Navigatio Sri Lanka

Navigatio Sri Lanka Love the environment
(3)

Dive into Adventure with Navigatio Sri Lanka! 🌊 After 5 years, we're back with an epic abseiling event at Nonpareil Wate...
22/03/2024

Dive into Adventure with Navigatio Sri Lanka! 🌊 After 5 years, we're back with an epic abseiling event at Nonpareil Waterfalls, Balangoda. Limited spots are available, and secure your spot for an adrenaline-fueled experience of a lifetime! 💪

Please take note of the following details regarding your upcoming event:

Event: Nonpareil Estate Falls Abseiling
Date: March 30, Saturday
Arrival Time: 7:00 AM
Location: Nonpareil Estate Falls, Nagrak, Belihuloya
URL: https://maps.app.goo.gl/Zba9agNrGni7jyTM8?g_st=ic

Activities: launch, evening tea with snacks

Essentials to bring: shoes, long-sleeved trousers, and T-shirt
Meeting point: In front of Nanperiyal Junction at 7:00 AM
Transportation to the waterfall will be provided from there.

Departure Time: 4:30 PM from the waterfall.

Please make sure to come on time and bring the necessary items for the activity. If you have any questions or concerns, please don't hesitate to let us know. We hope you enjoy your day at Nonpareil Estate Falls Abseiling!

Waruna : 076 636 6181
Danie : +94 77 748 8070

Yup, You haven't heard of us for quite a while. Have you missed us? 🤫
19/03/2024

Yup, You haven't heard of us for quite a while.
Have you missed us? 🤫

Hidden ParadiseKnuckles Reserve, located in Sri Lanka, is renowned for its rich biodiversity, featuring diverse flora an...
17/01/2024

Hidden Paradise
Knuckles Reserve, located in Sri Lanka, is renowned for its rich biodiversity, featuring diverse flora and fauna. Its specialty lies in being a UNESCO World Heritage Site, known for hiking trails, stunning landscapes, and the unique Knuckles Mountain Range. Visitors often explore its pristine forests, and waterfalls, and enjoy birdwatching in this natural haven.

08/10/2023

කාලෙකට පස්සෙ අපි නකල්ස් අඩවියට.

අපි කිව්වේ Navigatio අපි AsitHa Șăj Ishara Amila Waruna

මාසයක් විතර දිගටම වැහැල වැහැල අපි යන දවසෙ වැස්ස අඩු උනා වෙනද නම් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත 😂
උදේ 9 වගේ වෙද්දි අපි ගෝමරට ආවා ගෝමරින් > රත්නගිරියට> ලෙබනන් වතු යාය මැදින් KMP පැත්තට යන එක තමයි අපිට ලේසිම පාර.
එක දිගටම වැහැල නිසා අඩි පාරවල් ලිස්සනව හොදටම ලෙබනන් වතුයාය පහුකරගෙන නකල්ස් මායිමට 4 km වගේ තියනවා කැලේ මායිමට එනකන් එලිමහන් පරිසරයක අඩි පාරවල් දිගේ ආවත් නකල්ස් මායිමෙන් ඇතුල් වෙනවාත් එක්කම ගන වනාන්තරයට අපි ඇතුල් වෙන්නේ මේ වෙනකොට අපේ ගමනෙන් පැය දෙකකට ආසන්න කාලයක් ගෙවිලා ඉවරයි පලවෙනි දවසෙ අපිට යන්න තියෙන්නෙ 14 km ක දුරක් ඒකෙන් 8km දුරක් ඇවිල්ලා අපේ දවල් වේලත් අරගෙන හතරදෙනා නැවතත් ගමනට පිටත් උනා.

ටික දුරක් එද්දි අමිල අයියගෙ එකම ප්‍රශ්නෙ උනේතව දුරද? කියන එකම විතරයි
සුපුරුදු පරිදි අපේ උත්තරේ උනේ (හැමදාම කියන බොරුව)
මේ කන්ද උඩට නැග්ගහම පේන දුර කියන එක 😂
කතාවෙන් කතාව අපි හවස 2 වෙද්දි KMP වලට ආවා අපි හිතුවට වඩා වේගෙන් අපි ඇවිල්ලාපලවෙනි දවසෙම අපිට තුන්හිස්ගල නගින්න වෙලාව තිබුනත් හවස් වෙද්දි මීදුනෙන් තුන්හිස්ගල වැහෙන නිසා අපි හිතුවා පහුවදා උදේ පාන්දර කන්ද නගිනවා කියලා.
අමිල අයියගේ special Indian biryani එක තමටි අපි රෑට කෑවෙ ඇත්තටම ඒක රසයි ❤️🤤
kmpවල මහතුන් මාමත් කවදාවත් කාලා නෑ කිව්වා ඒවගේ රස බිරියානියක්.
කාලාබීලා නිදාගෙන පහුවදා උදේ අපි කුකුලා අතේ අරන් තුන්හිස්ගලට යන්න පටන්ගත්තා.
තුන්හිස්ගල කියන්නෙ පිස්සුවක් 😍
අපිට තුන්හිස්ගල නගින්න පැය දෙකක් වගේ ගියේ බහින්න නම් ඊට අඩු වෙලාවක් ගියේ
තුන්හිස්ගල මුදුනට උදේ පාන්දර යනව කියන්නෙ අපිට වටේම බලාගන්න පුලුවන් (360 view point ) තුන්හිස්ගලන් KMP වලට ඇවිල්ලා අපි උදේකෑමත් කාලා මහතුන් මාමටත් බායි කියල අපි පිටත් උනා.
යන්න ගිය වෙලාවට වඩා අඩු වෙලවක් අපිට කලෙන් එලියට එන්න ගියේ පැය 4ක වගේ කාලයක් තමයි ගියේ
ගමන එච්චරයි......
video Credit :- AsitHa Șăj
Navigatio Sri Lanka

17/07/2023

Kiriwehera












🇱🇰


කුරුවිට එරත්න පාරෙන් සිරිපා කරුනාව කලින් අහල තිබුනට දැකල තිබුනෙ නෑ සිරීපාදෙට කොළඹ පේනව කියල ඒත් දැනන් හිටියේ නෑ කොළඹ  මෙ...
05/05/2023

කුරුවිට එරත්න පාරෙන් සිරිපා කරුනාව

කලින් අහල තිබුනට දැකල තිබුනෙ නෑ සිරීපාදෙට කොළඹ පේනව කියල ඒත් දැනන් හිටියේ නෑ කොළඹ මෙච්චර ලගින් පේනව කියලා

   #  අපි යාපනේට බායි කිලා ඊලග ගමන පටන් ගත්තා.අපි ටිකට් ගත්තේ කැකිරාවට 920/= ක එක්කෙනෙක්ට ගියා බස් එකේ නිසා. තේ බොන්න බස...
02/02/2023

#
අපි යාපනේට බායි කිලා ඊලග ගමන පටන් ගත්තා.අපි ටිකට් ගත්තේ කැකිරාවට 920/= ක එක්කෙනෙක්ට ගියා බස් එකේ නිසා. තේ බොන්න බස් එක නැවත්තුවේ වව්නියාවෙන් විතරයි 7pm වගේ වෙනකොට අපි කැකිරාවේන් බැස්සා.අපිව එක්කන් යන්න යාලුවො දෙන්නෙක් ආපු නිසා ලේසි වුනා. මේ ගමනේ අපිට ගොඩක් යාලුවෝ හම්බුනා. කොහොමහරි අපෙ යාලුවො දෙන්නා අපිව පරිස්සමෙන් ඉන්න තැනට එකකන් ආවා 👍 රෑ වෙලා තිබ්බ නිසා අපි කාලා film එකක් බලලා නිදා ගත්තා.
ඊලග දවසේ උදේම අනිත් අය ලේස්ති වෙනකන් අපි දෙන්නෙක් රණජයපුර ගමේ ටිකක් ඇවිද්දා. ඒ ඇවිදිනකොට හම්බුන පුංචි වැව ලග තමයි අපි ගොඩක් වෙලා හිටියේ අපි ආවට පස්සේ තව දෙන්නෙක් ගම බලන්න ගියා. අපි හැමෝම ගියේ දවල්ට කෑම හදාාගන කලාවැවෙ නාන්න ගියා අපිත් එක්ක තව ගමේ යාලුවෝ තුන්දෙනෙකුත් ආවා. වතුර තම් ටිකක් වැඩී හැබැයි නොමැරී නා ගත්තා.
හවස් වෙලා අපේ දෙනනෙක්ට යන්න ඕන කිවුව නිසා ඉතිරි අපි ටික දෙනා හබරණ පැල් රකින්න ගියා. පැලට යනකොට නම් ටිකක් රෑ වෙලා.අපි ගියේ පොඩීගේ පැලට අපි යනකොට ලස්සනට එතන හදලා තිබ්බා ❤ පොඩී ගිනිමැලක් ගහන්න ලෑස්ති කරලා තිබ්බ නිසා අපිට ලේසි වුනා.අපි කාලා සිංදු කියාගෙන එනකොට එක එක්කෙනා down වෙන්න පටන් ගත්තා.ඒත් කොල්ලෝ ටික ගේම අතඅරින්නේ නැතුව සිංදු කිවුවා. මේ අතරේ ලගටම අලියෙකුත් ආවා අපි ටික දෙනෙක් පැල උඩ නිදා ගත්තා. අනිත් අය පල්ලෙහා. රෑ එක එක්කෙනාගේ ලස්සන කතා ගොඩක් එලියට ආවා ඒවත් කියන්න තිබ්බා නම් ගොදයි ඒත් බෑ😏
උදේ අපි ටිකක් පැල ලග හිටියා එතකොට තමයි දන්නේ අපේ හේන සම්බා හාල් කියලා ⁣එහා හේන තමයි බඩඉරිඟු.දවසක් හරි මේ අත්දැකීම ගන්න මයියොක්කා අලයක් පුච්චන් කාලා අලිපන්නලා හේනක් බලාගනනවා කියනනෙ වෙනම දෙයක්❤
(දවසක් හරි පැලකට යන්න ආස නම් අපිට පුලුවන් පොඩීව contact කරලා දෙන්න) මම මේක කියනවට වඩා ගිහිල්ලම බලලා කොහොමද බලන්න...අපි ආයේ නැවතිලා හිටිය තැනට ගියේ හවස උඩමලුවට යනවා කියලා හිතාගෙන.31අපි කැකිරාවේන් උඩමලුවට ආවා එදා සෙනග නම් හිටියා. රෑ නිසා හිතේ හැටියට වැදගන්න පුලුවන් වුනා රුවන්වැලිමහාසෑය ලග වාඩි වෙලා අපි 2023 ට ලස්සන මතක ගොඩක් ඉතිරි කර ගත්තා. රෑ කිරිබත් කාලා අපි පාන්දර තිබ්බ කෝච්චියේ එන්න ආවා.2022 අන්තිම වගේම 2023 පටන් ගත්තේ අපි එහෙමයි❤

(අපිට ලස්සන මතක ටිකක් එකතු කරන් මේ කතාව ඉවර කරන්න උදව් කර හැමෝටම ස්තූති ❤ )

🇱🇰
#

ගෙවීගිය සීතල උදුවප් මාසෙ දවසක; ඔහිය-කළුපහන අතරෙ යකාගෙ පඩිපෙළ පාරෙන් ඇවිදින්න ගියපු අපේ කට්ටියගෙන්, ඒ මගදි හම්බුවෙන බටහිර...
27/01/2023

ගෙවීගිය සීතල උදුවප් මාසෙ දවසක; ඔහිය-කළුපහන අතරෙ යකාගෙ පඩිපෙළ පාරෙන් ඇවිදින්න ගියපු අපේ කට්ටියගෙන්, ඒ මගදි හම්බුවෙන බටහිර හපුතලේ දමිළ විද්‍යාලයෙ පොඩ්ඩො ටිකක් අහිංසක ඉල්ලීමක් කලා. ඒ තමයි එයාලට ඉස්කෝලෙ යන්න ඕනෙ කරන පොත් පැන්සල් ටිකක් ගෙනත් දෙන්න කියලා. ඉතිං ඒ චූටි පොඩ්ඩන්ගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසාම අපි පොඩි donation campaign එකක් පටන්ගත්තා ඔයාලට මතක ඇති.

වැඩේ හිතපු තරම් සරල - පහසු කටයුත්තක් නොවුනටත්, අපි නොහිතපු තරමට ඔයාලගෙන් ඒ වැඩේට ලොකු අත්වැලක් අපිට ලැබුණ නිසා, පොඩි කාලයක් ඇතුලත අපිට ඒ පොඩ්ඩන්ගෙ මූණු වලට හිනාවක් අරන් දෙන්න පුලුවන් වුනා. අන්තිමේදි ඒ ළමයින්ට අලුත් අවුරුද්දට අවශ්‍යකරන සියලුම පොත්පත්, පාසල් උපකරණ, පාසල් බෑග් එකක් වගේම සපත්තු කුට්ටමක් දෙන්නත් අපිට හැකියාව ලැබුනා.

රට වටෙන්ම එකතුවුන ඔක්කොම දේවල් පොඩි වෑන් එකක දාගෙන 20 වෙනි සිකුරාදා අපි හපුතලේ යන්න පිටත් වුණා. හපුතලේ ටවුමෙන් ඕනෙ කරන කෑමබීමත් අරගෙන කන්ද උඩ ගමට යන්න පිටත් වෙද්දි ටිකක් හවස් වෙලා.
යකාගෙ පඩිපෙළේ ගියපු අය දන්නවනෙ ඒ පාර ගැන. ඉතිං අපේ වාහනෙත් යන්න පුළුවන් වුනේ වැලිවංගුව ළඟට විතරයි. එතන ඉඳලා කැබ් එකකින් කට්ටියම අමාරුවෙන් ගමට ගිහින්, ගමේ අයගෙ ආදරණීය පිළිගැනීමක් එක්කම අපි නවතින්න කතාකරගෙන තිබුන පුංචි ගෙදරට ගියා. එතන ඉඳගෙන බෑග් වලට පොත් ටික අහුරල, ඒ ඒ වසර වලට අදාල බෑග් වෙන වෙනම පිලිවෙලට අහුරල, අපේ රෑ කෑම උයද්දි කොළඹ ඉඳලා හවස බස් වලින් ආපු අපේ ඉතුරු සෙට් එකත් ගමට ආවා. කෑම ටික බලෙන්ම ඉල්ලගෙන රසට හදලා දුන්න ගමේ නැන්දවත් මතක් කරන්නම ඕනෙ.

සෙනසුරාදා උදේ තමයි පොත් බෙදලා දෙන වැඩසටහනට පොඩ්ඩො ටික ඉස්කෝලෙට ආවෙ. විදුහල්පතිතුමා එක්ක තවත් ගුරුවරු 4 දෙනෙක්, පොඩ්ඩො 30 දෙනෙක්ව ලස්සනට බලාගන්න විදිය අපි දැක්කා. පුංචි පිළිගැනීමකින් පස්සෙ අපි අරගෙන ගිය තෑගි ඔක්කොම දරුවොන්ගෙ අතට ලැබෙද්දි ඒ මූණු වල හිනාව ඉතිරෙනවා. අලුත් සපත්තු දාලා බලන්නයි, අලුත් බෑග් එකේ තියෙන දේවල් බලන්නයි කට්ටිය ඉවසිල්ලක් නැතුව තමයි හිටියෙ. ඉතිං ඒ වැඩසටහන ඉක්මනට ඉවර කරපු අපි දවසේ ඉතුරු ටික ගෙවපු විදිය ඊළඟ පෝස්ට් එකෙන් අරගෙන එන්නම්.
ඉතිං මේ අදහස දාපු දවසෙ ඉඳලම ලංකාව වටෙන්ම මේ බඩු එකතුකරගන්න උදව් කරපු, ලිස්ට් එක දාපු ගමන් "මේ ටික මම දෙන්නම් මචං" කියපු අපේ යාළු හිතමිත්‍රයො වගේම කවදාවත් හම්බුවෙලා නැතත් මේ ගැන දැනගන්න ලැබිලා අපිට උදව් කරන්න ආපු අලුත් යාළුවොන්ටත්, හිතවතුන්ටත් බොහෝම ස්තූතියි. අපිට මුල ඉඳලම සෑහෙන්න උදව් කරලා, ගමන යන්නත් එකතුවුන වෛද්‍ය Fernando , අපේ දොස්තර අයියාවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ. දුර ගමනක් පරිස්සමට එක්කන් ගිය (ශාන්) ගෙ ඩ්‍රයිවින් ගැනත් නොකියා බෑ. නිතරම ෆෝන් එකෙන් කරදර කරද්දිත් හිනාවෙලා කතාකරපු විදුහල්පතිතුමා වගේම ඒ දවසෙ වැඩේ සාර්ථක කරගන්න උදව් කල ඉස්කෝලෙ ගුරුවරුන්ටත් අපි ස්තූතිවන්ත වෙනවා. ඉතිං නම් ගම් වශයෙන් නොකිව්වත් මේ පොඩ්ඩොන්ගෙ මූණට හිනාවක් ගේන්න, එයාලගෙ අනාගතේ ලස්සන කරන්න දායක වුන ඔයාලා සියළු දෙනාටම ආයෙමත් සැරයක් බොහොම ස්තූතියි, ගොඩක් පින්!

ීනවලටපනක්

අවශ්‍ය පාසල් උපකරණ බොහොමයක් මේ වන විට ඔබගේ දායකත්වයෙන් ලැබී තිබෙනවා. නමුත් තවමත් සම්පූර්ණ නොවූ අරමුණු අතරින් දරුවන්ගේ පා...
17/01/2023

අවශ්‍ය පාසල් උපකරණ බොහොමයක් මේ වන විට ඔබගේ දායකත්වයෙන් ලැබී තිබෙනවා. නමුත් තවමත් සම්පූර්ණ නොවූ අරමුණු අතරින් දරුවන්ගේ පාසල් සපත්තු සහ පාසලේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු වලට අවශ්‍ය මූල්‍යමය උපකාර සඳහා හැකි අයුරින් දායක වන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා.

We were able to collect most of the required School equipments with your kind contributions. But among them, the school shoes of the children and repairing the school's facilities are remaining to be completed yet. We are asking for your kind support to fulfill this good deed.

Kirigalpotta is the 2nd tallest mountain in Sri Lanka at 2,388 m (7,835 ft) above mean sea level, and is also the highes...
25/11/2022

Kirigalpotta is the 2nd tallest mountain in Sri Lanka at 2,388 m (7,835 ft) above mean sea level, and is also the highest mountain in the country whose summit is accessible to the general public (the highest point, Pidurutalagala, is occupied by a military base and off-limits to the public). The peak is situated near the city of Nuwara Eliya, within the Nuwara Eliya District.[1][2] Only one 7 km (4 mi) hiking trail provides access to the mountain's summit via the Horton Plains National Park, although the trail is not very popular. 🍃💚

Elevation 2,395 m (7,858 ft)
Coordinates 6°47′57″N 80°46′0″E




පාදයාත්‍රාවෙන් කතරගමට!සාමාන්‍යෙන් පාද යාත්‍රාව යන්නේ දෙමළ ජනතාව. එයාලා යාපනේ ඉදන් පයින් කතරගමට එනවා. සාමාන්‍යෙන් ඒකට මාස...
30/08/2022

පාදයාත්‍රාවෙන් කතරගමට!

සාමාන්‍යෙන් පාද යාත්‍රාව යන්නේ දෙමළ ජනතාව. එයාලා යාපනේ ඉදන් පයින් කතරගමට එනවා. සාමාන්‍යෙන් ඒකට මාස එක හමාරක් විතර ගතවෙනවා. ඒ එන අතරමගදි සෑහෙන පිරිසක් ඒ ගමනට එකතු වෙනවා.

අපි ගියේ පානම ඉදලා කතරගම දේවාලයට!

සම්පූර්ණ දුර 110 -120km වගේ තියෙනවා.

අපිට නම් දවස් 4ක් වගේ ගියා මුලු ගමනටම.

පානම ගමට යන්න කොළඹ - පානම බස් එකක් තියෙනවා. ඒක රෑ 7.00 ට පිටත් වෙනවා. ඊලග දවසේ පාන්දර 4.00 ට විතර පානමට එනවා.

බස් ටිකට් එකේ ගාන රු. 1507.

බුක් කරලා යනවා නම් රු. 1600. (පිටකොටුව ලංගම බස් ස්ටෑන්ඩ් ඩිපෝ එකෙන් බුක් කරන්න පුලුවන්)

ගාල්ලේ ඉදන් යනවා නම් ගාල්ල - පාසිකුඩා බස් එකක් තියෙනවා. ඒකේ ගිහින් පොතුවිල් බැහැලා පානමට යන්න පුලුවන්. ඒ බස් එක පිටත් වෙන්නේ හවස 6.00 ට.

අපේ ගමන් සඟයන් උනේ - වරුණයි ඩැනීයි. (තනියෙන් නොයන තරමට සෑහෙන ආරක්ෂිතයි)

පානම ගමෙන් ඇතුලු උනාම අභයභූමි 4ක් හරහා තමා කතරගමට එන්න ඕන.

ඒවා තමයි කුඩුම්බිගල, කුමන, යාල, කටගමුව.

ඒ නිසා කුමන එන්ට්‍රන්ස් එක අරින දවසයි කටගමුව එන්ට්‍රන්ස් එක වහන දවසයි ගැන දැනුවත් වෙලා ගමන යන්න පටන් ගන්න.

පානම - ඔකඳ දේවාලය / කුමන එන්ට්‍රන්ස් ~ 18km
කුමන එන්ට්‍රන්ස් - කුඩා කැබිලිත්ත ~ 21km
කුඩා කැබිලිත්ත - ලිං තුන ~ 16km
ලිං තුන - වරහන ~ 25km
වරහන ~ කටගමුව එන්ට්‍රන්ස් ~ 8km
කටගමුව ~ කතරගම දේවාලය ~ 12km

අපිට රෑ නැවතුම් පොලවල් කිහිපයක් හම්බුවෙනවා

ඒවා තමයි
බාගුර (බාගුර වැව අසල),
කුඩා කැබිලිත්ත(කුඹුක්කන් ඔය අසළ),
ලිං තුන (ලිං තුන අසළ),
යාල පහල/විසාල (මැණික් ගග අසළ),
වරහණ/යාල (මැණික් ගග අසළ),
කටගමුව (යාල වැව අසල).

අපේ පලවෙනි දවස -
උදේ 4.40ට පානමෙන් පිටත් වෙලා ඔකද දේවාලයට ඇවිත් එතන කෝවිලට ගිහින් කුමන එන්ට්‍රන්ස් එකෙන් ඇතුලු වෙලා යෝධ ලිප ගාව නැවතිලා උදේ කෑමට, ඔකදෙන් ගෙනාපු පිට්ටු කාලා දවල් වෙනකොට තුම්මුල්ල සංචාරක බංගලාව පහු කරලා කුමන විල්ලුව ගාවින් අපි දැකපු එකම අලියා බලාගෙන ( මුලු ගමනටම දැකපු එකම අලියා 🥲. ඒ අලියා කවද ආවත් එතන විල්ලුවේ ඉන්නවා දකින්න පුලුවන්) දවල්ට බිස්කට් කාලා මාමයිට් හදාගෙන බීලා හවස 4 විතර වෙනකොට කුඹුක්කන් ඔය ගාව තිබුන කුඩා කැබිලිත්ත ගාවට ආවා. ඒ එන අතරමග අපිට හම්බුන සිංහල පවුලකින් තේ පැන් සංග්‍රහ එහෙමත් හම්බුනා. අපේ මහන්සිය යන්නත් එක්ක කුඹුක්කන් ඔයෙන් නාලා, රෑ වෙන්න කලින් කැලෙන් කෝටු එහෙම හොයාගෙන අපේ ටෙන්ට් රෙද්දත් ගහගෙන රෑ කෑමට බතුයි පරිප්පුයි හදාගන්න පුලුවන් උනා. විශේෂයෙන් කියන්ට ඕන පලවෙනි දවසේ හම්බුන සිංහල දෙමල පවුල් වගේම ආමි නේවි අයියලා අපි දෙන්නට සෑහෙන උදව් කරා. මේ දවසේ කිලෝමීටර් දෙකෙන් දෙකට වගේ වතුර ටැංකි තියලා තිබුණා.

අපේ දෙවනි දවස -
රාත්‍රී කඳවුරු භූමි වල තාවකාලික කෝවිල් හදාගෙන තියෙනවා කියලා අපිට පසුව දැකගන්න ලැබුණා. ඒ කෝවිල් වල පූජාවට හදන මුරුතැන් බත් තමයි අපිට උදේ ආහාරය විදියට හම්බුනේ. ඒව කාලා අපි කුඹුක්කන් ඔය තරණය කරලා කුමන අභය භූමියට ආවා. මුළු ගමන පුරාවටම තියෙන්නේ තියෙන්නෙ වැලි කාන්තාර වගේ හිස් භූමි. එහෙම නැති තැන් වල තියෙන්නේ මඩගොහූරු. ආරවල් කීපයකුත් පහු කරන්න අපිට සිද්ධ වුණා. ආසාවට ගහක් තියෙන තෙක් මානෙක නෑ. ඇවිදිනවට වඩා කරේ රෙස්ට් කරන එක මොකද අව්වෙ ඇවිල්ලා සෑහෙන්න අමාරුයි. දෙවෙනි දවසේ වතුර ටැංකි තිබුනට ඒවයි වතුර තිබුණේ නැහැ. අපි කරේ තියෙන වතුර බෝතල් වලට ජීවනි සහ glucose දාලා ඒවා බිබී තමයි ගමන ගියේ. දවල් 3 විතර වෙනකොට වැවක් ගාව තිබුන තිබුණ ගහක් යට ඉඳගත්තු අපි දවල් කෑමට ගත්තේ වන්ඩු. එතන තිබුණ වැවෙන් නාලා ටික දුරක් යනකොට අපි දෙවැනි දවසේ රාත්‍රි නවාතැන් පොළ වෙන ලිං තුන වෙත පිවිසුණා. එතන බත් දන්සැලක් වගේම ප්ලේන්ටි දන්සලක් තිබුණා. ඊට අමතරව මෙඩිකල් සෙන්ටර් එකකුත් එතන තිබුණා. ගමන කිලෝමීටර් 16 උනාට මේ condition යටතේ අමාරුම දවස තමයි දෙවෙනි දවස. අපි රෑට ඉන්න තැනත් හදාගෙන ලිං තුනෙන් නාලා රෑ කෑමට නූඩ්ල්ස් හදාගෙන ගිනි මැලේකුත් ගහගෙන නිදාගන්න් ගියත් අපිට වැඩි වෙලා නිදා ගන්න හම්බුනේ නෑ. අපිට කලින් පාද යාත්‍රාව ගිය බැතිමත්තු දාලා ගියපු කුණු කන්න දල තියන ඌරෝ වගේම ඌරු අම්මගෙ පැටව් අපේ ටෙන්ට් එක ගාවට ආවා. දළ ඌරගේ aggresive භාවයට වඩා පැටව් ඉන්න දළ ඌරු අම්මා කෙනෙකුගේ aggresive භාවය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. එදා රෑ අපි දෙන්නට නිදි නෑ. පැයක් වරුණ පැයක් මම. ඒත් උදේ 3 පස්සේ මොකද වුණේ කියලා මම දන්නෙ නෑ.

අපේ තුන්වෙනි දවස -
උදේ 6ට විතර ඇහැරුන අපි දැක්කේ කෑම්පින්ග් පොයින්ට් එකේ කලින් දවසේ නැවතිලා ඉදපු අයගෙන් ඉන්නේ අපියි තව නඩ කීපයකුයි විතරයි කියලා. ඒ වෙනකොට සෑහෙන ගානක් පාදයාත්‍රාව යන්න පටන් අරගෙන. ඉතින් ටෙන්ට් එහෙම ගලවලා හිස්බඩම 3 වෙනි දවස ස්ටාට් කරපු අපි දෙන්නා 5,6km වගේ යද්දි තිරුක්කොවිල් වල පවුලකින් උදේ කෑමට පිට්ටු හම්බුනා. ඒවත් කාලා ඉස්සරහට ගියපු අපිට පරිසර තත්වත් සෑහෙන වෙනස් වෙනවා කියලා තේරුනා. ගහක් පේන්නවත් නැති වැලි කාන්තාර වගේ තිබුන පරිසරයේ, එන්න එන්නම ගස් එක දෙක වැඩිවෙන්න ගත්තා. අපි මුහුදෙන් සෑහෙන ඇතුලට යනවා කියලා තේරුනා. දවල් 11,12 විතර වෙනකොට ඈතින් ලොකු ටෙන්ට් එකක් පේන්න ගත්තා. එතන මිනිස්සු සෑහෙන ඉන්නවා පෙනුනා. හරි අපේ දවල් කෑම හරි වගේ. අනිවාර්යයෙන්ම ඒක දන්සැලක් වෙන්න ඕන. ඒක දළදා මාලිගාවේ බත් දැන්සල. එතනිනුත් කාලා ආපු අපේ පාර වැටිලා තිබුනේ ලඳු කැලෑවක් මැදින්. එතනිනුත් ඉස්සරහට ආවට පස්සේ ලොකු ගස් හම්බුනා. වැලි පාර, මඩ පාරකට හැරුනා. ගංගාධාර වනාන්තර ලක්ෂණ තමා දැක්කේ. හරියටම හරි අපිට යන්න තිබුනේ මැනික් ගගේ වම් ඉවුර දිගේ. පාරේ හොදටම මඩ. තව ඉස්සරහට එනකොට මැනික් ගං ඉවුරේ 1000ක් විතර සෙනගක් කූඩාරම් ගහගෙන. රාත්‍රී නැවතුම් පොලක් වෙන්න ඕන. ඒත් වරහණද? මට තිබුනු ප්‍රශ්නය ඒක. වරහනට යන මුලු ගමනටම 25km වගේ තිබුනත් අපි ඒ වෙනකොට ගිහින් තිබුනේ 20km වගේ. එතන, සිංහල දන්න කෙනෙක් හොයන්න මට සෑහෙන මහන්සි වෙන්න උනා. ඒ තැන යාල පහල කියන හරිය. විසාල කියලත් කියනවා ලු. ඉතින් එතන රවුමක් දාලා අපි ගමනේ ඉතුරු හරියත් ඉවර කරන්න බලාගෙන වම් ඉවුර දිගේ උඩහට ඇවිත් වරහනට ආවා. එතැනදි තමා දවස් 2කට පස්සේ හොද වතුර බොන්න හම්බුනේ. කුමනෙන් ඇතුලු උනාට පස්සේ මුලින්ම සිග්නල් කඳුලක් හම්බුනෙත් එතනදි. අපි ටෙන්ට් එක ගහපු තැන ඉස්සරහ ඉදපු පානම පවුල තමා කඩිගමුවෙන් එලියට එනකන් අපේ කෑම ගැන බලාගත්තේ. මැනික් ගගෙන් නාලා වැස්සටත් අහුවෙලා, තේ බීලා රෑට බත් කාලා ඉදපු අපිට නිකන්ම නින්ද ගිහින්!

අපේ හතරවෙනි දවස -
පුරුදු වගේම අපි නැගිටිනකොට පානම පවුල ඇරෙන්න සෑහෙන පිරිසක් එතනින් පිටත් වෙලා. එතන් ඉදන් 8km වගේ ගියාට පස්සේ අපිට යාල බ්ලොක් 1 එකෙන් එලියට යන්න පුලුවන් කියලා දැනන් ඉදියා. ඒක ඔලුවේ තියාගෙන ඉස්සරහට ආපු අපිට (පානම පවුල + අපි දෙන්නා කියන්නේ දැන් එකම නඩයක්) මුලින්ම හම්බුනේ වනජීවි එකෙන් දීපු ඔසුපැන් දන්සැලක්. එතනින් තව පැයක් විතර ඉස්සරහට ආවහම දෙමළ අය දෙවියන්ට කරපු පූජාවක අතුරුඵලයක් විදියට අපිට හබලපෙති හම්බුනා. කොරවක් වැවත් පහුකරගෙන තවත් ඉස්සරහට ආපු අපි සිතුල්පවුව පේන මානයේදි බතුත් කාලා උදේ 11 විතර වෙනකොට යාල බ්ලොක් 1, කටගමුව එන්ට්‍රන්ස් එකෙන් එලියට ඇවිත් යාල වැව ගාවින් තේත් බීලා කටගමුව අභයභූමියේ සිතුල්පව්ව පාර හරහා වැලි පාරේ කතරගමට එන්න පිටත් උනා. කටගමුව ඉවර වෙලා වැලි පාරෙන් කාපට් පාරට වැටුනාම තමා මහන්සිය එක දෙක වෙන්නේ. කොහොමහරි එතන තිබුන කඩේකින් කොච්චි සම්බල් එක්ක රොටිත් කාලා ප්ලේන්ටිත් බීලා හවස 3.30 විතර වෙනකොට කතරගමට ඇවිත් මැනික් ගගේ ඉහලින් නාලා අපි පාදයාත්‍රාව ඉවර කරා. දවස් 4ක අභයභූමි 4ක කිලෝමීටර 110-120ක වෙහෙසකර ගමන අපි ඒ විදියට ඉවර කරා!

කිරිවෙහෙරටත් ගිහින්, පොටෝ ගහන්න පෙරහැර පස්සෙනුත් ගිහින්, එදා රෑ ත්, ඉලග දවසෙත් කතරගම ඉදලා අපි කතරගම - කොළඹ බස් එකක දවල් 3.00ට විතර එල්ලුනා!

අපි දෙන්නට මේ ගමනට උදව් කරපු යසස් චින්තක, චින්තක වගවත්තගේ, තිවන්ක රත්නසේකර අයියලාටත්, පානම ග්‍රාමසේවක මහත්තයටත්, කුඩා කැබිලිත්තේ ආමි එකේ නේවි එකේ අයියලාටත්, පානම ඉරි කලිසම ඇදන් ඉදපු මාමටත්😂, සුද්දටත්, තිරුක්කෝවිල් පවුලටත්, මඩකලපුවේ සාමිටත්, විශේෂයෙන්ම පානම රංග අයියට හා ඒ පවුලේ හැමෝන්ටමත්, අඳුන්ටත් ගොඩක් ස්තූතියි!

ප.ලි:
කැලේ පොලිතින් කවර, බිස්කට් කවර වගේ හැමදේම හැමතැනම
හුලගට ගහන් ගිහින් සමහර ඒවා වැව් වල
රාත්‍රී කදවුරු භූමි වල මිනිස්සු හදලා ඉතුරු උන කෑම හැමතැනම
රාත්‍රී කඳවුරු භූමි වල මීටර 10 ඇතුලත භූමියේ ඉන්දියානු ක්‍රමයට දමූ මලපහ හැමතැනම
ඇවිදින්නවත් බැරි තරමටම!

©️Navigatio SriLanka 🇱🇰
All Rights Reserved.

home town                🇱🇰    #2022
20/07/2022

home town







🇱🇰

#2022

Address

Galle

Telephone

+94766366181

Website

Alerts

Be the first to know and let us send you an email when Navigatio Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Navigatio Sri Lanka:

Videos

Share

Life Adventure

About several years earlier, we started to visit famous tourist areas, which later on turned into soft adventures, like day hikes and camping, etc. Now, the Club announces some l programs for the interest of people of all age groups and with a diversified range of activities on an annual basis.

The Club welcomes people from all walks of life to participate in our socio-adventure activities, without any barrier of age, gender, caste or creed.

#NavigatioSriLanka #VisitSriLanka #SecureSriLanka