Onal's Travel Notes

Onal's Travel Notes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Onal's Travel Notes, Tourist Information Center, Colombo.
(24)

03/06/2022
රත්නපුර නගරය පසුකොට පලාබද්දල ශ්‍රීපාද පිවිසුම තෙක් දිවෙන මාර්ගයේ ගමන්කොට රත්ගඟ පුංචි දඹදිව මාර්ගයට හැරවීමෙන් අනතුරුව පුං...
16/05/2022

රත්නපුර නගරය පසුකොට පලාබද්දල ශ්‍රීපාද පිවිසුම තෙක් දිවෙන මාර්ගයේ ගමන්කොට රත්ගඟ පුංචි දඹදිව මාර්ගයට හැරවීමෙන් අනතුරුව පුංචි දඹදිවද පසුකොට නාවින්න ආදී ග්‍රාමයන් පසුකරමින් කුඩාව නම් ග්‍රාමයට පිවිස අවසානයේ තේ වගාවක් ඔස්සේ ගමන් කිරීමෙන් එතරම් අපහසුවකින් තොරව මෙම අලංකාර දියඇල්ල වෙත ලඟාවිය හැක.

රත්ගඟ පුංචි දඹදිව පසු වූ විට මාර්ගය බොහෝ අබලන් තත්වයේ පවතින අතර වාහනයක යන්නේ නම් කුඩාව තෙක් වාහනය පදවාගෙන ගොස් ඉන් එහාට පාගමනින් යායුතුවේ. ගමනේ අවසාන කොටස තේ වත්තක් මැදින් යායුතු අතර ඉන්පසු තේ වත්තේ මායිමෙන් වන වැස්මකට ඇතුල්වී වන වැස්ම ආරම්භයේදීම වාගේ පිහිටා ඇති කූනිස්සන් ඇල්ල ආසන්නයට පැමිණිය හැකිවේ. කෙසේ වෙතත් අප කුඩාව දක්වා වාහනයක නොගිය අතර අප පැමිණි වාහනය කුඩාවට පෙර හමුවන නාවින්න නම් ගම්මානයේ නවතා තබා නාවින්නේ සිටම පාගමනින් කූනිස්සන් ඇල්ල දක්වා ගමන් කලෙමු. එහිදී අප විසින් නාවින්න ගම්මානයේ කෙලවරක පිහිටි ගම් වාසීන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරන සහ ඔවුන් විසින් දිය බුබුළ නමින් හඳුන්වන දිය උල්පතක්ද නරඹුවෙමු.

සාමාන්‍ය දිනවලදී කූනිස්සන් ඇල්ල අර්ධයන් දෙකක් ලෙස දර්ශනය වන අතර එහිදී එහි වම් අර්ධය දකුණු අර්ධයට වඩා වැඩි උසකින් යුක්ත වේ. කෙසේ නමුත් අප මෙහි සංචාරය කරන විට එය අධික වැසි සහිත කාලයක් වූ බැවින් ඉහත කී අර්ධයන් දෙක පැහැදිලිව දක්නට නොහැකි වුවත් වෙනදාටත් වඩා ඉතා අලංකාර හැඩතල මවමින් පහත ඡායාරූපවල දැක්වෙන ආකාරයට කූනිස්සන් ඇල්ල ඇදහැලෙනු දැකගත හැකි විය. එපමණක් නොව කූනිස්සන් ඇල්ල පාමුල ප්‍රදේශයේ ඇති ගල් ඉතා ලිස්සන සුලු වන අතර ඔබ දියඇල්ලේ පාමුලට ගමන් කිරීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව නම් කිව යුතුමය

කුරුණෑගල නගරයේ සිට මහනුවර මාර්ගයේ ගමන් කරන විට හමුවන පිලීකඩ මංසන්ධියෙන් කටුපිටිය මාර්ගයට හරවා මද දුරක් ගමන් කිරීමෙන් ඉතා...
23/07/2021

කුරුණෑගල නගරයේ සිට මහනුවර මාර්ගයේ ගමන් කරන විට හමුවන පිලීකඩ මංසන්ධියෙන් කටුපිටිය මාර්ගයට හරවා මද දුරක් ගමන් කිරීමෙන් ඉතා පහසුවෙන් මෙම තැම්පාන ජලාශය පිහිටි ස්ථානය වෙත ලඟාවිය හැක. බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකරන ලද්දක් වන තැම්පාන ජලාශය අවට ප්‍රදේශයේ ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා දිවෙන අතර සොළී ආක්‍රමණ සමයේ වළගම්බා රජු මෙම ප්‍රදේශය සහ ඒ අවට සැඟවී සිට ඇත. එසේ සැඟවී සිටින සමයේ ඉදිකරනු ලැබූ බම්බා විහාරය නමින් හැඳින්වෙන විහාරස්ථානයක්ද මේ භූමියේ අදටත් දක්නට ලැබේ.

වර්තමානයේ තැම්පාන ජලාශය පිහිටි භූමියේ භාරකාරත්වය පැවරී ඇත්තේ කුරුණෑගල මහ නගර සභාවට වන අතර කුරුණෑගල නගරය අවට ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාගැනීම මෙමගින් සිදුකෙරේ. මෙම ජලාශය සහ ඒ අවට ප්‍රදේශය සංචාරකයින් සඳහා විවෘත වන්නේ පසළොස්වක පොහොය දිනයන්හී පමණක් වන අතර එවැනි දිනෙක මෙම ප්‍රදේශය නැරඹීමට පැමිණෙන්නෙක්ට වළගම්බා රජ සමයේ ඉදිවූ පැරණි බම්බා විහාරය වැඳපුදා ගැනීමට අවස්ථාව ලැබේ. කෙසේ නමුත් එවැනි දිනයන්වල පවා ජලාශයේ බැම්ම මත සම්පූර්ණයෙන්ම රිසි පරිදි ඇවිදිමින් නැරඹීමට අවස්ථාව හිමි නොවන අතර එසේ නැරඹීමට නම් ඔබ කුරුණෑගල මහ නගර සභාවෙන් ඒ සඳහා අවසර ලබා ගත යුතුවේ.

අපගේ සංචාරය සඳහා අප තෝරාගත්තේද එවැනි පසළොස්වක පොහොය දිනයක් වූ අතර තැම්පාන ජලාශය පිහිටා ඇති ප්‍රදේශයට ආසන්න වත්ම මාර්ගයේ සිටම අප හට දැකගත හැකි වූයේ තරමක් උසින් යුත් එහි බැම්මයි. බැම්ම අවසන් වන ස්ථානයේ එහි පිටවාන සමගින් එම භූමියට ඇතුල්වීම සඳහා යොදාගන්නා කුඩා ගේට්ටුව දක්නට ලැබුණි. එම ගේට්ටුවෙන් ඇතුල් වන්නෙකුට තැම්පාන ජලාශය ඉතා අලංකාරව දැකගත හැකි වන අතර ඒ ආසන්නයේ පිහිටා ඇති එතරම් විශාල කන්දක් නොවූ කොට කන්දද දැකගත හැක. බ්‍රිතාන්‍ය යුගයේ එඩින්බරෝ ආදිපාද සමයේ ඉදිකරන ලද්දක් වන මෙම තැම්පාන ජලාශයෙහි මූලික අවශ්‍යතාවය වී ඇත්තේ කුරුණෑගල නගරයට නුදුරුව ඇති උඩවල්පොල ප්‍රදේශයේ එකල පිහිටා තිබූ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට අවශ්‍ය ජලය ලබා ගැනීමයි. තැම්පාන ජලාශය ඉදිකිරීමට ප්‍රථම එම ස්ථානයේ වළගම්බා රජ සමයේ ඉදිකරන ලද බම්බා විහාරයට අයත් චෛත්‍යය සහ තවත් ඉදිකිරීම් කිහිපයක් තිබී ඇති අතර ජලාශය ඉදිකිරීමේදී ඒ සියල්ල ජලයට යටකොට තිබේ. තැම්පාන ජලාශයේ සිට ජලය ප්‍රවාහනය කරනු ලැබූ ඉපැරණි නල මාර්ගයද තවමත් ඒ ආසන්නයේ දැකගත හැකි නමුත් දැන් එම නල මාර්ග පද්ධතිය භාවිතයට නොගන්නා අතර වෙනත් නල මාර්ග පද්ධතියක් ඔස්සේ කුරුණෑගල නගරය අවට පානීය ජල අවශ්‍යතාවය සපුරා ගනු පිණිස ජල ප්‍රවාහනය සිදුකරනු ලැබේ.

තැම්පාන ජලාශය පිහිටි භූමියට ඇතුල් වූ පසු ජලාශය ඔස්සේ ඉදිරියට යන පුළුල් අඩි පාරක් දක්නට ලැබුණු අතර ජලාශය පසුකර එහි ඉදිරියට ගමන් කරන විට වම්පසින් දැකගත හැකි වූයේ වල්බිහිවී ගිය ඉපැරණි පොකුණකි. වළගම්බා රජු මෙම ප්‍රදේශයේ වාසය කල සමයේ ස්නානය කිරීම සඳහා මෙම පොකුණ භාවිතා කර ඇති බව ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පොකුණ පසුවූ විට තරමක් ඉහලට නැගෙන පියගැටපෙලක් දක්නට ලැබෙන අතර එම පියගැටපෙල පසුකල විට වළගම්බා රජ සමයේ ඉදිකල බම්බා විහාරයේ බුදු මැදුර දැකගත හැකිවේ. මහනුවර යුගයේ නවීකරණය කර ඇති මෙම බුදු මැදුරෙහි හිටි පිළිමයක්, සැතපෙන පිළිමයක් හිඳි පිළිමයක් මෙන්ම අගසව් දෙනමගේ පිළිම දෙකක්ද දක්නට ලැබේ. බුදු මැදුරෙහි ඇතුලත බිත්ති මෙන්ම පිටත බිත්තිද චිත්‍ර වලින් අලංකාර කොට තිබුණි. බුදු මැදුරට පිටතින් ආරම්භ වන උමං මාර්ගයක පිවිසුමක් අදටත් දැකිය හැකි නමුත් කාලයාගේ ඇවෑමෙන් එහි පිවිසුම අවහිර වී ඇත. එම උමං මාර්ගය රිදීගම රිදී විහාරය දෙසට විහිදෙන්නක් බව ජනප්‍රවාදයන්හි කියවේ.

තැම්පන ජලාශ භූමියට අයත් ප්‍රදේශයේ ඇති වනාන්තරය ශ්‍රී ලංකා රජය විසින් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර. තැම්පාන ජලාශය ආසන්නයේ පිහිටා ඇති කොට කන්ද තරණය කිරීමට නම් එම රක්ෂිතය ඔස්සේ ඉහලට ගමන් කල යුතුවේ. බම්බා විහාරය අවට දෙසින් ඒ සඳහා නිශ්චිත අඩි පාරක් හෝ සකස් වී නොමැති අතර Google සිතියම් ආධාරයෙන් අප කන්දේ ඉහලට ගමන් කලෙමු. එසේ ගමන් කිරීමේදී එක් ස්ථානයක තරමක් උසින් යුත් එහෙත් පලලින් අඩු ගල්ලෙනක් දක්නට ලැබුණු අතර එය තුල විශාල වශයෙන් වවුලන් ලැගුම් ගෙන සිටිනු දක්නට ලැබුණි. එම ගල්ලෙන පසුකොට ඉහලට නැගුණ විට දැකගත හැකි වූයේ ත්‍රීරෝද රථයක් වුවද ගමන් කල හැකිවන ලෙස සකස් කර තිබූ කන්ද මුදුන දෙසට දිවෙන බොරළු මාර්ගයකි. එම මාර්ගය කුරුණෑගල - මහනුවර මාර්ගයේ 4 කණුව නම් ස්ථනයේ සිට ආරම්භ වන්නක් බව අපහට පසුව දැනගන්නට ලැබුණි. එම බොරළු මාර්ගය අවසන් වූ ස්ථානයේ කටාරම් කෙටූ ගල්ලෙනක් දැකගත හැකි විය. අවට ගම්වාසීන් මෙය හඳින්වන්නේ රිංගන ගල ලෙසිනි. තරමක් විශේෂිත ආකාරයකට පිහිටා තිබූ මෙම ගල්ලෙනෙහි අතීතයේ භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වැඩ සිටින්නට ඇත. රිංගන ගල සිට කෙලින්ම ඉදිරිය බැලූ විට දැකගත හැක්කේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනියට උසම හඳුරුක් කන්දට පෙර හමුවන බැල්ලෑගල කඳුවැටියයි. රිංගන ගලෙන් තරමක් දකුණු පසට ගිය විට තැම්පාන ජලාශය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ වඩාත් සිත්ගත් ස්ථානයක් වූ තැම්පාන ජලාශය සහ ඒ අවට ඉහල සිට නැරඹිය හැකි ස්ථානය වෙත ලඟාවිය හැක. එම ස්ථානයෙන් පහලට ඇත්තේ දල බෑවුමක් වන අතර එම බෑවුම ආරම්භ වන ස්ථානයේ වාඩිවී තැම්පාන ජලාශයත් පෙනෙන ලෙස ඡායාරූප ගැනීමට මෙහි පැමිණෙන සංචාරකයින් ප්‍රිය කරති.

රිංගන ගල සහ ඒ අවට සුන්දරත්වය නැරඹීමෙන් අනතුරුව කොට කන්දේ උසම ස්ථානය සොයා Google සිතියම් ආධාරයෙන් වනාන්තරය ඔස්සේ ඉහලටම නැගුන අප හට අවසානයේ තැම්පාන කන්දේ උසම ස්ථානය වෙත ලඟා විය හැකි විය. එම ස්ථානයේ දක්නට ලැබුණේ තරමක් පැතලි ගල් තලාවකි. මීට පෙර මෙම ගල් තලාව දක්වා කන්ද තරණය කරනු ලැබූ පිරිස් විසින් එක මත එක තැබූ ගල් කැබලි ඒ අවට ස්ථාන කිහිපයකම තබා තිබෙනු දැකගත හැකි විය. කෙසේ නමුත් එම ගල් තලාව වටකරගෙන තරමක් උසින් වැඩී තිබූ ගස්වැල් ආදිය නිසා අවට දර්ශනය නැරඹීම සඳහා එතැනින් මදක් ඔබ්බට ඇවිද ගොස් කන්දේ අනෙක් පස උසින් අඩු පඳුරු වැවී තිබූ ස්ථානයකට බැසීමට අපට සිදුවිය. එම ස්ථානයට කුරුණෑගල නගරය සහ ඒ අවට ඉතා සුන්දර දර්ශනයක් දැකගත හැකිවූ අතර එහිදී ඇතුගල, කුරුමිණියාගල, ආඳාගල ඇතුළු කඳු පන්තිය සහ කුරුණෑගල නගරය, වෙන්නරු වැව සහ කොලපැලලි කන්ද, ඉදිවෙමින් පවතින උතුරු/මධ්‍යම අධිවේගී මාර්ගය, කඳුලව කන්ද, දොළුකන්ද ඇතුළු පුළුල් දර්ශන පථයක් අප හට දැකගත හැකි විය.

අප කොට කන්ද තරණය කිරීම සඳහා තෝරාගනු ලැබුවේ මාර්තු මාසයේ පසලොස්වක පොහොය දිනය වන අතර එම කාලය කුරුණෑගල අවට ප්‍රදේශයට වර්ෂාව ඉතා අඩු කාලයක් වූ බැවින් තැම්පාන කඳු මුදුනේදී අප හට හිරු රශ්මියේ දැඩි බව දැනුනි. එබැවින් වහ වහා නැවතත් හිරු රැස් එතරම් නොවැටෙන වනාන්තරය තුලට රිංගාගත් අප කන්දෙන් පහලට පැමිණීම ආරම්භ කලද එක් ස්ථානයකදී අප හට මග වැරදී ගිය නමුත් ඒ අසල දක්නට ලැබුණු දිය පාරක් දිගේ ගමන් කිරීමෙන් අප හට එතරම් වේලාවක් ගත නොකොට නැවතත් නිවැරදි මාර්ගය සොයාගැනීමට හැකිවිය. තැම්පාන ජලාශය පිහිටි භූමියෙන් පිටවූ අප තැම්පාන ජලාශයේ පිටත බැම්ම ආසන්නයේ ඉදිකර ඇති බ්‍රිතාන්‍ය යුගයේ ජලය ප්‍රවාහනය කරනු ලැබූ ඉපැරණි නල මාර්ග පද්ධතියද නැරඹීමෙන් අනතුරුව අප නැවතත් නිවෙස් බලා පිටත්වූයේ කුරුණෑගල අවට කරනු ලැබූ තවත් වටිනා සංචාරයක අත්දැකීම් ගොන්නක් අප ජීවිතයට එකතු කර ගනිමිනි.

අම්පාර දිස්ත්‍රික්කයේ නුවරගලතැන්න රක්ෂිතය තුල පිහිටා ඇති වාලිඹේ හෙල තරණයට කඳු නගින්නන්ගේ අවධානය යොමුවන්නේ එහි ඇති සිත් ඇ...
08/07/2021

අම්පාර දිස්ත්‍රික්කයේ නුවරගලතැන්න රක්ෂිතය තුල පිහිටා ඇති වාලිඹේ හෙල තරණයට කඳු නගින්නන්ගේ අවධානය යොමුවන්නේ එහි ඇති සිත් ඇදගන්නා සුලු සුවිශේෂී හැඩය නිසාවෙනි. "වාලිඹ" යනු මෙරට ආදිවාසී භාෂාවෙන් "උසම තැනක්" යන්නයි. නුවරගලතැන්න රක්ෂිතය අවට ඇති අනෙකුත් කඳුගැට හා සැසඳීමේදී උසින් ඉතා වැඩි කඳුගැටයක් වන නිසා ආදිවාසීන් විසින් අතීතයේ සිට මෙම පර්වතය වාලිඹේ හෙල යන නමින් හඳුන්වා ඇත. Friar's Hood යන නාමය පෘතුගීසි යුගයේදී පටබැඳුනකි. Friar යනු කතෝලික නිකායක පූජකවරයින් හඳුන්වන නාමයක් වන අතර Hood යනුවෙන් හැඳින්වෙන්නේ හිස්වැස්ම යන අර්ථයයි. යම්කිසි කතෝලික නිකායක පූජකවරයින්ගේ හිස්වැස්මක හැඩය ගත් මෙම පර්වතය පෘතුගීසි නාවිකයින් විසින් Friar's Hood යන නාමයෙන් මුල් වරට හඳුන්වා ඇති බව Richard Lionel Spittel විසින් රචිත මැකී ගිය දඩමං කෘතියේ සඳහන් වේ.

මෙම කඳුගැටය පාමුලට ප්‍රවේශ වීමට වර්තමානයේදී ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් භාවිත කරන අතර ඉන් එකක් නම් මහඔය සිට අම්පාර දෙසට ගමන් කිරීමේදී හමුවන මංගලගම නම් ප්‍රදේශයෙන් නුවරගලතැන්න රක්ෂිතයට ඇතුල්වී කිලෝමීටර් දහයක පමණ දුර ගෙවා වාලිඹේ හෙල පාමුලට පැමිණ එතැන් සිට කඳු තරණය ආරම්භ කිරීමය. මෙහිදී විශේෂයෙන් කිවයුතු කරුණක් වන්නේ මෙම මාර්ගය ගල් ගොඩැලි වලින් යුත් ඉතා දුෂ්කර මාර්ගයක් වන අතර පාගමනින් කිලෝමීටර් දහයක් ගෙවා යාම හෝ මෙම මාර්ගයේ වාලිඹේ හෙල පාමුලට හැකි තරම් උපරිම දුරක් ගමන් කිරීමට යොදාගත හැකි එකම වාහනය වනුයේ ට්‍රැක්ටරයයි. අප මෙම කන්ද පාමුලට යාම සඳහාද යොදාගත්තේ අපට මග පෙන්වූ ගම්වැසියෙකුට අයත් ට්‍රැක්ටරයක් වන අතර වාලිඹේ හෙල පාමුලට කිලෝමීටර් දෙකක් පමණ මෙපිටින් ට්‍රැක්ටරය නවතා තබා ඉතුරු දුර පාගමනින් ගමන් කිරීමට අපට සිදුවූ අතර කන්ද තරණය කොට ආපසු පැමිණීමේදී අපට දැකගත හැකිවූයේ ට්‍රැක්ටරයේ ඉදිරිපස දකුණු රෝදයේ බිංදුවටම හුලං බැස ඇති බවකි. අප පැමිණි දුෂ්කර මාර්ගය ට්‍රැක්ටරයට පවා දරාගැනීමට අපහසු එකක් බව එයින් අපට වටහා ගැනීමට හැකිවිය.

වාලිඹේ හෙල පාමුලට ගමන් කල හැකි අනෙක් මාර්ගය වන්නේ මහඔය සිට අම්පාර දෙසට ගමන් කිරීමේදී හමුවන ගොනාගොල්ල මංසන්ධියෙන් දකුණට හැරී බණ්ඩාරදූව තෙක් ගමන් කොට බණ්ඩාරදූව හරහා නුවරගලතැන්න රක්ෂිතයට ඇතුල් වීමය එහිදී ගමන් කල යුතු දුර මංගලගම සිට ගමන් කල යුතු දුරට වඩා තරමක් වැඩි වුවත් වාලිඹේ හෙල පාමුලටම මෙම මාර්ගයේ තරමක් අපහසුවෙන් හෝ මෝටර් සයිකලයක් ධාවනය කිරීමේ හැකියාව ඇති බව අමට මගපෙන්වූ ගම්වැසියන් විසින් අප හට පවසන ලදී.

කෙසේ නමුත් මංගලගම සිට පෙරවරු 11:00 ට පමණ ගමන් ආරම්භ කිරීමෙන් අනතුරුව නුවරගල රක්ෂිතයේ පිහිටා ඇති ඇතාගල, මෙට්ටගල, ගුණසේන කන්ද වැනි තවත් කඳුගැටයන් පසුකරමින් කිලෝමීටර් දහයක පමණ දුරක් ගෙවාගෙන විත් එතැනින් එහාට ට්‍රැක්ටරය ගමන් කරවීමට අපහසු වූ නිසා වාලිඹේ හෙලට කිලෝමීටර් දෙකක් පමණ මෙපිටින් ට්‍රැක්ටරය නවතා තබා පාගමනින් නැවතත් ගමන් අරඹා ඒ ආසන්නයෙන් ගලාබසින තොට ඔය අසල නැවතී අප අත තිබූ හිස් බෝතල් සියල්ල ජලයෙන් පුරවාගෙන අවසානයේ වාලිඹේ තලාව නමින් හැඳින්වෙන වියළි කලාපයට ආවේණික තෘණ භූමියක් හරහා ගමන්කොට වාලිඹේ හෙල පසුපස පාමුලට පැමිණි අප වාලිඹේ හෙල දකුණු අයිනෙන් කන්ද නැගීම ආරම්භ කලෙමු එහිදී වාලිඹේ හෙලට ආසන්නයේම පිහිටා තිබූ තවත් කුඩා කඳු ගැටයක් කුඩා වාලිඹේ හෙල ලෙස අපගේ මග පෙන්වන්නන් විසින් අපට හඳුන්වාදෙන ලදී. කඳු තරණය අතරතුරේදී අප හට ගල්ගුහා තිහිපයක් දක්නට ලැබුණු අතර ඉන් එකක වලසුන් වාසය කර තිබූ බවට සලකුණු දැකගත හැකිවිය. වාලිඹේ හෙලෙහි දකුණු අයින දිගේ මැද කොටස දක්වා පැමිණියද කන්ද මතට ගොඩවීමට හැකි කිසිඳු ස්ථානයක් බොහෝ වේලාවක් යනතුරු අපට හමු නොවූ අතර දිගින් දිගටම පෙනුනේ ඝීඝ්‍ර බෑවුම්ය. නමුත් අවසානයේ යාන්තමින් පඳුරු වර්ගයක් වැවී තිබූ බෑවුම තරමක් කෙටි වූ ස්ථානයකින් ඉහලට නැගි අප මග පෙන්වන්නෙක් අප විසින් රැගෙන ආ කඹයක් ආධාරයෙන් සියලු දෙනා කන්ද මතට ගොඩකරගැනීමට සමත් විය.

කන්ද මතට ගොඩ වූවත් කන්ද මුදුනට යාමට තවත් තරමක දුරක් තිබූ නිසා සහ ඒ වන විට බොහෝ සවස් වී තිබූ නිසා එදින රාත්‍රිය අප විසින් ගත කිරීමට තෝරාගත්තේ ඒ ආසන්නයේම තිබූ තවත් ගල් තලාවකි. මෙම ගමන සඳහා අප විසින් කූඩාරම් රැගෙන නොගිය අතර එදින රාත්‍රියේ විවෘත කඳවුරු බැඳීමක තවත් එක් සුන්දර අත්දැකීමක් ලබාගැනීමට අප හට හැකි විය. රාත්‍රී ආහාරය සඳහා අප විසින් බත්, පරිප්පු සහ සැමන් පිළියෙල කරගතිමු. කන්ද මුදුනේ කිසිඳු ජල මූලාශ්‍රයක් නොතිබීම හේතුකොටගෙන අප අත ඉතිරිව තිබූ ජල ස්වල්පය අරපිරිමැස්මෙන් භාවිත කොට උයන පිහන කටයුතු කිරීමට සිදුවූ අතර අවසානයේ එය සාර්ථකව අවසන් කරගැනීමට අපට හැකිවිය.

පසුවදා උදෑසන අවදි වීමෙන් පසු කඳු තරණයේ ඉතිරි කොටස ආරම්භ වූ අතර එහිදී අපහට දිස්වූ තරමක් සිත් ඇදගන්නා සුලු දර්ශනයක් වූයේ උදෑසන හිරු උදාවත් සමගම වාලිඹේ හෙලෙහි සෙවණැල්ල ඒ අවට ප්‍රදේශය මත වැටීමයි. මහත් උද්‍යෝගයෙන් එම දර්ශනය නැරඹූ අප අවසානයේ වාලිඹේ හෙලෙහි උසම ස්ථානය සහ ඒ අසලම පිහිටා ඇති නැරඹුම් ස්ථානයට පැමිණියෙමු. එහිදී අපහට ඈතින් දිස්වන ඒ අවට කඳු මුදුන් වන නුවරගල, ගෝවින්ද හෙල, ඕමුනුගල, වඩිනාගල, තොප්පිගල, නරකමුල්ල අවට කඳු ආදී කඳු රාශියක්ද නවගිරියාව වැව, සමන්ගල වැව, රඹකැන් ඔය ජලාශය ආදී ජලාශයන්ද බණ්ඩාරදූව ආසන්නයේ ඉදිවෙමින් පවතින නවතම ජලාශ ව්‍යාපෘතිය වන කළුගල් ඔය ජලාශ ව්‍යාපෘතියද දැකගත හැකිවිය. තවද අතීතයේ කන්ද මුදුනේ කුඩා දාගැබක් ඉදිකර තිබූ බවට සාක්ෂි වශයෙන් කඳු මුදුනේ විසිරී තිබූ පැරණි ගඩොල් කැබලි ගොඩක් අප හට දැකගත හැකිවිය.

ඒ සියල්ල නරඹා කන්ද බැසීම ආරම්භ කල අප කන්ද පාමුලට විත් වාලිඹේ තලාවද පසුකර අපහට පෙරදින හමුවූ තොට ඔය අසල නැවතී දිවා ආහාරය සඳහා අප විසින් රැගෙන ආ නූඩ්ල්ස් පිළියෙල කරගෙන අනුභව කොට ට්‍රැක්ටරය අසලට පැමිණි අතර එහිදී අපහට දැකගත හැකි වූයේ එහි ඉදිරිපස දකුණු රෝදයේ හුළං බැස ඇති බවකි. එයට අඩයක් යොදා ටේලරය සමග රෝද පහකින් ට්‍රැක්ටරය තාවකාලිකව ධාවනය කල හැකි ආකාරයට සකස් කොට පස්වරු 4:00 පමණ වන විට නුවරගලතැන්න රක්ෂිතය හරහා මංගලගමට පැමිණියේ තවත් එක් සාර්ථක කඳු තරණයක් එසේ අවසන් කරමිනි.

කුරුණෑගල නගරයේ සිට මහනුවර මාර්ගයේ මල්ලවපිටිය මංසන්ධිය තෙක් පැමිණ එතැනින් කැප්පිටිගල මාර්ගයට හරවා කවිසිගමුව මංසන්ධිය දක්ව...
26/06/2021

කුරුණෑගල නගරයේ සිට මහනුවර මාර්ගයේ මල්ලවපිටිය මංසන්ධිය තෙක් පැමිණ එතැනින් කැප්පිටිගල මාර්ගයට හරවා කවිසිගමුව මංසන්ධිය දක්වා පැමිණී විට දැදුරු ඔය අමුණ පාර යන නාම පුවරුවක් සහිතව වමට දිවෙන මාර්ගයක් දක්නට ලැබේ. එම මාර්ගය අවසන් වන තෙක් ගමන් කිරීමෙන් පහත ඡායාරූපවල දැක්වෙන දැදුරු ඔය හරස් කොට තනා ඇති හුණුගල්කඩුල්ල අමුණ වෙත ලඟා විය හැක.

මෙම අමුණ පොලොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජ සමයේ ලීලාවතී රැජිනගේ ඇමතිවරයෙකු විසින් මුල් වරට ඉදිකර ඇති බවට ඉතිහාසය සාක්ෂි දරණ අතර මෙහි අරමුණ වී ඇත්තේ බතලගොඩ වැව සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමයි. කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන් ජරාවාස වී තිබූ බතලගොඩ වැව සහ මෙම හුණුගල්කඩුල්ල අමුණ බ්‍රිතාන්‍ය යුගයේදී මෙරට සේවය කල ඉංජිනේරුවරයෙකු වූ හෙන්රි පාකර් නැමැත්තා විසින් ප්‍රතිසංස්කරණය කොට වර්තමානයේ දැකිය හැකි තත්වයට ගෙන ආ බව කියවේ.

වර්තමානය වනවිට මෙම අමුණ ආශ්‍රිත ප්‍රදේශයේ ජලජ පැලෑටි වලින් යුක්ත පරිසර පද්ධතියක් නිර්මාණය වී ඇති අතර නොයෙකුත් ජලජ පක්ෂීන් මෙන්ම අනෙකුත් ජලජ ජීවීන්ද ඒ ආශ්‍රිතව වාසය කරන බව දැකිය හැක. ශ්‍රී ලංකා රජය විසින් මෙම අමුණට නුදුරුව ස්ථාපිත කර ඇති යුද හමුදා කඳවුර මගින් එයට ආරක්ෂාව සැපයේ.

මෙම අමුණ වෙත ලඟාවීම සඳහා ඉහත සඳහන් කල මාර්ගය රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන අතර මෙම අමුණේ අනෙක් අන්තය අයත් වන්නේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටය. එබැවින් අදාල ප්‍රදේශ අතර ගමන් කිරීම සඳහා බොහෝ ගම්වාසීන් විසින් මෙම හුණුගල්කඩුල්ල අමුණ යොදාගන්නා අතර විශේෂයෙන්ම ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනප්‍රිය පාසල් වල ඉගෙනුම ලබන රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දරු දැරියන් විසින් පාසල් යාම සඳහා මෙම අමුණ මතින් ගමන් කිරීම සුලබ දසුනකි.

කෙසේ නමුත් මෙම ප්‍රදේශයට ධාරාණිපාත වර්ෂාවන් බලපැවැත්වෙන සමයන්හි මෙම අමුණේ මට්ටමට ඉහලින් දැදුරු ඔය ගලායාම සිදුවන බැවින් එවැනි දිනයන්හි මෙම අමුණ මතින් එහා මෙහා යාම ඉතා අනතුරුදායක විය හැකි අතර එවැනි දිනවලදී ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

පැල්මඩුල්ල - ඇඹිලිපිටිය මාර්ගයේ ගමන් කරන විට හමුවන පල්ලේබැද්ද ප්‍රදේශයට නුදුරුව පිහිටා ඇති මෙම උඩගම දූවිලි ඇල්ලට එම නම ල...
25/06/2021

පැල්මඩුල්ල - ඇඹිලිපිටිය මාර්ගයේ ගමන් කරන විට හමුවන පල්ලේබැද්ද ප්‍රදේශයට නුදුරුව පිහිටා ඇති මෙම උඩගම දූවිලි ඇල්ලට එම නම ලැබී ඇත්තේ එයින් ජලය ගලා හැලෙන විට ජල බිඳු දූවිල්ලක් මෙන් සතර අත විහිදෙන නිසාවෙනි

පැල්මඩුල්ල සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කරද්දී දකුණු දෙසට හමුවන කුඹුරුගමුව පාරට හැරී ටික දුරක් ගොස් උඩගම හන්දියෙන් නැවත දකුණට හරවා උඩගම ග්‍රාමය තෙක් පැමිණ ඉන්පසු කුඹුරක් ඔස්සේ සහ වන ලැහැබක් ඔස්සේ කිලෝමීටර් 1 1/2 පමණ ගමන් කොට උඩගම දූවිලි ඇල්ල ආසන්නයට ලඟාවිය හැක

මීටර් 30ක් පමණ උසින් යුක්ත මෙම උඩගම දූවිලි ඇල්ල මුදුනට නැගි විට එය මුදුනේ තවත් කුඩා දියඇල්ලක් සහ ස්වභාවික තටාකයක්ද දැකගත හැකි අතර එම කුඩා දියඇල්ලටත් ඉහලින් ජල පහර හරස් වන ලෙස බැම්මක් ඉදිකොට කුඩා ප්‍රමාණයේ විදුලි බලාගාරයක් සඳහා ජලය ලබා ගෙන ඇති මුත් වර්තමානයේ එම බලාගාරය ක්‍රියාත්මක නොවේ. කෙසේ නමුත් එම බැම්ම නිසා පායන කාලවලදී උඩගම දූවිලි ඇල්ලෙන් ඇදහැලෙන ජල ප්‍රමාණය ඉතා අඩු වන අතර වර්ෂා සමයන්හිදී මෙමගින් තරමක ජල ප්‍රවාහයක් ඇදහැලේ.

උඩගම දූවිලි ඇල්ල ආසන්නයට ලඟාවීමෙන් අනතුරුව උඩගම දූවිලි ඇල්ල ඉදිරිපස සිට දකුණු පස බැලූවිට ඒ දෙසින් ගලා එන තවත් ජල පහරක් දැකගත හැක. එම ජල පහර ඔස්සේ ඉහලට මීටර් 200 පමණ ගමන් කල විට උඩගම හඳපාන් ඇල්ල හමුවේ. මෙම උඩගම හඳපාන් ඇල්ල අසල ප්‍රදේශය ඉතාමත් පාලු සහ ගුප්ත ස්වභාවයකින් යුක්ත වන අතර මීට ටික කලකට ඉහතදී මේ අවට ගම්මානයක කාන්තාවක් හදිසියේ අතුරුදහන් වීමෙන් අනතුරුව ටික දිනකට පසුව මෙම උඩගම හඳපාන් ඇල්ල අසල අබිරහස් ලෙස මරා දමා තිබියදී සොයාගෙන ඇත. මෙවැනි හේතු නිසා ගම්වාසීන් සහ බොහෝ සංචාරකයින් වුවද උඩගම හඳපාන් ඇල්ල නැරඹීමට එතරම් නොයන අතර එය ඉදිරිපිට ගස් වල අතු වැනි දේ කඩා වැටී ලඟා වීමට පවා තරමක් අපහසු තත්වයක පවතී

කෙසේ නමුත් අවට ගම්වල ජනතාව මෙම උඩගම දූවිලි ඇල්ලෙහි ජලයෙන් තම පානීය ජල අවශ්‍යත සපුරා ගන්නා බැවින් ඔබ මෙහි යන්නේ නම් අවට පරිසරය අපවිත්‍ර නොකර ආපසු පැමිණීමට වග බලාගත යුතුය

මහනුවර - යාපනය A9 මාර්ගයේ මාතලේ සිට දඹුල්ල දෙසට ගමන් ගන්නා විට නාඋල නගරයට ආසන්න වත්ම මුදුන් තුනකින් යුක්ත අලංකාර කඳු ගැට...
23/06/2021

මහනුවර - යාපනය A9 මාර්ගයේ මාතලේ සිට දඹුල්ල දෙසට ගමන් ගන්නා විට නාඋල නගරයට ආසන්න වත්ම මුදුන් තුනකින් යුක්ත අලංකාර කඳු ගැටයක් දර්ශනය වේ. අරංගල නමින් හැඳින්වෙන එම කඳුවැටිය ආශ්‍රිත ඉතිහාසය සැලකූ විට එය වසර 1818 දක්වා දිවෙන අතර මෙරට ජාතික වීරවරයින් ලෙස සැලකෙන වීර කැප්පෙටිපොළ සහ ගොංගාලේ ගොඩ බණ්ඩා වැන්නවුන් 1818 කැරැල්ල සමයේ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සේනා සංවිධානය කිරීම සඳහා මෙම අරංගල කඳුවැටිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය යොදාගෙන තිබේ.

මහනුවර - යාපනය A9 මාර්ගයේ නාඋල ජාතික යොවුන් සේනාංක පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ආසන්නයෙන් ආරම්භ වන කොන්ක්‍රීට් යෙදූ මාර්ගයට අවතීර්ණ වී එහි අවසානය දක්වා ගිය විට අරංගල කඳු පාමුලට පිවිසිය හැක. එතැන් සිට වනාන්තරය තුලට අඩි පාරක් දක්නට ලැබෙන අතර ඒ ඔස්සේ කඳු පාමුල නිවෙස්වලට ජලය ලබා ගැනීම පිණිස සවිකරන ලද වතුර බටද දක්නට ලැබුණි. එම අඩි පාරේ වතුර බට ඔස්සේ ගමන් ගත් විට ඉදිරියෙන් දක්නට ලැබුණේ කුඩා ප්‍රමාණයේ ගල් ගුහාවකි. ගම්වාසීන් පැවසූ පරිදි කලකට ඉහත එහි ස්වාමීන් වහන්සේ නමක් භාවනානුයෝගීව වැඩ වාසය කර ඇති අතර පසු කාලයේදී උන්වහන්සේ එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ. අඩි පාරේ තවත් ඉදිරියට ගමන් කල විට දිය සීරාව සහිත ස්ථානයක් හමුවන අතර ඉදිරියෙන් එම ස්ථානයට ඉතාමත් සිහින් දිය පහරක් ගලා ඒ. එම ස්ථානයේදී හඳුනා ගත් පරිදි සැබැවින්ම කිවහොත් මෙය අඩි පාරක් නොව වියලුණු ඇල මාර්ගයකි. වර්ෂා සමයන්හිදී කන්ද මුදුනේ සිට මෙම ඇල මාර්ගය දිගේ ජලය පහලට ගලා එනු ඇති අතර එම ජලය තම නිවෙස් වල ප්‍රයෝජනයට ගැනීම සඳහා ගම්වාසීන් විසින් මෙම වතුර බට අටවා තබා ඇත. මෙම ඇල මාර්ගය දිගේම ඉහලට ගමන් කිරීම මගින් ඉතා පහසුවෙන් අරංගල පලවෙනි මුදුන තෙක් ගමන් කල හැකි අතර ඒ සඳහා ආසන්න වශයෙන් පැය දෙකක පමණ කාලයක් ගතවේ.

කඳු මුදුන් තුනකින් යුත් අරංගල පලවෙනි මුදුනේ කලකට ඉහත චෛත්‍යයක් ඉදිකර ඇති අතර මේ වන විට එය අර්ධ වශයෙන් විනාශයට ලක්ව ඇත. පලවෙනි මුදුනේ සිටගල් තලාව දිගේ ඉතා පහසුවෙන් දෙවෙනි මුදුන තෙක් ලඟාවිය හැකි මුත් දෙවෙනි මුදුනේ සිට තුන්වෙනි මුදුන දක්වා තරමක් උසට මානා පඳුරු වැවී ඇති ප්‍රදේශයක් හරහා යා යුතුය. කඳු මුදුන් තුන අතරින් තුන්වන මුදුන උසින් වැඩිම මුදුන වන අතර එහි උස 782m පමණ වේ. කඳු කඳු මුදුනේ සිට අවට බැලූ විට ආසන්නයේ ඇති නාඋල නගරය, බෝවතැන්න ජලාශය සහ නාලන්ද ජලාශය ඉතා පැහැදිලි ලෙස දිස්වූ අතර ඊට අමතරව දොළුකන්ද, අම්බොක්ක කන්ද සහ සැලගම කුඩා ලෝකාන්තය, ඇටිපොල සහ ඇටිගල කඳු, යක්කුරාගල, කණ්ඩලම වැව, ඇරෑවුලගල, ගල්කොත්කන්ද මැණික්දෙන සහ ලේනදොර, කාඩිගල, ඉබ්බන්කටුව ජලාශය, බේලියකන්ද, කුමාරගල කඳු ඇතුලු ඉතා පුලුල් පරාසයක් ඉතා අලංකාර ලෙස දැකගත හැකිවිය. එපමණක් නොව නකල්ස් කඳුකරයේ කරගහතැන්න, රිවර්ස්ටන්, ගම්මඩුව වැනි කඳු මුදුන් කිහිපයක්ද අරංගල මුදුනට ඉතා පැහැදිලිව දර්ශනය වූ කඳු අතර විය.

මධ්‍යම පලාතට අයත් වුවත් අරංගල අවට පරිසරයේදී කූඩැල්ලන් දක්නට නොලැබෙන නමුත් අරංගල තරණය කරන විට සර්ප දෂ්ඨනයක් කෙරෙහි ඔබ දැඩි අවධානයෙන් පසුවිය යුතුවේ. වරක් මෙම කන්ද තරණය කල විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක එක් අයෙකුට කන්ද තරණය කරන අතරතුර සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා වහා පහලට ගෙනවිත් වහා රෝහල් ගත කිරීමට සිදුවූ බව අසල නිවෙස් වල ගැමියන් අප හා පැවසීය. එබැවින් අරංගල තරණයේදී සර්ප දෂ්ඨනයන්ගෙන් වැලකීමට සුදුසු ඇඳුම් පැලඳුම් සහ විශේෂයෙන් සපත්තු පැලඳ සිටීම යෝග්‍ය වේ. කන්ද අතරමග ඉතා සිහින්ව ගලා එන ජල මූලාශ්‍රයක් හමුවන අතර එමගින් ජලය බෝතලයක් පුරවා ගැනීමට තරමක් වේලා ගතවේ. එබැවින් ඔබ අරංගල කන්ද තරණය කරන්නේ නම් ප්‍රමාණවත් පරිදි ජලය රැගෙන ඒම නුවණට හුරුය. පලවෙනි මුදුනේ කඳවුරු බැඳීම සඳහා ඉඩ ප්‍රස්ථාව පවතින නමුත් බොහොමයක් කඳු තරණය කරන්නන් එක් දිනක් ඇතුලත තම අරංගල ගමන නිමා කරති.

මාර්තු සිට මැයි මස දක්වා සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශයට වියළි කාලගුණයක් පවතින අතර ජූලි, අගෝස්තු මාසයන්හිදී තද සුළං තත්වයක් බලපැවැත්වේ. ඔක්තෝම්බර් මස වැසි කාලය ආරම්භ වන අතර එය පෙබරවාරි දක්වා ක්‍රියාත්මක වේ. එබැවින් තද සුළං පවතින ජූලි සහ අගෝස්තු මාසවල අරංගල තරණය කිරීමේදී ඔබ ඒ පිළිබඳව සැලකිළිමත් විය යුතුය. අරංගල යනු තනි පාෂාණ උද්ගතයකින් නිර්මාණය වී ඇති කන්දකි. එබැවින් විශේෂයෙන්ම වර්ෂා සමයන්හිදී ඔබ අරංගල තරණය කරන්නේ නම් ගල් තලාව ඉතා ලිස්සන සුළු විය හැකි බැවින් සහ සමහර වැසි දිනයන් වල කඳු මුදුන සම්පූර්ණයෙන්ම වාගේ මීදුමෙන් වැසී පවතින බැවින් ඔබ ඉතාමත් ප්‍රවේසම් විය යුතු අතර එවැනි අවස්ථාවක සිදුවන සුළු අතපසුවීමකින් පය ලිස්සා ගොස් බරපතල අනතුරක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතී. එවැනි දිනයක් අරංගල තරණය සඳහා යොදානොගන්නේ නම් එය වඩාත් යෝග්‍ය වේ.

රහස් ඇල්ල 🧐🧐🧐
21/06/2021

රහස් ඇල්ල 🧐🧐🧐

සංචාරකයින්ගේ සිත් ගත් අලකොල වතුයාය 🧐🧐🧐
21/06/2021

සංචාරකයින්ගේ සිත් ගත් අලකොල වතුයාය 🧐🧐🧐

කටුගස්හින්න ඇල්ල 😎😎😎
21/06/2021

කටුගස්හින්න ඇල්ල 😎😎😎

මහකඳුර ඇල්ල / මන්දාරම් නුවර ගැරඬි ඇල්ල 😎😎😎
21/06/2021

මහකඳුර ඇල්ල / මන්දාරම් නුවර ගැරඬි ඇල්ල 😎😎😎

ආඳාවල ඇල්ල 😎😎😎
21/06/2021

ආඳාවල ඇල්ල 😎😎😎

ධාරාණිපාත වර්ෂාවෙන් හැඩවූ දුන්ගොල්ල ඇල්ල 😎😎😎
21/06/2021

ධාරාණිපාත වර්ෂාවෙන් හැඩවූ දුන්ගොල්ල ඇල්ල 😎😎😎

නකල්ස් රක්ෂිතයේදී 😍😍😍
21/06/2021

නකල්ස් රක්ෂිතයේදී 😍😍😍

කොටගඟ 😍😍😍
21/06/2021

කොටගඟ 😍😍😍

බටදඬු අතරින් ඉලක්කයට 😍😍😍
21/06/2021

බටදඬු අතරින් ඉලක්කයට 😍😍😍

මහවැලි ගඟේ අතු ගංගාවක් වූ නකල්ස් රක්ෂිතයෙන් ආරම්භ වන කොටගඟ 😍😍😍
21/06/2021

මහවැලි ගඟේ අතු ගංගාවක් වූ නකල්ස් රක්ෂිතයෙන් ආරම්භ වන කොටගඟ 😍😍😍

මන්දාරම් වැහි වැටෙන වෙලේ පාරාදීසයේ සුන්දරත්වය විඳිමින් 😍😍😍
21/06/2021

මන්දාරම් වැහි වැටෙන වෙලේ පාරාදීසයේ සුන්දරත්වය විඳිමින් 😍😍😍

Address

Colombo

Telephone

+94770672445

Website

Alerts

Be the first to know and let us send you an email when Onal's Travel Notes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Onal's Travel Notes:

Videos

Share