30/01/2022
උපුටා ගැනීමකි.
ආපහු දාන්නම්... කලිනුත් දැම්මා.... ඔලුවට අරන් සිහියෙන් පරිස්සමින් වාහනේ යමු.
නින්ද යනවද? නිදි මත එනවද? හයර් එකක් යනවනම් මේ ගැනත් හිතන්න....
සමහර කොල්ලො නම් දන්නෙ නෑ.. හැබැයි රියදුරෙක් කියන්නෙ දෙවියෙක් වගේ.. මොකද ඒ මනුස්සයගෙ අතේ තමයි යන හැම කෙනාගෙම ජීවිතේ රැදිලා තියෙන්නෙ.
වාහනෙට වැදලා ප්‍රාර්ථනාවක් කරලා රෝද හතර එලියට ගන්නෙ ලොකු බලාපොරොත්තුවක් ඇතුව. එහෙම නේද?
ලොකු හයර් එකක් යනවනම් රියදුරු වගේම ඒ හයර් එක යන අයටත් ලොකු වගකීමක් තියෙනවා.
ඉස්සෙල්ලම කතා කරන්න ඕනෙ හයර් යන අපේ මිනිස්සු ගැන...
සමහරු තේ එකක් වත් අරන් දෙන්නෙ නෑ...සමහරු නිදා ගන්න කියන්නෙත් වාහනෙ... සමහරු කතාවක් වත් නෑ ඉස්සරහ සීට් එකේ රජා වගේ වාඩි වෙලා ටික වෙලාවකින් පොල් ලී ඉරනවා.... සමහර උදවිය අනේ ඔය දාලා තියෙන සිංදුව අඩු කරන්නකො... ඔන්න ඔහොමයි....
එහෙම කරන්න එපා.. ඕගොලොන්ව පරිස්සමට එක්ක යන්න තමන් එක්ක යන රියදුරු මහත්තයා ගැන අවදානය දෙන්න පවුලෙ කෙනෙක්ටම වගේ.. මොකද ඕගොල්ලො සල්ලි දීලා තමයි හයර් එකක් යන්නෙ ඒ උනාට අපි හැමෝම ලේ මස් වලින් හැදුන මිනිස්සු. ඕගොල්ලොන්ට තේරෙන්න ඕනෙ වාහනය පදවන විදියෙන් ඔහු වැඩ්ඩෙක්ද නැත්නම් ශුවර් නෑ වගේද කියලා...
අව්ල් වගේ නම් කියන්න හෙමින් යමු කියලා කියන්න.
මහ දවල්ට අව්ව සැරට හරි අමාරුයි ඒ වගේම තමයි පැය ගානක් එක විදියට වාහනයක් පදවනකොට. AC නෙමේ කොහොම ගියත් ඒක එහෙම තමයි. ඒ නිසාම නින්ද කියන එක එන්න පුලුවන්. දවස් ගානක් එක දිගට වාහනය පදවන අය ඉන්න පුලුවන් ඒ අය ගැනත් අවදානය දෙන්න.
තේ එකක් බුලත් විටක් කනවනම් ඒක. පොඩි කඩල පැකට් එකක් වගේ දුන්නට කමක් නෑ. කෑම කනකොට උනත් පුලුවන් නම් අහලා බලන්න මොකද බර ආහාර ගත්තටම හරි අමාරුයි වාහනයක් පදවන්න. අපි හිතන්නෙ නැති පුංචි දේවල් ලොකුවට බලපාන්න පුලුවන්.
සිංදුවක් පොඩ්ඩක් හයියෙන් දම්මොත් රෑට වගේ මොකුත් කියන්න එපා. මොකද ඒක දාන්නෙ කම්මැලිකම පාලුව මැකෙන්න. (කන් අඩි පැලෙන සද්දෙට නෙමෙයි) පුලුවන් නම් ඉස්සර ඉද ගන්න කියන්න රියදුරු මහත්තයා එක්ක කතා කරගෙන යන්න පුලුවන් කෙනෙක්. එහෙම නැතුව ඉද ගත්ත ගමන් ලී ඉරන කෙනෙක් නෙමේ.
මේ ටික ලියන්නෙ හයර් යන අපේම අයට. ඕගොල්ලො හිතන්නෙ නැති පුංචි දේවල් නිස ලොකු අනතුරුදායක දෙයක් වෙන්න පුලුවන්. ඉතින් ගමනක් යද්දි ඕගොල්ලොන්ගෙ සැප පහසුව වගේම එයාගෙ අවශ්‍යතාවයන් ටිකක් හොයලා බලන්න...
මේ ටික අපේ රියදුරු මහත්වරුන්ට.. 🙏
වාහනයක් අතට ගන්නකොට අපි කවදාවත් හිතන්නෙ නෑ මෙහෙම හදිසියෙ දෙයක් වෙන්න පුලුවන් කියලා. අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නෙ දෙවියන්ගෙ පිහිටෙන් පරිස්සමින් ගිහින් එන්න ලැබෙන්න කියලා.
වාහනයක් ගත්තම ඉගිල්ලෙන්න යන්න හදන්න කලින් හිතන්න ඔයා එක්ක පිට මිනිස්සු ටිකක් යන්නෙ ගමනක් ඒ මිනිස්සුව පරිස්සමින් එක්ක යන්න ඕනෙ කියලා.
ඒ වගේම තමයි ස්පීඩ් එලවනවනම් ඔලුවෙ තියන් යන්න ඒ යන වේගෙන්ම තමන්ට වාහනය පාලනය කර ගන්න හෝ නවත්ත ගන්න පුලුවන්ද කියලා. ඔය දේ කරන්න බැරි නම් අනේ කරුනාකරලා තමන්ට පාලනය කර ගන්න පුලුවන් වාහනයේ තරම දැන ගෙන ඒ ගානට රිය පදවන්න. මොකද මිනිස්සු කැමති නැනෙ සල්ලි දීලා මැරෙන්න. අනික ඒකෙන් මේකෙන් පාරෙ ඉන්න තව අහිංසක මනුස්සයෙක්ට කරදරයක් වෙන්න පුලුවන්. මනුස්සයෙක්ගෙ ජීවිතේ වටිනාකම දන්නවනම් ඕගොල්ලො කවදාවත් අනවශ්‍ය විදියට වාහනය පදවන්න එපා. තමන්ගෙ පවුලෙ අය යනවා කියලා හිතාගෙන යන්න ගමන යන්න.
දුර යද්දි නිදි මතක් දැනෙනවනම් ආයෙ හිතන්න එපා නවත්තන්න වාහනෙ පොඩ්ඩක් අයින් කරලා. බහින්න සීට් එකෙන්. මූන ටිකක් හෝදගෙන වාහනෙ වටේ රවුමක් ඇවිදලා එන්න. පාර ටිකක් විනාඩියක් දෙකක් බලන් ඉදලා ආපහු ගමන ආරම්භ කරන්න. තව ඉස්සරහට ගිහින් නවත්තනවා කියන සිතුවිල්ලට ඉඩ දෙන්නම එපා.මොකද ඊලග තත්පරේ ඔයාගෙ මනස වෙන තැනකට ගියොත් ඇහැ පියවෙන එක නවත්තන්න බෑ. එහෙම උනොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. නිකන් බොරුවට වාහනෙත් හප්පගෙන යන මිනිසුන්ටත් හානි කරලා තමන්ටත් අලාභ කර ගන්නෙ මොකටද. එක විනාඩි දෙකක් ඇති ඒ දේ නවත්ත ගන්න.
නින්ද මග හැරෙන ටොපියක් බුලත් විටක් කඩල ටිකක් අරන් යන්න කොහේ හරි යන්න කලින්ම.
අනිත් කාරණය තමයි වේගය. හරියට පාරෙ නීති රීති වලට රිය පදවන්න. කවදාවත් වරදින්නෙ නෑ. නීතියක් කඩනවනම් ඒ අපි ඉරක් කපන එක. දවල්ට නම් කරන්නම එපා. මොකද එහා පැත්තෙන් එන වාහනෙ පේන්නෙ නෑ අපිට.රෑකට අපිට ආලෝක පහන් වලින් හරි පේනවා. ඉස්සර කරනවනම් වාහනයක් බලන්න ඔයා යන වේගෙන් ඒ යන වාහනය ඉස්සර කරන්න පුලුවන් කොතනින්ද. ඉස්සහිං වාහනයක් ආවොත් ඔයාට ආපහු ඔයාගෙ ලේන් එකේ ඇතුලට ගන්න පුලුවන් වෙයිද? ඉස්සර කරන වාහනෙ රියදුරු හරවන්න ඉඩ තියෙනවද, වෙලාව ඇතිද කියන එක තීරනය කරලයි අපි වාහනයක් ඉස්සර කරන්න ඕනෙ.
පස්සෙ තියන් ඇවිත් එක පාරට මූන ඔබල බලන්න එපා ඉස්සර කරන්න පුලුවන්ද කියලා අඩි 5 10 ක් පස්සෙන් ඉදම් බලන්න ඉස්සහින් වාහනයක් එනවද කියලා. නැත්නම් ඉස්සරහ යන වාහනෙට හෝන් එකක් ගහල දන්වන්න මම ඉස්සර කරනවා කියල. එහෙමයි වාහනයක් ඉස්සර කරන්න ඕනෙ. මතක ඇතුව සිග්නල් දාන්න. ආපහු ලේන් එකෙන් ඇතුලට ගන්නකොටත් සිග්නල් දාන්න ඕනෙ හරි විදියට නම්...
ගෙදරින් පිටත් වෙන්න කලින් හුලන්, තෙල් වාහනේ ඔයිල් මට්ටම, වතුර මට්ටම හරියට බලන්න. බ්‍රේක් තත්වය බලන්න. කැඩෙනකම් ඉන්න එපා පොඩි පොඩි අඩු පාඩු හදා ගනන්. ටයර් ගෙවිලා නම් දා ගන්න මොකද අපි හම්බ කරන් කන වාහනෙ.
ඔන්න ඔය ටික සිහියෙ තියන් පරිස්සමින් පාරෙ යන්න වැදගත් රියදුරු මහත්වරු වගේ...
එහෙනම් ජය වේවා.......
&tour