Evergo Cabs & Tours , Rent A Car

  • Home
  • Evergo Cabs & Tours , Rent A Car

Evergo Cabs & Tours , Rent A Car Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Evergo Cabs & Tours , Rent A Car, Travel Company, .

🚘🚐 ඔබගේ ගමනට වාහනයක්අඩුම මිළ ගණන් යටතේ සුවපහසුව,සුරක්ශිතව ගමනක් යන්න.විශ්වාසනීය කඩිනම් සුහදශීලී සේවය අපෙන්.......ලංකාවේ...
16/10/2022

🚘🚐 ඔබගේ ගමනට වාහනයක්
අඩුම මිළ ගණන් යටතේ සුවපහසුව,සුරක්ශිතව
ගමනක් යන්න.
විශ්වාසනීය කඩිනම් සුහදශීලී සේවය අපෙන්.......
ලංකාවේ ඕනෑම තැනකින් 🚗
# # ඕනෑම වෙලාවක ඔබ ළඟට
අමතන්න...
📞 011 510 1 510
☎️ +94 70 710 2710

🚘🚐 ඔබගේ ගමනට වාහනයක් අපෙන්.....අඩුම මිළ ගණන් යටතේ ආරක්ශිතව ගමනක් යන්න.විශ්වාසනීය කඩිනම් සුහදශීලී සේවය අපෙන්.......ලංකාව...
03/10/2022

🚘🚐 ඔබගේ ගමනට වාහනයක් අපෙන්.....
අඩුම මිළ ගණන් යටතේ ආරක්ශිතව ගමනක් යන්න.
විශ්වාසනීය කඩිනම් සුහදශීලී සේවය අපෙන්.......
ලංකාවේ ඕනෑම තැනකින් 🚗
ඕනෑම වෙලාවක ඔබ ළඟට💙💙
අමතන්න...
📞 011 510 1 510
☎️ 070 710 2 710🚗🚗

01/10/2022
ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසී...
15/09/2022

ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී. ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය. එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි. පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී. එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි. ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් යුක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. එහි ලන්දේසි ගෘහ නිර්මන ශිල්පය පිලිබඳ කදිම නිදසුනකි. ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස ද හදුන්වයි. ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි. ඒ බැවින් එහි සුන්දරත්වය හා චමත්කාරය විඳ ගැනීමට යා යුතුම තැනකි Galle fort is a world heritage site in Sri Lanka thanks

Congratulations ❤️❤️❤️Sri lanka
11/09/2022

Congratulations ❤️❤️❤️
Sri lanka

බිනර පොහෝ දිනයමෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වෙයි.  ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී ම...
09/09/2022

බිනර පොහෝ දිනය

මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වෙයි. ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟා විවෘත කළ බවත් සාශන ඉතිහාසයේ සඳහන් වෙයි.

එහිදී පැවිද්ද අවශ්‍ය නම් අෂ්ඨ ගරු ධර්ම පිළිගත යුතු බව එහිදී බුදු හිමියන් වදාළ බවත් මහා ප්‍රජාපති ගෝතමී එය පිළිගැනීමෙන් පසු පැවිද්ද ලබාගැනීමට හැකි විය.

ශ්‍රී ලාංකිකයන්ට බිනර පොහොය දිනය වැදගත් වන්නේ, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදු වීමය. බිනර පුර පොහෝය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල බෞද්ධ බැතිමත්හු ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙති.

ශාසනික වශයෙන් අද දිනය වැදගත් වන්නේ කාන්තාවන් සඳහා ශාසනික දොරගුළු විවර වී කාන්තාවන්ට නියම විමුක්තිය සැලසුණු දිනයක් වශයෙනුයි. එනම් භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනරපුර පොහෝ දිනයයි. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සඳහන් වන සිව් පිරිසෙහි භික්‍ෂුණීන් පිළිබඳව සඳහනක් ශාසනයේ ආරම්භක වකවානුවේදී දැකිය හැකි නොවේ. කාලයක් ගතවීමෙන් පසුව භික්‍ෂුණීන් පිළිබඳ තොරතුරු අනාවරණය වීම ඇරැඹුණි. භික්‍ෂුණී ශාසනය පිළිබඳ අදහස ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කරනු ලැබුවේ උන්වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන අවස්ථාවකය.
මහාප්‍රජාපතී ගෝතමිය විසින් කාන්තාවන් ශාසනයට ඇතුළත් කර ගන්නා ලෙස කරන ලද ඉල්ලීම බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කෙරුණේ වුවද එම ඉල්ලීම උන්වහන්සේ එක හෙළාම ප්‍රතික්‍ෂේප කළ සේක. එහෙත් තම අපේක්‍ෂාව අත්නොහළ ප්‍රජාපතී ගෝතමීය මේ පිළිබඳව ධර්ම භාණ්ඩාගාරික වූත් අග්‍ර උපස්ථායක වූත් ආනන්ද තෙරුන්ට ද සැලකර සිටියා ය. ආනන්ද තෙරණුවෝද බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන් වූ මහාප්‍රජාපති ගෝතමියගේ අපේක්‍ෂාව වූ කාන්තාවන්ට පැවිද්ද ලබාදීම පිළිබඳ අදහස තථාගතයන් වහන්සේ වෙත ඉදිරිපත් කළහ. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීමද ප්‍රතික්‍ෂේප කළ අතර ආනන්ද තෙරුන් විසින් නැවත නැවත ද එම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී. මෙසේ කිහිපවරක්ම බුදුරජාණන් වහන්සේ විසින් කාන්තා පැවිද්ද පිළිබඳ අදහස තරයේම බැහැර කරන ලැබූ ආකාරය පිළිබඳ අපේ ධර්ම සාහිත්‍යයෙහි ඉතා මැනැවින් විස්තර කොට තිබේ.

මෙසේ සසුන්ගතවීම සඳහා ඉදිරිපත් ව සිටි කාන්තාවන් වැඩි පිරිසක් තථාගතයන් වහන්සේගේ කිඹුල්වත් පුර ගමනේ දී පැවිදි වූ කුමාරවරුන්ගේ භාර්යාවන්වීම විශේෂතම කරුණක් ලෙස සඳහන් වේ. අනතුරුව බුදුරදුන් කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ වසන සමයෙහි මහාප්‍රජාපතී ගෝතමිය හිස මුඩු කර කසාවත් හැඳ පන්සියයක් පමණ ස්ත්‍රීන් සමඟ එහි පැමිණියා ය. මෙම ඉල්ලීම පිළිබඳ අත්නොහළ උත්සාහයක නිරතව සිටි අනඳ තෙරුන් මෙහිදී නැවත ඉදිරිපත් ව කාන්තාවන් සසුනට ඇතුළු කර ගැනීමේ ඇති වටිනාකම යළිත් සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේගේ කරුණාව සහ අනුකම්පාව ගෝතමිය ඇතුළු කාන්තා පිරිස කෙරෙහි යොමු කරවීමට සමත් වූ ආකාරය අපේ ධර්ම සාහිත්‍යයෙහි විස්තර කොට ඇත්තේ ඉතා චමත්කාරයෙන් යුතුවය. අපේ බුදුරජාණන් වහන්සේ එහි දී කාන්තා පැවිද්ද සඳහා අවසර ලබාදීමේ තීරණයට පැමිණ මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගනී නම් එයම එතුමියගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතුවන බව ආනන්ද හිමියන්ට වදාළ සේක. එම අෂ්ටගරු ධර්ම මෙසේ ය.

1. උපසම්පදාවෙන් වස් සියයක භික්‍ෂුණියක වුවද එදින උපසම්පදා භික්‍ෂූන් දැක වැඳ පුදා ගෞරව දැක්විය යුතු ය.

2. භික්‍ෂූන් නොමැති ප්‍රදේශවල භික්‍ෂුණියක වස් නොවිසිය යුතු ය.

3. භික්‍ෂුණියක විසින් අඩමසක් පාසා භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාරා අවවාද ලැබිය යුතු ය.

4. වස් අවසන භික්‍ෂු භික්‍ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතු ය.

5. ගරු ඇවතකට පත් භික්‍ෂුණියක විසින් උභතෝ සංඝයා ඉදිරියේ මානත් පිරිය යුතු ය.

6. වසරක පරිවාස කාලයක් ශිෂ්‍ය මානවිකාවකව සිට උභතෝ සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු ය.

7. කවර හේතුවක් නිසා හෝ භික්‍ෂුණියක විසින් භික්‍ෂුවකට ආක්‍රෝශ පරිභව නොකළ යුතු ය.

8. භික්‍ෂූන් විසින් භික්‍ෂුණියන්ට අවවාද කරනු ලැබිය යුතු අතර භික්‍ෂුණීන් භික්‍ෂූන්ට අවවාද නොකළ යුතු ය.

අනඳ තෙරුන් විසින් මෙම ගරු ධර්ම කියවා තේරුම් කොට දී මෙය පිළිගන්නේ නම් එයම ඔබට මහණ උපසම්පදාව වන්නේ යයි ප්‍රකාශ කළ අතර මහා ප්‍රජාපතී ගෝතමිය, බුදුරදුන් විසින් පනවන ලද මෙම අෂ්ට ගරු ධර්ම පිළිගන්නේ යයි සාධුකාර දෙමින් තෙවරක්ම ප්‍රකාශ කළා ය. එයම මහා ප්‍රජාපති ගෝතමියගේ පැවිද්ද හා උපසම්පදාව විය. ඉන්පසු සෙසු සියලු කුමාරිකාවෝ ද භික්‍ෂු සංඝයාගෙන් පැවිදි උපසම්පදාව ලැබූහ. මෙම සුවිශේෂී ශාසනික සිදුවීම සිදුවූයේ අද වැනි බිනරපුර පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ පහළ වූ භාරතීය සමාජයෙහි කාන්තාව කෙරෙහි දක්වන ලද සැලකිල්ල ඉතා අවාසනාවන්ත වූවකි. කාන්තාවකගේ ඉපදීම පවුලක අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකන ලද අතර ස්වාමියාගේ අභාවයෙන් පසු දැවෙන දර සෑයට පැන මරණය වැළැඳගත යුතුය යන නියමයක් ද විය. කුඩා කළ මව්පියන් යටතේත් තරුණ කාලය ස්වාමියා යටතේත් මහලු කාලය දරුවන් යටතේත් ජීවත්විය යුතු වූ අතර ඔවුන්ගේ ප්‍රධානම ක්‍රියාව දරුවන් වැදීමට පමණක් සීමා කොට තිබිණ. විවිධ පුද්ගල හා සමාජ අතවරයන්ට ලක්කොට නොසලකා හැර තිබූ ස්ත්‍රීන් සඳහා බිනර පොහෝ දිනයෙහි ලබාදුන් නිදහසින් කාන්තාව පූජනීයත්වයට පත් කෙරිණි. බුදුදහමෙන් ලැබුණ එම මානව නිදහස පිළිබඳව කෘතවේදීභාවය අද ද කාන්තා සමාජය තුළින් දැකිය හැකි ය. විශේෂයෙන්ම ආගමික කටයුතුවල දී පුරෝගාමිව කටයුතු කරමින් සසුනට කෘතෝපකාරවීම ඔවුන් යුතුකමක් ලෙස සලකනවා විය හැකි ය. මේ අනුව බිනර පොහෝ දිනය කාන්තාවන් සඳහා සුවිශේෂී දිනයක් වන බව කිව හැකි ය.

යාපහුව බලකොටුව දඹදෙනිය රාජදානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍...
07/09/2022

යාපහුව බලකොටුව
දඹදෙනිය රාජදානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට 04km ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආක්‍රමණ හමුවේ වැදගත් ආරක්‍ෂා ස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ද බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි. ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය. මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි පලවනනේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විශ්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ. මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකරන ලද අතර මෙය එම වකවානුවේ වැදගත් ආරක්‍ෂක මධ්‍යස්ථානයක් විය. රාජ්‍යත්වයට පෙරද යාපහුවෙහි විසුම්ගෙන සිටි සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සොයුරාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වීමෙන් ටික කලකට පසු යාපහුව සිය අගනගරය ලෙස තෝරාගනී.යාපහුව රාජධානිය ලංකාවේ සිව්වන රාජධානියයි.
සීගිරිය හැරුණුවිට දිවයිනේ ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වූ බලකොටුව යාපහුව බවට විවාදයක් නැත. උතුරු, නැගෙනහිර සහ බටහිර පාර්ශවයෙන් තරණයකල නොහැකි ප්‍රපාතාකාර පර්වතයක් වූ යාපහුවේ පර්වත මස්තකයට පිවිසිය හැකි පැරණි මග පර්වතයෙහි දකුණු පසින් පිහිටා තිබේ. පර්වත මස්තකයට පිවිසිය හැකි ප්‍රපාතාකාර නොවන පර්වතයේ දකුණු පාර්ශවයේ ආරක්ෂක සංවිධාන කෘත්‍රිම උපාය මාර්ග සැළසීමෙන් ශක්තිමත් කිරීම අවශ්‍ය විය. එකී අරමුණ ශාක්ෂාත් කරගනු පිණිස පර්වතයේ දකුණින් වූ සම බිම පවුරු සහ දිය අගල් වලින් පිරිකෙව් කර ඉන් අනතුරුව පුවනෙකබාහු රජු යාපහුව රාජධානිය ගොඩනගන්නට ඇත. දිය අගල් දෙකකින් සහ ප්‍රාකාර දෙකකින් ආරක්ෂිත වූ ඇතුල් නගරය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැදගත් වී යැයි සිතිය හැකි ගොඩනැගිලි ගණනාවකින් ද විසිතුරු සෝපානයකින් ද සමන්විත වේ. පර්වත මස්තකයේ රජ මාළිගය සහ තවත් ගොඩනැගිලි ද පනාබැමි සහ පොකුණු ඇතුලු ඉදිකිරීම් ද තිබී ඇත. එදා පළමු බුවනෙකබාහු රජු සමයේකළ ඒ විශ්මිත නිමැවුම්වල අද අපිට දක්නට ඇත්තේ නෂ්ටාවශේෂ පමණි.

මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනයබස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේපිහිටි ආරණ්‍ය සේනාසනයක් වේ. එය මිරිස්වත්ත - වතුරුගම අතර මාල...
25/08/2022

මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනය
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේපිහිටි ආරණ්‍ය සේනාසනයක් වේ. එය මිරිස්වත්ත - වතුරුගම අතර මාලිගාතැන්න ප‍්‍රදේශයේ පිහිටා ඇත.
මාලිගාතැන්න බුද්ධ වර්ෂ 903 දී පූජනීය බවට පත් වූයේ අමිත්තාහව නම් තෙරුන් වහන්සේ, මෙහි මුදුනේ වැඩ සිටි මෝවිටේදී සක්මන් කරද්දී රහත් වීමෙන් පසුවය. අරාග වී සරාගයනට පහර දුන් උන් වහන්සේ හත් වර්ෂයක් මෙහි වාසය කළ සේක. මුලූ රට අග රජු වූ ධාතුසේන රජුගේ විෂ්කම්භනයෙන් බියට පත් මුගලන් කුමරු මෙහි සැඟවී සිට දඹදිවට ගියේය. වළගම් අබා රජුටද මෙය රැුකවරණ වූයේ වාරණ සටන කාලයේදීය. අති පැරණි කාලයේ සිට මේ ස්ථානය ගරු කන්ද නමින් ප‍්‍රසිද්ධ විය. ඉන්පසු දඹදිව තෙරෙව් බමුණෙක් මෙහි පැමිණ විශ්ණු අවතාරය මවා ගැනිීම සඳහා පටිභාරයක් සාදා ගෙන දිට්ඨ විශුද්ධිය ඇත් කර ගෙන මන්ත‍්‍ර ජප කරන්නට විය. එතැන පහල වූ ජප මාලය නිසා ඒ ලෙනට හැකර ලෙන යැයි කියන ලදී. එය දැනට පහල මාලයේ ගල් උළුවස්ස ඇති තැනය.

දාඨා ලූ හැම තැනම ‘මාලිගා’ නම ඇති විය. දළදා වැඩම වූ රහස් තැනක් නමුත් මෙතැනටද කල් යාමෙන් මාලිගාතැන්න යයි නම් විය. කීර්ති නිශ්ශංක රජු දවසේ ඒ නම ඇති විය. එකල මෙහි ගමක් තිබුණේ ඌරුවල පමණි. තිහාරිය කෑරගල අතරේ අත්තනගල්ල සහ ඌරුවල හරහා මාවතක් විය. අංගි රටේ සර්වඥ ධාතු සඟවා තිබුණේ මේ මාලිගා තැන්න පොකුණේ යයි සම්මත ස්ථානයේ පොළව යටය. එය හාරා ධාතුන් වහන්සේ සඟවා තබා එතැනින් පිටතට ගනු ලැබුවේ සති දෙකකට පසුය. මේ පොකුණ සාරන ලද්දේ 18 වන ශතවර්ෂයේදීය. මින් පෙර වගීෂ්වර තෙරුන්ද මෙහි පහල මාලයේ මහ ගල් ලෙනේ වෙසෙමින් උන්වහන්සේගේ සිවුරු අතරතුර ආරක්‍ෂා කරගත් දළදා වහන්සේ සති තුනක් මේ පෙදෙසේ වැඩ සිටි සේක.

මුදුනේ සිට බැලූ කල වයඹේ සිට උරුව මහා පර්වතය පනවා ගල් කුලක් කරන ලද්දේ මුගලන් කුමරු විසිනි. එතුමා එහි සැඟ වී සිටි කාලයේදී කාශ්‍යප කුමරු සීගිරිය සාදන්නට ආරම්භ කර තිබුණි. පැරකුම්බා කුමරු ස්වකීය සුළු පියාගෙන් පලා වුත් උරුවල නවාතැන් ගත්තේය. ඒ කාලයේ උරුවෙල සිටි ‘ජගරත් රාළ’ නම් කෙනෙක් සියයක් දෙනා එතුමා වෙත යෝධයින් හැටියට දිවුරවා සභාවක් රැුස් කරනු තැනම එකට බත් අනුභව කරන ලද්දේය. එතැන සභාව නමින් ප‍්‍රසිද්ධ වන්නට විය. එපමණක් නොව ඔහු ඌරු මස් සමඟ කරන ලද මේ සංග‍්‍රහය සිහිවීම පිණිස මේ පේරුවට ඌරුවල් පේරුව යයි නම් කොට ජගරත් රාළට නින්දගමක් කොට භාරදෙන ලද්ද්ය.”

ඉහත දැක්වූ ලියවිල්ල මාලිගාතැන්න විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු අධ්‍යයනය කිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කරන සුනිල් ඒකනායක නම් මහත්මයෙකු සතු වූවක් අතර මෙහි සඳහන් කරුණු 100% සනාථ කර ගෙන නොමැත. එනමුත් එහි සඳහන් ඇතැම් ස්ථාන විස්තරයන් වර්තමානයේ ඇති ස්ථාන හා සම වෙයි. උදාහරණ ලෙස

වළගම්බා රජු වාරණ සටන කාලයේදී මෙහි සැඟවී සිටි බව ලියවිල්ල දක්වන අතර මාලිගාතැන්න විහාරස්ථායට කිලෝ මීටර පහක් පමණ දුරින් වාරණ ප‍්‍රදේශය පිහිටා ඇති අතර වාරණ කන්දේ පිහිටා ඇති විහාරස්ථානය වළගම්බා රජු විසින් තනවන ලද රජ මහා විහාරයක් සැලකේ.
මෙහි ‘හැකර ලෙන’ යැයි දක්වන ස්ථානයේ ඇති ගල් උළුවස්ස අද ද දක්නට ලැබේ.
දන්ත ධාතුව සඟවා තිබුණේ යැයි පවසන පොකුණක් මාලිගාතැන්න උඩ කන්දේ ඇති අතර ඒ අසලම උමගක් ඇති බව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් දැන ගන්නට ලැබුණි.
ජගරත් රාළ සියයක් දෙනා යෝධයින් ලෙසට දිවුරුවා ගත් සභාව නම් ස්ථානයේ අද විහාරස්ථානයක් ඇති අතර එය හඳුන්වනු ලබන්නේ ‘සභාවේ පන්සල’ යන නමිනි.
එලෙසම ඒ අවට තවමත් හඳුන්වනු ලබන්නේ ‘ඌරුවල් පේරුව’ යන නමිනි.
මේ අනුව බලන කල මාලිගාතැන්න විහාරස්ථානය, විහාරස්ථානයක් ලෙසින් ගොඩනැගෙන්නේ 1924 තරම් මෑත කාලයේ වූවද ඊට වඩා දිගු ඉතිහාසයක් ඇති බව පෙනීයයි.

මාලිගාතැන්න විහාරස්ථානය 18 වන සියවසේ සිට පැවති ස්ථානයක් වූවද එය සුප‍්‍රසිද්ධ විහාරස්ථානයක් බවට පත් වන්නේ අති පූජ්‍ය මැණික්දිවෙල ශ‍්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේගේ පැමිණීමෙන් අණතුරුවය. ඒ 1924 වර්ෂයේදීය. ඒ වන විට මෙහි විහාරස්ථානයක් සම්බන්ධ කිසිදු ගොඩනැගිල්ලක් නොවූ අතර දැනට බණ මඩුව හා බුදු මැදුර පිහිටා ඇති මහ ගල් ලෙනේ හා ඒ අසල ඇති තවත් ගල් ලෙනක ‘තුමා කට්ට`ඩි’ හා ඔහුගේ සොහොයුරා ස්වකීය අඹුදරුවන් සමඟ වාසය කර ඇත. ඊට අමතරව ගල් උළුවස්ස ඇති ලෙනද, ඒ අසලින් නිදන් ගලක් යැයි සැලකෙන ගලක්ද උඩ මළුවේ බෝධීන් වහන්සේද විය. එකල එම බෝධීන් වහන්සේ අනුහස් ඇති තැනක් යැයි සැලකූ ගම්වාසීන් ඊට වන්දනා මාන කිරීම පුරුද්දක් කරගෙන තිබුණි. ඔවුන් බොහෝමයක් දෙනා මේ බෝධීන් වහන්සේ අසලින් දේවතා එළි ගමන් කරනු දැක තිබීම මේ භක්තියාදරයට හේතු වී ඇත.

Evergo Cabs & Tours , Rent A Carදඹුලු ලෙන් විහාරයමෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම......... සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර...
15/08/2022

Evergo Cabs & Tours , Rent A Car
දඹුලු ලෙන් විහාරය
මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම......... සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි........ හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් අධික ගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ.
ක්‍රි. පූ 7වන සිට 3වන සියවස පමණ ඈත කලක සිටම මෙම ප්‍රදේශය ජනාවාසව පැවැති බව විශ්වාස කෙරේ. ලෙන් තුලැති පිළිම හා සිතුවම් ක්‍රි.පූ 1වන සියවස කාලයට අයත් බව කාලනිර්ණය කර ඇත. එනමුදු, මෙම සිතුවම් හා පිළිම ක්‍රි.ව. 11වන, 12වන හා 18වන වලදී පිළිසකර කොට යලිදු සායම් ආලේප කොට ඇති බව පෙනේ. අනුරාධපුර රාජධානියෙන් පිටුවහල්ව ගතකල වසර 14 දිගැති විප්‍රවාසය තුලදී (වට්ට ගාමිණී අභය‍ ලෙසද හැඳින්වුනු) වළගම්බා රජ හට රැකවරණය සැපයූ ස්ථානය ලෙස මෙම ලෙන සැලකේ. එකල මෙම ලෙන තුල ධ්‍යාන පුරමින් වැඩ විසූ ‍බෞද්ධ භික්ෂූන් වහන්සේලා, පිටුවහල්ව සිටි රජු හට, ඔහුගේ සතුරන්ගෙන් රැකවරණය සැලසූහ. ක්‍රි.පූ 1වන සියවසෙහිදී වලගම්බා රජු නැවත සිංහාසනාරූඪ වූ විට, දඹුල්ලේ භික්ෂූන් වහන්සේට කලගුණ සලකනු රිසි ව, දඹුල්ලේ මනස්කාන්ත ලෙන් විහාරයක් කරවීය.
ප්‍රාග්-ඓතිහාසික (වසර 2700 පැරැණි) මානව ඇටසැකිලි හමුවූ දඹුල්ල අසබඩ ඉබ්බන්කටුව ප්‍රාග්-ඓතිහාසික සුසාන භූමිය, විද්‍යාත්මක විශ්ලේෂන අනුව හෙළිදරව් කරනුයේ, ශ්‍රී ලංකාවට බුද්ධාගම සම්ප්‍රාප්ති වීමට බොහෝ කලකට පෙර මෙම ප්‍රදේශයෙහි ශිෂ්ඨාචාරයන් පැවැති බවය. පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අනුව වසර 2700 කට පෙර කලකදී (ක්‍රි.පූ 750) පවා කෘෂිකර්මය පදනම් කරගෙන පුරාතන ජනයා මෙම ප්‍රදේශයෙහි විසූ බවට සාධක පෙන්නුම් කරයි
මෑතකදී දඹුල්ලෙන් සොයාගත් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ස්ථානයක් වන, දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය අසබඩ පිහිටි ඉබ්බන්කටුව ප්‍රාග්-‍ඓතිහාසික සුසාන භූමිය, ලෙන් විහාරයෙන් කි.මී 3ක් ඇතුළත පිහිටා ඇති අතර, දිවයින් දේශයට ඉන්දියානු බලපෑම සම්ප්‍රාප්තියට බොහෝ කලකට පෙර දේශීය ශිෂ්ඨාචාරයක් මෙහි පැවැති බවට සාක්ෂි දෙයි.

❤ ❤ ලවර්ස් ලීප් දිය ඇල්ල (Lovers' Leap)- හාවා එළිය ❤ ❤පුංචි එංගලන්තය එහෙමත් නැත්තම් නුවරඑළිය නගරය ආසන්නයේම තියෙන ලස්සන ද...
13/08/2022

❤ ❤ ලවර්ස් ලීප් දිය ඇල්ල (Lovers' Leap)- හාවා එළිය ❤ ❤
පුංචි එංගලන්තය එහෙමත් නැත්තම් නුවරඑළිය නගරය ආසන්නයේම තියෙන ලස්සන දිය ඇල්ලක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි ලවර්ස් ලීප් දිය ඇල්ල එහෙමත් නැතිනම් පෙම්වතුන් පැන්න ඇල්ල. නුවරඑළිය නගරයේ ඉඳන් උඩුපුස්සැල්ලාව පාරේ හාවා එළියට ඇවිත් එතැනින් තියෙන පොඩි පාරක් දිගේ ඉහලට යද්දී මේ දිය ඇල්ල පේනවා. නුවරඑළිය නගරයේ ඉඳන් එතැනට කිලෝමීටර 2ක් විතර තමයි තියෙන්නේ. එතැන ඉඳන් පඩිපෙලක් දිගේ ඉහලට යන්න ඕන. නුවර එළියට පානීය ජලය ලබාදෙන්නේ මේ ඇල්ලෙන් නිසා ඒ වෙනුවෙන් තනපු තටාකයකුත් ගමනේදී දකින්න පුළුවන්.
ලංකාවේ උසම කන්ද වෙන පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වෙන මේ දිය ඇල්ලේ උස මීටර 30ක් විතර. අඩි පාර දිගේ ඉහලට ඇවිත් දිය ඇල්ලේ පාමුලට වෙනකම් එන්න පුළුවන්. ඒත් වැහි කාලයේදී නම් ඒ ගමන ඒ තරම් සුන්දර නොවන්නේ කූඩැල්ලන් හා ගමනේ ඇති ලිස්සන සුළු මාර්ගයේ ඇති අවධානම නිසා.
මේ දිය ඇල්ලේ නම සැදෙන විදිහත් හරිම අපූරු ජනප්‍රවාදයක්. අතීතයේ සිටිය කුමාරයෙක් මේ අවටින් යද්දී ඉතා ලස්සන තරුණියක් දැක ආදරයෙන් බැ‍ඳෙනවා. නමුත් රජතුමා මේ සම්බන්ධයට විරුද්ධ වෙන්නේ තරුණිය සාමාන්‍ය ගම් වැසියෙන් නිසාලු. කුලයෙන් හීනයන් සමඟ විවාහ වනවාට විරුද්ධ වන රජතුමා හේවායන් එවනවා මොවුන් අල්ලාගන්න. කන්ද තරණය කරන මේ ආදරවන්තයින් දිය ඇල්ල මුදුනටම ‍එනවා. තවත් යාහැකි මඟක් නොවන නිසා අවසානයේ අත්පටලාගෙන දිය ඇල්ලෙන් පැන සියදිවි හානිකරගන්නවාත ඒ නිසා මෙයට ආදරවන්තයින් පැන්න ඇල්ල එහෙමත් නැතිනම් ලවර්ස් ලීප් කියන නම ලැබුනේලු. ගම් වැසියන් කියන විදිහට නම් දිය ඇල්ල බලන්න හවස් යා‍මයේ යන එක නම් හොඳ වැඩක් නෙවෙයි.
දිය ඇල්ල පාමුලට එද්දී නුවරඑළිය නගරය අපූරුවට දකින්න පුළුවන්. ඒ කාලයේ සැමුවෙල් බේකර්ස් විසින් බියර් සැකසූ කර්මාන්ත ශාලාව අද නුවරඑළිය රෝහල ලෙස වෙනස් කර ඇති අතර ජේම්ස් ටේලර් විසින් තේ සිටවූ වතුයාය අදත් දැකිය හැක. අවට ගම් වැසියන්ගේ විවිධ වගාවන් අතරින් දිවෙන මාර්ගයෙන් සැදි දිය ඇල්ල අපූරු සුන්දරත්වයක් මවනවා. ආවේණික සත්ත්ව විශේෂ ගනනාවක් සිටි මේ දිය ඇල්ල අවට පරිසරය රැකගැනීම ඔබේත් මගේත් යුතුකමක්ම වන්නේය.

උඩුනුවර ලංකාතිලක විහාරයලංකාතිලක විහාරය යනු ශ්‍රී ලංකාවේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර ග්‍රාමයේ පිහිටි පුරාණ...
13/08/2022

උඩුනුවර ලංකාතිලක විහාරය
ලංකාතිලක විහාරය යනු ශ්‍රී ලංකාවේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර ග්‍රාමයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් වේ. එය පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර 4ක් පමණ දුරින් පිහිටයි. ලංකාතිලක විහාරය ගම්පොල යුගයේ ඉදිකෙරූ විශිෂ්ඨතම වාස්තු ලක්ෂණ පෙන්නුම් කරන නිර්මාණයක් ලෙස සැළකේ.
ලංකාතිලක විහාරයේ ඉතිහාසය ක්‍රි.ව. 14වන සියවස පමණ දක්වා දිවයයි. පැරණි මූලාශ්‍රයන්ට අනූව මෙම විහාරය හතරවන බුවනෙකභාහු රජ (ක්‍රි.ව. 1341-1351) විසින් ඉදිකොට ලද්දක් බැව් විශ්වාස කෙරේ. රජු විසින් මෙම විහාරයේ ඉදිකිරීම් සිය ප්‍රධාන අමාත්‍ය සේනාධිලංකාරවෙත පැවරූ බවත්, ඔහු දකුණු ඉන්දියානු වාස්තුවේදී ස්තපති රායර්ගේ සහය ඇතිව විහාරය ගොඩනැංවූ බවත් සඳහන් වේ. පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාට අනූව, සතපති රායර් විසින් ලංකාතිලක විහාරය ඉදිකිරීමේදී, පොළොන්නරු යුගයේ සිංහල, ද්‍රවිඩ සහ ඉන්දුචීන වාස්තු නිර්මාණ රටා උපයෝගී කොට ගෙන ඇත.
ලංකාතිලක විහාරයේ පිළිමගෙය දේවාල පහකින් සමන්විත වන අතර, විෂ්ණු, ගණදෙවි, සුමන සමන්, විභීෂණ සහ කුමාර බණ්ඩාර යන දෙවිවරු එහි වන්දනාමාන වේ. මින් කුමාර බණ්ඩාර දෙවි ලංකාතිලක විහාරය ආරක්ෂා කරනු ලබන දේවතාවා ලෙස විශ්වාස කෙරේ.
ලංකාතිලකය ඉදිකිරීමේ ගාස්තු ලෙස ස්ථපතිරායර් ඇතුළු ශිල්පීන්ට දුන් වී, රන්, රිදී, රෙදිපිළි, සහ මුදල්වල වටිනාකම මසුරන් තුන්කෙළ සැට ලක්ෂයක් හෙවත් රන්මසු ලක්ෂ 36ක් බව සෙල්ලිපියේ දැක්වෙනවා. ඊට අමතරව සේනාධිලංකාර ඇමැති තම පුද්ගලික ධනය ද මෙම පිංකමට යොදවා තිබෙනවා.

❤ වාරණ රජමහා විහාරය වාරණ රජමහා විහාරය වළගම්බා රජ සමයේ ඉදිකරවන ලද්දක් යැයි විශ්වාස කෙරෙන විහාරයක් වෙයි. එහි කෝට්ටේ යුග‍ය ...
13/08/2022

❤ වාරණ රජමහා විහාරය
වාරණ රජමහා විහාරය වළගම්බා රජ සමයේ ඉදිකරවන ලද්දක් යැයි විශ්වාස කෙරෙන විහාරයක් වෙයි. එහි කෝට්ටේ යුග‍ය ඇතුළු තවත් යුග ගණනාවක බිතු සිතුවම් දැකිය හැකි අතර දැන් ඒවා මැකී පලුදු වී ඇත. දෙවන පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල, හයවැනි පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ ආදී රජවරු විසින් වරින්වර මෙහි ප්‍රතිසංස්කරණය කටයුතු කර ඇති බව සඳහන් වෙයි
වාරණ රජමහා විහාරය මංගලතිරිය නම් ගමේ පිහිටා තිබෙන නිසා මුල් යුගයේ දී එය "මංගල රජමහා විහාරය" නමින් හැඳින්වුණා. නමුත් පසුකලෙක මෙම විහාරයට "වාරණ" යන නම ලැබීමට හේතු කිහිපයක් බලපෑවා. ඉන් මුල්ම හේතුව වන්නේ මෙම රජමහා විහාරය පිහිටි පර්වතය හස්තියෙකුගේ හැඩය ගැනීම යි. වාරණ යන වචනය හස්තියාට කියන සමාන වචනයක් නිසා මෙම විහාරයට "වාරණ රජමහා විහාරය" යන නම පටබැඳුණු බවට විශ්වාසයක් පවතිනවා. එසේම මෙම විහාරය පිහිටි භූමියේ අතීතයේ දී වා නමින් හැඳින්වූ ගස් වර්ගයක් බහුලව දක්නට ලැබුණු නිසා වා-අරණ යන වචනයෙන් බිඳී වාරණ යන නම සෑදෙන්නට ඇති බව තවත් විශ්වාසයක්.
දංගල්ලේ අත්ථදස්සී නම් මහා පඬිරුවනක් මෙම විහාරස්ථානයේ අධිපතිව සිටි කාල සමයේ වරින් වර පැමිණෙන පක්ෂියෙකු ඉඩම්ගල නම් ස්ථානයේ ලැඟුම් ගැනීමට හුරුව සිට තිබෙනවා. එම පක්ෂියා හිමාලයෙන් පැමිණි ඇත්කඳ ලිහිණියෙකු නිසා මෙම විහාරයට වාරණ යන නම ලැබුණු බව තවත් ජනප්‍රවාදයක්.
වාරණ රජමහා විහාරය ප්‍රධාන මළු තුනකින් සමන්විත වෙයි. ඒවා නම්,
පහත මළුව
මැද මළුව
උඩ මළුව
වාරණ රජමහා විහාරයට අයත් ස්වභාවික වනපෙත (ඔසු වනය ලෙසද හඳුන්වයි), වෘක්ෂ අභය භූමියක් ලෙස නම්කොට තිබෙයි

ඔබගේ ගමනට වාහනයක් අපෙන්.....අඩුම මිළ ගණන් යටතේ ආරක්ශිතව ගමනක් යන්න.විශ්වාසනීය කඩිනම් සුහදශීලී සේවය අපෙන්.......ලංකාවේ ඕ...
07/08/2022

ඔබගේ ගමනට වාහනයක් අපෙන්.....
අඩුම මිළ ගණන් යටතේ ආරක්ශිතව ගමනක් යන්න.
විශ්වාසනීය කඩිනම් සුහදශීලී සේවය අපෙන්.......
ලංකාවේ ඕනෑම තැනකින් 🚗
ඕනෑම වෙලාවක ඔබ ළඟට
අමතන්න...
📞 011 510 1 510
☎️ 070 710 2 710🚗🚗

ඔබගේ ගමනට වාහනයක් අපෙන්.....අඩුම මිළ ගණන් යටතේ ආරක්ශිතව ගමනක් යන්න.විශ්වාසනීය කඩිනම් සුහදශීලී සේවය අපෙන්.......ලංකාවේ ඕ...
02/08/2022

ඔබගේ ගමනට වාහනයක් අපෙන්.....
අඩුම මිළ ගණන් යටතේ ආරක්ශිතව ගමනක් යන්න.
විශ්වාසනීය කඩිනම් සුහදශීලී සේවය අපෙන්.......
ලංකාවේ ඕනෑම තැනකින් 🚗
ඕනෑම වෙලාවක ඔබ ළඟට
අමතන්න...
📞 011 510 1 510
☎️ 070 710 2 710🚗🚗

විශ්වාසනීය කඩිනම් සුහදශීලී සේවය අපෙන්.......
ලංකාවේ ඕනෑම තැනකින් 🚗
ඕනෑම වෙලාවක ඔබ ළඟට
අමතන්න...
📞 011 510 1 510
☎️ 070 710 2 710🚗🚗

Address


Alerts

Be the first to know and let us send you an email when Evergo Cabs & Tours , Rent A Car posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Evergo Cabs & Tours , Rent A Car:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share