The Traveler

The Traveler traveler guide service

🆁🅸🆅🅴🆁🆂🆃🅾🅽රිවර්ස්ටන් යනු මාතලේ දිස්ත්‍රික්කයට අයත් සුන්දර ප්‍රදේශයකි. එය බොහෝ කඳු නගින්නන්ගේ සහ සංචාරකයින්ගේ  ප්‍රියතම ගම...
27/04/2024

🆁🅸🆅🅴🆁🆂🆃🅾🅽

රිවර්ස්ටන් යනු මාතලේ දිස්ත්‍රික්කයට අයත් සුන්දර ප්‍රදේශයකි. එය බොහෝ කඳු නගින්නන්ගේ සහ සංචාරකයින්ගේ ප්‍රියතම ගමනාන්ත වලින් එකකි. එසේම එය ලෝක උරුමයක් ලෙසින් හඳුන්වන නකල්ස් කඳුවැටියේ කොටසකි. රිවර්ස්ටන් මාතලේ දිස්ත්‍රික්කය සහ මහනුවර දිස්ත්‍රික්කය අතර පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ කාලගුණය සුලු වෙලාවක් තුළ වෙනස් වන නිසා අපුර්ව සුන්දරත්වයක් පරිසරයට එකතු කරයි. ප්‍රදේශ වැසියන් පවසන්නේ සෑම විනාඩි පහකට වරක් කාලගුණය වෙනස් වන බවයි. කඳු මුදුන් වලාකුළු රේඛාවට වඩා ඉහළින් පිහිටයි.උද්‍ෙයාගිමත් සංචාරකයින්ගේ අවධානය කිසි විටෙකත් ආකර්ෂණය කර ගැනීමට අසමත් නොවන මෙම ප්‍රදේශය දැනට මිනිස් වාසය අඩු ,අපිරිසිදු නොවු කොටසක් ලෙස හැදින්විය හැකිය. සන්සුන් පරිසරය, සීතල සුළඟ, නැවුම් වාතය, හරිත හා මීදුම සමඟ එය ස්වර්ගයේ කොටසක් ලෙස කෙනෙකුට විස්තර කළ හැකිය. එමනිසා, මෙය දේශීය හා විදේශිය සංචාරකයින් යන දෙඅංශයෙන්ම ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.

ඔබ රිවර්ස්ටන් නැරඹීමට යාමට අදහස් කරන්නේ නම්, රිවර්ස්ටන් අවට ඇති පිටවල පතන, කුඩා ලොකාන්තය සහ බඹරකිරි ඇල්ල,සේර ඇල්ල වැනි දිය ඇලි සහ තවත් ස්ථාන බැලීමට අමතක නොකරන්න.
කිලෝමීටර් 12ක් එපිටින් ඇති සේර ඇල්ල ඔබ මඟ හැර නොයා යුතු තවත් ස්ථානයක් වන්නේ ගුහාවක සිට ජලය වැටෙන අයුරු දැකගත හැකි අපූරු අත්දැකීමක් වන බැවිනි.උස මි 15 ක් පමණ වේ.බට දඬු කන්දෙන් ඇරඹී පුවක්පිටිය ඔය සුන්දර සේර ඇල්ල නිර්මාණය කරමින් තෙල්ගමු ඔයට එකතු වි මොරගහකන්ද ජලාශය පෝෂණය කරයි.
තෙල්ගමු ඔයත් ප්‍රධාන පාර ආසන්නයේන් ගලා බසින මනස්කාන්ත ගංගාවකි . නොමිලේ ස්වභාවික මත්ස්‍යය ප්‍රතිකාර සහිත ආරක්ෂිත නාන ප්‍රදේශ කිහිපයක් ඇති නිසා මෙය ප්‍රසිද්ධය. රිවර්ස්ටන් වන සංරක්ෂණ ප්‍රදේශයක පිහිටා ඇති බැවින් මෙම ඇළ දොළවල මසුන් ඇල්ලීම අතිශයින්ම තහනම්ය.
වැද්දා පැණි ඇල්ල ද ඉතා චාමත්කාර දිය ඇල්ලකි. නමුත් විටක චණ්ඩ දිය ඇල්ලකි
වැසි දිනවල දිය නෑම ඉතාම අනතුරු සහගතය. ක්‍ෂණික ජල ගැලීම් ඇතිවිය හැක.
(දැනට වර්ථා වී ඇති මරණ සංඛ්‍යාව 30කි)
තෙල්ගමුව පාලම අසළ- 22 යි.
වැද්දා පැණි ඇල්ල පාලම අසළ - 08 යි.

බඹරකිරි ඇල්ලද සුන්දර වුවද ගැඹුරු ස්ථාන සහිත ඇල්ලකි. එහිද විශාල මරණ සංඛ්‍යාවක් සිදු වී ඇත.(දැනට වර්ථා වී ඇති මරණ සංඛ්‍යාව 40කි)
ඔබත් ආරක්ෂා වී පරිසරයත් ආරක්ෂා කරමින් සුන්දරත්වය විදින්න

වල්පොලමුල්ලද රිවර්ස්ටන් ආසන්නයේ පිහිටා ඇති ලස්සන ගම්මානයකි. ශ්‍රී ලංකාවේ කුඩාම ගම්මාන ලැයිස්තුවේ පළමු ඇති ගම්මානයකි. සමහර දත්ත ආරංචි මාර්ග වලට අනුව, වල්පෙලාමුල්ල මේ වන විට ශ්‍රී ලංකාවේ කුඩාම අතහැර දමා ඇති ගම්මානය මෙන්ම ආසියාවේ ද කුඩාම අතහැර දැමූ ගම්මානය බව පවසයි. මාතලේ රිවර්ස්ටන් යන බොහෝ සංචාරකයින් මාතලේ රිවර්ස්ටන් සහ ඒ අවට ඇවිද ගියත්, මෙම ගම බොහෝ අයට මග හැරී ඇති ස්ථානයකි. එය පිහිටා ඇත්තේ දුම්බර මිටියාවතේ නකල්ස් රක්ෂිතයේ ය.

මාර්ගය: මාතලේ සිට රත්තොට පාරේ ගොස් රිවර්ස්ටන් සහ පිටවලපතන පසු කර ඇටන්වල ​​සුන්දර ගම්මානයට ළඟා වීය හැක. මෙම ගම්මානය හරහා ඉතා දුෂ්කර කැලෑ මාර්ගයකින් ගමන් කිරීමෙන් වල්පොල්මුල්ලට ළඟා විය හැකිය.
මෙම ගමට ප්‍රවාහන පහසුකම් අමාරු ව්‍්‍ම, වල් අලි ,වන ජීවීන්ගෙන් වන ගැටලු හේතුවෙන් මෙහි වෙසෙන සීමිත පවුල් සංඛ්‍යාවද මේ වන විට ගම හැර ගොස් ඇත. ගම පාලූ වීම නිසා වසර ගණනාවක් තිස්සේ වගා නොකරන ලද ඉඩම් හා නිවසක් සහ තවත් නටබුන් කිහිපයක් ඉතිරිව තිබේ.
අපූරු දුම්බර මිටියාවතට මුහුණලා නකල්ස් රක්ෂිත නිම්නයේ පිහිටා ඇති මෙම ගම්මානයේ සුන්දර දසුනක් බොහෝමයක් ඇත.
සමහර මුලාශ්‍ර වලට අනුව වල්පොල්මුල්ල ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේ කුඩාම ගම්මානය ලේසද හැදින්වේ.
මෙම ප්‍රධාන ස්ථාන හැරුණු විට තවත් ස්ථාන බොහෝමයක් රිවර්ස්ටන් අවට සැගව පවතී.එම ස්ථාන ගැනද ඉදිරියේදී අපගේ facebook පිටුවෙන් තොරතුරු ගෙන එමට බලාපොරොත්තු වෙමු.

ප්‍රවාහන මුලාශ්‍ර - මාතලේ සිට බස් රථයක් දෙවරක් ගමන් කරයි.
රිවර්ස්ටන් සහ ඒ අවට ඇති ස්ථාන නැරැඹීමට පුද්ගලික ප්‍රවාහන මාධ්‍යක් භාවිතා කල හැකිනම් ඔබේ කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගත හැකි අතර සියලුම ස්ථාන වලට පහසුවෙන් ගමන් කලහැකි.

නවාතැන් පසුකම්- නවාතැන් පසුකම් හොටෙල් කිහිපයක් ඇත. ඔබ මෙහි යන්නේ දීර්ඝ සති අන්ත වලනම් වෙලාස්න නවාතැන් වෙන්කරවාගන්න. විදුලි බලය නොමැති හොටෙල් කිහිපයක් මේ ප්‍රදේශයේ ඇති බැවින් සියලු විස්තර සොයා බලා වෙන්කරවා ගැනිම් කරන්න.
කැම්පින් කිරිමට කැම්පින් පසුකම් සලසන ස්ථාන කිහිපයක් ඇත.වන සතුන් බහුල බැවින් නොදන්නා ස්ථාන වල කැම්පින් කිරිමෙන් වලකින්න.


27/03/2024
24/03/2024
යක්ෂයාගේ පඩිපෙළ - Devil's Staircaseමෙය බදුල්ලේ කළුපහන ප්‍රදේශයේ පිහිටා ඇත.කලුපහන සිට ඔහිය දක්වා ගමන් කිරිමෙදි මෙම දුෂ්කර...
27/02/2024

යක්ෂයාගේ පඩිපෙළ - Devil's Staircase

මෙය බදුල්ලේ කළුපහන ප්‍රදේශයේ පිහිටා ඇත.කලුපහන සිට ඔහිය දක්වා ගමන් කිරිමෙදි මෙම දුෂ්කර මර්ග කොටස හමුවේ.බලංගොඩ සිට හපුතලේ දෙසට ගමන් කලහොත් 32Km ක් පමණ ගියපසු කළුපහන හන්දිය හමුවේ. හපුතලේ සිට බලංගොඩ දෙසට ගමන් කලහොත් 17Km ක් පමණ ගියපසු කළුපහන හන්දිය හමුවේ
කලුපහන වීරකෝන් ගම හරහා වැටී ඇති මෙම මර්ගය ලංකාවේ ගමන් කිරිමට අපහසුම මර්ගයි.නම ඇසුනු සැනින් බියකරු හැගිමක් ගෙනදුන්නත් කිසිදු බියකරු බවක් නොදැනෙන තරමට ඒ මර්ගය ගහ කොල වලින් සහ දිය ඇලි වලින් සමන්විතය.සොබා සෞන්දර්යය උපරිමයෙන් ඇති මෙම මර්ගයෙන් දිය ඇලි 10කට වැඩි ප්‍රමාණයකට ප්‍රවේශය සපයන අතර වෙනත් මර්ගයන්ගේ නෙදැකිය හැකි භු විෂමතා ලක්ශණයන්ගේන් සමන්විත වේ. ලංකාවේ උසම දිය ඇල්ල සදහා ප්‍රවේශ මර්ගය වන්නේ ද මෙම මර්ගයයි.
අපි දැන් බලමු මෙම මර්ගයෙන් ලගවිය හැකි ප්‍රධාන ස්ථාන කිහිපයක් ගැන.

බඹරකන්ද ඇල්ල
ලංකා ඇල්ල
යහලතැන්න ඇල්ල
ලේන ඇල්ල
උඩ ලංකා ඇල්ල
උඩ බඹරකන්ද
නිදන්ගොඩ ඇල්ල (ගලපිටයාය ඇල්ල)
නාගදොව ඇල්ල
වැලි වංගුව
යකාගේ වංගුව

කළුපහන ඉඳන් ඔහියට මුළු දුර 20Km පමණ වන නිසා ගමන පටන්ගන්න ඕන හොඳ සුදානමකින්. මේ ගමනට වඩාත් සුදුසු වන්නේ ට්‍රේල් වර්ගයේ බයික්. 4wd වාහන සුදුසු උවත් පාරෙ පටු ස්ථාන වලදි අනිත් පසින් වාහන පැමිණි යහොත් අපහසු තවයන්ට පත්වන්න පුලුවන්. ගමනට අවශ්‍ය ඉන්ධන ඇති තරමට පුරවගෙන යමට සැලකිලිමත් වන්න.

පරිසරයේ සුන්දරත්වය ආරක්ෂා කරමින් සංචාරයේ යෙදෙන්න.
follow Us
The Traveler

24/02/2024
18/02/2024

මේ දවස් වල Rs 4450.00/= කැමත් එක්ක camping experience එකක් ගන්න කොහෙද තියෙන්නේ .... එක තියෙන්නේ බෙලිහුල්ඔය විතරයි ඉතින් .... පහන්තුඩාව tracking එකයි hawagala Haiking එකකුත් තියෙනවා .. . අදම ඔයාල දවස වෙන් කර ගන්න පුලුවන් 🤗 ඉතින්.. Belihuloya Fattah Camping Resort 🏕️ ❤💞 ☎ 0713210921 ...
💗early bird offer🖤❤

15/02/2024

𝟐𝟎 𝐎𝐅 𝐓𝐇𝐄 𝐂𝐎𝐎𝐋𝐄𝐒𝐓 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐀𝐃𝐕𝐄𝐍𝐓𝐔𝐑𝐄𝐒 𝐅𝐎𝐑 𝟐𝟎𝟐𝟒
" 𝐖𝐚𝐧𝐝𝐞𝐫 𝐭𝐞𝐚 𝐭𝐫𝐚𝐢𝐥𝐬 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚”
Living Magazine: 20 OF THE COOLEST TRAVEL ADVENTURES FOR 2024 " #16 - “𝐖𝐚𝐧𝐝𝐞𝐫 𝐭𝐞𝐚 𝐭𝐫𝐚𝐢𝐥𝐬 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚”

Sri Lanka is virtually synonymous with tea. The island nation is one of the world’s top producers of tea leaves. British colonists introduced the first bushes about 200 years ago. Now visitors can trace the footsteps of historic planters on the new, nearly 200-mile Pekoe Trail, the country’s first long-distance walking route.
See More: https://livingmagazine.lk/20-of-the-coolest-travel-adventures-for-2024/


25/12/2023
25/12/2023
25/12/2023
23/12/2023

හෙට සිට ඇල්ල එන්න .ඉන්න අයට

22/12/2023
20/12/2023
10/12/2023
25/11/2023
27/08/2023

Sinharaja Forest-සිංහරාජ රක්ෂිතයසිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරට නිරිත දිගින් පිහිටන අතර කදුවැටියේ උස මීට...
03/07/2023

Sinharaja Forest-සිංහරාජ රක්ෂිතය

සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරට නිරිත දිගින් පිහිටන අතර කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින ජාතික වන වනෝද්‍යානයකි එය ගාල්ල,මාතර,රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්කයනට මායිම්වේ. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත.

ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් අවම විය. මෙය 1607වස‌‍රේ දී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, 1988 වස‌‍රේ දී ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍යේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ.

රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 81ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත නොහැකි වුවත් මෙහි දී අවසන් තෙත් කලාපීය අලි තිදෙනා දැකගත හැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි.මෑතකදී දුර්ලබ කලු දිවියෙකුගේ (කොටියකුගේ) මරනයක් වර්තා වූ අතර බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි. ඊට අමතරව උරග විශේෂ හා සමනල් විශේෂ රශියක් මෙම රක්ෂිතයෙ දක්නට හැකිය.

තවත් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය.මෙහි විවිධ පක්ශීන් දැක ගත හැකිය.ශ්‍රී ලංකා‌‌වේ දැනට හඳුනා‌‌‍ගෙන ඇති ආවේණික සතුන් අතුරෙන්, වැසි වනාන්තර ඇසු‌‌‍රේ වාසය කරන ‌ සත්ව විශේෂ 20ක් ඇති අතර, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා‌‌ බට ඇටිකුකුළා සහ ශ්‍රී ලංකා‌‌ කැහි බෙල්ලා ඇතුළු සියලු ම ‌විශේෂ මෙහි දී දැකගත හැකි‌ වේ.

උරගයින් වශයෙන් ආවේණික විශේෂ වන, පළා පොළඟා සහ කුණකටුවා දැකගත හැකි‌ අතර පුළුල් උභයජීවී විවිධත්වයක් ද පවතී. මෙහි දී ගස් ‍ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘෂ්ඨවංශීන් ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි.

සිංහරාජයේ මෝනින් සයිඩ් ප්‍රදේශයේ ඊටම ආවේණික වූ හා එහි පමනක් දැකිය හැකි සත්වයන් රැසකි. ඒ අතරින් කටුසු හා හූනූ විශේෂ ප්‍රධාන වේ.

සිංහරාජයට ආවේණික වූ ශාක

යෝධ මීවන විශේෂය සිංහරාජයට ආවේණික වේ. මෙය මීටර දෙකේ සිට මීටර පහක් පමණ උසට වැඩේ.මෙපමණක් නොව සිංහරාජය හෙළ ඔසුවේ මහගෙදර හා සමානය.

පිවිසුම් මාර්ග

ලංකාගම පිවිසුම - *

කොළඹ හරහා - දක්ශින අධිවේගිමාර්ගය - වැලිපැන්න පිටවීම - පැලවත්ත - නෙලුව - ලංකාගම
ගාල්ල - උඩුගම - තවලම - නෙලුව - ලංකාගම පිවිසුම.

කුඩව පිවිසුම:
කොළඹ -->කලවාන -->කුඩව

පිටදෙනිය පිවිසුම
කොළඹ -- ගාල්ල ---දෙනියාය--පල්ලේගම---මෙදේරිපිටිය---- පිටදෙනිය

සමන්ගල පිවිසුම
කොළඔ - ගාල්ල - දෙනියාය - විහාරහේන - සමන්ගල පිවිසුම

05/01/2020

Address

Kaburugamuwa
Matara
8100

Telephone

+94760020059

Website

https://www.youtube.com/@The_traverler

Alerts

Be the first to know and let us send you an email when The Traveler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Traveler:

Share

Category