
09/01/2025
මනන් ඇල්ල
Manan Ella, Sri Lanka |🇱🇰
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අලංකාර දිය ඇල්ලක් ලෙස මනන් ඇල්ල හැදින්විය හැකිය.ඇහැලියගොඩ නගරයේ සිට රත්නපුර දෙසට කි මී 6 ක් පමණ ගමන් කිරීමෙන් පසු බදුවත්ත නම් හන්දියෙන් හැරී කුරුගම්මෝදර දෙසට තවත් කි මී 5 ක් ගිය තැන මනන් ඇල්ල හමුවේ.පානදුරේ සිට රත්නපුර මාර්ගයේ සිට පැමිණෙන විට කුරුගම්මෝදර හන්දියෙන් හැරී තව කිලෝමීටර් හයක් ගොස් වමට හැරුණ විට ඇල්ල හමුවේ.ඇල්ල වෙත යාමට මදක් පා ගමනින් යා යුතුය.
මනන් ඇල්ල මී 30 ක් පමණ උසකින් යුතුය .දියඇල්ලේ වතුර අඩු කාලයට ඇල්ල සමීපයට ම යා හැකි වීම මෙහි විශේෂත්වයකි .එමෙන්ම ඒ කාලයට ඇල්ල පාමුල නොගැඹුරු වලෙන් නා ගැනීමට වුවද පුලුවන .නිස්කලංක ව බොහෝ වේලාවක් ගත කිරීමට මනන් ඇල්ල කදිම ස්ථානයකි .
අද වන විට මනන් ඇල්ල අයිති ප්‍රදේශය පාලනය වන්නේ පුද්ගලික වතුයායක් මගිනි.එම නිසා ඔබ මනන් ඇල්ල සංචාරය කරන්නේ නම් එම බලධාරීන් දැනුවත් කර යෑම කල යුතුය.මින් පෙරදී මෙම තත්ත්වය නොතිබුනත් සංචාරකයන් ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා අද වන විට මෙහි පාලනය වතු යාය මගින් මෙහෙයවන ලබයි.
සංචාරක ඔබ පිළිපැදිය යුතු අනිවාර්ය නීතියකි.එනම් පරිසරය අපවිත්‍ර නොකිරීම යි.ඔබ සංචාරය කරන ඕනෑම ස්ථානයක් විනාශ නොකිරීමට ඔබ විසින්ම වග බලා ගත යුතුය.මන්ද යත් මේ අපූරු ස්ථාන මතුවටත් සුරැකීම අප සැමගේ වගකීමයි.
❤️I love my mother country ❤️
lanka
Province