Most Travels

Most Travels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Most Travels, Travel Agency, 87/2 Bandaranayaka Road, Katubadda, Moratuwa.

Visit   and help us to   our country once again.
30/04/2019

Visit and help us to our country once again.

02/04/2019

අවුරුදු වාසි එක්ක ඔබේ නිවාඩුව සතුටින් ගත කරන්න.. 😍

විසතර සදහා දැන්ම අමතන්න
☎️ 011 4378355 / 0772990875 /0770745997

21/11/2018
31/08/2018
දැරනියගල සන්චාරය කරන ඔබට..
20/08/2018

දැරනියගල සන්චාරය කරන ඔබට..

14/07/2018
26/06/2018

Good offer if you are living nearby Colombo.. 20% off for lifetime

24/06/2018

1st Ever Buddhist Tourism Summit will be held on 2nd Oct 2018 at the Ridee Viharaya in Kurunagala..❤️

Ridee Viharaya 'Silver Temple' is said to be built in late 2 Century BCE by late King Dutugemunu, the temple is considered as the place where the silver ore, which provided silver to complete Ruwanwelisaya.

ලoකාවේ ලස්සන තැන් බලන්න ගියාට කමක් නෑ හැබයි සුන්දරත්වය ආරක්ෂා කරන්න මතක තියා ගන්න.
03/06/2018

ලoකාවේ ලස්සන තැන් බලන්න ගියාට කමක් නෑ හැබයි සුන්දරත්වය ආරක්ෂා කරන්න මතක තියා ගන්න.

31/05/2018

Trip of a Lifetime

04/05/2018

තොර තෝංචියක් නැතුව රෑ තිස්සේ වැටුන වැස්ස තවම අඩුවක් නෑ. ඔක්කොමත් හරි කැමරාව තෙමුනොත් ඔක්කොම කරලා හමාරයි , හිතේ තිබ්බ දෙගිඩියාව ගමන තවත් ආපස්සට අද්දා. එහෙමයි කියල නොගිහින් ඉන්න බෑ නේ. හදිස්සියක් උනොත් කැමරා බෑග් වහගන්න පොලිතින් උර එහෙමත් අරන් අපි ගමන පටන් ගත්තා. නුවරපාර දිගේ ඉස්සරහට ඇදුන අපි වරකාපොලින් කුරුණෑගල පැත්තට හැරුනා. එන්න එන්නම වැස්ස වැඩිවෙනවා. වැහි අදුරත් එක්කම වැටුන වැස්ස හිනදා පාර පේන්නෙත් නෑ. කුරුණෑගලට ලංවෙද්දි අපේ වෙලාවට වැස්ස හොඳටම පායලා. කුරුණෑගල ඉඳන් මල්ලවපිටිය, දොඩන්ගස්ලන්ද, තොටගමුව හරහා රත්තොටට එද්දී තව පැය තුනක් විතර ගියා. රත්තොට හරියේදී පාරේ වංගු ටිකක් වැඩියි කල්පනාවෙන් රිය පදවන එක නුවනට හුරුයි. රත්තොට තමයි අපේ ගමනේ අන්තිමට හම්බවෙන ටිකක් ලොකු ටවුන් එක. කනබොන දේවල් එහෙම ගන්න ඕනෙනන් මෙතනින් ගන්න එක තමයි හොඳ. මොකද ඉස්සරහට ගොඩක් වෙලාවට හම්බවෙන්නේ පොඩි තේ කඩ විතරයි.

රත්තොටින් ප්ලේන්ටියක් ගහලා ආයේ ගමන පටන්ගත්ත අපි ඉලුක්කුබුර පල්ලේගම පාරේ ඉදිරියට ඇදුනා. අහස නං එච්චර හරි නෑ එන්න එන්නම අදුරු වෙනවා, හිතට තිබ්බ එකම වදේ උනේ ඒක. ඔහොම ටික දුරක් යද්දී හම්බවෙනවා බඹර කිරි ඇල්ල කියලා දිය ඇල්ලක්. අපහු එන ගමනේදී දිය ඇල්ල බලන්න හිතාගෙන අපි එක දිගටම ඉස්සරහට ඇදුනා. මේ වෙද්දී පාරේ වංගු තියෙන්නේ කවකටු කෝනමාන ඔක්කොම තියලා ඇන්ද වගේ. ගොඩක් තැන් වල පාර මායිම් වෙන්නේ අඩි දෙතුන් සියක් විතර ගැඹුර ප්‍රපාතයෙන්. මේ හරියේ පරිසරයේ තියන සුන්දරත්වේ කියනවට වඩා විඳින්න ඕනේ කියලා තමයි කියන්න තියෙන්නේ.පාරට පහලින් තේ වත්තේ තැනින් තැන තනි වෙච්ච උස ගස්. ගස්වල මුදුන් මීදුමෙන් වැහිලා පාරට උඩ පැත්තේ ගනට වැවිච්ච ෆයිනස් කැලෑව. පාරේ කිසිම වාහනයක් නෑ. දවසක් උනත් බලන් ඉන්න පුළුවන් ඒ දිහා.

අකමැත්තෙන් උනත් අයෙත් අපි ගමන යන්න පිටත් උනා. ඔහොම වංගු පිට වංගු පහුකරගෙන කැලැව මැදින් වැටුන පාරේ ඉහලට යද්දී අපේ පළමු ගමනාන්තයට අපි ලගාවුනා. මෙතනින් තමයි රිවස්ටන් කදු මුදුනට යන පාර පටන් ගන්නේ. මෙතනින් එහාට කදු මුදුන දිහාවට වාහන වලින් යන්න අවසර නෑ. වාහනය ඉඩ තියන තැනකින් අයින් කරලා නවත්තපු අපි කැමරා ආම්පන්නත් උස්සන් පාගමනින් ගමන පටන් ගත්තා. පොඩි පොද වැස්සක් වැටුනත් එකෙන් ගමනට බාදාවක් උනේ නෑ.

මාතලේ රත්තොට ඉඳලා කිලෝමීටර පහලවක් විතර තියනවා රිවස්ටන් කදු මුදුනට. ඒත අපි වාහනේ නවත්තපු තැන ඉඳලා තියෙන්නේ කිලෝමීටර දෙකකට ආසන්න දුරක් හැබැයි ගමන දුෂ්කර හින්ද දුර දෙගුණ වෙලා තමයි දැනෙන්නේ. රිවස්ටන් අයිති වෙන්නේ ලග්ගල පාදේශිය ලේකම් බල ප්‍රදේශයට. මීට ආසන්නයෙන් තමයි දුම්බර කදුවැටිය එහෙමත් නැත්තන් අපි හොඳටම දන්නා නමින් කියනවනං නකල්ස් කදු වැටිය පිහිටලා තියෙන්නෙත්. රිවස්ටන් කදු මුදුන ගොඩක් ජනප්‍රිය වෙන්නේ හුලන් කපොල්ලක පිහිටලා තියන හින්දා. බටඅඬුව හුලන් කපොල්ල කියල හදුන්වන්නෙත් රිවස්ටන් හුලන් කපොල්ලම තමයි.කදු මුදුනට යන පාරේ දෙපැත්තේ තියෙන්නේ සරුවට වැවුන කැලැව. වැඩිපුරම තියෙන්නේ බට පඳුරු. බට අඩුව කියන නම කොහොමත් ගැලපෙන නමක් කියල අපිට හිතුනා. ඊට අමතරව තියන ගොඩක් ගස් හෝර්ටන් තැන්නේදී දකින්න හම්බවෙන ගස් වලට ගොඩක් සමානයි. මීදුමෙන් වැහිච්ච තෙතබරිත පාර දිගේ ඉහලට ඇවිද්ද අපේ ගමන ප්‍රමාද කරන්න කූඩැල්ලන්ගේ ප්‍රහාර සෑහෙන්න බලපෑවා. ෆොටෝ එකක් ගහන්න පොඩ්ඩක් නැවතුනොත් කූඩැල්ලෝ හතර පස්දෙනෙක් කකුල්වල එල්ලෙනවා. මේ වගේ දුෂ්කරතා තියන එකත් එක අතකට හොඳයි කියල හිතෙනවා වෙලාවකට මේ තරමටවත් මේවා ආරක්ෂා වෙලා තියෙන්නේ ඒ දුෂ්කරතා හින්දනේ. මග දිගට සමහර තැන්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අත ඇර දාපු ගොඩනැගිලි කීපයක්ම දකින්න පුළුවන්. මීදුමෙන් පිරුන පතනේ ගරාවැටුන මේ ගොඩනැගිලි පරිසරයට හරි ගුප්ත බවක් එකක් කරනවා. කොහොමින් කොහොම හරි අන්තිමේදී අපි බට පඳුරු වලින් පිරිච්ච පාරක් දිගේ ඇවිත් කදු මුදුනට ලගා උනා.

කන් දෙක දොන්කාර දෙන තරමට හුලන් පාර. හෝ ගාන සද්දේ එක දිගට අඩුවක් වෙන්නේ නෑ. මීදුමෙන් වැහිච්ච VHF ටවර් එක එක පැත්තකින්, ටවර් එකට සම්බන්ද දුර්වර්ණ වෙච්ච ගොඩනැගිලි කිහිපයක්, ඒ එක්කම වැටෙන පොද වැස්ස අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා. මීදුමෙන් වැහිච්ච ප්‍රපාතය දිහා අපි ගොඩක් වෙලා බලන් හිටියා. මේ පරිසරයෙන් මිදෙන්න හිතදෙන්නෙම නැති තරම්. එක පාරටම වැටුන දාරානිපාත වැස්ස අපිට ආපසු එන්න කියන්න වගේ එන්න එන්නම වැඩි උන හින්ද හුලන් පාර මැද්දෙම අපි ආපසු පල්ලම් බැස්සා. වෙලාවට ගෙනාපු පොලිතින් කවර ගොඩක් ප්‍රයෝජනවත් උනා කැමරා බෑග් වැස්සෙන් පරිස්සන් කරගන්න.

ආපසු වාහනේ ලගට එකන්කන් එකදිගට වැස්ස ඒ වගේම කූඩැල්ලොන්ගේ ප්‍රහාර අඩු නැතුව. දවල්ට ගෙනාපු කෑම කාල පහල තිබ්බ තාවකාලික කඩේකින් ප්ලේන්ටියක් බීපු අපි කල්පනා කලේ අපේ දෙවැනි ගමනාන්තය වෙච්ච පිටවල පතන පැත්තට යනවද නැද්ද කියන එක. වැස්ස එන්න එන්නම වැඩි කළා. මිදුම මුළු කදු වලල්ලම වහගෙන මේ වෙද්දී. අකමැත්තෙන් උනත් අපු ආපහු එන්න හැරුනේ බඹර කිරි ඇල්ලත් බලන් අපහු ගෙදර එන්න හිතාගෙන. දිය ඇල්ල හරියට එද්දී වැස්ස පොඩ්ඩක් පායලා තිබුනා. ගඟ හරහා තිබුන එල්ලෙන පාලමේ ඉඳන් දිය ඇල්ල බලන්න පුළුවන්. ආයෙත් වැස්ස වැඩි උන හින්දා පින්තුර දෙක තුනක් අරන් අදට ගමන නිම කරන්න අන්තිමේ අපි තීරණය කළා.

රිවස්ටන් , බඹර කිරි ඇල්ල ඒ වගේම මේ ගමනේදී අපිට යන්න බැරි උන පිටවල පතන පුංචි ලෝකාන්තය අපේ රටේ තියන ජෛව විවිදත්වයෙන් පරිපුර්ණ පාරිසරික පිහිටීම්. මේ ස්ථාන සියල්ලක්ම මේ වෙද්දී පොලිතින් ප්ලාස්ටික් තර්ජන වලට ලක්වෙමින් පවතිනවා.හැමදාම වගේ WeekendTravellers අපේ ඉල්ලීම වෙන්නේ අපි ඔබට හෙළිදරවු කරන ලංකාවේ ස්ථාන බලන්න යන්න. සුන්දරත්වය විඳින්න මතකයන් පමණක් රැගෙන එන්න කියන කාරුණික ආයාචනයයි.

සංචාරක සටහන The WeekendTravellers © all rights Reserved 2018

17/04/2018

නිවාඩු කාලේ චාරිකාවක් යන්න හිතන් ඉන්න ඔයාලට මෙන්න කදිම තැනක්. විස්තර ටිකක් දැනගෙන ගියාම කරදරයක් වෙන්නෙත් නැහැ.

17/04/2018

මුහුදු තීරයේ ගැවසෙන 'බීච් බෝයිස්ලාට' එරෙහිව කටයුතු කිරීමේදී හෝටල් කළමනාකරුවන් පවා තර්ජන ආදියට ගොදුරු වෙන අවස්ථා ...

27/03/2018

Former cricket star Ian Botham first visited Sri Lanka while playing for England - and has returned several times since. On his latest visit, he took his grandchildren - and was captivated by this island nation all over again.

New luxury train between Kandy and Ella from today..
05/03/2018

New luxury train between Kandy and Ella from today..

New luxury train between Kandy and Ella from today, The Railways Department yesterday announced the operation of a luxury train between Ella and Kandy Railway Stations from today.

සුන්දර නුවරඑලිය..
23/02/2018

සුන්දර නුවරඑලිය..

Address

87/2 Bandaranayaka Road, Katubadda
Moratuwa

Alerts

Be the first to know and let us send you an email when Most Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Most Travels:

Share

Category


Other Travel Agencies in Moratuwa

Show All