Travel with Bhanu & Pathumi

  • Home
  • Travel with Bhanu & Pathumi

Travel with Bhanu & Pathumi හතර වටේම ඇවිදින්න යන ඔබ යන තැන තොරතුරු දැනගෙන යන්න ඕන නිසා මා මේය පවත්වාගෙන යනවා.Youtube-Travel With Bhanu & Pathumi

Our Preshoort Memoirs 👇👇👇🥰😍😍
09/01/2025

Our Preshoort Memoirs 👇👇👇🥰😍😍

2k24 Colombo Night Christmas 🎄 🎁🎄
09/01/2025

2k24 Colombo Night Christmas 🎄 🎁🎄

කොරෝනා ආපු කාලේ අටව ගත්ත පැල. දාපු පාටිය.මෙවැනි අත්දැකීමක් ආපසු අප ජීවිතයට කිසිදාක නොලැබෙනු ඇත.ජීවිතයේ මෙම අත්දැකීම සුන්...
01/12/2024

කොරෝනා ආපු කාලේ අටව ගත්ත පැල. දාපු පාටිය.මෙවැනි අත්දැකීමක් ආපසු අප ජීවිතයට කිසිදාක නොලැබෙනු ඇත.
ජීවිතයේ මෙම අත්දැකීම සුන්දර මතකයකට එක්කර හමාරය.
මෙහි සිටින අයත් අද වන විට ලෝකයේ විවිද ස්ථානවල සිටි.

නුවරඑළියේ ගියොත් නොබැලුවොත් වැඩක් නැති තැනක් තමයි ෆෝට්න් තැන්න.මමත් අවුරුදු කිහිපයකට පෙර මේ ළඟදි නැවත ආපසු ගියා ඉස්සර වග...
24/11/2024

නුවරඑළියේ ගියොත් නොබැලුවොත් වැඩක් නැති තැනක් තමයි ෆෝට්න් තැන්න.
මමත් අවුරුදු කිහිපයකට පෙර මේ ළඟදි නැවත ආපසු ගියා ඉස්සර වගේ නෙමෙයි දැන් පාරවල් හොඳටම හදලා. පහසුවෙන් ඇවිදගෙන යන්න පුළුවන් නැරඹුම් ස්ථානවලට. කිලෝ මීටර් 9 වගේ තියෙනවා සම්පූර්ණ දුර. පුළුවන් තරම් උදෑසන කාලයේදී ගමන පටන් ගන්න.

24/11/2024



අලි ඉන්නේ කොතනද අම්මයි, ලේලියි දෙන්නම එතන. පුළුවන් හැමෝම අලියානාතාගාරය බලන්න යන්න. එතන දැන් ගොඩක් අලි ඉන්නවා. උදෑසන 8,00...
22/11/2024

අලි ඉන්නේ කොතනද අම්මයි, ලේලියි දෙන්නම එතන.
පුළුවන් හැමෝම අලියානාතාගාරය බලන්න යන්න. එතන දැන් ගොඩක් අලි ඉන්නවා.
උදෑසන 8,00 හා උදෑසන 11ට අලි නාවන්න එක්කගෙන යනවා.

හිතේ තිබුණ ලොකුම බලාපොරොත්තුවක් තමයි ගෙදර අයත් එක්ක ගමනක් යන එක. ඒක ඉතින් අපිට පුළුවන් වුණා නුවරඑළියට දාගන්න.ගෙදර අයත් එ...
21/11/2024

හිතේ තිබුණ ලොකුම බලාපොරොත්තුවක් තමයි ගෙදර අයත් එක්ක ගමනක් යන එක. ඒක ඉතින් අපිට පුළුවන් වුණා නුවරඑළියට දාගන්න.
ගෙදර අයත් එක්ක යනවා කියන්නේ ඒක වෙනමම ආතල් එකක්.
wife ව එක්කගෙන හස්බන්ගේ ගෙදර අයත් එක්ක යනවා කියන්නේ ඒක ඊටත් වඩා ආතල් එකක්.
ඔන්න ඒකත් අපි දෙන්නා කොහොම හරි කළා.

ඇවිදින එක පිස්සුවක් උනහම මේ වගේ තමයි තනිකඩව සිටි කාලේ යහළුවන් සමඟ සංචාරයේදී ලබාගත් ඡායාරූප කිහිපයක්.ළඟම හිටපු Charinda W...
19/11/2024

ඇවිදින එක පිස්සුවක් උනහම මේ වගේ තමයි තනිකඩව සිටි කාලේ යහළුවන් සමඟ සංචාරයේදී ලබාගත් ඡායාරූප කිහිපයක්.
ළඟම හිටපු Charinda Wijesinghe යාළුවෙක් කසාද බඳින්න කාඩ් එක දුන්නෙත් ඔහියෙදි.

අවුරුදු 12 පෙර දහම් පාසලේ සිටි මිතුරන් නැවත ත් හමු වූ අවස්ථාවක්...ආදරෙයි හදවතින්ම දහම් පාසලට.
18/11/2024

අවුරුදු 12 පෙර දහම් පාසලේ සිටි මිතුරන් නැවත ත් හමු වූ අවස්ථාවක්...
ආදරෙයි හදවතින්ම දහම් පාසලට.

👇👇කොළඹ ලස්සන රෑට 🥰🥰
17/11/2024

👇👇කොළඹ ලස්සන රෑට 🥰🥰

07/11/2024

ලන්ඩන් නුවරදී පවත්වන ලද Wanderlust Reader Travel Awards 2024 එහි සංචාරක ප්‍රකෘතිමත් ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් "ලෝකයේ සංචාරකයින් වඩාත්ම කැමතිම දූපත" ලෙස ශ්‍රී ලංකාවට රන් කිරුළ හිමිවිය. 200,000කට අධික සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇත.. 👑🥇🇱🇰🇱🇰

Day 5 (2024/08/23)කොලම්පුරෙන් මන්දාරමට මන්දාරම්නුවරඉතිං අපි පස්සෙ දවසේ උදේ ආපහු මාළිගාවටත් ගිහිල්ලා ඇත් ගාලා බලන්න පිටත්...
07/10/2024

Day 5 (2024/08/23)
කොලම්පුරෙන් මන්දාරමට
මන්දාරම්නුවර

ඉතිං අපි පස්සෙ දවසේ උදේ ආපහු මාළිගාවටත් ගිහිල්ලා ඇත් ගාලා බලන්න පිටත් වුනා
මේක හැමවෙලේම බලන්න බැහැ 9.00am to 4.00pm වෙලාවෙදි විතරයි බලන්න පුළුවන්.

අලියන්තුන්ට පලතුරු වට්ටියක් දෙන්න
1000/= වගේ අය කරනවා. ඒ වගේම අලි ඇතුන්ට පෝෂණ ගුලි දෙන්නත් පුළුවන්. ඒ එක්කම එම අලි ඇතුන් සමග ඡායාරූප ලබාගත හැකි.

අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත කියන කියමනට යථාර්ථයක් එක්කරමින් අලි එක්ක ඇතිවෙන්න නටලා පිටත් වුණා.

ඉතිං අපි උදේ වරුවේ ඇත් ගාලත් බලලා ගෙදර එන්න පිටත් වුනා.

දන්නවනේ ඉතින් ගෙදර එන ගමනෙදි නුවර තියෙන සුපිරිම තැනක් තමයි සහස් අච්චාරු කඩේ. ඉතින් අපි බල බල හිටියේ නෑ. අපි දෙන්නම කැමති එක එක ජාති වලින් කන්න සහස් අච්චාරු කඩේට ගියා. එකක් රු 100/= වර්ග නම් පනහක් විතර තියෙනවා.

Sahas Uyane Achcharu Perethayo සහස් උයනෙ අච්චාරු පෙරේතයෝ :- https://maps.app.goo.gl/7TDA2vvKj5yPRbV1A

කිව්වට විශ්වාස කරන්න ගිහිල් ඇවිල්ලා මාස දෙකක් වෙනවා තාමත් අපේ ගෙදර ෆ්‍රිජ් එකේ ඒ අච්චාරු තියෙනවා විසික් කරන්නෙත් නෑ කන්න බැරි උනාට.

ඉතින් සුන්දර ගමනක නිමාව තමයි මේ. ඉතිං අපි නුවරින් හයවේක හරහා ආපු විදිහටම
මා කුඹුරට ඇවිල්ලා බස් එකේ ත්‍රීවීල් එකකින් ගෙදර ආවා.

මේ වගේ ගමනකදි අත්දැකීම් බොහෝමයි. ජීවිතයට ඉගෙන ගත්ත පාඩම් බොහෝමයි. අපහසුතාවයන් වලට පත් වෙච්ච අවස්ථා බොහොමයි.සැලෙන්න එපා ඉදිරියටම යන්න.
ඔබට ජයෙන් ජය වේවා.

📞Bhanuka-0766038770
(වැඩි විස්තර සඳහා අවශ්‍ය කෙනෙක් කතා කරන්න)

Day 1 (2024/08/19)
Link- https://www.facebook.com/share/p/Z4XJSv12cWADoGcq/?mibextid=qi2Omg

Day 2 (2024/08/20)
Link- https://www.facebook.com/share/p/EaeFP3zg1ZjPf1rV/?mibextid=qi2Omg

Day 3 (2024/08/21)
link- https://www.facebook.com/share/p/8XSBeHvBZU3DGXXm/?mibextid=qi2Omg

Day 4 (2024/08/22)
link- https://www.facebook.com/100068928614623/posts/846807130960233/

Day 4 (2024/08/22)කොලම්පුරෙන් මන්දාරමට මන්දාරම්නුවරඔන්න ඉතින් හතරවෙනි දවසත් උදාවුනා.මන්දාරන් නුවර දාලා යන්න පට්ට එකමැත්ත...
07/10/2024

Day 4 (2024/08/22)
කොලම්පුරෙන් මන්දාරමට
මන්දාරම්නුවර

ඔන්න ඉතින් හතරවෙනි දවසත් උදාවුනා.

මන්දාරන් නුවර දාලා යන්න පට්ට එකමැත්තෙන් උනත් මන්දාරන් නුවර සිටින අවසාන දවස නිසා දවල් වෙනකම්ම මන්දාරම් නුවර ඉඳලා පිටත් වුණා මහනුවරට එන්න.

අපිට තීරණයක් ගන්න වුණා. ගෙදර යනවද එහෙම නැත්තං තව කොයි හරි ගිහිල්ලා දවසක් ඉඳලා ගෙදර යනවද කියල.

අපි නුවරඑළියේ යන්න සහ මහනුවර යන්න තැන් දෙක තමයි බෙදාගන්න බැරුව හිටියේ.

අවසානයට තීරණය කළා මහනුවර ට යන්න.

🛑📬📮📤📤📤📩📩📩📩
ඉතින් මේ ගමනෙදි මන්දාරම් නුවරින් එන්න පිටත් වෙලා සුපිරි වැඩක් මම කළා අපි දෙන්නගේ බෑග් වල හොඳටම බරත් වැඩියි. උස්සගෙන යන්නත් අමාරුවක් තියෙනවා අපි මන්දාරම් නුවර පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා 4kg ඇඳපු ඇඳුම් පාර්සල් එකක් විදිහට හදලා බාර දුන්නා ගෙදරට එන්න.

රු 500/= තමයි ගියේ. ඉතින් කල්පනා කරලා බලන්න ගොඩාක් පහසුයි. බොරුවට බර උස්සගෙන එන්න ඕනෙත් නෑ. නිදහසේ එන්න පුළුවන්. අපි ගෙදර එනකොට පාර්සල් එකත් ඇවිල්ල හොඳේ.

ශ්‍රී ලංකා තැපැල් මිල ගණන්- https://play.google.com/store/apps/details?id=com.cmali.lahiru.slpostageb

පහසු ක්‍රමයක් ඔබත් අත්හදා බලන්න. පොදු ප්‍රවාහන වල හෝ බයික් වල Travel කරන අයට මේක ගොඩක් වැදගත් වෙයි.

මොකද අපි දෙන්නා මහනුවර නතර වෙලා ඉඳලා නෑ කිසිම දවසක. ඉතිං අපි නතර වෙන්න තැන් කිහිපයකට කතා කළා.
අපිට අවශ්‍ය වුණා අප ලබා ගන්නා ආහාර Buffets විදිහට දෙන අපි අතේ තියෙන මුදලට හරි යන තැනක්.

Devon Hotel Kandy
location - https://maps.app.goo.gl/wqwJDo3M7QcErSNNA
කියන්නම ඕන දෙයක් තමයි මෙතනින් අපිට ඉහළ සේවයක් සහ ඉතා ප්‍රණීත ආහාර වේල් ලැබුණා.

ඉතිං අපි දවල්ට කෑමත් අරගෙන සවස 2.30 වගේ වෙද්දී හොටෙල් එකට ආවා.

ඇවිල්ල පට්ට බඩගින්න හිටපු නිසා කෑමත් කාලා ම change එකක් දාගෙන මාළිගාවට යන්න පිටත් වුනා.

🛑 විශේෂයෙන් මතක තියාගන්න ත්‍රීවීල් වල යනකොට Uber එකක් වගේ දාගන්න Normal ගියොත් නං ඒ වගේ දෙගුණයක් අය කරනවා.

ඉතින් අපි සැදෑ සිතින් මාළිගාවට ගිහිල්ලා වැඳ පුදාගෙන රාත්‍රී ආහාරයට හොටෙල් එකට ආවා. රෑ ඉතින් buffets දාලා තිබුන නිසා ඇතිවෙන්න කාලා ඊළඟ දවසට ලෑස්ති වුණා.

ගිහිල්ලා එනකොට අපේ එක්කෙනාට බලන්නම ඕන වුනු තැනක් තමයි මාළිගාවේ තියෙන ඇත් ගාල.

පස් වෙනි කොටසින් ඒ ගැන විස්තර කියන්නම්කෝ.

📞Bhanuka-0766038770
(වැඩි විස්තර සඳහා අවශ්‍ය කෙනෙක් කතා කරන්න)

Day 1 (2024/08/19)
Link- https://www.facebook.com/share/p/Z4XJSv12cWADoGcq/?mibextid=qi2Omg

Day 2 (2024/08/20)
Link- https://www.facebook.com/share/p/EaeFP3zg1ZjPf1rV/?mibextid=qi2Omg

Day 3 (2024/08/21)
link-https://www.facebook.com/share/p/8XSBeHvBZU3DGXXm/?mibextid=qi2Omg

Day 3 (2024/08/21)කොලම්පුරෙන් මන්දාරමට මන්දාරම්නුවරඉතිං අපි මේ 21 කියන දවස දාගෙන තිබුණේ උදෙන්ම පිටත් වෙලා මුළු දවසම ඇවිද...
12/09/2024

Day 3 (2024/08/21)
කොලම්පුරෙන් මන්දාරමට
මන්දාරම්නුවර

ඉතිං අපි මේ 21 කියන දවස දාගෙන තිබුණේ උදෙන්ම පිටත් වෙලා මුළු දවසම ඇවිදින්න යන්න.

දුක කියන්නේ උදේම වහින්න ගත්තා. අපි පිටත් වෙනකොට 10am විතර ඇති.

Safari Geep - 12,000/= - 18,000/= අතර
ත්‍රීවීල් - 4500/= - 7000/= අතර

හොයලා හොයලා හොයලා හොයලා ඇතිම වෙලා අන්තිමට තීරණය කලා අපේ නවාතැනට හිතවත් කෙනෙක් වුණු අජන්ත අයියා සමග ත්‍රීවීල් එකේ මේ ගමන යන්න.

යනකම්ම අපි දැනන් හිටියේ නෑ මේ ගමන කොයි වගේ ගමනක්ද කියලා ඔයාලටත් ඒ වගේම තමයි මේ ගැන හිතෙන්නේ.

අපි මුලින්ම ගියේ,
Location හැම එකේම දාලා ඇති බලන්න.

01. Ethiniwala Waterfall
https://maps.app.goo.gl/qUkC3Z4RfYZf7hS36?g_st=ic
අතීතයේ මෙම දිය ඇල්ලෙන් ඉතින් යක් වැටිලා තියෙන නිසා එම නම ලැබී ඇත.
50m වගේ යන්න තියෙන්නේ. පයින් යන්න ලොකු දුරක් නෑ. හැබැයි කූඩැල්ල නං ඉන්නවා ඔබ ඒ වෙනුවෙන් වශ්‍ය කරන දේ රැගෙන යන්න.

02. Mandaramnuwara View Point
https://maps.app.goo.gl/TpwxNe1JcK6SxUZL6?g_st=ic

මුළු මන්දාරන් නුවරම පේන තැනක් තමයි මේක. මන්දාරම් නුවර සිට නුවරඑළිය දක්වා යන බස් මාර්ගය දිවෙන්නේත් මේ හරහාමයි.
එතන ඉතින් හුළඟත් එක්ක හොඳටම සීතලයි සීතලේ ගැහි ගැහි ඉන්නකොට පැත්තකින් තියනවා උණු උණුවේ ප්ලේන්ටියක් බීලා රොටියක් කන්න පුළුවන් කඩයක්. නිකන් හිටියෙ නෑ ඉතින් ඇතිවෙන්න රොටි කාලා ප්ලේන්ටියක් ගැහුවා.

03.kolapathana Waterfall
https://maps.app.goo.gl/B58JF3VZWsLUeB4V7?g_st=ic

🎟️🎫🎟️ටිකට් පතක් එහෙම රැගෙන ඇතුලට යන්න ඕනේ කැලේ මැදින් 1km විතර. ගම්මාන මැදින් දිවෙන ඉතා සුන්දර මාර්ගයක් තමයි මෙයට තිබෙන්නේ.
🌄ටිකක් අපහසු මාර්ගයක් හැබැයි දිය ඇල්ල ළඟට ගියහම ඒ සුන්දරත්වය දැක්කහම ඒ හැම දෙයක්ම අමතක වෙනවා.

🛑 මතක තියාගන්න නෑම සම්පූර්ණයෙන්ම තහනම්. එයට හේතුව පානීය ජල මූලාශ්‍රයක් මේහි තිබෙන නිසා. ඒ වගේම මේ තැන් පණ වගේ ආරක්ෂා කරන්න ඔබත්.

04. කලුපාලම් ඇල්ල
https://maps.app.goo.gl/6drbxeC73gA3ruV58?g_st=ic

දවල්ට කන්න කෑමත් අරගෙන අපි ආවා නාල කන්න කියලා හිතාගෙන. අම්මෝ වතුර නිල් කැටේට සීතලයි. නානව තියා හිතන්නවත් බෑ. කැමති කෙනෙකුට ආරක්ෂිතව නාන්න පුළුවන් ස්ථානයක් තමයි මේක. ඉතිං අපි එතන සිරි නරඹලා පිටත් වුණා ඊළඟ ගන්නාන්තය බලා.

05.කබරගල ඇල්ල
https://maps.app.goo.gl/f5Py3RPQom3Bn1fLA?g_st=ic

ත්‍රීවිල් එකේ මේ ගමන පිටත් උණ නිසා ත්‍රීවිල් එකෙන් ගමන් කළ හැකි උපරිම දුරක් අපි ගියා අන්තිම කිලෝමීටරය විතර ජීප් රථයකට ගමන් කරන්න පුළුවන් වුනත් ත්‍රීවීල් රථයකට ගමන් කළ නොහැකියි. ටිකක් කදුමුදුනක වගේ මේක තියෙන්නේ ඉහළට යන්න යන්න ටිකක් සීතලක් ආවා ඒ සීතලත් එක්ක පයින් ගිහිල්ලා ඇල්ල බලල ආවා. හැබැයි ඇල්ල ළඟ ඉතා පාළු භයානක බවක් දකින්න ලැබුණා. වේගවත් සුළඟත් එක්ක පරිසරයේ තිබෙන වෙනස්ම ශබ්ද මේ ගමනෙදි ඔබටත් දකින්න පුළුවන්.

ඉතින් අපිව එක්කන් ආපු අජන්ත අයියට කෑම කන්න කියලා අපි ගිහිල්ලා ඇවිත් සීතලේ ගැහි ගැහී ම කෑමත් කාලා ම අපි ඊළඟ ගමනට සූදානම් වුණා.

මේ ගමනෙදි අමතක නොවන අත්දැකීම් ද අඩුවක් තිබුණේ නෑ.

06. පයිනස් වගාව
https://maps.app.goo.gl/qubibKeScx6yCiFN6?g_st=ic

ඡායාරූප ගන්න වීඩියෝ දර්ශන රූගත කරන්න කියාපුම තැනක් තමයි මේක.
පයිනස් ගස් වගා කරලා තියෙන ලස්සනම පෞද්ගලික ස්ථානයක් තමයි මේක. කෑම්පින් එහෙම කරන්නත් පුළුවන්. අපි ටිකක් මේ හරියට යනකොට හොඳටම රෑ වෙලා අපි ඉක්මනින්ම ඒ පැත්තෙන්ම දාලා අපේ නවාතැන බලා ආපසු පැමිණියා.

බොහොමත්ම ස්තූතියි අජන්ත අයියට.
බොහෝ සුන්දර ස්ථාන බලන්න ගියාට අමතක කරන්න බෑ මොහුව.

📞Bhanuka-0766038770
(වැඩි විස්තර සඳහා අවශ්‍ය කෙනෙක් කතා කරන්න)

Day 1 (2024/08/19)
Link- https://www.facebook.com/share/p/Z4XJSv12cWADoGcq/?mibextid=qi2Omg

Day 2 (2024/08/20)
Link- https://www.facebook.com/share/p/EaeFP3zg1ZjPf1rV/?mibextid=qi2Omg

Day 2 (2024/08/20)කොලම්පුරෙන් මන්දාරමට මන්දාරම්නුවරඔන්න ඉතින් මන්දාරම් නුවර දෙවන දවසත් උදාවුනා. අපි දෙන්නා තීරණය කළා දෙව...
09/09/2024

Day 2 (2024/08/20)
කොලම්පුරෙන් මන්දාරමට
මන්දාරම්නුවර

ඔන්න ඉතින් මන්දාරම් නුවර දෙවන දවසත් උදාවුනා.
අපි දෙන්නා තීරණය කළා දෙවෙනි දවස
Cloudy Cabin Mandaramnuwara
https://maps.app.goo.gl/TSWfG94nCCMiuKqc8
0712177966
0785701548

කොහේවත් ඇවිදින්න යන්නේ නැතිව අවට පරිසරයේ සුන්දරත්වය විඳින්න දෙන්නත් එක්කම මුළු දවසම නවාතැනේ ගත කරන්න හිතුවා.

කලින් දවසේ 180km දුර ගමනක් ආපු නිසා ගමනේ උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා.

🖼️දන්නවනේ ඉතින් දවසම ෆොටෝ ගහන එකයි කකා බිබී ම හිටපු එකයි තමයි කළේ.

🥪🍜තුන් වේලටම උණුම උණු ආහාරපාන අපි නවාතැනින් ලබා ගත්තා. ඔබට කැමති ඕනෑම ආහාරයක් ඔවුන්ගෙන් සකසා ගත හැකියි.

එදා දවස ක් ඒ වගේ කඳු මුදුනක ඇස් දෙකට දකින්න ලැබෙන සුන්දරම දර්ශන කිහිපයක් තමයි අපිට දකින්න ලැබුණේ.
ඒ දේවල් සුන්දරත්වය දකින්න අපි පෙර පිනක් කරලා ඇති.

🥺🥺🤔ඒ අතරේ පොඩි වැස්සකුත් වැස්සා.
ටිකක් බයේ හිටියේ කන්දක් උඩ හිටපු නිසා නාය ගියොත් එහෙම යන්නේ හෙළකට.
පහළ තියෙන්නෙ ඒ වගේ දරුණු බෑවුමක්.

ඒ අතරේ හෙට කියන දවසේ අපි යන්නේ කොහෙටද කියලා හදාගත්තා.
මෙහේ ඉතින් නැරඹුම් ස්ථාන සහ දිය ඇලි පමණක් නැරඹිය හැකියි.

මෙම නවාතැනෙහි අපිට අවශ්‍ය උණුවතුර, තේ එකක් හදාගන්න අවශ්‍ය ද්‍රව්‍යය, සියල්ලම සපයා ගත හැකියි.

🌹🌹විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ස්වභාවික ස්ථානයක් වන නිසා සීතල වතුර තමයි හැමදේකටම තියෙන්නේ. නාන්න ඇඟ හදන්නත් එක්කම.

🆓🆓යන්ත්‍ර සූත්‍ර තිබෙන නාගරික පරිසරයෙන් ඈත් වෙලා අපගේ මනසට හා ගතට විවේකයක් ගන්න මේ වගේ ගමනක් එන්නම ඕනේ කියලා අපිත් හිතා ගත්තා අඩුම තරමේ අවුරුද්දට දෙපාරක්වත්.

📞Bhanuka-0766038770
(වැඩි විස්තර සඳහා අවශ්‍ය කෙනෙක් කතා කරන්න)

Day 1 (2024/08/19)
Link- https://www.facebook.com/share/p/Z4XJSv12cWADoGcq/?mibextid=qi2Omg

07/09/2024

Address


Telephone

+94766038770

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Bhanu & Pathumi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with Bhanu & Pathumi:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share