01/09/2021
වෙනස්ම පාරිසරික සහ භූගෝලීය කලාපයක් .දළබෑවුම්.හෙල්මළු රටා ඇති වගාබිම්.පහලින් පෙනෙන කඳු චමත්කාර දර්ශන තල මවනව .සෞම්‍ය දේශගුණය.කොයි වෙලේ පහළට කඩා වැටේද හැඟීම් දනවන අඩමානෙට එල්ලී ඇති ගිරි ශිඛර.
මතුරට පිදුරුතලාගල අනෙක් පසින් පහලට ගලා එන කුරුදු ඔයේ අත්පා ගල්ගැසෙන සීතල දියවරේ පහස ලැබිය යුතුමයි.
ප්‍රදේශයේ චමත්කාරය අත්විඳින්න වලපනේ රාගල මාර්ගයේ පිවිසුමට ඔබ්බෙන් කඳුගටයක් මුදුනේ ඇති ජපන් සාම චෛත්‍යය පරිශ්‍රටය ගල්පඩි සියගනනක් තරනණය කර යායුතුය..වැලමිටි වංගු වැනි පාරකින් දීර්ග මාර්ගයකින් යා හැකි නමුත් ගල් පඩි නැගීමේ අත්දැකීම හරිම සුන්දරයි.
එම ස්ථානයට පහලින් පිහිටි මහවලි නිම්න රන්දෙනිගල ජලාශ.,රන්දෙනිගල අභයභූමි.නුවර බදුල්ල රජමාවත් දර්ශනීය ලෙස දැකගත හැක..තවත් පසකින් උඩුපුස්සැල්ලාව මඩොලසිම ,රූපහ කඳුකර ප්‍රදේශද
අනෙක් පසින් කුරුඳු ඔයට ඔබ්බෙන් නිරන්තර මීදුම් වලින් වැසෙන මතුරට ප්‍රදේශයේ උස් ෆයිනස් වනාන්තර වලින් වැසුනු කඳුගැට විද්‍යාමාන වේ .දක්ශ සිත්තරෙකුට සිතුවන් කල හැකි සහ ඡායාරූප ශිල්පීන්ට සිත් සේ දර්ශන තල ලබාගත හැකි සුන්දර භූ විෂමතා මෙහි දැකිය හැක. පහලින් තිබෙන මහියංගන වියලි දේශගුන කලාප පින්නෙන් මීදුමින් බරවූ ශීතලේ පොරබදිමින් රිසිසේ නැරඹිය හැක .
සාම විහාරයට පිටුපස ඇති බොරළු පාරේ ඉහලට යන විට අථර දැමූ මුඩු බිම් සහිර්හ ගස් කොලං රහිත ගල් කුළුවලින් හෙබි විවෘත ප්‍රදේශයක් මුනගැසේ.ඉහලට යන්න යන්න බෑවුම් ප්‍රදේශ ජලාශ පහල කඳුවැටි තවත් කුඩාවී පෙනේ..ගල් ගුහාවක හුදෙකලාව මහණ දම් පුරන මේනියන් වහන්සේ නමක් සිටියත් මිනිසුන් සමග කතා බහට නොඑන්‍ය නිසා එම ස්ථානය මගහැර තවත් ඉහලට යන විට විවෘත තැනෙක පොල්ගහන මිරිස් අඹරන් පහන් පත්තුකරන ත්‍රිශූලයක් සහිත ස්තානයක් පසුකර කඳු තරණය කර විවෘත තැනි ප්‍රදේශයට ආව එහි කොනේ මහඌව වතු යායට අයත් ලයින් කාමර පේලියක් මුන ගැසේ. ඈතින් අපිට කුරුඳු ඔය දිය ඇල්ල පෙනුන ..මෙය ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකිය හැකි නමුත් මගදි කොටස් දෙකකට බෙදෙන නිසා බඹරකන්ද ඇල්ලට ඒ ස්ථානය ලැබී ඇත.