ඔලුව හැරුනු අතේ , Oluwa Harunu Athe

ඔලුව හැරුනු අතේ , Oluwa Harunu Athe Hey ! 🤗
Welcome to Oluwa Harunu Athe - ඔලුව හැරුනු අතේ Official Page

බතට කන්න බැරි බතලේගල කන්ද පැයෙන් නැගපු හැටි බලන්න ..😌in collaboration with J'pura Adventure Clubhttps://youtu.be/K7mXI-2...
11/05/2024

බතට කන්න බැරි බතලේගල කන්ද පැයෙන් නැගපු හැටි බලන්න ..😌
in collaboration with J'pura Adventure Club
https://youtu.be/K7mXI-2xfl

18/04/2024

කලුතරට පෙණුනු ශ්‍රී පාදය..😍🙏

පමා වූවාට කමා වුව මැන..😁හෙට හවස 5ට වීඩියෝ එකෙන් හම්බෙමූ. ❤️🥰
06/03/2024

පමා වූවාට කමා වුව මැන..😁
හෙට හවස 5ට වීඩියෝ එකෙන් හම්බෙමූ. ❤️🥰

පුලතිසිපුර සංචාරය | පොළොන්නරුව 🪨🍃 අවසන් දිනය - Day 03සොළොස්මස්තාන වන්දනාව එක දවසෙන් බලලා ඉවර කරන්න බැරි උනත් වැදගත්ම ටික...
25/02/2024

පුලතිසිපුර සංචාරය | පොළොන්නරුව 🪨🍃

අවසන් දිනය - Day 03

සොළොස්මස්තාන වන්දනාව එක දවසෙන් බලලා ඉවර කරන්න බැරි උනත් වැදගත්ම ටික අපි බලලා සවස් යාමයේ පොලෝපුර ගිනිපෙට්ටි පාලමට ආවා මතක හිටින ආතල් එකක් ගන්න... 😍

ගමන කෙසේ නිමාවුනත් මා ගත කළ සොදුරුතම චාරිකාවක අවසානය අපි සනිටුහන් කලේ දවස් 3 අඩුවක් නැතිව සලකපු ඇලයාගේ ගෙදර අයට පින් දී වැද පුදාය. 🙏

මම සවිදු
ඔලුව හැරුනු අතේ , Oluwa Harunu Athe

පුලතිසිපුර සංචාරය | පොළොන්නරුව 🪨🍃 දෙවන දිනය -Day 02අපි කතාකරගත්තු විදියට අද දවසේ අපි ලොකු රවුමක් දාගෙන ඉදියේ යන්න. මට ලො...
16/02/2024

පුලතිසිපුර සංචාරය | පොළොන්නරුව 🪨🍃

දෙවන දිනය -Day 02

අපි කතාකරගත්තු විදියට අද දවසේ අපි ලොකු රවුමක් දාගෙන ඉදියේ යන්න. මට ලොකු ආසාවක් තිබ්බා කන්දක් බඩගාන්න පොලොන්නරුව ඇවිත්. ඉතින් ඒක ඉශ්ට කරගන්න අපි ඔක්කොම ගමන ප්ලෑන් කරා දිබුලාගල ගිහින් එන්න. අපි හිතුවට වඩා ලොකු දුරක් තිබ්බා අපේ දගයාගේ ගෙදර ඉදන්. 6 දෙනාට බයික් 3 කුත් සෙට් කරගෙන අපි උදේ 10 විතර තමා යන්න පිටත් වුනේ.

මේ ගමන හිතුවට වඩා කොච්චර ආතල්ද කියනවනම් දිබුලාගල පන්සලේ අහස් මාළිගාවට විතරක් නොයා අපි එතනින් කැලෑවට බැහැලා 5km විතර ගිහින් අතීතයේ විසූ ආරණ්‍යවාසී භික්ෂූන් භාවනායෝගීව වැඩ සිටි ලෙන් සහ ඹෞෂද පොකුණ සොයා ගියා..ඒ කැළෑ පාර කොච්චර අමාරුද කියනවනම් ඒ පාරට කියන්නේ මාරයාගේ පාර කියලා..🙂

හැබයි ඒ ලෙන ඉස්සරහ තීන view එකනම් වචනවලින් කියන්න බැරි පුදුම පිහිටීමක තියෙන සුන්දරම තැනක්. ඒ ලෙන් වල ඒ කාලේ ලියලා තිබුන සෙල්ලිපි දැකගන්න පුලුවන් උනා.. ඉතින් එදා ගත්ත ඒ අත්දැකීමනම් මාර වටිනවා.

හොදම ආතල් එක උනේ ලෙන පැත්තේ ඉදපු රිලව් සෙට් එකක් අපිව එක පාරටම වටකරන්න ගත්තා.. අපි කැලෑව පිරගෙන පල්ලෙහාට ආවත් මුන් අපේ පස්සෙන්ම ආවා.. මල කෙලියයි පාර මගඇරුනා මේ රිලව් වදේ නිසා..දැන් කෝමත් කරන්න දෙයක් නැති නිස මම භූමි උපක්‍රම පාවිච්චියට අරගෙන මම කැලෑවේ එක පැත්තකට යන්න ගියා.. කලබලේ බැහැගෙන එද්දි ඒ හරිය තිබ්බ ගල් තලාවක වතුර පාරකට අපේ උන් දෙන්නක්ම ලිස්සලා වැටුනා..

කොහොම හරි පාර පල්ලෙහාට එද්දි කැලෑව මැද ගිමන් හරින භික්ෂු නමක් අපිට මුනගැහුනේ නිකන් අපේ පිහිටට දෙයියෙක් ආවා වගේ..එතනින පස්සේ අපි පහල පන්සලට හාමුදුරුවගේ පිහිටෙන් ආවා..

දෙවැනි දවසේ වෙච්ච ආතල් තමා මේ පොලොන්නරු ගමනේ හොදම ටික.. 🤣 ඉතින් කවදාවත් අමතක වෙන් නැති ගමනක් එක්ක අපි දෙවැනි දවස නිමා කලා..❤️🥹

ඉතින් ගමනේ ඉතුරු ආතල් ටික ඊලග පෝස්ටුවෙන් දාන්නම්..

මම සවිදු
ඔලුව හැරුනු අතේ , Oluwa Harunu Athe fans

08/02/2024

කිසිදේකට ඇබ්බැහි වෙන්න හොද නෑ, මේ කඳු දිහා බලල උනත් සතුටුවෙන්න පුළුවන් 🍃🥹

https://vt.tiktok.com/ZSFN3R4ts/

පුලතිසිපුර සංචාරය | පොළොන්නරුව 🪨🍃 පළමු දිනය -Day 01පොළොන්නරුව ගැන අපිට දගයා කියපු විදියට සම්පූර්ණයෙන්ම positive side එක ...
07/02/2024

පුලතිසිපුර සංචාරය | පොළොන්නරුව 🪨🍃

පළමු දිනය -Day 01

පොළොන්නරුව ගැන අපිට දගයා කියපු විදියට සම්පූර්ණයෙන්ම positive side එක වෙච්ච trip එකක් උනා..ඒ මොකද කියනවනම් පොලොන්නරුව කියන්නේ කියන තරම් ශුශ්ක කලාපයක් නෙවේ කියල එදා ඔප්පු උනා.. (සැ.යු. : අපි ගියේ වැහැලා පායපු පළවෙනි සතිය වගේ )🫠

ගමන් පටන් ගත්තේ කොටුවෙන් උදේම මඩකලපුව බලා පිටත් උනු කොච්චියේ..හිගුරක්කැටියෙන් බහිද්දී දවල් 3 විතර උනා..(පොතේ හැටියට එන්න තිබ්බේ 1 ට විතර 🤣) එදා හවස් යාමේ ඉදන් ගත්තු ආතල් එක තමා මේ පොටෝ එකතුවෙ තීන්නේ..

ඉතින් එදා හවස අපි ගියේ බොටකදයෝ 🐘 (අලින්ට එහේ අය මේමත් කියනවා 😇 ) පිරිච්ච කවුඩුල්ල රක්ෂිතය අස්සෙන් කවුඩුල්ල වැවේ හවස යාමයේ ආතල් එකක් ගන්න..ඒ ආතල් එක හිතුවට වඩා හොදට උනා.. මොකද කියනවනම් මම වැවක ඉදන් දැකපු ලස්සනම sunset එක දැක්ක නිසා. 😍

කවුඩුල්ල වැවේ සුන්දරත්වය බලන ගමන් බයෙන් ඉදියේ හවස් වෙද්දී බොටකදය ඒවිද කියලා.. අලි වෙඩි සද්දේනම් වටෙන් ඇහුනට අපි ඉදිය පැත්තට බොදකදයා ආවේ නෑ..ඒත් අපි බලාපොරොත්තු උනා එයාලව 🙂🐘

ඉතින් ගමනේ ඉතුරු ආතල් ටික ඊලග පෝස්ටුවෙන් දාන්නම්..

මම සවිදු
ඔලුව හැරුනු අතේ , Oluwa Harunu Athe fans

කරණම් කැටයම් 😇✨️
30/01/2024

කරණම් කැටයම් 😇✨️

දගයගේ කරනම් වැඩ එක්ක කවුඩුල්ල වැවේ ගත කරපු සොදුරු සවස් වරුව.. 😍🍃
30/01/2024

දගයගේ කරනම් වැඩ එක්ක කවුඩුල්ල වැවේ ගත කරපු සොදුරු සවස් වරුව.. 😍🍃

It's me 🙂  At කවුඩුල්ල වැව
30/01/2024

It's me 🙂
At කවුඩුල්ල වැව

Raksagala 🪨 | කිණිහිර කන්ද දොළොස්භාග කදු පන්තියේ තිබෙන දෙවැනි උසම කන්ද කිනිහිරිගල / රාක්සගල / පත්තිනිඅම්මා ගල නොහොත් රාස...
27/01/2024

Raksagala 🪨 | කිණිහිර කන්ද

දොළොස්භාග කදු පන්තියේ තිබෙන දෙවැනි උසම කන්ද කිනිහිරිගල / රාක්සගල / පත්තිනිඅම්මා ගල නොහොත් රාස්සගල කියන්නේ..

1. Kabaragala - 1506m
2. Raksagala - 1438m

රාවණා රජුගේ යකඩ කම්මල තිබුන කියලත්, සීතා කුමරිය හංගලා තිබුනු තවත් එක තැනක් ලෙසත් ගම්මු විශ්වාස කරනවා.

රාවණා රජු සීතා කුමරිය විවාහ කරගන්න තොලබොහොර මල් හිටෙව්වලු.. මොකද ඒ මල් ඕන වුනාලු විවාහ උත්සවේට. තොලබොහොර මල් හිටවපු තැනට කියනවා තොලබොහොර පතන කියලා. ඒ පතන තමා කන්දට පහලින් තීන්නේ.

කබරගල කන්ද නගින්නේ තොලබොහොර ගලෙන්.
ඒ ගමට අනිත් පැත්තේ ගම තමයි පරගල කියන්නේ
පරගල ජනපදය. ඒ පැත්තෙන් තමයි රාක්සගල නගින්නේ..

රාක්ස ගල කියලා නම වැටිලා තින්නේ ඉස්සර කාලයේ ගොඩක් රාක්ෂ කුලය ජීවත් වෙලා ඉඳපු නිසා කියලා ජනප්‍රවාද වල තීනවා..

කන්ද උඩට අකුනු ගහනවා සැරටම..
අලුගොල්ල කියලා ගමකට නමත් වැටිලා තීන්නේ ඉස්සර කන්ද උඩ යකඩ උණු කරද්දි ඒවායෙන් අළු වැටුන නිසාලු..

ඉතින් රාක්සගල යන්නම ඕන තැනක් වෙනස්ම අත්දැකීමක් ගන්න පුලුවන් සුන්දර ගල් පර්වතයක්.. 🍃🪨

මම මේ ගමන ගියේ අපේ කැම්පස් එකේ Adventure Club එකෙන් හයික් උණ තීන මෙඩ්ඩෝ 40 එක්කගෙන..😍

ඉතින් ගමන සුන්දරයි.! 🥰❤
මම සවිදු

🚂🍃 බදුල්ලේ කෝච්චිය උමං මාර්ගයට ඇතුලු වන ඒ සුන්දර මොහොත..
26/01/2024

🚂🍃 බදුල්ලේ කෝච්චිය උමං මාර්ගයට ඇතුලු වන ඒ සුන්දර මොහොත..

ඇල්ල සංචාරය - රාවණා ඇඩ්වෙන්චර් පාර්ක්වංගෙඩිගල තරණය අවසානයේ අපගේ ඊලග ගමනාන්තය උනේ Ravana Adventure Park - Ella ඇල්ල නගරයට...
23/01/2024

ඇල්ල සංචාරය - රාවණා ඇඩ්වෙන්චර් පාර්ක්

වංගෙඩිගල තරණය අවසානයේ අපගේ ඊලග ගමනාන්තය උනේ Ravana Adventure Park - Ella

ඇල්ල නගරයට පහලින් ඇති ඌව කරදගොල්ල කියන ප්‍රදේශයේ පිහිටි සංචාරකයින් අතර වැඩිපුර ඇස නොගැටුනු පල්ලෙවෙල දියඇල්ල සහ තවත් දියඇලි රාශියකින් සැදුම්ලත් ඉතාමත් සුන්දර නිස්කලංක පෙදෙසකි.

Ravana Adventure Park එකට ගියොත් මාරම ලස්සන views ටිකක් වගේම සුපිරි ඇඩ්වෙන්චර් වැඩ ඕන එකක් කරන්න සුපිරිම පොට් එක.. ඉතින් අපිත් ඉදපු දවස් දෙකේ full camping ආතල් එකක් දියඇල්ලක් ඉස්සරහ කරා. 😇❤️

ඉතින් රාවණා ඇඩ්වෙන්චර් පාර්ක් එකට ගියොත් Waterfall Abseiling , Rock Climbing, Confidence Jump, Rock Sliding, Jungpe trekking, Zip Line වගේ ආතල් කෝටියක් ගන්න පුලුවන්... 😍🪨
වැඩි විස්තර එයාලගේ page එකට ගිහින් බපන්නකෝ 😇

වංගෙඩිගල කදු පන්තිය බලා ගිය ගමන. 🏔️✨🍃ගමනේ ආරම්භය වැලිඔය Double Bridge අසලින් උදේට කරස් ගාල හැපෙන රෝල් 2 රොටියයි ප්ලේන්ටි...
23/01/2024

වංගෙඩිගල කදු පන්තිය බලා ගිය ගමන. 🏔️✨🍃
ගමනේ ආරම්භය වැලිඔය Double Bridge අසලින් උදේට කරස් ගාල හැපෙන රෝල් 2 රොටියයි ප්ලේන්ටියයි. 😍

කන්ද මැද ෆයිනස් හරියේ තීන වතුර පාරත් හිදිලා තිබ්බ නිසා වතුර නැතුව කන්ද නගින්න උනා..😒

ඔක්කොම හරි ඒපාර වහින්න ගත්තා. ( අපි වැස්ස season එකේඅන්තිම දවසේ වගේ ගියේ 🫠)

වංගෙඩි ගලට එද්දී සුපිරියටම තෙමිලා ඉදියේ..හැබැයි එතනට ආවම ඔක්කොම අමතක වෙලා විටින් විට ආපු view එක දිහා බලන ගමන් කල්පනා කලේ මේ වැස්සේ බලතුඩුවට යාගන්න පුලුවන් වේවිද කියලා 🤔

කොච්චර එපා උනාද කියනවනම් එතනින එහාට මෙලෝ දෙයක් පේන් නැති ගානට මීදුම බෑවා..🥺 ටෙන්ට් එක දිග අරින්නවත් විදියක් නෑ වහින්න ගත්තා..

කියන්න දුකයි පැයක් විතර උඩට වෙලා හීතලේ හිතලා හිතල අන්තිමට තීරණය කලා මුලු කන්දටම උනු අපි මේ වැස්සේ ඉදල තේරුමක් නෑ කියලා අපි පට්ටම අවුලෙන් කන්ද බැස්සා..(කවදාවත් නොකරපු වැඩක් පට්ටම අවුලෙන් ආයි හැරුනේ..හැරිලා ආයි එන්නත් හදලා ඒක මේ වැස්සේ ගන්න මෝඩ තීරණයක් කියලා එන්න ආවා..😪)

ඔක්කොම වෙන්නේ හොදටනේ 🤣 අපි ඊට වඩා ආතල් එකක් ඊට පස්සේ ගත්තා.ඒක පස්සේ කියන්නම් 😇

කදු පික්කෝ : Venura Denethpriya Charith Ekanayake

ඔලුව හැරුනු අතේ , Oluwa Harunu Athe

20/01/2024

බදුල්ලේ කෝච්චිය කියන්නේ වෙනමම feeling එකක්..🍃🥹

15/01/2024

ඒ මොහොත..🥰🍃❤

නමුනුකුල කන්දේ වතුර තියෙනවා කියලා දැනන් ඉදියද.. 🤫🔗 https://youtu.be/ry9SOA_9d0o
04/01/2024

නමුනුකුල කන්දේ වතුර තියෙනවා කියලා දැනන් ඉදියද.. 🤫
🔗 https://youtu.be/ry9SOA_9d0o

International Mountain Day 🏔️🍃"Restoring Mountain Ecosystems."
11/12/2023

International Mountain Day 🏔️🍃
"Restoring Mountain Ecosystems."

🌞Sets Endless designs in every second !
10/12/2023

🌞Sets Endless designs in every second !

Address

Galle

Telephone

+94778490717

Website

Alerts

Be the first to know and let us send you an email when ඔලුව හැරුනු අතේ , Oluwa Harunu Athe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ඔලුව හැරුනු අතේ , Oluwa Harunu Athe:

Videos

Share

Category