Travel Sri

Travel Sri Travel Lovers�
(1)

🍃🌿🐾️🍀
26/06/2021

🍃🌿🐾️🍀

30/05/2021
👉 #ඩෝසන්_කුළුණ👣🍃😍CAPTAIN DAWSON TOWERකොළඹ මහනුවර මාර්ගයේ මහනුවරට ගමන් කරන ඕනෑම කෙනෙකුට පහල කඩුගන්නාව පසුකර ඉහලට ගමන්කර ක...
10/05/2021

👉 #ඩෝසන්_කුළුණ👣🍃😍
CAPTAIN DAWSON TOWER

කොළඹ මහනුවර මාර්ගයේ මහනුවරට ගමන් කරන ඕනෑම කෙනෙකුට පහල කඩුගන්නාව පසුකර ඉහලට ගමන්කර කඩුගන්නාව නගරයට ඇතුල් වීමට පෙර මාර්ගයේ දකුණු පසින් ප්‍රදීපාගාරයක් වැනි සුදු පැහැති උස් කුළුණක් දැකගත හැකියි…
කොලඹ – මහනුවර ගමන් මාර්ගයේ ඉහළම ස්ථානය මෙයයි.මෙම කොළඹ – මහනුවර මාර්ගය ඉදිකරන ලද කැප්ටන් ඩෝසන් සැමරීම සඳහා ඉදි කරන ලද මෙම කුළුණ ඩෝසන් කුළුණ වේ.

ආන්ඩුකාර එඩ්වඩ් බාන්ස් මහනුවරට නව මාර්ගයක් ඉදිකළා. එය පැරණි මාර්ගය කැළණි නිම්නය ඔස්සේ රුවන්වැල්ල හරහා මා ඔය නිම්නය දක්වා, ගම්පොළ සිට මහනුවර බලාත් ඉහළට ගියේය.

1818 උඩරට කැරැල්ලට පසු, උඩරට රාජධානිය (පැරණි සිංහල රාජධානිය) දැඩි ලෙස පාලනය කිරීමට ආණ්ඩුකාරවරයාට වුවමනා විය. ඒ සඳහා මහනුවරට හමුදාව සහ රජයේ නිලධාරීන් ඉතා ඉක්මනින් හා වඩාත් සෘජු මාර්ගයක ගෙන යාමට වහාම කටයුතු සංවිධානය කරන ලදී.

මේ සදහා ආණ්ඩුකාර බාර්න්ස් විසින් රාජකීය ඉංජිනේරු කපිතාන් විලියම් ෆ්රැන්සිස් ඩෝසන් මෙම කාර්යය ඉටු කිරීම සඳහා පත් කරන ලදී. කපිතාන් ඩෝසන් විසින් භූමිය පරීක්ෂා කළ අතර, මාර්ගයේ සලකුණු කිරීම හා මාර්ගයේ ගොඩනැගිල්ල සැලසුම් කිරීම ආදියද සිදු කරන ලදී

1820 දී වැඩ ආරම්භ කරන ලද අතර ඔහුගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී. උණුසුම් හා තෙතමනය සහිත දේශගුණික තත්වයක් තුළ වැඩ කිරීම හා කාලගුණික වෙනස්වීම්වලට නිරන්තරයෙන් සිදු වූ වෙනස්කම් වලට නිරාවරණය වීම සහ කැළඹිලි සහිත භූමිභාගයන් වෙත නිරාවරණය වීම, ආදී විවිධ බාධක මැද ඉදි වෙමින් පැවතිණි.1829 මාර්තු 29 වන දින මහනුවරට යන මාර්ගය තවමත් සම්පූර්ණ නැත . නමුත් මාර්ග ඉංජිනේරු කපිතාන් ඩෝසන් සර්පයකු දශ්ඨ කිරීමෙන් මිය ගොස් කොළඹ ගෙනගොස් තිබිණි.

කපිතාන් ඩෝසන් ජනප්‍රිය මෙන්ම ගෞරවනීය පුද්ගලයෙක් විය. ඔහුගේ අතිවිශාල සේවය සැමරීමට කුළුණක් ඉදිකිරීමට ඔහුගේ මිතුරන් සහ හිතවතුන් තීරණය කර ඇති අතර ඔවුන් ඒ සදහා කඩුගන්නාව කදු මුදුනේ ස්ථානයක් තෝරා ගෙන 1832 දී මෙය ඉදි කර ඇත.

කඩුගන්නාව හරහා ඔබ ගමන් කරන විට කොළඹ – මහනුවර මාර්ගය ඉදි කරන ලද කැප්ටන් ඩෝසන් කුළුණ බලන්න අමතක කරන්න එපා… ඒ වගේම මේ තැන අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරන්න අමතක කරන්න එපා..

👉ලෝකයේ දිගම ඇවිද යා හැකි මග 😍🌺🌱 🍀කේප් ටවුන් (දකුණු අප්‍රිකාව) සිට මගදන් (රුසියාව) දක්වා වේ. ගුවන් යානා හෝ බෝට්ටු අවශ්‍ය ...
10/05/2021

👉ලෝකයේ දිගම ඇවිද යා හැකි මග 😍🌺🌱 🍀

කේප් ටවුන් (දකුණු අප්‍රිකාව) සිට මගදන් (රුසියාව) දක්වා වේ.
ගුවන් යානා හෝ බෝට්ටු අවශ්‍ය නැත, පාලම් තිබේ.

එය කිලෝමීටර් 22,387 ක් වන අතර එය ගමන් කිරීමට පැය 4,492 ක් ගතවේ.
එය නැවැත්වීමකින් තොරව ගියහොත් දින 187 කදී යා හැකිය.

මෙම මාර්ගය ඔස්සේ ඔබ රටවල් 17 ක්, කාල කලාප හයක් සහ වසරේ සියලුම සෘතු හරහා ගමන් කරයි.

Copied

 #යාපහුව👣🍃🌸😍🇱🇰👉අපේ වැඩි දෙනෙක් පැරණි නටබුන් නැරඹීමට අනුරාධපුර, පොළොන්නරු යාමට කැමැතියි. ඒත් කොළඹට එතරම්ම දුර නොවන යාපහුව...
30/04/2021

#යාපහුව👣🍃🌸😍🇱🇰
👉අපේ වැඩි දෙනෙක් පැරණි නටබුන් නැරඹීමට අනුරාධපුර, පොළොන්නරු යාමට කැමැතියි. ඒත් කොළඹට එතරම්ම දුර නොවන යාපහුවට ගියොත් ඉපැරණි රාජධානියක කදිම නටබුන් දැකබලා ගැනීමට පුළුවන්. ඒ වගේම එක්දිනකින් මේ චාරිකාව නිම කරන්නත් පුළුවන්. බොහෝ දෙනෙක් මේ පිළිබඳව නොදැනුවත් නිසා, යාපහුව ගැන මෙවන් ලිපියක් ඔබ වෙත ගෙන ආ යුතුයැ යි අප සිතුවා.

👉යාපහුව පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබෙන වැදගත්ම පුරාවිද්‍යාත්මක ස්ථානය යි.

යාපහුව පර්වතය
👉👣යන්නේ කොහොම ද?
කුරුණෑගල සිට ඇල්ල හරහා අනුරාධපුර පාරේ ගිහින් දළදාගම හන්දියෙන් හැරී කි. මී. 2ක් ගිය විට ළඟා වන්නේ මහව නගරයට යි. මහව සිට ගල්ටැම්වැව පාරේ තවත් කි. මී. 5ක් ගමන් කළ විට යාපහුව පර්වතය පාමුලට පැමිණිය හැකියි.

👉ඉතිහාසය
අනුරාධපුරයෙන් පොළොන්නරුවටත්, එතැනින් දඹදෙනියටත් මාරු වූ අගනුවර ඊට පසු පිහිටවූයේ යාපහුවෙයි. මේ පර්වතය මුලින්ම රටේ අගනුවර බවට පත්කර ගත්තේ පළමුවැනි බුවනෙකබාහු (1272-1284) රජු යි. මුලින්ම දඹදෙණියේ රජ වූ ඔහු වැඩි ආරක්ෂාව පතා යාපහුවට රාජධානිය අරන් යනවා. දළදා වහන්සේ අවුරුදු 11ක් යාපහුවේ වැඩ හිඳි බවත් වංශකතාවල සඳහන් වෙනවා. මේ රජුගෙන් පසුව ආර්යචක්‍රවර්ති නම් දකුණු ඉන්දීය ආක්‍රමණිකයා ලංකාව ආක්‍රමණය කරනවා. ඔහු යාපහුවට පැමිණ දළදා වහන්සේත් කොල්ලකාගෙන පඬි රටට අරන් යනවා. මේ අලංකාර රාජධානිය ඉන්පසු කැළෑවට යටවෙනවා.

👉යාපහුවේ කැටයමක්
හැබැයි යාපහුව ඊට පෙරත් පාලන මධ්‍යස්ථානයක් වශයෙන් පැවති බව මහාවංශයේ සඳහන් වෙනවා. පොළොන්නරුවට කාලිංග මාඝ ආක්‍රමණ එල්ල වූ කාලයේ (13 සියවස) සුභ සෙනෙවියා මෙහි ආරක්ෂිත බලකොටුවක් තනා ප්‍රාදේශීය පාලනයක් ගෙන ගිහින් තිබෙනවා.

👉ප්‍රාග් ඉතිහාසය
කැණීම්වලින් හමු වූ මධ්‍ය ශිලා යුග ගල් මෙවලම් ( සේයාරුව: මධ්‍යම සංස්කෘතික අරමුදල)
මෙම ප්‍රදේශයේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ඇදී යනවා. 2016 දී මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් යාපහුව පර්වතය පාමුල වනගත ගුහාවක කැණීම් කළා. එම කැණීම්වලින් හෙළිවූයේ මින් වසර 4000කට පෙර මධ්‍ය ශිලා යුග මානවයන් මෙහි ජීවත් වූ බව යි. ඔවුන් තිරිවානා සහ කහඳ ගල්වලින් කළ ආයුධ භාවිත කර තිබෙනවා.

යාපහුවට කි. මී. 1ක් නුදුරින් පිහිටි පිංවැව ගල්සොහොන් කනත්ත ක්‍රි. පූ. 900-600 දක්වා යුගයකට අයත් මහා ශිලා සුසාන භූමියක්. මෙම සුසාන භූමියත් යාපහුවට පැමිණි විට ඔබට නැරඹීමට පුළුවන්.

යාපහුව පර්වතය භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලාගේ පිංබිමක් බවටත් පත්වුණා. ක්‍රි. පූ. 2 සියවසට අයත් බ්‍රාහ්මී සෙල්ලිපි මේ පෙදෙසින් හමුවෙනවා.

වනගතව පැවති මේ රාජධානිය ගැන ඉංග්‍රීසි පාලන යුගයේ දී නැවත අවධානයට ලක්වුණා. 1840 දී මේජර් පෝබ්ස් මේ නටබුන් ගැන සඳහන් කරනවා. 1910-11 වර්ෂවල දී පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් යාපහුව ගැන පුර්ණ ගවේෂණයක් කරනවා.

👉යාපහුවේ නටබුන්
නටබුන් ඇතුළු නුවර, පිටි නුවර, විසිතුරු සෝපානය සහ පර්වතය මත වශයෙන් වර්ග කර දැක්වීම නැරඹීමට පහසුවක්. යාපහුවට යන ඔබ පිටදිය අගල සහ ප්‍රාකාරය පසුකර පිවිසෙන්නේ ඇතුළු නුවරට යි. මේ ප්‍රාකාරය දිගින් කිලෝ මීටරයක් පමණ වෙනවා. මෙය උසින් අඩි 12ක් ද, පළලින් අඩි 7ක් ද වෙනවා. ප්‍රාකාරය මත අශ්වයෙකුට වුණත් ගමන් කළ හැකියි. ඊට මෙපිටින් ඇත්තේ දියඅගල යි. අද එය ගොඩ වී තිබුණත් වැසි සමයට ජලය පිරෙනවා.

ඇතුළු නගර ප්‍රාකාරය සහ දියඅගල
පිට නගර ප්‍රාකාරයට අමතරව වැඩි ආරක්ෂාවට එයට සමාන්තරව තවත් කොටු පවුරක් ඉදිකර තිබෙනවා. ඒ ඇතුළු නගර ප්‍රකාරය යි. දෙපසින් පර්වතයට සම්බන්ධ වන එය දිගින් අඩි 1000ක්. එය පාමුලින් තවත් දියඅගලක් පිහිටා තිබෙනවා. මෙම ප්‍රාකාරයෙන් ඇතුළු වන්නේ රාජකීය ගොඩනැගිලි පිහිටි තැනිබිමට යි.

යාපහුව පර්වතයට පිවිසෙන පියගැටපෙළ පාමුල වර්තමාන විහාරයේ සංඝාවාස ගොඩනැගිල්ල අසල පිහිටා තිබෙන මෙය ගල්කණු සහිත ගොඩනැගිල්ලක්.

👉රජ මාලිගය
සභා ශාලාව අසලම පිහිටි ගොඩනැගිල්ලක් වන මෙය ආයත-චතුරස්‍රාකාර යි. බොරදමින් අලංකාර කළ ගඩොල් පාදමක් දැකගත හැකියි. මේ අසලම තවත් ගොඩනැගිලි දෙකක් ද පිහිටා තිබෙනවා.

👉රජමහා විහාරය
ලෙන් විහාරයේ සිතුවම් (Wikipedia.org)
මෙහි ලෙන් විහාරයක් ද, දාගැබ සහ බෝධි වෘක්ෂය ඇතුළු අංග ද දක්නට පුළුවන්. ලෙන් විහාරය තුළ උඩරට සම්ප්‍රදායේ ප්‍රතිමා සහ බිතුසිතුවම් තිබෙනවා. වෙස්සන්තර ජාතකය, සූවිසි විවරණය, සත්සතිය ආදී සිත්තම් මෙහි නිර්මාණය කර තිබෙනවා.

👉පිටි නුවර බෝධිඝරය
යාපහුව ගල්ටැම්වැව මාර්ගය සහ පර්වතය අතර මෙම තැනිතලා භූමි භාගය පිහිටා තිබෙනවා. මේ ප්‍රදේශය හඳුන්වන්නේ බංගලාපිටිය යනුවෙන්. මෙය පුරාණයේ රාජධානියට යාබදව පැවති විහාර සංකීර්ණයක් බව යි පේන්නේ. බෝධිඝරය මෙහි පිහිටි වැදගත්ම ස්මාරකය යි. පාදම සහ බිත්ති ද කළු ගලින්ම කළ මෙය වාස්තු විද්‍යාත්මකව වැදගත් ගොඩනැගිල්ලක්. මෙම ගොඩනැගිල්ල මැද බෝධිය රෝපණය කර තිබූ ස්ථානයත් දැකගත හැකියි. මෙහි දොරටුවට ඉහළින් ඇති අලංකාර ශෛලමය මකර තොරණෙහි බුද්ධ ප්‍රතිමාවක් නිරූපණය කර තිබෙනවා. මෙයට නුදුරින් සංරක්ෂණය කළ නටබුන් දාගැබක් පිහිටා තිබෙනවා. තවත් දාගැබ් ගොඩැල්ලක් ද ඊට එපිටින් තිබෙනවා. එයට ආසන්නව තටබුන් වූ පොහොය ගෙයක් ද දැකගත හැකියි. මෙම ස්ථානයේ සිට පර්වත බෑවුමට ගමන් කළ විට හමුවන්නේ ලෙන් සංකීර්ණයක්. කැණීම්විලින් ප්‍රාග් ඓතිහාසික සාධක ලැබුණේ එම ලෙන්වලින්.

👉පර්වතය තරණය කරමු
තැනිතලාවෙන් එක්වරම ඉහළ නගින යාපහුව පර්වතය සෘජු බෑවුමකින් යුක්ත යි. මෙයට පිවිසිය හැක්කේ දකුණු පසින් පමණක් නිසා එය ආරක්ෂාව අතින් ද වැදගත් වුණා. දකුණු පසින් පව්ව නැගීමට තැනූ පියගැට පෙළ විශිෂ්ට කැටයම් සහිතව කළ නිර්මාණයක්. විනාඩි 20කින් පමණ පර්වතය තරණය කිරීමට ඔබට පුළුවන්. පර්වතය මත දී නටබුන්වලට අමතරව වන්නිහත්පත්තුවේ වැව්, කෙත්වතු සහ වනාන්තර සහිත සොඳුරු දර්ශනයක් ද දැකගත හැකියි.

විසිතුරු පියගැට පෙළෙහි ආරම්භය
මෙය ස්වභාවික බාධක ජයගැනීමට පුරාණ ඉංජිනේරුවන් සතු හැකියාව පෙන්නුම් කරන උදාහරණයක්. පර්වතයේ ශීඝ්‍ර බෑවුම මග හරවාගෙන ඇත්තේ මළු කිහිපයක් වශයෙන් ඉදිකළ පියගැට පන්ති තුනකින්. පියගැට පන්තිවලට ආරක්ෂාව ලබා දී ඇත්තේ කළුගල් කුට්ටිවලින් තැනූ පනාබැමිවලින්. මෙහි තුන්වන පියගැට පන්තිය විසිතුරු අයුරින් සියුම් කැටයම්වලින් සරසා තිබෙනවා. එහි තැනක දක්නට ලැබෙන සායම්වලින් පේන්නේ එදා මෙය වර්ණ ගන්වා තිබූ බව යි.

විසිතුරු පියගැට පෙල
විසිතුරු සෝපානය ආරම්භ වන්නේ හිඳ සිටින වාමන රූපයකින්. ඊට ඉහළින් ඇති ගල්පුරුව වේගවත් රංගන විලාසයක් සහිත නාටිකංගනාවකගෙන් සරසා තිබෙනවා.

පියගැට පෙළේ ගල්කැටයමක්
එයට ඉහළින් කුහරයක් තුළ නිමාකර අැති කාන්තා රූපය ද ඉතා අගනා නිර්මාණයක්. ස්ත්‍රී ලාලිත්‍යය මනාව නිරූපණය කිරීමට කැටයම් ශිල්පියා සමත් වී තිබෙනවා. ඉන්පසු පියගැට දෙපස අත්වැල අසල ඇත්තේ යාපහුවේ ප්‍රකට සිංහ රූ දෙක යි. නිදහස් චතුරස්‍රය වටා ඇත්තේ ද මෙම සිංහ රූපවල අනුකරණයක්. පසුපස කකුල් නවාගෙන හිස මඳක් බිමට නැඹුරු කර ඉදිරිය බලා සිටින මෙම සිංහ මූර්ති ප්‍රතාපවත් අයුරින් කැටයම් කර තිබෙනවා.

👉සුප්‍රකට යාපව් සිංහය
සිංහ මූර්ති යුගලයෙන් පසු පියගැට පෙළෙහි දෙවන කොටස ඇරඹෙනවා. ගජසිංහ රූ සහිත කොරවක් ගල් දෙකකින් මෙම පියගැට පෙළ ඇරඹෙනවා. ඊට පසු වාමන රූ පෙළක් කැටයම් කර තිබෙනවා. පියගැට පෙළෙහි අවසාන කොටසෙහි හමුවන්නේ ද්වාර මණ්ඩපය යි. ගලින් නිමා කළ බිත්ති සහ කුළුණු සහිත මෙය අපූරු නිර්මාණයක්. තනිගලින් කළ එහි උළුවහුවල කැටයම් විශිෂ්ට යි. මෙහි කැටයම් දකුණු ඉන්දීය වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පළ කරනවා. ද්වාර මණ්ඩපයේ පාදමෙහි කැටයම් අතර නටන වයන ස්ත්‍රී පුරුෂ රූප සමූහයක් කැපී පෙනනෙවා.

ද්වාර මණ්ඩපයෙන් පසු හමුවන්නේ කඳුබෑවුමේ පිහිටි තැනිබිමක්. එය වෙන් වී තිබෙන්නේ ගඩොල් පදනමින් යුත් ගොඩනැගිල්ලකට යි. මෙය දැනට දළදා මැදුර වශයෙන් හඳුනාගෙන තිබෙනවා. දළදා මැදුර ලෙස හැඳින්වුව ද එයට නිශ්චිත සාධක නම් හමු වී නැහැ.

👉දළදා මාලිගය

පර්වතය මත දාගැබ සහ පොකුණ
මෙහි සිට පර්වතයට පිවිසීමට පැරණි පියගැට පේළි සකසා තිබෙනවා. වනය අතරින් සුන්දර වටපිටාවක් අතරින් එම මාර්ගය ඇදී යනවා. පර්වතය මත නටබුන් දාගැබක් දක්නට පුළුවන්. එය මහනුවර යුගයට අයත්. එය තනවා තිබෙන්නේ නෙත්තිපොලගම උන්නාන්සේ නම් භික්ෂුන් වහන්සේ නමක් බව යි පැවසෙන්නේ. කළුගලින් තැනූ බෝධිඝරයක් එයට නුදුරින් පිහිටා තිබෙනවා. බෝධි ප්‍රාකාරයට එපිටින් පර්වතය මත කැණීම් නොකළ ගොඩනැගිලි තිබෙනවා. ජනප්‍රවාද පවසන්නේ ඒ රජ මාලිගය බව යි. පර්වතය මත හාරා ඇති සිදුරුවලින් පෙනෙන්නේ එකල මෙහි දැව ගොඩනැගිලි රාශියක් තිබූ බව යි.

👉කෞතුකාගාරය
යාපහුව පුරාවිද්‍යා කටුගේ අපේ උරුමය සොයන්නන්ට වැදගත් ස්ථානයක්. යාපහුව කැණීම්වල දී මෙන්ම අවටින් හමු වූ පුරාවස්තු රාශියක් එහි දී නැරඹිය හැකියි. ඒ අතරින් විශේෂත්වය ගන්නේ විසිතුරු සෝපානයේ ද්වාර මණ්ඩපයෙන් ලැබුණු පසාරු කැටයම්වලින් යුත් ශෛලමය වා කවුළුව යි. පිංවැව ගල් සොහොන් කනත්තෙන් ලැබුණු අවශේෂ ද එහි ප්‍රදර්ශනය කරනවා.

මූලාශ්‍රයයන්:

යාපහුව පුරාණ රාජධානිය: කුසුම්සිරි විජයවර්ධන

අසිරිමත් යාපහුව: සෙනරත් දිසානායක

පුරාවිද්‍යා පාලන වාර්තා

වයඹ ලංකාවේ රාජධානි: ඇන්. ටී. කරුණාතිලක

Yapahuwa - W. B. Marcus Fernando

👉😍👣සීගිරිය කියන්නේ දෙස් විදෙස් ලාංකිකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වුන සංචාරක ගමනාන්තයක්. නමුත් සීගිරියට කිලෝමීටර් 2ක් තරම් නු...
24/04/2021

👉😍👣සීගිරිය කියන්නේ දෙස් විදෙස් ලාංකිකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වුන සංචාරක ගමනාන්තයක්. නමුත් සීගිරියට කිලෝමීටර් 2ක් තරම් නුදුරින් පිහිටි පිදුරංගල ගැන සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් යොමු වුනේ මේ මෑත කාලිනවයි. පිදුරංගල මුදුනේ සිට සීගිරි ගල පසුබිමෙන් පෙනෙන විදියට ලබාගත් ඡයාරූප Facebook හි විවිධ පුද්ගලයින් පළකිරීමත් සමඟ පිදුරංගල කෙරෙහි සංචාරක ආකර්ෂණය වැඩිවුනා කිව්වොත් හරියටම හරි.ඒත් මේ රැල්ල අවසානයේ නතර වුනේ තරුණ පිරිමි ළමුන් කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්වීමෙන්.

අපි ඇවිදින්න යන්න ආසයි, අපි විනෝද චාරිකාවක් යන්නේ විනෝද වෙන්න තමයි. හැබැයි අපි යන්නේ කොතනටද ගිහින් හැසිරෙන්න ඕනේ මොන විදියටද කියන එක අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතුයි කියන එකයි මගේ නම් අදහස. කොහොම වුනත් මම මේ ලිපිය ලියන්න හිතුවේ පිදුරංගල ඇති ඓතිහාසික පසුබිම ගැන සොයා බැලීමයි.ඇත්තටම පිදුරංගල ඇති ඓතිහාසික වටිනාකම මොනවගේද? අතීතයේ එක තැනක කියවෙන විදියට කාශ්‍යප රජතුමා සිගිරිය තමන්ගේ බලකොටුව බවට පත්කරගන්න කලින් එහි මහරහතන් වහන්සේලා වැඩසිට තිබෙනවා. සිගිරි කාශ්‍යප රජතුමා සිගිරිය ආලකමන්දාවක් බවට පත්කරද්දී භික්ෂුන් හට එහි වැඩ වාසය කිරීමේ අපහසුතාවක් පැන නැගී තිබෙනවා. ඉතින් මේ නිසා සීගිරියට නුදුරින් ආරණ්‍ය සේනාසනයක් කරවා භික්ෂූන් වෙනුවෙන් පුදන්න කාශ්‍යප රජතුමා කටයුතු කර තිබෙනවා. කාශ්‍යප රජතුමා විසින් පිදුව ආරණ්‍ය ගල , එහෙම නැතිනම පිදු අරං ගල පහුකාලිනව පිදුරංගල ලෙස ජනවහරට එක්වන්නට ඇති බවයි කියවෙන්නේ. ඒ වගේම ශිලා ලේඛන වල සඳහන් වෙන විදියට කාශ්‍යප නිරිඳුන්ගේ දියණිවරුන් සහ රජුගේ නමද යොදාගනිමින් ඈත අතීතයේදී මේ විහාරය බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරය හෙවත් බෝ උපුල්වන් කසුප්ගිර වෙහෙර නමින් ද හඳුන්වා තිබෙනවා. පිදුරංගල පර්වත මුදුනෙහි ස්වාභාවික ලෙනක නිර්මාණය කරලා තියෙන සැතපෙන පිළිම වහන්සේ සිගිරි කාශ්‍යප රජුගේ අවධියට අයත් බව එච්. සි.පි බෙල් මහතාගේ වගේම සෙනරත් පරනවිතානයන්ගේද අදහස වී තිබෙනවා, තම පියා මැරීම පිළිබඳව දැඩි ශෝකයෙන් පසු වෙච්ච කාශ්‍යප රජතුමා වැඩි වශයෙන් බුදුදහමට යොමු වූ බවත් ඒ නිසාම නිරන්තරයෙන් පිදුරංගල විහාරස්ථානය වන්දනා මාන කල බවත් කියවෙනවා. එමෙන්ම මහා වංශය ලියු මහාවිහාරික මහානාම හිමියන්ද කලක් මෙහි වාසය කිරීමත් කාශ්‍යප නිරිඳුන්ගේ අවධානය මෙම විහාරස්ථානය කෙරෙහි යොමුවන්නට තවත් හේතුවක් වන්න ඇති. මහානාම හිමියන් කියන්නේ නෑදෑකමින් ධාතුසේන රජතුමාගේ මාමා කෙනෙක්. සොලී ආක්‍රමණ පැවති කාල වකවානුවේ ධාතුසේන රජතුමාවත් කාශ්‍යප හා මුගලන් අතර පැවති සටන් වලදී කාශ්‍යප රජතුමාටත් ආරක්ෂාව සලසන්නේ මේ මහානාම හිමියනුයි. ඉතින් ඒ නිසාම කාශ්‍යප රජතුමා මහාවංශය ලියු මහානාම හිමියන් සමඟ බොහොම සමීප ඇසුරක් පවත්වා තිබෙන බව පෙනියනවා. ඉතිහාසයේ තවත් තැනක කාශ්‍යප නිරිඳුන්ගේ අවසන් කටයුතු පිදුරංගල විහාරයේ සිදුකල බවත් කියවෙනවා. ඒ වගේම පිදුරංගල කඳු මුදුනට යන අයෙක්ට දැක ගත හැකි තවත් දෙයක් තමයි ඒ මත ඇති සුවිශේෂී පිහිටීමක් සහිත ගල් ගෙඩිය, මේ පිළිබඳවත් විවිධ මත සඳහන් වෙනවා. සතුරු ආක්‍රමණ ගැන බියෙන් පසු වුන කාශ්‍යප රජතුමා එවන් අවස්තාවක් කල් තියා දැනගන්න හිතාගෙන මේ ගල මෙහි මුදුනත රදවා තබන්න ඇති යන්න එක මතයක් එහිදී එම ගල පෙරලා දැමීමෙන් සීගිරියේ සිටින රජුට ඒ බව දැනගත හැකියි. එදා සිගිරිය හා බැදී පැවතුන පිදුරංගල ගැන අපට ඇත්තේ අල්ප දැනීමක් බව අප තේරුම් ගත යුතුයි. සිගිරියට පැමිණෙන සංචාරකයින්ගෙන් අඩක්වත් මෙම පිදුරංගල භූමියට එන්නේ නැතිවුනත් පිදුරංගල පර්වත මුදුනට පැමිණෙන පිරිසෙනුත් සීමිත පිරිසක් තමයි පිදුරංගල විහාර සංකීර්ණය වැඳපුදා ගන්නේ. ඉතින් මේ සා වටිනාකමක් හිමි පිදුරංගල නොදැන නෙමෙයි දැනගෙන යායුතු ගමනක් බව අපි හැමෝම තේරුම් ගත යුතුයි.
Copied-

😍👣🏞️ඔබත් මමත් ඉපදිලා හුස්ම ගන්න මේ රට ඇත්තෙන්ම හරිම සුන්දර රටක්.එහෙම කියන්න  ඕනිම කෙනෙක්ට පුලුවන්.ඒත් බහුතරයක් අත්විදින්...
22/04/2021

😍👣🏞️ඔබත් මමත් ඉපදිලා හුස්ම ගන්න මේ රට ඇත්තෙන්ම හරිම සුන්දර රටක්.
එහෙම කියන්න ඕනිම කෙනෙක්ට පුලුවන්.ඒත් බහුතරයක් අත්විදින්නේ ඒ සුන්දරත්වයෙන් අංශුමාත්‍රයක ප්‍රමාණයක් පමණයි.මේ සුන්දරත්වය ඇත්තෙ අප එදිනෙදා දකින තැන් වලටත් වඩා බොහෝ සැගවුන තැන් වල.ඇතැම් විට ඔබට මේ සුන්දරත්වයකම්න් දකින්නට කැපවීම් පවා කරන්නට වෙන අවස්තා නැතුව නොවේ.
කොහොම උනත් අපි අද කතා කරන්නේ වෙනදා මෙන් දුශ්කර සැගවුන තැනක ඇති තැනක් ගැන නම් නොවෙයි.බොහෝ සංචාරකයන් අතර ජනප්‍රිය පහසුවෙන් ලගා වෙන්නට පුලුවන් දිය ඇල්ලක් ගැන.නමුත් මේ දිය ඇල්ලේ සුන්දරත්වය දකින්න නම් එයට සුදුසුම කාලයේ යා යුතු වනවා.මේ ඔබ අප කවුරුත් දන්නා බෝඹුරු ඇල්ල.

බොඹුරු ඇල්ල ලේසියෙන්ම ලගාවෙන්න අපි භාවිතා කලේ නුවරඑලිය නගරය හරහා ගොස් හක්ගල උද්භිද උද්‍යානය පසුකර හමුවන හන්දියෙන් වමට විහිදෙන මාර්ගය.මේ ගැන අප මාර්ග විස්තරයක් ඔබට සවිස්තරාත්මක විස්තර කිරීම අවශ්‍ය යැයි අප විශ්වාස කරන්නේ නෑ. ඒ මේ දිය ඇල්ලට මාර්ගය ඔබට ගූගල් මැප්ස් නැවිගේශන් ඔස්සේ ඉතා පහසුවෙන් ලගාවිය හැකි නිසා.

බෝඹුරු ඇල්ල නිර්මාණය වන්නේ සදතැන්න ආශ්‍රිතව ඉපදෙන
උමා ඔයෙන්.සදතැන්න බෑවුම ඔස්සෙ ගලා යන මේ උමා ඔය අප මේ කතාකරන බෝඹුරු ඇල්ලට කලින් දිය ඇලි දාමයක් නිර්මාණයක කරමින් ගලා ඒමෙන් පසුවයි බෝඹුරු ඇල්ල නිර්මාණය කරමින් ඉන් පසු පහල බෝඹුරු ඇල්ලත් නිර්මාණය කරමින් ඇදී යන්නේ.බෝඹුරු ඇල්ල පිහිටන්නේ මධ්‍යම පලාතත් ඌව පලාතත් වෙන්වන සීමාවට ඉතාම ආසන්නයෙන් මධ්‍යම පලාතට වන්නට වේ.

බෝඹුරු ඇල්ල නැරඹීමට ප්‍රදාන මාර්ගයේ සිට කිලෝමීටර 2.5ක පමණ දුරක් වනය තුලට ගමන් කල යුතු අතර මේ මාර්ගය හොදින් නඩත්තු කර හා පැහැදිලිව දකින්නට හැකියි.මේ මාර්ගය තුලත් කුඩා වෙලදසැල් දැකගත හැකි අතර සියලු පහසුකම් වලින් සමන්විතව නැරබීමට යා හැකි දිය ඇල්ලක් ලෙස හැදින්විය හැක.

අඩි මාර්ගයේ මුල් කොටස තුල ගමන් මාර්ගයට සමාන්තරව වම් පසින් උමා ඔය ගලන අතර එක් ස්ථානයකදී පාලමක් මතින් ගමන් කරමින් අප උමා ඔයේ වම් ඉවුරට ගමන් කරනුයේ උමා ඔය අපගේ දකුනු අත දෙසින් ගලා යන්නට සලසමින්. කෙසේ වූවත් මේ පාලමින් පසු ඉහලට ගමන් කිරීමේදී බෝඹුරු ඇල්ලේ පහල ඇල්ල දැකගත හැකි අතර බොහෝ සංචාරකයන් මේ මනස්කාන්ත දිය ඇල්ල පසු කරමින් ඉහලට ඇදී යාම එක්තරා ආකාරයක අපරාධයක්.මෙසේ ඉහලට ගමන් කිරීමෙන් පසු පානීය ජලය එක් රැස් කිරීම සදහා තනා ඇති වේල්ල මතින් ගමන්න්කරමින් නැවතත් උමා ඔයේ දකුනු පසට ගමන්න්කිරීමට ඔබට සිදුවන අතර වර්ශාව වැඩි වශයෙන් ලැබෙන කාලයකදී මේ හරහා ගමන් කිරීමේදී දැඩි අවධානයකින්න් ගමන් කල යුතුවේ.යම් හෙයකින් ඔබ බෝඹුරු ඇල්ල සමීපයේ සිටිනා අවස්ථාවක ක්ශනික ගංවතුර තත්වයක් ඇති වුවහොත් එය සමනය වන තුරු ඉහත කී වේල්ල මතින් ගමන් කිරීමට නොහැකිව ඔබට රැදී සිටින්නට වනු ඇත.

මේ වේල්ල මතින් ගමන් නොකරමින් උමා ඔය වම් ඉවුර දිගේ ඉහලටම ගමන් කලහොත් ඔබට බෝබුරු ඇල්ල වම් පසින් නැරඹීමට හැකි වන අතර බොහෝ සංචාරකයන් මේ වම් පසින් නැරඹීම මග හරිමින් වේල්ලෙන් එතෙර වී ගමන් කරයි.කෙසේ හෝ වේල්ලෙන් එතෙර වීමෙන් පසු ඔබට ලංකාවේ සුන්දරතම දිය ඇල්ලක් වන බෝඹුරු ඇල්ල අසලට ඉතා ඉක්මනින් ලගා විය හැකි අතර.බෝඹුරු ඇල්ල යම් තැන් හීදී ලංකාවේ පලලින් වැඩිම ඇල්ල ලෙසින්ද හදුන්වනු ලබයි.

බෝඹුරු ඇල්ල පේරවැල්ල ඇල්ල නමින්ද හදුන්වන අතර උසින් මීටර 30ක් ලෙස ගනණය කලත් ඊට වඩා උසක් මේ දිය ඇල්ල දෙස බැලූ කල පෙනීයයි.කදපොල වනරක්ශිතය තුල පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර 1500 ක පමණ උසකින් පිහිටයි.

බෝඹුරු ඇල්ල අසල කදවුරු බැදීම සදහා පසුගිය කාලය තුල සංචාරකයන් පෙලඹුන අතර ඉවක් බවක් නොමැතිව කදවුරු බැදීම හා ඒ සමගම බෝඹුරු ඇල්ල අවට පරිසරය දැඩි සේ විනාශයකට ලක් වීමට පටන් ගැනීම නිසා මේ වන විට බෝඹුරු ඇල්ල අසල කදවුරු බැදීම තහනම් කොට තිබෙනවා.

නිවාඩු දින වල සංචාරකයන් බහුලව පැමිණෙන නිසාම බෝඹුරු ඇල්ල අසල පරිසරය එතරම් පිරිසිදු මට්ටමක දැකගන්නට ලැබෙන්නේ නෑ.ඒ වගේම දිය ඇල්ල නැරබීම සදහා හැකි නම් වර්ශාකාලයක යා හැකි නම් බෝඹුරු ඇල්ලේ සැබෑ සුන්දරත්වය ඔබට දැකගන්නට හැකි බව රෑන අපි විශ්වාස කරනවා.

ඔබේ පා සටහන් පමණක් ඉතිරි කරමින්
රැගෙන යන්න මතකයන් හා සේයා රූ පමණක්ම

රෑන අපි වෙනුවෙන්
නිප්පා copied 🌸👣

🌸🌸පඩුවස්නුවර රාජධානිය...🌸🌸පණ්ඩුවස්නුවර යනු ඉතා කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ අගනුවර ලෙස ක්‍රියාත්මක වූ කුරුණෑගල ප්‍රදේශය...
22/04/2021

🌸🌸පඩුවස්නුවර රාජධානිය...🌸🌸

පණ්ඩුවස්නුවර යනු ඉතා කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ අගනුවර ලෙස ක්‍රියාත්මක වූ කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි පුරාණ නගරයකි. පරාක්‍රමබාහු රජු සිය තාවකාලික අගනුවර 12 වන සියවසේදී මෙම නගරයේ පිහිටුවන ලදී. මෙම කාල පරිච්ෙඡ්දය තුළ, පණ්ඩවස්නුවර යනු පරක්‍රමබාහු රජු විසින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන එන ලද පූජනීය දත් ධාතූන් වහන්සේගේ නගරයයි. යාපාහු පිළිබඳ අපගේ ලිපියෙන්, ආක්‍රමණික ඉන්දීය හමුදාවන් විසින් ධාතූන් වහන්සේ යාපුවා වෙතින් අල්ලා ගත් ආකාරය සහ එය මෙම රජු විසින් නැවත ලබා ගෙන ආපසු ගෙන එන ලද ආකාරය ඔබ කියවනු ඇත. පණ්ඩුවස්නුවාරා අගනගරය වන අනුරාධපුර හෝ පොලොන්නරුවා තරම් දර්ශනීය පෙනුමක් නොතිබුණද, යමෙකුට අවස්ථාවක් ලැබුණහොත් එය ගවේෂණය කිරීම වටී. සමහර ගල් කැටයම් පුරාණ ගොඩනැගිලිවල නටබුන් අඩංගු භූමිය හෙක්ටයාර 20 ක භූමි භාගයක පැතිරී ඇති අතර සමහර කොටස් තවමත් කැණීම් කර නොමැත. ඔබ වෙබ් අඩවියට ඇතුළු වන විට ඔබ දකින පළමු දෙය නම් මීටර් හයක් පළල දිය අගල (සාමාන්‍යයෙන් කාසල් වටේට දිවෙන ජලයෙන් පිරුණු වළක්, එය ආරක්ෂා කරයි) සහ බලකොටුවේ (කොටුව) විශාල පවුරයි. මෙම සංයෝගයේ බොහෝ දාගෝබා, රූප නිවාස (පිලිමේජ්), රැස්වීම් ශාලා, භික්ෂූන් සඳහා නවාතැන් නිවාස සහ පුරාණ වැසිකිළි පවා ඇත. පණ්ඩුවස්නුවාරා පිවිසුම් දොරටුව අසල දාගෝබාස් - පික්ස්: සෙරෙන්ඩිබ් මෙම වෙබ් අඩවියේ මූලික ලක්ෂණයක් වන්නේ දතෙහි ප්‍රතිෂ් ored ාපිත දේවමාළිගාවයි. විස්තීර්ණ ලෙස නිර්මාණය කරන ලද වහලය 1970 දශකයේ දී යථා තත්වයට පත් කළ ද එහි මුල් අත්තිවාරම තවමත් දැකිය හැකිය. දේවමාළිගාව පුරාණ නගරයේ වැදගත්ම අංගයක් වුවද, කැපී පෙනෙන දෙය නම් වටකුරු හැඩැති මාළිගාව රවුම් දිය අගල තුළ පිහිටා තිබීමයි. එහි උච්චතම අවධියේදී එය තට්ටු කිහිපයක් ඇති බවට විශ්වාස කෙරෙන අතර එය තවමත් දැකගත හැකි දසුනකි. බොහෝ ජනප්‍රවාද මෙම මාළිගාව වටා හා එහි වාසය කළ අය ගැන වියන ලදී. සමහරුන් විශ්වාස කරන්නේ එය එවකට රජුගේ දියණිය වූ කුමරියක සිරගත කළ බවයි. ඇය මිනිසුන්ගේ ඇස්වලින් ආරක්ෂා විය. [h] පරිශ්‍රයේ නටබුන් ඇය විවාහ වී පුතෙකු ලැබුවහොත් ඔහු තම මාමලා හත්දෙනා (කුමරියගේ සහෝදරයන්) මරා සිංහාසනයට නගිනු ඇතැයි කියනු ලැබේ. තවත් කතාවක් පැවසුවේ මාළිගාව රජුගේ භාර්යාවන් සිටින බවත්, වරක් මෙම මාළිගාව සහ රජුගේ මාළිගාව අතර රහසිගත උමගක් තිබූ බවත් එය දිය අගලට පහළින් දිව ගිය බවත්ය. මේවා මාලිගාව වටා ඉදිකර ඇති බොහෝ කථා වලින් සමහරක් වුවද, එය ඉදිකරන ලද්දේ කවුරුන්ද යන්න හෝ එහි ජීවත් වූයේ කවුරුන්ද යන්න නිශ්චිතවම නොදනී. පණ්ඩුවස්නුවාරා නගරයේ කුඩා කෞතුකාගාරයක් ද ඇත.

█║▌│█│║▌║││█║▌│ ║

077-0639750
©2021 All rights reserved.
👉Nisitha Balasooriya photography😍


👉🏞️සුන්දර ඇතුගල්පුරය...😍👣බැලූ බැල්මට කුරුණෑගල නගරය ආරක්ෂා කිරීමට නැඟී සිටින දැවැන්ත හස්තිරාජයෙකු මෙන් පෙනෙන අඩි 476ක් උස...
21/04/2021

👉🏞️සුන්දර ඇතුගල්පුරය...😍👣

බැලූ බැල්මට කුරුණෑගල නගරය ආරක්ෂා කිරීමට නැඟී සිටින දැවැන්ත හස්තිරාජයෙකු මෙන් පෙනෙන අඩි 476ක් උසැති මෙම පර්වත රාජයා කුරුණෑගල නගරය මැද අක්කර 157ක භූමි භාගයක් යටකර ගෙන සිටී.. 💪

ශ්‍රීරමත් පණ්ඩිත පරාක්රමබාහු රජුගේ විජය භූමිය වශයෙන් ජාතක පොත් වහන්සේ, පූජාවලිය සහ දළදා සිරිත බිහිවූ සාහිත්ය පෝෂණාගාරය වශයෙනුත් සිරිමත් දළදා වහන්සේ වැඩ විසීමෙන් ද ප්රකට වුණු ඇතුගල්පුරය වයඹ පළාතේ ප්රධාන නගරයයි..

ඇතුගල පිළිබඳ නොයෙක් පුරාවෘත පවතී. මින් බොහෝදුරට ජනප්රවාදයේ එන්නේ වත්හිමි කුමාර හෙවත් ගලේබණ්ඩාර පුවතයි.
මෙම පුවත අනුව කුරුණෑගල රජකම් කළ පණ්ඩිත පරාක්රමබාහු රජු කුරුණෑගලට නොදුරු දැනට මුස්ලිම්වරු පදිංචි ඇස්වැද්දුම ගමේ සුරූපී රූමත් මුස්ලිම් ජාතික තරුණියක් සරණපාවා ගත්තේය. එම මුස්ලිම් කාන්තාවට උපන් කුමරු වත්හිමි නමින් ප්රකට විය.
වත්හිමි කුමරුට රජකම ලබාදීමට බොහෝ පිරිසක් ඉදිරිපත් වූ නමුත් රජකම ලබාගැනීමට නොහැකිවූයෙන් රජුගෙන් මැරුම්කෑමට සිදුවිය..

රජුට නොකැමැත්තෙන් සිටි දඹදෙණියේ ඉන්ද්රජෝති හිමි හා දෙනගම ඇමැතිවරයා ප්රමුඛ සිංහල බෞද්ධයෝ තම සිතුම් පැතුම් ඉටුකර ගැනීමට කුමන්ත්රණයක් කළහ.
එකී කුමන්ත්රණය අනුව කුරුණෑගල රන්තලිය වැවේ පාවෙන රන් සෙම්බුව ගැනීමට නම් ඇතුගල මුදුනේ පිරිත් මණ්ඩපයක් සාදා දින හතක් පිරිත් දේශනා කළ යුතු බවත්, වැවේ සිට පිරිත් මණ්ඩපය දක්වා නූලක් ඇද රජතුමා එම නූල අල්ලාගෙන පිරිත් ඇසිය යුතු බවත් රජුට දැන්වූහ. මෙයට එකඟ වූ රජු ඇතුගල මුදුනේ පිරිත් මණ්ඩපයක් ඉදිකොට හත්දින පිරිත ඇරඹීය. විශේෂයෙන් ඉදිකරන ලද අසුනක ඉඳගෙන රජතුමා පිරිත් අසන්නට විය. මෙම අසුන උගුලක් බව රජු දැන සිටියේ නැත. කුමන්ත්රණකරුවන් උගුල ගස්වනවාත් සමඟ පිරිත් අසමින් සිටි රජු ඇතුගලින් පහළට පෙරළී ජීවිතක්ෂයට පත්විය.

මෙසේ ජීවිතක්ෂයට පත්වූ රජු ඒ වෙලාවෙම දෙවියෙකු බවට පත්විය. අද ඇතුගල්පුර අරක්ගෙන සිටින තෙද බලැති දෙවියෙකු ලෙස සලකන ගෙල්බණ්ඩාර මේ දෙවියාය.
රජු ඇතුගලින් පෙරළෙනවාත් සමඟම එම ස්ථානය අසල කැත්තකින් කැලේ කපමින් සිටි මිනිසෙකුට දෙවියෙකු බවට පත්වූ වත්හිමි කුමරා ආරූඪ විය. අද ගලේබණ්ඩාර දෙවියන්ගේ සුරතෙහි ඇති අවිය කැත්ත වී ඇත්තේ එහෙයිනි. ගලේබණ්ඩාර දෙවියන්ට කැපවූ දේවාල දෙකක් කුරුණෑගල තිබේ. මෙයින් ප්රධාන දේවාලය ඇතුගල පාමුල ඇති ඇත්කඳ රජමහා විහාරය අසල ද අනෙක වත්හිමි මාවෙත් ද වේ.

වැදගත් කියලා හිතෙනවා නම් අනිත් අයට බලන්න කරන්න

 #කුරුණෑගල සැගවුණු සුන්දර  #තැම්පාන_ජලාශය..👣- දවසින් ගිහින් එන්න පුලුවන් ලස්සන තැනක් 🌄🌾🌸🏜😍 - කුරුණෑගල ඉදන් 8 KMමේක තියෙන...
20/04/2021

#කුරුණෑගල සැගවුණු සුන්දර #තැම්පාන_ජලාශය..👣
- දවසින් ගිහින් එන්න පුලුවන් ලස්සන තැනක් 🌄🌾🌸🏜😍
- කුරුණෑගල ඉදන් 8 KM
මේක තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන තැම්පාන රක්‍ෂිතයට මායිම්වයි...
මේ තැම්පාන රක්‍ෂිතය කියන්නේ කදු පන්තියකින් වටවුනූ සුන්දර අඩවියක්...
මේ රක්‍ෂිතයේ ඉතිහාසය වලගම්බා ‍රජ සමය දක්වා දිව යනවා...
මෙම කඳු පන්තිය ආශ්‍රිතව වලගම්බා රජු සැගවී ජීවත් වූ බවත් රජු මෙහි සිට යුද්ධයට සේනා සංවිධානය කළ බවටත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා...
පසු කාලයේදී රජු විසින් මෙහි විහාරයක් කරවා තිබෙනවා. එය බම්බා විහාරය ලෙස හැදින්වෙනවා...
එය තාමත් පවතිනවා..
එම බම්බා විහාරය භූමියේ පොකුණක් දැක ගත හැකි අතර එම වලගම්බා ‍රජු සහ බිසව ස්නානය සදහා භාවිත කල එකක් බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා...
ඒ වගේව වලගම්බා රජු මෙම රක්ෂිතයේ සිට රිදී විහාරය දක්වා කඳු වලල්ලෙන් උමඟක් සාදා ඇති බව සදහන් වෙනවා...
රජු හොර රහසේ රිදී විහාරය වැදපුදා ගැනීමට මේ උමග ඔස්සේ පැමිණි බව සඳහන් වන නමුත් එම උමඟ දැනට සොයාගෙන නම් නැහැ...
ජෛව විවිධත්වය ඉහල තලයක ඇති මෙම තැම්පාන රක්ෂිතය අවට දුර්ලභ ගනයේ පැළෑටි පවතින බව සොයාගෙන තිබෙනවා..
හැබැයි ඉතින් අපිට ඕන ඕන වෙලාවට මේක බලන්න යන්න බෑ මාසෙකටම එක දවසයි..
පොහොය දිනයන්දී පමණක් තැම්පාන ජලාශ හා ඒ අසල වූ බම්බා විහාරය නැරඹීමට දෙන අතර ඔබ තැම්පාන රක්ෂිතය තරණය කරන්නේනම් විශේෂ අවසරයක් ගත යුතුයි.
පින්තූර සහ සටහන මුල්හිමිකරු සතුයි 📸❣

👉"ඇදන්ගල"🍃 ගලේවෙල-මාතලේ ගලේවෙල නගරයේ සිට මිනිත්තු 15 කින් පමණ ළගාවිය හැකි ආකර්ෂණීය සංචාරක ස්ථානයකි.. ගැරඩිගල විහාරස්ථානය...
20/04/2021

👉"ඇදන්ගල"🍃
ගලේවෙල-මාතලේ

ගලේවෙල නගරයේ සිට මිනිත්තු 15 කින් පමණ ළගාවිය හැකි ආකර්ෂණීය සංචාරක ස්ථානයකි..
ගැරඩිගල විහාරස්ථානයේ සිට ද ළගාවීමට හැකියාව ඇත..👣

📷 Piumani k kulasekara

රිදී විහාරය | Ridi wiharaya Kurunagala Sri Lanka 🇱🇰රන්වැලි සෑයට රිදීපිදූ......කුමාර බන්ඩර දෙවු අනුසස් ලද ..හස්තිශෛලපුර ර...
19/04/2021

රිදී විහාරය | Ridi wiharaya Kurunagala
Sri Lanka 🇱🇰

රන්වැලි සෑයට රිදීපිදූ......
කුමාර බන්ඩර දෙවු අනුසස් ලද ..
හස්තිශෛලපුර රිදීවිහාරේ...

රිදී විහාරය යනු, ශ්‍රී ලංකාවේ, කුරුණෑගල රිදීගම ගම්මානයේ පිහිටි, ක්‍රිපූයු 2වන-සියවසෙහි ථේරවාද බෞද්ධ සිද්ධස්ථානයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම විහාරය පිහිටා ඇත. මහාවංශයේ මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ "රජත ලෙන" යනුවෙනි. ජනප්‍රවාදවලට අනුව දුටුගැමුණු රජු රුවන්වැලි සෑය ඉදිකිරීමේදී රිදී ලැබුනේ මෙම ස්ථානයෙන් යැයි සඳහන් වේ. එබැවින් එය 'රිදී විහාරය' නම් විය.

දැනට මෙහි දක්නට ඇති විහාර ආදිය මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සාදා ඇත. මෙහි වටිනා සුවිශේෂ අංගයක් නැතහොත් නිමැවුමක් වන්නේ ඇත් දළින් සකස් කරන ලද උළුවස්සයි. එහි මුදුන "පන්චනාරිඝටය" නම් කැටයමින් අලංකාර කර ඇත. මෙහි ඇති බුද්ධ ප්‍රතිමාව දොළොස් රියනක් උස වේ. එහි මැද මකර තොරණකි.

දුටුගැමුණු රජතුමාගේ කාලයේ අනුරාධපුරයේ සිට මලය රටට තිබුණු ප්‍රධාන මාර්ගය වැටි තිබුනේ මෙම ස්ථානය අසළිනි. ජනප්‍රවාදයේ මෙම විහාරයට "වරකා වැළඳු විහාරය" යනුවෙන් ව්‍යවහාර වේ. මේ පිලිබඳව ඓතිහාසික ග්‍රන්ථවල ද සඳහන් වේ. චෛත්‍යය පිහිටා ඇත්තේ ගල මතය. ගලට පහළින් මහා විහාරයයි. මේ විහාරයේ දොරටුවලට අල්ලා ඇති යතුරු සිංහල රජ දවස යොදන ලද ඒවාය. උඩ විහාරයේ බිතු සිතුවම් දැකිය හැකිය. මෙම චිත්‍රවල සත්සතිය දක්වා ඇත.
📷 මුල් හිමිකරුවන් සතුයි.

👉සුන්දර තල්පේ වෙරළ තීරය| Talpe beach 😍🦑🦐🐚🦈🐙🐳🌊⛱️ගාල්ල නගරයේ සිට 10 Km පමණ දුරින් පිහිටා ඇති මෙම වෙරළ තීරය , දකුණු වෙරළ තී...
19/04/2021

👉සුන්දර තල්පේ වෙරළ තීරය| Talpe beach 😍🦑🦐🐚🦈🐙🐳🌊⛱️

ගාල්ල නගරයේ සිට 10 Km පමණ දුරින් පිහිටා ඇති මෙම වෙරළ තීරය , දකුණු වෙරළ තීරයේ ඇති සුන්දරම වෙරළ තීරයන්ගෙන් එකකි. මෑත කාලයේ දේශිය සංචාරකයන්ගේ වැඩි ආකර්ශනයක් දිනා ගැනීමට මෙම වෙරළ තීරය සමත් වූ අතර මෙහි ඇති කැපී පෙනෙන සුවිශේෂිත්වය එයට හේතු වන්නට ඇත. මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ ස්වාභාවිකව නිර්මාණය වූ ගල් තටාක කිහිපයක් පිහිටා තිබීමයි.
මෙම තටාක වල අවුරුදු 60 කට පමණ පෙර කාලයේ පොල් ලෙලි පොගවා කොහුබත් ලබාගැනීම සද්හා භාවිතා කල බව මෙහි වසන ජනයා පවසයි.

කොළඹ නගරයේ සිට පැමිණෙන ඔබට දුම්රියෙන් පැමිනෙන්නේ නම් තල්පෙ දුම්රිය ස්ථානයෙන් බැස 500m පමණ දුරක් මාතර දෙසට පයින් ගමන් කල විට මෙම වෙරළ තීරය වෙත ලගා විය හැක. එසේ නොමැති නම් Highway බස් රථයකින් ගාල්ල නගරයට පැමිණ මාතර දෙසට ගමන් කරන බසයක නැග තල්පෙ වෙරළ තීරය අසලින් බැස වෙරළ තීරයට ලගා විය හැක.

චායාරූප වල අයිතිය - Anushana Prabod

19/04/2021

👣 38 Best Places To Visit In Sri Lanka..🇱🇰😍

👉🏞️"ඉසිවරුන් බැස්ස"- ඉසින්බැස්සගල රජමහා විහාරය☸️🌸🙏කොළඹ - යාපනය මාර්ගයේ මැදවච්චියට ගොස් එතැනින් වමට හැරී පදවි ශ්‍රී පුර ම...
19/04/2021

👉🏞️"ඉසිවරුන් බැස්ස"- ඉසින්බැස්සගල රජමහා විහාරය☸️🌸🙏

කොළඹ - යාපනය මාර්ගයේ මැදවච්චියට ගොස් එතැනින් වමට හැරී පදවි ශ්‍රී පුර මාර්ගයේ ගමන් කරන විට මෙම විහාරය දැකබලා ගත හැකිය..

📷 මුල්හිමිකරු සතුයි..

👉මීයන් ඇල්ලට බස් එකේ කෝච්චියේ යන්න ඉන්න අයට 😍👣☘️🐌🌈️🌧️ ඉහළ කෝට්ටේ දුම්රිය🚉 ස්ථානයේ ඉදල වම් පැත්තට 1km දුරක් දුම්රිය මාර්ග...
18/04/2021

👉මීයන් ඇල්ලට බස් එකේ කෝච්චියේ යන්න ඉන්න අයට 😍👣☘️🐌🌈️🌧️

ඉහළ කෝට්ටේ දුම්රිය🚉 ස්ථානයේ ඉදල වම් පැත්තට 1km දුරක් දුම්රිය මාර්ගයේ ගියාම තමයි මේ ඇල්ල තියෙන්නේ.
- මෙතනට කෝච්චියේ එනවා නම් කොටුව දුම්රිය ස්ථානයෙන් උදෑසන 5.55ට පොඩි මැණිකේ දුම්රියේ 🚇නැගල උදේ 8.00 වෙත්දි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ට එන්න පුළුවන්.
ඔයාල බස් එකේ එනව නම් රඹුක්කනට හරි මාවනැල්ලට හරි ඇවිල්ලා .... රඹුක්කන/මාවනැල්ල බස් 🚍එකේ නැගලා අභයරජරාම විහාරය ගාවින් බැහැලා එතන ඉඳන් මාකෙහෙල්වල පාරේ ත්‍රීවීලරයක 🛺ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය 🚉ට එන්න පුළුවන්. රුපියල් 250ක් වගේ මුදලක් ගන්නවා.

- සුන්දරත්වය දෑසින් විද රැගෙන යන ටොෆි කොළය 🍬පවා මතක ඇතුව නැවත රැගෙන එන්න.
- ඒවගේම තමයි ඔයාලත් මේ උමග ඇතුලෙ තියෙන කුහරය 🚇ඇතුලට යනවා නම් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සේවකයෙක් ගෙන් දුම්රිය කාලසටහන පිලිබදව දැනුවත් වෙලා යන්න. මොකද ජීවිතය අනතුරේ දාගන්න ඕනෙ නෑනේ.
- ඒ විතරක් නෙමෙයි කුහරය ඇතුලට යනවා කියන්නේ අඩි 6ක් වගේ උඩට ආධාරකය ක් නැතුව නගින්න 🧗‍♀️වෙනවා. ඊට සුදුසු ඇදුමක් ඇදගෙන යාමත් ඉතා වැදගත්. ඔයාලගෙ ඇදුම් ජරා වෙන්න පුළුවන්😁.
ස්තූතියි......🖐

👉ත්‍රීකුණාමලයේ තියෙන අප්‍රසිද්ධ පුංචි දූපතක් 👣සෝබර් දූපත 🌊🏝️🐋🦀🐚(වේරිමත් වූ සුද්දන් ‍දැමූ දූපත)Sober Island ත්‍රිකුණාමලය ...
18/04/2021

👉ත්‍රීකුණාමලයේ තියෙන අප්‍රසිද්ධ පුංචි දූපතක්

👣සෝබර් දූපත 🌊🏝️🐋🦀🐚

(වේරිමත් වූ සුද්දන් ‍දැමූ දූපත)
Sober Island
ත්‍රිකුණාමලය ස්වාභාවික වරායේ පිහිටා ඇති සෝබර් දුපත දෙස් විදෙස් සංචාරකයින් අතර හරි ප්‍රසිද්ධයි.

දිවංගත තරුණ බ්‍රිතාන්‍ය ලුතිනන් එස්. සොබර්ගේ මතකයේ දූපත “සොබර්” ලෙස නම් කරන ලදී.

සෝබර් දුපත පිහිටලා තියෙන්නේ ත්‍රිකුණාමලයේ ගම්මිරිස් ජැටියෙන් පිටත් වෙලා මහමුහුදේ පැයක් පමණ යාමෙන් අනතුරුවයි. මුහුදු මට්ටමේ සිට මීටර් 200 ක් පමණ උසින් පිහිටි අක්කර 175 ක දූපත “අයිල් ඩු සොලයිට්” ලෙස ප්‍රංශ අර්ථයෙන් “සූර්ය දූපත” ලෙස නම් කරන ලද අතර එය 1919 සහ 1922 දී සකස් කරන ලද අඩවි සැලසුම් දෙක අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවර්ධනය කරන ලදී.

අතීතයේ බීමත්ව සිටින සුදු ජාතිකයින්ව රැගෙන ගොසින් මේ දුපතේ දමා ඒම සිදුකර තිබෙනවා. ඒ පසුවදා වෙරි හිඳුනවිට කිසිදු උදව්වක් රහිතව තමන් විසින්ම පිහිනාගෙන ඒමට සලස්වන්න.

කලෙක ලාදුරු රෝගීන් රැගෙන ගොස් දැමු දූපතක් ලෙසද භාවිතා කර ඇති මේ දුපත දැන් භාවිතා කරන්නේ නාවික හමුදාවෙන් පාලනය වෙන නිවාඩු නිකේතනයක් ලෙසිනුයි. එකවරක් ඔබ මේ දුපතට පයතියන්නට හැකියාව ලැබුනොත් එහි තිබෙන හුදෙකලා බව ගැන අදහසක් ගන්නට හැකියාව ලැබේවි.

හුදෙක් සංචාරක ආකර්ෂණීය වන නමුත්, අතුරුදහන් වූ යුගයක ධාතූන් එහි අභියාචනය බොහෝ සෙයින් අපේක්ෂා කරන ගමනාන්තයක් ලෙස දක්වයි. ප්‍රංශ සොහොන්, දෙවන ලෝක යුද්ධ තුවක්කු ස්ථාන, භූගත පතොරම් ගබඩා සංකීර්ණ සහ බ්‍රිතාන්‍ය වාඩිලෑමේ තවත් බොහෝ සංකේත ඇත.

සොබර් දූපත මුලින්ම අත්පත් කරගත්තේ ප්‍රංශ ජාතිකයන් විසිනි. 1672 දී "අද්මිරාල් ජේකබ් බ්ලැකට් ඩි ලා හේ" සහ 1782 දී "අද්මිරාල් සෆ්රෙන්" විසින්. 1784 දී පැරිස් ගිවිසුමෙන් පසු බ්‍රිතාන්‍යය දිවයින අත්පත් කර ගත් අතර පසුව එය ඔවුන්ගේ හමුදා අවශ්‍යතා සඳහා සංවර්ධනය කරන ලද අතර එය මූලික වශයෙන් හමුදා සංස්ථාපිතයකි. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යය දිවයින අත්පත් කර ගැනීමට පෙර, ලන්දේසීන් ද ප්‍රංශයට එරෙහිව කඹ ඇදිල්ලක් ඇති කර ගත්හ.

Sober Island

Sober Island was first occupied by the French. "Admiral Jacob Blaquet de la Haye" in 1672 and by "Admiral Suffren" in 1782. The British took over the island after the Treaty of Paris in 1784 and later developed it for their military requirements and was essentially a military establishment. However before the British occupation of the island, the Dutch also forged a tug- of- war with the French to claim the island.

The Island was named as “Sober” in memory of late young British Lieutenant S.Sober. As Trincomalee became the home of the British Eastern fleet during the World War II, the British fortified the island with a battery of guns. It’s written in past conicals that Trincomalee was heavily defended against the Japanese Navy with the help of heavy artillery batteries located on the Sober Island. Also, during the World War II, the Island was a transit station for thousands of soldiers en-route to far East and the Mediterranean.

The 175 acre island elevating nearly 200 meters from the sea level was called “Isle du Soleit” by French meaning “Island of Sun” which was developed by Sri Lanka Navy as per the two site plans drawn in 1919 and 1922. The island is not merely touristic in appeal but contain relics of a bye gone era magnifying its appeal as a much sought after destination. There are French graves, World War II gun positions, underground ammunition storage complexes and many more symbols of British occupation.

Copied

😍 හුලංගල පුංචි ලෝකාන්තය 👣🏞️හුලංගල පුංචි ලෝකාන්තය පිහිටා තිබෙන්නේ සැලගම වතුයායේ නකල්ස් කඳු වැටියේ දකුණු කෙළවරේ වන අතර එය ...
18/04/2021

😍 හුලංගල පුංචි ලෝකාන්තය 👣🏞️

හුලංගල පුංචි ලෝකාන්තය පිහිටා තිබෙන්නේ සැලගම වතුයායේ නකල්ස් කඳු වැටියේ දකුණු කෙළවරේ වන අතර එය කුරුණෑගල හෝ මාතලේ සිට ළඟා විය හැකිය. මේ කන්දට නැව්ගල කියලත් කියනවා.කුරුණගල සිට දඹුල්ල දෙසට තල්ගොඩපිටිය හන්දිය දක්වා ගමන් කර යටවත්ත පාර දෙසට හැරෙන්න ඕනී. මෙය කුරුණෑගල දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටා ඇත.
Hiking වලට ආස අයට කුරුණෑගල මඳුරාගොඩ පැත්තෙන් නගින්න පුළුවන්. මේක කුරුණෑගල කියලා කීවට කුරුණෑගල නම් නෙමේ හරියට බැලුවොත් පහල විතරයි කුරුණෑගලට අයිති අනිත් හුලංගල කොටස මාතලේට තමා අයිතී..
කුරුණෑගල සිට මුළු දුර කිලෝමීටර 40 ක් පමණ වේ.ඇත්තටම කීවොත් මේක පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නමුත් මේකේ බෑවුමේ පහල තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කය. එම නිසා සැලගම වතුයාය මැදින් වාහනයක මෙම කන්දට නගින්නත් පුළුවන්.. (ගොඩක් අය මේ කන්ද නගින්නෙ මේ වතුයාය මැදින් ) නමුත් අයිතිය කුරුණෑගලට සතුයි.

දන්න තරමින් මෙම කාලයේ වත්තට ඇතුළු වීමට අවසර ගත යුතුයි.වතු දොරටුවේදී ඔබට වාහනයක් සඳහා යම්කිසි මුදලක් අය කරයි. සැලගම වතුයායේ ලයිම් නිවාස වලින් ඔබට දර්ශන ස්ථානයට ළඟා වීමට කිලෝමීටර් 2-3 ක් පයින් යා හැකිය. කෙසේ වෙතත්, මෝටර් බයිසිකල්, රෝද 3 සහ 4 × 4 වාහන දර්ශන ස්ථානය දක්වාම යා හැකිය. වාහනෙන්ම යන්න පුළුවන් නිසා එකත් වෙනස්ම අත්දැකීමක්. වාහනෙන්ම ගියත් මග දෙපැත්තෙන්ම තේ වතු, කදු තියෙන නිසා පරිසරයේ සුන්දරත්වය අඩුවක් නැතුව විදගන්න පුළුවන්.

පුංචි ලෝකාන්තය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 760 (අඩි 2500) ක් උසිනි. කෙසේ වෙතත් හුලංගල කන්ද මීටර් 1025 (අඩි 3360) දක්වා ඉහළ යයි.

මේ පුංචි ලෝකාන්තය මුදුනට ආවම දැකගන්න ලැබෙන නිදහස, සුන්දරත්වය ඔයාලත් ගිහින්ම විදගන්න. මේ පුංචි ලෝකාන්තය මුදුනට වයඹ හා මධ්‍යම පළාත් හොදින් දිස්වෙනවා. ඒ අතරින් නකල්ස් කදු පන්තිය , බිසෝගල , දොළුකන්ද , රිදී විහාරය , රම්බඩගල්ල වගේ තැන් ගොඩක් බලාගන්න පුළුවන්.

සැලගම වතුයායේ පිහිටා ඇති යටවත්ත බිසෝ ඇල්ලට ද ඔබට පිවිසිය හැකිය. දිය ඇල්ලට ළඟාවීම සඳහා, ඔබ වතුයායේ ලයිම් නිවාස වලින් දකුණට හැරී යටවත්ත හින්දු කෝවිල දක්වා යා යුතුය.

කුරුණෑගල ඉඳලා යන්න පුළුවන් ලස්සනම තැනක්. ගියාට කමක් නෑ ඔබ ගෙනියන පොලිතීන් ප්ලාස්ටික් එහි දාල එන්න එපා.

විස්තර හොයාගත්තෙ අන්තර්ජාලයෙනි 🌎 Photo Credit - මුල් අයිතිකරුවන් සතුයි 📷

Hulangala 👣TRAVEL ශ්‍රී

Address

Ridigama

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Sri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category



You may also like