NuwaN Tours Sri Lanka

  • Home
  • NuwaN Tours Sri Lanka

NuwaN Tours Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NuwaN Tours Sri Lanka, Tour Agency, .

01/02/2023
04/11/2022

ශ්‍රී ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි..!

01/10/2022

අද මධ්‍යම රාත්‍රීයේ සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 30කින් අඩු කර ඇත. ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක නව මිල රුපියල් 410ක් වන අතර පෙට්‍රල් 95 ලීටරයකට නව මිල රුපියල් 510ක් වේ. අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනසක් නොවේ.

Price of Petrol 92 will be reduced by Rs 40 per liter & Price of Petrol 95 by Rs 30 per liter from midnight today. The new price for Petrol 92 will be Rs 410 per liter & Petrol 95 Rs 510 per liter. Prices on other petroleum products will remain the same.

ඔබ තෙල් පෝලිමකට සම්බන්ද වන කෙනෙක් නම්,⛽️⛽️⛽️⛽️ 01 - එම පිරවුම්හලේ සේවක මහතුන් රාජකාරි සදහා පැමිණ තිබේදැයි විමසිලිමත් වන්...
18/05/2022

ඔබ තෙල් පෝලිමකට සම්බන්ද වන කෙනෙක් නම්,⛽️⛽️⛽️⛽️

01 - එම පිරවුම්හලේ සේවක මහතුන් රාජකාරි සදහා පැමිණ තිබේදැයි විමසිලිමත් වන්න. සෑම තෙල් තොගයක්ම බාරගැනීම සදහා කළමනාකාර මහතෙකු හෝ අදාල අවසරලත් සේවක මහතෙකු අවශ්‍ය වේ. සේවක මහතුන් සේවයට පැමිණ ඇත්තේ තොගයක් ලැබීමට ආසන්න නිසා විය හැක.

02 - පෝලිම ඉතා දීර්ග නම් හැකි සෑම විටම තෙල් තොග unloading වන පිරවුම් හලකට සම්බන්ද වන්න. නැතහොත් ඉතා දීර්ග පෝලිමක අවසානයේ සිටින ඔබට පිරවුම්හල ආසන්නයේදී තොග අවසන් වනු ඇත.

03 - නවතම තොග ලැබී ඇති විටක ලැබී ඇති තොගයේ ප්‍රමාණය අසා දැනගෙන පෝලිමට සම්බන්ද වන්න. තෙල් ලැබීම සිදුවන්නේ ලීටර් 3300 ගුණාකාර වලිනි. මෙය බවුසර් රථයේ ධාරිතාව මත වෙනස් වේ. උදාහරණ - 3300, 6600, 13200, 19800, 33000 උපරිම. තොග බෑම සදහා අවම වශයෙන් විනාඩි 45ක් වත් ගතවන අතර තවත් යම් වෙලාවක් සාම්පල් ලබාගැනීම සදහාද ගතවනු ඇත. ලැබී ඇති තොගයේ ප්‍රමාණය සහ ඔබ සිටින තැන අතර ඇති වාහන ප්‍රමාණය වෙත ලබා දෙන තෙල් ප්‍රමාණ ගැන ගණනය කර පෝලිමට සම්බන්ද වන්න. බයික් සදහා ලීටර් 6ක් ලෙස, කාර් සදහා ලීටර් 15 හෝ 25ක් ලෙස, ත්‍රී රෝද රථ සදහා ලීටර් 10ක් ලෙස.

04 - තෙල් ලැබෙන වෙලාව සම්බන්දව සේවක මහතෙකුගෙන් විමසන්න. බොහෝවිට පිරවුම්හලෙන් ඉන්දන ලැබෙන සහ අවසන් වන අවස්ථා වලදී පොලිසියේ නිලධාරී මහතුන්ගෙන් සේවය ඉල්ලා සිටිනු ඇත.

05 - සෑම විටම වතුර බෝතලයක් හා බිස්කට් වැනි යමක් ලග තබාගන්න. අධික හිරු එලිය සහ විඩාව පැය කිහිපයක් පෝලිමේ සිටින සෑම කෙනෙකුටම දරුණු ලෙස බලපෑමට හැක.

06 - බයිසිකලයක සිටින අයෙක් නම් බයිසිකලය පෝලිමේ නවතා සෙවනකට යන්න. පෝලිම ගමන් කරන විට බයිසිකලය වෙත පැමිණෙන්න. කුඩයක් හෝ ජැකට්ටුවක් සමග වර්ෂාව සදහා සුදානම්ව පැමිණෙන්න. තෙමෙන්න එපා, ඔබට අසනීප වීම පවුලේ අයට බලපානු ඇත. රෝහල් වලට යාමට ඉන්ධන නැත. රෝහල්වල බෙහෙත් අවමව ඇත.

07 - කාර් සහ කුඩා වෑන් රථ වල ස්ටාටර් මෝටරය සහ බැටරිය සම්බන්දව සිතා බලමින් වාහන කිහිපයක පරතරයකින් පසුව වාහනය පනගන්වන්න.

08 - සෑම පෝලිමකම සිටින වියපත් වැඩිහිටියන්ට වාහනය තල්ලු කිරීමට හෝ උපකාර අවශ්‍ය නම් ලබා දීමට කාරුණික වන්න.

අප සියලුදෙනාම මේ බලාසිටින්නේ අපගේ වාහනයට තෙල් ලබාගැනීමට පමණක් බව මතක තබාගන්න. කලහකාරී නොවන්න. සෑම කෙනෙක්ම අසීමිත පීඩනයකින් මේ අවස්ථාවේ සිටින බවත් මතක තබාගන්න. ඔබ අසල සිටිනා පුද්ගලයා හෝ පොම්පකරණ මහතුන් හෝ පොලිස් නිලධාරීන්ට රාජකාරිය සදහා උදව් වන්න. ඔවුනුත් නොකා නොබී මේ සේවාව සිදුකරගෙන යන බවත් සිතන්න.

Address


Telephone

+94770568648

Website

Alerts

Be the first to know and let us send you an email when NuwaN Tours Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share