The Roamer

The Roamer " 𝘼 𝙇𝙖𝙬𝙮𝙚𝙧 𝙗𝙮 𝙥𝙧𝙤𝙛𝙚𝙨𝙨𝙞𝙤𝙣, 𝙗𝙪𝙩 𝙖 𝙏𝙧𝙖𝙫𝙚𝙡𝙚𝙧, 𝙬𝙝𝙤 𝙡𝙤𝙫𝙚𝙨 𝙩𝙤 𝙚𝙣𝙟𝙤𝙮 𝙣𝙖𝙩𝙪𝙧𝙚 𝙖𝙩 𝙝𝙚𝙖𝙧𝙩. " 🇱🇰
𝗠𝗼𝘁𝘁𝗼 👇
“ 𝚆𝚘𝚛𝚔 | 𝚂𝚊𝚟𝚎 | 𝚃𝚛𝚊𝚟𝚎𝚕 | 𝚁𝚎𝚙𝚎𝚊𝚝. "
- 𝑻𝒉𝒆.𝑹𝒐𝒂𝒎𝒆𝒓_

"ආලකමන්දාවකට වැටෙන අරුණළු" 𝙏𝙝𝙚 𝙗𝙚𝙖𝙪𝙩𝙮 𝙤𝙛 𝙎𝙞𝙜𝙞𝙧𝙞𝙮𝙖 𝙞𝙣 𝙩𝙝𝙚 𝙚𝙖𝙧𝙡𝙮 𝙢𝙤𝙧𝙣𝙞𝙣𝙜. •••👉 දිනකට දෙස් විදෙස් සංචාරකයින් දහස් ගණනකගේ පා...
17/12/2024

"ආලකමන්දාවකට වැටෙන අරුණළු"
𝙏𝙝𝙚 𝙗𝙚𝙖𝙪𝙩𝙮 𝙤𝙛 𝙎𝙞𝙜𝙞𝙧𝙞𝙮𝙖 𝙞𝙣 𝙩𝙝𝙚 𝙚𝙖𝙧𝙡𝙮 𝙢𝙤𝙧𝙣𝙞𝙣𝙜.
•••
👉 දිනකට දෙස් විදෙස් සංචාරකයින් දහස් ගණනකගේ පාදස්පර්ශයට ලක්වන සීගිරිය යනු ඉතාමත් ජානාකීර්ණ සංචාරක සංධිස්ථානයකි.

එබැවින් අති බහුතරයක් නරඹන, මිනිසුන් පිරුණු සීගිරියට වඩා හිමිදිරි උදෑසන, අරුණළු වලට නිරාවරණය වන, මෙම කලාගාරය, කෙතරම් සුන්දර ද??.

සීගිරි කුරුටු ගීයක් -
" සිරි ලක් දෙවෙහි (පොළො) දැක සියලග
(තු‍ටු) දා ලොමු ඩැහැ ගනානෙලි
තෙපුලාදින්න මැ "

අර්ථය -
සීගිරිය නැග ස්වභාවික සෞන්දර්ය දු‍ටු මා ඉතා ප්‍රීතියට පත්ව සිටිමි. ඈ තෙපල වදන් මා කුල්මත් කර ඇත.

- 𝙏𝙝𝙚.𝙍𝙤𝙖𝙢𝙚𝙧_

❎ | ඡායාරූප සහ ලිපිය උපුටා ගැනීම අවසරය මත පමණි. ] ❎

10/12/2024

🇱🇰 කප්පම්කරුවෝ. | 𝙀𝙭𝙩𝙤𝙧𝙩𝙞𝙤𝙣𝙞𝙨𝙩𝙨 💰
•••
කතරගම - බුත්තල මාර්ගයේ ගමන් කරන වාහන හරස් කර පළතුරු ආහාරයට ගැනීමට පුරුදු වී සිටින වල් අලින්ගේ චර්යාවන් පිළිබඳව ( 𝐒𝐫𝐢 𝐋𝐚𝐤𝐚𝐧 𝐑𝐨𝐚𝐝 𝐓𝐚𝐱 𝐂𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐨𝐫𝐬 ) BBC Earth මාධ්‍යය වාර්තා කර තිබූ අයුරු. 💰
-
𝑻𝒉𝒆.𝑹𝒐𝒂𝒎𝒆𝒓_

04/12/2024

ආ.... පැටියෝ කොහොමද?... 😁
ඕන්න්න ඕකයි, ප්‍රශ්නේ.. 😌

අවදානම නොතකන තැන..⚡••වර්ෂාවත් සමග හදිසියේ ඇති වූ ගං වතුර තත්වය මත හවස් යාමයේ තල්විල මෝය කට කපා මහ ජල කඳ මුහුද වෙත බැස්සව...
01/12/2024

අවදානම නොතකන තැන..⚡
••
වර්ෂාවත් සමග හදිසියේ ඇති වූ ගං වතුර තත්වය මත හවස් යාමයේ තල්විල මෝය කට කපා මහ ජල කඳ මුහුද වෙත බැස්සවීම සිදුවිය.

මිරිදිය ජල කඳ, මුහුදේ කරදිය රැළි සමග පොර බදමින් මහා සාගරයට මුහු වන විට විසි දැලක් අතට ගත් තරුණයෙක් අවදානම නොතකා මසුන් දඩයමට මුහුද වෙත ඇදුනේ, තමන්ට හුරු මුහුදු රළ කෙරෙහි විශ්වාසය තබමින්, අවදානම පරයා අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත යුතු නිසා යැයි මට සිතුනි.
𝙏𝙝𝙚.𝙍𝙤𝙖𝙢𝙚𝙧_

එදා සහ අද | 𝐏𝐚𝐬𝐭 & 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭" කස්සපත් අමුතු පොරක් "••සිය සොහොයුරාට බයේ කස්සප සැඟවී සිටියා නන් ඔහුගේ මරණ බය ඔහුගේ නිර්මාණශී...
30/11/2024

එදා සහ අද | 𝐏𝐚𝐬𝐭 & 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭
" කස්සපත් අමුතු පොරක් "
••
සිය සොහොයුරාට බයේ කස්සප සැඟවී සිටියා නන් ඔහුගේ මරණ බය ඔහුගේ නිර්මාණශීලීත්වය මරා දමනු ඇත. එසේ නම් සීගිරිය බලකොටුවක් [ Sigiriya Fortress ] වන්නේ කෙසේද ??

සීගිරියට අදාළව වර්තමාන සොයා ගන්නා ලද පුරාවිද්‍යාත්මක සාධක අනුව "සීගිරි දිස්ත්‍රීක්කය" ලෙස හැඳුන්වූ බවද කුරුටු ගී අනුව විදේශිකයන් රැසක් එවකට ලෝ පතල වූ සීගිරි සුන්දරත්වය නැරඹීමට සිගිරිය කරා පැමිණි බවද තහවරු වී ඇත.

ඒ අනුව සිංහ ගිරි පර්වතය, "සීගිරිය" නම් වූ දියුණු ශිෂ්‍ඨාචාරයේ නරඹන්නන් මවිත කෙරූ කලාගාරයක් බව අවිවාදාත්මක ය.
- 𝗧𝗵𝗲.𝗥𝗼𝗮𝗺𝗲𝗿_

#නිකමට_හිතෙන_එව්වා 😌

🇱🇰 𝐁𝐮𝐝𝐮𝐫𝐮𝐰𝐚𝐠𝐚𝐥𝐚 𝐑𝐞𝐬𝐞𝐫𝐯𝐨𝐢𝐫 | බුදුරුවගල ජලාශය.  #𝗧𝗵𝗲𝗥𝗼𝗮𝗺𝗲𝗿𝗦𝗿𝗶𝗟𝗮𝗻𝗸𝗮•    
22/10/2024

🇱🇰 𝐁𝐮𝐝𝐮𝐫𝐮𝐰𝐚𝐠𝐚𝐥𝐚 𝐑𝐞𝐬𝐞𝐫𝐯𝐨𝐢𝐫 | බුදුරුවගල ජලාශය.
#𝗧𝗵𝗲𝗥𝗼𝗮𝗺𝗲𝗿𝗦𝗿𝗶𝗟𝗮𝗻𝗸𝗮

 

🇱🇰 " වසර දහයකට පෙර ලංකාවේ දෙවනි උසම කඳු මුදුන වෙත " | කිරිගල්පොත්ත ▪️•••2014 වන විට " I Love Hiking " ට්‍රෙන්ඩ් එකක් නොව...
01/03/2024

🇱🇰 " වසර දහයකට පෙර ලංකාවේ දෙවනි උසම කඳු මුදුන වෙත " | කිරිගල්පොත්ත ▪️
•••
2014 වන විට " I Love Hiking " ට්‍රෙන්ඩ් එකක් නොවූ අතර Instgram, You Tube වැනි සමාජ මාධ්‍යය මෙතරම් ප්‍රචලිත නොවූ පසුබිමක Hike එකක් නැත්නම් කඳු නැගිල්ලක් සම්බන්ධයෙන් අන්තර්ජාල පරීශීලිනයෙන් වැඩිදුර තොරතුර දැන ගනීමට තිබූ මූලාශ්‍ර වුයේ Lakdasun නැමති වෙබ් පිටුවෙහි ලිපි කියවීම හෝ අත්දැකීම් ලැබූවන් ලියූ Blog ලිපි කියවීම පමණි.

පට්ටිපොල දින 4ක් ගෙවීමට තිබූ අපේ ගමනේ දෙවන දිනය කිරිගල්පොත්ත තරණය කිරීමට තීරණය වූ අතර එය ලංකාවේ දෙවනියට උසම කඳු මුදුන බවත් එහි මුදුන වෙත යන මාර්ගය හෝර්ටන් තැන්න හරහා වැටී ඇති බව පමණක් ඒ වන විට නිශ්චිතව දැන සිටියා කිවහොත් නිවැරදිය.

ගමන ආරම්භ කළ උදෑසන හෝර්ටන් තැන්නේ ප්‍රවේශ ගේට්ටුවෙන්ම ගමන සඳහා ගයිඩ් කෙනෙක් අවශ්‍යය නොවන බව දැන්වූ අපි ඔවුන්ගෙන්ම මාර්ගය අසාගෙන ගමන ආරම්භ කරන ලදී. ගමන තවත් රසවත් කරමින් බාටා දැමූ පාදවලින් මඩ වගුරු සහිත බිම් හරහා ගමන අපහසු වූ බැවින් මුලු ගමනේ කිලෝ මීටර 14 ම නිරුවත් පාද වලින් තරණය කිරීමට අපට සිදු විය.

හෝටන් තැන්නේ කොටියන් ගැන ලොකු අවබෝධටක් නොවු අප, කොටි අඩි, කොටි බෙටි පසු කරමින් අප දැක කලබල වී දුවන ගෝනූන් දෙස බලමින් කෙමෙන් කෙමෙන් කිරිගල්පොත්ත මුදුන වෙත ලඟා වූ අපගේ, පිපාසය හා විඩාව නිවා දැමුවේ, පහළට ගලා බසිමින් මහා ගංගා නිරිමාණය කරන කුඩා දිය පහරවල් සහ දිය කඩිතිය.

කෙසේ හෝ තෘණ බිම් සහ මීදුම් පිරුණු කඳුකර වනාන්තර පසු කරමින් කඳු මුදුනට ලඟා වී කුස ගිනි නිසාවෙන් කෑමට යමක් සෙවූ විට අප සතුව තිබුනේ අග්ගල බෝතලයක් සහ චොකලට් බිස්කට් පැකට්ටුවක් පමණක් බව අදටත් මා හට හොඳ හැටි මතකය. එහෙත් කඳු මුදුනේ මනස්කාන්ත දර්ශනය හේතුවෙන් කුස ගින්නද එතරම් ගැටළුවක් නොවීය.

අප හට නැවත පැමිණිය යුතු වේලාව සම්බන්ධයෙන් ද ලොකු තැකීමක් නොවූ අතර නැවත පැමිණිය යුතු ගමන් මගේ අඩක් පමණ අවසන් වන විටත් හෝර්ටන් තැන්නට මන්දාරම් අඳුර ගලාවිත් තිබුනි. ආසන්න වශයෙන් ප්‍රවේශ ගේට්ටුවට 3km පමණ තිබෙන විටත් ගේට්ටුව දෙසින් මල් වෙඩි 4ක් අහසට නිකුත් කරේ අපට නැවත පැමිණිය යුතු දිශාව සොයා ගැනීමට යැයි අපට සිතුනි.

කෙසේ හෝ රාත්‍රී 7.30 පසු වී නැවත ගමන ආරම්භ කරල ස්ථානය වෙත පැමිණෙන විටත් අප සෙවීමට යාමට පිරිස් සූදානම්ව සිටි අතර එකල හෝර්ටන් තැන්නේ කෞතුකාගාරය වැනි ගොඩනැගිල්ලක විදුලි පහන් දල්වා තිබූ බැවින් එයට ගොඩවුයේ මදක් සීතල නිවා ගැනීමටය. එහිදී අපහට දැකගත හැකි වූයේ මියගිය කොටි හමකට පුලුන් පුරවා සකස් කරන ලද ජීවී කඳුකර කොටියෙකුගේ අනුරුවකි.

සත්‍යවශයෙන්ම, කිලෝ මීටර 14 ක් ගෙවා නැවත පැමිණීමට තිබු පරිසරයේ රජ කරන මාංශ භක්ෂක විලෝපිකයා මෙතරම් ලොකු සතෙකු බව දැන ගැනීමට, එම අනුරුව පෙර දැක තිබුනේ නම් ඇතැම්විට මෙතරම් සුන්දර මතකයන් ඉතිරි කෙරූ කිරිගල්පොත්ත ගමන නොයනු ඇතැයි සිතමින් නැවතත් පට්ටිපොල වෙත අප පිටත් වුනි.

[ සැ.යු - Nokia N8 සහ Samsung Note 3 දුරකථන මගින් වසර 10කට පෙර ගන්නා ලද ඡායාරූප මෙසේ සංස්කරණය කර ඇත. ]

- The.Roamer_

❎ [ සංචාරක අත්දැකීම් හා ඡායාරූප යෝදා, සකස් කරන ලද ලිපියක් වන හෙයින්, අවසරයකින් තොරව ලිපිය හා ඡායාරූප උපුටා ගැනීම තහනම් ] ❎
#𝗧𝗵𝗲𝗥𝗼𝗮𝗺𝗲𝗿𝗦𝗿𝗶𝗟𝗮𝗻𝗸𝗮




• සමහර අත්දැකීම් තියනවා, ජීවිතයේ එක් වරක් හෝ විඳිය යුතු..! 😌▪️" අංශක 360 ක දර්ශන පථයක් සහිත කඳු මුදුනක්, කූඩාරමක්, තමන් ...
23/01/2024

• සමහර අත්දැකීම් තියනවා, ජීවිතයේ එක් වරක් හෝ විඳිය යුතු..! 😌
▪️
" අංශක 360 ක දර්ශන පථයක් සහිත කඳු මුදුනක්, කූඩාරමක්, තමන් කැමති පිරිසක්, ගිණි මැලයක්, මීදුම පරයා හිරු නැගෙන උදෑසනක්, පුච්චපු මස් කෑල්ලක් හා දුම් දාන තේ කෝප්පයක් යනු එම අත්දැකීම සුන්දර මෙන්ම රසවත් කරන, වචන බවට හැරවිය හැකි කොටස් පමණි."

එම වචනවල එකතුව වටහා ගැනීමට නම් නිසැකවම ඔබ එය විඳිය යුතුය.
- The.Roamer_
#𝗧𝗵𝗲𝗥𝗼𝗮𝗺𝗲𝗿𝗦𝗿𝗶𝗟𝗮𝗻𝗸𝗮 🇱🇰




🇱🇰 රළු කළු ගලක්, මෙතරම් සියුම් කලා කෘතියක් කරන්නට, ගල් කටුවකටයි, මිටියකටයි පුළුවනිද ??..📌️ - Thanthirimale Rajamaha Viha...
21/01/2024

🇱🇰 රළු කළු ගලක්, මෙතරම් සියුම් කලා කෘතියක් කරන්නට, ගල් කටුවකටයි, මිටියකටයි පුළුවනිද ??..
📌️ - Thanthirimale Rajamaha Viharaya, Sri Lanka.
#𝗧𝗵𝗲𝗥𝗼𝗮𝗺𝗲𝗿𝗦𝗿𝗶𝗟𝗮𝗻𝗸𝗮




 

The world can wait... I'm napping. 🌍 💤" උඹලට පොටෝ ගහන්න හොඳ නන් මට නිදියන්න හොඳ නැද්ද??.. " 🐶📍 - Queens Hotel, Kandy, Sr...
09/01/2024

The world can wait... I'm napping. 🌍 💤
" උඹලට පොටෝ ගහන්න හොඳ නන් මට නිදියන්න හොඳ නැද්ද??.. " 🐶
📍 - Queens Hotel, Kandy, Sri Lanka. 🇱🇰
#𝗧𝗵𝗲𝗥𝗼𝗮𝗺𝗲𝗿𝗦𝗿𝗶𝗟𝗮𝗻𝗸𝗮




21/12/2023

🐊 කිඹුල් දඩයම | EPIC HUNTING MOMENT OF CROCODILE 🦌

ලෝ ප්‍රකට BBC Earth විසින් මෑතකදී ශ්‍රී ලංකාවේ ගිණිකොනදිග වියළි කලාපීය වනාන්තර ආශ්‍රිතව නිර්මාණය කරන ලද වාර්තාමය කෙටි වීඩියෝවක් වන මෙය ගැට කිඹුලෙකු විසින් උපක්‍රමශීලීව උගුල් සකස් කොට මුවන් දඩයම් කරනා ආකාරය කැමරා කාචයට හසුකොට ගෙන ඇත.

- The.Roamer_
•••

▪️THE MAGICIAN | ඉන්ද්‍රජාලිකයා. ▪️" Seeing only once in a lifetime." 🖤•••👉 කළු කොටියා නැතිනම් බ්ලැක් පැන්තර් යනු මෑත කා...
22/09/2021

▪️THE MAGICIAN | ඉන්ද්‍රජාලිකයා. ▪️
" Seeing only once in a lifetime." 🖤
•••
👉 කළු කොටියා නැතිනම් බ්ලැක් පැන්තර් යනු මෑත කාලයේ අප රටේ කතා බහට ලක් වූ, එසේම අවාසනාවන්ත ලෙස මෙම දුර්ලභ සතුන් කිහිපදෙනෙකුටත් මිය යන්නටත් සිදු වුනු, කොටි පවුලට අයත් උප විශේෂයක, ජාන වෙනස්කමක් මගින්, ස්භාවධර්මය නිර්මාණය කරන ලද අපූර්ව සත්වයෙකි.

වනජීවී ඡායාරූපකරණයේදී වුවද ඡායාරූපයට හසු කර ගැනීමට අතිශයින් අසීරු එසේම මෙවැනි අවස්ථාවක් ඉතාමත් විරල වන්නේ මෙම සත්වයන් ඒ තරමටම දුර්ලභ වන නිසාවෙනි.

දින කිහිපයකට ප්‍රථම මෙම ඡායාරූප කිහිපය ඉන්දියාවේ කරන්නාටක ප්‍රාන්තයේ Nagarhole රක්ෂිතයේදී Bharth Kumar Venkatesh නමැති වනජීවී ඡායාරූප ශිල්පියා හසු කරගත් දුර්ලභ කළු කොටියාගේ ඡායාරූප කිහිපයක් වන අතර ඔහු විසින් මෙම සත්වයා The Magician හෙවත් මැජික්කරු නැතිනම් ඉන්ද්‍රජාලිකයා යන අර්ථයෙන් නම් කර තිබුනි. එයට හේතුව ලෙස මෙම සත්වයා ඡායාරූපයට හසු කරගැනීමට ඇති අසීරු බවත් එසේම එම අවස්ථාවේ ඇති විරළ බවත් නිසා යැයි අනුමාන කළ හැක.

පසු ගිය කාල වකවානුව තුළ අප රටේදී මෙම දුර්ලභ සතුන් කිහිපදෙනෙකුට මදු වලට හසුවීමෙන් මිය යෑමට සිදු වුවත් තවමත් මේ සතුන් කිහිපදෙනෙකු හෝ අපගේ වන රක්ෂිතයන් තුළ ආරක්ෂිතව වාසය කරන බව වනජීවී නීරීක්ෂකයන්ගේ මතයයි. එහෙත් එම සතුන්ද මෙසේ හෝ ඡායාරූපයට හසු නොවන තාක් ඔවුන්ගේ නිදහස භුක්ති විඳීමින් ආරක්ෂාකාරීව ජීවත් වනු ඇති බවට නිසැකය.▪️
- The.Roamer_

❎ [ ඡායාරූප හා තොරතුරු සොයා සකස් කරන ලද ලිපියක් වන හෙයින්, අවසරයකින් තොරව ලිපිය හා ඡායාරූප උපුටා ගැනීම තහනම් ] ❎
•••

🇱🇰 විජය - කුවේණි කතා පුවතේ අවසානය සනිටුහන් වූ  "යක්දෙස්සාගල".▪️•••👉 ඇතුගල්පුර වටා විහිදෙන අඳාගල කඳු පන්තියේ උසම කඳු මුදු...
18/09/2021

🇱🇰 විජය - කුවේණි කතා පුවතේ අවසානය සනිටුහන් වූ "යක්දෙස්සාගල".▪️
•••
👉 ඇතුගල්පුර වටා විහිදෙන අඳාගල කඳු පන්තියේ උසම කඳු මුදුන ලෙස සැළකෙන යක්දෙස්සාගල උසින් ගත් කළ ලංකාවේ සිය වෙනියට උසම කඳු මුදුන ලෙසද සළකනු ලබයි.

විජය - කුවේණි කතා පුවතේ සෝචනීය අවසානය සනිටුහන් කරමින් කුවේණිය විජයගේ පිටුපෑමෙන් ශෝකයට පත්ව මෙම කඳු මුදුනෙන් පැන දිවි තොර කරගත් බවත් යක්ෂ ගෝත්‍රිකයින් කුවේනියගේ විලාපය ඇසෙන මානය තෙක් දෙස් තැබූ බවත් එබැවින් මෙය යක්දෙස්සාගල නම් වන බවත් ජනප්‍රවාද ගත වී ඇත.

කුරුණෑගල සිට ගෝනගම බස් රථයෙන් 16km ක් පමණ ගිය පසු හමුවන සංවැලි මහා විහාරය අසළින් බැස ගත් විට මාර්ගයේ අනෙක් පසින් මෙම කඳු මුදුන තරණය ආරම්භ කළ හැක.

කඳු මුදුන කරා යන ගමන, හෝරා දෙකකට අඩු කාලයක් තුළ සම්පූර්ණ කළ හැකි අතර, ගල්, තෘණ පඳුරු සහිත වියළි පරිසරයක් ඇති හෙයින් සර්පයින්ගෙන් ප්‍රවේශම් විය යුතු බවද මතක් කළ යුතුය. එසේම ගමනට අවශ්‍ය පමණට ජලය ගෙන යාමද අනිවාර්ය වන අතර කඳු මුදූනේ අවු රශ්මියත් වියලි සුළගත් සීඝ්‍රයෙන් ජල අවශ්‍යතාවය වැඩි කරනු ඇත.

කඳු මුදුනේ සිට පැහැදිලි දිනක, ඇතුගල සහ කුරුණෑගල නගරය ඇතුළු අඳාගල, දොලුකන්ද, අලගල්ල, කුරුමිණිගල, ඉබ්බාගල වැනි කඳු මුදුන් පියවි ඇසින් දැක බලාගත හැක. එහෙත් ඉර මුදුන් වන විට කඳු මුදුනේ සිටීම අවු රශ්මියත් සමග යම්තාක් දුරට අපහසු වුවත් කඳු සිසාරා ඇදෙන සුළං රැලි එම විඩාව අඩු කරනු ඇත. එබැවින් මේ ගමන සඳහා උදෑසන හෝ සන්ධ්‍යා කාලය යෝදා ගැනීම වඩා යෝග්‍ය වේ.

කෙසේවෙතත් අවාසනාවකට යටපත් වූ හෙළ ඉතිහාසයේ සාක්ෂි නිහඬව දරාගෙන සිටින යකුන් දෙස් තැබූ ගල, කුවේණියගේ ශාපලත් විලාපය ඇසෙන මානයක වුවත්, සුන්දරත්වයෙන් නම් අගතැම්පත් ඉසව්වක් බව නම් අනිවාරයෙන් කිව යුතුය.▪️
- The.Roamer_

❎ [ සංචාරක අත්දැකීම් හා ඡායාරූප යෝදා, සකස් කරන ලද ලිපියක් වන හෙයින්, අවසරයකින් තොරව ලිපිය හා ඡායාරූප උපුටා ගැනීම තහනම් ] ❎
•••

▪️" මේ.. ඔබ භාවිතා කළ, මුඛ ආවරණය ද ?? "  • දිනය - 2020.12.01  • වේලාව - පෙ.ව 6.26  • ස්ථානය - නාගරික තෙත් පාරිසරික උද්‍ය...
13/09/2021

▪️" මේ.. ඔබ භාවිතා කළ, මුඛ ආවරණය ද ?? "
• දිනය - 2020.12.01
• වේලාව - පෙ.ව 6.26
• ස්ථානය - නාගරික තෙත් පාරිසරික උද්‍යානය, නාවල.
••••
👉 කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වී ඇති අතර මේ වන විට වෛරසයේ ප්‍රබලත්වය සහ ව්‍යාප්තිය නිසා මුඛ ආවරණ යුගලයක් පැළඳීම යෝග්‍ය බව වෛද්‍ය නිර්දේශයයි. එවැනි තත්වයක් මත ඔබ දෛනිකව භාවිතයෙන් ඉවත දමන මුඛ ආවරණයන්ට කුමක් සිදුවේද?

දෛනිකව මුඛ ආවරණ විශාල ප්‍රමාණයක් අපද්‍රව්‍ය ලෙස සාගරයටත්, ජලාශයන් ඇතුලු ජල මූලාශ්‍රයන්ට සහ මහ පොළවට එකතු වන අතර මෙම මුඛ ආවරණ නිපදවීම සඳහා Micro Plastic හෙවත් ක්ශුද්‍ර ප්ලාස්ටික් භාවිතා කරන හෙයින් එය වසර දශක ගණනාවක් ගෙවුනද පරිසරය තුළ ස්භාවිකව දිරාපත් වීමක් සිදු නොවේ. එසේම මෙම මුඛ ආවරණයන්හි ඇති රඳවන පටිදෙක හේතුවෙන් සාගර ජීවීන්ගේ මෙන්ම මෙම ඡායාරූපයේ සඳහන් වන ආකාරයට කුරුල්ලන් ඇතුලු සත්වයින්ගේ පැටලීම හේතුවෙන් එම සතුන්ගේ සාමාන්‍ය චර්යාවන්ට සේම ජීවිතවලටද තර්ජනයක් වී ඇත.

එතැනින් ඔබ්බට ගොස් සැළකිය යුතු ප්‍රධානම කරුණ වන්නේ නවතම සොයාගැනීම් අනුව මෙම ඉවත දමන මුඛ ආවරණයක කොරෝනා වෛරසය ස්ජීවීව දින 7 ක කාලයක් පැවතිය හැකි හෙයින් මෙම අපද්‍රව්‍ය එකතු කරන්නන්ට සේම සතුන්ටද කොරෝනා වෛරසය බෝවීමේ අවදානමක් මෙතුළින් උද්ගත වීමයි. එසේම පසටත් ජල මූලාශ්‍රයන්ටත් පහසුවෙන් කොරෝනා වෛරසය මුසු වීමේ අවධානමක් මෙහි පවතින බව ද කිව යුතුය.

පරිසරයට අවම හානියක් වන අයුරින් මෙම මුඛ ආවරණ විනාශ කරන්නේ කෙසේද යන්න නවීන තාක්ෂණය භාවිතයෙන් දියුණු රටවල් විවිධ ක්‍රමවේදයන් මේ වන විටත් හඳුන්වා දී තිබුනද අනාගතයේ ඇතිවන මෙම පාරිසරික අර්බුදය පිළිබඳව අප රට තුළ කිසිම කථිකාවතක් නොමැති වීම කණගාටුවට කරුණකි.

අනෙකුත් කසළ එකතු කිරීම් වලින් බැහැරව වෙනත් ක්‍රමවේදයන්ට අනුව කාණ්ඩ ගත කර මෙම අපද්‍රව්‍ය එකතු කිරීම, වායුගෝලයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම වන අයුරින් තාප උදුන් භාවිතයෙන් අධික උෂ්ණත්වයක් තුළ දහනය කිරීම, නවීණ තාක්ෂණික ක්‍රමවේද අනුව මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය කිරීමට පවා මේ වන විට දියුණු රටවල් වල අවධානය යොමු වී ඇත.

එහෙත් මේවා සිදු නොවන රටක ජීවත් වන අප, පරිසරයට ආදරය කරන මිනිසුන් ලෙස, මේ පිළිබඳ ස්වයං විනයක් ඇති කරගැනීම කාලීන අවශ්‍යතාවයකි.

එහිදී භාවිතයෙන් ඉවත දමන මුඛ ආවරණ ඉවත දැමීමට ප්‍රථම රඳවන පටි යුගලය එක් කොනකින් කපා දැමීමටත්, මේ මුඛ ආවරණ සාමාන්‍ය අපද්‍රව්‍ය සමග මිශ්‍ර නොකිරීමටත් අප වග බලා ගත යුතුය. එසේම පිරිසිදු කර කිහිපවරක් භාවිතා කළ හැකි මුඛ ආවරණ භාවිතයට ගැනීමත් රෙදි මගින් නිෂ්පාදිත මුඛ ආවරණ භාවිතයට ගැනීමත් මෙම පාරිසරික හානිය අවම කරගැනීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග වේ.

මිලියන 20 කට අධික ජනගහනයක් සිටින මේ පුංචි රටේ දෛනික භාවිතයෙන් ඉවත දමන කෙතරම් මුඛ ආවරණ ප්‍රමාණයක් පරිසරයට මුසු වෙනවා ඇත්ද ? මෙය පාලනය නොකළහොත් අනාගතයේදී වසර ගණනාවක් පුරා පොලිතින් මගින් සිදු කළ පරිසර හානියටත්, නැව ගිනි ගැනීම මගින් සිදුවූ සාගර දූෂණයටත් එහා ගිය පාරිසරික අර්බුධයක් නිර්මාණය වීම නොඅනුමානය.
මොහොතක් සිතන්න...
- The.Roamer_

[ මේම ඡායාරූපය ඇගයීම් ගණනාවකට ලක් වූ ඡායාරූපයක් වන අතර එහි හිමිකරු වන රවිසාර ජයමාන්න සොයුරාගේ අවසරය මත පමණක් උපුටා ගැනීම් සිදුවිය යුතුය. ]

මූලාශ්‍ර - 👇

https://www.sciencedirect.com/science/article/pii/S2667010021000184

••••

🇱🇰 බීච් කෑම්පින් වලට ගැලපෙන - "කිරින්ද" | KIRINDA, SRI LANKA.▪️•••👉 කෙමෙන් කෙමෙන් ඝන අඳුර මැඩගෙන අරුණලු වැටීමත් සමග විවි...
09/09/2021

🇱🇰 බීච් කෑම්පින් වලට ගැලපෙන - "කිරින්ද" | KIRINDA, SRI LANKA.▪️
•••
👉 කෙමෙන් කෙමෙන් ඝන අඳුර මැඩගෙන අරුණලු වැටීමත් සමග විවිධ වර්ණයන්ගේ අහස් තලය සැරසෙද්දී, වේගයෙන් පැමිණ ගල්පර වල හැපෙන මුහුදු රළේ ශබ්දය ඇති කරන්නේ අමුතු රිද්මයකි. ධීවරයින්ට දිනය අරඹමින් උදෑසන හිරු උදාවත් සමග සුන්දරත්වයෙන් සැරසෙන කිරින්දට ගල්පර සහිත රන්වන් පැහැ වැලි පිරුණු වෙරළ තීරයත්, වෙරළට යාබද කළපුවත්, ධීවර වරායත් ඇතිකරන්නේ මනස්කාන්ත දසුනකි.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට වාර්තා වන මුහුද ගොඩ ගැලීමේදී, කැළණි රජ පෙළපතේ කුමාරිකාවක් වූ විහාර මහා දේවිය එම ව්‍යසනය නැවත් වීමට බෝට්ටුවක දමා මුහුදට බිළිදුන් බව සඳහන් වේ. එහිදී කෙසේ හෝ එම බෝට්ටුව ගසාගෙන ගොස් කිරින්ද ග්‍රාමයට ගොඩ ගැසූ බවත් එවකට රුහුණු පුරවරය පාලනය කළ කාවන්තිස්ස රජු හට ඒ බව සැල වී එම කුමාරිකාවගේ සුන්දරත්වය හේතුවෙන් සරණපාවාගත් බවත් මහාවංශය විස්තර කරයි.

විහාරමහා දේවිය ගොඩ බසින ලද තැන යැයි සඳහන් ස්ථානයේ පර්වතයක් මත කිරින්ද මුහුදු මහා විහාරය තනා ඇති අතර එතැන් සිට ක්සිතිජය දක්වා වූ මහා සාගරයත් කිරින්ද වෙරළ තීරයත් නැරඹීමේ හැකියාව පවතී.

තිස්ස නගරයේ සිට 12km කට ආසන්න දුරකින් පිහිටා ඇති මෙම රමණීය වෙරළට යාබද කළපු කොටසේ වන ලැහැබවල් පවතින අතර එය දේශීය මෙන්ම සංචාරක පක්ෂීන්ගේද නිජබිමකි.

සුන්දර වෙරළ තීරයක ඇවිදමින්, මුහුදේ ස්නානය කරමින්, වෙරළේ තැනූ ගිණිමැලයක පහස ලබමින්, පුච්චන ලද මාළු ආහාරයට ගනිමින් බීච් කෑම්ප් එකක අත්දැකීම විඳගැනීමට ප්‍රිය කරන්නෙකුට කිරින්දේ වෙරළත් යාබද කළපු ප්‍රදෙශයත් කදිම තෝතැන්නකි. එහෙත් වෙරළ තීරය ගලපර සහිත වීමත් ජීවිත ගණනාවක් මුහුද විසින් බිලිගෙන තිබීමත් නිසා මුහුදේ ස්නානයේදී අරාක්ෂාකාරී තැනක් පිලිබඳ ධීවරයෙකුගෙන් විමසා සිටීම අනිවාර්ය බවත් තමන්ගේ ආරක්ෂාව පිළිබඳ වරක් නොව දෙවරක් සැලකිලිමත් විය යුතු බවද මතක් කළ යුතුය. ▪️

- The.Roamer_

❎ [ සංචාරක අත්දැකීම් හා ඡායාරූප යෝදා, සකස් කරන ලද ලිපියක් වන හෙයින්, අවසරයකින් තොරව ලිපිය හා ඡායාරූප උපුටා ගැනීම තහනම් ] ❎
•••

Address

Mahawewa

Website

Alerts

Be the first to know and let us send you an email when The Roamer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Roamer:

Videos

Share