11/02/2019
වැඩ ලෝකයේ කාර්යබහුල ඔයාලට නිවාඩුවක් හොයාගන්න එක කොච්චර අමාරුද කියන්න අපි දන්නවා. ඒ වගේම ඒ නිවාඩුව ආදරනීය පවුලේ අය, යහලුවන් එක්ක ගතකරගන්න, එයාලගේ නිවාඩුයි ඔයාලගේ නිවාඩුයි ගලපා ගන්න එක ලේසිපාසු දෙයක් නෙවෙයි කියලා අත්දැකීමෙන් අපි හැමෝම දන්නවා.
කොහොමහරි අමාරුවෙන් එහෙම දවසක් හොයාගත්තා කියමුකො. ඒ වෙලාව හැමෝම එක්ක උපරිම සතුටින් ගත කරන්නනනෙ හැමෝම ආස.ඉතින් ඒකට එක එක දේවල් අපි සංවිධානය කරගන්නවා. ඉතින් ඒ අතරින් ට්‍රිප් යන්න දාගන්න අයටයි අපි මේ පණිවිඩය අරන් එන්නෙ.
ඇල්ල, බදුල්ල ,නුවරඑළිය ,හපුතලේ, තිස්සමහාරාම , මඩොල්සිම, බෙලිහුල් ඔය, නුවර, ආරුගම්බේ,රිවස්ටන් වගේ ප්‍රධාන පැති කිහිපයක්ම සම්බන්ද කරගෙන අපි ගොඩාක් ටුවර් පැකේජ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයාලා මෙහෙට එන්න බලාපොරොත්තු වෙන්නෙ මොකේද (කෝච්චියේ, බස් එකේ,වෑන් එකේ), කොච්චර දවසක් ඇවිදිනවද, එන අයගේ ඕනෑ එපාකම්, වයස, කෑම්පින් කරනවද නැද්ද. වගේ නොයෙකුත් කරුනු කාරනා දිහා බලලා විනාඩි කිහිපයක් ඇතුලත අපි ඔයාලට මාස්ටර් ප්ලෑන් එකක් දෙනවා.
සාමාන්‍යයෙන් දවසක් ඇතුලත අඩුම තැන් 4කටත් වැඩිය බලන්න පුලුවන් විදිහටයි අපි ප්ලෑන් එක දෙන්නෙ. ඕන් නම් ඔයාලට කතාකරලා වෙනස් කර ගන්නත් පුලුවන් .
අපිගාව Rs 450/= ඉදලා පැකෙජ් තියෙනවා. දවසක්ම තැන් 4කටත් වඩා බලලා කෑම්පින්ග් නයිට් එකක් එක්ක වුනත් 2000 ට අඩු ගානකින් කවර් කරගන්න පුලුවන්. Safari jeeps වලින් තමයි හැමතැනක්ම අපි ඔයාලට පෙන්නන්න එක්කන් යන්නෙ.
ඔයාලා නවාතැනට වෙන් කරන්න බලාපොරොත්තු වෙන බජට් එක අපට කියන්න. ගානට ගැලපෙන හොදම තැන අඩුම ගානට බුක් කරලා දෙන්නත් අපට පුලුවන්.
මේ දේත් ඔයාලට කියන්නම ඕනි. හිතපු නැති විදිහකට වැස්සක් හරි, පරක්කුවීමක් නිසා හරි (දන්නවනෙ ඉතින් අපේ කෝච්චි එහෙම වැඩකරන වෙලාවල්) මාස්ටර් ප්ලෑන් එක අවුල් වෙන්න හැදුවොත්, අපිට පුලුවන් ඔයාලගේ සතුටට බාධාවක් නැතිවෙන්න ඉක්මනින් කරන්න දාගත්ත දේවල් වෙනස් කරලා අලුත් ප්ලෑනකට යන්න. ඉතින් ඔයාලත් අපිත් එක්ක ෆ්ලෙක්සිබල් නම් ඉතාමත් සාර්තකව සුන්දර මතකයන් ගොඩක් එක්ක ගමන අවසන් කරගන්න පුලුවන්.
අනිත් කාරනාව, ඕනම අධ්‍යාපන ආයතනයක ඉගෙනගන්න අයට කොන්දේසි කිහිපයක් උඩ විශේෂ මිල අඩුකිරීමක් කරන්න අපි සූදානම්.
ඉතින් ඔයාලගේ මීලඟ චාරිකාව Onta travels එක්ක එකතුවෙලා හොදට සංවිධානය කරගෙන ලස්සනට ගොඩදාගන්න කියලා අපි ආරාධනා කරනවා.
Onta travels පේජ් එකට ගිහින් කලින් අපි ගිය tours ටිකක් බලලා වැඩේ කොයි වගේද කියලා පොඩ්ඩක් ඇහැ දාලා බලන්න.
කොයි වෙලාවක හරි අපව සම්බන්ද කරගන්න ඕනවෙයි කියලා හිතෙන අය පේජ් එකට like කරලා තියා ගන්නත් අමතක කරන්න එපා.
විමසීම් 071-7461967 ක්‍රිශාන්