Travel with Pinky

Travel with Pinky අනන්තයේ නිම්නයන් සොයා සුංදර මොහොතන්, රමනීය ස්තාන ඔබ වෙනුවෙන් එලිකිරීම අපේ වෑයමයි. picturesque loc

හොල්මන් දූපතක රැයක් තනි වෙන්න ඕනිද? එහෙනං මේ ඔයා බලන්නම ඕනි වීඩියෝවක්
05/05/2024

හොල්මන් දූපතක රැයක් තනි වෙන්න ඕනිද? එහෙනං මේ ඔයා බලන්නම ඕනි වීඩියෝවක්

Embark on an eerie adventure as we spend a night on the Island in Nilwella, . Join us as we explore the ...

වයිෆ්ට මේ අලුත් අවුරුද්දේ ඇදුම් අරන් දුන්නහම මට ඉන්න වෙන විදිහ
29/03/2024

වයිෆ්ට මේ අලුත් අවුරුද්දේ ඇදුම් අරන් දුන්නහම මට ඉන්න වෙන විදිහ

26/03/2024

ආදරය ජීවිත වර්ණවත් කරාවි... ඒ වර්ණවත් කරන හදවත් පණ මෙන් රැක ගන්න

හායි travelers.. අද අපි අරගෙන ආවේ ලංකාවේ තියෙන තවත් සුන්දරම ප්‍රදේශයක්.. ඒ තමා මස්කෙලිය.. ඒකනං තනිකර චිත්‍රයක් වගේ.. පුද...
25/03/2024

හායි travelers.. අද අපි අරගෙන ආවේ ලංකාවේ තියෙන තවත් සුන්දරම ප්‍රදේශයක්.. ඒ තමා මස්කෙලිය.. ඒකනං තනිකර චිත්‍රයක් වගේ.. පුදුම ලස්සනක් තියෙන්නේ.. මැරෙන්න කලින් යන්නම ඕනි පැත්තක්...

---------------------- ok... කතාවට බහිමු---------------==-=

අපි ගමන පටං ගත්තේ කොලබින්.. ගමනාන්තය Gartmore දියඇල්ල... මේ දියඇල්ලේ බලන්න තැන් 3ක් තියනවා.
1. Upper Gartmore
2. Gartmore waterfall
3. Gartmore view point

අපි ගියේ upper Gartmore බලන්න ( upper gartmore සහ Gartmore waterfall එක එක දවසින් බලන්න පුලුවනි). එතකොට මේ trip එකේ හොදන කතාව තමා හැටන් ඉදං මස්කෙලියට යන පාරේ තියන සුන්දරත්වය.. හැටන් ඉදන් නල්ලතන්නියට යද්දිත් ඒ වගේමයි...

Upper Gartmore සහ gartmore waterfall එක බලන්න ඔයාලා මස්කෙලියට ගිහින් එතන ඉදන් ඔයාලා ගාට්මෝර් වතු යායට යන්න ඕනි.. ඒ පාර වැටිලා තියෙන්නේ මාඋස්සාකැලේ ජලාසය වටේට..ශා පට්‍ටම ලස්සනක් තියෙන්නේ. නිකං චිත්‍රයක් ඇතුලේ ඇවිදිනවා වගේ. හිතා ගන්න බෑ මේ වගේ ලස්සන තැන් ඇයි හැංගිලා තියෙන්නේ කියලා.. tourist ලා අඩු පැත්තක්. නැති තරං. අපි වගේ හොයාගෙන යන අය තමයි ගොඩක් ඉන්නේ

මස්කෙලියේ ඉදං ගාට්මෝර් වතු යායට යන පාර වැටිලා තියෙන්නේ තේ කදු මැදින්.. ඈතට සිරීපාදේ පේනවා... යන අතරමග දියඇලි 5ක් විතරත් පෙනවා.. පාරත් හොදටම හොදයි.. හැටන් ඉදං මඩ්කෙලියට එන පාර තමා ටිකක් අවුල්...

එතකොට upper gartmore වල තියෙන්නේ infinity pool එකක්. Photo වලට පට්ටම ලස්සනයි. පොඩි කට්ටියට්ත් බැහලා නාන්න පුලුවන් අව්ලක් නෑ.. කෑම්පිං කරන්න පුලුවන්. කෑම්පිං සයිට් 6ක් තියනව.. පට්ටම view එකක් එතනට තියෙන්නේ...

හැබැයි gartmore view point එකේ තියෙන්නේ වෙනමම කතවක්.. එකම ජලාසයකට දියඇලි 2ක් කඩා වැටෙනව බලන්න් පුලුවන් ලංකාවේ එකම තැන තමයි එතන.
මෙතනත් කෑම්පිං කරන්න පුලුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. තේ වත්තක් මැද තමයි තියෙන්නේ view point eka. මෙතනට යන්න හැටන් ඉදන් නල්ලතන්නිය පාරේ යන්න ඕනි.. මේකත් තනිකර චිත්‍රය්ක් ව්ගේ තමා...

======== එහෙනම් ගායිස් ඔයාලත් ඔයලගේ ආදරයින් සමග මේ පැත්තේ යන්න.. සීතල සුන්දර ලස්සන පැත්තක්.. කවදාවත් අමතක නොවේවී.. පල්ලයහින් තියෙන්නේ මේ ගැන අපි කරාපු වීඩියෝ එක.. ඒකේ ඔක්කම විස්තර තියනවා.

https://youtu.be/c84q8hMW3pE?si=XFbfopeuVUblU7h7

එහෙනම් ජයවේවාඅ....❤❤❤❤❤❤❤❤

හොල්මන් ඉන්න දූපතක රෑට කෑම්පිං කරලා තියනවද? නෑ......🤨🤨  how sad 😪😪😪😪😪😪😪😪😪😪😪.. රෑට සද්දබද්ද ඇහෙනවා, නින්ද යන්නේ නෑ... මාර...
23/03/2024

හොල්මන් ඉන්න දූපතක රෑට කෑම්පිං කරලා තියනවද? නෑ......🤨🤨 how sad 😪😪😪😪😪😪😪😪😪😪😪.. රෑට සද්දබද්ද ඇහෙනවා, නින්ද යන්නේ නෑ... මාරම ආතල් එකක් දැනෙනවා.. ඔයාලත් ඉදලා බලන්න.. ආස හිතෙයි.. 😬😬😬😬😬😁😁😁😁😁😁😁
ඔන්න එහෙනං අපි අද අරගෙන ආවා රෑට කෑම්පිං කරන්න පුලුවන් හොල්මන් දූපතක්.. ( කටකතාවන් තියනවා.. බය වෙච්ච අයත් ඉන්නවා.. මටනම් එහෙම දෙයක් දැනුනේ නෑ.. හැබැයි පිංකි බය උනා..🤫🤫🤫.. මට හැබැයි නින්ද ගියේම නෑ 😁😁😁😁)..

මේක හැමෝම දන්න නිල්වැල්ලේ blue beach island එක. වැඩේ වෙන්නේ මෙහෙමයි. මේක private property එකක්. සුද්දෙක්ට තමයි අයිති. හැබැයි ඉතිං මෙතන කෑම්පිං කරන්න දෙනවා....

කෑම්පිං සයිට්ස් ඔක්කම 8ක් තියනවා. මෙතන බලාගන්න කෙනෙක් ඉන්නවා. එයාගේ contact number එක මම දාන්නම්. එයාට කෝල් එකක් දාලා loc එක බුක් කරගන්න ඕනි. හැබැයි සීන් එක දෙන්නෙක්ට විතරක් තනියම මේ දූපතේ ඉන්න දෙන්නේ නෑ.. ඒ කියන්නේ අඩුම ගානේ 4 දෙනෙක්වත් එහෙම නැතිනම් වෙන bookings හරිද දාලා තියෙන්න ඕනිලු. ( ජෝඩුවකට විතරක් තනියම ඉන්න දෙන්නේ නෑ...)

එතකොට check in time එක හවස 4.. මේ වෙලාව වෙද්දී මම කිව්ව number එකට කතා කරලා එයාලගේ ගෙදරට යන්න පුලුවනි.

----= බය වෙන්න දෙයක් නෑ... ඔක්කම professional ලෙවල් එකේ වැඩේ වෙනවා...=-------

ඔන්න කතාව එතන ඉදං තමයි පටං ගන්නේ.. ගෙදරින් ඔයාට වොශ් එකක් දාගන්න, එතකොට toilet facilities ඔක්කම තියනවා. එතන form එකක් තියනවා පුරවන්න. තව ඔයාලගේ එක්කෙනෙක්ගේ NIC එකත් ගන්නවා. ඊට පස්සේ ඔයාලට instruction ටික දීලා ඔයාලව දුපතට එක්ක යනවා

ගෙදර ඉදං 200m විතර යන්න ඕනි island එකට.. දූපතේ ලී, කෝටු නෑ ගින්දර ගහගන්න. ඒකට ගෙදර ඉදං දූපතට යන මග තියනවා කුරුදු දර කඩයක්.. එතනින් ගන්න පුලුවනි. එක ගොඩක් rs 60/= උනේ.. අපි එතනින් ගිඩවල් 5කුත් අරගෙනම ගියා...

මේ දූපතේ ලස්සනම කෑල්ල තමයි වැලි පරය.. දෙපැතෙන්ම රැල්ල වදිනවා. පට්ටම ලස්සනක් තියෙන්නේ... එතකොට මුහුද නිල්ම නිල් පාටයි.. හැබැයි දූපත වටේ මුහුද පට්ට ගැබුරුයි.. ඒ වගේම ගල්පර ගොඩාක් තියනවා...එ හැම එකකම වගේ ඉකිරියෝ ඉන්නවා.. ඒ නිසා ගල්පර අස්සේ යන එකත් හරි අවදානම්...

එතකොට එයාලා දෙන උපදෙස් තමා 1830h පස්සේ අපිට දූපතෙන් එලියට එන්න බෑ.. එයාලගේ කෙනෙක් 2030h වෙනකං දූපතේ ඉන්නවා. ඊටපස්සේ ආයේ උදේ 0730h වලට තමයි එන්නේ.. පහුවෙනිදා උදේ 0830h වෙද්දී කෑම්පිං ටෙන්ට් ඔක්කම ගලවලා clean කරන්න ඕනි..

====== හොදම සීන් එක මේක....======
රෑට කෑම එහෙම උයලා කන්න ලෑස්ති කරලා කෑම පොඩ්ඩක් පැත්තකින් තියන්න කිව්වා.. එතකොට 2030h ටෙන්ට් එක ඇතුලට ගිහිං වහගන්න කිව්වා..🤫🤫🤫🤫🙃🙃🥴🥴.. මොකද එන කට්ටිය හොල්මන් වලට බය වෙනවලු. විස්වාස කරන එක නැති එක ඔයාලගේ වැඩක් කිව්වා... හප්පට 😇😇😇😇😇😇 ඒක කිව්ව වෙලාවේ ඉදං පින්කි පන බයේ 😂😂😂😂😂...
සීන් එක අපි පස්සේ අහගත්තා දූපතේ හිටපු මල්ලි කෙනෙක්ගෙන්. ඒ දූපත බලාගන්න මනුස්සයෙක් ඉදලා දූපත මැද තියන එකම පොඩිම ගෙදර. ඒ මනුස්සයා මොකක් හරි සීන් එකකට බෙල්ල වැල දාගෙන මැරිලා. එදා ඉදං හොල්මන් කරනවලු.. දැකපු ගෙස්ට් ල ඉන්නවලු සෑහෙන්න( අපිනං දැක්කේ නෑ.. හැබැයි මට නින්ද ගියේ නෑ) .. කාලෙකට පස්සේ තොවිලයක් එහෙම තියලා හොල්මන එලවන්න හදලා.. 👻 ඒත් දූපතට එන අය කිල්ලට අහුවෙන වැඩ කරන නිසා ඒක හරි ගිහිල්ලා නෑලු...

ඔන්න ඔහොමයි පෙන්ස් කතාව. එතකොට විශේශෙන් කියන්න ඕනි දේ තමයි... කෑම්පින් සයිට්ස් 8ක් තියනවා.. එක්කෙන්ට 1000/= ගන්නවා. කැමතිනං එයාලටම කියලා කෑම්පිං ටෙන්ට් සෙටප් කරගන්න පුලුවන්. ඒකට 1000/=ක් ගන්නවා... එච්චරයි කතාව

හැබැයි ගෙවන ගානට පට්ටම වටිනාකමක් එතනින් ගත්තහැකි. Surrounding එක පට්ටම ලස්සනයි. Photo වලට පට්ට එතන.. මාර වයිබ් එකක් තියෙන්නේ..

ඔයාලත් එතනට ගියොත් photo එකක් ගහලා අපිට එවන්න.. එහෙනම් ජයවේවා

හායි travelers , අද අපි ගොඩ කාලෙකට පස්සේ post එකක් ගේන්න හිතුවා..මොකද ආයේ අපි traveling පටං ගත්ත හිංදා. එහෙනනං වැඩි ආටාප...
17/03/2024

හායි travelers , අද අපි ගොඩ කාලෙකට පස්සේ post එකක් ගේන්න හිතුවා..මොකද ආයේ අපි traveling පටං ගත්ත හිංදා. එහෙනනං වැඩි ආටාපූටා නැතිව වැඩේට බහින්නං.

අද අපි ගෙනාවේ ඔයාලට මුලු පව්ල පිටින්ම ගිහිං විනෝද වෙන්න පුලුවන් තැනක්. ඒ තමයි හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානය. නම ලොකුවට තිබ්බට වැඩේ හරිම සිම්පල්.. තියෙන්නේ හික්කඩුව බීච් එකේමයි. ටිකට් කිසි දෙයක් ගන්න ඕනි නෑ. මාරි බිස්කට් එකක් අරන් ගියානම් පොඩි බබාලා එක්ක ඇති වෙනකං විනෝද වෙන්න පුලුවනි. මාලු විතරක් නෙවෙයි කාස්බෑවෝ උනත් බලන්න පුලුවනි.. ආහ් තව ඔයාලට scuba diving සහ snorkeling කරන්නත් පුලුවනි.. snorkeling කරනවනම් face goggles වලටයි, life jackets වලට එක්කෙනෙක්ට 1500/= ක් ගන්නවා.. ( අපි ලගදිම ඒකේ වීඩියෝ එකත් ගේන්නම්) ගයිඩ් කෙනෙක් ගන්නවනම් 2500/= අමතරව ගන්නවා.. ( ගයිඩ් කෙනෙක් ගත්තොත් ටිකක් දුර එයාලා එක්ක යනවා. කැස්බෑවොයි, මාලුයි දෙකම එකපාර බලන්නත් පුලුවන් කොරල්පර එක්ක) හැබැයි ඒ ගානට පට්ටම වටින අත්දැකීමක් ගන්න පුලුවනි..

සැලකිය යුතු දේවල්....

1. උදේ 11 විතර පස්සේ මාලු අඩු වෙනවා. එ නිසා උදෙන්ම යන්න

2. අප්‍රේල් අන්තිම වගේ ඉදං සීසන් එක ඉවර වෙනවා. ආයේ පටං ගන්නේ ජනවාරි

3. අරගෙන යන බඩු මුට්ටුනං පරිස්සං කරගන්න වෙනවා ලමායි.....

----=== එහෙනං ඔයාලත් යන්න මෙ ගමන.. ජීවිතේ එකපාරක් හරි ලබන්නම ඕනි අත්දැකීමක් තමයි මේක.. එහෙනම් ජයවේවා...... =====

13/03/2024

Next vlog about night camping at Blue beach island - ( The ghost island )

11/03/2024

ආදරය කියන්නේ ආත්මීය බැදීමක්. ඒ බැදීමට නිසි කෙනා නිසි වේලාවට හමුවියම යුතුයි. එසේ හමුවන අයවලුන් ප්‍රේමයෙන් ඉතා තදින් වෙලෙයි. ඉතින් ප්‍රේමිය, කවදා කොතැන මුණගැසුනත් ජීවිතය කියන ගමන එකාමෙන් ගමන් කිරීමට අවසර ලබා දෙන්න..❤❤❤❤❤

10/02/2024

Next reel soon..

Its growing slowly 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
03/11/2023

Its growing slowly 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲

27/10/2023

Gartmore Falls ❤❤❤❤. One of hidden Gems in the Island nation.

Maskeliya - Sri Lanka.
25/10/2023

Maskeliya - Sri Lanka.

https://youtu.be/cl_ND1TDUN4?si=KY-fNSlFInhWe4si
19/10/2023

https://youtu.be/cl_ND1TDUN4?si=KY-fNSlFInhWe4si

ඇබර්ඩීන් ඇල්ලට අපි ගියපු හැටි සම්පූර්න විස්තරය මෙතන තියනවා. යන විදිහ, කෑම්පින් වලට අවසර ගන්න විදිහ, ඒකට අදාල ලිව්ම...

27/09/2023

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

Thanks for 300 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲❤❤❤❤❤❤❤
22/09/2023

Thanks for 300 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲❤❤❤❤❤❤❤

https://youtu.be/7Q37BSAAJMk?si=kbCx1I6nH1-k_mlK
14/09/2023

https://youtu.be/7Q37BSAAJMk?si=kbCx1I6nH1-k_mlK

මතබේදයට තුඩුදුන් හංතාන සදගිරි මහා සෑයට අපි ගියපු හැටි. ඒ තැනනම් රමනීය පුන්‍ය භූමියක්. අනිවාර්‍යෙන් යා යුතුම තැනක.....

On air... watch and subscribe our channel
14/09/2023

On air... watch and subscribe our channel

04/09/2023
ආදරය ❤❤❤❤❤❤❤
31/08/2023

ආදරය ❤❤❤❤❤❤❤

28/08/2023

Next reel...❤❤..

හම්බො ඉතිම් ඔන්න ගොඩ කාලෙකට පස්සේ අපි ආවා ආයේ හෑල්ලක් එක්ක.. ගොඩ කාලෙකට පස්සේ තමයි අපිට වෙලාවක් හම්බ උනේ ට්‍රැවල් කරන්න....
09/08/2023

හම්බො ඉතිම් ඔන්න ගොඩ කාලෙකට පස්සේ අපි ආවා ආයේ හෑල්ලක් එක්ක.. ගොඩ කාලෙකට පස්සේ තමයි අපිට වෙලාවක් හම්බ උනේ ට්‍රැවල් කරන්න.. හරි හරි වැඩි ආටා වීකා නැතිව කතාවට බහිමු එහෙනම්..

අද අපි ගේන්නේ review එකක්... හංතාන international Bird Park එක ගැන. අපි නුවර දවසක් රෑ ඉදලා පහුවෙනිදා උදේම ගියා ආන්දෝලනයට තුඩු දුන් සදගිරිසෑය බලන්න හංතානේ..🤣🤣🤣🤣🤣🤣🤣 හිනාවට කරුන කියන්නේ සදගිරි සෑයට බැනපු මිනිස්සූ ( සොබාදහම විනාස කරලා පංසල් හදනවා කියලා) ඒ කංදෙම බෑවුමේ අක්කර 18 ක පෞද්ගලික කුරුලු බූමියක් හදලා බිස්නස් කරනවා පෙනුනේ නැති හැටියක් 🤣🤣🤣🤣🤣🤣.. අව්ලක් නෑ සිරිලංකන් පීපල්ස්නේ...

ටිකට් එක 600/= වැඩිහිටියෙක්ට... 6ට අඩු බබාලට වෝක් ෆ්‍රී... තවම ගොඩ නැගෙන තැනක්.. මම කුරුලු පාක් 3ක් බලන්න ගිහිං තියනවා. බියගම, හංබංතොටයි මේකයි. ඒ තුනෙම්ම අඩුම ලකුනු දෙන්නේ මේකට. මොකද ප්‍රදේශය ලොකු උනාට එකම කුරුලු විශේශයන් තමයි හැමතැනම ඉන්නේ..

එකම දේ තමයි හංබංතොට පාක් එකේ වගේ මැකෝ ගිරවුන්ට කූඩුව ඇතුලට ගිහිං ෆීඩ් කරන්න පුලුවන්... එච්චරයි.. ඒකේ ඉන්නෙත් මැකෝ ගිරව් 2ක් විතරයි.. විඩියෝ එකේ මම ඒක අරගෙන එන්නම්...

ඔච්චරයි ඉතිං කියන්න තියෙන්නේ.... වෙන කිසි දෙයක් නෑ 🤣🤣🤣🤣.. ට්‍රිප් එකක් ප්ලෑන් කරනවනම් සදගිරි සෑයයි, බර්ඩ් පාක් එකයි එක දවසේ බලන්න පුලුවන්. එතනිම්ම හංතානත් නැග්ගහැකි.....

Address

Be Strong Fitness Centre
Gampaha
11600

Telephone

+94761430359

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Pinky posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with Pinky:

Videos

Share