Ajee Rajapaksha

  • Home
  • Ajee Rajapaksha

Ajee Rajapaksha my you tube channel

Natural colur with nature ...
06/10/2023

Natural colur with nature ...

Searching spiritual life .... come to vegan life . No harm enybody.. save lives of animals ..Buddha bless everyone ! God...
29/06/2023

Searching spiritual life .... come to vegan life . No harm enybody.. save lives of animals ..Buddha bless everyone ! God bless everyone !🌷🌷 photography by Saubagya Studio ,, Saliya Kumara

While understanding about the life !❤️
10/11/2022

While understanding about the life !❤️

Powered by plant based ...go vegan ...vegan life style ...
27/10/2022

Powered by plant based ...go vegan ...vegan life style ...

සෙනෙහසේ උනුසුම් සුසුම් පොදනුඹ ලයෙහි හොවා මා මුහුනතඅසා සිටියෙමි හද ගැහෙන හඩනික්මී යන්නට නුඹගෙන් අවසන් තත්පරය...කදුලින් තෙ...
18/09/2022

සෙනෙහසේ උනුසුම් සුසුම් පොද
නුඹ ලයෙහි හොවා මා මුහුනත
අසා සිටියෙමි හද ගැහෙන හඩ
නික්මී යන්නට නුඹගෙන් අවසන් තත්පරය...
කදුලින් තෙත් වී මිලාන වී ගිය දෙනෙතින්
මහදෙහි සිදීගිය ජීවිතය ඉල්ලමින්
සුසිනිදු දෑත් ගෙන නුඹ මුව දෙස බැලීමි
නවතින්නට මා ළග සදාදරණීය පෙමින්..
ලේඇටමස් ගතපුරා කාවැදුණු
කාලයේ මතක පොතින් පැල්පොදියම් වුනු
උණුසුම් වී රූරා බසින කදුලින්
වැළදගතිමි නුඹගේ වත්සුණු ගත...
සුළගට අකීකරු නුඹගේ කෙහෙරැලි
දවටාගනිමින් මා මුහුනෙහි
තනිකමක්ම වූ ගනදුර
පහන් කරන්නට නුඹේ ලයාදරයෙන්
අයදුනිමි සිඹ මුවකමල..
චන්චල සසල නුඹේ දෙනෙත් තුල
තෙතමනයක් නොමැති නුඹහද
නොවැලදගත්තේය මා ජීවිතය
සදානොවෙනස් කියූ නුඹ ...
නවතින්නට නොහැකිය
තවත් නුඹ ළග
යන්නට බොහෝදුර
සමුගන්නෙමි සොදුරිය
මේ අවසන් තත්පරයට...

පරාජිත මිනිසා 🖍️🖍️🖍️🖍️

නළලත සිඹඅල්ලාගෙන අතින් පාසැල් රැගෙන ගියඋදේ හවා...මපුතු පෙරමග බලයිපැමිණ ගේට්ටුවෙන් එළියට තාත්තා ඒවිදෝ මා අත ගන්නටකරුණාබරි...
17/09/2022

නළලත සිඹ
අල්ලාගෙන අතින්
පාසැල් රැගෙන ගිය
උදේ හවා...
මපුතු පෙරමග බලයි
පැමිණ ගේට්ටුවෙන් එළියට
තාත්තා ඒවිදෝ මා අත ගන්නට
කරුණාබරිත ලෙයින් තෙත් වූ ආදරයෙන් ...
එය එක නිමේෂයක වූ ලොවක්ම විය
පියවි ලෝකයට පැමිණි විට
කදුලින් තෙත් විය පුතුගේ පුන්චි තරුකැට ඇස්
අදහාගන්නට නොහැකිව කිසිත්
නොතේරෙන ඔහුගේ ලොකයට...
තනිකම දැණුනි මුලු හදවතම වෙළමින්
දෙපා වාරු නැතිවිය උගුර තොල් වියලමින්
යන්නේ කෙසේද ඔබ නොමැතිව තුටින්
බලන්නේ කෙසේද ලෝකය දෙස දිරියෙන්...
අහන්න නුඹගේ හදගැස්මේ රිද්මය
වැළදගෙන පපුවට තුරුලුකරන්
නොයෙමි අතහැර නුඹ මගේ ලොකයට
මජීවිතයක් සොයන්නට ...
බලාසිටිමි හැම තත්පරයක් පුරා
ලගින් සිටිමි සෙවනැල්ල ලෙස
ආරක්ශා කරමි දිවරෑ අවදියෙන්
ඉශ්‍ඨ දෙවියන් ලෙස...
මපුතුනි
තබන්න පියවර ඉදිරියට
ගතට සිතට වාරුව ගෙන
පිසදා ඔය පුන්චි ඇස්වල කදුලු කැට..
සිටින්නෙමි නුබේ තනියට
ජීවිතයක් හමුවනතුරු
මගේ මතකය මැකෙනතුරු
එතෙක් මා
ගන්ධබ්බයෙන් නොයෙමි
මටම උරුම ජීවිතය සොයන්නට...

පරාජිත මිනිසා...🖍️🖍️🖍️🖍️🖍️🖍️

Have a happy day my friends...
21/08/2022

Have a happy day my friends...

සැදෑ කාලයේ මිලාන වූපුශ්පයක් මෙන් ඉකිගසා හඩන මසිතයළි යළිත් අවදිකරවයිනුඹගේ මතකය...හදවතෙහි ලබැදි ආදරයසෑම මොහොතකම වැඩිවෙන කළ...
02/07/2022

සැදෑ කාලයේ මිලාන වූ
පුශ්පයක් මෙන්
ඉකිගසා හඩන මසිත
යළි යළිත් අවදිකරවයි
නුඹගේ මතකය...
හදවතෙහි ලබැදි ආදරය
සෑම මොහොතකම වැඩිවෙන කළ
දනින් වැටී නුඹ ළග
අසරණවන මගේ සිත
නොමැතිව කීකරුව
නවත්වන්න අනන්තයට යන සිත ..
හදවතේ ගැස්ම වැඩි වී
හුදෙකලාවට තුරුලු වී
මිමිණුවෙමි ළං කරගන්නට
නුඹව තව තවත් ...
උන්මාදයක් යැයි සිතා
තරහින් බලන කළ නුඹ මදෙස
හඩාවැටෙමි හදවතින් දහස්වර
ජීවත් වන්නේ කෙසේදැයි
නුඹ නොමැතිව ...
නුඹට අවබෝධ කරගන්නට බැරි
මගේ ළයාදර පිවිතුරු පෙම
කීරි ගසමින් හදවත් රුධිරයෙහි
හඩාවැටෙයි සෑම තත්ත්පරයක් තුළ...
වැළදගන්න මා හදවත
නිවාලන්න දහසක් දුක් ගින්දර
සුවපත් කරන්න මගේ සිත
දුකින් මුදාලන්න සියල් සත්ත්වයන්
වඩින් මගේ යසෝදරාවියේ...

පරාජිත මිනිසා 🖌️🖌️🖌️🖌️🖌️

මා වෙනුවෙන් සුපිපුන සුගන්ධවත්  කුසුමසුවද හමන්නේ කොහේ සිටදැයි නොදනිමි සොඳුරිය...කදුලු තැවරුණු දෙනෙත් සෑම මොහොතකමහඩාවැටෙන ...
28/06/2022

මා වෙනුවෙන්
සුපිපුන සුගන්ධවත් කුසුම
සුවද හමන්නේ කොහේ සිටදැයි
නොදනිමි සොඳුරිය...
කදුලු තැවරුණු දෙනෙත්
සෑම මොහොතකම
හඩාවැටෙන සිතින් යුතුව
ඔබ දැක ගැනීමට
පෙරුම් පුරයි සොඳුරිය
මා මියයන්නට පෙර ....
සෑම නිමේෂයකම හුදෙකලාව මකා දමා
ඔබගේ වදන් තුල සුවපත් වී මහද
හරි ආදරයෙන් සිපගන්නට ඔය නළලත
පෙරුම් පුරයි මා සොඳුරිය ...
දුක්ගිනි ගිරි කටුක ජීවිතය
එතෙර කරන් ඔබේ සොඳුරු සුවපත් වදන්
මැරි මැරී ජීවත්වන මේ දුක් ජීවිතය
මුදවාලන්න ඔබේ සොඳුරු බැල්මෙන් ...
මිරුගුවක් පසුපස යන මේ ජීවිතය
අවබෝධයෙන් සත්‍යයට යන්නට
හරි ආදරයෙන් ජීවිතය දෙන්න
හුදෙකලාව මකාලන්න
මා ලගින් ඉන්න සොඳුරිය ....
හදවතේ දුක් ගීය අසන්න
සියල් සතුන් දුකින් මුදාලන්න...
දිරිය දෙන්න නොකිලිටි ආදරයෙන්
සිතට දිරිය ගන්නා තුරා....
සෑම මොහොතකම වෙනස්වන මේ ජීවිතයේ
පාලුව මකාලන්න යශෝධරාවියේ
සියලු කෙලෙස් නසන්නට....

පරාජිත මිනිසා....🖌️🖌️🖌️🖌️🖌️🖌️

නෙතු දල්වා ඉදිකඩ ළගබලා හිදි ඔය දෑස් මතක් කරවයි  කරුණාවෙන් පිරුණ ඔබේ හදවත...නුබේ නිවසට ගියසෑම නිමේෂයකමකහට කෝප්පයක් නුබේ ද...
24/03/2022

නෙතු දල්වා ඉදිකඩ ළග
බලා හිදි ඔය දෑස්
මතක් කරවයි
කරුණාවෙන් පිරුණ
ඔබේ හදවත...
නුබේ නිවසට ගිය
සෑම නිමේෂයකම
කහට කෝප්පයක්
නුබේ දෑතින් සාදා
මුවට නැගුණු සිනහව
පිරි ඔබේ මුවින්
පිළිගැන්වූයේ ලයාදරයෙනි..
මලහිරු බැස යන යාමයේ
නුබේ නිසල දේහය යටවුනු
පස්කොත දකිනවිට
හැඩුවෙමි හදවතින් දහස්වරක්...
දැක්කේය නුබගේ ලොකු පුතු
සිටුවනවා පැලයක්
නුබ නිදනා පස්කොත උඩ
එක් අතකින් කදුලු පිසිමින්...
අවුරුදු ගනන් ගියකල
මේ මහා පොලොවේ
සිටවූ රුක්කමූලය ඔබ වෙලා ගනී....
නුබගේ මතකය වෙලාගත්
හඩනා මගේ සිත
අවදිකරයි අම්මේ
නුබගේ රුව
පසක් කරවයි
මේ කිසිත් අපිට අයිති නැති වග..

පරාජිත මිනිසා ✏️✏️✏️✏️

ගෙවෙන එක් දවසක්දැනුණි කල්පයක් ලෙසදෙපා  වෙහෙසා ඇවිදගියනිරුත්සාහකව ගෙවුණ දිවියඑලිය කරන් පුන්චි තරු කැටයක් වී...සද එළියක් ත...
20/03/2022

ගෙවෙන එක් දවසක්
දැනුණි කල්පයක් ලෙස
දෙපා වෙහෙසා ඇවිදගිය
නිරුත්සාහකව ගෙවුණ දිවිය
එලිය කරන් පුන්චි තරු කැටයක් වී...
සද එළියක් තරම් නොවුවාට
ඈත අහසේ දිදුලන පුන්චි තරුකැටය
වටීවිය මා ජීවිතයට...
පවසන්න දෙසවනට
ඇහැරෙන්න විඩාබර දෙනෙත්
යන්නට ජීවන මන්තලාවේ
දෙන්න දිරිය...
බලන්න මා දෙනෙත්
මවාගන්න ඔය දෙනෙත්
දකින්නට මා සිතින්
ජීවත්වන්නට හැම භවයක...

පරාජිත මිනිසා ✏️✏️✏️✏️✏️✏️

ඉස්සර දවස්වලනෙතු පියාන ඉන්නටනොහැකිවන තරමටඋණුසුම් කදුලු තැවරුණු දෑස්මගබලයි සොදුරිය නුබේ වත දැක ගන්නට....මේ විසල් විශ්වයේ ...
19/03/2022

ඉස්සර දවස්වල
නෙතු පියාන ඉන්නට
නොහැකිවන තරමට
උණුසුම් කදුලු තැවරුණු දෑස්
මගබලයි සොදුරිය
නුබේ වත දැක ගන්නට....
මේ විසල් විශ්වයේ
සෙවුවත් අප්‍රමාණ
නොඉඳුල් නොවෙනස්
ආදරය
සිහීනයක්ම නොව
සැබැහින් දකින්න...
එක සැදෑවක
හිරු බැසයන යාමයේ
නුබේ මියුලැසි දෙනෙතින්
මදෙස බලන්න
හමායන සුළගට නැලවෙන
නුබේ හිසකේ රැලි දවටන්න..
මවාගන්න මගේ ජීවිතය
ජීවිතය විදින්න මට දෙන්න
ආදරය දෙන්න
හුදෙකලාව මකාලන්න ...

පරාජිත මිනිසා..✏️✏️✏️✏️

A good moment ..at dabhana.
13/03/2022

A good moment ..at dabhana.

දුක්ක දෝමනස්සයන් මදකට අමතකකොටහයිය නොමැති සිතටවාරුවගෙන..හරිආදරයෙන් කරුණාබරිත හදටතුරුලුකරමින්පුතුගේ උණුසුමටලැදියෙන්...නැගෙ...
13/03/2022

දුක්ක දෝමනස්සයන්
මදකට අමතකකොට
හයිය නොමැති සිතට
වාරුවගෙන..
හරිආදරයෙන්
කරුණාබරිත
හදටතුරුලුකරමින්
පුතුගේ උණුසුමට
ලැදියෙන්...
නැගෙන රළපර
වෙරළට එනවිට
පාගන්නට කැමති
පුන්චි පුතුගේ දෙපා
තදින් අල්ලා..
සියුම් වැල්ල මත තබා
පියමන් කළේ
සබද
පිය සෙනෙහසට අරුත
එක්කොට
යැයි මට සිතුන හැටි....❤️❤️

පරාජිත මිනිසා..✏️✏️✏️✏️

ජීවත්වන්නට ජීවය දුන්හුස්ම ගන්නට හුස්ම දුන්සදාදරණීය මිහිකත...ගස්වැල් සතා සිව්පාවාහමන සුළගහුදෙකලාවේ අපූර්වත්වයටඅරුත කියදුන...
11/03/2022

ජීවත්වන්නට
ජීවය දුන්
හුස්ම ගන්නට හුස්ම දුන්
සදාදරණීය මිහිකත...
ගස්වැල් සතා සිව්පාවා
හමන සුළග
හුදෙකලාවේ අපූර්වත්වයට
අරුත කියදුන්
සෑම නිමේෂයකම..
ස්වභාදහමට අයිති දේ
නැවත දෙන්නට
හුස්ම ගනිමි හෙළමි
සිහියෙන්
දිරියෙන්
ඉදිරියට ...

පරාජිත මිනිසා..✏️✏️✏️✏️

ආදරය පිරුණ සිතට දැනුණලස්සන මොහොතක්..
09/03/2022

ආදරය පිරුණ
සිතට දැනුණ
ලස්සන මොහොතක්..

සිහිනයක් ලෙසින් නිතර එබිකම් කරනාජීවන බලාපොරොත්තුඅහස උසට යන නිමේශයන්ඇවුලුවද සිතහබා නොයමිආදීනවය එහිඉක්මන් කොටපසුපස හබා එන ...
08/03/2022

සිහිනයක් ලෙසින්
නිතර එබිකම් කරනා
ජීවන බලාපොරොත්තු
අහස උසට යන නිමේශයන්
ඇවුලුවද සිත
හබා නොයමි
ආදීනවය එහි
ඉක්මන් කොට
පසුපස හබා එන වග
හදුන්නෙමි....

පරාජිත මිනිසා..✏️✏️✏️✏️

සිතට වාරුව ගෙන නැගී සිටිනසිතුවිලි ඉමක් කොනක් නැති සිත් අතරේ වස්සානයේ සුපිපුනසුගන්ධවත් රෝස කුසුමගිම්හානයේ ඉරිතැලීගියමහපොල...
02/03/2022

සිතට වාරුව ගෙන නැගී සිටින
සිතුවිලි
ඉමක් කොනක් නැති සිත් අතරේ
වස්සානයේ සුපිපුන
සුගන්ධවත් රෝස කුසුම
ගිම්හානයේ ඉරිතැලීගිය
මහපොලව මත
කෙසේ සොයම්..
සුවිසල් විශ්වයේ
නේක රූ රටා මැද
සන්තානයේ ඇදි රූ රටාවම
සොයා ආවෙමි සොදුරිය..
ජීවත්වන්නට හදපිරි තුටින්
තනිකම මකාලන්න
මා ලගින් හිදින්න
විඩාබර දෑස් දුරලන්න
සෑම භවයකම
මගේ සොදුරිය ...

පරාජිත මිනිසා..✏️✏️✏️✏️

At a free time.....
23/02/2022

At a free time.....

Address


Telephone

+94719253542

Website

Alerts

Be the first to know and let us send you an email when Ajee Rajapaksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ajee Rajapaksha:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share