Praba's Travel Diary

Praba's Travel Diary Feel The nature

කුරුණෑගල අවට දන්සල් ලිස්ට් ඒක😁
21/05/2024

කුරුණෑගල අවට දන්සල් ලිස්ට් ඒක😁

සෆාරි ජීප් රථයකට පහරදීමක්.. කොහෙද කියලනම් දන්නෑ... 😢.. කැලේ සෆාරි කරද්දි පරිස්සමට...  video👇 https://youtube.com/shorts/...
01/01/2024

සෆාරි ජීප් රථයකට පහරදීමක්.. කොහෙද කියලනම් දන්නෑ... 😢.. කැලේ සෆාරි කරද්දි පරිස්සමට... video👇 https://youtube.com/shorts/bTUucoFmXnk?si=vGYayG380ax3bWFu

යමුද සුන්ඳර ඊජිප්තුවේ පුංච් රවුමක්ඊජිප්තුවට ආදරය කරන ඊජිප්තුව ගැන විස්තර බලන්න ආස අයට ලේසියෙන් බලන්න නොලැබෙන දුර්ලභ දර්ශ...
26/12/2023

යමුද සුන්ඳර ඊජිප්තුවේ පුංච් රවුමක්

ඊජිප්තුවට ආදරය කරන ඊජිප්තුව ගැන විස්තර බලන්න ආස අයට ලේසියෙන් බලන්න නොලැබෙන දුර්ලභ දර්ශන ඇතුලක් ඩ්‍රෝන වීඩියෝ එකතුව.. 👇

https://youtu.be/lpJsN9Van-M?si=87RnmjzVQk08mHt4

එන්න ඊජිප්තුව වටේ පුංචි රවුමක් යන්න...

අතීත ශ්‍රී පාද වන්ඳනාවමෑත කාලය වනවිට ශ්‍රී පාදය වන්දනා නොකල කෙනෙක් නැති තරම්..  ශ්‍රී පාද වන්දනා සමය ආරම්භයත් එක්ක ඔන්න ...
26/12/2023

අතීත ශ්‍රී පාද වන්ඳනාව

මෑත කාලය වනවිට ශ්‍රී පාදය වන්දනා නොකල කෙනෙක් නැති තරම්.. ශ්‍රී පාද වන්දනා සමය ආරම්භයත් එක්ක ඔන්න මං අරගෙන ආව ඉස්සර මිනිසුන් ⁣එකල තිබූ දුෂ්කරතා මැද උතුම් වූ ශ්‍රී පාදස්ථානය වන්ඳනාව සිදුකරන දුර්ලභ වීඩියෝවක්.. ඔයාලට මේ ලින්ක් එකෙන් ඒක බලන්න පුලුවන්.. මේ 1934 වර්ෂය.. https://youtu.be/ENJ-eYRJo-A?si=Xata-pn6XpniL4EU

21/12/2023

K U R A G A L A කූරගල..🙏
ජීවිතේ එකම එකපාරක් හරි යන්නම ඕන පුදබිමක්...

කරගහගෙදර අම්බලමබලන්න මේ වීඩියෝව මොහොතක්. ලංකාවේ ලස්සනම අම්බලම් වලින් එකක්👇https://youtu.be/D0y5Rk9g3eM?si=RbY1yh48olXVmI...
18/12/2023

කරගහගෙදර අම්බලම

බලන්න මේ වීඩියෝව මොහොතක්. ලංකාවේ ලස්සනම අම්බලම් වලින් එකක්👇

https://youtu.be/D0y5Rk9g3eM?si=RbY1yh48olXVmIJ9

මෙම අම්බලම ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ නාරම්මල නගරයට ආසන්නව පිහිටා ඇත. කරගහගෙදර අම්බලම ඉතා ඈත අතීතයකට උරුමකම් කියන බවට සාක්ෂි රැසක් එහි ඇත.

මෙම අම්බලමේ ඇති එක් දැව කඳක 1837 ලෙස සටහන් කර ඇත. එමනිසා මෙම අම්බලම 1837 වසරේදී හෝ එයට ‍ පෙර නිර්මාණය කර ඇති බව සිතිය හැක.

ටැන්සානියාව මෙච්චර ලස්සනයි කියල හීනෙකින්වත් හිතුවද... අප්‍රිකා මහද්වීපයේ සැඟවුනු පාරාදීසක්.. බලන්න මේ වීඩියෝව මොහාතකට..👇...
17/12/2023

ටැන්සානියාව මෙච්චර ලස්සනයි කියල හීනෙකින්වත් හිතුවද... අප්‍රිකා මහද්වීපයේ සැඟවුනු පාරාදීසක්.. බලන්න මේ වීඩියෝව මොහාතකට..👇 https://youtu.be/udYebY5MFUc?si=9AWvNjhpnjzSCCsR
කොච්චර ලස්සන තැන් අපේ මේ ලෝකෙ සැඟවිලා තියනවද❤️❤️

මෙරට විශාලතම ශිලා ලේඛනය දිඹුලාගලින් හමුවේ...අඩි 45ක් දිග, අඩි 18ක් උස ලංකාවේ මෙතෙක් හමුවූ විශාලම ශිලා ලේඛනයක් දිඹුලාගලින...
10/11/2023

මෙරට විශාලතම ශිලා ලේඛනය දිඹුලාගලින් හමුවේ...

අඩි 45ක් දිග, අඩි 18ක් උස ලංකාවේ මෙතෙක් හමුවූ විශාලම ශිලා ලේඛනයක් දිඹුලාගලින් සොයා ගනී....

මෙතෙක් ශ්‍රී ලංකාවේ හමු වී ඇති, අතිශය දුර්ලභ හා විශාලතම ශිලාලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු වැටියෙන් හමුවී ඇති බව පොලොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොලොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ලේඛනය සොයා ගන්නේ මී කැඩීම සඳහා වනයට ගිය ගැමියෙක් විසින් ලබා දුන් තොරතුරක් මතය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.පී.රත්නපාල දිගුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත එවන ලද ලිපියක සඳහන් වන්නේ එම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත්වන බවය.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් සහ සේවකයන් කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වෙනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇති බවයි.

දිගින් අඩි 45 ක් සහ උසින් අඩි 18 ක් පමණ ඇති මෙම ශිලා ලේඛනයක් කුමන යුගයට අයත්ද යන්න මෙතෙක් කිව නොහැකි බවත්, ඒ සම්බන්ධව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යාඥ නිලධාරීන්ට තවත් මසක පමණ කාලයක් ගත වනු ඇති බවද රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

Hiru News - https://youtu.be/8gpg5zNS8BI?si=hi1zJuS6lJb0EKjy

Copied-

අතීතය සිහින පොදක් වී ඇත.. නමුත් තවමත් අප ඒ සිහිනයේ මතක තුල සුසුම් හෙලමින් ජීවතේ ගෙවන්නෙමු.    සොදුරු නිසංසල ඉසව්වක විඩාව...
08/11/2023

අතීතය සිහින පොදක් වී ඇත.. නමුත් තවමත් අප ඒ සිහිනයේ මතක තුල සුසුම් හෙලමින් ජීවතේ ගෙවන්නෙමු.

සොදුරු නිසංසල ඉසව්වක විඩාව නිවාලන කල්හි ⁣සෙමින් හමා යන පවන් රැලි , ඒ මතකයන් පාරා ,එක් නිමේෂයකට සොදුරු ලොවක අප තනිකරන්නේ අපටත් සිතාගත නොහැකි වනසේය.

ඉතිං සබද අප වෙන්ව යා යුතුය.....තව බොහෝදුර අප තනිව යා යුතු නිසාවෙන්.
________________________________________

නකල්ස් වලට වසන්ත කාලය ඇවිල්ලා... බලන්න කෙතරම් සුන්දර ලෝකයකද අප ඉන්නෙ කියල. හරියට නිකම්  දිව්‍ය ලෝකයක පාවෙනව වගේ... වර්ෂා...
06/11/2023

නකල්ස් වලට වසන්ත කාලය ඇවිල්ලා... බලන්න කෙතරම් සුන්දර ලෝකයකද අප ඉන්නෙ කියල. හරියට නිකම් දිව්‍ය ලෝකයක පාවෙනව වගේ... වර්ෂාවත් එක්ක ලස්සනට හැඩවෙලා මල් පිපිලා ,ගස්වල දලු දාලා, පාට වෙලා වෙනස්ම හරිත ලොවක් වෙලා

රජමාලිගාවක් වගේ හදපු ලස්සන හොටෙල් එකක්. ඇත්තටම රජමාලිගාවක ඉන්නව වගේ ඔයාලට තේරෙයි මේ හොටෙල් එකේ දවසක් හිටියොත්.. මේක තිය...
05/11/2023

රජමාලිගාවක් වගේ හදපු ලස්සන හොටෙල් එකක්. ඇත්තටම රජමාලිගාවක ඉන්නව වගේ ඔයාලට තේරෙයි මේ හොටෙල් එකේ දවසක් හිටියොත්.. මේක තියෙන්නෙ අනුරාධපුරය පැත්තේ.

Forest Rock Garden Resort
Anuradhapura
ජීවිතේ එකපාරක් හරි යන්නම ඕන තැනක්🍃

___________________________________________

අඩිපාරදිගේ පරණ පේජ් එක නැති උනාට පස්සෙ හදපු මගෙ අලුත් පේජ් එක Praba's Travel Diary.. පේජ් එකට ගිහිං Follow කරගෙනත් යන්න අමතක කරන්න එපා❤️..

ගිරිතලේ  | Girithale | 🐘අග්බෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැවදෙවන අග්බෝ රජු විසින් (ක්‍රි.ව. 608-618) සාදවන ලද ගිරිතල...
03/11/2023

ගිරිතලේ | Girithale | 🐘

අග්බෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැව

දෙවන අග්බෝ රජු විසින් (ක්‍රි.ව. 608-618) සාදවන ලද ගිරිතලේ වැව පොලොන්නරුවේ පිහිටා ඇති තවත් එක් සුවිශේෂී වැවක්...

මේ වැව ආශ්‍රිතව ඇති මින්නේරිය - ගිරිතලේ ස්වභාව රක්ෂිතය පිහිටා තියෙනවා...
ගිරිතලේ සුන්දරත්වය බලන්න වැව රවුමේ යන්නම ඕනේ.. ඒ සිසිලස ඒ පහස ගැන කියන්න නම් වචන නෑ..

මෙහි ඉතිහාසය සොයා යද්දි..
දෙවන අග්බෝ හෙවත් අග්‍රබෝධි ලෙස හැදින්වෙන රජ තෙමේ වැව් 3ක් නිර්මාණය කල බව චූලවංශයේ සදහන් වෙනවා..

ඒ කන්තලේ,නෙරළු සහ ගිරිතලේ වැවයි..
ඒ අතරින් සුන්දරම වැව ලෙස ගිරිතලේ හදුන්වන්න පුලුවන්..
මේ වැව් අතර ගැඹුරින් වැඩිම වැව ලෙස නිර්මාණය කරලා තියෙන්නේ ගිරිතලේ වැව බවයි සදහන් වෙන්නේ..
කවුඩුල්ල මින්නේරිය වගේම ගිරිතලේ කියන්නෙත් වසරේ එක් කාලයක අලීන්ගේ ගොදුරු බිමක් කිව්වොත් හරි..

වැවේ දියවර අඩුවේගෙන යද්දී ඒ පිමේ ලියලණ තන පිඩලි මෙන්ම ඒ බිමේ කෙළිදෙලින් ගත කරන්න එන ඒ මහා සද්ධන්තයම්ගෙන් මේ බිම පිරී යනවා...

ඒක හරිම සුන්දරයි...❤️

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏

උපුටාගැනීමකි

වාරය පටන් ගන්න ටික දවසයි.. මේ වාරයේ කරුණාකරන්න ඉන්න හැමදෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා...🍃
02/11/2023

වාරය පටන් ගන්න ටික දවසයි.. මේ වාරයේ කරුණාකරන්න ඉන්න හැමදෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා...🍃

A m b e w e l a🍃
01/11/2023

A m b e w e l a🍃

කබරගල |  𝐊𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐥𝐚 𝐑𝐨𝐜𝐤  | 🌍🥀❤️⛰️ සබරගමු දිස්ත්රික්කයේ දොළොස්බාගේ කඳු පන්තියේ උසම කන්ද වන කබරගල  උසින්  1506 M වේ ,👣  h...
01/11/2023

කබරගල | 𝐊𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐥𝐚 𝐑𝐨𝐜𝐤 | 🌍🥀❤️⛰️

සබරගමු දිස්ත්රික්කයේ දොළොස්බාගේ කඳු පන්තියේ උසම කන්ද වන කබරගල උසින් 1506 M වේ ,👣 hikin ඒකට කියාපු තැන ඒ වගේම camping කරන්නත් ෆට්ට Place උඩටම ගියාම කොත්මලේ මහවැලි මහා සෑය, කොත්මලේ ජලාශය, අම්බුලුවාව , ගැරඬි ඇල්ල , ( ශ්‍රී පාදස්ථානය රෑට lite දැම්මම මාර ලස්සනයි ) දැකගන්න පුළුවන්❤

🌳 එක, කබරගල View Point එකෙ Camping කරනවා නම් අනිවාර්යයෙන් වතුර අරන් යන්න උඩ වතුර නෑ.😢.

කබරගල කන්ද පාමුලට යන්න මාර්ග කිහිපයක් තියෙනවා ..

🚆යනවනම් නාවලපිටියෙන් දොලොස්බාගේ බස් එකේ පැයක් විතර ගියාම බෝගහ ළඟ බැස උඩහ පාර දිගේ ගල් අල්ලපු පාරේ කඩේ ගාවට එතනින් අහගෙන යන්න 👣👣

(🚆 5.55Am පොඩි මැණිකේ අවොත් නාවලපිටියට 10 විතර වෙද්දි එන්න පුළුවන් )

🚌 යනවනම් කොළඹ > අවිස්සාවේල්ල> රුවන්වැල්ල > දේදුගල > දොළොස්බාගෙ > මේරිවිල හංදිය.👣

🚌 මහනුවර > ගම්පොළ > කේග් හෙඩ් පෙදෙසට හැරී දොලොස්භාගේ දක්වා නාවලපිටියේ සිට දොළොස්බාගෙ දොලොස්බාගේ මේරිවිල් හන්දියෙන් කන්දට 👣



උපුටාගැනීමකි .

📷 මුල් අයිතිකරුවන් සතුය .

ස්ප්‍රින්වැලි  | Springveli |    🍃🌍🥰👣කොච්චර ගියත් එපා වෙන්නැති,ස්ප්‍රිරීන්වැලි  බදුළුපුරේ එන ඔබට බලන්න තියෙන අපූරු තැනක්...
01/11/2023

ස්ප්‍රින්වැලි | Springveli | 🍃🌍🥰👣

කොච්චර ගියත් එපා වෙන්නැති,
ස්ප්‍රිරීන්වැලි

බදුළුපුරේ එන ඔබට බලන්න තියෙන අපූරු තැනක් තමයි ස්ප්‍රීන්වැලි කියන්නේ. මෙය එතරම් ප්‍රසිද්ධ නැති උවත් බලන්න තියෙන තැන් බොහෝමයි.
බදුල්ල නගරයේ සිට ස්ප්‍රීන්වැලි යාමට ඇති මර්ගය

මෙම මාර්ග දෙක ඔස්සේ ස්ප්‍රීන්වැලි යාමට පුළුවන්. බණ්ඩාරවෙල සිට එන කෙනෙකුට දෙමෝදර ස්ටේශන් මාර්ගය පහසු වන අතර , පස්සර,මහියංගණය සිට පැමිණෙන කෙනෙකුට බදුල්ලේන් ස්ප්‍රීන්වැලි යන මාර්ගය භාවිතා කල හැක.

සීත නමුණුකුල කන්ද පාමුල පිහිටි මෙම මනස්කාන්ත ස්ප්‍රීන්වැලි ප්‍රදේශය බොහෝ සංචාරකයන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇත.

උපුටාගැනීමකි
(📷 මුල් හිමිකරුවන් සතුය )

 #ජීවිතේ_එකපාරක්_හරි_යන්න_ඕන_ගමනක්_ඔහිය🍃ඔහිය කියන්නෙ ලංකාවේ තියෙන අතිශ සුන්දරම පරිසර පද්දතියක් තියෙන ප්‍රදේශයක් කිව්වොත්...
01/11/2023

#ජීවිතේ_එකපාරක්_හරි_යන්න_ඕන_ගමනක්_ඔහිය🍃

ඔහිය කියන්නෙ ලංකාවේ තියෙන අතිශ සුන්දරම පරිසර පද්දතියක් තියෙන ප්‍රදේශයක් කිව්වොත් නිවැරදියි.

මීදුම පිරුණ මං මාවත් හරිම #ගුප්ත බවක් සිතට ගෙන එයි. ඉතිම් මේ පාරක ඇවිදින්න නම් මං ගොඩක් ආසයි. පොටෝ ටිකත් බලන්නකො. ඔයාට යන්න ආසම හිතෙයි.

ඔහියට වාහන වලින් වගේම දුම්රියෙන් එන්න පුලුවන්

කොළඹ ඉදන් එන කාලසටහන මන් දාන්නම්

⭕ කොළඹින් පිටත් වීම.
පෙ.ව. 5.30 - Ella odyssey
පෙ.ව. 5.55 පොඩි මැණිකේ
පෙ.ව. 8.30 උඩරට මැණිකේ
පෙ.ව. 9.45 රාජධානි එක්ස්ප්‍රස්
රාත්‍රී 8.30 රාත්‍රී තැපැල් දුම්රිය

සාමාන්‍යයෙන් මේක පැය 8ක් 9ක් හෝ ඊට වැඩිය යන ගමනක්😋.

⭕ Tickets price වෙන්නෙ මෙහෙමයි👇

දුම්රියන්වල සාමාන්‍ය ටිකට්පත් ගාස්තු
2nd Class - 800/=
3rd Class - 400/=

මීට අමතරව රාත්‍රී තැපැල් දුම්රියේ නිදන මැදිරි වලින් සමන්විත වේ. ඒවායෙහි මිලගන් මීට වෙනස් විය හැක.

ඔහියට ආවොත් ඒ අවට බලන්න පුලුවන් තැන්

✅ හොර්ටන් තැන්න.
✅ උඩවේරිය වත්ත ආශ්‍රිතව ඔහිය වනාන්තරය.
✅ බඹර කන්ද #දිය ඇල්ල හා ලංකා ඇල්ල.
✅ යකාගේ පඩිපෙළ ( Devil's Staircase )
✅ ලංකාවේ දෙවනි උසම කදුමුදුන වෙන කිරිගල්පොත්ත.
✅ අංක 18 බිංගය
✅ ලංකාවේ තෙවනි උසම කදුමුදුන #වෙන තොටුපොළ කන්ද.
✅ ඔහිය දුම්රිය ස්ථානය හා දුම්රිය උමං මාර්ග.

ඔයාලා දන්නවද දන් නෑ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර තමයි ලංකාවේ දුම්රිය මාර්ගයක වැඩිම බිංග ප්‍රමාණයක් පිහිටලා තියෙන්නෙ. තව පට්ටිපොල සහ ඔහිය අතරත් අංක 18 බිංගය විශේශයි. ඉතිම් දුම්රිය මාර්ගයේ යනවනම් අනිවාරෙන් අවසර ගන්න ඕනේ.

මේ සුන්දරත්වය නම් ඔයාලා අනිවාරෙන් දවසක විදින්නම ඕනේ. ඒනම් පරිස්සමෙන් ගිහින් එන්න.

Good luck ❤️

චායාරූප මුල් හිමිකරුවන් සතුයි

Address

Thelahera, Katupotha
Katupotha
60350

Alerts

Be the first to know and let us send you an email when Praba's Travel Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share