06/03/2023
Adam's Peak -Sri Lanka 🇱🇰
අපේ වාර්ෂික සිරිපා කරුණාව මේ වසරේදීත් ඉතාමත් සාර්ථක ලෙස අවසන් කිරීමට හැකිවුනා. කෝඩු කාරයන් විශාල ප්‍රමාණයක් මේ වසරේදී අපට සිරිපා කරුනාව සදහා සහභාගී කර ගැනීමට හැකිවීම ගැන මා ඉතාමත් සතුටට පත් වෙනවා. පෙර වසරවල් වල පුරුෂ පාර්ශවය පමණක් සහභාගී කර ගත් අපගේ වාර්ෂික වන්දනාව මේ වසරේ දෙපිරිසම සහභාගීත්වයෙන් පෙර වසරට වඩා ඉතාමත් සාර්ථකව සිදු කර ගැනීමට හැකි උනා. හැමෝම තමන්ට පුලුවන් උපරිමයෙන් කරුණා කිරීමට අපසසු ඇති අයව කෙසේ හෝ කරුණා කල යුතු හැගීමෙන් රැගෙන කරුණා කලා. කසුන්,සේමිත ,චමිදු, අසිත අයියා විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා කාවවත් අත හැර නොදා හැමෝම කරුණා කරවනවාමයි යන හැගීමෙන් කටයුතු සිදු කිරීම ගැන. මොකද ඒ සියලු දෙනාම පැය 3ට වඩා අඩු කාලයකින් උඩ මලුව කරුනා කිරීමට හැකි දක්ෂයන්. මේ සබැදියාව ඉදිරියටත් පවත්වා ගත යුතුම සබැදියාවක් බව මාගේ අදහසයි. මුලින් යම් චකිතයකින් මා මෙම ගමන සූදානම් කලත් හැමෝගේම එකමුතුව නිසා මා ගත් තීරණය ඉතාමත් නිවැරදි බව මා නිගමනය කලා. මෙම සිරිපා කරුණාව ලබන වසරේදීත් අප සියලුම දෙනා එකට එක්ව ගමන් කල යුතු බව මාගේ අදහසයි. කාගේ හෝ හිත් රිදීම් සිදු උනානම් ඒ සියල්ලටම මම මේ අවස්ථාවේ සමාව ඉල්ලා සිටිනවා. නැවත වරක් අප සියලු දෙනා මෙම වසර අවසන් වීමට ප්‍රථම නැවත විනෝද චාරිකාවක් යාමට උත්සහයක් දරමු. මේ බැදීම හිතවත්කම හැමදාටම රැදේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා.මාගේ මිතුරන් දෙපිරිස එක් කිරීමට හැකි වූ නිසා ඔබ සියලු දෙනාම කුමන හෝ අවස්ථාවක උදව් උපකාර අවශ්‍ය වූ විට එකිනෙකාට කතා කරගන්නා ලෙසද මා ආදරණීයව ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම ස්තූතියි. නඩේ ගුරු....