ගැටදිවුල වනජීවී උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතු පිළිබඳ නවතම තත්වය - 2024 දෙසැ. 03 🐘 🚧🏗️👷
1. ගැටදිවුල වනජීවී උමං මාර්ගයේ වැඩකටයුතු දෙසැම්බර් මස මැද භාගය වන විට නැවත ආරම්භ කිරීමට අදහස් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2. මහව - අනුරාධපුර අතර දුම්රිය මාර්ගයේ පාලම් 5ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආනයනය කරන ලද යකඩ පාලම් දෙසැම්බර් මැද වන විට ලැබීමට නියමිත බවත්, ඉන් පසු නැවතත් දුම්රිය ධාවනය නතර කොට එම පාලම් 5 හි වැඩ නිම කිරීමටත්, වනජීවී උමං මාර්ගයේ පාලමත් ඒ සමඟම නිම කිරීමට කටයුතු කරන බවත් දුම්රිය නිලධාරීන් පවසයි.
3. වනජීවී උමං මාර්ගය සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අනුමත වී ඇති මුදල් උප කොන්ත්‍රාත් සමාගම වෙත ලැබී නොමැති බවත් වාර්තා වේ.
අධිකරණයෙන් තහනම් කර ඇති පුත්තලම් - විල්පත්තු - මන්නාරම් මාර්ගය අගමැතිනිය විවෘත කරන්නේ කෙසේද?
බැසිල් රාජපක්ෂ සමඟ එක්ව බදුර්දීන් විල්පත්තුවේ අක්කර 4000කට වඩා විනාශ කර දැමුවේ පළමුව විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා යුධ සමයේදී කාලතුවක්කු ගෙනයෑමට සෑදූ තාවකාලික මාර්ගය පැරණි මන්නාරම් මාර්ගය බවට පෙන්වා ස්ථිර මාර්ගයක් ලෙස සකස් කිරීමෙන් පසුවය. එලුවන්කුලමෙන් ආරම්භ වී මරිච්චිකඩ්ඩි ග්‍රාමයෙන් අවසන් වන මෙම මාර්ගය බදුර්දීන්ට විල්පත්තුවේ වන විනාශය කර නැවත පදිංචි කිරීම් මුවාවෙන් ජනාවාස සාදා අරාබි ශෙයික්වරුන්ගෙන් මුදල් ගැරීමට භාවිතා කිරීම අරමුණ වූ අතර, බැසිල් රාජපක්ෂගේ උවහනාව වූයේ මනරම් පලුගහතුරේ, කුදිරමලේ සහ පුක්කුලම අතර වෙරළ තීරය අත්පත්කරගෙන සංචාරක හොටල් ඉදිකිරීමය. බදුර්දීන් විසින් මරිච්චිකඩ්ඩි හි පැවති පැරණි ධීවර ගම්මානය පෙන්වා යුද්ධයෙන් අවතැන්වූවන්
පහල මත්තල දී හක්ක පටස් කෑ තවත් වන අලියකු මරුට
ටික කලක සිට මත්තල ප්‍රදේශයේ (පහල මත්තල) සිටි හක්ක පටස් නිසා තුවාල ලැබූ අලි පැටවකු අද මියගොස් තිබේ.
ප්‍රදේශවාසීන් පවසන පරිදී ඔවුන්ට කිසිදු කරදරයක් නොකළ මෙම තුවාල ලැබූ අලි පැටවාට ප්‍රතිකාර කරන ලෙස වනජීවී නිලධාරීන්ට දැනුම් දුන් නමුත් ඔවුන් පැමිණ අලි වෙඩි දමා මෙම අලි පැටවා කැලය තුළට පන්නා දමා ආපසු ගොස් තිබේ.
අපගේ වටිනා අලි ඇතුන් මුහුණ පා සිටින මෙම ඛේදවාචකය නිම කිරීම සඳහා ගම්වාසීන්, වනජීවී නිලධාරීන්, දේශපාලකයින් ඇතුළු සියළු දෙනා සහයෝගයෙන් සහ යුහුසුළුව ක්‍රියා කිරීම අත්‍යාවශ්‍යය.
ප්‍රදේශවාසීන් දැනුම් දුන් වහාම මෙම පැටවාට නිසි ප්‍රතිකාර ලබාදුන්නා නම් ඇතැම්විට ඔහු ජීවත් කරවීමට හැකියාවක් තිබෙන්නට ඇත.
නමුත් උවමනාවත්, උද්යෝගයත්, කාර්යක්ෂමතාවයත් නිසි සම්පතුත් නැති වනජීවී දෙපාර්තමේන්තුව ඔවුන්ගේ එම ප්‍රශ්න විසඳා ගන්නාතාක් මෙම ඛේදවාචකය නිම කළ නොහැක!
#Protec
කාවන්තිස්ස මහ ඇතු සමඟ පිරිවර
කාවන්තිස්ස මහ ඇතු සමඟ ගැටදිවුල වනජීවී උමං මාර්ගය අසලින් පාර පනින වන අලි...
2024 ඔක්තෝබර් 07
අලි උමග හදන තැනින් පාර පනින අලි
එයාල වෙනුවෙන්ම හදන උමං මාර්ගය ඉදිකිරීමේ වැඩ බිම හරහා කිසිම කරදරයක් නොකර පාර පනින අලි...
A large elephant herd crossing the railway at the Getadiwula wildlife underpass construction site.
(2024 October)
ගැටදිවුල වනජීවී උමං මාර්ගය ඉදිකිරීම් කටයුතු සිදුවන භූමිය හරහා ඊයේ (12) උදෑසන 'සුමන' ඇතා ඇතුළු වන අලි 70ක පමණ රංචුවක් ගමන් කළ අයුරු.
#GetadiwulaUnderpass #WildlifeUnderpass #Galgamuwa #ProtectSriLanka
For their future.... for our future... Let's unite to #ProtectSriLanka
For their future.... for our future... Let's unite to #ProtectSriLanka
For their future.... for our future... Let's unite to #ProtectSriLanka
වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුවන ආකාරය
The Elephant Oasis Project - Getadiwula
හස්ති ක්ෂේම භූමිය - ගැටදිවුල