Ceylon tours & cabs සංචාරය සහ ගවේෂණය Travel and exploration

  • Home
  • Sri Lanka
  • Kandy
  • Ceylon tours & cabs සංචාරය සහ ගවේෂණය Travel and exploration

Ceylon tours & cabs සංචාරය සහ ගවේෂණය Travel and exploration Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon tours & cabs සංචාරය සහ ගවේෂණය Travel and exploration, Travel Company, Kandy.

*ඇරඹුනු ශ්‍රී පාදස්ථානය වන්දනා වාරෙට ☸️🙏🏻මේ වාරයෙත් ශ්‍රී පා කරුණා කිරිම සදහා අප හා සම්බන්ධ වන්න🤗 🚐ආසන 15 සුව පහසු වැන් ...
15/01/2024

*ඇරඹුනු ශ්‍රී පාදස්ථානය වන්දනා වාරෙට ☸️🙏🏻

මේ වාරයෙත් ශ්‍රී පා කරුණා කිරිම සදහා අප හා සම්බන්ධ වන්න🤗

🚐ආසන 15 සුව පහසු වැන් රථ.🚌
🥶Non A/C🥶
💯සාදාරන මිලගනන්.💯
👌පලපුරුදු විශ්වාසනීය රියදුරන්.👌

කුරුණෑගල,නාරම්මල,වාරියපොල,පොතුහැර,පොල්ගහවෙල,අලව්ව......

☎️අමතන්න 0750511511☎️
📲Watts app 0774194950📲

🤝🤝
✅අදම ඔබගේ දිනය වෙන්කරවා ගන්න✅

 #මෙරට පළමු වතු කම්කරු සටන මුල්ඔය අරගලය සහ මෙරට කම්කරු සටනකදී දිවි පිදූ පළමු කම්කරුවා ගෝවින්දන් ලංකාවේ කෝපි වගාවෙන් පසුව...
14/03/2023

#මෙරට පළමු වතු කම්කරු සටන මුල්ඔය අරගලය සහ මෙරට කම්කරු සටනකදී දිවි පිදූ පළමු කම්කරුවා ගෝවින්දන්

ලංකාවේ කෝපි වගාවෙන් පසුව 1877 දී තේ වගාව ආරම්භ කරමින් ඉන්දියාවේ සිට ලක්ෂ ගණනින් දුප්පත් පීඩිත ජන කොටසක් රැගෙන ඇවිත් වහලුන් සේ තේ වතුවල වැඩට යොදා ගෙන ඇත. විශාල වතු එම වතු පාලනය කළ අධිකාරිවරුන්ගේ තනි රාජ්‍යයක් ලෙස පැවති අතර, කම්කරුවන්ට වහල් සිර කඳවුරක් ලෙස ශ්‍රමය සූරා කන ලදි. මෙම ජනයා ජීවිතය හා වෘත්තිමය වශයෙන් මුහුණ පා තිබුණා වූ අසීරුකම් නිසා වතු වලින් පළා යාමට උත්සාහ දැරූ අතර පාලනාධිකාරිය විසින් ඔවුන්ව අල්ලා විවෘත ස්ථානයක දී අමානුෂික ලෙස දඬුවම් පමුණුවන ලදි. එම පළා යාම වැළැක්වීම සඳහා මුරකරුවන් මෙන් මුර බල්ලෝද යොදා තිබුණි. එපමණක් නොව එවන් පුද්ගලයන් හා වතු අධිකාරිවරුන්ට එරෙහිව කටයුතු කළ ජනයා මානසික රෝහල්වලට ඇතුල් කළ බවද 1930 ගණන්වලදී පවා මානසික රෝහල්වල 450 ක් වැනි ගණනක් සිටි බවද වතුකරයේ පළමු වැනි වෘත්තිය සමිතිය ආරම්භ කළ කේ. නඩේසඅයියර් සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇත. මෙවන් පසුබිමක කේ. නඩේසයියර් විවිධ වෙස් ගෙන වතුවලට ඇතුල් වී කම්කරු ප්‍රජාව ප්‍රශ්නයෙන් මිදීමට අවබෝධ කර දිරිමත් කළ අතර 1930 ගණන්වල සම සමාජ පක්ෂය විසින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය පිහිටුවන ලදි.

ඔවුන් විසින් මෙහෙයවන ලද පළමුවෙනි වැටුප් අරගලයේදී ඔවුන් ඉල්ලා සිටියේ ශත 16 කි. එම අරගලයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකදී මුල්ඔය වතුයායේ ගෝවින්දන් නම් වූ කම්කරුවා ජීවිතක්ෂයට පත් විය. ගෝවින්දන්ගේ මරණය විසින් තත්ත්වය තවදුරටත් බැරෑරුම් කළ අතර ඒ හේතුවෙන් එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා වු සර් ඩී.බී ජයතිලක සිය අමාත්‍යංශ කමිටුව හරහා මුල්ඔය වෙඩි තැබීම ගැන විභාගයක් පවත්වන්නට තීරණය කරන ලදි. එහිදී පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ ගෝවින්දන් විසින් කම්කරුවන් සිරකොට තබා ගෙන ගැටුම් ඇති කිරීමට කටයුතු කළ බව ය. ඔහු ආයුධ රැගත් කම්කරු කණ්ඩායමේ නායකයෙක් බව කියන්නට ද පොලිසිය අමතක නොකළේය. ආණ්ඩුකාර ඇන්ඩෘ කැල්ඩිකොට් ස්වදේශී කටයුතු ඇමති ජයතිලක වෙත චෝදනා කරමින් පොලිසිය වෙත සහයෝගය දැක්වීමත් සමග ආණ්ඩුකාරවරයාට එරෙහිව විරෝධය එල්ල වන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් ඇමති මණ්ඩලය එක් වර ඉල්ලා අස් විය. එය සමථයකට පත් කිරීම වෙනුවෙන් ආණ්ඩුකාර කැල්ඩිකොට් මහත් වෙහෙසක් ගත්තේ අතර ජී. ජී. පොන්නම්බලම් රාජ්‍ය මන්ත්‍රණ සභාවට කරනු ලැබූ යෝජනාවකට අනුව මුල්ඔය පොලිස් වෙඩි තැබීම පිළිබඳව තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවසානයේ ආණ්ඩුකාරයා කටයුතු කරන ලද්දේ තත්ත්වය පාලනය කරගැනීම පිණිස ය. මහනුවර අධිකරණයේදී ගෝවින්දන්ගේ මරණය පිළිබඳ සාක්ෂි විමසීම් දිගු කාලයක් පුරා පැවති අතර සමසමාජ පක්ෂයේ පුරෝගාමී නායකයෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා කම්කරුවන් වෙනුවෙන් දින 27 ක් පුරා තේරීම් කාරක සභාව වෙත කරුණු දැක්වීය. ගෝවින්දන් මරා දැමීම අයුක්ති සහගත බවට තීරණය කරන්නට ඒ කරුණු දැක්වීම බලපෑවද පොලිස් වෙඩි තැබීම ක්‍ෂණිකව ගනු ලැබූ තීරණයක් මත සිදු වූ වරදක් බවටද එහිදී නිගමනය කරනු ලැබිණි.

මෙම අරගලයෙන් පසුව වතු වල වෘත්තිය සමිති පිහිටුවීමට නීතිමය අවසරය ලැබුණත්, වතු පාලකයෝ අවසර නොදී කම්කරු ප්‍රජාව පීඩනයට පත් කරමින් වැඩට යොදවන ලදි. එපමණක් නොව එවන් අරගලවලට ඉඩ නොදිය යුතුයැයි තීරණය කරමින්, තම පාලනය දැඩි කළහ. මුල්ඔය වතු යායේදී සිදුවුණු අරගලය හා ඝාතනයෙන් පසුව වතු කම්කරුවන් සංවිධාන වී තම අයිතීන් දිනාගත හැකි බව තේරුම් ගනිමින් ඒ සම්බන්ධයෙන් රහසිගතව සාකච්ඡා කළහ. මුල්ඔය වතුයාය අසල තිබුණු කන්දලා වත්තෙහි මෙයියප්පන් හා ඔහුගේ මිතුරන් වන වීරා සාමි වේලායුදම් එක්වී වෘත්තිය සමිතියක් පිහිටුවීමට රහසින් කටයුතු කළ අතර වතු කම්කරුවන්ද මෙයියප්පන්ගේ නායකත්වය පිළිගනිමින් සාමාජික මුදල් ඔහුගේ අතට පිරිනැමූ අතර, එම වෘත්තිය සමිතියේ ලේකම් ලෙස කටයුතු කළේ වීරා සාමිය. මෙවන් දෙයක් බලාපොරොත්තු නොවූ වතු අධිකාරිවරයා කිසිදු හේතුවක් නොමැතිව වීරා සාමිගේ වැඩ තහනම් කළේය. වහාම කටයුතු කළ මෙයියප්පන් තම සගයා වන වීරා සාමිට නැවත රැකියාව ලබා දුන්නේය. එයින් කෝපයට පත් වූ වතු අධිකාරිවරයා පළිගැනීමක් වශයෙන් කිසිදු හේතුවකින් තොරව 1941 ජනවාරි මස මෙයියප්පන්ගේ රැකියාව අහිමි කළේය. මේ සම්බන්ධයෙන් නුවර තිබුණු ඔවුන්ගේ වෘත්තිය සමිති කාර්යාලවලට දැනුම් දුන් විට එම කාර්යාලයෙන් මෙයියප්පන්ව නැවත රැකියාවේ පිහිටුවන ලෙසද, වීරා සාමි වෙනුවෙන් ඔහු පෙනී සිටියේ සාධාරණ හේතූන් මත බව ද ප්‍රකාශ කරමින් 1941 අප්‍රියෙල් 26 වෙනිදා ලිපියක් යවන ලදි. මෙය පිළිගැනීමට නොහැකි බව, වතු අධිකාරිය විසින් ප්‍රකාශ කරමින් මෙයියප්පන් වත්තෙහි අනවසරයෙන් පදිංචි වී සිටින බවටද, වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද අධිකරණ නියෝග පනවා ගත්තේය. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වත්තට පැමිණියද එසේ කිරීමට නොහැකි විය. මෙයියප්පන් සිටින ස්ථානය ඔවුන්ගේ වෘත්තිය සමිතියේ ලේකම් වන වීරා සාමිටත්, ඔහුගේ මිත්‍රයන් වන වේලායුදම් කුක්කුෂාමි හා රාස කෞන්ඩර් යන අය පමණක් දැන සිටි අතර ඔවුන් රහසිගතව නුවර පිහිටා ඇති තම වෘත්තිය සමිති කාර්යාලයට ගොස්, මෙයියප්පන් හමු වී වත්තට පොලිසිය පැමිණි බවද, සමිතියේ ඉදිරි ගමන ගැනද සාකච්ඡා කර පැමිණියහ. පසුදින මෙයියප්පන් පොලිසියට බාර වුණ අතර, අධිකරණයෙන් ඔහුට ඇප ලැබුණේය. එදින රාත්‍රියේ සුපුරුදු පරිදි වතු අධිකාරියට වරයා කන්දලා වතුයාය අසල පිහිටා ඇති ලෙවලන් වතු අධිකාරිවරයා වන ආර්.ඩී. බ්ලැක් හමුවීමට ගියේය. එදින රාත්‍රියේ ආහාර ගැනීමෙන් පසු 11.00 පමණ තම වාහනයෙන් කන්දලා වත්තට පැමිණි අතර වංගු සහිත එම මාර්ගයේ එක් තැනක ගසක් වැටී තිබුණි. වාහනය නවතා තම වාහනයෙන් බැස, ගස් වැටී ඇති තැනට ගිය අතර එම අවස්ථාව පැමිණෙන තුරු බලාපොරොත්තුවෙන් සැඟව සිටි වීරා සාමි, වේලායුදම් සහ ඔවුන්ගේ මිතුරන් වන වේළු, රෙන්ග සාමි, කුක්කු සාමි, සිංහ මුනියාන්ඩි යන අයවලුන් වතු අධිකාරිවරයාට පොලු වලින් පහර දුන් අතර අධිකාරිවරයා එම ස්ථානයේම මිය ගියේය. පසුදින පොලිසිය විසින් සියලු දෙනා අත්අඩංගුවට ගත් අතර වීරා සාමි හා වේලායුදම් තම මිතුරන්ට පොරොන්දු වූ ආකාරයෙන්ම එම ඝාතනය තමන් විසින් කළ බවට පාපොච්චාරණය කරන ලදි. වර්ෂයක් පමණ කාලයක් විභාග කළ මෙම නඩුව නිම කරමින් ඔවුන් දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කළ අතර ඉහළ අධිකරණයට අභියාචනා කළත් එහිදී ද එම දඬුවම ස්ථිර කරන ලදි. මෙම නඩු තීන්දුව අනුව බෝගම්බර සිරගෙදර දී 1942.2.27 දින පෙරවරු 8.00 වීරා ෂාමිද, (වයස අවු.22), පසුදින එනම් 28 දින පෙරවරු 8.00 වේලායුදම්ද (වයස අවු.24) එල්ලා මරණ ලදි. මරණ දණ්ඩනයට පෙර දින ඔවුන්ගේ අවසන් ආශාව හා බලාපොරොත්තු කුමක්දැයි අසන විට ඔවුන් දෙදෙනා වෙනුවෙන් වේලායුදම් “ලොවේ දුප්පත් සහෝදරවරු ජීවත් විය යුතුයි. තම සංගමය දෙවියන්ගේ පිහිටෙන් දියුණු විය යුතු යැයි” කියමින් ලිපියක් බාර දුන් අතර දුප්පත් සහෝදරවරුන් ලෙස ඔවුන් හැඳින්වූයේ ලෝක කම්කරු පන්තිය ගැනයි.

අයිතීන් දිනාගැනීමේ කම්කරු පංති සටනේ පාලකයන්ගේ වෙඩි පහරින් මිය ගිය පුද්ගලයන් බහුලව ඇත. එමෙන්ම අප රටේ කඳුකර ජනතාවගේ ඉතිහාසයේ ද එවන් කුරිරු ඝාතනයට ලක් වූ බොහෝ දෙනා ඇත. නමුත් නිදහසට පෙර වහල් ක්‍රම යුගයේදී තම පන්තියේ නිදහස වෙනුවෙන් ද, වෘත්තිය සමිති අයිතීන් වෙනුවෙන් ද දිවි පූජා කළ පළමු පුද්ගලයා ලෙස ගෝවින්දන් ඉතිහාසයට එක් වූ අතර වීරා සාමි සහ වේලායුදම් ජයග්‍රහණයේ ලකුණක් ලෙස කඳුකර ජනතාවගේ ඉතිහාසයට එක් වේ. ඔවුන් වෘත්තිය සමිති වෙනුවෙන් දිවි දුන් පසු කඳුකරයේ වතු ක්ෂේත්‍රයේ සිදුවුණු සහන නිසාත්, එම ඝාතනය රට තුළ ඇති කළ ආන්දෝලනය නිසාත්, එම නඩුවේ පෙනී සිටි ආණ්ඩු පක්ෂයේ නීතීඥයා වන ඕ.එල්.ඩී. කට්සර් සියළු සාක්ෂි ගොනු කරමින් 1942 පස්වන මස 21 දින පොතක් එළිදැක්වීය.

වචනයේ පරිසමාප්ත අරුතින්ම මෙරට පළමු නිර්ධන පාන්තික බලවේගය ලෙස හැඳින්විය හැකි වතු කම්කරුවෝ වසර 150 කටත් වැඩි කාලයක සිට ශ්‍රී ලංකා ආර්ථිකයට තීරණාත්මක දායකත්වයක් ලබාදී අවම ජීවත තත්ත්වයන් යටතේ දැනටත් දිවි ගෙවන අතර මේ ජනවාරියේ දී මෙරට වතු කම්කරු ඉතිහාසයේ පළමු වරට අරගලයක දී පොලිසිය වෙඩි තබා වතු කම්කරුවකු මරා දමනු ලැබීමේ සිදුවීමට වසර 82 ක් (2022.01.15) සම්පූර්ණ වේ. ඒ, 1940 ජනවාරි 10 වැනිදා හේවාහැට ආසනයේ මුල්ඔය වත්තෙන් පැන නැඟුණු කම්කරු සටනේදී ය.

1939 අවසාන භාගය වන විට මුල්ඔය වත්තේ කම්කරුවන් 1250 දෙනකුගෙන් 800 දෙනෙක්ම ලංකා සමසමාජ පක්ෂයට අනුබද්ධිත සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලියාපදිංචි සාමාජිකත්වය ලබා සිටි ලසසපයට අමතරව, වතු කම්කරු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති පුරෝගාමියා වූයේ එස්. කේ. නඩේසඅයියර්ගේ නායකත්වයෙන් පිහිටුවා තිබූ සමස්ත ලංකා ඉන්දීය කම්කරු සම්මේලනය වේ. මුල්ඔය වත්තේ වතු කම්කරුවකු ලෙස සේවය කළ ජෙගනාදන් සිය විවේකී කාලය තුළ වතු කම්කරු දරුවන්ගේ අධ්‍යාපනය ඉහල නැංවීම වෙනුවෙන් වැය කළ අතර ඔහුගේ දැනුවත් කිරීම මත කම්කරුවෝ සමස්ත ලංකා වතු කම්කරු සංගමය වෙත බැඳෙන්නට විය. වතු අධිකාරි ඩබ්ලිව්.ඊ. ස්පාලින් ජෙගනාදන්ගේ මෙම වැඩ පිළිවෙල නොරිස්සු අතර 1939 දෙසැම්බර් අග දිනෙක ජෙගනාදන් ඔහුගේ බිරිඳත් සමගින් වැඩ කරමින් සිටි වත්තේ මැදි කොටසින් පහළ කොටසකට මාරු කෙරුණි. තම අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව නැගී එන කම්කරු විරෝධය කෙරෙහි තැකීමක් නොකළ වතු අධිකාරිවරයා සිය ස්ථාවරය වෙනස් කරන්නට සුදානම් නොවුණි.

1940 ජනවාරිය උදා වන්නේ මුල්ඔය කම්කරුවන්ගේ ඉල්ලීම් කිහිපයක් වතු පාලක වෙත ඉදිරිපත් කරමිනි. ජෙගනාදන්ගේ හා ඔහුගේ බිරිඳගේ ස්ථාන මාරුව අවලංගු කිරීමටත්, දෛනික වැටුප ශත 16 කින් වැඩි කිරීමටත් ඒ ඉල්ලීම් මගින් බලකර තිබිණ. ඒ වනවිට දෛනික වතු කම්කරු වැටුප ශත 40ක්ව තිබිණ. එහෙත් එකී ඉල්ලීම් සම්බන්ධයෙන් කම්කරුවන් සමග සාකච්ජා කිරීමට පවා මනාප නොවූ වතු අධිකාරි ස්පාලින් පොලීසිය මැදිහත් කරමින් වර්ජනය මැඩ පැවැත්වීමට උත්සාහ දැරීය. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ මහනුවර දිසා ලේකම් පී. එම්. වේලුසාමි මුල්ඔය වතු කම්කරුවන්ගේ සහායට පැමිණි අතර ජනවාරි 2 වැනිදා මුල්ඔය ට පැමිණි වේලුසාමි කම්කරුවන් සමග සාකච්ජා කරමින් සිටියදී ගලහ පොලිසියෙන් පැමිණි පොලිස් බල ඇණි අක්කර 1413 කින් යුත් මුල්ඔය වත්තේ කඳවුරු බැඳ, වේලූසාමි අත් අඩංගුවට ගන්නා ලදි.එහෙත් පොලිස් බලපෑම නොකඩවා එල්ල වුවද වතු කම්කරුවන් වර්ජනය අත් හරින්නට සුදානම් නොවුණු අතර ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට ඔවුහු සුදානම් වී තිබිණ. වර්ජනය අඛණ්ඩව ඉදිරියට ඇදුනු අතර දින පහක් ගෙවීගිය තැන වර්ජකයන්ට සහල් බෙදා දීමට මුල්ඔය වත්ත අවට ගම්වාසී සමසමාජ පාක්ෂිකයෝ මැදිහත් වූහ. මින් කෝපයට පත් වතු අධිකාරිවරයා සිය අන්තේවාසික සේවකයන් ලවා කම්කරුවන් බිය වැද්දීමට කටයුතු කරන ලද්දේ එවැනි සන්ධානයක අනතුර වටහා ගත් හෙයිනි. ඊට පසු දින ජනවාරි 8 වැනිදා වතු අධිකාරි ස්පාලින් මහනුවර බලා පිටත් වුයේ වේලුසාමිට එරෙහිව සාක්ෂි ලබා දීමේ අරමුණෙන් වූ අතර සාක්ෂි විමසා බැලු මහනුවර දිසා අධිකරණය කම්කරුවන් වර්ජනයට පෙළඹවීම වෙනුවෙන් වේලුසාමිට බරපතල වැඩ සහිත තුන් මාසයක සිර දඬුවමක් නියම කරනු ලැබුණි. එහෙත් එකී තීන්දුව වතු කම්කරුවන්ගේ වර්ජනය උත්සන්න කිරීමට තව දුරටත් ඉවහල් වූ අතර වර්ජනය අනෙකුත් වතු කරා ද පැතිර යාමට ඇති අවදානම ගැන බිය වූ අනෙකුත් වතු හිමියන් හා යටත්විජිත පාලකයන් කම්කරු වර්ජනය කෙසේ හෝ මුල්ඔයෙන් නිමා කිරීම සඳහා පොලිසියට අතිරේක බලතල පැවරීමට කටයුතු කරන ලදි.
වැඩ වර්ජනය අඩපණ කිරීමට දේශපාලන මැදිහත්වීම් සිද්ධ වූයේ මේ අතරවාරයේ ය. ඒ අනුව, රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ නුවරඑලිය මන්ත්‍රී ඊ.ඩබ්ලිව්. අබේගුණසේකර තම ආධාරකරුවන් තාවකාලික කම්කරුවන් ලෙසින් මුල්ඔය වත්තට එවනු ලැබූ අතර පොලිස් ආරක්ෂාව යටතේ අබේගුණසේකරගේ කම්කරුවන් මුල්ඔය තේ කර්මාන්ත ශාලාව වෙත ලොරි මගින් ප්‍රවාහනය කෙරුණි.

මෙම හේතුවෙන් මුල්ඔය වැඩ වර්ජිත කම්කරුවන් හා අබේගුණසේකරගේ කම්කරුවන් අතර ගැටුම්කාරීත්වයක් නිර්මාණය විය. පිටතින් කම්කරුවන් රැගෙන විත් වර්ජනය කඩාකප්පල් කිරීමට පොලිසිය ගන්නා ක්‍රියා මාර්ගයට එරෙහිවූ මුල්ඔය කම්කරුවන් අත තිබු පොලු, මුගුරු ආදිය සිය බාරයට ගත් පොලිසිය කම්කරුවන් විසුරුවා හැරීමට කටයුතු කළ නමුත් යළි සංවිධානය වූ කම්කරු තරුණ පිරිස් පොලිසිය පැහැරගත් පොලු, මුගුරු ආදිය නැවතත් ඔවුන් වෙත ලබා ගැනීමට සමත්විය. එයින් කුපිත වූ පොලිස් කණ්ඩායම් අමතර පොලිස් බලඇණි ද යොදා ගනිමින් මුල්ඔය වත්ත පීරා කම්කරුවන් දඩයම් කිරීම ආරම්භ කළ අතර අධික වේගයෙන් ධාවනය වූ පොලිස් ජීප් රථයකට අටේ ලයින් කාමරය අසලදී පෙරියසාමි නම් කම්කරුවා යට වී අනතුරට පත් වීමත් සමගින් කම්කරුවන්ගේ කෝපය උත්සන්න විය. ගල් පෙරලා දමා මාර්ග අවහිර කරමින් පොලිසිය වෙත සිය විරෝධය දක්වන්නට වූ කම්කරුවෝ කර්මාන්ත ශාලාව අසළට රැස් වී සටන් පාඨ කියමින් මාර්ගය දිගේ ඉදිරියට ගමන් කළෝය. කම්කරුවන් වෙත පොලිස් වෙඩි ප්‍රහාර එල්ලවන්නේ මේ අවස්ථාවේදී ය.

ජනවාරි 15 වන දිනය උදාවිය. එය වතු කම්කරු ඉතිහාසයේ ශෝකාන්තයක් නමුත් ජයග්‍රහණ රැසක් ලබා දෙනු ඇතැයි කිසිවෙකු නොසිතන්නට ඇත. කම්කරුවන් පිරිසක් කර්මාන්ත ශාලාව දෙසින් පහලට බසිමින් සිටි අතර එක්වරම කර්මාන්ත ශාලාවට ඉදිරියෙන් අඩි 20 ක පමණ දුරක සිට එල්ල කළ පොලිස් සැරයන් සුරවීරගේ රයිෆල් උණ්ඩය, කර්මාන්ත ශාලාව දෙසින් වූ බෑවුමේ පහලට බසිමින් සිටි පිරිස අතර වූ ගෝවින්දන්ගේ හිස පසාරු කොට ඉගිළ ගියේය. ගෝවින්දන් ඇද වැටිණ. කම්කරුවෝ හිස් ලු ලු අත දුවන්නට වූහ. සැරයන් සුරවීර ඒ සැණින්ම පොලිස් ජීප් රථයක නැගී මුල්ඔය වත්තෙන් පලා ගියේය. ගෝවින්දන්ගේ දොළොස් හැවිරිදි සොහොයුරු රාමයියා, ගෝවින්දන්ගේ බිරිඳට සහ මව ලෙච්චිමීට වෙඩි තැබීමේ සිද්ධිය ගැන ආරංචිය දන්වන විටත් ගෝවින්දන් මිය ගොස් සිටියේය.

ලංකාවේ කම්කරු සටන් ඉතිහාසය දහදියෙන් ලෙයින් සහ කඳුළෙන් ලියැවූවකි. එදා කම්කරු අරගල වලට පන්නරය ලබා දෙන්නට සටන් කළ සහෝදරවරුන් අද දින සැමරෙන්නේ ගෞරවයෙනි. මෙරට පළමු වැඩ වර්ජනයෙන් වසර 44කට පසු මෙම වැඩවර්ජනය ආරම්භ තිබූ අතර මෙරට කම්කරු සටන් ඉතිහාසයේ පොලිස් වෙඩි පහරකින් මියගිය මුල්ම කම්කරුවා දිවි පිදු ස්ථානය අද බොහෝ දෙනකුට අමතකය. එහෙත් ඒ සටන මෙරට වෘත්තිය අරගල වංශකතාවේ රන් අකුරින් ලියැවී තිබේ. ලෝක වැඩ වර්ජන පිළිබඳව ලියවුනු සුප්‍රකට සඟරාවක අද පවා මුල්ඔය වැඩ වර්ජනය පිළිබඳව සටහන් වන අතර එහි මෙරට පිළිබඳව සටහන් වන එකම අවස්ථාව එයයි. ජන කරලිය නාට්‍ය කන්ඩායම සහ පරාක්‍රම නිරිඇල්ල විසින් නිර්මානය කරන ලද “තිත්ත කහට” නාට්‍යයට පාදක වී ඇත්තේ ද මෙම ඉතිහාසයයි. එමෙන්ම මෙම පුවත සිනමාවට නැගීමට සූදානමක් ගැන ආරංචියක් ද මෑත කාලයේ සමාජ ගත වී තිබිණ.

එමෙන්ම පොදු ජන විරු දිනය නම් කොට ඇත්තේ මුල්ඔය කම්කරු සටනේදී මිය ගිය පළමු කම්කරුවා වූ ගෝවින්දන් මියගිය දිනය සිහි කරමිනි. මුල්ඔය වතු යාය අද පාලනය වන්නේ පුස්සැල්ලාව වැවිලි සභා ගම විසිනි. එදා මහ සටනක් සිදුවූ මුල්ඔය අද ඉතා සෞම්‍ය කාලගුණයක් හා දේශගුණයක් ඇති සුවබර ඉසව්වකි. බැලූ බැලූ අත දිස්වන නිල්ල මෙන්ම දියබැඳි ජලාශ, සුන්දර තණ පිටිය අලංකාර මල් ආදියෙන් ඒ අතීත සටන් බිමට සෞන්දර්යයක් එක්කර තිබේ. ඒ අතීත උරුමය සහිත මුල්ඔය වත්ත අද සශ්‍රීක තේ වගාවක් සහිත ස්ථානයකි. ප‍්‍රදේශයේ තේ නිෂ්පාදනය කෙරෙන සෙසු තේවතුවල නිෂ්පාදනවලට වඩා ඉහළ මිල ගණන්වලට පසුගියදා කොළඹ තේ වෙන්දේසියේදී මුල්ඔය තේ අලෙවිවූ බව සඳහන් වේ. අද වන විට ගෝවින්දන් ගැන දන්නා කිසිවෙකුත් සොයා ගැනීමට මුල්ඔය වතුයායේ නොමැත. ගෝවින්දන් පිළිබඳව තොරතුරු සොයා ගැනීම මූලාශ්‍ර ද නොමැත. නමුත් වතු ජනයා පවසන්නේ වතු කම්කරුවන්ගේ ලේ සාරය තේ ගසට උරා ගැනීමෙන් තේ නැවුම් රතු පාටක් ගන්නා බවයි.

කිසිඳු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වුවත් ගෝවින්දන්ගේ මරණය සිහි කිරීම වෙනුවෙන් ඉදිකළ සැමරුම් කුළුන, නව සටන් පැන නැගී පැතිරෙන මේ ජනවාරියේදී ද සටන්කාමි වතු කම්කරු ඉතිහාසයක මතකය යළි යළිත් අවදි කරන සංකේතයක් සේ මුල්ඔය වතුයායේ පොදු සුසානභූමියේ දැනටත් නැගී හිඳියි. එය වර්තමානයේ දැන්වීම් පත්‍රිකා පෝස්ටර් ආදියෙන් වැසී ගොස් ඇත. 1999.91.28 දින ඉදි කර ඇති එය දැන්වීම් ගලවා නිරාවරණය කල විට මෙරට කම්කරු සටනකදී දිවි පිදූ පළමු කම්කරුවා වූ ගෝවින්දන් නම් මිනිසා ගැන මෙසේ සටහන් වී තිබිණ.

"වතු කම්කරුවාට තම අයිතිය වෙනුවෙන් සටන් කිරීමටත් ජීවිතය පුද කරන්නටත් හැකියාව ඇති බව 1940 ජනවාරි 15 දා පෙන්වා දුන් මුල්ඔය ව්‍යාපාරයේ ගෝවින්දන් සහෝදරයා පිළිබඳ මතකය වෙනුවෙන්....."

 #වසර 204 කට පෙර රට වෙනුවෙන් දිවි දුන් වීර කැප්පෙටිපොළ ස්මාරකය අවසාන සිංහල රජු වන වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේ (ක...
27/11/2022

#වසර 204 කට පෙර රට වෙනුවෙන් දිවි දුන් වීර කැප්පෙටිපොළ ස්මාරකය

අවසාන සිංහල රජු වන වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේ (ක‍්‍රි.ව. 1707-1739) සලූවඩන නිළමේ පදවිය දරා ඇත්තේ කැප්පෙටිපොළ පරපුරේ ආදීම පුරුෂයෙක් වන රාජපක්ෂ වික‍්‍රමසේකර මුදියන්සේ විසිනි. එම පදවියට අමතරව තමන්කඩුව, මාතලේ හා සත්කෝරලයේ දිසාපති පදවිය ද ලැබූ සම්භාව්‍ය රදළ පවුලක් වූ කැප්පෙටිපොළ පරපුර සතරකෝරලයේ කැප්පෙටිපොළ උපන් ගම අතහැර මාතලේ මොණරවිලට පැමිණියේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඉන්පසුව පැවත එන පරපුරේ නිලමේවරු කැප්පෙටිපොළ සහ මොණරවිල යන නම් දෙකෙන්ම හැදින්වීම ආරම්භ විය.

මාතලේ උඩසියපත්තුවේ උඩුගොඩ ගොලහැල ග‍්‍රාමයට සම්බන්ධව මොණරවැව ගම පිහිටා තිබේ. මොණරවිල කැප්පෙටිපොළ මහ නිළමේගේ පියා කැප්පෙටිපොළ ගොලහැල නිළමේය. මව මොණරවිල කුමාරිහාමිය. පියා රාජාධි රාජසිංහ රාජ සමයේ (කි‍්‍ර.ව. 1781-1798) දියවඩන නිලමේ තනතුර හෙබවූ අතර ඔවුන්ට පුතුන් දෙදෙනෙකු හා දියණියක විය. වැඩිමහල් පුතු වූ මොණරවිල කැප්පෙටිපොළ මහ නිළමේ විවාහවී සිටියේ සබරගමුවේ කුල කාන්තාවක් වූ දෙල්වල එතනා සමඟින් වූ අතර කැප්පෙටිපොළ ලොකු බණ්ඩා නමින් පුත‍්‍රයෙකු සිටියේය. මොණරවිල ග්‍රාමයේ ඔවුන් පදිංචිව සිටි අතර එම වලව්ව ඉංග්‍රීසි පාලන සමයේ කඩා බිඳ දැමූ පසු එහි ගල් කණු කිහිපයක් හා පල්ලේපොළ වේළුවනාරාම භූමියෙහි කැප්පෙටිපොළ නිළමේ විසින් ඉදි කළ බුදු මැදුර පමණක් දක්නට ඇත. සෙංකඩගල නුවර කැප්පෙටිපොළ දිසාව සතුව වලව්වක් නොතිබූ අතර මහනුවරට පැමිණෙන අතරමඟදී නවාතැන් ගැනීමට වර්තමානයේ ඉතිරිව පවතින මාතලේ හුලංගමුව කැප්පෙටිපොළ මහ වලව්ව ඉදි කරන ලදි. එය කාමර 16 කින් යුත් සුවිශේෂී ගෘහ නිර්මාණශිල්පයේ අලංකෘත දෙමහල් ගොඩනැගිල්ලක් වූ අතර හි සඳලූ තල දෙකකි. (හය වැනි පරම්පරාවේ මිණිබිරියක් වන ධනංජනී මොණරවිල කැප්පෙටිපොළ මහත්මිය තම ස්වාමිපුරුෂයා සමඟ අද මෙහි ජීවත්වෙති.) මහනුවර දී තම නැඟනිය (දියේ ගිල්වා මරණයට පත් කළ ඇහැලේපොළ කුමාරිහාමි) විවාහවී සිටි ඇහැළේපොළ මහාඅදිකාරම් වලව්වේ නවාතැන් ගත් බව සඳහන් වේ.

උඩරට පාලනය බි‍්‍රතාන්‍යයන්ට හිමිවූ පසු ඉංග‍්‍රීසීන් විසින් හජ්ජි මුහන්දිරම් කෙනෙකු වෙල්ලස්ස පාලනය සඳහා පත්කර තිබූ අතර සිංහලයන්ගේ විරෝධය හජ්ජි මුහන්දිරම් ට එල්ල විය. මෙහි දී කිවුළේ ගෙදර මොහොට්ටාල, කොහු කුඹුරේ රටේ රාල, ඉහගම ආදීහු ප‍්‍රමුඛත්වය ගත් අතර අවස්ථාව ලද වහාම සම්බන්ධවීමේ අදහසින් කැප්පෙටිපොළ නිළමේ රහසින් සහයෝගය ලබා දුන් බව ලූතිතන් ටියුලොක් කැප්පෙටිපොළ පවුලේ අය සිර භාරයට ගෙන දේපළ රාජසන්තක කළ අවස්ථාවේ දී එම දේපල තර තිබූ පෙට්ටගමක තිබී හමු වූ ලිපි පිළිබඳව එවකට ආණ්ඩුකාර බ‍්‍රවුන්රිග් විසින් යටත් විජිත භාර ලේකම්වරයාට යවන ලද වාර්තාවල සඳහන් වේ. ක‍්‍රි.ව 1817 ඔක්තෝම්බර් මස 10 වෙනි දින බදුල්ලේ උපරෙසිඩන්ට් සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් හට විල්බාවේ උපත ලබා පැවිදිව පසුව උපැවිදි වූ දොරේසාමි නැමැත්තෙකු භික්ෂූන් වහන්සේලා අට නමක් සමඟ වෙල්ලස්සේ කොකාගලට පැමිණි බවට තොරතුරු ලැබුණු අතර ඔහු අල්වා ගැනීමට හජ්ජි මුහන්දිරම්ට පැවරිණි. එහිදී හජ්ජි මුහන්දිරම් ඇතුඵ පිරිසට සිංහලයන් කණ්ඩායමක් බාධා කරමින් හජ්ජි මුහන්දිරම් අල්ලා ගත් අතර නැවත ඔක්තෝබර් 14 දින උපරෙසිඩන්ට් විල්සන් සහ ලයිතන් නිව්මන් යටතේ ජා හේවා කණ්ඩායමක් සමඟ භාෂා පරිවර්තකයකු සහ දේශීය භටයෝ කිහිප දෙනෙකු ද වෙල්ලස්සට පිටත් විය. එහිදී අතිදක්ෂ දුනුවායකු වූ මීගහපිටිය වලව්වේ හිටිහාමි රටේරාළගේ නායකත්වයෙන් යුත් භට පිරිසක් විසින් විල්සන් ඇතුළු පිරිසට විද මරා දමන ලදි.

වෙල්ලස්සේ දිසාව ලෙස එවකට මහලූ වයසේ පසු වූ මිල්ලව නිළමේ කටයුතු කළ අතර මහලූව සිටීම පමණක් නොව රෝගාබාධව සිටි නිසා රාජකාරී නිසි අයුරින් ඉටු කිරීමට අපොහොසත් වීම නිසා මෙම දිසාව ද, ඌවේ දිසාව යටතට පත් කරන ලදී. මේ වන විට ඌව දිසාවේ ලෙස පත්ව සිටියේ මොණරවිල කැප්පෙටිපොළ නිළමේ තුමා බදුල්ලේ අණදෙන නිලධාරී මේජර් මැක්ඩොනල්ඩ්ගේ අනුමැතිය ඇතිව වෙල්ලස්ස පළාත සමතයකට පත් කිරීමට ඔහුගේ අතවැස්සන් දොළොස් දෙනකුට තුවක්කුව බැගින් හා වෙඩි බෙහෙත් ලබා දී පරම්පරා ගණනාවක සිට පැවත එන ශ්‍රේෂ්ඨ යුද බෙර වයන්නකු වූ තිත්තවෙල මහ පනික්කියා ද සමඟ යුධ හමුදාවකින් තොරව වෙල්ලස්ස බලා පිටත් විය.

ක‍්‍රි.ව 1817 නෙවැම්බර් මස 01 දින කැප්පෙටිපොළ මහ නිළමේ ඇතුළු පිරිසට අඵපොතදී කොහුකුඹුරේ රටේරාළ ඇතූඵ සටන් පිරිස හමුවිය. සටන් සංවිධානය කොහුකුඹුරේ රටේරාළ භාරයේ පැවති අතර, පිලිමතලව්වේ අධිකාරම, මඩුගල්ලේ දිසාව හා කිවුලේගෙදර මොහොට්ටාල සමඟ දෙසිය පනහක පමණ පිරිසක් සටන් පෙරමුණේ වූහ. කැප්පෙටිපොළ නිළමේ සමඟ ඔහුට පක්ෂපාතී පිරිස පන්දහසක් පමණ වූ බව කියැවේ. මෙහිදී කැප්පෙටිපොළ නිළමේ විසින් ඔහු සමඟ පැමිණි ඉංග්‍රීසි හේවායින් ඔවුන්ගේ අවි ආයුධ සියල්ල සමඟ නැවත පිටත් කර හැර සිංහල සේනාංක සමඟ එක් ව සටන් පෙරමුණේ නායකත්වය භාරව කටයුතු කරන ලදි. මෙය අහම්බයෙන් සිදුවූවක් නොවන බවත් කලින් යොදාගත් සැළැස්මකට අනූව ක‍්‍රියාත්මක වූවක් බව කියැවේ. ඌව වෙල්ලස්සෙන් කි‍්‍ර.ව 1817 සැප්තැම්බර් මාසයේ ආරම්භ කළ සටන 1818 පෙබරවාරි මාසය වන විට බින්තැන්න, වලපනේ, දුම්බර හේවාහැට, හත්කෝරළේ, හාරිස්පත්තුව, මාතලේ, නුවර කලාවිය හා සබරගමුවේ එක් කොටසක් පුරා පැතිර ගියේය.

මෙකල ඉතාමත් දරුණු ආකාරයෙන් සටන් පැවති අතර තම හමුදා සේනාංක ඉවත් කර ගන්නා මෙන් යටත් විජිතභාර ලේකම් මෙරට ආණ්ඩුකාරවරයාට නියෝග කළේය. එහෙත් එම නියෝගය ලැබීමට ප්‍රථම ඉංග්‍රීසීන් ට සහය වීමට ඉන්දියාවේ සිට හමුදා සේනාංකයක් මෙරටට පැමිණි අතර ඉංග‍්‍රීසින්ගේ මිලේච්ජ ක‍්‍රියා පමණක් නොව ආහාර, අවි ආයුධ හිඟකම ද සිංහල සේනාංකයන් හි සටන අඩාළ වීමට බලපෑවේය. මේ අතරතුර කැප්පෙටිපොළ දිසාව අසනීපයෙන් පසුවිය. පෙරමුණ ගත් නායකයෝ එකිනෙකා සටන අතරතුර මරු වැළඳ ගත් අතර ඇතැම් නායකයන් ඉංග‍්‍රීසින්ගේ සිර භාරයට පත්විය.

ජෝන් ඩොයිලිට තොරතුරු සැපයූ උඩුගම උන්නාන්සේ නැමැති දුසිල්වත් සාමණේර හිමියන්ගෙන් ලබාගත් ඔත්තුවකට අනුව තමා සමඟ විල්බාවේ පන්සලේ වාසය කළ සිවුරු හැරගිය භික්ෂුවක් දොරේසාමී නමින් රජෙකු ලෙස පෙනී සිටින බව දැනගැනීම ලැබුණු අතර බ‍්‍රවුන්රිග් මේ බව ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශයට පත් කරන ලදී. ඒ අතර පිළිමතලාවේ නිළමේ හා ඩොයිලි අතර පැවති රහස් සාකච්ඡා වල ප්‍රථිපලයක් ලෙස අභිනව රජු හා කැප්පෙටිපොළ නිළමේ අල්ලා ගන්නා ලද වුවත් කැප්පෙටිපොළ නිළමේ හා රජු ඔවුන්ගෙන් මිදී පලාගොස් නුවර කලාවියේ පරවහගම වලව්වේ නැවතුණි. ඉන් පසු ඩොයිලි සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් නැවතත් පිළිමතලව්වට, කැප්පෙටිපොළ නිලමේ සමඟ එක් වීමට සිදු විය. එහෙත් ජාතියේ අවාසනාවට "ජා” වෙළෙන්දකු ලබාදුන් ඔත්තුවක් නිසා පරවහගම වලව්වෙහිදී ඔවූහු සියලූ දෙන ඉංග‍්‍රීසින්ගේ අත්අඩංගුවට පත්වූහ. මෙම තොරතුරු වෙනුවෙන් ජා වෙළෙන්දාගේ ඉල්ලීම පරිදි ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයා විසින් ඔහුගේ ආගම ඇදහීම සඳහා පල්ලියක් ඉදිකිරීමට මහනුවර බෝගම්බර භූමියේ පර්චස් කිහිපයක ඉඩමක් ලබා දුන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. වර්තමානයේ කිරිමුහුදට පහළින් අක්කරයක පමණ ප‍්‍රදේශයක පිහිටා ඇත්තේ එම පල්ලියයි.

පරවහගම වලව්වේ කැප්පෙටිපොළ දිසාව පමණක් නොව තවත් නායකයෝ රැසක් ද සිටි අතර මඩුගල්ලේ දිසාව ඇතුඵ සටන් පෙරමුණේ නායකයන් රැසකට සැඟවී පළා යාමට අවස්ථාව ලබා දුන් මෙම වීරයා, ඒ වන විට ඔත්පලව ලෙඩ ඇඳේ වැතීරි සිටි පිළිමතලව්වේ තනිකර දමා නිවටයකු ලෙසින් පළා ගියේ නැත. ලූතිනන් ඕනිල් වලව්වට ඇතුඵවන විටම "මා තමා කැප්පෙටිපොළ” යනුවෙන් උස් හඩින් පවසමින් ඔහු ඉදිරියට ගිය අතර ඔහු 1818 ඔක්තෝබර් 28 දින ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත් වූ පසු දැඩි ආරක්ෂාව යටතේ මහනුවරට ගෙන එන ලදි. පසුව නොවැම්බර් දෙවන දින ඇලහැර දී ඉංග්‍රීසීන් ට හසු වූ මඩුගල්ලේ දිසාව හා කැප්පෙටිපොළ නිළමේ නොවැම්බර් මස 13 වැනි දින යුද අධිකරණයක් ඉදිරියට කැඳවා මරණ දඬුවම නියම කරන ලදි.

කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ යන දෙදෙන ඔවුන්ගේම ඉල්ලීම පරිදි නොවැම්බර් මස 25 වනදා අලුයම් වේලෙහි දළදා මාලිගාවට කැඳවාගෙන යන ලද අතර කැප්පෙටිපොළ නිළමේ ගේ ඉල්ලීම සහ ශී‍්‍රමත් රොබට් බ‍්‍රවුන්රිග්ගේ අවසරය පරිදි සෝවර්ස් මහතා දළදා මාලිගාවේ දී කැප්පෙටිපොළ නිළමේ තුමා මුණගැසිණි. භික්ෂූන් වහන්සේ අභිමුඛයෙහි වැඩහිඳින මාලිගාවේ එළිපත්ත මත දණගසා ගත් නිලමේතුමා තමන් භික්ෂූන්ට කළ සේවය විහාරවලට කළ පුදපූජා වැනි තම ජීවිත කාලය තුළ කරන ලද ප‍්‍රධාන පුණ්‍ය කි‍්‍රයා ද අනෙක් ධාර්මික කි‍්‍රයා ද විස්තර කළ අතර පසුව ඔහු ප‍්‍රාර්ථනාව ඉදිරිපත් කළේ ය.

(ඉතො චතොහං වර ජම්බුදීපේ
හිමාලයේ හෙමමයයහිකූටේ
කප්පායුකො දෙව වසත්වහුත්වා
මෙතත්‍යෙය නාථස්ස සුණොමි ධම්මං

තේරුම - මෙයින් මියයන මම උතුම් ජම්බුද්වීපයෙහි හිමාලයෙහි ස්වර්ණ පර්වතයක කල්පායුෂ්ක දිව්‍ය රාජයෙක්ව ඉපිද අවසානයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර නිවන් දකිම්වා...!)

එනම් "ඊළඟ ආත්මභාවයේදී හිමාලය පර්වතයෙහි උපදිම්වා, කෙළවර අමා මහ නිවන් දකිම්වා" යන්නයි. භික්ෂූන් වහන්සේලා ගේ අනුශාසනයෙන් පසුව තම ඉණෙහි ඔතා සිටි තුප්පොට්ටිය ගලවා මාලිගාවට පූජා කොට එය අපිරිසිදු වැරහැල්ලක් නමුත් "මා සන්තක එකම වස්තුව මෙය නිසා එය පිදීමෙන් ලත් පින අඩු නොවේ"යයි සරදම් සහගතව පවසා සෝවර්ස් මහතාට සමු දෙන ලදි. පසු දින වධක පිටියට පැමිණි පසු ආගමික වතාවත් සඳහා සුළු වේලාවක් ඉඩදෙන ලෙස කැප්පෙටිපොළ නිළමේ තුමාගේ කැමැත්ත උදෙසා අවස්ථාව සලසන ලදී. සිරකරුවෝ මුහුණ හා අත් දෝවනය කළහ. කැප්පෙටිපොළ තම හිසකෙස් හිස් මුදුනේ කොණ්ඩයක් කොට බැඳ කුඩා පඳුරක් ළඟ වාඩිවෙමින් පා ඇඟිලිවලින් අල්ලාගත්තේ ය. ඔහු ඉණේ රෙදිපට අතරින් කුඩා ධම්මපදය පොතක් ගෙන ගාථා කිහිපයක් කියවා එය එහි සිටි ස්වදේශික නිලධාරියකුට දෙමින් බදුල්ලේ සේවය කළ කාලයේදී තමන්ට දැක්වූ මිත‍්‍රත්වය සහ කාරුණික බව පිළිබඳ කෘතඥ පූර්වක ලකුණක් වශයෙන් එය සෝවර්ස් මහතාට දෙන ලෙස කීය. ඉන් පසු කැප්පෙටිපොළ නිළමේ තුමා පාලි ගාථා සජ්ඣායනය කරමින් සිටියදී වධකයා තියුණු කඩු පහරක් බෙල්ල පිටිපසට ගැසීය. ඒ මොහොතේදී "අරහං" යන වචනය ඔහුගේ මුවින් පිටවිය. දෙවැනි පහරින් ප‍්‍රාණය නිරුද්ධව මෘත කලේබරය වැටුණේ ය. ඒ1818 නොවැම්බර් මස 26 වන දින එනම් අදට වසර 204කට පෙරදී ය.

ඔවුන්ගේ දේහ බෝගම්බර වැව් ඉවුරේ භූමදානය කරනු ලැබීය. විදේශීකයන්ගෙන් තම රට මුදා ගැනීමට කළ උදාර මෙහෙය වෙනුවෙන් කනගාටුවෙමින් සමාව නොගෙන එඩිතර විලාසයෙන් මරණයට මුහුණ දුන් ආකාරය විශ්මය දනවන්නක් වූ බැවින් කැප්පෙටිපොළ නිළමේ තුමාගේ හිස පරීක්ෂණයකට ලක් කිරීම සඳහා එංගලන්තයට රැගෙන යාමට දොස්තර හෙන්රි මාෂල් අවසර ලබා ගත්තේය. එදා කැප්පෙටිපොළ නිළමේ තුමා මරණයට මුහුණ දුන් ආකාරය රජයේ ගැසට් පත්‍රයේ "මොණරවිල කැප්පෙටිපොළ දිසාව වීරයකු ලෙස සන්සුන්ව හැසිරුණේය. ජාතිය වෙනුවෙන් තමා ඉතා වැදගත් කාර්යයක් ඉටු කළා යන හැඟීමෙන් යුතුව මරණයට මුහුණ දුන්නේය” යනුවෙන් සඳහන් කර ඇත. එංගලන්තය රැගෙන ගිය කැප්පෙටිපොළ නිළමේ තුමාගේ හිස් කබල ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ කපාල වස්තු විද්‍යාඥයින් පරීක්ෂා කිරීමෙන් පසු නිගමනය කළේ "කැප්පෙටිපොළ මහනිලමේ ලෝකයේ අතිශයින් විරල ගනයේ රණශූරයෙක්” බවය. පසුව එඩින්බරෝ නගරයේ කපාල ලක්ෂණ විද්‍යා සංගමයේ කෞතුකාගාරයට කැප්පෙටිපොළ වීරයාගේ හිස්කබල පරිත්‍යාග කරන ලදී. කැප්පෙටිපොළ මහනිලමේ මරණයට පත් කිරීමට ප‍්‍රථමව ඉතා රහසිගතව බිරිඳ වූ දෙල්වල කුමාරිහාමිට අවසාන කැමැත්ත දන්වා යවන ලද අතර එහි සඳහන් කර තිබුණේ කැප්පෙටිපොළ වලව්ව සහ හැටපස් අමුණක ඉඩම් සඟ සතුකර පූජා කරන ලෙසත්, කුමාරිහාමිට සහ තම දරුවාට සිය මව්පියන් වෙත ගොස් ජීවත්වන ලෙසත්ය. වර්තමානයේ මාවනැල්ලේ කැප්පෙටිපොළ විහාරය නමින් හඳුන්වන්නේ එම උරුමයන් ය. එමෙන්ම ඒ වන විටත් තම මොණරවිල ගමට ආසන්නයේ (පල්ලේපොළ) විහාරයක් ඉදිකර සංඝරත්නයට පූජා කර තිබුණු අතර එය පල්ලේපොළ වේළුවන පිරිවෙන ලෙස හැදින්වේ.

කැප්පෙටිපොළ නිළමේ තුමාගේ හිස් කබල ශ්‍රී ලංකාවට නිදහස ලැබීමත් සමඟ ආපසු අපට ලැබුණු අතර හිස්කබල ලංකාවට ගෙනවිත් 1954 වසරේ නොවැම්බර් 17 සිට 26 දිනය දක්වා මහජන ප්‍රදර්ශනයට තබා තිබේ. ඒ අතරේ මාතලේ මොණරවිල පල්ලෙපොළ ග්‍රාමයටත් රැගෙන ගොස් ගෞරව දැක්වා ඇත. ඉන්පසු 1954 සැප්තැම්බර් 14 දින රාජ්‍ය අනුග්‍රහය ඇතිව මහනුවර මහ මළුවේ ස්මාරකයක් ඉදි කිරීම ආරම්භ කළ අතර කි‍්‍ර.ව 1954 නොවැම්බර් මස 26 දින කැප්පෙටිපොළ නිළමේ තුමාගේ හිස් කබල එම ස්මාරකය තුළ තැන්පත් කරන ලදි.

මේ ස්මාරකය සඳහා ආකෘතිය ලබා ගන්නා ලද්දේ සිංහල සංස්කෘතියේ මූලය වන අනුරාධපුර යු‍ගයේ ගෘහ නිර්මාණ ශිල්පයෙනි. ස්මාරකය උඩරට සම්ප්‍රදාය අනුව තැනුණ ටැඹකි. ඇම්බැක්කේ දේවාලයේ කැටයම් ආශ්‍රයෙන් සකස් වුණු ජනේල සතරකින් සැදි මධ්‍ය හතරැස් කොටුවේ යුද වැදුණු සිංහල හේවායකුගේ රූපයෙන් සමන්විත වන අතර කුලුනු හිස මහනුවර ගඩලාදෙනියෙන් පිටපත් කර ගත් විමානයක ආකාරයෙන් සකසා ඇත. ස්වකීය මාතෘ භූමිය උදෙසා ජීවිතය පුද කළා වූ වීර අධිපතියාණන් මේ ස්ථම්භයෙන් ප්‍රතිමූර්ත වන අතර ජනේල කැටයම් එතුමන්ගේ ක්‍රියාව පිළිබිඹු කරන අතර විමානයෙන් මූර්තිමත් කරනුයේ එතුමන් දේවත්වයෙහි ලා සලකනු ලබන බවයි.

මෙලෙස ආප රටේ ස්වෛරීභාවය වෙනුවෙන් අදින් වසර 203 කට පෙර දිවි දුන් වීර කැප්පෙටිපොළ නිළමේ තුමා හා සම්බන්ධ ස්මාරක රාශියක් විනාශ මුඛයට යමින් පවතින බව බොහෝ දෙනා නොදන්නා බවකි. ඒ සෑම ස්මාරකයක්ම සංරක්ෂණය කර අනාගත පරපුරට රැක දීම අපගේ වගකීමකි.

🏞🏘🛏📺සුන්දර නුවරඑලිය සති අන්තයේ සංචාරයේ යෙදීමට පවුලේ සැමට නිදහසේ සතුටින් ගත කිරීමට නිස්කලංක වටපිටාවක පිහිටි එකම නවාතැන්පල...
19/10/2022

🏞🏘🛏📺සුන්දර නුවරඑලිය සති අන්තයේ සංචාරයේ යෙදීමට පවුලේ සැමට නිදහසේ සතුටින් ගත කිරීමට නිස්කලංක වටපිටාවක පිහිටි එකම නවාතැන්පල NIOKA HOLIDAY BUNGALOW...🥂❤❤

නුවරඑළිය මහ නුවර ප්‍රධාන මාර්ගයේ කුඩාඔය (පුෂ්පාරාම විහාරස්ථානය අසල) නුවරඑලිය නගරයට විනාඩි 10ක දුරින් (6km)
🏘 මහල් තුනකින් සමන්විත වන අතර Balcony, කෑම කාමරය, මුළුතැන්ගෙය (self cooking)
🛏 සුවපහසු නිදන කාමර (04)
🛀 උණුවතුර පහසුකම් සහිත නාන කාමර
🚗 වාහන නවතා තැබීමේ පහසුකම් සහිතව 16000/- සිට ඉහළට සුවිශේෂී මිල ගණන් යටතේ පැය 24 පුරා විවෘතව පවතී.

🏘Living/ Dining area with kitchen 🌈Balcony 🛏 comfortable bedroom
🛀 Attached bathroom with hot water 🚗 Parking area
LKR 16000/-⬆️ 24 HOURS

➡️ නුවරඑලිය නගරය හා අවට ස්ථාන සහ උද්‍යාන
➡️ ඩෙවෝන්, ඇබර්ඩීන්, රම්බොඩ, st' claire, ලක්ෂපාන ඇතුළු රමණීය දිය ඇලි
➡️ හෝර්ටන් තැන්න
➡️ ලෝකාන්තය
➡️ හග්ගල උද්භිද උද්‍යානය
➡️ අඹේවෙල
➡️ කොත්මලේ ජලාශය
➡️ මහවැලි මහා සෑය ආදී නුවරඑළියේ සියළු සංචාරක ස්ථාන වෙත NIOKA HOLIDAY BUNGALOW හි සිට කෙටි කලකින් ලඟා විය හැකිය.

💳Packages - 16000/- (1 - 6 person) per day
20000/- (6 - 12 person) per day
25000/- (12 - 15 person) per day
25000/- ⬆️ (15 ⬆️ person) per day

📱 0769975935 piyal 📱 0766916101 dammika

වෙල්ලස්සේ පුංචි සීගිරිය, කොටියාගල මයිල්ල පර්වත ලෙන් විහාරය මොණරාගල කොටියාගල  මයිල්ල පර්වතයේ පිහිටි පුරාණ රුහුණු රටට අයත්...
14/10/2022

වෙල්ලස්සේ පුංචි සීගිරිය, කොටියාගල මයිල්ල පර්වත ලෙන් විහාරය

මොණරාගල කොටියාගල මයිල්ල පර්වතයේ පිහිටි පුරාණ රුහුණු රටට අයත් ලෙන් විහාරයක් ලෙස කොටියාගල මයිල්ල ලෙන් විහාරය හැඳින්විය හැකිය. මෙම විහාරයේ ඇති නටඹුන් පරීක්ෂා කිරීමේදී අනුරාධපුර යුගයේ ඉදිකළ විහාරස්ථානයක් බව පෙනී යයි. මොණරාගල පොතුවිල් සියඹලාණ්ඩුව මාර්ගයේ ඇතිමලේ (මහාවංශයේ සඳහන් උරුවෙල නගරය හා වැව කොටියාගල අසල වු ඇතිමලේ බව හදුනාගෙන ඇත) හා සැතපුම් භාගයක් පමණ වූ ඇතිමලේ වැව් බැම්ම හරහා කොටියාගල ගම්මානයට පිවිස එතැන් සිට සැතපුම් දහයක පමණ දුරක් ගෙවා ගම්මානය මැදින් වනය හරහා මයිල්ල පර්වත විහාරයට ළගා විය හැකිය. ගමන් මාර්ගයේ දුෂ්කර බව හේතුවෙන් යතුරුපැදියක් හෝ අත් ට්‍රැක්ටරයක් වැනි වාහනයක් භාවිතා කිරීම යෝග්‍ය වේ. 1967 වසරේ දී පුරාවිද්‍යා ඕවර්සියර් කෙනකු වූ එම්. එච්. මාර්ෂල් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පසුව මෙම ලෙන් විහාරය පිළිබඳව ලෝකයට කරුණු අනාවරණය විය.

අනුරාධපුර යුගයට අයත් සැතපෙන පිළිම වහන්සේ නමක්, එමෙන්ම අනුරධපුර යුගයට අයත් බිතුසිතුවම් සහ චෛත්‍යක් පැවතීම හේතුවෙන් ශාසනික වශයෙන් වැදගත් ස්ථානයක් වූ මෙම මයිල්ල පර්වත විහාරයේ දැනට ශේෂ ව ඇත්තේ පුරාණ ගල් ලෙන් පමණි. එහි කටාරම් කොටා තිබෙන අතර දිගින් අඩි 73ක් ද පළලින් අඩි 42ක් ද වන මෙම ලෙනෙහි සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් දක්නට ඇත. එම සැතපෙන පිළිම වහන්සේ අනුරාධපුර යුගයට අයත් බවට ඇතැමුන් මත පල කර ඇති අතර මයිල්ල පර්වත විහාරයේ පිළිමවහන්සේ ගඩොල්වලින් මූලික හැඩය මතු කර මැටි බදාම ආදිය යොදා නිර්මාණය කර තිබේ. සුදු මකුළු මැටි තට්ටුවක් ආලේප කොට නිමා කර ඇති ඉතා විශිෂ්ට නිර්මාණයක් වූ එහි සිවුර ඇඟට ඇළුණු ආකාරයට දක්වමින් සජීවී කලා ලක්ෂණයන් ගෙන් යුක්තව නිමවා ඇත. අද වනවිට මෙම විහාරයේ පිළිම වහන්සේ විනාශ වී ඇති නමුත් එම පිළිම වහන්සේගේ මුහුණෙන් කොටසකුත් ශරීරයේ උඩ කොටසත් ඉතිරිව තිබේ. ප්‍රධාන ලෙනට බටහිරින් තවත් කුඩා ලෙන් හතරක් පිහිටා ඇත.

මෙම පර්වතය මුදුනෙහි දාගැබක් පැවති බවට සාධක හමු වන අතර මේ වන විට නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බැවින් පස් ගොඩක් පමණයි දක්නට ලැබේ. මුල් කාලීන ලක්ෂණ සහිත චෛත්‍යයේ ඡත්‍ර ගල ගැලවී ගොස් පිළිම වහන්සේ ඉදිරියේ වැටී තිබෙනු දක්නට ලැබෙන අතර ගමා වාසීන් වර්තමානයේ එය මල් ආසනයක් ලෙස භාවිතා කරයි.

මෙම විහාරයේ ඉතාම වැදගත් අංගයක් ලෙස ලෙන් විහාරයේ වියනෙහි පවතින ඉපැරණි බිතු සිතුවම් දැක්විය හැකිය. ලුසියානෝ මරන්සි විසින් මෙම චිත්‍ර සංරක්ෂණ කර ඇත.
රෝහණයේ ඇති පැරණිම සිද්ධස්ථාන වලින් එකක් වන මෙහි චිත්‍ර අයත් වන්නේ අනුරාධපුර යුගයට ය. එම සිතුවම් දැඩි සේ විනාශ වී ඇත. ඒවා පිළිබඳව ඇතැමුන් කාල නිර්ණය සම්බන්ධයෙන් විවිධ අදහස් දරන අතර මෙය 3 හෝ 4 සියවස්වලට අයත් බව ඇතැමුන් ගේ මතයයි. තවත් අය මෙය 8වැනි සියවසට අයත් බවට මත පල කරන අතර මයිල්ල පර්වතය පිළිබඳව වැඩිදුර අවධානයක් යොමු වී නොමැත.

මෙහි බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයට ඉහළින් අලංකාර සැරසිල්ලක් දැකිය හැකිය. ඒ සඳහා සාම්ප්‍රදායික කලා මෝස්තර යොදා ගෙන ඇති අතර එහි තනි රතු බදාමයක් සහිත පසුබිමේ සුදු පාටින් සැරසිලි මෝස්තර යොදා තිබේ. එක් තැනක වෘත්තාකාර මෝස්තර ද අලියකුගේ රූපයක් ද දැකිය හැකිය. ඒ සඳහා භාවිත කර ඇත්තේ රතු හා සුදු පාට පමණක් වන අතර එහි තවත් කොටසක උද්‍යානයක් මෙන් චිත්‍රණය කර ඇත. එයින් කියවෙන්නේ කුමක්ද යන්න නිශ්චිතව සොයාගෙන නැති අතර එහි නෙළුම් මල්, කොළ, පොහොට්ටු ආදිය පිරුණු පොකුණක් දක්වා තිබේ. ඇතුන්, බූරුවන්, මුවන් ආදී සතුන් ද එහි නිරූපිත අතර ඊට නුදුරින් විමානයක් වැනි මණ්ඩපයක් දැකිය හැකිය. ඒ තුළ පුද්ගල රූප කිහිපයක් ද චිත්‍රණය කර ඇත. ඒවායෙන් නිරූපණය වනුයේ බෝධිසත්ත්ව යුවළක් බව ඇතැමුන් ගේ මතය වන නමුත් ඒ මතය තහවුරු කර නැත. ඉතා සියුම් රේඛාවන් ගෙන් විසිතුරු කළ අලංකාර රූප කිහිපයක් තිබෙන අතර සීගිරි අප්සරාවන්ට බෙහෙවින් සමාන රූපයක් දැකගත හැකිය. සීගිරි චිත්‍ර වල මේ වන විට අපට දැක ගත හැකි වන්නේ සීගිරි අප්සරාවන්ගේ උඩුකය රූප වුවත් මෙහි සම්පූර්ණ කාන්තා රූපය නිරූපණය කර තිබීම විශේෂත්වයකි. මෙම විහාරයේ ඇති චිත්‍ර වල අනෙක් වැදගත් කරුණ නම් ශීර්ෂාවරණය, ඔටුන්න, ග්‍රීවාබරණ, හස්තාභරණ, වස්ත්‍ර ආදියේ ඇති සියුම් නොකැඩුණු රේඛා වලින් චිත්‍රණය කර තිබීමයි. එමඟින් කලා කරුවාගේ ප්‍රතිභාව මැනවින් පෙන්නුම් කෙරේ.

මෙම විහාරය කිසිවකුගේ අවධානයට ලක් නොවීම හේතුවෙන් කැලෑවට යටවී ගොස් ඇති අතර නිදන් හොරුන්ගේ ග්‍රහනයට ලක් වීම හේතුවෙන් සියලු ඉදිකිරීම් විනාශයට පත් ව තිබේ. මයිල්ල පර්වත විහාරය පිහිටා ඇති කොටියාගල ගම පසුගිය කාලයේ දී විවිධ ත්‍රස්ත උවදුරුවලට ලක්වුණු ගම්මානයක් වන අතර හේන් ගොවිතැන ජීවන උපාය කරගත් සිංහල බෞද්ධ පවුල් කිහිපයක් ඵමණක් දැනට මේ ගම්මානයේ ජීවත් වේ.
කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් ඇති මෙවැනි පෞරාණික වටිනාකමකින් යුත් සිද්ධස්ථාන හැකි ඉක්මනින් සංරක්ෂණය කොට අනාගත පරපුරටත් දායාද කිරීමේ වගකීම අප සතුව පවතී. එබැවින් මේ පිළිබඳ ඔබේත් මගේත් යුතුකම ඉටු කිරීමට අප්‍රමාදී වීම සම්බුද්ධ ශාසනය තවත් චිරාත් කාලයකට මෙසිරිලකෙහි ආරක්ෂා කරගැනීමට කරන්නා වූ මහඟු මෙහෙයක් වනු ඇත.

Address

Kandy

Telephone

+94774160491

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon tours & cabs සංචාරය සහ ගවේෂණය Travel and exploration posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon tours & cabs සංචාරය සහ ගවේෂණය Travel and exploration:

Share

Category