06/05/2022
මඩොල්සිම ( M A D O L S I M A S R I L A N K A ) ⛰🇱🇰🌏
•
•
•
( බදුල්ල - පස්සර - කුරුවිගොල්ල හරහා පිටමාරුවෙන් Mini World's End දක්වා ගිය ගමන )
පිටමාරුව , ලෝකාන්තය අයිති වෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයට කිවුවොත් හරි. බදුල්ලේ සිට පැයක දෙකක ගමනකින් මෙම ලෝකාන්තය කරා පිවිසිය හැකිය. මනරම් තේ වත්තක මායිමේ පිහිටා ඇති මෙම ලෝකාන්තය තුළින් බැලූ විට නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය මෙන්ම බිබිල පළාතේ විශාල ප්‍රදේශයක් දර්ශන පථයට හසු වේ. මෙයින් මීගහකිවුල පිටමාරුව හරහාද පිටමාරුව ලෝකාන්තයට පිවිසීමට හැකිය. එහෙත් ඒ මාර්ගය දුෂ්කර එකකි. තරමක් උස කුඩා වාහනයක කටුක අත්දැකීම් වලට කැමති නම් මීගහකිවුල සිට පිටමාරුව ලෝකාන්තයට පිවිසීම සුන්දර අත්දැකීමකි. කඳුකර පළාතක දැකිය හැකි තේ වතු, මල් පිරුණ ගස්, පයිනස් කැල ආදී විවිධාකාර ප්‍රදේශයන් රැසක් මෙම ගමනේදී ඇසට දර්ශනය කරගත හැකිය.
(මඩොල්සිමට යන මාර්ගය.)👇
නුවර ඉදලා එන කෙනෙක් නම් බදුල්ල බස් එක්ක එන්න පුලුවන් උදේ බස් එක බෝගම්බර බස් නැවතුම්පලෙන් 5.30ට පිටත් වෙනවා. නැත්තම් පෞද්ගලික වාහනයක යනවා නම් කරදරයක් නැතුව මඩොල්සිමටම යන්න පුලුවන්. හොදම වාහනේ තමා මෝටර් සයිකලය මොකද මඩොල්සිමට ප්‍රවේශ වෙන පාර අති දුශ්කරයි. බදුල්ලට ඇවිත් මොණරාගල - බිබිල බස් රථයක ගොඩ වී පස්සර බහින්න. පස්සර සිට කුරුවිගොල්ල හෝ පිටමාරුව බස් එක්ක ඇවිත් පුංචි ලෝකාන්තයට යන හන්දිය ලග බහින්න. කුරුවිගොල්ල බස් එක්ක ආවොත් කුරුවිගොල්ල සිට 10KM පමණ දුරක් යන්න වෙනවා පුංචි ලෝකාන්තයට.. ඊට වඩා ලේසි පිටමාරුව බස් එක්ක යන එක.
බස් වල මිල ගණන් මහනුවර සිට බදුල්ලට Rs.290
බදුල්ල සිට පස්සරට Rs.50
පස්සර සිට පුංචි ලෝකාන්තයට Rs.70
(ලෝකාන්තය හා එහි විදගත හැකි දෑ.)👇
මෙය කුඩා ලෝකාන්තය කිවුවට බැලූ බැල්මට කුඩා කිව නොහැකී කුඩා එක මෙහෙමනම් විශාල එක ගැන හිතා ගන්න.. ලෝකාන්තය ගැන travelogue පහල පෝස්ට් එකක් දාලා තියනවා කියවලා බලන්න.
කෙළවරටම ගොස් මීටර දෙසීයක පමණ ගමනකින් පිවිසිය හැකි මෙම කුඩා ලෝකාන්තය පිහිටි තැන නිවැරදිවම (Pitamaruwa Mini Worlds End) ලෙස ගූගල් මැප් එකෙන් සොයාගත හැකිය. සවස් කාලයේ සහ වැසි ආසන්න වනවිට කඳු ශිඛරයේ සිට ඉහළට මීදුම ගලාගෙන හාත්පස පරිසරයම මීදුමින් වැසී යන්නේ ළඟ පාත සිටින අනෙකාද නොපෙනන ලෙසයි.. එම අවස්ථාවලදී දැඩි සීතලක්ද ගතට දැනෙන්නේ වලාකුළු මත අපි සිටිනවාද කියා සිතීමෙන්.පහළ පළාතේ බිබිල ප්‍රදේශයේ අයට වලාකුළු උසින් මෙන් මෙම පිටමාරු ලෝකාන්තය පෙනෙනවා වෙන්න පුලුවන්. මීදුම රහිත, වර්ශාව නොමැති දිනයක මෙම ගමන තෝරාගන්නවා නම් ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ විශාල වටපිටාවක් සියැසින් දැකබලා ගන්න පුලුවන්.. ඒ වාසනාව travelogue අපිට දැකගන්න පුලුවන් උනා. පරිසරයේ ලස්සන දේ තමා උදෑසනට ඉර පායන වේලාව. මේ දේත් ඉතා අලංකාරව මෙතැන සිට නරඹන්න පුලුවන්.
(කෑම්පින්, රාත්‍රියක් ගතකරනවා නම්.)👇
මෙතන රාත්‍රියක් ගත කරනවා කියන එක නම් ටිකක් කටුක අත්දැකීමක් වෙයි. Travel කරනවා නම් ඒ කටුක අද්දැකීම් විදින්න පුලුවන් වෙන්න ඕන. Night camping තුනක් වගේ උඩම view point එක ලග හදාගන්න පුලුවන්. View point එකට පහල කොටසෙ තව කෑම්පින් තුනක් හදාගන්නත් පුලුවන් පහසුව මෙතන තියනවා. පාන්දර හිරු උදාව දැක ගැනීමට මේ තැන් කීපයක Camping එක හදාගන්න වෙනවා.
උදෑසන හිරු නගින විට අංශක 270කටත් වඩා පරාසයක කඳු යායක් පිටමාරුව ලෝකාන්තයේ සිට බලාගත හැකිය. කඳුකර පළාතක හිරු නැගෙන බහින දර්ශන, මීදුම ගලායන දර්ශන ආදී භූමි දර්ශන වලට කැමති Photographs ලට පිටමාරුව ලෝකාන්තය කියාපු තැනක්. මෙතැන රක්ෂිත වනාන්තරයක හෝ ආරක්ෂිත භූමියක් නොව තේ වත්තක මුදුනතක් වන නිසා ආරක්ෂාව සලසා ගැනීමට ගිනි දැල්වීමෙන් වුවද අවට පරිසරයට හානියක් සිදු වන්නේ නැත.
(ජලය, වැසිකිලි පහසුකම්.)👇
මෙය පුද්ගලික දේපලක පිහිටි ගොඩක් අය නොඑන තැනක් බැවින් වැසිකිලි සහ ජල පහසුකම් නැත. ජලය ලීටර් 10ක් පමණ උඩට ඇරන් යන්න වෙනවා. ටිකක් උඩට වෙන්න පොඩි ජල පාරක් තියනවා හැබැයි හැම පහසුකමක්ම සලසා ගන්න ප්‍රමාණවත් නෑ. වැසිකිලි පහසුකම් නැති නිසා ගමනට වියලි ආහාර රැගෙන යන එක ගොඩක් හොද තීරණයක්..
(රැය පහන් කරන කරන විට මේ දේවල් ඇරන් යන්න.)
බෙඩ්ශීට් එකක්, ජර්සියක්, මුලු ශරීරයම ආවරණය වන ඇදුම්, ගිනි මැලයක් ගහන්න ලාම්පු තෙල්, වර්ශාව නැති දවසක නම් සීතල ටිකක් අඩුයි ඒත් සූදානමින් යන එක හොදයි.
පාන්දර වේලාවට එන සීතලට එළියට බැස්සොත් අයිස් මත ඇවිදිනවා වගේ දැනෙයි. අහල පහල කිසිම කඩයක් නැති නිසා හැම දෙයක්ම රැගෙන යන්න අමතක නොකරන්න.
කියන්නම ඕන දේ ගමන ගියා වගේම යන තැනත් තව කෙනෙක්ට බලන්න පිරිසිදු කරලා එන්න. කන බොන දෙයක්වත් දාලා එන්න එපා.. ගේන්නම බැරි නම් තැනකට එකතු කර පුලුස්සා දමන්න.. මොකද ගොඩක් අය බීපු බෝතල් පවා එතන එකතු කර පරිසරය ටිකක් විනාශ කරලා තියනවා.. ඒ දේ කරන්න එපා කියලා විශේෂයෙන් කියනවා.
මේ පෝස්ට් එකට කැමති නම් ලයික් කරලා ශෙයාපාරකුත් දාන්න❤👍
Travelogue එක්ක තවත් ලස්සන තැනකින් ලගදිම හම්බෙමු
📷SadeepaDilshan, MithilaGunarathna, VisithKanchana