Footprint - පා සළකුණු

Footprint - පා සළකුණු Live a Life you will Remember.... people who are seeking the beauty of nature,hiking,adventures are welcome.....
(22)

Permanently closed.
විල්පත්තුව වෙනුවෙන් හරිත කැරැල්ල විල්පත්තු ගැටලුවේ තීරණාත්මක අවධියකට අප පැමිණ සිටිමු . සංචාරකයන් ලෙස ඔබටත් මටත් මේ මණහර ...
09/05/2018

විල්පත්තුව වෙනුවෙන් හරිත කැරැල්ල

විල්පත්තු ගැටලුවේ තීරණාත්මක අවධියකට අප පැමිණ සිටිමු . සංචාරකයන් ලෙස ඔබටත් මටත් මේ මණහර පරිසර පද්ධතිය රැකගැනීමට කුඩා අවස්ථාවක් ඉතිරි වී ඇත , සංචාරකයන් ලෙස ඔබේ යුතුකම ඉතු කිරීමට අපි ඔබගෙන් ඉල්ලා සිටිමු .
අප කිහිප ආකාරයකින්ම මේ ගැටලුවට විසඳුම් සෙවීමට අපි අප උත්සාහ කළෙමු , එම සියලු ප්‍රයන්තයන් අසාර්ථක විය , තවත් එක් උත්සාහයක් දරන්න අපි හිතුව .
අපි ලංකාව තුල විසඳාගැනීමට උත්සාහ කල මේ ගැටලුවට නිසි පරිදි ජාත්‍යන්තරයෙන් අවධානයක් යොමු වූයේ නෑ . අපි මේ පැනිවිඩය ලෝකෙට ගෙනියන්න ඕනෙ . ගෝලීයව ප්‍රචලිත ප්‍රවෘත්ති , සංචාරක සමාජ පිටු , පරිසර සංවිධාන ආදී මේ ගැටලුවට ඇස් ඇරවිය හැකි සියලුම සමාජ ජාල පිටු ආක්‍රමණය කිරීමේ වගකීම ඔබ සතුයි ,

මෙහිදී ඔබ සිදු කළ යුත්තේ පහතින් අප දක්වා තිබෙන පින්තූර සමඟ පහතින් තිබෙන ඉංග්‍රීසි භාශාවෙන් දක්වා තිබෙන විල්පත්තුව සම්බන්ඪ වැකිය comment කිරීමයි , මේ පණිවිඩය share නොකර ඔබ status එකක් ලෙස wall එකතු කරන්න එකතු වෙන්න හරිත කැරැල්ලට

The Wilpattu Forest Complex (referred to in this note as WFC) bordering the northwestern coast of Sri Lanka, is an important ecological complex and a cradle of global biodiversity, home to close to 1,000 plant and animal species. (It is important to note that sometimes the WFC is called 'Wilpattu' or 'Wilpattuva' in the vernacular language and should not be confused with Wilpattu National Park. Wilpattu National Park (hereafter "WNP") is the main constituent of WFC; however, it is only one part of the WFC. In effect, a number of peripheral forests and sanctuaries and WNP link up to create a large habitat that is more than the sum of its parts; these other lands include the Kallaru Forest, Wilpattu North Sanctuary, Thabbowa Sanctuary, Vilatthaikulam, Mavillu, and the Veerakkulicholai-Eluvankulama Proposed Reserve. The fact of this larger habitat, i.e. the 'forest complex', is vital to the point of this petition.

Wilpattu Forest Complex has shown a dangerous and growing trend of deforestation since the late 2000s. All environmental groups have continually maintained that new settlements in the "Wilpattu Forest Complex" have been the key driver of this deforestation, in contrast to Wilpattu National Park, which remains relatively well protected. The Wilpattu Forest Complex is the larger entity than WNP and includes WNP, and the resettlements are taking place outside the northern boundary of WNP, specifically within Wilpattu North Sanctuary, Kallaru, and Vilatthaikulam. There are no settlements/clearing in the Wilpattu National Park itself. This is why environmentalists used specifically the term "Wilpattu Forest Complex", Kallaru, WIlpattu North Sanctuary, or Vilatthaikulam when speaking of deforestation. These areas include 12 ecosystems and are just as important to the forest complex as the national park.

Sponsored human settlement within the WFC began in 2010, following the 2009 construction of an illegal road on 300 acres of land, cutting through WNP and bridging the areas ‘Eluvankulama’ and ‘Mollikulama’. Legal action by four environmental organizations is continuing against this illegal road. Human settlement commenced subsequent to the road’s construction and has led to a visible acceleration of deforestation, as documented via Google map time-lapse videos.

Currently, the controversial settlements are taking place within the northern, peripheral parts of the WFC, specifically within part of the previously mentioned Wilpattu North Sanctuary and the Kallaru Reserve (Marichchikuddai/Kaarikkadu) and more recently in Vilatthaikulam Reserve. We will hereafter call this threatened area the ‘Northern Habitat’ for ease of reference within this article.

The threatened Northern Habitat comprises ecosystems including wetlands, wet villu, mangrove, and other important freshwater ecosystems, containing 605 species of plants, 33 of which are endemic to Sri Lanka. The section provides habitat to 30 freshwater-fish species, 17 amphibian species, 57 reptile species, 149 bird species, 41 mammal species, and 86 species of butterflies. Moreover, the area is an important archeological site with artifacts dating back to the time of the Mohenjo-daro civilization. Human settlement of the WFC poses a direct threat to the conservation of all of these vital natural and other assets. About 50 acres of resettlement area belong directly to Wilpattu North Sanctuary. Proponents of WNP human settlement argue that current human-settlement areas are not protected areas. However, comprehensive field and aerial assessments show that this is not the case: the settlements have clearly encroached areas protected by legislation. Apart from the 50 acres of Wilpattu North Sanctuary, 2500 acres of deforested land is owned by the state, mainly by the Forest Department (since 10 October 2012) and partly by the Department of Wildlife Conservation. The initial stages of the settlement projects led the Wildlife Department itself to initiate legal inquiry; the above-mentioned c. 2,500 acres of habitat land belonging to the state has been destroyed for human settlement in contravention of the Forest Conservation Ordinance and several other key environmental laws and without archeological impact assessments.

Proponents of WNP human settlement argue that current human-settlements are “resettlements”, although they are in fact new settlements with a ‘resettlement’ guise. The original villages were small villages situated south of the forested areas as noted on Google maps (which are compiled based on historical satellite images). The new settlements show on Google maps as built on recently cleared forest land, and show a grid city system not previously seen in the area.

https://earthengine.google.com/timelapse/ =8.61074,79.97165,12.045,latLng&t=2.90

Each land plot is completely deforested (unlike in villages) and a lone house is located in each desert plot. When he appeared on the television program Derana 360 in January 2017, Minister Badurdeen implied that the land plots allocated do not correspond (in terms of global positioning) to the positions of original residential lands, therefore they are not ancestral lands. If the settlers are happy to resettle in new lands in Wilpattu, it is likely they would be even happier to resettle in more habitable lands outside Wilpattu. In fact, it was shown on Derana 360 that the government had in fact allocated more suitable locations for the settlement of these same families. The Minister stated conveniently that he was not aware of alternative allocations. This indicates that the Minister’s true agenda is unclear. In fact, it has been reported that a large number of newly built houses remain empty, fueling suspicions.

Environmental groups are working in coalition to save the Wilpattu Forest Complex and need your support. The deforestation is continuing without pause. Please help to raise awareness and to spread the word that the state forests belonging to the "Wilpattu Forest Complex" (including Kallaru, Wilpattu North Sanctuary, and Vilatthaikulam) are being deforested. Please ensure to clarify that it is not "Wilpattu National Park" but the Wilpattu Forest Complex that is being destroyed.



Environmentalists are gravely concerned about the ongoing, gradual destruction of this key area and about how initial settlements will spread and exacerbate human-wildlife conflict, to the increasing loss of unrecoverable natural wealth. The Wilpattu Forest Complex is part of the Western Ghats global biodiversity hotspot and also a natural sponge that preserves the conditions necessary for the rest of Sri Lanka's wet zone and its rainforests and nourishes Sri Lanka’s western coastal ecosystem. For a small island surrounded on all sides by ocean that desiccate its lowland coasts, these special ecosystems are vital. In an era of climate change, it is even more vital than ever that we protect these areas. Let us lose no time to protect the Wilpattu Forest Complex for future generations.

25/03/2018
15/01/2018

ලංකාවේ සොඳුරු ඉසව්වන් සොයාගෙන යන අපේ ගමනේ එක නවාතැනක් තමයි නකල්ස් කඳුවැටිය.මේ කඳු වැටියට අයිති නොවුනත් මාණිගල කන්ද තරණය අපි ලබපු ඉතාම සුන්දර අත්දැකීමක්.මේ වගේ අත්දැකීම් ජීවිතේට එකතු කර ගන්න අපිත් එක්ක එකතු වෙන්න.....
a ...

15/01/2018

හදිස්සියෙම සෙට් වෙල ගියපු ගමනක්. අද ගියපු වවුල්පනේ හිරිගල් ගුහව ගමන හැමෝන්ටම අමතක නොවන ජීවිතේ තවත් සොදුරු අපූරු මතක සටහනක් එකතු උනා.... ලංකාවේ පිහිටි එකම භූගත කිවුල් දිය ඇල්ල පිහිටලා තියෙන්නේ මේ හිරිගල් ගුහාව ඇතුලේ...

දුකකට තියෙන්නේ මේ වටිනා සම්පත පිහිටි ජල පද්දති විනාශ කරන එක ඒ අවට පැමිනෙන පිරිස් දමා ගිය සබන් කොල, ෂැම්පු පැකට්, නොදිරන අපද්‍රව්ය....

මේ වගේ පරිසර පද්දති වල සුන්දරත්වය විද ගැනීමට ඔබ යන්නේ නම් රැගෙන ගිය සියල්ල නැවත රැගෙන එන්න... ඒ වගේම වන පියසට උරුමයන්හි මතකයන් පමනක් රැගෙන එන්න... ඔබගේ පියසටහන් පමනක් ඉතිරි කරන්න්න....

Photo Credits & special thanks goes to Sahan Wimaladasa

12/12/2017

දෙසැම්බර් 17 වෙනිදා ඩයිවින් යනවා කැමති කෙනෙක් ඉන්නවා නම් කෝල් කරන්න...
0710955205/0772918024

06/12/2017
 #අන්ජිමලේ නොහොත් සප්ත කන්‍යා කදු වැටිය   ශ්‍රී ලාංකික කදු තරනය කරන්නන්ගේ සිහිනය....මෙම කන්දට මෙම  නම නම් පට බැදීමට හේතු...
04/12/2017

#අන්ජිමලේ නොහොත් සප්ත කන්‍යා කදු වැටිය

ශ්‍රී ලාංකික කදු තරනය කරන්නන්ගේ සිහිනය....

මෙම කන්දට මෙම නම නම් පට බැදීමට හේතුව ලෙස කන්‍යාවන් හත් දෙනෙකු වරලස කඩා දමා සැතපී සිටින අයුරින් දිස් වීම දක්වනු ලබන අතර සිංහලෙන් කදු හතක් ලෙස කියවුනත් දමිල බසින් හදුන්වන අන්ජි මලෙයි යනුවෙන් අදහස් වනුයේ කදු පහක් යන්නයි.. එයට හේතුව වනුයේ උතුරු ඊසාන නැගෙනහිර දෙසින් දක්නට ලැබෙන්නේ කදු 5ක් පමනි. එයට හේතුව කදු දෙකක් මදක් ඔබ්බට වන්නට පිහිටා ඇති බැවින් එසේ කදු 5ක් ලෙසට පෙනෙනු ඇත.

මෙහි පිහිටීම මස්කෙලිය ලක්ෂපාන දිය ඇල්ල ආසන්නයේ ඇති තෙබර්ටන් වතු යායට ඉහලින් වන අතර දිස්ත්‍රික්ක කිහිපයකට අයත් මෙම කදු වැටියේ නැගෙනහිර බෑවුම නුවර එලිය දිස්ත්‍රික්කයටත් බටහිර බෑවුම කෑගල්ල දිස්ත්‍රික්කයටත් අයත් වේ...

නම ඇසූ සැනින් බොහෝ දෙනාගේ මතකයට නැගෙන අත්බූත පෙනුමකින් යුත් මෙම කදු වැටිය ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවු බිහිසුනුම ගුවන් අනතුරට හිමිකම් කියන කදු වැටිය වන අතර ඒ අවාසනාවන්ත සිදු වීම සිදු වී අදට වසර 43ක් ගතවී අවසන්...

1974 දෙසැම්බර් 4 වන දින රාත්‍රී 10.10 ට සප්ත කන්‍යාවේ හැපී මක්කම වන්දනාවේ යන බැතිමතුන් 182ක් සහ කාර්ය මන්ඩලය 9 දෙනෙකු ඇතුලුව ජීවිත 191 ලොවට අහිමි විය...

එම ගුවන් යානය ඩෙන්මාක් මාර්ටින් එයාර් ගුවන් සමාගම විසින් DC-8 (ෆ්ලයිට් 138) ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවය වෙනුවෙන් යොදවා තිබුන අතර යානයේ දුර දක්වන උපකරනයේ දෝෂය නිසා සප්ත කන්‍යාවේ 5 වන කන්දේ හැපී විනාශයට පත්විය.

යානයෙන් ලබාදුන් වැරදි දත්ත හා එවකට ශ්‍රී ලංකාව සතුව රේඩාර් පද්දතියක් නොතිබූ අතර ලක්ෂපාන බලාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් දමා ඇති විදුලි බුබුලු වල ආලෝකය ගුවන් පතයේ ආලෝක බුබුලු යයි වරදවා වටහාගෙන පාලක මැදිරියට ගුවන් පතය දක්නට ලැබෙන බවට ලබා දුන් පණිවිඩ නිසා උස අඩි 6000 සිට අඩි 2000 දක්වා පහලට ගෙන ගොඩ බෑමට සූදානම් වූ අවස්තාවේ මෙම අනතුර සිදුවී ඇති බවට පසුව කල අනාවරන මගින් හෙලි වී ඇත.

සිරිපා කන්ද මතින් යානයේ ගුවන් මග වැටී තිබූ බැවින් එවැනි අනතුරක් වූ බවට එවකට ජනතාව අතර කට කතාවක් පැතිර ගියද එහි කිසිදු සත්‍යතාවයක් නොමැත.

තවද මෙම කන්ද හා ගුවන් අනතුර සමග සබැදි අත්බූත කතා තිබෙන අතර වඩාත් ජනප්‍රිය කතාව වනුයේ ගුවන් සේවිකාවගේ හොල්මන වනයෙහි සැරිසරන කතාවයි.

මියගිය සියලු දෙනාගේ සිරුරු කන්ද පාමුල සමූහ ලෙස මිහිදන් කරනු ලැබූ අතර ගුවන් සේවිකාවගේ සිරුර පමනක් සිය පෙම්වතා විසින් මවුරටට ගෙන ගිය බවට පැවසෙන අතර ඉන්දුනීසියානුවන් විසින් මිය ගිය අය සිහිවනු පිනිස ස්මාරකයක් ඉදිකර ඇත.

අනතුරට පත් යානයේ ඉදිරිපස රෝදය නෝතන් බ්‍රිජ් පොලීසිය ආසන්නයේ අනතුර සිහි වීම පිනිස මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

ශ්‍රී ලාංකික කදු තරනයන්හි තිබෙන අමාරුම කදු තරනය වන සප්ත කන්‍යාව තරනය කදු තරනය කරන්නන්ගේ වැඩි අවදානයට ලක්වුවත් 2016 වසරේදී පිට පිට කදු තරනය කරන්නන් අතරමං වීම නිසා සප්ත කන්‍යා තරනය මේ වනවිට තහනම් වීමට ලක්වී ඇත.

සටහන :- අන්තර්ජාලය ඇසුරෙන්
සියලුම චායාරුප වල අයිතිය එහි මුල් හිමි කරුවන්ට හිමිවිය යුතුය

රල මත ලිස්සා යාම...   🌊🌊🌊ලංකාවේ වඩාත්ම ප්‍රචලිත ප්‍රදේශය ආරුගම්බේ වෙරල තීරය... ඊට අමතරව හික්කඩුව, ගාල්ල දෙවට මුහුදු තීරය...
03/12/2017

රල මත ලිස්සා යාම... 🌊🌊🌊

ලංකාවේ වඩාත්ම ප්‍රචලිත ප්‍රදේශය ආරුගම්බේ වෙරල තීරය... ඊට අමතරව හික්කඩුව, ගාල්ල දෙවට මුහුදු තීරය, මිරිස්ස, වැලිගම යන ප්‍රදේශ මෙම ක්‍රීඩාව සදහා ප්‍රචලිත වනවා...

හිතන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි... මනාව පිහිනීමේ හැකියාව තිබීම ඉතා වැදගත්...

මොක්ද රැල්ල උස්සලා පොලවේ ගහනකොට සමබර තාවය ගිලිහිලා වතුරට වැටුනම වතුර යට වට දෙක තුනක් කැරකිලා උඩට එද්දි තියෙන ආතල් එක වචන වලින් විස්තර කරන්න අමාරුයි...

27/11/2017

ජීවිතයේ එක් වරක් හෝ විදිය යුතු සුන්දරත්වය...

27/11/2017

උණවටුන මුහුදු තීරයේ සුන්දරත්වය....


2017/12/14 වැනි බ්‍රහස්පතින්දා  සවස 2.00ට විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිටට එන්න....................විල්පත්තුව ඇතුළු ගහකෙ...
16/11/2017

2017/12/14 වැනි බ්‍රහස්පතින්දා සවස 2.00ට විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිටට එන්න....................විල්පත්තුව ඇතුළු ගහකොල සතා සීපාවාගේ ආරක්ෂාව තහවුරු කරනු වස් සිදුකරන ජනතා අරගලයට ඔබේ සහයොගය ලබා දෙන්න.
(මේ ඔබේ වාරයයි)

04/10/2017

ඔක්ෂිජන් ටැංකි බහා කිමිදීම

ශ්‍රී ලාංකිකයන් අතර එතරම් ජනප්‍රිය නොවුනත් ලංකාවට පැමිනෙන විදේශිකයන්ගෙන් 75%ක් පමන මෙම නැවුම් ත්‍රාසජනක අත්දැකීම විදීමට අමතක නොකරන ක්‍රියාන්විත ජීවිතයේ එක් වරක් හෝ විදිය යුතු අපූරු ක්‍රියාකාරකමක්...

උනවටුණ සහ හික්කඩුව වෙරල තීරයන්හි මේ කිමිදීමේ ක්‍රියාවලියට දින සති යොදාගත් දහස් ගනනි විදේශිකයන් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමින ඇත්තේ දකුණු වෙරල තීරයේ ඇති සුවිශේශී අලංකාර කොරල් පර, විසිතුරු මසුන් සහ ගිලී ගිය නව්කාවන්හි සුන්බුන් අතර යමින් ඒ අත්දැකීම විදීම සදහා යන්න නොරහසකි

නමුත් කනගාටුවට කරුන වනුයේ ශ්‍රී ලාංකිකයන් වන අප අපේ රටේ ඇති මේ සුන්දරත්වය විදීමට සහබාගී වන පිරිස ඉතා සුලු පිරිසක් වීමයි
එයට හේතුව වනුයේ කිමිදීම ඇසූ පමනින් සමාජය මත ගොඩ නැගී ඇති "ඕක මැරෙන වැඩක් කන්බෙර පුපුරනවා... කන් ඇහෙන්නේ නැති වෙනවා... අංශබාගයට එනවා සමහරුන්ට" වැනි කතා ඔබත් අසා ඇති බව නොවනුමානයි...

#මදක් සිතන්න ඔය කියන දේවල් ඔය විදියටම වෙනවානම් මේ තරම් විදේශිකයන් ඒ සදහා පැමිනේවිද...?

නිසි ආරක්ෂක උපකරන සහිතව නිවැරදි උපදේශනයක් සහ මග පෙන්වීමකින් යුතුව ලෝකයම පිලිගත් සහතික සහිත කිමිදුම් ආයතන රට පුරා පිහිටා තිබුනත් ශ්‍රී ලාංකිකයන්ගේ නොදැනුවත් කම නිසා මේ සදහා බහුතරයක්ගේ වැඩි උනන්දුවක් නොමැති වීමට හේතු වේ.

ඒ වාගේම මේ සදහා විදේශිකයන් සදහා අය කරන මුදලම ශ්‍රී ලාංකිකයන් හට අය කීරීම බොහෝ ස්තාන වල සිදුවන බැවින් ඒ සදහා සහබාගී වීමට බොහෝ දෙනෙක් මැලි වෙති...

විශේශයෙන් බොහෝ දෙනෙක් බිය වනුයේ කිමිදෙන්න නම් පීනන්න හොදට දැන ගන්න ඕන... ඒත් ඇත්තටම මේ අත්දැකීම විදීමට පිහිනීමේ කිසිදු හැකියාවක් අවශ‍ය නොවන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුනකි.

#පීනන්නවත් දන්නේ නැතුව කොහොමද කරන්නේ? ඒ ප්‍රශ්නේ තමා ඊලගට හැමෝන්ටම එන්නේ...
ඒකට තමා තමන්ටම වෙන වෙනම මූලික පුහුනුවීම් වලට සහ මග පෙන්වීමට වෙනමම සුදුසුකම් ලත් උපදේශකයෙක් ඉන්නේ.... ඒ නිසා ආරක්ෂාව ගැන කිසිම බයක් වෙන්න දෙයක් නෑ

#උපදේශකයන්ට සුදුසුකම් සහතික තියෙන්නේ කොහෙන්ද? එකට Google ගිහින් නිකන් කියලා Search කරල බලන්න එතකොට ලෝකෙම පිලිගත් කිමිදුම් සහතික දෙන ආයතනය කියන එක ඔයාලට නිකන්ම දැන ගන්න පුලුවන්...

#කිසිදු මුලික සුදුසු කමක් නොමැතිව කිමිදීමේ අත්දැකීමක් ලබාගැනීමට කොපමන මුදලක් වියදම් කල යුතු වේද?
ඒ අත්දැකීම ලබාදෙන ස්තාන ඕන තරම් තියෙනවා සාමාන්යෙක් කිසිදු පුහුනුවක් රහිත ඒ කියන්නේ පැඩී කිමිදීම සදහා සුදුසුකම් සහතිකයක් නොලද පුද්ගලයෙකුට ඒ අත්දැකීම විදිනව නම් රු. 6500 ඉදන් රැ. 17000 අතර මුදලක් වැය කරලා ලබා ගන්න පුලුවන්... ගාන වෙනස් වෙනවා එම කිමිදුම් මධ්යස්තානයේ තත්වය මත( හරියට හෝටල් වගේම තමා) ගොඩක් ස්තාන වල ශ්‍රී ලාංකිකයන් ප්‍රතික්ශේප කරනවා මොක්ද විදේශිකයින් ගෙන යාම වඩා ලාබදායී බැවින්...

#අපගේ අය කිරීම රැ.8000

ජීවිතයේ එක් වරක් හෝ විදිය යුතු ක්‍රියාන්විත අත්දැකීම අප මෙම වසරේ පෙබරවාරි සිට ආරම්බ කල අතර අපත් සමග ඒ අයුරින් එම ත්‍රාස ජනක අත්දැකීම විදීමට ඔබත් කැමති නම් එන්න අප හා එක් වන්න

වැඩි විස්තර දැන ගැනීම සදහා අමතන්න

Mahesh :0772918024/0710955205

😘😘😘
👣👣👣

Are you ready...? Its time to   😘😘😘🐋🐋🐟🐟🏊🏊🐠🐳🐳🐠🐠👣🦀🐙🐙🐚🐬🐬Call us & book your date.... 👣👣👣💪💪Mahesh 07109552050772918024
04/10/2017

Are you ready...? Its time to 😘😘😘🐋🐋🐟🐟🏊🏊🐠🐳🐳🐠🐠👣🦀🐙🐙🐚🐬🐬

Call us & book your date.... 👣👣👣💪💪

Mahesh 0710955205
0772918024

එන්න එන්නම විනාශයට පත්වන රූමස්සල ජන්ගල් බීච් සහ සුදු වැල්ල....http://dinamina.lk/2017/09/20/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%...
20/09/2017

එන්න එන්නම විනාශයට පත්වන රූමස්සල ජන්ගල් බීච් සහ සුදු වැල්ල....

http://dinamina.lk/2017/09/20/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA/41259

දෙස් විදෙස් සියලු දෙනාගේ අවදානයට පත් සුන්දර උණවටුන ප්‍රදේශයේ නම ඇසූ පමනින් අප සැවොම හොදින් දන්නා ප්‍රසිද්ද ස්තානයක් වන ජන්ගල් බීච් එහෙමත් නැත්නම් සුදු වැල්ල, ලංකාවේ සියලුම ප්‍රදේශ වල ජනතාව නිවාඩුවට මුහුදේ නෑමට එක් රොක් ස්තානයක් උවත් මේ වන විට එම ප්‍රදේශයට අත්වූ සෝචනීය ඉරනම....
සුන්දරත්වය නිදහස සොයන ඔබ මේ නිවාඩු සමයේ ට්‍රිප් යන්න ඇති ෆන් ගන්න ඇති.... සරලවම කියනවා නම් කට්ටිය එක්ක සෙට් වෙලා පොඩි අඩියක් ගහලා සැපක් දාන්න ඇති.... ඔබ රැගෙන ගිය සියලු දේ නැවත රැගෙන ආවාද...??? එසේත් නැත්නම් එම ස්තානත් මේ අයුරින් විනාස කිරීමට ඔබත් දායක වූවාද....???
මනසින් උසස් යයි පවසන මිනිසා මේ අයුරින් හැසිරීම සුදුසු වන්නේද??? ඔබ විදි සුන්දරත්වය මතු පරපුරට විදීමට ඉඩ දිය යුතු නොවන්නේද???
මේ සුන්දර ස්තාන රැක ගැනීම අප කාගෙත් වගකීමක් නොවන්නේද??? තීරනය ඔබ සතුය...!!!

Take Only
Leave Only

One month more to start  ... 🐟🐋🐟🐠🐠🦀🐬🐙🐙🏊🏊⛵⛵ Have you missed it? Be Ready...
12/09/2017

One month more to start ... 🐟🐋🐟🐠🐠🦀🐬🐙🐙🏊🏊⛵⛵
Have you missed it? Be Ready...

11/09/2017

ලංකාවේ සොදුරු දනව්වන් සොයා යන අපේ ගමනේ තවත් එක් සන්දිස්තනයක් තමා ඉදල්ගස්හින්න සහ ඔහිය යන දුම්රිය ස්තාන අතර ප්‍රදේශය. විශේෂයෙන්ම සදහන් කරන්න ඕන මුලු ලෝකෙන්ම දුම්රිය ස්තාන දෙකක් අතර ඇති වැඩිම බිං ගෙවල් ප්‍රමානයක් පිහිටලා තිබෙන්නේද මෙම දුම්රිය ස්තාන දෙක අතර බව ගොඩක් දෙනෙක් නොදන්න කරුනක්..

ඒ වගේම ඉදල්ගස් හින්න දුම්රිය ස්තානය ලන්කාවේ අනිත් දුම්රිය ස්තාන වලට වඩා විශේෂ වෙනවා ඒකට හේතු වෙන්නේ දුම්රිය ස්තානය අවට තිබෙන කාලගුණ තත්වය... දෙපසින් කාලගුණ තත්ව දෙකක් තමා දැකගන්න පුලුවන් වෙන්නේ. ඒ වගේම මේ දුම්රිය ස්තාන අතර මාර්ගයේ ගමන් කිරීමට අවසර ලබාගැනීමටත් සිදුවෙනවා. මොකද බිං ගෙවල් 14ක් හා කුඩා පාලම් 4ක් හරහා ඉතා අනතුරුදායක ගමනක්... 8.5 Km දුරක් පයින් ගමන් කරන්න සිදු වෙනවා වගේම 180.5m, 140.85m, 124.39m, 120.73m වැනි ඉතා දිග බිං ගෙවල් හරහා යන්නට සිදුවෙනවා....

ඔබ මේ දකින සුන්දරත්වයට එහා ගිය කැමරා කාචයකට හසුකර ගත නොහැකි අපූර්වත්වයක් මේ ගමන තුල ගැබ්වෙලා තියෙනවා... අනෙක් පස නොපෙනෙන කලුවර බිං ගෙවල් තුලින් ගමන් කරද්දි දුම්රියක් මේ දැන් පැමිනේවි යන සිතුවිල්ලත් සමග එන අත්දැකීම වචන වලින් විස්තර කරන්න අමාරුයි...

ඉතාමත් ත්‍රාසජනක අත්දැකීම් එක්ක පරිසරයේ අපූර්වත්වය සහිත නැවුම් අත්දැකීම් විදගන්න එන්න අප හා අත්වැල් බැදන් එකතුවන්න.... නුදුරේදීම මෙවන් වූ මතකයන් ලබාදීමට අපි සූදානම්....ඔබ සූදානම්ද...???

22/07/2017

අපත් සමග අත්වැල් බැදගත් තවත් පිරිසකගේ කැමරා කාචය මත සටහන් වූ මතක සටහන් කිහිපයක්....

15/07/2017

රට වටේ යන්න බයිසිකල් වලින් අප්‍රේල් මාසයේ හිතුවට බාදකත් එක්ක වැඩේ කල් දාන්න උනා. ගොඩක් කාලෙක ඉදන් හිතේ තිබුන හීනයක් කරදර බාදක මැද සාර්තකව නිමා කර ගන්න පුලුවන් උනා මැයි මාසයේ වෙසක් පෝය උදාවත් සමගම. අමාරු අභියෝගයක් දවස් පහක් බයිසිකල් වලින් බීච් කෑම්පින් කරන්න අපිත් එක්ක 9 දෙනෙක්ගෙන් යුක්ත කන්ඩායමක් එකතු උනා. මැයි 9 වෙනිදා හවස කට්ටියම කතා කර ගත්ත විදියට කොළඹ ඉදන් ගාල්ලට ඇවිත් 10 වෙනිදා උදේ 4.30 ගමන පටන් ගත්තා. ගාල්ල-මාතර-දෙවුන්දර තුඩුව- තන්ගල්ල-රන්න- අම්බලන්තොට-හම්බන්තොට- තිස්සමහාරාම-කතරගම-සෙල්ල කතරගම- බුත්තල-මොනරගල- සියඹලාන්ඩුව-ලාහුගල- පොතුවිල්- ආරුගම්බේ- පානම-ඔකද- ආරුගම්බේ- මූදුමහා විහාරය- කොමාරි-සන්ගමන් කන්ද- තිරුක්කෝවිල්- අක්කරෙපත්තු- ඕලුවිල්- කල්මුනේ- කාත්තන්කුඩි-මඩකලපුව- කල්කුඩා-පාසිකුඩා- වාකරේ -සේරුනුවර-  මුතූර්-කින්නියා- තිරිකුණාමලය- කෝනේශ්වරම්- නිලාවේලි- කුච්චවෙලි- මුලතිව්- පුතුකුඩිරුප්පු- චුන්ඩිකුලම්- පරන්තන්- අලිමන්කඩ- සොරන්පත්තු- තාලයාඩි- අම්පන්- වල්ලිපුරම්- පේදුරුතුඩුව- වල්වැටිතුරෙයි- උඩුවිල්- වඩ්ඩුකෝඩු- කරෙයිනගර්- කසුරිනා බීච්- රියො අයිස්ක්‍රීම්- නල්ලුර්- චාවකච්චේරි-පූනරීන්- කල්මුනේ- ඩෙවිල්ස් පොයින්ට්- වෙඩිතලතිව්- මන්නාරම- තලෙයිමන්නරම- වෙන්කාලෙයි- සිලාවතුර-විල්පත්තුව හරහා එලුවන්කුලම- වනාතවිලුව- පුත්තලම - මදුරන්කුලිය - හලාවත- මීගමුව- කොළඹ විශේෂ ස්තූතිය :- Sahan Wimaladasa ඩිමේෂ් මධුශංඛ Thilina Agasthi Wickramarathne Anura Senanayake Isuru Lasan

02/06/2017

රට වටේ යන්න බයිසිකල් වලින් අප්‍රේල් මාසයේ හිතුවට බාදකත් එක්ක වැඩේ කල් දාන්න උනා.

ගොඩක් කාලෙක ඉදන් හිතේ තිබුන හීනයක් කරදර බාදක මැද සාර්තකව නිමා කර ගන්න පුලුවන් උනා මැයි මාසයේ වෙසක් පෝය උදාවත් සමගම. අමාරු අභියෝගයක් දවස් පහක් බයිසිකල් වලින් බීච් කෑම්පින් කරන්න අපිත් එක්ක 9 දෙනෙක්ගෙන් යුක්ත කන්ඩායමක් එකතු උනා. මැයි 9 වෙනිදා හවස කට්ටියම කතා කර ගත්ත විදියට කොළඹ ඉදන් ගාල්ලට ඇවිත් 10 වෙනිදා උදේ 4.30 ගමන පටන් ගත්තා.

ගාල්ල-මාතර-දෙවුන්දර තුඩුව- තන්ගල්ල-රන්න- අම්බලන්තොට-හම්බන්තොට- තිස්සමහාරාම-කතරගම-සෙල්ල කතරගම- බුත්තල-මොනරගල- සියඹලාන්ඩුව-ලාහුගල- පොතුවිල්- ආරුගම්බේ- පානම-ඔකද- ආරුගම්බේ- මූදුමහා විහාරය- කොමාරි-සන්ගමන් කන්ද- තිරුක්කෝවිල්- අක්කරෙපත්තු- ඕලුවිල්- කල්මුනේ- කාත්තන්කුඩි-මඩකලපුව- කල්කුඩා-පාසිකුඩා- වාකරේ -සේරුනුවර-  මුතූර්-කින්නියා- තිරිකුණාමලය- කෝනේශ්වරම්- නිලාවේලි- කුච්චවෙලි- මුලතිව්- පුතුකුඩිරුප්පු- චුන්ඩිකුලම්- පරන්තන්- අලිමන්කඩ- සොරන්පත්තු- තාලයාඩි- අම්පන්- වල්ලිපුරම්- පේදුරුතුඩුව- වල්වැටිතුරෙයි- උඩුවිල්- වඩ්ඩුකෝඩු- කරෙයිනගර්- කසුරිනා බීච්- රියො අයිස්ක්‍රීම්- නල්ලුර්- චාවකච්චේරි-පූනරීන්- කල්මුනේ- ඩෙවිල්ස් පොයින්ට්- වෙඩිතලතිව්- මන්නාරම- තලෙයිමන්නරම- වෙන්කාලෙයි- සිලාවතුර-විල්පත්තුව හරහා එලුවන්කුලම- වනාතවිලුව- පුත්තලම - මදුරන්කුලිය - හලාවත- මීගමුව- කොළඹ

විශේෂ ස්තූතිය :-
Sahan Wimaladasa
ඩිමේෂ් මධුශංඛ

Thilina Agasthi Wickramarathne
Anura Senanayake
Isuru Lasan

      👣👣👣👣
08/05/2017

👣👣👣👣

😍😍😍😘😘😘👣👣👣
06/05/2017

😍😍😍😘😘😘👣👣👣

03/05/2017

😍😍😍😍👣👣👣

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Footprint - පා සළකුණු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Footprint - පා සළකුණු:

Videos

Share

Category