Tuk Tuk Travel - TTT

  • Home
  • Tuk Tuk Travel - TTT

Tuk Tuk Travel - TTT ගෙදර ඉදන් ට්‍රැවල් කරන්න Travel with tuk tuk

මහ නුවර දිස්ත්‍රික්කයේ වු ගම්පොල නගරය ආශ්‍රිතව පිහිටි මනරම් කඳු ගැටයකි, අම්බුළුවාව. කඳු මුදුන මුහුදු මට්ටමේ සිට අඩි 3567...
31/08/2021

මහ නුවර දිස්ත්‍රික්කයේ වු ගම්පොල නගරය ආශ්‍රිතව පිහිටි මනරම් කඳු ගැටයකි, අම්බුළුවාව. කඳු මුදුන මුහුදු මට්ටමේ සිට අඩි 3567 ක් උසින් පිහිටා ඇත. සිරිපාද, නකල්ස්, බතලගල සහ හන්තාන කන්දු වැටි මැදි කොට රජයන අම්බුළුවාව රමණීය පරිසරයක පිහිටා තිබේ. මනරම් තුරුලතා සහ සතා සිව්පාවාගෙන් ගහන වූ මෙම සුන්දර පරිසරය මෑතකදී ජෛව විවිධත්ව නිකේතනයක් ලෙස හඳුන්වා දී ඇත.. දීර්ඝ කලක පටන් කාගේත් අවධානයට ලක්ව නොතිබූ අම්බුළුවාව සංවර්ධනය කිරීමෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කලේ දී. මූ. ජයරත්න මහතා ය.

පිවිසුම් මාර්ගය

අම්බුළුවාවට පිවිසිය හැකි පහසුම මාර්ගය වන්නේ ගම්පොලට පැමිණ ගම්පොල සිට හෙම්මාතගම දක්වා වැටී ඇති මාර්ගයේ ධාවනයේ යෙදීමයි. මෙම මාර්ගය අම්බුළුවාව හරහා වැටී තිබේ. විශාල පුවරුවක් සවිකර ඇති බැවින් එම ස්ථානය සොයා ගැනීමට කිසිඳු අපහසුවක් නැත. ඒ ආශ්‍රිතව රථ ගාලක්ද පවත්වාගෙන යයි.

මග දෙපස අසිරිය

එතැන් සිට කඳු මුදුනේ පිහිටි සර්ව ආගමික සිද්ධථානය කරා පයින් හෝ වාහනයකින් ගමන් ගත හැක. නමුත් මාර්ගයේ පටු බව නිසා බස් රථයකට හෝ ලොරියකට එහි ධාවනයේ යෙදීමට දුෂ්කර වනු ඇත. වෙනත් වාහනයකින් සිද්ධථානය ආසන්නයටම ගමන් කල හැකි නමුදු එවිට අවට පරිසරයේ සුන්දරත්වය විඳීමේ මහඟු අවස්ථාව මගහැරෙයි.

පයින් ගමනේ යෙදේ නම් ඊට පැය එකහමාරක පමන කාලයක් ගතවේ. තරමක් විඩාබර වුවද එය ඉතා විනෝදජනක අත්දැකීමකි. අම්බුළුවාව ආශ්‍රිතව ශාක විශේෂ 200ක් පමණ දැනට අනාවරනය කොට ඇත. නෙක තුරුලතා මග දෙපස සරසද්දී හාවුන් වැනි සතුන් සැරිසරන බවට සලකුණු දක්නට ලැබේ.මදක් සන්සුන්ව ගමනේ යෙදේ නම් මෙම සතුන් හැබැහින් දැකගැනීමට අවස්ථාව උදා වේ. විවිධ පක්ෂී නාදයෙන් මුළු පරිසරයම ගීතවත් වේ. ගමනෙන් 3/4 ක් පමණ දුරක් අවසන් වූ තැන පිහිටා ඇති අවන්හල ඔබේ විඩාව නිවා ගැනීමට කදිම තෝතැන්නකි. උණු කහට කොප්පයකින් සප්පායම් වී තව දුරටත් ඉදිරියට යාමේදී අපගේ ගමනාන්තය වෙත ලඟා වෙයි.
.

කඳු මුදුනේදී…

අම්බුළුවාව කඳු මුදුනේ පිහිටි සර්ව ආගමික මධ්‍යස්ථානයෙහි බෞද්ධ, හින්දු, කතොලික සහ මුස්ලිම් යන ආගම් සියල්ලටම අයත් පූජස්ථාන පිහිටා ඇත. නමුත් මේ සියල්ල අතරින් වඩාත් සිත්ගන්නා සුළු වන්නේ අඩි 400ක් උස වී බිස්සක හැඩයෙන් නිමවා ඇති චෛත්‍යයි. එහි චූඩා මානික්‍ය කරා ළඟා වීමට හැකිවන පරිදි පඩිපෙල් සකස් කොට තිබේ. උස් ස්ථාන තරණය කිරීමට රුචිකත්වයක් දක්වන ඕනෑම අයෙකුට මෙය ත්‍රාසජනක අත්දැකීමක් වනු නොඅනුමනය. තවද කඳු මුදුනේ ඉදි කොට ඇති සුවිසල් වතුර ටැංකි තුනක් මඟින් කඳු පාමුල වෙසෙන පවුල් වල ජල අවශ්‍යතාව සපුරාලයි. ගතත් සිතත් සිසිල් කරවන සීත සුලඟත් විටින් විට අප වසා ගන්නා මීදුම් පටලයත් උඩරට මැණිකේ දුම්රියේ නලා හඬේ දෝංකාරයත් ගෙන එන්නේ අමුතුම මිහිරියාවකි. ස්වභාවික පරිසරයේ අසිරිය විඳීමට ලැදි ඕනෑම අයෙකුට අම්බුළුවාව ඉතා ආකර්ශනීය අත්දැකීමක් වනු නොඅනුමනය. මේ අම්බුළුවාවේ සුන්දරත්වයයි!!!

පහසුකම්

අම්බුළුවාව ප්‍රදේශය ආශ්‍රිතව ඉන්ධන පිරවුම් හලක් දක්නට නොමැති අතර ගම්පොල නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් අදාළ පහසුකම සපයා ගත හැක. ඒ ප්‍රදේශය ආසන්නව නවාතැන් පහසුකම් සපයා ගැනීමද දුෂ්කර කටයුත්තකි. නමුත් ගම්පොල නගරය ආශ්‍රිතව නවාතැන් පහසුකම් පවතියි.

Tuk Tuk Travel- TTT

30/08/2021

ගෙදර ඉදන් ට්‍රැවල් කරන්න

Address


Telephone

+94701754464

Website

Alerts

Be the first to know and let us send you an email when Tuk Tuk Travel - TTT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share