Travel with ChathuRa

Travel with ChathuRa ලංකාවේ සොදුරු තැන් සොයා .... A good traveler has no fixed plans, and is not intent on arriving. (Lao Tzu)
(1)

සංචාරකයා පිටුව ලංකාවේ ලස්සනම තැන් ගැන විස්තර ගෙනෙනවා වගේම වෙනත් රටවලත් ගොඩක් වටිනා තොරතුරු ගෙනාවා.අද කියන්න යන්නේ ස්විස්...
13/09/2017

සංචාරකයා පිටුව ලංකාවේ ලස්සනම තැන් ගැන විස්තර ගෙනෙනවා වගේම වෙනත් රටවලත් ගොඩක් වටිනා තොරතුරු ගෙනාවා.
අද කියන්න යන්නේ ස්විස්ටර්ලන්තයේ පිහිටලා තියෙන ලෝකයේ ලස්සනම ආපන ශාලාවක් වන Äscher Cliff ගැන.
මුහුදුමට්ටමේ සිට මීටර් 2500 වඩා උසක සීග්‍ර බෑවුමක මෙය පිහිටලා තියෙනවා. හාත්පසම දක්නට ලැබෙන්නේ හිමෙන් වැසුණු කඳු පන්ති ගොඩක් කඳු පන්ති ප්‍රසිද්ද ඇල්ප්ස් කඳු වලට අයිති ඒවා.
ගොඩක් අය මේ පින්තුරනම් දැකලා ඇති එත් මේ මොන රටකද කියලා නොදන්නවා ඇති.

ඇල්ල සංචාරය කරන්න යනවනම් කලින්ම මාර්ග සිතියම බලලම ගියොත් ලෙහෙසියි නේද? ඇල්ල දුම්රියපල අසල සවිකර ඇති සිතියම මෙන්න....
24/08/2017

ඇල්ල සංචාරය කරන්න යනවනම් කලින්ම මාර්ග සිතියම බලලම ගියොත් ලෙහෙසියි නේද? ඇල්ල දුම්රියපල අසල සවිකර ඇති සිතියම මෙන්න....

වර්ණගල දිය ඇල්ල තියෙන්නේ කුරුවිට එරත්න හරහා ස්රිපාදස්තානයට යන පාරේ උස මීටර් 40 විතර කියලා තමයි සදහන් වෙන්නේ. ඔන්න මේ vid...
01/02/2017

වර්ණගල දිය ඇල්ල තියෙන්නේ කුරුවිට එරත්න හරහා ස්රිපාදස්තානයට යන පාරේ උස මීටර් 40 විතර කියලා තමයි සදහන් වෙන්නේ. ඔන්න මේ video එකේ තියෙන්නේ අපි වර්ණගල ඇල්ලේ මැද ඉදන් වතුරට පැනපු හැටි.අපේ ඉස්සර video එකේ වගේම ( බුදුමාලෝක ඇල්ල ).

https://www.youtube.com/watch?v=ABB3BkSU-bg

Amazing Water Fall in Kuruwita - Erathna - Sripadaya Route . So This is the First Time to attend Jump from middle of water fall into waterfall deep pond.

01/01/2017

ලංකාවේ දක්නට ලැබෙන සුන්දරම වගේම උඩ ඉදන් වතුරට පනින්න කියාපු තැනක් තමයි බුදුමාලෝක ඇල්ල කියන්නේ. තියෙන්නේ නූරි වල දැරණියගල ඉදන් 15 km විතර දුරින්. ශ්‍රීපාද රක්...

12/12/2016
නාරංගල --------------------------------------------------නාරංගල කඳු වැටිය පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රීක්කයේ කන්දෙගෙ...
26/10/2016

නාරංගල
--------------------------------------------------
නාරංගල කඳු වැටිය පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රීක්කයේ කන්දෙගෙදර ගම්මානය අසල. විශාල අලංකාරවත් තෘණ භූමියක් කන්ද උඩ පිහිටලා තියෙන නිසා තමයි මේ කඳු පන්තියට අමුතුම අලංකාරයක් ගෙන දී තිබෙන්නේ .
ඔබට යුරෝපයේ ඇල්ප්ස් කඳු වල වගේ ශිඛර, තණබිම් මැදින් වැටි ඇති මගක සුන්දරත්වය ලංකාවේදීම විද ගැනීමට අවශ්‍යනම් ඔබට ඔබිනම ස්ථානය නාරංගල කඳු වටියි.
නාරන්ගලට ලඟා වීමට මාර්ග කිහිපයක් ඇත ඉන් ප්‍රධාන වන්නේ හාලිඇල නගරයෙන් කැටවල - කන්දෙගෙදර මාර්ගයයි. නමුත් ඔබට මීගහකිවුල නගරයෙන්ද කන්දෙගෙදරට ලගාවිය හැක. බදුල්ල - කන්දෙගෙදර බස් රථයෙන් ඔබට ලෙහෙසියෙන්න මෙම ස්ථානයට ලගාවිය හැකි අතර එතැන් සිට සුළු දුරක් පයින් ගමන් කර කඳු මුදුනට ලගා විය හැක.

කබරගල -------------------------------------------------------දොළොස්බාගේ කඳු වැටිය පිහිටලා තියෙන්නේ සබරගමුව(කෑගල්ල) පලාතට...
20/10/2016

කබරගල
-------------------------------------------------------
දොළොස්බාගේ කඳු වැටිය පිහිටලා තියෙන්නේ සබරගමුව(කෑගල්ල) පලාතටත් මධ්‍යම පළාතටත් මායිම්ව දොළොස්බාගේ සහ නාවලපිටිය නගර වලට සමීපව.
ඉතා සුන්දර වටපිටාවක් වගේම දල බෑවුමක් සහිත කඳු වලින් වට වූ මෙම කඳු වැටියේ උසම කඳු මුදුන වන්නේ කබරගලයි එය මුහුදු මට්ටමේ සිට මීටර් 1504 පමණ උස වන අතර ,
කන්දේ විශාල ප්‍රමාණයක් වැසි පවතින්නේ මානං සහ ඉලුක් වලින් වන අතර මධ්‍යම කඳුකරයට විනාශය ගෙනදෙන වගේම ජල උල්පත් වලට මරු කැඳවන ෆයිනස් වගාව මේ කඳු කලාපය පුරාම දැක ගන්න පුළුවන්.

කබරගල කඳු තරණයට එකතු වෙන්න ඒ වගේම ක්‍රියාදාම චාරිකාවකට කැමති අය අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.

පෙරට්ටාසි (රාවනා )(පිදුරුතාලගල) | Chariot Path of Ravana---------------------------------------------------------පෙරට්ටා...
07/10/2016

පෙරට්ටාසි (රාවනා )(පිදුරුතාලගල) | Chariot Path of Ravana
---------------------------------------------------------
පෙරට්ටාසි කියන්නේ රම්බොට ඉහලින් තියෙන ලස්සන වතු යායක් ඉංග්‍රීසි බසින්නම් කියන්නේ මෙම ස්ථානයට Chariot Path of Ravana කියලා ඒ කියන්නේ රාවණාගේ මංගල රථය ගමන් කල මාර්ගය, මංගල රථය මොකටද ඉතින් මේ කඳු මුදුනේ ගියේ ?
එකට හේතුව තමයි සීතාට රාවණාගේ රාජදානියේ සුන්දරත්වය පෙන්නන්න කතාවනම් ඕකයි.
කොහොම උනත් පිදුරුතාලගල කඳු වැටියේ පසෙක පිහිටලා තියෙන මේ Chariot Path of Ravana ස්ථානයට ලගාවෙන්නනම් නුවර - නුවරඑළිය මාර්ගයේ රම්බොඩ දුර්ගයට මදක් ඉහලින් ඇති Blue Filed වතුයාය මැදින් දිවෙන පෙරට්ටාසි මාර්ගයේ(දිනකට කිහිප වරක් පමණක් බසක් ගමන් කරයි) ගොස් හෝ නුවර -ගලහ -ගම්පොල මර්හයේ පැමිණ මූල්ඔය වතුයාය මාර්ගය භාවිතා කල යුතුය.
රම්බොඩ දෙසින් ඔබ කන්ද තරණය කරන විට ලංකාවේ උසම කදුමුදුන වන පිදුරුතලාගල මෙන්ම ශ්‍රී පාදස්ථානය ,කිකිලියාමන (one tree hill),ග්‍රේඩ් වෙස්ටර්න් , Peacok Hill , දොළොස්බාගේ සහ කබරගල කඳුවැටිද හොදින් දර්ශනය වේ මිට අමතරව කොත්මලේ ජලාශයද හොදින් දර්ශනය වේ.
කඳු මුදුන දිගේ විශාල පතන භූමියක් දක්නට ඇති අතර එහි මැද සිතාගෙ කඳුළු පොකුණ දක්නට ඇත (Sitha's tear pond).
මෙම ස්ථානය කඳවුරු බැදීමට උචිත ස්ථානයක් උවද වනසතුන්ගෙන් ප්‍රවේශම් වීමට හා කැලෑව තුල හැකිතාක් ගිනිදැල්වීමෙන් වලකීසිට් නම් හොදය .

අලගල්ල කන්ද | Potato mountain range____________________________________අලගල්ල කඳු පන්තිය පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍...
05/10/2016

අලගල්ල කන්ද | Potato mountain range
____________________________________

අලගල්ල කඳු පන්තිය පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේ ලංකාවේ කඳු නගින ඕනෑම කෙනෙක් වගේ දන්නා කඳු පන්තියක් තමයි අලගල්ල කියන්නේ.
මුහුදු මට්ටමේ ඉදන් 1,140 m විතර උසකින් තමයි අලගල්ල පිහිටලා තියෙන්නේ තරණය කිරීමේදී අවසාන කොටසේදී තරමක් අපහසු කොටසක් තිබුනද , තරණයට ඉතා අපහසු කන්දක් නොවේ. කන්ද තරණයට පහසුම මාර්ගය ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිටය. කොළබ සිට මහනුවර,බදුල්ල දක්වා ගමන් ගන්නා ඕනෑම දුම්රියක් ඉහල කෝට්ටේ නතර කරයි(නගරාන්තර සිග්‍රගාමි දුම්රිය හැර ).
එතැන් සිට දුම්රිය මගට ඉහලින් ඇති අඩි පාර දිගේ ගොස් පොත්තපිටිය ඉහලකොට්ටේ ජිප්රථ මාර්ගය ඔස්සේ ගොස් ලගා විය හැක. නැතහොත් ඔබගේම වාහනයක රඹුක්කන- හතරලියද්ද මාර්ගයේ පැමිණ පොත්ත්පිටිය මාර්ගයට හෝ ගලගෙදර- හතරලියද්ද මාර්ගයේ පැමිණ පොත්තපිටියට හෝ පිළිමතලාව- පොත්තපිටිය මාර්ගයේ පැමිණ පොත්තපිටියට ලගා විය හැක. ඉන් පසු පොත්තපිටිය තේ කර්මාන්තශාලාව අසල මාර්ගයේ ගමන් කර අලගල්ල පිවිසුම් මාර්ගයට පිවිසිය හැක.
කඳු මුදුනට මහනුවර කදු පන්ති මෙන්ම බතලේගල (Bible Rock) , සරදියෙල් ගල , නෙල්ලිගල, ද මාවනැල්ල හා රඹුක්කන නගර හොදින් දැකගත හැක.
අලගල්ල කඳු වැටියේ අනෙක් පස පිහිටා ඇති චෛත්‍ය වෙත පිවිසිමටනම් ගංගොඩ දුම්රිය ස්ථානයේ සිට පිවිසිය යුතුය එසේ නැතහොත් ඉහත සදහන් කල අලගල්ල ඉහලම සිට මද දුරක් කන්ද මුදුනේ ගමන් කර කඳු නැගීමට භාවිතා කරන කබයක්(rope) බාවිතා කර පහලට බැසිය යුතුය..
-------------------------------------------------------------
https://www.facebook.com/travelwithchathura.wayfarer/
https://www.chathura.ueuo.com
-------------------------------------------------------------

හොදින් වැඩුන එක ගසක් දවසකට මිනිසුන් 4 දෙනෙකුට තරම් සරිලන ඔක්සිජන් පරිමාවක් පරිසරයට මුදා හරිනවා ,නිකමටවත් හිතුවද අපි ජිවත...
02/08/2016

හොදින් වැඩුන එක ගසක් දවසකට මිනිසුන් 4 දෙනෙකුට තරම් සරිලන ඔක්සිජන් පරිමාවක් පරිසරයට මුදා හරිනවා ,
නිකමටවත් හිතුවද අපි ජිවත් වෙන්නේ එයාලා නිසා කියලා , එයා තනියම කරන දෙයට අපි පොඩි උදව්වක්වත් දුන්නද? වතුර ටිකක් දාලා
හිතන්න කළගුණ සලකන්න තවත් බලන් ඉන්න එපා
අනාගත පරපුර වෙනුවෙන් ගසක් සිටවමු ,
මේ සුන්දර ගහකොළ පණමෙන් සුරකිමු.

17/12/2015
මේ අලුත්ම විදිහේ මංගල චායාරූපකරණය කරලා තියෙන්නේ Jay Philbrick කියන Photographer. මේ ස්ථානය පිහිටලා තියෙන්නේ ඇමෙරිකාවේ  N...
17/12/2015

මේ අලුත්ම විදිහේ මංගල චායාරූපකරණය කරලා තියෙන්නේ Jay Philbrick කියන Photographer. මේ ස්ථානය පිහිටලා තියෙන්නේ ඇමෙරිකාවේ New Hampshire ප්‍රදේශයේ තියෙන " Echo Lake State Park " එකේ පොලවේ ඉදන් අඩි 350 ඉහල ඉදන්, ආරක්ෂක ක්‍රම යොදාගෙන ඔය ස්ථානයට ගියාට එතැනදී මනමාලිය මංගල අඩුම ඇදගෙන photo shoot එකට ඉදලන්ම් තියෙන්නේ ආරක්ෂක ක්‍රම අයින් කරලා.නැත්තම් shoot එකට ඒවත් වැටෙනවනේ. ලංකාවේ කෙල්ලෙක්ටනම් ඉතින් පොඩ්ඩක් කලන්තේ හැදෙයි.කොහොම උනත් වෙනස් ලස්සනන් දෙයක්.

Trolltunga in Hordaland, Norway-------------------------------------------------------------------------------මේ ලස්සන ප...
01/12/2015

Trolltunga in Hordaland, Norway
-------------------------------------------------------------------------------
මේ ලස්සන පිහිටීම තියෙන්නේ නොර්වේ වල නොර්වේ කිවම කාටත් මතක් වෙන්නේ "විල්" මොකද ලෝකයේ විල් වැඩියෙම්ම තියෙන රවල් වලින් එකක් තමයි නොර්වේ කියන්නේ.ඒ වගේම ලෝකයේ සාමකාමීම රටවලින් එකක්.දන්නා අයටනම් නොර්වේ වල සංචාරක ස්ථාන ගැන කියනකොටම මතකෙට එන්නේ මේ "Trolltunga" කියන ස්ථානය, මේ අසලම මේ වගේ පිහිටීම් කිහිපයක්ම දැකගන්න පුළුවන්. උස 700 m විතර වෙනවා අඩි වලින්නම් 2300 විතර පහලින් Ringedalsvatnet කියන විල පිහිටලා තිබෙනවා. ඉදිරියට නෙරා ගිය පාශානය විලට ඉහලින් තිබීම නිසා ඉතා අලංකාර දර්ශනයක් වගේම ත්‍රාසජනක ක්‍රියා වලට කදිම ස්ථානයකි.
________________________________________________
Trolltunga (Troll's tongue) is a piece of rock jutting horizontally out of a mountain about 700 metres (2,300 ft) above the north side of the lake Ringedalsvatnet[1] in the municipality of Odda in Hordaland county, Norway. The cliff is located east of the Skjeggedal area, about 10 kilometres (6.2 mi) east of the village of Tyssedal and the Sørfjorden (a branch off of the main Hardanger Fjord). The name translated to English is The Troll's tongue.

නන්පේරියල් හා නන්රැක්බලංගොඩ-බණ්ඩාරවෙල මාර්ගයේ කි.මි. 15 ක් පඹහින්න දෙසට ගමන් කිරීමෙන් පසුව නන්පේරියල් වතුයායට හැරෙන නන්ප...
10/11/2015

නන්පේරියල් හා නන්රැක්

බලංගොඩ-බණ්ඩාරවෙල මාර්ගයේ කි.මි. 15 ක් පඹහින්න දෙසට ගමන් කිරීමෙන් පසුව නන්පේරියල් වතුයායට හැරෙන නන්පෙරියල් හන්දියෙන් වමට හැරි කුඩා පටුමාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් නන්පේරියල් හා හෝර්ටන් තැන්නේ පහල කොටසේ පරිසර සුන්දරත්වය විදගතහැකිය. හිරිකටුඔය නදිය නිම්නය ඔස්සේ ඉහලට ගමන් කරන විට සුන්දර කදු වැටියෙන් ගලා හැපෙන කුඩා දියඇල්ල දැකබලාගත හැකිය. ඒ අතර අගල් ඇල්ල දැකපලාගත හැකිය. නන්පේරියල් තේ කම්හල පසු කරමින් ඉතා දුෂ්කර මාර්ගය ඔස්සේ ඉහලට ගමන් කිරීමේදී ඉතාමත් සුක්ෂම මාර්ග ඉදිකිරීමත් දැකබලාගත හැකිය එය බේකස් බෙන්ට් නිලය නම්කර ඇති වංගුව පඹහින්න ප්‍රදේශයේ ඈත සිට දැක බලාගත හැකිය ඉතා සුන්දර නැරඹුම් ස්ථානයකි. එම වංගුව පසුකර එයින් තවත් ඉහලට ගමන් කළවිට මුහදු මට්මමේ සිට අඩි 9100 ක් පමණ ඉහලින් පිහිටි නන්පෙරියල් නිවාඩු නිකේතනය සුන්දර පරිසරය පද්ධතිය නැරඹිමට හැකියාව ඇත. එම ස්ථානයට වාහනයක් ගමන් කළහැකි අතර තවත් කි.මි.2 ක් පයින් ගමන් කිරීමෙන් හෝර්ටන් තැන්න පිහිටි ලොකාන්තය වෙත ගමන් කළ හැක.

Son Doong ගුහාව | Son Doong Cave¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯Son Doong ගුහාව පිහිටා තියෙන්නේ වියට්නාමය...
05/10/2015

Son Doong ගුහාව | Son Doong Cave
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
Son Doong ගුහාව පිහිටා තියෙන්නේ වියට්නාමයේ සෝන් ට්‍රැච් ප්‍රදේශයේ.ඒ වගේම මම ගුහාව ලෝකයේ විශාලම ගුහාව ලෙසද සැලකෙනවා.මෙහි පළල 200m වැඩි වන අතර උස 150m සහ දිග 9km වෙනවා.2009 වසරේදී බ්‍රිතාන්ය ජාතික Howard Limbert විසින් ගවේෂණය කිරීමෙන් පසු මේ සදහා මහත් ප්‍රසිද්ධියක් ලැබිණි. ඒ වගේම BCRA (British Cave Research Association) මගින් ලොව මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම ගුහා සංකිර්ණය ලෙස මෙය නම් කර ඇත
________________________________________________
Son Doong cave(Vietnamese: Hang Son Doong) is world's largest cave, located in Son Trach, Bo Trach District, Quang Binh province, Vietnam. It is found by a local man named Ho Khanh in 1991 and was recently discovered in 2009 by British cavers, led by Howard Limbert. The name "Son Doong" cave means "mountain river cave", It was created 2-5 million years ago by river water eroding away the limestone underneath the mountain Where the limestone was weak, the ceiling collapsed creating huge skylights. Son Doong cave is more than 200 meters wide, 150 meters high, and approx 9 kilometers long, with caverns big enough to fit an entire city street inside them, twice as large as Deer Cave in Malaysia (currently considered the world's largest with 90 meters wide, 100 meters high and 2 kilometers long). Son Doong cave was classified as the largest cave in the world by BCRA (British Cave Research Association) and selected as one of the most beautiful in the globe by the BBC news.

ආදරයේ උමග  | Tunnel of Love (railway) ආදරය වෙනුවෙන් එක එක දේවල් තියෙන ලෝකේ  ආදරය වෙනුවෙන් උමගකුත් තියෙනවා.උමගක් කීවට ගල්...
02/10/2015

ආදරයේ උමග | Tunnel of Love (railway)
ආදරය වෙනුවෙන් එක එක දේවල් තියෙන ලෝකේ ආදරය වෙනුවෙන් උමගකුත් තියෙනවා.උමගක් කීවට ගල්කිස්සේ වගේ හැංගිලා ආදරේ කරන තැනක් නම් නෙවෙයි.දුම්රිය මාර්ගයක් මේ ලස්සන පිහිටීම තියෙන්නේ යුක්‍රේනයේ,ක්ලේවාන් ප්‍රදේශයේ.දුම්රිය මග දෙපස අලංකාරවත් ගස් දුම්රිය මග දෙසට නැමී උමගක් ලෙස සකසිමෙනුයි මේ පිහිටීම සැකසී ඇත්තේ.
__________________________________________________

The Tunnel of Love is an amusement railway located near Klevan, Ukraine. It is a railway surrounded by green arches and is three kilometers in length. It is known for being a favorite place for couples to take walks.

Mount Roraima in Venezuela, Brazil, and Guyana____________________________________________________වෙනුසියුලාව,බ්‍රසීලය,ග...
08/09/2015

Mount Roraima in Venezuela, Brazil, and Guyana
____________________________________________________
වෙනුසියුලාව,බ්‍රසීලය,ගයනාවට මායිම් වෙලා තියෙන මේ ලස්සන ශේෂ කඳු ප්‍රදේශය Roraima. ලෝකයේ උසම දිය අල්ල වන එන්ජල් වගේම දිය අලි විශාල ප්‍රමාණයක් මෙහිදී දැක ගන්න පුළුවන්. විශේෂය තමයි සීග්‍ර බැවුම තියෙන ශේෂ කඳු ප්‍රදේශයකින් මේ විදිහට විශාල දිය ඇලි ප්‍රමාණයක් දැක ගන්න ලැබීම. හරියට අපේ බතලේගල වගේ (හෙම්මාතගම) හැබැයි බතලේගල දිය ඇලි දකින්න ලැබෙන්නේ නැ.
____________________________________________________
Mount Roraima lies on the Guiana Shield in the southeastern corner of Venezuela's 30,000-square-kilometre (12,000 sq mi) Canaima National Park forming the highest peak of Guyana's Highland Range. The tabletop mountains of the park are considered some of the oldest geological formations on Earth, dating back to some two billion years ago in the Precambrian.
____________________________________________________
expand articles : www.roughguides.com/article/discovering-a-lost-world-on-mount-roraima/

http://www.ibtimes.co.uk/mount-roraima-tourists-endanger-ecosystem-venezuelas-flat-topped-lost-world-mountain-1486430

ලෝකේ ලස්සනම තැන වලදී " Are you marry me" කියලා අහලා ජීවිතාන්තය දක්වා හිරේ ගිය අය.පව් නේද?
26/08/2015

ලෝකේ ලස්සනම තැන වලදී " Are you marry me" කියලා අහලා ජීවිතාන්තය දක්වා හිරේ ගිය අය.පව් නේද?

Colourful rock formations in the Zhangye Danxia Landform Geological Park - Chinaපාට පාට 'ගල්' ගල් කීවට බොන ඒවා නෙවෙයි පා...
23/08/2015

Colourful rock formations in the Zhangye Danxia Landform Geological Park - China

පාට පාට 'ගල්' ගල් කීවට බොන ඒවා නෙවෙයි පාට පාට කඳු මේ පිහිටීම තියෙන්නේ චීනයේ Zhangye Danxia Landform භූ විද්‍යා උද්‍යානයේ.
____________________________________________________

Two tiny figures walk on a boardwalk among colourful rock formations at the Zhangye Danxia Landform Geological Park in Gansu Province, China. The unusual colours of the rocks are the result of red sandstone and mineral deposits being laid down over 24 million years.

ලෝකාන්තයේ ඉදන් ඔන්චිලි පදින්න කැමතිද එහෙනම් ඉතින් ලතින් ඇමෙරිකා මහදීපයේ තියෙන Baños වලට යන්න ඕන. Baños තියෙන්නේ ඉක්වදෝරය...
16/08/2015

ලෝකාන්තයේ ඉදන් ඔන්චිලි පදින්න කැමතිද එහෙනම් ඉතින් ලතින් ඇමෙරිකා මහදීපයේ තියෙන Baños වලට යන්න ඕන. Baños තියෙන්නේ ඉක්වදෝරයේ. ඉක්වදෝරය තියෙන්නේ දකුණු ඇමෙරිකා මහදීපයේ, උතුරින් කොලොම්බියාව දකුණෙන් ආජන්ටිනාව.ලස්සන රටක් විශේෂය තමයි ඔන්චිල්ලාව තියෙන්නේ මුහුදු මට්ටමේ ඉදන් මීටර 2400 ඉහලින් ඒ වගේම එතනට ඉදිරියෙන් සක්‍රිය ගිනිකන්දක් දැකගන්න ලැබෙනවා.
____________________________________________________

Deep in the Ecuadorian wilderness is a seismic monitoring station known as Casa del Arbol or "The Treehouse" because it is simply a small house built in a tree used for observing Mt. Tungurahua, the active volcano in the near distance.

කඩදොර විහාරය කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යටවී ගිය විහාරයක් වේ. ජලාශය සිඳී යන අවස්ථාවන්හීදී විහාරයේ බුදු පිළිමය, මල් ආසන...
05/08/2015

කඩදොර විහාරය කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යටවී ගිය විහාරයක් වේ. ජලාශය සිඳී යන අවස්ථාවන්හීදී විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළුවන ස්ථානයේ මකර තොරණේ් නටඹුන් කිහිපයක් දැකගත හැකිවේ.

වර්ෂාව අධික සමයේදී කොත්මලා ඔයේ ජල කඳ පිටාර යාම නිසා, කඩදොර හා ඒ ආශ්‍රිත ප්‍රදේශය අතීතයේදී ගංවතුරෙන් යටවූ බව පැවසෙයි. මෙම ගංවතුර හටගැනීම වලක්වා ගැනීමේ පිළියමක් ලෙස 1950 සමයේ සිට මෙම ප්‍රදේශයේ වේල්ලක් තැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබූ අතර, 1970 වසරේ පෙබරවාරි 28 වන දින ඇරඹි මහවැලි සංවර්ධන වැඩසටහනේ කඩිනම් වැඩපිළිවෙල යටතේ 1979 වසරේදී මෙම ප්‍රදේශයේ කොත්මලේ ජලාශයේ වැඩකටයුතු ආරම්භ කර 1985 වසරේදී විවෘත කරන ලදී.කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී කඩදොර කන්ද හා තිස්පනේ කන්ද පාමුල තිබූ ගම් පනස් හතක් සහ පන්සල් පනස් හතරක් ඊට යටව ගිය බව සඳහන් වෙයි.

කඩදොර විහාරය හැරුණු කොට, ඕතලාව පන්සල, පුසුල් පිටිය රජ මහා විහාරය, තිස්පනේ චෛත්‍යය (මැද්දේගම පන්සල) යනාදී විහාරයන්ද කොත්මලේ ජලාශයට යටවී තිබේ.

කොත්මලේ ජලාශය නිසා යටවී ගිය පූජා ස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන්, 1983 මාර්තු 20 දිනදී මහවැලි මහා සෑය ඉදිකිරීම ගාමිණී දිසානායක මහතා විසින් අරඹන ලදී.

source : https://si.wikipedia.org
Photo Credits : Dinesh Deckker | www.dineshdeckker.com

Sea of Stars on Vaadhoo Island in the MaldivesVaadhoo island is famous for the 'sea of stars.' This marine bioluminescen...
22/07/2015

Sea of Stars on Vaadhoo Island in the Maldives

Vaadhoo island is famous for the 'sea of stars.' This marine bioluminescence is generated by phytoplankton known as dinoflagellates. Woodland Hastings of Harvard University has for the first time identified a special channel in the dinoflagellate cell membrane that responds to electrical signals—offering a potential mechanism for how the algae create their unique illumination.

https://www.tumblr.com/tagged/vaadhoo-island

Address

Rambukkana
71106

Alerts

Be the first to know and let us send you an email when Travel with ChathuRa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Rambukkana travel agencies

Show All