01/10/2023
පාද යාත්‍රාව ගිහින් ආවට මුකුත් ලියන්න බැරි වුනානේ ඔන්න දැන් තමයි වෙලාවක් ආවේ.....
“කතරගම පාද යාත‍්‍රාව” හෙවත් ලංකාවේ පවත්වන දිගම ආගමික වන්දනාව.......
දකුණු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි කතරගම දේවියන් කදිරේෂන් හා මුරුගා ආදී නම් වලින්ද හඳුන්වයි. ඕකන්දට ගොඩබට කතරගම දෙවියන්ට සැලකිලි දක්වා ඇත්තේ එකල බාගුරාව, මීයන්ගොඩ, හැලව, රදැල්ල ආදී ප‍්‍රදේශවල විසූ සිංහල ජන කොටස් බව ජනප‍්‍රවාදයෙ මතයයි. දෙමළ ජනතාව කතරගම දෙවියන්ට වැඩි සැලකිල්ලක් කර නැති බව ජනප‍්‍රවාදයේ එයි.
එම නිසා කතරගම දෙවියන් ගමන්ගත් ඕකද සිට කුමණ, මඩමෙතොට, පිළින්නාව, කටුපිල, වරහන, කටගමුව, කොච්චිපතාන හරහා වැඩහිටි කන්දට, තමන් බලන්නට එන දෙමළ ජනතාවට ද තමන් ආ ලෙසම පා ගමනින් ආයුතු බවට දුන් දඬුවමකට මෙසේ පාද යාත‍්‍රාවෙන් මහකැලෑව හරහා කතරගම බලා යන්නේ යැයි ජනප‍්‍රවාදයෙන් එන තොරතුරු පදනම් කරගෙන වැඩිහිටියෝ පවසති.
කෙසේ නමුත් එම මතය ඇතැම් හින්දු භක්තිකයන් පිළිගන්නේ නැත. ඔවුන් පවසන්නේ මේ පාද යාත‍්‍රාව ‘ජීවිත පාඩමක්’ බවයි. උතුරු පළාතෙන් එන හින්දු ජනයා කතරගමට යනවිට කිලෝමීටර් 800ක් ඉක්මවු දුරක් පයින් ගමන් කරන අතර එහිදි හමුවන ජනතාව අතර අන්නොන්‍ය අවබෝධය, සමානාත්මතාව, ආහාර කළමනාකරණය, ශරීර සෞඛ්‍ය, අන්‍යයන්ගේ දුක වේදනාව, ඉවසීම, සතා සිවුපාවට සහා ගහකොළට ආදරය කිරීම, ආගමික විශ්වාසය මේ පාද යාත‍්‍රාවට සහහාගි වන හින්දු භක්තිකයන්ට ලැබෙන බව පාගමනේ නිරත වැඩිහිටියන්ගේ විස්වාසයයි.
වසර සියයකට වැඩි දිගු ඉතිහාසයක් ඇති මෙම පාද යාත්‍රාව නැගෙනහිර පළාතේ වාකරේ ආශ‍්‍රිතව විසූ දෙමළ සම්භවයක් ඇති වැදි ජනතාව මුලින්ම මේ ආකාරයට පාගමනින් කතරගම පැමිණි බව පැරැන්නෝ පවසති.
පසු කාලීනව කතරගම දෙවියන් අදහන උතුරු නැගෙනහිර හින්දු භක්තිකයන් තරාතිරම නොබලා මාස ගණන් මස් මාංශ, සුරාපානය ආදියෙන් වැළැකී එනම් ‘පේවී’ මේ ගමන පාගමනින් එන්නේ දැඩි දේව භක්තියකිනි. දැන් දැන් සිංහල ජනතාවද ඔකද සිට කතරගම දක්වා පැමින කතරගම දෙවියන්ට පුද පුජා පැවැත්විමට හින්දු ජනතාව සමග එකතුව පාගමනින් පැමිනේ එම දුර ප්‍රමානය කිලෝමීටර් 100කට ආසන්න වේ. පාද යාත‍්‍රාවේ එන පිරිස් විවිධය. අතදරුවන්ගේ සිට මහල්ලා දක්වා විවිධ වයස් කාණ්ඩ වල අය මේ ගමන එන්නේ මාහත් වු භක්තියකිනි.
එක් වරක් හො මෙම ගමන යායුතු බව මාගේ යොජනාවයි. මන්ද අර ඉහතකී අන්නොන්‍ය අවබෝධය, සමානාත්මතාව, ආහාර කළමනාකරණය, ශරීර සෞඛ්‍ය, අන්‍යයන්ගේ දුක වේදනාව, ඉවසීම, සතා සිවුපාවට සහා ගහකොළට ආදරය කිරීම වැනි දෙවල් අප ඉගන ගන්නේ පොතපතින් පමනක් නිසා එවා ප්‍රායොගිකව ක්‍රියාවට නන්වන්නට මෙය හොදම අවස්ථාවක් වේ.
ඉතින් නවතින්නට අවසර.....
පද.
අන්තර් ජාලයෙන් හා ගමනෙදි හමුවු අයගෙන්.