Travel with Harshi

Travel with Harshi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with Harshi, Travel Service, food Street, Kurunegala Colony.

04/12/2023

මේ මාස කීපය තුළ
Korean exam එක කරපු කෙනෙක් ඉන්නවද 🤔🤦‍♀️

12/02/2023
තනිවුණ මිනිහෙක්ට ඔබ කවදා හරි දවසක හිනාවෙලා තියෙනවද? සමච්චල් කරලා තියෙනවද? ඇයි තාම බදින්නෙ නැත්තෙ කියලා අහලා තියෙනවද? තාම...
11/01/2023

තනිවුණ මිනිහෙක්ට ඔබ කවදා හරි දවසක හිනාවෙලා තියෙනවද? සමච්චල් කරලා තියෙනවද? ඇයි තාම බදින්නෙ නැත්තෙ කියලා අහලා තියෙනවද? තාම බදින්න කවුරුත් නැද්ද.... හැමදාම මෙහෙම ඉන්නද කල්පනාව කියලා අහලා තියෙනවද?

ඒත් ඔබ තනිවුණ මිනිහෙක් එක්ක ගැඹුරින් කතා කරලා තියෙනවද?

දන්නවද?

තනිවුණ මිනිහෙක් කියන්නෙ අත්දැකීම් හුඟක් තියෙන මිනිහෙක්. මොකුත් දන්නැති මිනිහෙක් නෙවෙයි. ටිකක් වෙලා ඒ මනුස්සයත් එක්ක කතා කරන්න. අපි ජීවිතේ මොනවද දන්නෙ කියලා අපිටම හිතෙයි.

දන්නවද?

තනිවුණ මිනිහෙක් කියන්නෙ ආදරේ නොදන්න මිනිහෙක් නෙවෙයි. ආදරේ කරන්න නොදන්න මිනිහෙක් නෙවෙයි. ආදරේ කරන්න කසාදයක් බදින්න කෙනෙක් හොයා ගන්න නැති කෙනෙක් නෙවෙයි. කාලයක් අසීමාන්තිකව ආදරේ කරපු කෙනෙක්. ආදරේ ගැන පොත් දාහක් වුනත් ලියන්න තරම් ආදරේ ගැන කතා කරන්න පුලුවන් මිනිහෙක්. පරිත්‍යාගය ගැන ඒ මිනිහට වඩා අපි කිසි දෙයක් නොදන්නවා වෙන්න පුලුවන් . බැදීම් අවබෝධ කරගත්ත මිනිහෙක්. ඒ බැදීම් වල වේදනාව හදවතින් විද විද හිනාවෙන්න පුලුවන් මිනිහෙක්. ජීවිතේ කිසිම දවසක ආයෙ ආදරේ නොකරන්න හිත හදාගත්ත කෙනෙක් වෙන්න පුලුවන් . තනිවුන කෙනෙක්ට කවුරුත් නෑ නෙවෙයි. තනිවුණ මිනිස්සු කවුරුත් ජීවිතේට එනවට කැමති නෑ.

දන්නවද?

තනිවුණ මිනිස්සු කියන්නෙ බැදීම් නැති මිනිස්සු නෙවෙයි. කාලයක් බැදීම් වෙනුවෙන් අසිමාන්තිකව කැප වුන මිනිස්සු . ඒ බැදිම් වෙනුවෙන් නොකල දෙයක් නැති මිනිස්සු . ඒ බැදීම් වලට වටිනාකම් දෙන්න ගිහින් තමන්ගෙ වටිනාවම් අහිමි කරගත්ත මිනිස්සු . ඒ වටිනාකම් වලින් පස්සේ වෙන වෙන වටිනාකම් හොයාගෙන ගිය මිනිස්සුන්ට සුබ පතලා තනියම හිනාවෙන මිනිස්සු .

දන්නවද?

තනිවුණ මිනිහෙක් කියන්නෙ බලාපොරොත්තු නැති මිනිහෙක් නෙවෙයි. බලාපොරොත්තු වෙනුවෙන් කාලයක් මග බලපු මිනිහෙක්.තාමත් බලාපොරොත්තු වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. කෙනෙක්ගෙ බලාපොරොත්තු වෙනුවෙන් තමන්ගෙ මුලු ජීවිත කාලෙම කැප කරපු මිනිහෙක්. එහෙම මිනිහෙක් තනිවෙන්නෙ අවබෝදෙකින්. කරකියා ගන්න දෙයක් නැතුව නෙවෙයිජ බලාපොරොත්තු වෙනුවෙන් ජීවත් වෙලා වෙලා දවසක ඒ බලාපොරොත්තු ක්ෂනයක් කියලා අවබෝධ කරගත්ත මිනිස්සු එතැන් සිට බලාපොරොත්තු වීම සහ සිහින දැකීම නතර කරලා ජීවත් වෙන්න පටන් ගන්නවා.

තනිකම මහා පුදුම දෙයක්. තනිකම ඇබ්බැහියක්. තනිකම නිවීමක්. තනිකම සැනසිමක්. බැදීම් ඇතුලෙ පිච්චි පිච්චි තනිවුන මිනිස්සුන්ට හිනාවෙන්න එපා.ඒ මිනිස්සු බැදීම් ති⁣යාගෙන මිනිස්සුන්ට වඩා ඉන්නෙ නිවිලා.

ඒ විතරක් නෙවෙයි. සැනසීමෙන්.... තනිවෙච්ච මිනිහෙක් දිහා බලලා අනුකම්පා කරන්න එපා. ඒ මනුස්සයට අනුකම්පා කරන්න දෙයක් නෑ. ඒ මනුස්සයා ඇතුලෙ නිවීම ඒ මනුස්සයා හොයාගෙන ඉවරයි. බොහෝ විට..

සමහරු මග බලන් ඉන්නවා.... ඒත් අවබෝධෙන්. ... ඉතිං එච්චරයි.... 🖤

Copied ✋

👣
22/04/2022

👣

Address

Food Street
Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Harshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Travel Services in Kurunegala Colony

Show All

You may also like