Walking Sailors

  • Home
  • Walking Sailors

Walking Sailors It is our responsibility to provide travel tips

රටේ විසදන්න මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඇයි මේ නුවරඑළියට/ මහනුවරට සංකේතයක් වුන අවුරුදු 200කටත් වඩා පැරණි තැපැල් ස්ථාන විකුණන...
08/11/2023

රටේ විසදන්න මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඇයි මේ නුවරඑළියට/ මහනුවරට සංකේතයක් වුන අවුරුදු 200කටත් වඩා පැරණි තැපැල් ස්ථාන විකුණන් කන්න හදන්නේ.තැපැල් කන්තෝරුව තියෙද්දිම ඒවා සංචාරක ආකර්ශනය දිනන ස්ථාන ව්දියට දියුනු කරන්න පුලුවන්.ලෝකේ සංචාරකයන් කැමති එහෙම තැන් වලට.උදාහරණ ඕන තරම්.

සමහර විට දැනටමත් ලොක්කොන්ගේ ගජමිතුරෙක් මේවාගන්න බලාගෙනත් ඉන්නවා වෙන්න පුලුවන්.

රටේ පලාතක් ගානේ අලි සිය ගාණක් මැරෙද්දි බම්ලෝ පූසෝ ගානට මිනිස්සුන්ට පාරේ වෙඩි තියලා යද්දි පාන් පිටි වගේ කුඩු අයිස් රට පුරා යද්දි,කෝටි ගණන් ගහලා බාල බෙහෙත් රෝහල් වලට දුන්නා කියලා සාක්කි එක්කම ඔප්පු වෙලා තියෙද්දි රටේ මහ පුටු වල ලොකුම ප්‍රශ්නේ තැපැල් කන්තෝරුව හෝටලයක් කරන එක.

සිරාවටම රටේ නායකයන්ට දෝදු..👍

Green Project Api

French 🇫🇷 Village in Dubai 🇦🇪Sri lankan traveler 🇱🇰🚶Walking SailorsHasun Dassanayake
15/10/2023

French 🇫🇷 Village in Dubai 🇦🇪

Sri lankan traveler 🇱🇰🚶

Walking Sailors

Hasun Dassanayake

Hope 🍀🌏❤️
15/01/2023

Hope 🍀🌏❤️

07/12/2022
තෙරුවන් සරණයි ..!කෝඩූ චාරිත්‍ර සැබෑ සිරිපාකරුණාව🍀 පළවෙනි වතාවට සිරිපා වන්දනාවේ යන අයෙක් (කෝඩූ කාරයෙක්) ශ්‍රී පාදය කරුණාක...
07/12/2022

තෙරුවන් සරණයි ..!

කෝඩූ චාරිත්‍ර සැබෑ සිරිපාකරුණාව

🍀 පළවෙනි වතාවට සිරිපා වන්දනාවේ යන අයෙක් (කෝඩූ කාරයෙක්) ශ්‍රී පාදය කරුණාකරන විට දැන ගතයුතු කරුණු සහ අවශ්‍ය දේවල්

🍀 සුදුරෙදී මීටරයක්
🍀 කහවතුරෙන් සෝදාගත් පඬුරු
🍀පඬුරු ගැටගැසීමට රෙදි
🍀ඉදිකටු නූල් බෝල
🍀විටකන හුනු පැකට් එකක්
🍀තෙල් මල් හඳුන්කූරු

🧏🏻 හොඳින් මතක තබාගන්න ඔබ මේ යන්නට සැරසෙන්නේ කා බී විනෝද වන ගමනක් නොව,
ඔබ යන්නේ සමන් දෙවියන්ගේ අඩවියේ වැඩ සිටින
සිරිපාද පත්මය වැඳ පුදාගැනීමට බව,,,

ඔබ මුලින්ම සිරිපා කරුණා කරන අයෙක්නම් රත්නපුර පලාබත්ගල මාර්ගය භාවිතා කරන්න. කෝඩු කෙනෙක් ශ්‍රී පාදය කරුණා කරන විට කිරීමට චාරිත්‍ර වාරිත්‍ර ඇත.ඒවා කිරීමට ඇති සැබෑ ස්ථානයන් ඇත්තේ ,ශ්‍රී පාදයට යෑමට මුලින්ම සොයාගත් පලාබත්ගල මාර්ගයේය. අනෙකුත් මාර්ග වල ඇත්තේ සංකේතාත්මක ස්ථාන ය.

🍀ඔබ මුලින්ම කරුණාකරනවානම් දවස් තුනක්වත් පේවී වන්දනාවේ යෙදෙන්න. මෙය ඉතා පැරණි චාරිත්‍රයක් වේ සමන්දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව ශ්‍රී පාද අඩවියෙහි පවතින නිසා ඔබ පේවී යන්නේනම් එය ඔබට වඩා හොඳය.එය ඔබගේ සිතටද සැනසීමකි. ඔබව වැන්දීමට චාරිත්‍ර දන්නා නඩේ ගුරෙක් සිටීනම් ඔහුත් සමග කරුණාවේ යෙදෙන්න.

🍀පලාබත්ගල මාර්ගේ ගමන් කරන විට කෝඩුකාරයා ට මුලින්ම හමුවන්නේ පලාබත්ගල රජමහා විහාරයයි.ඔබ විහාරයට ගොස් පන්සිල් සමාදන් වී විහාරයේ ඇති සමන් දේවාලයට ගොස් කපු මහතා ලවා පඬුරු ගැටගසා ගැනීමට වගබලා ගන්න.

🍀සමන් දෙවිහාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි කියා සිරිපාකරුනා කිරීමට පටන්ගන්න.ඒ යන ගමනේදී වචාල කියවීම් ඕපාදූප සහ අවකැපෙන වචන කියා කට වරද්දාගන්න එපා .

🍀ලිහිනිහෙල අම්බලමට ඉහලින් ඇති ස්ථානයට පඬුරු දමා පන්සිල් ගෙන කරුනාකරන්න.ඉහලින් හමුවන ලිහිණිහෙල අසලට ගොස් ලිහිනි අක්කේ කියා ලිහිනි අක්කාට කතා කර ගමන නැවත පටන් ගන්න.

🍀කටුකිතුල වංගුව දානශාලාවේ ගිමන් හැර එතනටද පඬුරු දමා ඉහලට කරුණාකරන්න.කලුඟගෙන් දිය පොඳක් බී ඉහලට කරුණා කරන කෝඩුකාරයාට ඊලඟට හමුවන්නේ ගෙත්තම් පානයි.

🍀 බුදුරජාණන් වහන්සේ සිරිපා පියුම තැබීමට යන අවස්ථාවේ උන්වහන්සේගේ සිවුර ඉරී එය මැසූ ස්ථානය ලෙස ගෙත්තම් පාන හඳුන්වයි. එය සිහිපත් වීමට කෝඩූ කාරයන් ගෙත්තම් කීරීමේ චාරිත්‍රය ගෙත්තම් පානේදී සිදුකරයි.
මුලින්ම ඉදිකටුවට නූල ඇමිනීම කෝඩු කාරයා විසින් සිඳුකල යුතුය. ඉන්පසු ඔබ ගෙන ආ සුදුරෙදි යාරය කරට දමා ඒ හරහා නූලක් ඇදීම කරන්නේ නඩේ ගුරාය.එවිට ඔහු ගෙත්තම් කවියක් කියයි ඉන්පසු ඔබද ගෙත්තම් කවිය කිව යුතුය.

🌸ගෙත්ම්පානට මුණිරජු වැඩලා
එලුසම් දිවිසම් ආසන කරලා
ඉදිකටු නූලුත් සුරත දරාලස්
ගෙත්තම් කෙරුවයි මලුව බලාලා

ඉන්පසු නූල සුදුරෙද්ද හරහා ඇද එය
කෝඩු කාරයාගේ අතට දෙනු ලබයි.එවිට කෝඩුකාරයා ගෙත්න්පානේ නූලිපන්දුව ඇද එහි රැඳවීම සිඳුකරයි.
මෙය කෝඩු කෙනෙකුට සිරිපා වන්දනා වේ ඇති ප්‍රධාන චාරිත්‍රයකි.ඉන්පසු සුදු පිරුවටය නවා බෑගයේ දමා නැවත කරුණාවේ යෙදෙන්න.

🍀ගෙත්ම්පානෙන් පසුව ඔබට හමුවන්නේ ධර්මරාජ ගල් පර්වතයයි.කෝඩු කාරයන් විසින් මෙම ගලෙහි පඩි ගණන් කිරීම සිඳුකරයි.

🍀ධර්ම රාජගල තරණය කර ටික දුරක් යනවිට සිත ගඟුල හමුවන අතර කොඩූ කාරයන් අනිවාර්යයෙන් මේ ස්ථානයේ නා පිරිසිදු වී සුදු ඇඳුමෙන් සැරසිය යුතුය.

🍀පිරුවට ඇඳගත් කෝඩුකාරයා ට මීළඟට හමුවන්නේ හැරමිටි පානයි එම ස්ථානයට ශ්‍රී පාද කන්ද මැනවින් පෙනෙන අතර දුර සිට සිරිපා වන්දනාව මෙම ස්ථානයේදී සිදුකල හැක.

🍀හැරමිටි පානෙන් පසුව කොඩූකාරයාට ගල් වංගෙඩිය හමුවෙයි.එයතුලට පඩුරුදමා ඉහලට කරුණා කිරීමද චාරිත්‍රයකි.

🍀 ශ්‍රී පාදයේ වන්දනා වේ යෙදෙන කෝඩු ඇතුලු සියලු දෙනා තොරණ් බැද පිලිගැනීමට සාදා ඇති මකර තොරණ මී ලඟට හමුවේ.එහිද පන්සිල් ගෙන සමන් දෙවියන් වැඳ කරුණා කිරීම සිදුකල යුතුය.

🍀ඉන්පසු මෑල්ල මල කඳුර ආඩියාමල තැන්න පසුකර ශ්‍රී පාද කන්දට පිවිසෙන කෝඩුකාරයා මහගිරිදඹ පසු කිරීමෙන් පසුව ඇහැල කනුවට ලඟා වන අතරඑහිදී පන්සිල් ගෙන හුනුටිකක් ඇඟිල්ලට ගෙන "මා ඉතාමත් යහපත්ව මත්ද්‍රව්‍ය වලින් තොරව සිරිපා කරුණා කරන බවට පොරොන්දු වී " කනුවෙහි හුනු ගා නලල ගැසිය යුතුය.

🍀ඇහැල කනුව චාරිත්‍රයෙන් පසුව අහස් ගව්ව තරණය කර මලුවට පිවිසෙන කෝඩු කාරයා මල් හඳුන්කූරු පූජාකර පත්මය වැදීමට යා යුතුය .එහිදී නඩේ ගුරා විසින් කෝඩු කාරයා ගෙත්තම් කර ගෙන ආ සුදු පිරුවටය පත්මයෙහි එලා ඒමත කෝඩු කාරයාගේ නලල ගැසීම සිදුකරයි.
ඉන්පසු
මා බුදුරජාණන් වන්සේගේ සිරිපා කරුණා කලා යැයි සිතා සතුටු වී බුද්ධාලම්බණ ප්‍රීතිය පල කල හැකිය.

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මෙය කියවන ඔබ, විසිඑක් වන සියවසේ ඉපිද ඇති කෙනෙකු විය හැක.සමහර විට ඔබට මෙය විහිළුවක් ද වියහැක. සමහරු මේ කිසි දෙයක් නොකර සිරිපා කරුණාකර, ඔවුන්ට කිසි කරදරයක් වුනේ නැතැයි මේවා බොරු යැයි මත ගොඩනගාගෙන සිටිති .මතකතබාගන්න මෙය අවුරුදු දහස් ගණනක් තිස්සේ ,මිනිසුන් ගෙවල් දොරවල් පවා ළමයින්ට ලියාදී, ජීවිත ආශාව අතඇර, සිරිපා කරුණාවේ යෙදුන කාලයේ සිට පැවත එන ,චාරිත්‍රයන් බව.ඔවුන් මෙම චාරිත්‍රයන් බොරුයැයි සිතා නොකෙරුවේ නම් ,මෙය ආදම්ගේ පාදය ලෙස ප්‍රචාරය වී මෙහි සත්‍ය යට යන්නට ඉඩ තිබුණි. මෙම චාරිත්‍රයන් තුළ පවතින්නෙ
🌸බුදුරජාණන් වහන්සේගේ ආගමනය සිහිපත් කිරීම .
🌸සමන් දෙවියන්ට කරන ගෞරවය දැක්වීම.
🌸වන්දනාවේ යෙදෙන විට පවතින විනය හික්මීම.
ඇතුලු හොඳ දේ පමණක් මය.

❤️ඔබ ගෙනයන සියලු දේ ආපසු රැගෙන එන්න හඳුන්කූරු පැකට් මල් කවර කෑමකොල බිස්සක් පැකට් ආදිය එම පරිසරය තුල දමා එන්නේ නම් එම වන්දනා වෙන් පලක් නැත.සිරිපා පුණ්‍ය භූමිය අපිරිසිදු කරන්නේ නම් ඔබට වන්දි ගෙවන්නට සිදුවේවි.

තෙරුවන් සරණයි

වැඩි විස්තර සදහා වෝකින් සේලර්ස් සාමාජික දිල්හාර අමතන්න
26/11/2022

වැඩි විස්තර සදහා වෝකින් සේලර්ස් සාමාජික දිල්හාර අමතන්න

🌬ඕලු ඇල්ල Olu ella🌬ඕලු ඇල්ල ලංකාවේ ඇති තවත් මනස්කාන්ත දිය ඇල්ලක්. යටියන්තොට නගරයේ සිට B482 යටියන්තොට -පුනුගල -මීනගල මාර්...
20/10/2022

🌬ඕලු ඇල්ල Olu ella🌬

ඕලු ඇල්ල ලංකාවේ ඇති තවත් මනස්කාන්ත දිය ඇල්ලක්. යටියන්තොට නගරයේ සිට B482 යටියන්තොට -පුනුගල -මීනගල මාර්ගයේ කිලෝමීටර 13-14ක පමන දුරක් ගෙවාගෙන ගිය පසු ඕලු ඇල්ලට ලගා වෙන්න පුලුවනි. පාර අයිනෙම පිහිටා ඇති නිසා දිය ඇල්ල ලගටම වාහනයක යන්න පුලුවනි.

යටියන්තොට සිට ඕලු ඇල්ල දක්වා මාර්ගය රබර් වතු මැදින් කදුකර ප්‍රදේශයකට මනරම් පරිසරයක් හරහා දිවෙන නිසා පරිසරයේ සුංදරත්වය විදිමින් යන්න පුලුවනි. ඒ වගේම අතරමග ගිමන් අරින්න සහ මූන කට පොඩ්ඩක් සෝදගන්න කුඩා ප්‍රමානයේ දිය පහරවල් කිහිපයකුත් හමුවෙනවා.

මෙහි ඇති තවත් විශේශත්වයක්නම් දිය ඇල්ලේන් කඩාහැලෙන ජල පහර හරහා මහා මාර්ගය ගමන් කිරීමට දැව පාලමක් යොදා ගැනීමයි. ලංකාවේ දැනට ඉතිරිව ඇති දැව පාලම් වලින් ඉතා පැරණි ඒ වගේම තවමත් සක්‍රීයව මහාමර්ගයක් තුල භාවිතා වන දැව පාලමක් වීමද තවත් එක් විශේශ කරුණක්. අපි එහි යනවිට දැව පාලම වෙනුවට ඉදිරියේදී භාවිතා කිරීමට නව කොන්ක්‍රීට් පාලමක් ඉදිකරමින් පැවතුනා.

දැව පාලමට අස්සන්නයෙන් පිහිටා ඇති පඩිපෙල භාවිතා කර දිය ඇල්ලේ ඉහල ප්‍රදේශයට නගින්න පුලුවනි නමුත් වතුර වැඩි කාලයකනම් ගොඩක් අණතුරුදායකයි. ඒ වගේම පාලම යට කොටස තරමක් සමතලා ගල් පර්වතයක් නිසා පාලම යටටත් බහින්න පුලුවනි. නමුත් මේ හැමතැනකදිම ආරක්ශාව ගැන අවධානය යොමුකරන්න ඕනෙ මොකද සුලු අතපසුවීමකින් ලොකු අණතුරක් වීමට ඇති ඉඩකඩ වැඩියි. එම නිසා මෙහි දිය නෑම තරමක් අණතුරුදායකයි.

හිතේ හැටියට නාගන්න පුලුවන් ස්තානයක් මෙම දිය ඇල්ලේ සිට ටික දුරක් යටියන්තොට පැත්තට එද්දී පිහිටා තියෙනවා. දිය ඇල්ල පහුකරලා යටියන්තොට පැත්තට එද්දී පොඩි කඩමණ්ඩියක් හම්බෙනවා.එතනින් දකුණු පැත්තින් පහලට කොන්ක්‍රීට් පාරෙ මීටර 300 විතර යද්දි ඔය හරහා පාලමක් හම්බෙනවා.මෙතන දිය නෑමට සුදුසුයි.මොකද එම ස්තානයේ ඔය ගොඩක් පළලට නමුත් අඩි 3,4 කටත් අඩු ගැබුරකින් ගලායන නිසා. ඒ වගේම ජල පහර වේගවත් නෑ මොකද ඊට පහලින්
විදුලි යෝජන ක්‍රමයකට වතුර ලබාගැනීමට ඔය හරස්කර වේල්ලක් බැදලා තියෙන නිසා.

ඒ වගේම එම පහල ඇති කුඩා ප්‍රමාණයේ ජලාශයට ඉහලින් එල්ලෙන පාලමක් සවිකරලා තියෙනවා ඔයෙන් එගොඩ මිනිසුන්ට කඩමණ්ඩියට සහ මාර්ගයට ඒමේ පහසුවට. ඉතින් එම එල්ලෙන පාලම දැකබලාගන්න වගේම පාලම හරහා ජලාශයට ඉහලින් ගමන් කරීමටත් මෙම ප්‍රදේශයේ සංචාරය කරන්නෙකුට අවස්තාව ලැබී තියෙනවා.

ඕලු ඇල්ල Olu Ella Falls | ඕලු ඇල්ල
https://maps.app.goo.gl/CocKW8HFLhViCF7x8?g_st=ic

ලංකාවේ ලස්සනම පල්ලිය බලන්න ගිය ගමන 🌿🌻❤️මීට මාස 02කට විතර කලින් වොල්කින් සේලර්ස් හි හසුන් හිමන්ත ගිය හරි ලස්සන ගමනක්... ම...
09/10/2022

ලංකාවේ ලස්සනම පල්ලිය බලන්න ගිය ගමන 🌿🌻❤️

මීට මාස 02කට විතර කලින් වොල්කින් සේලර්ස් හි හසුන් හිමන්ත ගිය හරි ලස්සන ගමනක්... මේ. ගමන ගියේ නම් බයික් එකේ කොලඹින් පටන් අරන් තමා විනාඩි 45න් වගේ තේ වත්ත පල්ලිය ගාව විතර ඇති/ කෝච්චි ‍යේ එනවනම් රාගමින් බැහැල එතනින් ස්ටේෂන් එකෙන් බහිද්දි දකුණු පැත්තේ ගහලා තියනවා බස් කඩවත බස් එකක රාගම ඉඳන් 3 KM වගෙ තියෙන්නෙ.... පල්ලියට යන හන්දියේන් බැහැල පහන් පත්තු කරන්න ඕන්නම් බහින තැනින්ම ඇතුළට යන්න පුලුවන්...ඊටපස්සෙ ඒ වැඩ කරලා එහෙම පාරට ඇව්ල්ලා ආයෙ එහා පැත්තට පැනලා පඩිපෙළ දිගෙ පහලට බහින්න තියනවා...මාරම ලස්සනයි වටේටම ගස් විතරමයි... නිස්කලංක ලස්සනම පරිසරයක් මැද්දෙ තමා පල්ලිය තියෙන්නේ... මට හිතෙන විදියට ලස්සනම පල්ලිය...අලුතින් හඳලා තියනවා යාඥා කරන්න කියලා වෙනමම ලස්සන තැනක් ඒකට යද්දි අමුතුම feeling එකක් ගිය අය දන්නවා ඒක ගැන... කොළඹ , රාගම , මීගමුව , ජා ඇල අවට නම් ගිහින් නැත්තනම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න පොඩි ගානකින් ගිහින් බලලා එන්න පුලුවන් හරි ලස්සනම තැනක්.... රාගම තේ වත්ත පල්ලිය කියන්නේ... 🌿🌻♥️

Tewatta Church - Basilica of Our Lady, Ragama
0112 958 211
https://maps.app.goo.gl/AvxgBRYFfU8WWzHk7?g_st=iw

දැනගැනීම පිනිසයි !ඔය වම්පැත්තට තියෙන්නේ හැටන් පැත්තෙන් සිරිපාදේ යන රියල් මග, දකුනට ශ්‍රී පාද පාර කියලා ගහලම තියෙන්නේ සිම...
07/10/2022

දැනගැනීම පිනිසයි !
ඔය වම්පැත්තට තියෙන්නේ හැටන් පැත්තෙන් සිරිපාදේ යන රියල් මග, දකුනට ශ්‍රී පාද පාර කියලා ගහලම තියෙන්නේ සිමෙන්ති පිලිම ටිකක් හරහා ඒවා හදපු උදවියට කීයක් හරි දීගෙන යන්න තියෙන ක්‍රමවේදයක් . කෙලින්ම කීවොත් බිස්නස් එකක්. දැනුවත් වන්න ! ශ්‍රද්දාවෙන් වාසි ලබාගන්නා ,බැතිමතුන් මුලා කරන්නන්ට අසු නොවී . නියම ශ්‍රද්දාවෙන් කරුනා කරන්න . ඒ සල්ලි වලින් මොනවාහරි කන්න . කාලා කොලේ අරන් එන්න.

02/08/2022
මේ දවස්වල බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියක් ධාවනය නොවේ..   ජීවීතේ විඳින්න යැයි තැපැල් දුම්රිය සොයා ගොස්  රැවටෙන්න එපා !!මේ...
28/07/2022

මේ දවස්වල බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියක් ධාවනය නොවේ.. ජීවීතේ විඳින්න යැයි තැපැල් දුම්රිය සොයා ගොස් රැවටෙන්න එපා !!

මේ දවස්වල ට්‍රැවලින් සම්බන්ධ ෆේස්බුක් ගෘප් වල සහ ගොඩක් ට්‍රැවල් කරන අය අතර තියන වැරදි වැටහීමක් දැකලා දැකලා බැරිම තැන තමයි මේ ස⁣ටහන ලියන්න හිතුවේ .

සාමාන්‍යයෙන් ට්‍රැවල් කරන අය අතර සුප්‍රසිද්ධ දෙයක් තමයි බදුල්ල නයිට්මේල් එක . ෆේස්බුක් එකේ මේ නයිට්මේල් එකේ සුන්දර ගමන ගැන ලස්සන ලස්සන පෝසට් ගොඩක් තිබුණා . ඒවා කියවන අයටත් ඒ අත්දැකීම ගන්න හිතලා බදුල්ල නයිට්මේල් එකේ යන්න ආසාවක් ඇතිවෙන එක සාධාරණ දෙයක් . ඒත් මේ දවස්වල එහෙම පෝසට් දැකලා නයිට්මේල් එක හොයාගෙන ජීවීතේ විඳින්න කියලා ඇත්තටම පරණ නයිට්මේල් එක හොයන් යන්න එපා .!! තැන් තැන්වල කවුරු පෝසට් දැම්මත් දැන් ඇත්තටම ධාවනය වෙන්නේ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය , එහෙමත් නැත්තන් බදුල්ල නයිට්මේල් එක නෙවෙයි .

🔴 මේ දවස්වල ධාවනය වෙන්නේ කලින් බදුල්ල නයිට්මේල් එක ධාවනය වුන දුම්රිය ගමන් වාරයම යටතේ කොළඹින් රාත්‍රී 8:30 ට අංක 1045 විදියටත් බදුල්ලෙන් සවස 6:00ට අංක 1046 විදියටත් රාත්‍රී සීග්‍රගාමී දුම්රියක්. ආයෙත් කියන්නේ මේක නයිට්මේල් එක නෙවෙයි බදුල්ල රාත්‍රී සීග්‍රගාමී දුම්රිය. මේක ධාවනය වෙන්නේ S12 පන්තියේ බලවේග කට්ටලයක් මගින්.

දෙපසටම දුම්රිය එන්ජින් සහිත රියදුරු කුටි දෙකකින් සමන්විත මෙහි දුම්රිය මැදිරි සැකැස්ම පහත පහත පරිදි වේ.

පළමු පන්තියේ වෙන්කල ආසන සහිත වායුසමනය කරන ලද එක් මැදිරියක් ( AFC)

දෙවනි පන්තියේ වෙන්කල ආසන සහිත එක් මැදිරියක්, ( SCR)

දෙවනි පන්තියේ සාමාන්‍ය මැදිරි දෙකක් ( SC)

තුන්වෙනි පන්තියේ සාමාන්‍ය මැදිරි තුනක් (TC)

තුන්වෙනි පන්තියේ වෙන්කල ආසන සහිත එක් මැදිරියක් ( TCR)

විදියට තමයි මැදිරි සැකැස්ම තියෙන්නේ

🔴 Engine +AFC 1+ SCR 1+ SC 2 + TC 3 + TCR 1+Engine

කලින් ධාවනය වුන රාත්‍රී තැපැල් දුම්රිය මෙන් මෙහි තැපැල් මැදිරි , පාර්සල් ප්‍රවාහන මැදිරි සහ නිදන මැදිරි අඩංගු වෙන්නේ නෑ . කලින් නයිට්මේල් එකේ මැදිරි 12/13 ක් පමණ තිබුණත් මෙම රාත්‍රී සීග්‍රගාමී දුම්රියේ තියෙන්නේ මැදිරි 8 යි ඒකෙනුත් මැදිරි තුනක්ම වෙන්කල ආසන සහිත ඒවා එතකොට සාමාන්‍යයෙන් ඒ වෙලාවට ටිකට් අරන් යන්න පුලුවන් මැදිරි තියෙන්නේ හරියටම පහයි.

ඊළගට ගොඩක් අයට තියන ප්‍රශ්නය තමයි මේකට මරදානෙන් නගින්න පුලුවන්ද කියලා . කලින් නයිට්මේල් එක නම් පාර්සල් පටවන්න, මේල් පටවන්න වගේ වැඩවලට දුම්රිය අංගනයේ ඉදන් කොටුවට එන අතරතුර මරදානේ නවත්තනවා.ඒ වගෙ වෙලාවට සමහර අය මරදානෙන් දුම්රියට නගිනවා.ඇත්තටම ඒක හරියට බැලුවොත් නීති විරෝධී දෙයක් . හැබැයි ඒ පුරුද්දට මේක නයිට්මේල් එක කියලා හිතලා මරදානෙන් මේකට නගින්න යන එක අවදානමක් මොකද පාර්සල්, ලිපි පටවන්නෙ නැති හින්දා බොහෝ වෙලාවට මේක මරදානේ නොනවත්වා එන්නත් පුලුවන්.ඒ වගේම දොරවල් ලොක් කරලා තියෙන්නත් පුලුවන් .ඒ හින්දා ඒ අවදානම ගන්න එපා.

🔴 රාත්‍රී සීග්‍රගාමී දුම්රියේ පහසුවෙන් යන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නේ අදාල ගමන යන දවසට දින 14 කට කලින් අවශ්‍ය විදියට කලින් ආසන වෙන්කර ගන්න එක නැත්තන් ශීට් එකක් හම්බෙන සම්භාවිතාවය සෑහෙන්න අඩුයි හම්බුනත් ඔබ ඉදගෙන ගියත් හිටගෙන යන මිනිස්සු ඇඟ උඩ යයි. බුකින් නොකර මේ⁣ දවස්වල සති අන්තේ වුනත් සතිය මැද වුනත් , කොළඹින් නැග්ගත් බදුල්ලෙන් නැග්ගත් මේකෙ යනව කියන්නේ පූරුවේ කරපු කරුමයක් කියලා හිතෙයි.

🔴 දැන් ඊළගට හැමෝටම එන ප්‍රශ්නයක් තමයි ඇයි මෙච්චර සෙනඟ ඉදලත් තදබදයක් වෙලත් පරණ නයිට්මේල් එක දාන්න බලධාරීන් උනන්දුවක් නැත්තෙ කියන එක.ඇත්තටම ඒක සාධාරණ ප්‍රශ්නයක් . ඒත් ඒකට හේතු කීපයක්ම තියනව නයිට්මේල් එක දුවන්න M6 පන්තියේ දුම්රිය එන්ජින් දෙකක් ඕන වෙනවා. එතකොට බදුල්ල ඉදන් එන සහ කොළඹින් යන නයිට්මේල් දෙකට එන්ජින් හතරක් ඕන වෙනව මේ වෙද්දී එන්ජින් වල⁣ට අවශ්‍ය එන්ජින් ඔයිල්, අමතර කොටස් සපයා ගැනීමේ අර්බුදයක තමයි දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්නෙ . ඒ වගේම නාවලපිටියෙන් ඉහළට රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කරන්න දුම්රිය එන්ජින් දෙකට කාර්ය මණ්ඩලය විදියට රියදුරු මහත්වරුන් දෙදෙනකු සහ සහයක මහත්වරුන් දෙදෙනකු අවශ්‍ය වනවා. නාවලපිටියෙන් ඉහළට රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කරන්න යොදාගන්නෙ දුම්රිය දෙපාර්තමේන්තුවේ A ශ්‍රේණියේ රියදුරු මහත්වරුන් ඉතින් එම කාර්යමණ්ඩල හිඟයත් මේ දුම්රිය ධාවනය නොකරන්න හේතුවක් .තවත් දෙපාර්තමේන්තුව පැත්තෙන් හේතු ගණනාවක්ම තියනව .
මේ වනවිට ධාවනය වන දුම්රිය සියල්ල ධාවනය වන්නෙ එන්ජින් ඔයිල් , අමතර කොටස් හිඟයන් ඇතුලු බාධක රැසක් මැදයි.

🔴 ඊළගට ගොඩක් අයට තියන ප්‍රශ්නයක් එහෙනම් මේ සෙනඟ තදබදය අවම කරගන්න දැන් ධාවනය වන රාත්‍රී සීග්‍රගාමී දුම්රියට අමතර මැදිරි එකතු කරන්න බැරිද.. නැත්තන් ද්විත්ව බලවේග කට්ටලයක් විදියට යවන්න බැරිද කියලා . උත්තරය .. එහෙම කරන්න බෑ උඩරට ධාවනය වන බලවේග කට්ටලවලට සම්මත ගණනට වඩා මැදිරි අලුතෙන් එකතු කරන්නත් ද්විත්ව බලවේග කට්ටල විදියට ධාවනය කරන්නත් බෑ . ඒ උඩරට දුම්රිය මාර්ගයේ භූ විෂමතාවය අනුව පිහිටීම , තියුණු වංගු සහිත වීම වගේ හේතු මත.

කෙසේ වෙතත් ⁣ දෙපාර්තමේන්තුව පැත්තෙන් තියන ගැටලු නිරාකරණය වෙලා යලිත් පරණ රාත්‍රී තැපැල් දුම්රිය ඉක්මනට යොදවන එක තමයි මේ වෙද්දී හොඳම දේ.ඒත් ඒක කවදා වෙයිද කියන එක නිශ්චිතව තීරණයක් නෑ . රාත්‍රී 8:30ට පස්සේ ඒකට අමතරව නැවත රාත්‍රී 10ට වගෙ සීග්‍රගාමී දුම්රියක් කොළඹ සිට බදුල්ලටත්, බදුල්ල සිටත් යොදවන්න පුලුවන් නම් මගීන්ගෙ පැත්තෙන් ඒක තරමක සහනයක් වෙයි.

අවසාන වශයෙන් නැවතත් කියන්නේ මේ දවස්වල බදුල්ල රාත්‍රී දුම්රියේ කලින් ආසන වෙන් නොකර යන්න හිතන් ඉන්නව නම් දෙපාරක් හිතන්න. ඒවගේම දැන් ධාවනය වෙන්නේ නයිට්මේල් එක නෙවෙයි නයිට් එක්ස්ප්‍රස් එක කියලා නැවත වතාවක් කියනවා. පරණ නයිට්මේල් එකේ තත්වේ බලාපොරොත්තුවෙන් දැන් රාත්‍රී සීග්‍රගාමී දුම්රියේ යන්න හිතන්නවත් එපා.ඒක හීනයක් .

නයිට්මේල් එකක් කියන්නේ මැදිරි වැඩි ගණනකින් යුක්ත තැපැල් මැදිරි , පාර්සල් මැදිරි , පළමු ,තෙවන සහ දෙවන පන්තිවල සාමාන්‍ය මැදිරි වලට අමතරව නිදන මැදිරි වලින් සමන්විත දුම්රියක් .

මේ සටහන මම ලිව්වේ මේ දවස්වල බදුල්ල රාත්‍රී සීග්‍රගාමී දුම්රියේ තත්වේ දැකල ගොඩක් අය නොදැන ඇවිත් අමාරුවේ වැටෙන හින්දා. මොකද මේ තත්වේ එක්ක ගමන් යන්න ප්ලෑන් කරපු ගොඩක් අය ස්ටේශන් එකට ගිහින් ටිකට් අරගෙනත් මේ කෝච්චියට නැගගන්න බැරුව ආපහු ගෙවල් වලට හැරිලා ගිහින් තියනව. මගින් විතරක් නෙවෙයි කොළඹ කොටුවෙන් පවා නැගගන්න බැරිවුන අය ඉන්නව . ඉතින් ගමනක් ප්ලෑන් කරද්දී මේ දවස්වල මේ දුම්රියේ යනව නම් හිතලා බලන්න .මේ දුම්රිය විතරක් නෙවෙයි මේ දවස්වල බදුල්ල දුම්රිය සේරම අධික මගී ධාරිතාවයක් සහිතව තමයි ධාවනය වෙන්නේ .

සටහන : ශශින් විජේතුංග

( copied ) — feeling sad.

03/07/2022

ඔහු රැගෙන ආවෙ කොල්ලොන්ට කෙල්ලොන්ට  දෙන්න මාරි පෙට්ටියක්. මට පුලුවන් දේ මන් කරනව පුතේ කිවුව... සාමකාමී අරගලයට ජය..!
12/04/2022

ඔහු රැගෙන ආවෙ කොල්ලොන්ට කෙල්ලොන්ට දෙන්න මාරි පෙට්ටියක්. මට පුලුවන් දේ මන් කරනව පුතේ කිවුව...

සාමකාමී අරගලයට ජය..!

07/04/2022

ධාතු හිසින් ගත් ඒ පින් බලයේ ආසිරි වේ සසරේ ඇත් රජුනේ 🐘🌸🌷
07/03/2022

ධාතු හිසින් ගත් ඒ පින් බලයේ
ආසිරි වේ සසරේ ඇත් රජුනේ 🐘🌸🌷

03/03/2022
         🇱🇰
03/03/2022

🇱🇰

02/03/2022

01/12/2021
☘️නොදිරණ කසළ පුලුස්සන්න එපා☘️
31/08/2021

☘️නොදිරණ කසළ පුලුස්සන්න එපා☘️

Family Adventures  🍂💙🍃
28/08/2021

Family Adventures 🍂💙🍃

ට්‍රැවල්  කරද්දි  හැමොම  වගේ අරම් යන මාමයිට්වලට කැමති අකමැති හැමෝටම......_____________________________________👆1.අත් වැර...
22/08/2021

ට්‍රැවල් කරද්දි හැමොම වගේ අරම් යන

මාමයිට්වලට කැමති අකමැති හැමෝටම......
_____________________________________👆

1.අත් වැරදීමකින් 1902 දී Justin Liebig නම් ජර්මානු ජාතික විද්‍යාඥයෙකු විසින් අහම්බෙන් සොයාගත් ආහාරයක් ලෙස මාමයිට් ලෝකයෙහි උපත ලැබුවා. එදා මේ විද්‍යාඥයා සිතන්නටවත් නැතිව ඇති මෙය මේ තරම් ලෝකයේ ජනප්‍රිය වේවි කියා.

2.ඔය රසකර කර බොන බියර් වල අතුරුඅතුරුපලයක් විදිහට තමයි මාමයිට් හැදිලා තියෙන්නේ. මේ අතුරුපලයට ඊස්ට් සහ ලුණු එකතුකර පදන් කිරීමෙන් තමයි මාමයිට් රසගන්වලා තියෙන්නේ. පුදුමයට කරුණ එක නෙවෙයි.. තවමත් ලෝකයේ මාමයිට් වට්ටෝරුව වසර 118ක් පුරාවට රහසක් බව ඔබ නොදන්නවා ඇති. මේක ව්‍යාපාරික රහසක් ලෙසටයි පවතින්නේ.

3. මාමයිට් කියන එකේ තේරුම තමා “කැසරෝල් භාජනය” කියන එක. (Casserole Disk ) කියන එක.මාමයිට් බෝතලයේ ලේබලය මැද සටහන් කර තිබෙන්නේ එම භාජනයයි.

4. මාමයිට් විටමින් E වලින් සහ ෆෝලික් අම්ලයෙන් ඉතාම පොහොසත්. මේ ගැබිණි මවුවරුන්ට වගේම අපේ පොඩි දරුවන්ටත් යෝග්‍යයි. මේ නිසා මාමයිට් ඖෂධයක් ලෙසත් භාවිත කර තිබුණා.

5.මේ මාමයිට් සම්බන්ධ තවත් රස කතාවක්. පළමු සහ දෙවන ලෝක යුද්ධ වලදී සොල්දාදුවන්ගේ අහාර අතර අනිවාර්ය දෙයක් වුනේ මාමයිට් බෝතලයයි. 1999දී කොසොවෝ හි සටන් වැදුණු බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ ගෙදරින් බැහැරව සිටින විට දැනෙන දුක හෙවත් Home Sick නැති කිරීමට ඔවුන් වෙත වැඩිපුර මාමයිට් යවා තිබුනා.

6. 1934 දී ශ්‍රී ලංකාව පුරා මැලේරියාව පැතිර ගියේ ඉතා වේගයෙන්. මේ රෝගයට ලක්වුවන් සඳහා පෝෂණ අතිරේකයක් විදිහට මාමයිට් ලබා දුන්නා.එය මොනතරම් සාර්ථක වුනාද කියනවානම්, එම අවස්ථාවේ රටට ලැබී ඇති මාමයිට් අරපිරිමස්සෙන් භාවිත කරන ලෙසට පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙලක් පවා ක්‍රියාත්මක වුනා. 1930 දී බොම්බායේ කර්මාන්ත ශාලාවක රක්ත හීනතාවයෙන් පෙළුණු සේවකයන් කරගැනීමටත් මාමයිට් උපකාරී වූ බවයි සඳහන් වන්නේ.

7.අතීතයේ ලංකාවේ සුඛෝප බෝගී ආහාරයක් විදිහට මාමයිට් ජනප්‍රිය වුනා. පාන් කෑල්ලක මාමයිට් ටිකක් ගාලා කන්න දුන්නේ, මාමයිට් වීදුරුවක් බොන්න දුන්නේ යමක් කමක් තියෙන මිනිස්සු විතරයි. එත් ඉතින් දැන් තත්වය වෙනස්. උණු මාමයිට් පානය ජනප්‍රිය රටවල් අතර ශ්‍රී ලංකාව ඉහලින්ම සිටින රටක්.

8. මාමයිට් කියන්නේ ඇත්තටම මහා පුදුම ආහාරයක්. සමහරු මාමයිට් වලට පිස්සුවෙන් වගේ ආස කරද්දී, සමහරුන්ට පෙන්න බැහැ. එයාලට ඉතිං මාමයිට් සුවඳ ආවත් මල පනින සීන් එකේ ඉන්නේ. මේ නිසාම මාමයිට් වෙළඳ දැන්වීම් වල “Love it or Hate it ” කියලා සඳහන් වෙන්නේ. ඉතින්! ඔයා මාමයිට් Lover කෙනෙක්ද නැද්ද කියන එක තීරණය කරලද තියෙන්නේ?

9. ලෝකයේ ප්‍රසිද්ධම මාමයිට් වර්ග දෙකක් තියෙන බව දන්නවාද? ඒ කහ ඇසුරුමේ බ්‍රිතාන්‍ය මාමයිට් සහ රතු ඇසුරුමේ එන නවසීලන්ත මාමයිට්. අපි ඉතින් කන්නේ බ්‍රිතාන්‍ය මාමයිට් විතරනේ. පුදුමය ඒක නෙවෙයි. මාමයිට් එක්ක තරග කරන්න ලෝකයේ තවමත් ආදේශකයක් නැති එක තමා පුදුමය. වර්ෂ 2000 දී ලෝකයේ දැවැන්ත සමාගමක් වූ යුනිලීවර් සමාගම බ්‍රිතාන්‍ය මාමයිට් වෙළඳ නාමය තමා සතු කරගත්තා.

10. වර්ෂ 2011 දී භුමි කම්පාවක් නිසා නවසීලන්තයේ මාමයිට් නිෂ්පාදනාගාරය හානියට පත්වුනා. නිෂ්පාදන ක්‍රියාවලිය වසරකට වඩා නැවතුනා. තමා සතු මාමයිට් තොග අවසන් බවත්, තවත් බොහෝ කලකට මාමයිට් නිපදවිය නොහැකි බවත් සමාගම පැවසීමත් සමග මිනිසුන් වෙළඳපොලෙන් මාමයිට් තොග පිටින් මිලදී ගත්තා.මාමයිට් කියන්නේ ඇත්තෙන්ම දුර්ලභ භාණ්ඩයක් නිසාම Black Gold කියන අන්වර්ථ නාමය ඊට පටබැඳුණා. ඉතිරි වූ මාමයිට් බෝතල් වෙන්දේසි වූ අතර, එක මාමයිට් බෝතලයක් ඩොලර් 200ට දක්වා ඉහල ගියා. පසුව මාමයිට් අර්බුදය විසඳීමට නවසීලන්ත රජය මැදිහත් වුනා.

11. තවත් සුවිශේෂ කරුණක් තමයි මාමයිට් අනුබව කරන කෙනෙකුගේ දහදිය සමග මාමයිට් සුවඳ මුසුව තිබෙනවා. එය සාමාන්‍ය මිනිසුන්ට නොදැනුනාට, මදුරුවන්ට දැනෙන බවයි පර්යේෂකයන් පවසන්නේ. මදුරුවන් මේ සුවඳට ලං වන්න අකමැති නිසාම මාමයිට් කන කට්ටියට මදුරුවන්ගෙන් කරදර අඩු බවයි පැවසෙන්නේ.

12. මේ තරම් රසවත්, ගුණවත් මාමයිට් වල නරක පැත්ත ගැනත් ඔයාට කියන්නම වෙනවා. මාමයිට් වල ලුණු ප්‍රතිශතය ඉතා ඉහල නිසා එය වැඩිපුර අනුභවය නිසා අක්මාවට සහ වකුගඩු සඳහා ඒ තරම්ම හොඳ නැහැ.
අනුමත දෛනික ප්‍රමාණය වන්නේ ,
වැඩිහිටියෙකුටනම් 4g .
ලමයින්ටනම් 2g.

උපුටා ගැනීමකි

Honeymoon  goals🍀🌿☘️❤️❤️
09/08/2021

Honeymoon goals🍀🌿☘️❤️❤️

N E D U N G A M U W A.  R A J A 🐘S R I.  L A N K A 🇱🇰 Artist  Vinod Senarathna
08/08/2021

N E D U N G A M U W A. R A J A 🐘

S R I. L A N K A 🇱🇰



Artist Vinod Senarathna

M A N E L   W A T H T H A  T E M P L E S R I  L A N K A 🇱🇰
07/08/2021

M A N E L W A T H T H A T E M P L E

S R I L A N K A 🇱🇰

06/08/2021
Sankapala Temple 🌝S R I  L A N K A 🇱🇰 2 0 1 8
05/08/2021

Sankapala Temple 🌝

S R I L A N K A 🇱🇰

2 0 1 8

🍀❤️🐕🌿
04/08/2021

🍀❤️🐕🌿

Kandy ❤️S r i   L a n k a 🇱🇰2018 August 👻
03/08/2021

Kandy ❤️

S r i L a n k a 🇱🇰

2018 August 👻

Srilanka 🇱🇰
28/07/2021

Srilanka 🇱🇰

One day ❤️🍀☘️
25/07/2021

One day ❤️🍀☘️

  is not a hobby it's an addiction❤️☘️❤️
23/07/2021

is not a hobby it's an addiction
❤️☘️❤️

මරණය ආසන්නයට පැමිණි සිටි තම සුනඛයාව සතුටු කරන්න විනෝදචාරිකාවක් එක්කගෙන ගිය සුන්දර මිනිසෙක්..💔---------------------------...
22/07/2021

මරණය ආසන්නයට පැමිණි සිටි තම සුනඛයාව සතුටු කරන්න විනෝදචාරිකාවක් එක්කගෙන ගිය සුන්දර මිනිසෙක්..💔
-----------------------------------------

මේ කතාවේ එන දස හැවිරිදි සුනඛයා දරුණු ලියුකේමියා රෝගයකට ගොදුරු වූ සුනඛයෙකිය.නම මොන්ටිය.
එයාව සනීප කරගන්න මේ ආදරණීය හිමිකරුවා නොකරපු දෙයක් නැත.

ඒ උනත් මාස 18 ක් තිස්සෙ වරින්වර අසනීපවෙන වාරයක් පාසා හිමිකරු සුනඛයා කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරත් අවසානයේ වෛද්‍යවරුන්ගේ නිගමනය වන්නේ තවදුරටත් එයාව සුවකල නොහැකි තරමට එයාගේ මෙම ලියුකේමියා රෝගය උඩුදුවා ඇති බවයි.ඒ වගේම ඔහු තව ඉදිරි දින කිහිපය තුල ජීවිතයෙන් සමුගන්නා ඇති බවයි.

තමන්ගෙ දුර්වලව අසරණව සිටින සුනඛයා දෙස මොහොතක් හැඬූ කඳුලෙන් බලාන සිටි ස්වාමියා.කිසිම දුකක් එයාට නොපෙන්වා ආදරයෙන් ඔලුව අතගා,

" අපි හැමදේම අමතකවෙන්න ඔයයි මමයි ට්‍රිප් එකක් යමු " කියා එයාව සනසවනවා.

ජීවිතයේ සතුට දුක හැමදේම තමන් සමග බෙදාගත් මේ ආදරණීය සුනඛයා මාස 18ක්ම මෙම රෝගය නිසා නිවසින් රෝහලටයි.රෝහලින් නිවසටයි ඇරෙන්නෙ වැඩිපුරම දවස ගතකලේ ගිලන් ඇඳකයි.

ඔහු අසනීපවෙන්නට පෙර පරිසරට ඉතා ඇලුම්කල සුනඛයෙකිය.ගංගාවල පීනන්න.කුරුල්ලන් පසුපස එලවන්න.පඳුරු තුලින් රිංගා හැංගිමුත්තං කරන්න.ගස් අතරින් දුවපැනල නටන්න එයා බෙහෙවින්ම ප්‍රියකරාය.

ඒනිසාම හිමිකරු ලස්සන පරිසරයකින් හෙබි මනරම් වේල්ස්හි බ්‍රෙකන් බීකන්ස් කඳුවැටිය ඔහුගේ විනෝද චාරිකාව සඳහා තෝරාගත්තේය.අසනීප වූ පසු සුනඛයාට ඇවිදීමට තරම් ඇඟට වාරුවක් නැත.මහන්සිවෙන තරමට හුස්ම ගැනීමේ අපහසුතා වලට ලක්වෙන ප්‍රවණතා වැඩිය.ඒනිසාම අවසානයේ එයාව විල්බැරෝවක තියාන ඒ ලස්සන කඳුවැටිය බලන්න එක්ක ගියේය.ගමන කෙතරම් දුෂ්කර උවද එයා උත්සාහය අත්නොහළේය.

අතරමගදී හමුවන මිනිස්සු මේ සිද්ධිය දැක කෙතරම් කම්පා වූයේද යත් සමහරුන්ගෙ කඳුළු කඳුවැටියෙ බිම තෙත්කළාය.

අවසානයේ ඔහු බාධකමතින් කඳුමුදුනටම පැමිණෙනවා.මුළු දිනක් පුරාවට ගෙවන හැම තප්පරයක් පාසා සුනඛයා සමග ආදරයෙන් කාලය ගතකරනවා.සුනඛයාගේ තිබූ දුර්වල ගතිය මැකී යන්තම් මුවගෙ සිනාව දකිනවා.කතාකරලා කියන්න බැරිවුනාට ඒ මලානික මුහුණ ආලෝකයෙන් පිරී තියෙනවා.ඒ දැක ඔහුගේ හදවත අප්‍රමාණ ප්‍රීතියකින් පිනා යනවා.

අවසානයේ ගමන සතුටින් සාර්ථකව නිමා කර පැමිණියද දෙදිනකට පසු සුනඛයාගේ සෞඛ්‍ය තත්වය ඉතා පහළ මට්ටමකට වැටෙනවා.ඇස්වල කඳුළු හිරකරන් තමාව දාලා නොයන ලෙස හිමිකරු සුනඛයාට ආයාචනා කරනවා.
දෙවියන්ගෙන් ඔහු ඉල්ලන්නෙ එකම දෙයයි.ඒ තම ආදරණීය සුරතලාව මෙතරම් ඉක්මනින් දුරස් නොකරන ලෙසයි.

එහෙත් ඒ ආදරණීය දෑස්වලින් හාම්පුතා දෙස බලාගෙනම ඔහුගේ උකුලේම එයා මේ ලෝකෙන් සදහටම යන්න යනවා.අමුතුම හැගීමක් ඔහු සුනඛයාගේ මුහුණේ දකිනවා.තමන්ගෙ අන්තිමකාලයේ සතුටු කරාට එය ස්තූතිය ප්‍රකාශකිරීමක් වැනි දුක්මුසු හැඟීමකි.

" එයා නැති අඩුව මට කවදාවත්ම පිරිමහගන්න බැරිවෙයි.එයා මුළු ජීවිතකාලයම කරේ මාව සතුටු කරපු එක.ඉතින් මම එයාව මැරෙන්න මොහොතකට කලින් හරි සතුටින් තිබ්බා.ඒක මගෙ හිතට සැනසීමක්."

සුනඛයාගෙ මරණින් පසු හිමිකරු තම පේස්බුක් ගිණුමේ අවසානයේ සංවේගයෙන් එසේ සටහන්කරනු ලබනවා..❤️

උපුටා ගැනීමකි
මුල් හිමිකරු - කාවින්ද චරිත්

☘️ඔබ කණ්ඩායම් හෝ තනි තනිව සංචාරය කරන්නෙක්නම්අනිවාර්‍යෙන්ම 🍀• 1.50000 සිතියමක් ( අදාල ප්‍රදේශයේ )• මාලිමාවක් / විසිල් එකක...
21/07/2021

☘️ඔබ කණ්ඩායම් හෝ තනි තනිව සංචාරය කරන්නෙක්නම්
අනිවාර්‍යෙන්ම 🍀

• 1.50000 සිතියමක් ( අදාල ප්‍රදේශයේ )
• මාලිමාවක් / විසිල් එකක්
• ප්‍රථමාධාර කට්ටලයක් ( ජීවනී/ විටමින් )
• සීතලට ඔරොත්තු දෙන ඇදුමක්
• ජලය නොයන බෑගයක්
• අත්දිග ඇදුමක්
• අත් ග්ලවුස්
• ශක්තිමත් පිහියක් ( මුළුතැන්ගෙයි පිහි නොවේ )
• සැහැල්ලු නමුත් ශක්තිමත් කඹයක්( නයිලෝන් නොවන)

යන ඒවා භාවිතා කරන්න.

ඇදගෙන යන ඇදුම ඇදන් ඉන්න එපා දිගටම අදාල තැනට ගියාම.( විශේශයෙන් ශ්‍රී පාදයේදී ). ඔබගේ ජංගම දුරකතනයට ඕෆ්ලයින් මැප් එකක් දාගන්න.
හැකිතාක් කෙසෙල් ආහාරයට ගන්න. සැලසුම් කර යන ගමනක් නම් , එය වෙහෙසකාරී ගමනක් නම් යාමට ප්‍රථම ඔබගේ ශරීර ශක්තිය මැනගන්න. ව්‍යායාමක් කරන්න.
හැකිනම් දුම්පානය කිරීමෙන් වලකින්න.
අන්තර්ජාලය භාවිතාකොට හයිකින් සහ ට්‍රෙකින් සදහා අවශ්‍ය භාණ්ඩ පිළිබදව දැනුමක් ලබාගන්න.
යන්නන් වාලේ නොගොස් වගකීමක් ඇති සංචාරකයෙකු ලෙස සංචාරය කරන්න. ලබා ගත් අත්දැකීම් පොතක සටහන් කරන්න.
කල වැරදි යලි නොවීමට වගබලාගන්න...
යෑමට ප්‍රථම යන ස්ථානයේ නීතීමය තත්වය පිළිබදව සැලකිලිමත්වන්න..
මුදල ගැන නොසිතා ටිකට් එකක් ලබා ගන්න. එය ඔබ උසාවියකදී වැරදිකරුවකු වීම වලක්වයි.

ස්තූතියි ...

10/07/2021
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! ☸️H  A  P  P  Y       V  E  S  A  k   ☸️K a d a d o r a   T e m p l e CC 📸 -:  Walkig sai...
26/05/2021

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! ☸️

H A P P Y V E S A k ☸️

K a d a d o r a T e m p l e

CC 📸 -: Walkig sailors

Travel කිරීමෙන් වලකින්න 🙏© Mr & Mrs
28/04/2021

Travel කිරීමෙන් වලකින්න 🙏

© Mr & Mrs

Address


Telephone

+94767141022

Website

Alerts

Be the first to know and let us send you an email when Walking Sailors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share