Ceylon Wanderlust

  • Home
  • Ceylon Wanderlust

Ceylon Wanderlust We are a travel couple currently living in Sri Lanka. Our goal is to discover and explore all the bea

09/01/2023

Ceylon Wanderlust in London 🇬🇧 UK

🌟Seerock the King's Domain Hotel සිගිරියට ගිය අපේ පුන්චි ගමන. කොරෝනා නිසා කලින් තරම් ගමන් බිමන් නොගියත්, අපි කොහොමහරි වෙ...
26/11/2021

🌟Seerock the King's Domain Hotel
සිගිරියට ගිය අපේ පුන්චි ගමන. කොරෝනා නිසා කලින් තරම් ගමන් බිමන් නොගියත්, අපි කොහොමහරි වෙලාව හොයාගත්තා සිගිරියට යන්න. සිගිරිය කියන්නේ අපි ආසම පලාතක්. නුවරඑලියේ ඉදන් සිගීරියට යන ගමනත් හරිම සුන්දරයි.

අපි නැවතුනේ Seerock the King's Domain Hotel එකේ. මෙය 4-star hotel එකක්. සීගිරිය ගල පෙනෙන මානයේ තියන මේ Hotel එක හරිම නිස්කලංකයි වගේම හරිම සුන්දර තැනක්. ඒ වගේම සේවය කරන අයත් හරිම සුහදශීලී. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙහි ආහාර ඉතාමත් රසවත්. වතුරෙන් වට වෙලා තිබ්බ අපි හිටිය Villa එකත් හරිම නිදහස්. මෙහි outdoor swimming pool එකක් පවතින අතර, plunge pool සහිත villas එහෙමත් තියනවා.

කොරෝනා කාලයේ වුවත් සෞඛ්‍ය ආරක්ෂිතව සේවය සපයන්න මෙහි කාර්‍යමණ්ඩලය උත්සුක උනා. එක අඩුපාඩුවක් විදියට මෙහි garden එක එතරම් හොදින් maintain නොවුන බව දැනුනත්, කොරෝනා කාලෙයේ අඩු කාර්‍යමණ්ඩලයක් සිටි නිසා එසේ සිදුවන්නට ඇති බව අප විශ්වාස කරනවා ❤️

©️ Ceylon Wanderlust අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම්.

26/08/2021

Guess the hotel🥰 Kalundewa Retreat

21/08/2021

Travel highlights 📍 Sri Lanka

ඔව් මේ ලංකාවෙ😍 ඇත්තටම හිතාගන්න බෑ නේද🤩 little greece කියන නමින් හදුන්වන මාතර තලල්ලෙ ඉදිවුනු  ළගදීම open වෙන්න නියමිතයි.😍...
19/08/2021

ඔව් මේ ලංකාවෙ😍 ඇත්තටම හිතාගන්න බෑ නේද🤩 little greece කියන නමින් හදුන්වන මාතර තලල්ලෙ ඉදිවුනු

ළගදීම open වෙන්න නියමිතයි.😍

ලංකාවෙ hotel ක්ශේත්‍රයෙ දැවැන්තම ඉදිරි පියවරක් කිව්වොත් නිවැරදියි❤️

මේ අත්දැකීම පලවෙනි වතාවට තමයි ලාංකිකයන්ට හිමිවන්නෙ😍😍😍😍🙈🙈

සීතල රටක hotel experience ගන්න පුලුවන් කියල කව්ද හිතුවෙ😎

Rates එක්ක open වුනාම තව post එකක් අනිවා ගේන්නම්🙈😍

මැරෙන්න කලින් ගියෙ නැත්නම් වැඩක් නෑ😁

Photography: Pradeep Gamage Photography

Ceylon Wanderlust

17/08/2021

කොරෝනා උවදුර දුරින් දුරුවී අපිට කලින් වගේම ඇවිදින්න ලැබෙනකල් අපි හැමෝම බලන් ඉන්නවා....

07/08/2021

කොහේ ගියත් අපිට හම්බෙන යාලුවෝ...
නුවරඑලියේ ග්‍රෙගරි පාක් එකෙදී... ❤️

Go where you breathe free... 🏞️🌄Bolagandawela | A Hidden Beauty of Sri Lanka 🇱🇰
16/06/2021

Go where you breathe free... 🏞️🌄

Bolagandawela | A Hidden Beauty of Sri Lanka 🇱🇰





වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි...ලොව ම සුවපත් වන පින්බර පොහෝ දිනයක් වේවා...
26/05/2021

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි...
ලොව ම සුවපත් වන පින්බර පොහෝ දිනයක් වේවා...

උග උලගල්ල |  Uga Ulagalla අවුරුදු 150 ක් පමණ පැරණි වලව්වක් හෝටලයක් ලෙස භාවිතා කරමින් සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයේ අ...
02/05/2021

උග උලගල්ල | Uga Ulagalla

අවුරුදු 150 ක් පමණ පැරණි වලව්වක් හෝටලයක් ලෙස භාවිතා කරමින් සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයේ අලංකාරයෙන් හා ස්වභාවික පරිසරයේ සුන්දරත්වයෙන් අනූන වූ, කලබලකාරි නාගරික පරිසරයෙන් දුරස් වූ, නිදහස් සාමකාමි ප්‍රදේශයක පිහිටා ඇති තරු පහේ අති සුඛෝපභෝගී හෝටලයකි. වසර 150 ක් පැරණි ගමේ මුලාදෑනී මන්දිරය, වටිනා ඉතිහාසයක් හා සංස්කෘතික වැදගත්කමක් ඇති මන්දිරයකි.

මෙම ස්වාභාවික ලෙස සැකසූ භූමිය තුළ පෞද්ගලික තටාක (Private plunge pool) සහිත වර්ග අඩි 1850 ක විශාල විලා 25 ක් ඇත.

ඔබගේ නිවාඩුව ගත කරන අතරතුර, නොයෙකුත් activities වල යෙදීමට මෙම හෝටලය ඉඩ සලසා ඇත. ඒ අතරින් Kayaking, Bicycle riding, Horse riding, nature walks, Archery විශේෂ තැනක් ගනී. උග උලගල්ල සිට අනුරාධපුරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන වෙත මිනිත්තු 30 කින් ලගාවිය හැකි අතර, මෙහි සිට යුනෙස්කෝ ලෝක උරුමයක් වන සිගිරිය බලකොටුව පැයක පමණ දුරින් පිහිටා ඇත.

Check in වූ මොහොතේ සිට Check Out වන මොහොත දක්වා, පෞද්ගලිකත්වයට හානි නොවන ලෙස ඉතාමත් සුහදශීලි සෙවාවක් සැපයිමට එහි කාර්‍යමණ්ඩලය සූදානම්ව සිටී .

එහි පැමිණෙන සෑම අමුත්තෙකු හටම අතීතයේ සිට සිදුකරගෙන ආ චාරිත්‍රයක් ලෙස පහන් පත්තු කර සීනු නාද කර ශබ්ද පූජාවක් සිදු කිරිමත්, හෝටලයේ ඉතිහාසය පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීමත් සිදු කරනු ලබයි. එසේම check out වන අවස්තාවේදී, එම ශබ්ද පූජාවේ හා හෝටලයේ මතක සටහනක් ලෙස frame කරන ලද මනරම් ඡායාරූපයක් තෑගි ලෙස ලබා දෙනු ලැබේ.

කලබලකාරී, වෙහෙසකර ජීවිතයෙන් කෙටි විවේකයක් ගැනීමට ඔබ යා යුතුම හෝටලයක් ලෙස මෙම හෝටලය නිර්දේශ කල හැක.

All copyrights reserved by Ceylon Wanderlust

25/04/2021
ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!New year wishes from Ceylon Wanderlust
14/04/2021

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

New year wishes from Ceylon Wanderlust

Blooming Pera 2021..🌸🌼🌷🌹🌺🌻🌼🥀💮💐🏵️🌴🌳🌲-----------------------------------------All copyrights reserved by Ceylon Wanderlust...
07/04/2021

Blooming Pera 2021..
🌸🌼🌷🌹🌺🌻🌼🥀💮💐🏵️🌴🌳🌲
-----------------------------------------

All copyrights reserved by Ceylon Wanderlust

© Copyright 2021 Ceylon Wanderlust

නීල ගරුඬ පාෂාණය /  Garandugala Blue Marbleනාමල් උයනෙහි රෝස පැහැති ක්වාර්ට්ස් (රෝස් තිරිවානා) පර්වතයට සමානව, වලපනේ ප්‍රාද...
04/04/2021

නීල ගරුඬ පාෂාණය / Garandugala Blue Marble

නාමල් උයනෙහි රෝස පැහැති ක්වාර්ට්ස් (රෝස් තිරිවානා) පර්වතයට සමානව, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ, පණ්ඩිතයාකුඹුර ගම්මානයේ පිහිටි නීල ගරුඬ පාෂාණය (Nil Garuda Gala, Blue Marble Rock, Serpentine Rock ) යනු ලෝකයේ වෙනත් තැනක දක්නට නොලැබෙන, සුවිශේෂී අති දුර්ලභ වස්තුවකි. මුළු මහත් ආසියානු මහද්වීපයට ම ඇති එකම නීල ගරුඬ පාෂාණය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ මෙම ස්ථානයේ බව සඳහන් වේ. මෙම පාෂාණය සහ රෝස පැහැති ක්වාර්ට්ස් (රෝස තිරිවානා) පාෂාණය අතර ඇති වෙනස නම් මෙය රෝස තිරිවානා ගල තරම් සංචාරකයින් අතර එතරම් ප්‍රසිද්ධ ස්ථානයක් නොවීමයි.

මෙම පර්වතයේ සුවිශේෂත්වය නම් මෙය නිල් පැහැයට හුරු කොළ පැහැයෙන් යුක්ත වීම වන අතර, එය හිරු එළියෙන් දිදුලන ස්වභාවයක් ගනී. මෙම පාෂාණයේ මතුපිට මෘදු හා සුවදායී වන අතර, කළුගල් තරම් රළු නොවේ. මෙම පාෂාණය ක්‍රමයෙන් ලියලන බවට සඳහන් වන අතර, එයට සිදු වන හානි එය විසින්ම සකසා ගන්නා බවට ද සඳහන් වේ.

රාවණ රජ සමයේ හනුමන්තා විසින් සීතා දේවියට ප්‍රතිකාර කිරීම සඳහා ගෙනෙන ලද නීල ගරුඬ ගල් කැබැල්ලක් මෙම ස්ථානයේ පතිත වී එය ලියලා නීල ගරුඬ පාෂාණ පර්වතයක් ඉදි වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.

මෙම අද්විතීය පාෂාණයෙන් වැඩි ප්‍රමාණයක් මතුපිට පොළොවට යටින් පිහිටා ඇති අතර ගරුඬ ඔය නිසා සේදීමට ලක්වූ ස්ථාන වලින් කුඩා කොටසක් පමණක් නිරාවරණය වී ඇත . මෙම පර්වතය හරහා ගලා බසින ගරුඬ ඔයේ ජලයෙන් ස්නානය කිරීමෙන් නොයෙකුත් දද හා කුෂ්ට සුව කළ හැකි බවටත්, දෙහි සමඟ උරච්චි කර සම මත තැවරීමෙන් සම ආශිත දද කුෂ්ඨ ආදී රෝග සුව වන බවටත් ගම්වාසීන් විශ්වාස කරයි. මීට අමතරව ආමාශ කැක්කුමේ සිට සර්ප දෂ්ට කිරීම් දක්වා වූ ප්‍රතිකාර කිරීම සඳහාද මෙය භාවිතා කරන බවට සඳහන් වේ.

මෙම ස්ථානය මහනුවර සිට කිලෝමීටර් 74 ක් පමණ දුරින් පිහිටා ඇත. මහනුවර සිට රිකිල්ලගස්කඩ, වලපනේ පසු කොට නිල්දන්ඩාහින්න වෙත පැමිණ රාගල වෙත ගමන් කිරිමේදි, පන්ඩිතයාකුඹුර ප්‍රදේශයේ මාර්ගයේ පසෙක දිශා පුරුවක් දක්නට ලැබේ.
Blue marble trail start point ලෙස google maps හී search කිරීමෙන් ඔබට නිවැරදි ස්ථානය වෙත ළඟා විය හැක.

ස්වභාව ධර්මයේ විශිෂ්ට නිර්මාණයක් වන නීල ගරුඬ පාෂාණය ශ්‍රී ලාංකික අපට ඇති ඉතාම වටිනා ජාතික සම්පතකි. ඉහල ඖෂධීය ගුණයන්ගෙන් සහිත මෙම පාෂාණය විවිධ රෝග සඳහා යොදා ගන්නා බවට ඇති විශ්වාසය හේතුවෙන් මෙහි පැමිණෙන සංචාරකයින් මෙම පාෂාණය කැබලි කොට රැගෙන යාමට පෙළඹීම හේතුවෙන් මෙම ස්ථානය විනාශ වීමේ අවදානමකට ලක්ව ද ඇත.

Guess the place 🏞️🌄🌻🌹🇱🇰Like 👍share♥️ ©️ Ceylon Wanderlust
27/03/2021

Guess the place 🏞️🌄🌻🌹🇱🇰

Like 👍share♥️ ©️ Ceylon Wanderlust

Marabedda Garden Resort | Rikillagaskada ✈️🏖️⛱️🌳 🌸🌹🌻🌼🌄🏞️පවුලේ අය, යාලුවෝ එක්ක Day out එකක් යන්න නියම තැනක්. ලන්කාවෙ තියන...
24/03/2021

Marabedda Garden Resort | Rikillagaskada ✈️🏖️⛱️🌳 🌸🌹🌻🌼🌄🏞️

පවුලේ අය, යාලුවෝ එක්ක Day out එකක් යන්න නියම තැනක්. ලන්කාවෙ තියන ලස්සනම Infinity pool වලින් එකක් තියෙන්නෙත් මෙහෙ ❤️

Like කරන්න 👍 share කරන්න ✈️ අපිත් එක්ක එකතු වෙන්න.

චායාරූප මුල් අයිතිය Ceylon Wanderlust සතුවේ.

කලුන්දෑව රීට්‍රීට් / Kalundewa Retreat 🇱🇰🏝️🌄 දඹුල්ල, කලුන්දෑව ග්‍රාමයේ අක්කර 100 ක භූමි භාගයක පිහිටි මෙම තරුපහේ (5-star)...
18/03/2021

කලුන්දෑව රීට්‍රීට් / Kalundewa Retreat 🇱🇰🏝️🌄

දඹුල්ල, කලුන්දෑව ග්‍රාමයේ අක්කර 100 ක භූමි භාගයක පිහිටි මෙම තරුපහේ (5-star) හෝටලය මිහිපිට පාරාදීසයකි 🌄. මෙය කලුන්දෑව කන්ද🏞️ පෙනෙන මානයේ පිහිටා තිබෙන අතර සොබාදහමේ විස්මිත නිමැවුම් වලින් පිරිපුන් අතිශය සුන්දර හෝටලයකි🌻.

කුඹුක් කැලයක් මැදින් කුරුල්ලන් 🦅 දහස් ගනනකගේ නාදයෙන් අවදි වන ඔබට ඇස් අදහා ගත නොහැකි අතිශය සුන්දර දර්ශන නැරඹිය හැක 📸. ඉර නැගීගෙන එද්දි සියලුම ගස් වැසෙන අයුරින් වසා සිටින කුරුල්ලන් දහස් ගනනක් බලා ගැනීමට නම් ඔබ කැලුන්දෑවට පැමිණිය යුතුමය🌞. ගලා බසින වැවක් 💧, කුඹුක් ගස් 🌴, විවිධ කුරුල්ලන් වර්ග, ඉබ්බන් 🐢, සහ කුඹුරු 🌄 සහිත මෙම හෝටලය උදෑසන කාලයේදී ඉතාම සුන්දර වටපිටාවක් මවන අතර, මීදුම සහිත භූ දර්ශනය සමඟ මුසු වූ දර්ශනීය කඳු මුදුන් 🌄 දැක බලාගැනීමට අමුත්තනට අවස්තාව හිමිවේ .

මෙම හෝටලය ඉදිකර ඇත්තේ ඉතාමත් පරිසර හිතකාමී ආකාරයට නිසා පරිසරයට වන හානිය නොගිනිය හැකි තරම් වේ 🌻. ඇහැල, නික, දමුනු, බක්මී සහ කුඹුක් වැනි ගස් වල නම් වලින් නම් කර ඇති මෙහි chalets 🏡 සිත නිවන ගෘහ නිර්මාණ ශිල්පයකින් ඉදිකොට ඇත.

මෙහිදී කළ හැකි ක්‍රියාකාරකම් වලට වනජීවී හා සංස්කෘතික අත්දැකීම් ඇතුළත් වන අතර කුරුල්ලන් නැරඹීමේ සංචාර 🦅, සාම්ප්‍රදායික ඉවුම් පිහුම් පන්ති🌾, ගමේ විනෝද චාරිකා ⛺, Kayaking 🛶, සහ cycling 🚴‍♀️ ඇතුලත්වේ. මෙහිදී Kayaking 🚣‍♀️ කිරීමට ඔබට නොමිලේ අවස්තාව හිමිවන අතර කුඹුක් ගස් පිරුනු වැව Kayaking කිරීමට ඉතා යෝග්‍ය මෙන්ම ආරක්ශාකාරී වේ🌴.

විශේශයෙන්ම නව විවාපත් අයට ❤️ආදරයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සුදුසුම ස්ථානයකි කලුන්දෑව. මෙහි සිත් ඇදගන්නාසුළු පරිසරය මධුසමය 💒 ගත කිරිමට අතිශයින්ම සුදුසු වේ.

මෙහිදී පුද්ගලිකත්වය ඉහලින්ම ආරක්ශා කිරීමට හෝටලෙයේ කාර්‍ය මන්ඩලය උත්සහ ගන්නා අතර, සෑම අතින්ම ඉතාමත් ඉහල සේවයක් ලබාදීමට මෙහි කාර්‍ය මන්ඩලය සමත්‍ ය. මෙහි ආහාර පාන 🍔අතිශය රසවත් වන අතර head chef 👨‍🍳 විසින් පුද්ගලිකව පැමිණ අපට අවශ්‍ය ආකාරය විමසා සිටින නිසා අප කැමති අයුරින් අහාර වේල customize කරගැනීමේ හැකියාව ඇත. Dinner එකට අවශ්‍යනම් අපට වැව මැද candle light dinner 🕯️ එකක් උවද ලබා ගැනීමට හැක. සිත නිවා ගැනීමට, පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට සුදුසු මෙම හෝටලය කුඩා දරුවන් සමග උවද පැමිණීමට ඉතා සුදුසු වේ 👨‍👩‍👦‍👦.

Like කරන්න ❤️ share කරන්න ❤️ එකතු වෙන්න අපිත් එක්ක.

©️ Ceylon Wanderlust

ලස්සන මාතලේ ❤️
18/03/2021

ලස්සන මාතලේ ❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Wanderlust posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share