෙනකොට අපි ගස් වලට වඩා උසයි.මේ Experience එක ලංකාවේ ගන්න පුලුවන් තුන්හිස්ගලම විතරයි. මේ peak එකේ උස 1627m. මේක නකල්ස් වල තියන හොදම viewpoint එක කියලා කියන්නේ මේකේ උඩට ගියාම 360view එකක් බලා ගන්න පුලුවන්. අනිත් එක තමා මේක තියන්නේ නකල්ස් කදු පංතියේ මැදවගේ.. ඒක නිසා නකල්ස් වල ගොඩක් peak මේක මුදුනට බලාගන්න පුලුවන්...
View එක බලන්නත් වෙන්නේ ගස් උඩ නැගල තමා.
Peak එකේ මුදුනට ලකේගල, වමාරපුගල, මීමුරේ, නකල්ස්, අලුගල්කන්ද, ගොම්බානීය,කිරිගල්පොත්ත..... වගේ ගොඩක් ඒවා බලන්න පුලුවනි..
ඔන්න එහෙනම් දැන් ගමන් විස්තර 👇
අපි මේ ගමන පිටත් වෙන්නේ නොවැම්බර් මස 10 වෙනිදා රාත්‍රී 12 ට. ඒ කියන්නේ 11 වෙනිදාට එළිවෙන්න කොළඹ කොටුවෙන්.
නැවත පැමිණෙන්නේ නොවැම්බර් මස 12 වෙනිදා රාත්‍රියේදි කොළඹ කොටුවට.
ගමන් මාර්ගය 👉
කොළඹ කොටුව - කඩවත - කිරිබත්ගොඩ - නිට්ටඹුව - කෑගල්ල - නුවර - ලෙබනන් වත්ත
නැවත පැමිණීමද එම මාර්ගයෙන්මයි.
අපෙන් ඔබට ලැබෙන දේවල් 👉
කොළඹ කොටුවේ සිට යෑමට සහ ඒමට ප්‍රවාහන පහසුකම්
ඇතුලත්වීමේ අවසරපත්
ප්‍රධාන ආහාර වේල් 05 ක්
පළපුරුදු මාර්ගෝපදේශකයින් දෙදෙනෙක් ( team එකටම )
උදෑසන සහ හවස තේ පැන් සංග්‍රහයක්
ඉතිං මේ ගමන යන්න කැමති කදු නැගීමට හැකියාවක් ඇති සියළු දෙනාටම එන්න පුළුවන් 💪 ඔයාලා අපේ කණ්ඩායමට අලුත් ද පරණද කියලා අදාළ නෑ. ඔයාලට මේ ගමන යන්න ආසාවක් තියෙනවා නම් අපි එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.
ගමන යන්න එනවා නම් මොකක්ද කරන්න ඕනේ.?
කරන්න තියෙන්නේ මෙච්චරයි පහත ගිණුම් අංකයට ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 5000 ක මුදලක් තැන්පත් කර 071-7193686 whatsapp අංකයට රිසිට් පත් යොමු කර ඔබට හිමි ආසනය වෙන් කරවාගැනීම පමණයි.
129020075468
H.A.C. lakmini
HNB bank
Kohuwala branch
මේ ගමන යන්න බොහෝ පිරිසක් කැමැත්තෙන් සිටියත් අවස්ථාවන් සීමිත බැවින් ඔබගේ ආසනය හැකි ඉක්මනින් වෙන් කරවාගන්න.
ගමනේ සම්පූර්ණ වියදම එක් අයෙකුට රුපියල් 12,250 ක් වන අතර අමතර කිසිදු මුදලක් ගමන අතරවාරයේදි එකතු නොකෙරේ.
තවත් විස්තර මොකුත් දැනගන්න ඕනේ නම් කෝල් කරන්න 071-7193686. ( චතූ )