•• Travel with Vima ••

•• Travel with Vima •• hello guys😊,
"life is a journey complete it "
i collect my memories and experience, and share through this page 🌱🍃👣🍄🇱🇰😍

📌️ඌරුමුත්ත රජ්ජුරු බණ්ඩාර දෙවොල                      ❤️🌿🙏🇱🇰  දකුණු පළාතේ,මාතර දිස්ත්‍රික්කයට අයිති ඌරුමුත්ත ග්‍රාමයේ කදු...
21/08/2024

📌️ඌරුමුත්ත රජ්ජුරු බණ්ඩාර දෙවොල

❤️🌿🙏🇱🇰

දකුණු පළාතේ,මාතර දිස්ත්‍රික්කයට අයිති ඌරුමුත්ත ග්‍රාමයේ කදු ගැටයක පිහිටලා තියෙන මේ සුන්දර පූජා භූමිය රජ්ජුරු බණ්ඩාර දෙවියන් උදෙසා පුද පූජා පවත්වන භූමියකි. විවිධ හේතු සඳහා භාරහාර වීමට ජනයා අතර ප්‍රසිද්ධ මෙම පූජා භූමිය වටා ගෙතුනු ජනප්‍රවාද රාශියකි, ඌරුමුත්ත ග්‍රාමය රජ්ජුරු බණ්ඩාර දෙවියන් උපන් ගම ලෙසත්, වළගම්බා රජුට කල උපකාර උදෙසා මේ දෙවොල ඉදිකල බවත් ඉන් කීපයකි.

අකුරැස්ස නගරයේ සිට අකුරැස්ස - පස්ගොඩ මාර්ගයේ 8km පමණ පැමිණ බෝපගොඩ හංදියේ සිට නාවල - මාකදුර - ඌරුමුත්ත - බෝපගොඩ මාර්ගයේ 4.5km පමණ පසු කර මෙම දෙවොලට පැමිණ.පඩිපෙළ් ඔස්සේ දෙවොලට ලඟා වී මෙම සුන්දර ස්ථානය වැඳපුදාගෙන එහි පාරිසරික අසිරියත් විදීමට ඔබටත් විවෘතව පවතී .💖🙏🌿🇱🇰

📌️සද්දාතිස්ස රජු කරවූ        ❤️😍🌿🇱🇰                     එළමල්දෙනිය රජමහා විහාරය            පිටබැද්දර ප්‍රාදේශීය ⁣ලේකම් ක...
20/08/2024

📌️සද්දාතිස්ස රජු කරවූ ❤️😍🌿🇱🇰
එළමල්දෙනිය රජමහා විහාරය

පිටබැද්දර ප්‍රාදේශීය ⁣ලේකම් කොට්ඨාසයට අයත්වන මේ රජමහා විහාරය අකුරැස්ස- සියඹලාගොඩ මාර්ගයේ ගිය විට හමුවන එළමල්දෙනිය මන්සන්දියෙන් දකුණට හැරී එළමල්දෙනිය පන්සල පාරේ මද දුරක් ගමන් කිරීමෙන් පහසුවෙන් ලඟා විය හැක. මුලටියන රක්ෂිතය මැදින් පැරණි ගල් පඩි ඔස්සේ ලෙන් විහාරයට ලඟා විය හැක. ලෙන් විහාරය තුල දහ අට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්ද,කිසිදා ජලය නොසිදෙන දිය උල්පතක්ද දැක ගත හැකිය.ඊට වර්තමානයේ ඉඳිකළ චෛත්‍යයක් ද පිහිටා ඇත. ඉතා මනස්කාන්ත සොභාදහම හා බද්දව පිහිටා ඇති ⁣පෞරානික සුන්දර පුජා භූමියකි.

❤️😍🌿🇱🇰

අද ලෝක කටුස්සන්ගේ දිනය 2024 🦎🌏🌿😍
14/08/2024

අද ලෝක කටුස්සන්ගේ දිනය 2024 🦎🌏🌿😍

වතුරට බහින්න හිතන්නවත් එපා මෙතනනම්        ☠️🤕💖😍☠🌿🇱🇰📌️අත්වැල්තොට ඇල්ල (පීලිතුඩ ඇල්ල )කලුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්...
24/07/2024

වතුරට බහින්න හිතන්නවත් එපා මෙතනනම්
☠️🤕💖😍☠🌿🇱🇰
📌️අත්වැල්තොට ඇල්ල (පීලිතුඩ ඇල්ල )

කලුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ⁣ලේකම් කොට්ඨාසයේ අත්වැල්තොට ප්‍රදේශයේ පිහිටලා තියෙන මේ දිය ඇල්ල ගොඩක් උස නැති වුනත් අපුරු දිය ඇල්ලක් ,ඒ ලස්සන වගේම ගොඩක් අවධානම් තැනක්,කුකුළේ ගඟේ අතු ගංඟාවක් වෙන පැලන් ගඟෙන් පෝෂණය වන මේ දිය ඇල්ල මීටර් 5ක් පමණ උසින් කොටස් දෙකකට දැක බලා ගන්න පුළුවන් .මතුගම -කලවාන ප්‍රධාන පාර අයිනෙම ලේසියෙන්ම යන්න පුළුවන් තැනක් , (නාන්නනම් හිතන්නවත් එපා )⁣ගොඩක් අය මෙතන කියන දේ අහන් නැතුව නානවා. ඒ වගේ අය මෙතන නැති වෙලත් තියෙනවා.වීදිය බණ්ඩාර රජතුමාගේ මැණික් පුටවක් මේ දිය ඇල්ලේ සඟවලා තියෙනවා කියලා ජනප්‍රවාද රැසක් මෙම සුන්දර දිය ඇල්ල වටා ගෙතිලා තියෙනවා .ඔයාලත් අනිවාර්යයෙන් යන එන ගමන් නැවතිලා සුන්දරත්වය විඳලා යන්න.ස්තුති ...💖😌🌿🇱🇰

මේ දූපතේ තව හැංගිච්ච තැන් කොච්චර ඇතිද                               🤕💖🌿🍄🇱🇰
20/07/2024

මේ දූපතේ තව හැංගිච්ච තැන් කොච්චර ඇතිද

🤕💖🌿🍄🇱🇰

Dracaryz lizardz 🔥🐉🐲😅😌🌿💖😍🇱🇰
16/07/2024

Dracaryz lizardz 🔥🐉🐲😅😌🌿💖😍🇱🇰

ගිහින් තියෙනවද ❤️👻😨දකුණේ ගුප්ත වනය කන්නෙලිය 🌿🍄😍🇱🇰සිංහරාජයටම පමණක් දෙවෙනි වන,කුඩාප්‍රදේශයක් තුළ දක්නට ලැබෙන වැඩිම ජෛවවිවි...
15/07/2024

ගිහින් තියෙනවද ❤️👻😨
දකුණේ ගුප්ත වනය කන්නෙලිය 🌿🍄😍🇱🇰

සිංහරාජයටම පමණක් දෙවෙනි වන,කුඩා
ප්‍රදේශයක් තුළ දක්නට ලැබෙන වැඩිම ජෛව
විවිධත්වයකින් සමන්විත වෙන වනාන්තරයක් තමා මේ කන්නෙලිය. කන්නෙලිය -දෙදියගල-නාකියාදෙනිය(KDN) ලෙස වනාන්තර සංකීර්ණයක් ලෙස හෙක්ටයාර 6144ක් පුරා පැතිරිලා තියෙන මේ වනාන්තරයෙන් පක්ෂි විශේෂ 122කුත්, ශාක හා පැළෑටි වර්ග 301කුත් ,උභය ජීවි විශේෂ 19කුත්,උරඟ විශේෂ 39ක්,සමනල විශේෂ 40ක්,මත්ස්‍ය විශේෂ 24කුත්, ක්ෂිරපායි විශේෂ 20කුත්, හඳුනාගෙන ති⁣⁣බෙනවා.

ගාල්ලේ ඉඳලා 35km පමණ දුරින් කෝරලේගම - කන්නෙලිය මාර්ගය ඔස්සේ පැමිණ උඩුගම - හිනිදුම මාර්ගයට ඔබ්බෙන් පිහිටලා තියෙන නන්නිකිත ඇළ දක්වා දිවෙන පටු මාර්ගයේ පහසුවෙන් කන්නෙලිය වනාන්තරයට ලඟා වෙන්න පුළුවන් .

වනාන්තරය අසිරිය විඳ ගැනීමට සංචාරකයන් සඳහා වෙන් වුනු මංපෙත් කිහිපයක් තිබෙන අතර,ඒ එක් එක් මංපෙත් සඳහා මාර්ගෝපදේශකයක ගාස්තු අය කරනු ලබනවා,අනගිමළ ඇල්ල මංපෙත,නවඳගස මංපෙත,කුණකටු කන්ද හරහා නවඳගස මංපෙත ,නාරංගස් ඇල්ල මංපෙත ,කබ්බලේ කන්ද මංපෙත යන මංපෙත් ඔස්සේ මාර්ගෝපදේශකයකුගේ සහය ඇතුව වනාන්තරය නරඹන්නට පුළුවන් ,

සොභාදහමට ආදරය කරන දෙස් විදෙස් සංචාරකයන් හට කන්නෙලිය කියන්නේ පිස්සුවක් 😌😇💖😍🌿🍄🍃🇱🇰

හිතුමතේ යන්න හිතන්නවත් එපා..😐💖🇱🇰🌿   📌️රුසීගල බස්නාහිර පළාතේ ,පාලින්ද නුවර ප්‍රාදේශීය ⁣ලේකම් කොට්ඨාසයේ ,දිගන්න කියන ගමේ එ...
10/07/2024

හිතුමතේ යන්න හිතන්නවත් එපා..😐💖🇱🇰🌿
📌️රුසීගල

බස්නාහිර පළාතේ ,පාලින්ද නුවර ප්‍රාදේශීය ⁣ලේකම් කොට්ඨාසයේ ,දිගන්න කියන ගමේ එක් කොනක තමා මේ කන්ද පිහිටලා තියෙන්නෙ

මුහුදු මට්ටමේ ඉඳල අඩි 1300 විතර උසකින් පිහිටලා තියෙන මේ කන්ද රුසීගල ආරණ්‍ය සේනාසනය හරහා අඩි පාරක්වත් නැති මහ කැලේ ඇතුලෙන් තමා යන්න තියෙන්නෙ ඒක නිසා නොදැන යන්න එපා,3km විතර කැලේ ඇතුලෙන් කන්දට යන්න ඕන ,phone signal වත් නෑ,වැස්ස කාලෙකනම් කූඩැල්ලෝ ඉන්නවා ඇති වෙන්න , අනිවාර්යයෙන් ගමේ කෙනෙක් එක්ක කතාබහ කරලා සැලසුමක් ඇතුව ගිහින් එන්න පුළුවන් ,ඒ වගේම නොඉඳුල් පරිසර පද්ධතියක් තියෙන නිසා ,ඒවා විනාශ නොකර රැකගන්න ,ඊට අමතරව මේ ගමනෙදි ප්‍රාග් ඓතිහාසික කැබැල්ලෑ ලෙනත් බලා ගන්න පුළුවන් ..😌🍄🌿😍🇱🇰

ගිහින් තියෙනවද.?? 🤔💖🌿📌️ජොබ්බාන ස්භාවික නාන තටාකය     මතුගම,පැලවත්ත නගරයේ ඉඳලා පැලවත්ත - බදුරලිය පාරේ (කලුගල පාරේ)2.5km ව...
01/07/2024

ගිහින් තියෙනවද.?? 🤔💖🌿

📌️ජොබ්බාන ස්භාවික නාන තටාකය

මතුගම,පැලවත්ත නගරයේ ඉඳලා පැලවත්ත - බදුරලිය පාරේ (කලුගල පාරේ)2.5km විතර ඇවිත් වම් පැත්තට හැරිලා හෙවෙස්ස පාරේ ඇවිත් රණේපුරගොඩ ප්‍රාථමික විදුහල පහු කරලා ඉස්සරහට යද්දි හම්බෙන පාලම ළගින් යන වාහන දාලා ලේසියෙන්ම මෙතනට යන්න පුළුවන් ,බදුරලිය පැත්තෙන් යනවනම් කලුගල පාරේ ඇවිත් එන්න පුළුවන් ,ඇවිත් ඔයාලත් පරිස්සමින් නාලා කාලා විනෝදවෙලා පරිසරයත් අපිරිසිදු නොකර එන්න,😌💖😍🇱🇰

📌️ඔලියගන් කැලේ රක්ෂිතය  (විල්පිට කැලේ )💖😍🌿🇱🇰🍄මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ලේකම් කොට්ඨාසයේ තියෙන මේ  රක්ෂිතය හෙක්ටයාර ...
30/06/2024

📌️ඔලියගන් කැලේ රක්ෂිතය (විල්පිට කැලේ )💖😍🌿🇱🇰🍄

මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ලේකම් කොට්ඨාසයේ තියෙන මේ රක්ෂිතය හෙක්ටයාර 482.9 ක වපසරියකින් සමන්විත වෙනවා.අකුරැස්ස කඹුරුපිටිය පා⁣රේ අතරමැදදී හම්බෙන මේ රක්ෂිතය ගොඩක් අය නැවතිලා ගිමන්හරින තැනක්,හාලිඇල වැවත් මායිම් කරගෙන පිහිටලා තියෙන නිසා සුන්දරත්වය කියලා නිම කරන්න බෑ .ඔයාලත් අනිවාර්යයෙන් යන එන ගමන් නැවතිලා පරිසරයට හානි නොකර සුන්දරත්වය විඳලා යන්න.ස්තුති ..

පොද වැස්සයි මීදුමයි එක්ක රිවස්ටන්   කියන්නේ පිස්සුවක් 😌😇💖😍🌿🍄🍃🇱🇰 මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රිවස්ටන්,නකල්ස් රක්ෂිතයට...
27/06/2024

පොද වැස්සයි මීදුමයි එක්ක රිවස්ටන්
කියන්නේ පිස්සුවක් 😌😇💖😍🌿🍄🍃🇱🇰

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රිවස්ටන්,නකල්ස් රක්ෂිතයට අයත්වන අතර ,මුහුදු මට්ටමේ සිට 1265m උසකින් පිහිටා ඇති අතර රිවස්ටන් වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ එහි පිහිටා ඇති සුළං කපොල්ලත් ,එහි පවතින හෝර්ටන් තැන්නට සමාන කාලගුණික තත්ත්වයත් නිසාවෙනි. ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසර පද්ධති රැක ගැනීම ඔබගේත් මගෙත් යුතුකමකි ,ස්තුති ....😌💖
゚viralシ

📌️තඹදොල ඇල්ල එකම දිය ඇල්ලට නම් 5ක් !!😮❤️🌱👣😍 🇱🇰බස්නාහිර පලාතේ,කලුතර දිස්ත්‍රික්කයේ ,අගලවත්ත ප්‍රාදේශීය ⁣ලේකම් කොට්ඨාසයේ ,...
05/06/2024

📌️තඹදොල ඇල්ල

එකම දිය ඇල්ලට නම් 5ක් !!😮❤️🌱👣😍 🇱🇰

බස්නාහිර පලාතේ,කලුතර දිස්ත්‍රික්කයේ ,අගලවත්ත ප්‍රාදේශීය ⁣ලේකම් කොට්ඨාසයේ ,පොල්ගම්පොල රිදීවිට ගම්මානයේ පිහිටා ඇති මෙම සුන්දර දිය ඇල්ලට විවිධ හේතු නිසා එකිනෙකට වෙනස් නම් 5ක් භාවිතා වේ,
📍තඹදොල ඇල්ල /පොල්ගම්පොල ඇල්ල /රිදීවිට ඇල්ල /කුරුපිට ඇල්ල /මොරගල ඇල්ල ආදි ලෙස වේ.
📍මීටර් 3ක් පමණ උසැති මෙම දිය ඇල්ල අවට ඇති වනගහනය හේතුවෙන් දවස පුරා අදුරෙහි ගිලී පවතී. ඒ වගේම ජනප්‍රවාද රැසක් මෙම දිය ඇල්ල වටා ගෙතී පවතී.
📍 පොල්ගම්පොල හංදියේ සිට කුරුපිට මාර්ගයේ 1.5km පමණ පැමිණ මද්දෙකන්ද හරහා රත්මලේ මාර්ගයේ 2km පමණ ගිය විට රථවාහන නවතා පහසුවෙන් දිය ඇල්ල වෙත ෆයිනස් කැලයක් ඔස්සේ ලඟා විය හැක. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ද,සති අන්තයේදී දිය ඇල්ල නැරඹීමට පැමිණෙති. තවමත් කිලිටි නොවු ගැමි සුන්දරත්වය ඔබට හොඳින්ම අත්විඳීමට හැකියාව මෙහිදී සැලසේ. පරිසරයේ සුන්දරත්වය විද,පරිසරයත් ඔබත් දෙදෙනාම රැක ගැනීම ඔබගේ වගකීමකි.ස්තුති ..😁🌿😉🌱🍄😊😍👣🇱🇰

゚viralシ

📌️මියුනු ඇල්ල 🌱👣🍄🇱🇰...       දිය ඇල්ලත් බලලා,කානුවක් දිගේ පාවෙලා යන්න ආස අයට 😁😉😍 📍යන්නෙ කොහොමද ?බුලත්සිංහල පැත්තෙන් යනවන...
02/06/2024

📌️මියුනු ඇල්ල 🌱👣🍄🇱🇰...
දිය ඇල්ලත් බලලා,කානුවක් දිගේ පාවෙලා යන්න ආස අයට 😁😉😍
📍යන්නෙ කොහොමද ?
බුලත්සිංහල පැත්තෙන් යනවනම් 12km වගේ නිග්ගහ හරහා එන්න ඕන,පාහියන්ගල යන පාර ,google map පාර හරි,හැබැයි පාර අබලන් bike ,4×4 වාහන වලට අවුලක් නෑ .අයගම පැත්තෙන් යනවනම් 10km වගේ,ඒ පාර අවුලක් නෑ කියලා ග⁣මේ අය කිව්වා .

📍දිය ඇල්ල මුදුන කිට්ටුවටම වාහන එන්න පුළුවන් ,වතුර අඩු කාලෙකනම් පරිස්සමින් ගිහින් බලන්න ,ඒ ලස්සන විඳින්න ,එතනම අයින දිගේ පහළට බැහැලා දිය ඇල්ල පහළ කොටසත් බලන්න පුළුවන් නාන්න නම් යන්න එපා එතන,
📍කානුව
දිය ඇල්ලෙ වතුර බැම්මක් බැඳලා කානුවක් දිගේ බලාගාරයකකට අරන් යනවා ගමේ අය කිව්ව විදියට 2km විතර මේ කානුව තියෙනවා,කානුවෙ යන්න අවසර ගන්න ඕනෙ නෑ,ඔයාලට ඕන විදියකට කානුවේ පාවෙලා යන්න පුළුවන් කැලේ ඇතුලෙන් ,ඒක මාරම අත්දැකීමක් අනිවාර්යයෙන් යන්න ඔයාලත් ,කැළිකසළ දාලා එන්නෙ නැතුව රකින්න සොභාදහම ,එයාලත් ඔයාලා රක්වි නොහිතන මොහොතක,ස්තුති ..😁🌿😉🌱🍄😊😍👣🇱🇰

Address

Galle
Elpitiya

Telephone

+94719351734

Website

Alerts

Be the first to know and let us send you an email when •• Travel with Vima •• posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category