Sri Lanka Camping Adventure

  • Home
  • Sri Lanka Camping Adventure

Sri Lanka Camping Adventure Sri Lanka Camping adventure

10/05/2022
දැන් මේක නවත්තපල්ල යකුනේ. තේරෙන්නෙ නැද්ද බොලාට මේකෙ යටින් හෙන ගේමක් තියනව කියල. ඔය ගිනි තියන එකයි ගහන එකයි නවත්තපල්ල. 1....
10/05/2022

දැන් මේක නවත්තපල්ල යකුනේ. තේරෙන්නෙ නැද්ද බොලාට මේකෙ යටින් හෙන ගේමක් තියනව කියල. ඔය ගිනි තියන එකයි ගහන එකයි නවත්තපල්ල.
1. සවේයි, කමලුයි හරි නිවිච්ච විදියට ඉල්ලිම් කරනව මානුශික වෙන්නලු.
2. මයිනගෙ මැරයො එකෙක්වත් arrest කරල කියල ආරංචියක් වත් නෑ.
3. අන්න ඒ අස්සෙ ගාඩ් එක මොකුත් නැතුව සිවිල් ගිහිල්ල, senior DIG කෙනෙක් ස්වකැමැත්තෙන් මිනිස්සු අස්සට බැහැල ගුටි කනව.
4. Curfew වෙලේ මල්වානෙ ගේ ගිනි තියනව නවත්තන්න කවුරුත් නෑ.

උඹල හිතනවද මේ අපිට ආදරේකට කියල, දේශබන්දුව ආසාවට බැහැල ගුටි කෑව කියල? නෑ යකුනේ ඔය නන්දසේනය ශවේන්ද්‍රට හමුදා පාලනේකට ඕනෙ පිඹුරුපත් හදනව. ඒක වෙනව උඹල සංසුන් උනේ නැත්තං.
වැදල ඉල්ලන්නෙ ඕක නවත්තපන්. යාලුවො ටික සංසුන් කරපන්. මාසෙකට වැඩිය ගෝල්ෆේස් එකේ කට්ට කාපු උන්ගෙ මහන්සිය වතුරෙ යවන්න එපා. නීතීඥයො ඔක්කොම අපි එක්ක. ඕකුන්ගෙ ඔක්කොම රාජසන්තක කරල හිරේ ඇතුලෙ විදවන්න ඕනෙ චරිත . ඒක නැතිකරන්න එපා.

නරකම ප්‍රජාතන්ත්‍රවාදෙ හොදම හමුදා පාලනේට වැඩිය හොදයි 🙏
Copied

31/03/2022

කඳුළු ගෑස් වලට ඔරොත්තු දෙන mask කොහෙන්ද ගන්න තියෙන්නෙ
හදිස්සියක්

බයේ පැනලා දුවන්න එපා එකමුතු වෙලා අසාධාරණයට එරෙහිව වැඩ පෙන්නන්න !හඬ පෙන්නුව ඇති
31/03/2022

බයේ පැනලා දුවන්න එපා එකමුතු වෙලා අසාධාරණයට එරෙහිව වැඩ පෙන්නන්න !හඬ පෙන්නුව ඇති

ගෙදර වැඩට ඉන්න මනුස්සයා ගෙදර රත්තරන් බඩු හොරකම් කරනවා හොරකම් කරපු රත්තරන් බඩු බෑග් එකේ තියෙනවා කියලා දන්නවා එහෙම දැන දැන...
31/03/2022

ගෙදර වැඩට ඉන්න මනුස්සයා ගෙදර රත්තරන් බඩු හොරකම් කරනවා හොරකම් කරපු රත්තරන් බඩු බෑග් එකේ තියෙනවා කියලා දන්නවා එහෙම දැන දැන රත්තරන් බඩුත් එක්ක ඒ මනුස්සයව ගෙදරින් පන්නනවා විතරද?

බත්තලංගුන්ඩුව Camping Rs.4500පමණයි/= (සැගවුණු ගාස්තු නැත)පෞද්ගලික බෝට්ටුවක් සමග0773116521 සුන්දර බත්තලංගුන්ඩුව දූපතේ රැය...
27/02/2021

බත්තලංගුන්ඩුව Camping
Rs.4500පමණයි/= (සැගවුණු ගාස්තු නැත)
පෞද්ගලික බෝට්ටුවක් සමග
0773116521

සුන්දර බත්තලංගුන්ඩුව දූපතේ රැයක් ගතකරන සිහිනය දැන් තවත් අඩු මුදලකට.
ලංකාවේ අඩුම මිල.4500= with BBQ
සැගවුණු ගාස්තු කිසිවක් නැත.

කල්පිටියෙ ඉදන් කිලෝමීටර් 38ක් ඈතින් තියෙන බත්තලංගුන්ඩුව දූපතේ Light , වතුර නැති නිසා ටිකක් දුෂ්කරයි අන්න ඒ දුෂ්කරතා සියල්ල අයින් කරල ඔයාලට ලස්සන අත්දැකීමක් ගන්න අයාලේ අපි සියල්ල සූදානම් කරල දෙන්න ලෑස්තියි

🌿🌿ඇයි අපිව තොරගන්න ඕනි

🍁දූපතේ කෑම්පින් පටන් අරන් වැඩිම කාලයක් හොදම සේවාවක් සපයපු ආයතනය අපි වීම

🍁ක්ෂේත්‍රයේ පලපුරුදු හා අත්දැකීමක් බහුල සුහදශීලි කාර්යමණ්ඩලය

🍁අපේ ප්‍රමුඛත්වය ඔබට සොඳුරු අත්දැකීමක් ගොන්නක් ලබාදීම වීම

🍁ඔබේ ආරක්ෂාව උපරිමයෙන් සැපයීම

පැකේජය

රු .4500 / = (බාබකියු සමඟ)
අසීමිත ජලය
පුද්ගලික බෝට්ටුව

දිවා ආහාරය, , උදෑසන ආහාරය. රාත්‍රී ආහාරය
රාත්‍රී බාබකියු (චිකන් සහ මාළු)
පානීය ජලය
සවස තේ පැන්
උදේ තේ
කඳවුරු බැඳීම
පුටු සහ මේසය
වැසිකිලි පහසුකම්
වාහන නැවැත්වීමේ පහසුකම්

Package

Rs.4500 /= (With BBQ)
Private Boat with unlimited water

Lunch , Dinner , Breakfast
BBQ (chicken & Fish)
Drinking Water
Evening Refreshment
Bed Tea
Camping Tent
Metres
Chairs & Table
Toilet facilities
Parking Facilities

0773116521
ඉකිමනින් දින වෙන් වන නිසා
කලින් දිනයක් වෙන් කරගන්න Call එකක් දෙන්න.

ලක්ෂ ගාණක් දීලා ගන්න කැමරාවක් එක්ක ට්‍රයිපොඩ් එකක් අරං ගිහිල්ලා ලස්සන පරිසරයක ෆොටෝ එකක් ගන්න ගන්න එකාගෙන් රුපියල් පන්දහක...
03/02/2021

ලක්ෂ ගාණක් දීලා ගන්න කැමරාවක් එක්ක ට්‍රයිපොඩ් එකක් අරං ගිහිල්ලා ලස්සන පරිසරයක ෆොටෝ එකක් ගන්න ගන්න එකාගෙන් රුපියල් පන්දහක් දහදාහක් කොටාගන්න හදන රටක්, ඩ්‍රෝන් එකක් ලක්ෂ ගාණක් දීලා අරං ඒකෙන් ෆුටේජ් එකක් ගන්නවට යවන යවන සැරේ ගාණක් ගන්න හදන රටක් ටුවරිසම් ප්‍රමෝට් කරන්න යන්නෙ සුද්දෝ ඇවිල්ලා මොනව කරයි කියල හිතාගෙන ද බං? නාලා කාලා එහෙම්ම ම යයි කියලද? සුද්දෙක් වුණත් ආසයි ඩ්‍රෝන් එකක් යවන්න ෆොටෝ ටිකක් ගහන්න තියන චාන්ස් එකකට. ඒවා වෙනම ම ටුවරිසම් කැටගරි. ෆොටෝ ටුවරිසම් කියන්නෙ වෙනම එකක්. ඒවා අපේ රටවල යල්පැණපු ආන්ඩුවලට තේරෙන්නෙ නෑ. තේරෙන්න උගත් බුද්ධිමත් උන් ආණ්ඩුවල ඉන්නෙපැයි. තාම ඉන්නෙ ආරච්චිල ල කෝරලේ ල වගේ සෙට්.

ඊ ලඟට ඉරාජ් ලා ටුවරිසම් ප්‍රොමෝට් කරන්න කියල මිලියන ගණන් බජට් වලට ගහන ෆොටෝ වීඩියෝ තියනවා.. ඒවා ලොකු බිල්බෝඩ් හෝර්ඩිං වල යනවා. අනේ ඒත් අපේ කොල්ලො සතපහක් නොගෙන පට්ට ලස්සන තැන්වල පට්ටම ෆොටෝ ආතල් එකට ගහල ෆේස්බුක් ඉන්ස්ටා දානවා.. අන්න ඒවා වයිරල් වෙලා ගිහින් සුද්දො දැකල කරල ලංකාවට එනවා.. ඒකෙන් ටුවරිසම් නැගල යනවා. අන්තිමට අර අපේ කොල්ලන්ට අවසර ගන්නය අරක ගන්නය මේක ගන්නය කියල ආණ්ඩුවෙං පාට් එක දානවා..

නියාමනය හොඳයි ඒකට අනිවා හිසනමනවා. ලියාපදිංචි කරන්න ඕනේ වගේම මේවා රක්ෂණය කරන එකත් කරන්න ඕනේ. ඒ වගේම මේ ක්‍රියාකාරකම් දැනුවත් කිරීම කරන එකත් හොඳයි. නමුත් ඩ්‍රෝන් එකක් උස්සන්න සල්ලි ගන්නවත් ෆොටෝ එකක් ගහන ගහන ගානේ සල්ලි ගන්නවත් ගියොත් වැඩේ වෙන්නෙ නෑ.. ඒ තමා නියාමනයේ ගසාකෑම. ඒ වගේම නිසි අවසර අරං සල්ලිත් ගෙවාගෙන යන කොල්ලො ඒ තැන්වලට ගියාම එතන ඉන්න බබක්කො දාන පාට් තමා ඉවසන්න ම බැරි. ෆොටෝ ගන්න දෙන්නෙ නෑ මේවගෙ.. පිස්සුද ඔයාට.. අවසර දෙන්නෙ නෑ.. අනේ.. මොනවද මේ වෙන්නෙ?

මොන විහිළුද මේවා?
සර් මේවා පොඩ්ඩක් බලන්න.. මේවා සර්ට පෙන්නන්න..
Yoshika kehelpanna

01/02/2021

😱😱😱😱😱😱😱
Buffalo attack leopard

2021/02/01 Sri lanka .
national park

camping experienceඔබගේ camping සිහිනය අපි සැබෑ කර දෙන්නම්.රු3500/= පමණයි call us 0773116521🤩ඔබ කළ යුත්තේ අපට "දිනය සහ ප්...
20/01/2021

camping experience
ඔබගේ camping සිහිනය අපි සැබෑ කර දෙන්නම්.
රු3500/= පමණයි
call us 0773116521
🤩ඔබ කළ යුත්තේ අපට "දිනය සහ ප්‍රදේශය" නම් කිරීම පමණයි

🔨campincallg සියලුම ආම්පන්න
🕴️ආරක්ෂාවට පුද්ගලයන්
🍜තුන් වේලටම ඉතා ප්‍රනීත කෑම වට්ටෝරු
🌜🔥රාත්‍රී සංගීතය සමඟ BBQ
🚿සනීපාරක්ෂක පහසුකම්
සියලු දේ අප සපයන අතර ඔබට
ඇත්තේ විනෝදවීමට පමණයි
එන්න අප හා කෑම්පින්ග් අත්දැකීම ලබන්න.
🤩ගොඩක් අය අහනවා කීදෙනෙක් අනිවාර්යෙන්ම ඉන්න ඕනද කියලා. එහෙම ප්‍රශ්නයක් නෑ. දෙන්නෙක් සිටියත්. අපිට වැඩේ කරන්න පුළුවන්. 🤩 us 0773116521

location
🐾 Baththalangunduwa Island
🌟 Deduro Oya River
🌟 Dolukanda
🌟 Galendind
🌟unuwewa
🌟 Hurulu Wewa
🌟 Habarana
🌟 Nuwaragala
🌟 Waalimba Hela
🌟 Govinda Hela
🌟 Rajagala
🌟 Doovili Ella
🌟 Diyaluma
🌟 Balangoda
🌟 Belihul Oya 🌟

😭😭😭😭😭 එකත් හරි
20/01/2021

😭😭😭😭😭 එකත් හරි

12/01/2021

ශ්‍රීපාදය කරුනා කරන්න මේ ටික කරගන්න 🙏

අදාළ ප්‍රදේශයේ PHI මහතාට address කරලා ලිපියක් ලියන්න, සිරිපා වන්දනාවට අවසර ඉල්ලලා.

ඔයාගේ නම, ලිපිනය, ජා.හැ.අංකය ලිපියේ ඇතුළත් වෙන්න ඕන

ලිපියේ සඳහන් වෙන්න ඕන ඔයා හෝ ඔයාගේ සමීප ආශ්‍රිතයෙක් මේ වෙනකන් නිරෝධායන කටයුත්තකට සහභාගී වෙලා නෑ කියලා (වෙලා නම්, වෙලා නෑ කියලා ලියලා අනිත් මිනිස්සු අමාරුවේ දාන්න එපා)

ඒක PHI මහතාට දීලා, ඒ ලිපියෙම යට හෝ පසු පිට එතුමා අවසර දෙනවා කියලා සටහන් කරලා නිල මුද්‍රාව සහිතව අත්සන යොදන්න ඕන.

සහතික කල ලිපියේ පිටපතක් සහ ජා.හැ. තේ photocopy එකක් PHI මහතාට ලබා දෙන්න..

තව පිටපත් කීපයක් අරන් යන්න මුල් පිටපත එක්ක කරුණා කරන්න යනකොට. තැන් කීපයකදී පරීක්ෂා කරනවා, ඒ තැන් වලට පිටපත් දෙන්න ඕන

එක ලිපියක අඩංගු වෙන්න ඕන එක ලිපිනයක් විතරයි.

හැටන් පාරෙන් කරුණා කරන්න මේක ප්‍රමාණවත්

⛅ වැදගත්ම දේ..

සමණළ අඩවිය හරි සුන්දරව තියනවා, ගිහින් කුණු තැන්වල දාලා විනාශ කරන්න එපා. බොහොම ආදරයෙන් ඉල්ලන්නේ.

සෞඛ්‍යාරක්ෂිතව කරුණා කරන්න. මාස්ක් තැන තැන දාලා එන්න එපා.

වන්දනාකරුවන් අඩු නිසා සත්තු තවම නිදහසේ ඉන්නවා කල්පනාවෙන් කරුණා කරන්න.

හැමදෙනාටම සුමන සමන් දෙවි පිහිටයි 🙏

😢😢😢😢😢😢😢😢😡
05/01/2021

😢😢😢😢😢😢😢😢😡

යාපනයේ පතුළක් නැති ළිඳේ අබිරහස විසඳෙයිබිත්ති නිර්මාණය වෙලා තිබෙන්නේ හිරිගල්වලින්  ළිඳේ යටම තිබෙන්නේ මුහුදු වතුර...සොබා ද...
21/12/2020

යාපනයේ පතුළක් නැති ළිඳේ අබිරහස විසඳෙයි

බිත්ති නිර්මාණය වෙලා තිබෙන්නේ හිරිගල්වලින්

ළිඳේ යටම තිබෙන්නේ මුහුදු වතුර...

සොබා දහම තැන තැන අපූරු නිර්මාණ බිහිකරයි. ඉන්දියානු උප මහද්වීපයේ දකුණු කෙළවර පිහිටා ඇති ශ්‍රී ලංකාව යනු සොබා දහමේ තවත් අපූර්වතම නිර්මාණයක් බව නොරහසකි.

දූපතක් ලෙස පිහිටා ඇති ශ්‍රී ලංකාවේ උතුරේ පිහිටි යාපනය අර්ධද්වීපය මෙහි අපූර්වත්වය තවත් තීව්‍ර කරයි. වසර මිලියන ගණනක් පුරා නිර්මාණය වූ හුණුගල් ස්ථරයකින් යාපනය අර්ධද්වීපය නිර්මාණය වී තිබේ.
මේ භූමි නිර්මාණය තුළ හිරිගල් ආවාට හා ඛාදනය හේතුවෙන් නිර්මාණය වූ ගුහා හෝ දෝනා තිබිය හැකි බව භූ විද්‍යාඥයෝ විශ්වාස කරති.

බොහෝ දෙනකුගේ මතය වන්නේ යාපනයේ නීලාවරෙයි හන්දියට ආසන්නයේ පිහිටා ඇති සුවිසල් ළිඳ පතුළක් නොමැති මහ කුහරයක් බවයි. ඒ නිසා එය පතුළක් නොමැති ළිඳ යැයි හැඳින්වීමට ශ්‍රී ලාංකිකයෝ පුරුදුව සිටිති.

ඉතා දැඩි සංචාරක ආකර්ශනයක් දිනා ඇති මේ පතුළක් නැති ළිඳ ගැන ඇති කතාවකින් කියවන්නේ සටන් විරාම කාලයේ මේ ළිඳට වැටුණු පුද්ගලයකුගේ සිරුරක් සොයාගත නොහැකි වූ බවයි. දින ගණනකට පසු ඔහුගේ සිරුර කන්කසන්තුරේ මුහුදේ පාවෙමින් තිබිය දී හමුවූ බව ද පැවසේ.

“එක වතාවක් මෙතැනට ආපු තරුණයෝ වගයක් මේ ළිඳේ වතුර කොතැනට සම්බන්ධ වෙලා තියෙනවා ද කියා බලන්න දෙහි ගෝනියක් මේකට දැම්මා. මේ දෙහි මතුවුණේ කීරමලෙයි මුහුදෙන්” ගැමියකු එසේ කීවේය.

ඔවුන් පවසන්නේ මෙහි පතුල සෙවීමට ගත් සියලු‍ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවයි. ඇතැමුන් පවසන්නේ මෙය කිලෝ මීටර 04ක් දුරින් ඇති කීරමලේ පොකුණ හා සම්බන්ධ බවයි. තවත් පිරිසක් කියන්නේ මේ ළිඳට ජලය ලැබෙන්නේ මාතලේ ප්‍රදේශයේ උල්පත්වලින් බවයි.

මෙහි සත්‍ය අසත්‍යතාව සෙවීමේ ගවේෂණයකට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම අත ගැසූහ.

ඔවුන් පවසන්නේ මෙය ළිඳක් ලෙස හැඳින් වුව ද බැලූ බැල්මටම එය හුණුගල් ආවාටයක් බව පැහැදිලි වෙන බවයි. ඉතාමත් පිරිසිදු නිල්වන් ජලයෙන් පිරී ඇති මෙම ළිඳ ඉතාමත් ගැඹුරු බව මතුපිට සිට බලන්නකුට පවා අවබෝධ වන කරුණකි. ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාව වසර සිය ගණනක් පුරා සපුරමින් පැවැති මේ ළිඳ අසල පැරණි දාගැබක නටඹුන් හා හින්දු කෝවිල් කිහිපයක් දක්නට ලැබේ. දාගැබේ නටඹුන් හේතුවෙන් මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇත. මීටර 14.5ක් දිගැති හා පළල මීටර් 10.7ක් වන මේ ළිඳ වටා සිමෙන්ති යොදා ළිං බැම්මක් සකසා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත දැලක් ද ඉදිකර තිබේ.

මෙම ගවේෂණය සඳහා හිරිගල් ගුහා සහ දෝනා ආශ්‍රිත කිමිදුම් කටයුතු කිරීමේ ප්‍රවීණයකු වන රුසියානු ජාතික වයිලි කෂ්කිනොව් මහතාගේ සහ ප්‍රවීණ කිමිදුම් ශිල්පියකු වන හික්කඩුවේ එම්.ජී. ප්‍රියන්ත මහතාගේ සහය ලබාගෙන තිබේ.

වයිලි මහතා වසර ගණනාවක සිටම ජලාශ්‍රිත උමං හා හිරිගල් ගුහා තුළට කිමිදුම් කටයුතු කිරීමේ පළපුරුද්දක් ඇති එවැනි කිමිදුම් සඳහා උපදේශකයකු මෙන්ම තාක්ෂණික කිමිදුම් කටයුතු පිළිබඳ පුහුණුව ලද අයෙකි.

වයිලි මහතා සහ ප්‍රියන්ත මහතා පළමුව මේ ළිඳට බැස්සහ. සියලු‍ ම ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරමින් මේ කටයුත්තට පිළිපන් දෙදෙනාගේ පළමු ඉලක්කය වූයේ ළිඳට බැස එහි වටේ පරීක්ෂා කිරීමයි. දෝනාවක් තිබේ නම් ඒ තුළින් ගමන් කිරීම දෙවැනි අදියරේ සිදුකිරීම අපේක්ෂාව විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ කීවේය.
“මේ සැලැස්මට අනුව කිමිදුම් කටයුතු ආරම්භ කරලා මිනිත්තු අටක් වැනි කෙටි කාලයකින් ළිඳේ පහළට ගොස් තත්ත්වය පරීක්ෂා කර මතුපිටට ආපු වයිලි මහතා කීවා ළිඳෙහි වතුර නිශ්චලව පවතින බව. ඒ වගේම මීටර 10-20ත් අතර ගැඹුරේ දී ජලය අපහැදිලි බවත් එම ජලයේ මඩ අංශු පවතින බවත් ඔහු කීවා. ඉන්පසු පතුලේ ඇති ජලය ඉතා පැහැදිලි නමුත් මැද ස්ථරයේ මඩ අංශු නිසා හිරු එළිය නොවැටීමෙන් පතුළ අඳුරු බවත් කීවා.”

ඉන්පසු මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්. දයානන්ද, එස්.එම්. නන්දදාස සහ රසික මුතුකුමාරණ යන තිදෙනා ද වයිලි සහ ප්‍රියන්ත සමඟ ළිඳ තුළට බැස කිමිදෙමින් පරීක්ෂා කරන්නට වූහ.

මෙහි ජලය මදක් කිවුල් ස්වභාවයෙන් යුක්තය. එසේ වුව ද ජලය පිරිසිදුය. මීටර 10-20 පමණ ගැඹුරට යන විට ජලයේ ලා දුඹුරු පැහැති මඩ අංශු මිශ්‍රවී තිබේ. එමෙන්ම ජලයේ කිවුල් ස්වභාවය මතුපිටට වඩා වැඩි බව ද මුතුකුමාරණ මහතා පවසයි.

තවත් ගැඹුරට යමින් මීටර 20 ගැඹුර පසුකරන විට ජලයේ පැහැදිලි බව යළි වැඩිවෙයි. මීටර 23-25ත් අතර ප්‍රමාණයේ දී ජලය ඉතා පැහැදිලි තත්ත්වයක පවතින බවත් එකවරම ජලයේ ලවණ ගතිය අතිශය ඉහළ යන බවත් ඔහු කීවේය. මුතුකුමාරණ මහතා පවසන්නේ මීටර 25න් පසු ජලය සම්පූර්ණයෙන්ම මුහුදු ජලය හා සමාන බවයි. එතැන් සිට ළිඳ පතුළට යනතුරුම දැඩි අන්ධකාරයක් පවතින අතර විදුලි පන්දම් නොමැතිව කිමිඳුම් කටයුතු කිරීම අපහසු කාර්යක් බව ද ඔහු පවසයි.

“මේ ළිඳේ ජලය සැලකූ විට ඉතාමත් අපූරු දසුනක් දක්නට ලැබුණා. ඝනත්වයෙන් වැඩි පතුලේ අැති මුහුදු ජලයත් ඉහළින් ඇති ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන්වන මායිම මෙහි පැහැදිලිව දකින්නට ලැබෙනවා. එම ස්ථානයේ විදුලි පන්දම් ආලෝකයෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය ඉතා ආකර්ශනීය දර්ශනයක්. ඒ වගේම ළිඳට වැටී තිබුණු ප්ලාස්ටික් වතුර බෝතල් සහ පොලිතීන් මලු‍ කිහිපයක් මේ ස්ථර දෙක වෙන්වන සීමාවේ ඉහළටත් පහළටත් ගමන් නොකර ස්ථාවරව පතින ආකාරය දක්නට ලැබුණා.”

පර්යේෂකයන් පවසන්නේ මෙහි ජලය ඉතා නිශ්චල බවයි. මතුපිට ජල මට්ටමේ සිට මීටර 40ක් පමණ ගැඹුරට ගිය විට ළිඳේ පත්ල හමුවී ඇත. වසර සිය ගණනක් පුරා ළිඳට වැටුණු ඇතැම් අපද්‍රව්‍ය මෙහි මැද එකතුවී තිබෙන්නේ කුණු ගොඩැල්ලක් ගැසූ ආකාරයෙනි. මේ අතර අසල ඇති බෝගසින් සහ අවට ශාකවලින් වැටුණු පත්‍ර හා රිකිලි රැසක් ඇති බව ඔවුහු කියති. ඒ අනුව ළිඳේ ගැඹුර අඩුම ස්ථානය ළිඳේ මැද බවට පත්ව ඇත.
ගවේෂකයන් වසන්නේ ළිඳෙහි කට ප්‍රදේශයට වඩා පතුළට යනවිට වට ප්‍රමාණය වැඩි වන බයි. ඒ අනුව පතුළට යන විට ගුහාවක් තුළට යන ආකාරයක් දක්නට ලැබෙන අතර මීටර 15ක් පමණ ගමන් කරන විට පහළට ලැබෙන ආලෝකය අඩු වෙයි. මෙහි බිත්ති නිර්මාණය වී ඇත්තේ හිරිගල්වලිනි. ඒ මත ඉතා සියුම් දුහුවිලි වැනි අංශු රැඳී තිබේ. ඉතා සුළු කැළඹීමකින් වුව ද ඒවා ලිහිල් වෙයි.

හුණුගල් ස්ථරයේ ස්වභාවය හා සැකැස්ම පරීක්ෂා කරමින් ගවේෂණ කණ්ඩායම ළිඳ පැති බිත්ති පවා ඡායාරූප හා වීඩියෝ ගතකර තිබේ. ළිඳෙහි බටහිර මායිමේ පතුලෙහි ගැඹුර මීටර 55කි. ජලයේ උෂණත්වය සෙල්සියස් අංශක 28-30ත් අතර ප්‍රමාණයක් බව ද ඔවුහු කියති.

“අපි මේ හිරිගල් බිත්තියේ සාම්පල කිහිපයක් ගත්තා. ඒවා පරීක්ෂා කිරීමේ දී මේ හිරිගල් ස්ථරය මයෝසීන යුගයට අයත් බව හඳුනාගත හැකි වුණා. ඒ හිරිගල් සාම්පල අතර කවච සහිත මුහුදු බෙල්ලන්ගේ ෆොසිල අවශේෂ දක්නට ලැබුණා” යැයි මුතුකුමාරණ මහතා කීවේය.

ගවේෂණය අවසන් කළ පර්යේෂකයන් පවසන්නේ මේ පතුලක් නොමැති බව පවසන ළිඳට හිරිගල්වලින් සෑදුණු පතුලක් තිබෙන බවයි. එමෙන්ම අවට ගම්වැසියන් සහ සංචාරක මඟ පෙන්වන්නන් පැවසුවාට මේ ළිඳ මුහුද හා කිසිදු සම්බන්ධයක් නොමැති බව ද අනාවරණය වී තිබේ.

මෙම පර්යේෂණය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරි ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න මහතා, සමුද්‍ර පුරාවිද්‍යාඥයන් වන රසික මුතුකුමාරණ මහතා, චමල් කේ. ගමගේ මහතා, සමීර ප්‍රසංග කරුණාරත්න මහතා, නදීකා කුමාරි මහ්තමිය, මහින්ද කරුණාරත්න මහතා සහ චමිලා කුමාරි මහත්මිය යන කණ්ඩායම සහභාගි වූහ.

ඔවුන්ගේ ගවේෂණයෙන් යාපනය අර්ධද්වීපයේ පතුලක් නැති ළිඳේ අභිරහස විසඳී ඇත.


සජීව විජේවීර
ඉරිදා ලංකාදීප

Copied

🔴වාද්දුව බීච් කෑම්ප් එක රෙඩි🔴සෙට් වෙන්න ආස උන් 0773116521 න් කෝල් කරල බුකින් වලට කතා කරපල්ල මචන්ල....බාබකියු, ලන්ච්, ඩින...
19/12/2020

🔴වාද්දුව බීච් කෑම්ප් එක රෙඩි

🔴සෙට් වෙන්න ආස උන් 0773116521 න් කෝල් කරල බුකින් වලට කතා කරපල්ල මචන්ල....
බාබකියු, ලන්ච්, ඩිනර් (මාලු වාඩියෙ), කෑම්ප් ෆයර්, බොන වතුර, නාන්න වතුර ඔක්කොම අපි දෙනව.
🔴10 ක ගෲප් එකක් ආවොත් සර්ෆින්ග් ලෙසන් එකකුත් දෙනව
බයිකර් ගෲප් වල අයට 20 % ක ඩිස්කවුන්ට් එකක් දෙනව
🔴බාබකියු එකට චිකන්, සොසේජස්, ඉස්සො, දැල්ලො
එක්කෙනෙක්ට 4000 ගානෙ දෙන්නෙ සියලුම පහසුකම් එක්ක

🔴 උදේ වරුවට රා වීදුරුවක් එහෙම ගහන්න ආස උන්ට ඕනෙනම් ඒකත් ගහෙන් බාපු ගමන් සෙට් කරල දෙන්න පුලුවන්

🔴දවල් 12 න් පස්සෙ තමයි කෑම්ප් සයිට් එකට ගන්නෙ. ඉන් පස්සෙ එවලෙම කපාපු කුරුම්බා හරි තැඹිලි හරි දෙනව වෙල්කම් ඩ්‍රින්ක් එකට. කෑම්ප් බ්‍රීෆින්ග් එකක් දෙනව ඉන් පස්සෙ කොවිඩ් වලින් ආරක්ෂාව එක්ක සයිට් එකේ ඉන්න විදිහ ගැන. ඉන් පස්සෙ දවල් කෑම කෙසෙල් ලොකේ ඔතපු බත්, ඌරු මස් හෝ ජාඩි බැදුම්, පපඩම්, පරිප්පු හොද්ද, අච්චාරු, කලටි පොල් එක්ක. ඩෙසර්ට් එකට පොල් පැණි දාපු කුරුම්බා එක්ක අයිස් ක්‍රීම්. ඉන් පස්සෙ කට්ටියත් එක්කම මූදෙ නාන්න එක්කන් යනව. කැමති අයට සර්ෆින්ග් ලෙසන් එකක් ගන්න පුලුවන්. හවසට කිඹුලා බනිස් එක්ක තේ හෝ කෝපි.
🔴දවල් දවසෙ ඔයාලට අවශ්‍යනම් ධීවරයන් මා දැල් අදිනව බලන්න පුලුවන්. හවසට නාගන්න පහසුකම් සියල්ල දෙනව. රාත්‍රියට බාබකියු එක. කට්ටියට විනෝද වෙන්න අපි දෙනව පොඩි බූම් බොක්ස් එකක් සින්දු දාගන්න. කැමති අයට ගිනි ගොඩ වටේ හීනියට සෙට් වෙන්න අවුලකුත් නෑ. පහුවදා උදේට තේ කෝපි, හෝ කොළ කැඳ. උදේ කෑමට පාන්, බත් හෝ රොටි ඔබේ කැමැත්ත පරිදි. ඉන් පස්සෙ මූදෙ නාන්න. ධීවර වාඩිය බලන්න වගේම ආයෙත් සර්ෆින්ග් ලෙසන් එකක් ගන්න පුලුවන්... ඉන් පස්සෙ උදේ දහයට එකොලහට විතර තේ කෝපි දෙනව ස්නැක් එකක් එක්කම... දවල් 12 / 1 වෙද්දි අපේ සර්විස් එක ඉවරයි. නමුත් ඔයාලට ටිකක් හවස් වෙනකන් ඉන්න ඕනෙනෙම් හෝ එදාටත් දවල් කෑම කන්න ඕනෙනෙම් පහසුකම අපි හදල දෙනව...
යාලුවො එක්ක වාද්දුව බීච් එකේ නයිට් කෑම්පින්ග් කරල, රෑට බාබකියු එකක් දාල, උදේටයි දවල්ටයි ධීවර වාඩිය ඉඳන් කෑම කාල, සර්ෆින්ග් ලෙසන් එකක් එහෙම අරන් මූදෙත් නාල විනෝද වෙන්න ආස අයට 0773116521 න් කතා කරන්න කියන්න.
10 දෙනෙක් ඉන්න ගෲප් එකක එක්කෙනෙක්ට 3500. බොන වතුර, කෑම, බාබකියු, සර්ෆින්ග් ලෙසන් එකක්, නාන්න වතුර, ඔක්කොම අපි දෙනව. රික්වෙස්ට් කලොත් ටීම් බිල්ඩින් ඇක්ටිවිටීස්, නයිට් ස්කයි ඔබ්සර්වේශන්, නයිට් ටර්ටල් ඔබ්සර්වේශන් ඕගනයිස් කරනව. අපි සියලුම දේ උයල දෙනව, කුක් කෙනෙක්, ආරක්ෂාවට කෙනෙක් වගේම එන අයගෙ උදව්වට කෙනෙක් ඉන්නව. රෑට කෑම්ප් ෆයර්, ලන්තෑරුම් ඔක්කොම තියෙනව. හැම ටෙන්ට් එකකටම චාර්ජබල් එමර්ජන්සි ලෑම්ප් එකක් දෙනව නිදාගන්න.

😍පිටරට අය මේකට කියන්නේ ජීවිතය විදිනවා කියලා.🤫ලංකාවේ මේකට කියන්නේ සංස්කෘතිය කනවා කියලා.
22/11/2020

😍පිටරට අය මේකට කියන්නේ ජීවිතය විදිනවා කියලා.
🤫ලංකාවේ මේකට කියන්නේ සංස්කෘතිය කනවා කියලා.

රත්නපුරේ යනවා නම් නාන්න මෙන්න place එක 🙈❤️🍇 වළගම්බා රජු දිය නෑ "රජනාව ඇල්ල" ⛰️🌬️🌳🌼🐝😍රජනාව ඇල්ල සහ ඒ නාන තොටුපල මේ වන විට...
12/11/2020

රත්නපුරේ යනවා නම් නාන්න මෙන්න place එක 🙈❤️🍇
වළගම්බා රජු දිය නෑ "රජනාව ඇල්ල" ⛰️🌬️🌳🌼🐝😍

රජනාව ඇල්ල සහ ඒ නාන තොටුපල මේ වන විට සංචාරකයින් අතර හරි ප්‍රසිද්ධයි..

මේ ඇල්ලේ රජෙක් දියනාපු නිසාලූ මේ නම ලැබිලා තියෙන්නේ...
වළගම්බා රජු දියනෑමට යොදාගත් ඇල්ලක් බවට ජනප්‍රවාද පවතිනවා..

ඒ නිසා මේ ඇල්ලට මුල් අවධියේ රජානෑව ඇල්ල කියලයි හදුන්වලා තියෙන්නේ...

පස්සේ කාලෙදි තමා රජානෑව ඇල්ල රජනා ඇල්ල බවට පත්වෙලා තියෙන්නේ...

මේ ඇල්ල ආශ්‍රිතව ගල් ලෙන් දෙකක් රජු පරිහරණය කල බවට මතයක් පවතිනවා.. මේ ගල්ලෙන්හි රජූ පරිහරණය කළ රන් ආභරණ තැන්පත් කර ඇති අතර එහි ආරක්ෂාවට රන් ආදෙක් සිටින බව මතයක් පවතිනවා...

හැබැයි මේ හැමදේම මිත්‍යා මත මිසක් සැබෑවුන දෙයක් නෙමේ.... නැත්නම් මිනිස්සු මෙවල නිධන් හොයන්න යයි...

මේ දිය ඇල්ල අඩි 45ක් පමණ උසයි...

දිය ඇල්ලක් උනත් අප අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ දිය නෑමට නියම ස්ථානයක් ලෙසයි.

මොකද ස්වභාවිකව පිහිටි තටාකයක් ලෙසට මේක පිහිටලා තියෙන්නේ...

නමුත් ඇල්ලේ පෙනෙන උසට වඩා වතුර වැටෙන බේසම වගේ ස්ථානය ගැඹුරුයි කියලයි කියන්නේ...

වසර අගදී මදක් වතුර අඩු වුවත් අනෙක් කාල වලදී නම් සැලකිය යුතු ප්‍රමාණයේ වතුර තියෙනවලු.
ඉතින් ඔයාලා යනවා වගේම පරිස්සමින් හොදේ..

රත්නපුර නගරයේ සිට 5km පමණ දුරකින් තමා මේ ඇල්ල පිහිටලා තියෙන්නේ...

ගියාට කමක් නෑ පරිසරය විනාශ නොකර එන්න..

Rajanawa | Srilanka
Photo credit goes to original photographers 📷

Address


Telephone

+94773116521

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Camping Adventure posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Camping Adventure:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share