Infinity Tours

  • Home
  • Infinity Tours

Infinity Tours You can break the infinity to see the wisdom.

05/11/2022
28/06/2022
රාගය නමැති ගින්න සාමාන්‍යයෙන් අප දන්නා ගින්නට වඩා බෙහෙවින්ම වෙනස් ගින්නක්. සාමාන්‍ය ගින්නෙන් දැල්ල, දුම හා පිලිස්සෙන විට...
25/11/2021

රාගය නමැති ගින්න සාමාන්‍යයෙන් අප දන්නා ගින්නට වඩා බෙහෙවින්ම වෙනස් ගින්නක්. සාමාන්‍ය ගින්නෙන් දැල්ල, දුම හා පිලිස්සෙන විට අඟුරු දකින්න පුළුවන්. නමුත් සිතේ හටගන්නා රාග ගින්නේ එවැනි ගිනිදැල්, දුම් හෝ අඟුරු පවතින්නේ නැහැ. ඒත් මේ සිත දැවෙන විට දැනෙන වේදනාව හා එහි ඇති නොඉවසුම් බව මුළු ශරීරයටම දැනෙනවා. රාගය නමැති ගින්න විසින් බෙහෙවින්ම පුලුස්සා විනාශ කර දමන්නේ, ජීවිතයක ඇති යහපත් ගුණයයි. අහිමි සරාගයේ පතුළ විනි විදගෙන විරහවේ කළු කුහරයක් බඳු අගක් , මුලක් නැති අවකාශයට ඇද වැටෙන කොට ඇතිවෙන හැඟීම, හුදු අනුරාගය ඉක්මවා ගිය දැඩිතර ළසෝඝයක් බඳු ව කුළු ගන්වන්න. ලෝක යථාර්තයට පත් වන තුරුම සියලු සත්ත්වයෝ විකෘති මානසිකත්වයක ගමන් කරති. මේ විකෘති ස්වභාවයෙන් මිදීමට සියල්ලෝ වග බලා ගත යුතුය. පංච ඉන්ද්‍රියන් මඟින් ග්‍රහණය කරගන්නා ලෝකය, ලෝභය මුල්කරගත් සියලු මානසික බැඳීම් මඟින් තමන් සතු කර ගැනීමේ ක්‍රියාවලිය සිදුවෙනවා. තමන් සතු වස්තුව හා ආකල්ප මතවාද ආදියට විරුද්ධවීමට හෝ ඒවා පැහැරගැනීමට ඉදිරිපත්වන අභියෝග හමුවේ නැඟී සිටින්නේ ද්වේශයයි. එය ද ගින්නක් බඳුය. මෙත් සිසිලක් හමුවනතුරු ඇවිලී යයි. මෝහය නම් මුළාවයි. හෙවත් සත්‍යය යටපත් කිරීමයි. අවිදු අඳුර ලෙස නම්කර ඇත්තේ ද මෙයයි. අකුසල මූලයන් ලෙස මේවා හඳුන්වා ඇත්තේ කුසලයන් හා කුසල චිත්තයන් යටකොට නැඟී සිටින අසුබවාදී සංකල්පයන් බැවිනි. අපේ අවධානයට යොමු කරන්නේ මෙයින් පළමුවැන්න ලෝභයයි. ලෝභයෙන් බැඳී ඇති කාමවස්තු ඇසුරුකරන විට රාග ගින්නෙන් පහස සිතට දැනෙයි. එයින් මුළා වූ විට දැවීම වුවද තෘප්තියක් ලෙස ගනී. පළගැටියා ගින්නට පැන දැවී යන්නේ යම් අයුරින්ද එසේ වේ. සිත උපතින් පිරිසුදු බවත් ප්‍රභාශ්වර බවත් ජීවත්වීමේ සටනේ දී ආගන්තුකව පැමිණෙන ක්ලේශධර්ම නමැති අපද්‍රව්‍යයන්ගෙන් එම සිත අපිරිසුදු වන බවත් බුද්ධ දේශනාවන්ගේ සඳහන් වේ. සිතක ස්වභාවය වන්නේ රාගාදී හැඟීම්වලට අවනත ආධ්‍යාත්මික ශක්තීන් සියල්ල දුර්වල කර ගැනීමයි. සිතට එන එන අරමුණ ඔස්සේ වෙහෙසට පත්වී ඒවා මුදුන් පත් කර ගැනීමට නොහැකිව අසහනයට පත්වනු වෙනුවට අපේ බුදුහාමුදුරුවෝ අපට කියා දී ඇත්තේ සිතට එන කාමරාග මිශ්‍ර කෙලෙස් මළ පාලනය කරගන්නා ලෙසටයි. එවිට ඒවා දුරින්ම දුරුකරගැනීමේ හැකියාවද අපට ලැබෙනු ඇත.

නත්ථි රාගසමො අග්ගි
නත්ථි දොසසමො කලි
නත්ථි ඛන්ධසමා දුක්ඛා
නත්ථි සන්තිපරං සුඛං

රාගය හා සමවූ ගින්නක් නැත.
ද්වේෂය හා සමවූ කිලුටක් නැත.
පඤ්චස්කන්ධය පරිහරණය හා සමවූ දුකක් නැත.
අමාමහ නිර්වාණයට වැඩි වෙනත් සුවයක් නැත.

The place which you are finding in your life journey to have full of HAPPINESS AWARENESS about this journey... Programme...
25/11/2021

The place which you are finding in your life journey to have full of HAPPINESS AWARENESS about this journey...

Programme will be stared as soon as possible according to the cercumstences

Fully Free accormadation FOREVER....

Keep call us - 0773913684 Most.Ven.Assaddume Kamalaseela Thero

077 8326764- Udara

29/10/2021
මේ ඔබගේ ඉතාමත් වටිනා මනුෂ්‍ය  ජීවිතයයි...කාලය අපතේ නොහැර අප්‍රමාදී වන්න සෑම මොහොතක්ම මනා සිහිය නුවණ පවත්වා ගන්න...
26/10/2021

මේ ඔබගේ ඉතාමත් වටිනා මනුෂ්‍ය ජීවිතයයි...කාලය අපතේ නොහැර අප්‍රමාදී වන්න සෑම මොහොතක්ම මනා සිහිය නුවණ පවත්වා ගන්න...

26/10/2021
19/04/2021

Feel the infinity to see the "Wisdom".
Then break the infinity to gain the "Power of Wisdom"...

19/04/2021

ආයුබෝ වේවා...!
Ayubowan...!
🙏

Address


Telephone

+94719794796

Website

Alerts

Be the first to know and let us send you an email when Infinity Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Infinity Tours:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share