Yahangala -යහන්ගල

Yahangala -යහන්ගල Travel with yahangala
(1)

01/03/2024

ගහන ගේම පරිස්සමෙන් ගහන්න.. මොකද අපිට වරදිනකල් බලන් ඉන්න ප්‍රේක්ශකයෝ ගොඩයි.. 🙂

06/04/2023

Super bro ❤️❤️

සාදූ සාදූ සාදූ තුනුරුවන් සරණයි  🙏🙏🙏
28/03/2023

සාදූ සාදූ සාදූ තුනුරුවන් සරණයි 🙏🙏🙏

යහන්ගල
07/02/2023

යහන්ගල

𝐘𝐚𝐡𝐚𝐧𝐠𝐚𝐥𝐚 | 🌎                                                         📸credit goes to Ushan Krish We Are Srilanka 🇱🇰 ʟɪᴋ...
07/02/2023

𝐘𝐚𝐡𝐚𝐧𝐠𝐚𝐥𝐚 | 🌎






📸credit goes to Ushan Krish

We Are Srilanka 🇱🇰

ʟɪᴋᴇ 🤟❤️‍🔥

ගැරඩි ඇල්ල..⛰👣😍💚🌿🍃𝘒𝘢𝘭𝘶𝘨𝘢𝘭𝘢 𝘎𝘦𝘳𝘢𝘯𝘥𝘪 𝘌𝘭𝘭𝘢 𝘞𝘢𝘵𝘦𝘳𝘧𝘢𝘭𝘭 🇱🇰කළුගල ගැරඩි ඇල්ල දියඇල්ල මහනුවර දිස්ත්‍රික්කයේ කළුගල පිහිටා ඇත.  එය ...
26/01/2023

ගැරඩි ඇල්ල..⛰👣😍💚🌿🍃
𝘒𝘢𝘭𝘶𝘨𝘢𝘭𝘢 𝘎𝘦𝘳𝘢𝘯𝘥𝘪 𝘌𝘭𝘭𝘢 𝘞𝘢𝘵𝘦𝘳𝘧𝘢𝘭𝘭 🇱🇰

කළුගල ගැරඩි ඇල්ල දියඇල්ල මහනුවර දිස්ත්‍රික්කයේ කළුගල පිහිටා ඇත. එය මීටර් 240 ක දැවැන්ත උසකින් පිහිටා ඇත. දිය ඇල්ල කොටස් ගණනකට ගලා යයි. මෙම දිය ඇල්ල ලිස්සා යන සර්පයෙකුට සමාන වීම නිසා "ගැරඩි" යන නම ලැබී ඇත. දිය ඇල්ලේ ඉහළම කොටස් 4 මහියංගන පාරේ සිට දැකගත හැකිය. කළුගල ගෙරණ්ඩි ඇල්ල දිය ඇල්ල බරපතල සිරස් කොටස් වලින් සමන්විත වන බැවින් කඳු නැගීම තරමක් දුෂ්කර ය.

මහනුවර සිට දුර - කිලෝමීටර 60 (පැය 1 විනාඩි 49)

කළුගල ගැරඩි ඇල්ලට...🚶🏻‍♂️

මහනුවර සිට මහනුවර - මහියංගනේ - පදියතලාව මහා මාර්ගය දිගන, තෙල්දෙණිය, හුන්නස්ගිරිය සහ උඩුදුම්බර පසුකර කළුගල දක්වා ගමන් කරන්න.

📸The rights to the photos belong to the
Original owners.

තවත් මේ වගේ සුන්දර ස්ථාන දැක බලා ගැනීමට
Yahangala-යහන්ගල සමග page ඒක Like 👍🏽 කර සෙට් වෙන්න.💫😍👣💚🍃

Share කරන්නත් අමතක කරන්න එපා

ජායාරූප අයිතිය මුල් හිමිකරුවන්ට Yahangala -යහන්ගල
09/12/2022

ජායාරූප අයිතිය මුල් හිමිකරුවන්ට

Yahangala -යහන්ගල

යාලුවෝ සෙට් එකත් එක්ක යන්නම ඕනේ තැනක් 😍🔥♥️සුන්දර මීමුරේ කෑම වේල් 4 ක් එක්ක රැයක් ඉන්න 2500/= විතරමයි😍💖 ඉතින් ඔයා දන්නව ම...
08/11/2022

යාලුවෝ සෙට් එකත් එක්ක යන්නම ඕනේ තැනක් 😍🔥♥️
සුන්දර මීමුරේ කෑම වේල් 4 ක් එක්ක රැයක් ඉන්න 2500/= විතරමයි😍💖

ඉතින් ඔයා දන්නව මීමුරේ කියන්නෙ ලංකාවෙ තියෙන සුන්දරම ගම්මානයක්🔥💖

Eco Resort මීමුරේ

ඒකේ සෙට් එක එක්ක නිවාඩුවක් ගතකරනව කියන්නෙ වෙනමම experience එකක් ඔන්න😍😲

🔥ප්‍රධාන කෑම වේල් හතරක්
🔥නවාතැන් පහසුකම්.(කූඩාරමක් හෝ කබානා)
🔥උදෑසන හා හවස තේ පානයන්
🔥ජල ක්‍රීඩාවන්(වතුරට පැනීම හා වෙනත් විනෝදාස්වාද ක්‍රීඩාවන්)
🔥දිය ඇලි නැරඹීම
🔥සංචාරක මග පෙන්වන්නෙක්
🔥ජීවිතාරක්ෂක කබා(Life jacket)
🔥ගිනි මැලයක්
🔥BBQ Night

ඉතින් මේ සියල්ල 2500/=කට කියන්නෙ😮😍 travel කරන ඔයාලට සුපිරියක්😍😍

ඉතින් ලස්සනම ලස්සන ස්වභාවික පරිසරයක් සූරිය අරන film එක කරෙත් මෙහෙ තමා😍😀

ඔයාලට අඩි 40 හා අඩි 14 උස තැන්වලින් ජලයට පන්න්නවා guide කෙනෙක් යටතේ😍

සිග්නල් තියෙනව හොදට පාරවල් හොදයි😁

දැන්ම ඔයාගේ reservation එක වෙන්කරගැනිමට කතාකරන්න

0711827850

Yahangala-යහන්ගල follow කරන්න😍

31/10/2022
🔴 ලංකාවේ තරණය කිරීමට අපහසුම කන්දක් “යහන්ගල” ⛰🙏🍃🌿☛ කොළඹ – මහියංගනය මාර්ගයේ, උඩුදුම්බර, කළුගල පිහිටා ඇති විශේෂ පිහිටීමක් ස...
24/10/2022

🔴 ලංකාවේ තරණය කිරීමට අපහසුම කන්දක් “යහන්ගල” ⛰🙏🍃🌿

☛ කොළඹ – මහියංගනය මාර්ගයේ, උඩුදුම්බර, කළුගල පිහිටා ඇති විශේෂ පිහිටීමක් සහිත නකල්ස් කදු පන්තියට ඉතාමත් සුන්දර ස්ථානයක්.

☛වැඩි දෙනෙක් අතර ජනප්‍රිය වුවත් යහන්ගල තරණය සහ කදවුරු බැදීම අවදානම් ක්‍රියාවක්..

☛ජනප්‍රවාද වලට අනුව රාවනා රජතුමාගේ දේහය මේ පර්වතය තුල තැම්පත් කර ඇති බවට සැලකෙන බැවින් නිර්මාංශව හා වත් පිළිවෙත් අනුගමන නොකර යහන්ගල තරණය කිරීමෙන් නොයෙක් කරදර හිරිහැර වලට ලක් වන බවට ජනතාව අතර මතයක් පවතිනවා.

📸 credit goes to original photographer

Follow කරලා පෙජ් එකටත් සෙට් වෙන්න 👍👍👍👍 ❤️

15/10/2022
සුන්දර හසලක
13/10/2022

සුන්දර හසලක

නාන්න සුපිරිම ප්ලේස් එකක්🤩හීං ගඟ ඇනිකට්, හසලක😍🌿🌺🌱🇱🇰…©Hiran marasinghe
06/10/2022

නාන්න සුපිරිම ප්ලේස් එකක්🤩
හීං ගඟ ඇනිකට්, හසලක😍🌿🌺🌱🇱🇰


©Hiran marasinghe

Yahangala-යහන්ගල
05/10/2022

Yahangala-යහන්ගල

🌺🐰🐰🐰🐰🐰🐰මඩුගල්ලේ වලව්ව...🌺🌺🌺🌺🌺🌺සිංහලේ නිදහස් සටන දිනාගැනීම උදෙසා වඩාත් දායකත්වයක් දුන් සිංහල ජනතාව අතර කන්ද උඩරට වැසියන්ග...
03/10/2022

🌺🐰🐰🐰🐰🐰🐰මඩුගල්ලේ වලව්ව...🌺🌺🌺🌺🌺🌺

සිංහලේ නිදහස් සටන දිනාගැනීම උදෙසා වඩාත් දායකත්වයක් දුන් සිංහල ජනතාව අතර කන්ද උඩරට වැසියන්ගේ කැපවීම වඩාත් ප්‍රසංශනීය වේ. දැඩි දේශ හිතෛෂී, දේශානුරාගයෙන් පිරිපුන්ව සුද්දාට එරෙහිව තම අභිමානය පෙන්වූ කන්ද උඩරට ජනතාව අතර කැපීපෙනෙන සටන් මෙහෙයවූ විරුවෝ බොහෝ ය. තම ජාතිය හා දේශය මුදා ගැනීමේ අවංකතම චේතනාවෙන් යුතුව සටන් බිමට බට මේ විරුවෝ සදාානුස්මරණීය වේ. කැප්පෙටිපොළ මහාදිකාරම්,කොහුකුඹුරේ රාල,හිටිහාමි,පිහිඹිය රාල වැනි චරිත සිංහලේ නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කළහ. එවන් විරුවන් නොසිටියා නම් අපට අද අතීතයක් නැති තරම් ය.

1818 දී වෙල්ලස්සෙන් ඇරඹි අධිරාජ්‍ය විරෝධී සටනට මොනරවිල කැප්පෙටිපොල දිසාවේ ප්‍රමුඛව නායකත්වය දුන් මඩුගල්ලේ දිසාව ද ඉන් විශිෂ්ට චරිතයකි. ඔහු ජීවත්වූ මඩුගල්ලේ වලව්ව අදත් අතීතයෙන් හිස ඔසවා ජාතිය දෙස බලා සිටිනු වැනිය.

උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මේ ගම්මානය වසර පන්සියයකටත් එහා ගිය ඉතිහාසයක් දක්වා දිව යනු ඇත. දේශය වෙනුවෙන් දිවි පිදූ මඩුගල්ලේ පරපුරේ නෑදෑයන් තවමත් මේ වලව්ව කේන්ද්‍රකොටගෙන ජීවත්වනු දැකිය හැකිය. මඩුගල්ලේ පාසල පසුකොට මිටර් පන්සියයක් පමණ කලවල දෙසට ගොස් වමට හැරී දිය අගලක් අසලින් මඩුගල්ල වලව්වට පිවිසෙන මාර්ගය වැටී ඇත. අද වන විට මෙම මාර්ග නවීකරණය වී ඇති බව පෙනේ.

මඩුගල්ල වලව්වේ අද භාරකරු වන්නේ මඩුගල්ලේ පරපුරේ මී මුණුපුරකු වන ස්ටර්ලීන් මහින්ද බණ්ඩාර මඩුගල්ලේ ය. මේ මඩුගල්ල වලව්ව තවත් විශේෂත්වයක් ඉතිරි කර ඇත. පරසතුරු උවදුරුවලින් ශ්‍රී දළදා වහන්සේ රැක ගැනීමට මේ වලව්ව උපකාර කර ඇත. වලව්වේ වහළයේ පරාලය සිදුරු කොට ඒ තුළ දළදාව සඟවා රැක දීමට එදා ඔවුහු සමත් වූහ. අද ද එය දැකගත හැකිය. රන්දෙණිගල රක්ෂිතයට මායිම් වන මඩුගල්ලේ වලව්ව ඉතා සුන්දර පරිසරයක පිහිටා තිබෙනු දැක ගත හැකිය. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය වූ මේ ගමට ඉතා වටිනා අතීත උරුමයක් වන්නේ මේ වලව්ව ය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මේ පැරැණි උරුමය ගරාවැටෙමින් විනාශ මුඛයට ඇදවැටෙමින් තිෙබි.මේ ජාතින උරුමය රැකගැනීම ට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතු කාර්යයක් වනු ඇත. තවත් කල් නොයවාම අදාළ සුරැකීමේ පියවර ගන්නේ නම් එය ප්‍රඥාා ගෝචර වනු ඇත. සුවිසල් මැද ම්දුල් දෙකකින් සමන්විත වූ මෙන්ම ඉතා ගනකම් සහිත උළුවහු දොරපියන්වලින් මේ වලව්වට ගම්භීර බවක් ලැබී ඇත. වලව්ව අසලින් ගලාබසින දිය අගලට යොදා ඇත්තේ ගල් ඒදණ්ඩකි. පැතලි ලොකු කළුගල් කුට්ට් සෑම අව්‍යතාවක් සඳහා ම යොදාගෙන ඇත. දැව සහ මැටි වරිච්චි යොදාගෙන බිත්ති සාදා ඇත. වැහිපීලි සඳහා යොදාගෙන ඇත්තේ දැවයෙන් කළ, පීලි ලෙස හාරා සකස් කළ දැව කොටස්ය.

අතීතයේ දී මේ වලව්වට අයිති අලි ඇතුන් පස්දෙනකු සිටි බව කියැවේ. එක් ඇතින්නක වූයේ “සුරතලී ය”. පසු කලෙක “සුරතලී” දළදා මැඳුරට පූජා කළ බව සඳහන් ය.

අභිමානවත් වලව්වේ වපසරිය හා ඓතිහාසික අංගෝපාංගයන්ට දැඩි හානි සිදුවෙමින් තිබේ. ඉපැරණි ගල් පඩිපෙළ හා ළිඳ කොන්ක්‍රීට් කර ඇත. පෞරාණික බව විනාශ වී ගොසිනි. ජාතියේ අභිමානයට හා සම්භාවනාවට අදත් පාත්‍රවන මඩුගල්ලේ නාමයෙන් මේ වලව්ව මතුපරපුරට රැකදීම වගකිවයුත්තන්ගේ වගකීම යි.

සුන්දර ගැරඬිඇල්ල හා වන පෙතක අසිරිය
02/10/2022

සුන්දර ගැරඬිඇල්ල හා වන පෙතක අසිරිය

- සුන්දරයි එත් ගමන නම් බයානකයි "කනවිද්දාගල" ⛰🍃☘️🍂🌊❤️📸 Photo credit goes to original photographers
30/09/2022

- සුන්දරයි එත් ගමන නම් බයානකයි "කනවිද්දාගල" ⛰🍃☘️🍂🌊❤️

📸 Photo credit goes to original photographers

30/09/2022

super hiro ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

27/09/2022
යහන්ගල
25/09/2022

යහන්ගල

ගලමුදුන ගම්මානය  Iනකල්ස් කදු පංතියේ එක අන්තයක පාමුල පිහිටා ඇති මෙම ගම්මානය ලංකාවේ හුදෙකලා වූ ගම්මානයක් ලෙස ප්‍රකාශ කළහැක...
23/09/2022

ගලමුදුන ගම්මානය I

නකල්ස් කදු පංතියේ එක අන්තයක පාමුල පිහිටා ඇති මෙම ගම්මානය ලංකාවේ හුදෙකලා වූ ගම්මානයක් ලෙස ප්‍රකාශ කළහැක.කිසිදු ප්‍රවාහන සේවයක් නොමැති අතර කුඩා ගම්මාන දෙකක් හරහා මේ ගම්මානය යාමට හැකියාව ඇත. එනම් සුලුගුනේ නම් ගම්මානය හරහා හීන් ගග තරණය කර 10 km ආසන්න දුරක් ඉතා දුෂ්කර අඩි මාර්ගයක් ඔස්සේ ගමන් කර හැකි අතර වැසි කාලයට ගග තරණය කිරීමට නොහැකි නිසා ඒ මාර්ගය බාවිතා කල නොහැක.

මේ සුළුගුනේ හරහා තියෙන පාර.,යන විදිය කිව්වොත්

හසලක හෙට්ටිපොළ පාරේ තියෙනවා ගිනිපෙට්ටි පාලම කියලා පාලමක්. යටින් ගලන්නේ මීමුරේ ඉදන් එන හීං ගඟ. එතනින් තියෙනවා වම් පැත්තට පාරක් සුළුගුනේ ගමට. ඒ පාරේ යන්න ඕනේ. පන්සලක් තියෙනවා ඒකත් පහුකරගෙන යද්දි තියෙන තුන්මං හංදියෙන් දකුණු පැත්තට තියෙන උඩ පාරේ යන්න ඕනේ. ඒක කෙලින්ම සුළුගුනේ ට. ගමේ තියෙනවා පොඩි කඩයක්. ඒ කඩේ ළඟින් තමයි ගලමුදුන පාර පටන් ගන්නේ. මට මතක විදියට ඒ අඩිපාර තියෙන්නේ දෙවටක් දිගේ. මුලින්ම පොඩි ඇලක් හම්බෙනවා. ඊට පස්සේ හීංගග තරණය කරන්න ඕනේ. ඊට පස්සේ කුඹුරක් තියෙනවා පොඩි ගෙයක් එක්ක. ඒ ගේ පහුවෙද්දිම වගේ චූටි කොංක්‍රීට් පාලමක් තියෙනවා ඒකෙන් එගොට වෙලා යන්න ඕනේ. එතන ඉදන් දිගටම කැලේ මැදින් අඩි පාර වැටිලා තියෙන්නේ ගමට. ආයෙත් අතර මගදි පොඩි දොල පාරක් හරහා යන්න ඕනේ. ඒක පහුකරගෙන මීටර් 200ක් වගේ යද්දි අඩි පාර නිකං දෙකට බෙදෙනවා වගේ තියෙනවා. ඒකෙන් දකුණු පැත්තට යන්නේ නැතුව කෙලින් පාරේ යන්න. දකුණු පැත්තට තියෙන්නේ අලි පාර. එතනින් ටිකක් ඉස්සරහට ගියාම පාර පලල් කරලා හදලා තියෙනවා ගමටම.

සමහර විට අලි කලාතුරකින් හම්බෙන්න පුලුවන්. කල්පනාකාරීව යන්න ඕනේ.

අනෙක් මාර්ගය දුන්ගොල්ල නම් ගම්මානය හරහා වැටීඇති දුශ්කර මාර්ගය වන අතර මීට වසර කිහිපයකට පෙර පැවති රජයකින් කුඩා මාර්ගයක් ලෙස සකසා ඇති අතර එය අදවන විටත් අවසන් කිරීම කිසිදු බලධාරියෙකුට නොහැකි වීම් ගැන අපට කනගාටුදායකය. වැසි සමය නිසා අපටද යෑමට හැකිවුණේ දුන්ගොල්ල නම් ගම්මානය හරහාය.අප ගලමුදුන ගමේ සිටින පාසල් යන සියලු දෙනාටම අවශ්‍ය පාසල් උපකරණ ,සපත්තු ,මේස් ,‍යුනිෆෝම් වගේම පාසල සදහා අවශ්‍ය ශබ්ද විකාශන යන්ත්‍රයක්ද ගෙනගිය නිසා ට්‍රැක්ටරයක් උපයෝගි කරගෙන ඉතා අවදානම් ගමනක් යාමට අපට සිදුවිය.
පවුල් 35 පමණ ජිවත් වන ගම්මානයේ ප්‍රධාන ජිවනෝපාය ලෙස හේන් ගොවිතැන කරන අතර වෙනත් කිසිදු අමතර ආදායමක් නොමැත.
ගලමුදුන ගම ගැන කතා කරද්දි පාසල ගැන කතා නොකරම බැරි තරම්.විදුහල්පති බණ්ඩාරනායක මහතාගේ කැපවීම මත අධ්‍යාපන ප්‍රතිඵල මිනිපේ ප්‍රාදේශීය කොට්ඨාසය පාසල් අතරින් අංක 1.එමෙන්ම සා/පෙල දක්වා මෙම පාසලෙන් අධ්‍යාපන හදරා විශ්ව විද්‍යාලය ප්‍රවේශය ගත් සිසුන් 04 දෙනෙකු සිටිනවා.දැනට සිසුන් 18ක් අධ්‍යාපන ලබන මෙම පාසලේ ගුරුභවතුන් 03ක් සහ ස්වෙච්ඡා වෙන් සිප්සතර ලබාදෙන සිල් මාතාවක්ද වනවා.
විදුලිය ද නොමැති මෙම ගම්මානයේ වන අලින්ගේ තර්ජන නිසා ඉතා දුෂ්කර ජිවිතයක් මෙම ගම්වාසීන් ගත කරනු ලබයි .තවත් සතුටු දායක ආරංචියක් එම ගම්වාසීන්ට ලැබෙනු ඇත.එනම් ලගදීම ඔවුන්ට සූර්යය ශක්තිය මගින් විදුලිය ලබාගැනීම සදහා ප්‍රතිපාදන ලැබී තිබීමයි.

🖊️ TRAVEL NURSE

22/09/2022

ගැරඩි ඇල්ල - කලුගල 🌬️🍃♥️🇱🇰

𝐀𝐫𝐚𝐧𝐚 𝐑𝐚𝐭𝐡𝐧𝐚𝐞𝐥𝐥𝐚 - හසලක 🌿🌳🌳🍃🍂🏞🎯 හසලක සුන්දර රත්න ඇල්ලට ලගින්ම පිහිටි Arana Rathnaella, නිවාඩුවට ගිහින් නිදහසේ ඉදලා එන්න ...
18/09/2022

𝐀𝐫𝐚𝐧𝐚 𝐑𝐚𝐭𝐡𝐧𝐚𝐞𝐥𝐥𝐚 - හසලක 🌿🌳🌳🍃🍂
🏞
🎯 හසලක සුන්දර රත්න ඇල්ලට ලගින්ම පිහිටි Arana Rathnaella, නිවාඩුවට ගිහින් නිදහසේ ඉදලා එන්න පුලුවන් ලස්සන තැණක්.

📌මෙතන ඉදලා වැඩි දුරක් රත්න ඇල්ලට නෑ. අයිතිකරු විරාජ් එක්ක රත්න ඇල්ලේ නොගිය නොදැකපු තැන් වලට ඉසව් වලට ගිහින් එන්න පුලුවන්.

🤤🤤 ඒ වගේම තමා ගමේ රහට වෙනස්ම කෑම එකතුවක් දෙන එක.. කාලා බලන්නම වටිනවා.. අපි ගියපු තැනක්..

AranaRathnella

Address

Kalugala

Telephone

+94777901113

Alerts

Be the first to know and let us send you an email when Yahangala -යහන්ගල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yahangala -යහන්ගල:

Videos

Share

Category


Other Kalugala travel agencies

Show All