01/09/2017
උපුටා ගැනීමකි ඔබේ ජපන් වීස එක රිජෙක්ට් ද?
Eligibility ලැබුන සැමට උනුසුමු සුබපැතුම්. ඒ වගේම රිජෙක්ටි උන ඔබ පිළිබඳ කනගාටු වෙනවාසේම ඔබ නැවතත් අසරණ නොවිය යුතුයි. වීසා එකක් රිජෙක්ට් වීමේ වගකීම කිසිම අයෙකුට සම්පූර්න වගකීම පැටවිය නොහැකි කාරණයක් බව බුද්ධිමත් කෙනෙකුට තේරැම් ගන්න පුලුන් කියල අපි හිතනවා. නමුත් මේ යන රැල්ලෙදි ළමයි අසරණයි කිවල අපි හිතනවා. ඒ නිසාම මේ දුශ්කර අවස්තාවෙ ඔබ කුමක් කල යුතුද?
●ඇත්තටම රිජෙක්ටිද?
මෙය මුලින්ම තහවුරැ කරගන්න. එය නියෝජිත මහතාගේ කට වචනයෙන් නොව. ඔබගේ ප්රතික්ෂේප වීමට හේතුව දක්වා Immigration Bureau එකෙන් නිකුත් කරන ලිපිය ඉල්ලා සිටින්න.
එසේ ලබා දෙන ලිපිය හා තොරතුරැ මත සෑහීමකට පත් වේනම් නැවත එම ආයතනයෙන්ම Reapply කරන්න කියන්න.
මෙහිදී සහිතබා ගත යුතු කරැනක් ඇත. යමි යම් අවස්තාවල නියෝජිත ආතනවලට නිසි ලෙස අයදුම් පත් යොමුකිරීමට අවස්තා නොලැබීයාම නිසා සිසුන්ගෙන් එන පීඩනයෙන් මිදීමට රිජෙක්ට් වුවායැයි පවසා බොරැ ලිපි ඉදිරිපත්කල අවස්තාද නැතුවා නොවේ. ඒ නිසා ඔබගේ අයදුම් පත්රයේ නියම තත්වය සැක හැර දැනගන්න.
● එම ආයතනයෙන් එම පාසලටම නැවත අයදුම් කරන්න.
බොහෝ අය කරන හැබැයි නොකල යුතු දේ වන්නේ වෙනත් ආයතන පසුපස යාමයි. මන්ද එක් වරක් රිජෙක්ට් වු පසු බොහෝවිට නැවත අයදුම්කිරීමේ අවස්තාව ඇත. මුල් වර අයදුම් කිරීමේදී යොදාගත් ලියකියවිලි හා තොරතුරැ සියල්ල එම නියෝජිත ආයතනය සතු බැවින් වෙනත් තැනකට යාමේදී ඔබගේ ප්රශ්ණය බැරෑරැම් වීමේ ඉඩකඩ වැඩිය. මොකද නැවත අයදුම් කිරීමේදී සුලු නිවැරදි කිරීමක් මිස මුල් තොරතුරැ හා නොගැලපීමක් ඇති වුවොත් නැවත රජෙක්ට් වීම වැලැක්විය නොහැක.
●වෙනත් ආයතන වෙත නොයාම නුවනට හුරැයි.
මුල් තොරතුරැ ලබා ගැණීමේ ගැටලු නිසා වෙනත් ආයතන වෙ නොයන්න. එසේ වීමෙන් ඔබේ කාලව, මුදල් හා සමහර විට ලැබෙන්න තිබු අවස්තාවද නොලැබීයාමට ඉඩ ඇත. නමුත් සියලු තොරතුරැ තමන් සතුනම්, එනම් තික්ෂේප වීමට හේතුව හා මුල් අයදුම් පත්රයේ තොරතුරැ ඇත්නම් පමනක් වෙනත් විස්වාශනීය ආයතනයක් වෙත යාම කල හැක. දොස්තරට බොරැ එපා සේ එම ආයතනයට මුල් අවස්තාව පිළිබඳ තොරතුරැ සියල්ල පවසන්න.
● හරියට නිවැරදි කරන්න.
Immigration Bureau එක මගින් රිජෙක්ට් වීමට දක්වා ඇති හේතුව හැර විශාල වෙනස් කිරීමි නොකරන්න වගබලා ගන්න. හැකියාව වෙතොත් අලුතින් එක්කරගත් (අයදුම් කාලය තුල) සහතික පත් පමණක් එකතු කරන්න. උදාහරනයක් ලෙස. ඔබ මුලින් අයදුම් කරනවිට ජපන් භාෂා ප්රවීණතා විභාග සහතික නොතිබුනද ඉන් පසු විභාය සමත්ව හෝ අඩුම තරමින් විභාගයට පෙනීසිටීම සම්බන්ද කුමන හෝ ලියවිල්ලක් ඇත්නම් එය අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්න. එය ඔබට විශාල සහායක් වෙයි.
මෙය කියවන ජපන් යන්න බලාපොරොත්තු වන අයට දිය යුතු පණිවිඩය වන්නේ පසුව දුක්වනවාට වඩා වැදගත් වන්නේ නිවැරදිව ආයතනයක් තෝරා ගැණීම හා තමන් විසින් තමන්ගෙ සුදුසුකම් සපුරා ගන්නා ලෙසයි.
තවත් වැදගත් දෙයක් වන්නේ යම් ගැටලුවක් සම්බන්ඳව විසදුමක් සෙවීමේදී, ඔබ උපදෙස් ගන්නේ කාගෙන්ද? ඔහුට ඒ පිළිබඳ ඇති දැණුම හා හැකියාව කුමක්ද යන්න පිළිබඳ විමසිලි මත් වන්න. මන්ද කෙනෙකු යම් මතයක් හෝ පිළිතුරක් ලබා දෙනුයේ ඔහුගේ නැණ පමණ මතය. එනම් සැවොම දන්නා සේ ලිං මැඩියකුගේ දැණුම තීරණය වන්නේ ඔහු වසන ලිදේ පමණ මතය.