Travelcations

  • Home
  • Travelcations

Travelcations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travelcations, Travel Company, .

ඔයාගෙ සුන්දර දවස ලස්සන කරගන්න Outdoor Events by LA FLORIYA 🌻 - Engagemant event - Out door funtion                - Fres...
28/04/2024

ඔයාගෙ සුන්දර දවස ලස්සන කරගන්න Outdoor Events by LA FLORIYA 🌻

- Engagemant event
- Out door funtion
- Fresh flowers

Avishka Udesh - 0768436800

Udugama | Homadola "උඩුගම හෝමදොල" 😍❤️⛰️🍂 📷 credit goes to original photographer
28/04/2024

Udugama | Homadola
"උඩුගම හෝමදොල" 😍❤️⛰️🍂

📷 credit goes to original photographer

ලංකාවේ තියෙන තවත් ලස්සන පාරක් 🍃💚Ohiya ( ඔහිය ) 👣😍💚🌿🍃𝘖𝘩𝘪𝘺𝘢, 𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢 🇱🇰 #ඔහිය යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටි කුඩා ගම්ම...
25/01/2024

ලංකාවේ තියෙන තවත් ලස්සන පාරක් 🍃💚

Ohiya ( ඔහිය ) 👣😍💚🌿🍃
𝘖𝘩𝘪𝘺𝘢, 𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢 🇱🇰

#ඔහිය යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටි කුඩා ගම්මානයකි, සීතල මීදුමෙන් පිරැනු සුන්දර, නාගරිකණය නොවු පරිසරක් ඇති ඔහිය සංචාරයකරන්නන්ගෙ මහත් සේ සිත් ඇදගත් මනස්කාන්ත පරිසර පද්ධතියකින් යුත් ආකර්ෂණීය ස්ථානයකි.

ශ්‍රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ගම්මානයක් වන ඔහිය වැලිමඩ ප්‍රදේශය ලේකම් කොට්ඨාසයට අයත් වේ. උඩරට දුම්රියෙන් වගේම වාහන මේ ප්‍රදේශයට ප්‍රවේශ විය හැක. ඔබ උඩරට දුම්රියෙන් පැමිණෙන්නේ නම් ඒම මාර්ගයේ සුන්දර දසුන් බලාගෙන ඔහියට ලගා විය හැක.

ඔහිය යනු ශ්‍රී ලංකාවේ ඇති දර්ශනීයම ස්ථානයක් බවට සැකයක් නැත, එහි ඇති විශ්මිතම අංගය නම් කාලගුණය කුමක් වුවත් ඔබේ මුළු ජීවිත කාලයටම ඔබේ මනසෙහි සටහන් වන දසුන් ඔබට දැකගත හැකි වීමයි. මෙම සන්සුන් ගමනාන්තයේ ඔබ කොපමණ දිනක් ගත කළත්, අවසාන දිනයේ ඔබේ සංචාරය දිගු කිරීමට ඔබ සැමවිටම කැමති වනු ඇත, මන්ද එහි අමුත්තන්ට එතරම් සාමයක් සහ සන්සුන් බවක් ඇති නිවාඩු ගමනාන්තයක් වැනි කිසිවක් නොමැති බැවිනි.

ඔහියේ සිට කෙටි දුරකින් ඔබට නැරඹීමට යාහැකි ස්ථාන....🌿

* බඹර කන්ද දිය ඇල්ල හා ලංකා ඇල්ල.
* යකාගේ පඩිපෙළ ( Devil's Staircase )
* හොර්ටන් තැන්න.
* උඩවේරිය වත්ත ආශ්‍රිතව ඔහිය වනාන්තරය.
* ලංකාවේ දෙවනි උසම කදුමුදුන වෙන කිරිගල්පොත්ත.
* ලංකාවේ තෙවනි උසම කදුමුදුන වෙන තොටුපොළ කන්ද.
* ඔහිය දුම්රිය ස්ථානය හා දුම්රිය උමං මාර්ග.

( සංචාරයේ ඔබත් ගියහොත් සුන්දර මතකයන් සහ පා සටහන් පමණක් තියා පැමිණෙන්න..👣🌿)
copied

Colombo today! 🤩
07/11/2023

Colombo today! 🤩

කොස්ලන්ද බෙරගල පාරේ යනකොට නැවතිලා යන්න හිතෙන්නෙ මේ තැන් නිසා..🌻☕🌾 බෙරගල සුන්දරත්වය | பெரகல | 𝐁𝐄𝐑𝐀𝐆𝐀𝐋𝐀කොළඔ සිට බදුල්ල මාර...
31/10/2023

කොස්ලන්ද බෙරගල පාරේ යනකොට නැවතිලා යන්න හිතෙන්නෙ මේ තැන් නිසා..🌻☕🌾



බෙරගල සුන්දරත්වය | பெரகல | 𝐁𝐄𝐑𝐀𝐆𝐀𝐋𝐀
කොළඔ සිට බදුල්ල මාර්ගයේ ගමන් කරනකොට හමුවන ලස්සන ස්ථානයක්.බෙරගල සිට බලනවිට ඈතින් දකුණු නැගෙනහිර දෙසින් පෙනෙන දර්ශනය හරිම ලස්සනයි.ඒ දෘශ්යමාන වෙන්නේ ශ්රී ලංකාවේ හම්බන්තොට ,ඇඹිලිපිටිය ,කතරගම,යාල වනොද්යානය පිහිටි ප්රදේශයන්ය.උදේ හිරු උදාවන මොහොතේ පෙනෙන මේ දර්ශනයට මෙහි පැමිණෙන දෙස්,විදෙස් සංචාරකයන් හරිම කැමතියි.මෙහි සිට හපුතලේටත්,කොස්ලන්ද මාර්ගයේ දියලුම ඇල්ල හරහා වැල්ලවායටත් පහසුවෙන් ගමන් කල හැකිය.හපුතලේ සිට බොරලන්ද හරහා ලෝකාන්තය සහ අඹේවල නුවරඑළියටත් යා හැකිය.හපුතලේ ,දියතලාව හරහා බණ්ඩාරවෙලටත් පහසුවෙන් යා හැකි ශ්රී ලංකාවේ බෙරගල මංසන්ධිය යනු වැදගත් ස්ථානයක්.A4 සහ A16 මාර්ගයන් එකිනෙක වෙන්කරන බෙරගල මංසන්ධිය කාටත් හුරු පුරුදු තැනක්.

📷 : Banuka Senevirathne


#බෙරගල #பெரகல

උඩරට දුම්රිය මාර්ගයේ සුන්දර ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය ලස්සනට තියාගෙන ඉන්න අපේ ලස්සන දුම්රිය ස්ථානාධිපතිතුමා🌿🚞👣 - Janit...
09/08/2023

උඩරට දුම්රිය මාර්ගයේ සුන්දර ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය ලස්සනට තියාගෙන ඉන්න අපේ ලස්සන දුම්රිය ස්ථානාධිපතිතුමා🌿🚞👣
- Janith Thilakarathne (දුම්රිය ස්ථානාධිපති) -

📷 : Tharindu Udara

Pasikuda Beach | පාසිකුඩා🌊⛱️ බීච්සයිඩ් වලට කැමති කෙනෙක්නම් ඔයා අනිවාරෙන් යන්න ඕනි තැනක් 🌿🌴😍 සංචාරක ආකර්ශනය දිනාගත් සුන්ද...
06/08/2023

Pasikuda Beach | පාසිකුඩා🌊⛱️
බීච්සයිඩ් වලට කැමති කෙනෙක්නම් ඔයා අනිවාරෙන් යන්න ඕනි තැනක් 🌿🌴😍 සංචාරක ආකර්ශනය දිනාගත් සුන්දරත්වය අතින් පරිපූර්ණ සුන්දර වෙලර තීරයක්🌴🌿

(📷 මුල් හිමිකරුවන් සතුයි )

#පාසිකුඩා

ලංකාවෙ තියන සුවිශේෂී පාලම් ලස්සන බලන්න වගේම පොටෝ ශූට් වලටත් නියමයි💚🌿👣( 📷 මුල් හිමිකරුවන් සතුයි )                        ...
05/08/2023

ලංකාවෙ තියන සුවිශේෂී පාලම් ලස්සන බලන්න වගේම පොටෝ ශූට් වලටත් නියමයි💚🌿👣

( 📷 මුල් හිමිකරුවන් සතුයි )

Rookada Heritage Villa 🏡️🌿💚Private Pool තියෙන තුරුගොමු වලින් වැහුන Villa තියෙන මාරම නිස්කලංක Place එකක්😍❤😮 Rookada Herit...
05/08/2023

Rookada Heritage Villa 🏡️🌿💚
Private Pool තියෙන තුරුගොමු වලින් වැහුන Villa තියෙන මාරම නිස්කලංක Place එකක්😍❤😮 Rookada Heritage Villa අම්බලන්ගොඩ
🔥සුන්දර දකුණු වෙරළ තීරයක,මාදුගං සවාරියක ගිහින් ඇවිත්..යා යුතුම තැනක්
6 දෙනෙක් වගේ ආවොත් හිතාගන්න බැරි අඩු ගානක් තමා Per Person වැටෙන්නේ
Full Board විදිහට ඔයාලට හොදම කැමති කෑමක් කන්නත් පුලුවන්😍💖
💑 Honeymoon Couple වලට වෙනම සුපිරි Package එකක් මෙයාල දෙනවා කිසිම තැනක නොදෙන විදිහේ.
මධුසමය නිදහසේ ගතකරන්න කියාපු තැනක්
Rs 54,000 ක Full Board Private Villa එකට
25% ක Offer Rate එකක් මේ දවස් වල තියෙන්නේ
✅Full Board Whole Villa for Double Rs. 40,000
✅Full Board Whole Villa for Triple Rs. 46,000
✅Full Board Whole Villa for 4 Persons Rs. 52,000
✅Full Board Whole Villa for 5 Persons Rs. 58,000
✅Full Board Whole Villa for 6 Persons Rs. 64,000
🔥Honeymoon Package with Special River Hut Candle Light Dinner
(Decorations, Red/White Wine, Chocolate box & Fruit basket )
✅Rs. 48,000/-(Until end of 31st August)
🤸For reservation call 0765553200
Activities
⛔Candle Light Dinner
⛔Masks Museum Tour
⛔Romantic Dinner
⛔Kothduwa Temple Visit
⛔Sea turtles Visit
⛔Cinnamon Island Visit
⛔Madugaga River Safari
⛔Fish therapy
⛔Birds watching

Anju Beach Villa 🌊⛱️ ගාල්ල පිටිවැල්ලෙන් couple එහකට 5500/= විතරමයි😍💖  beach එක කිට්ටුව නිදහසෙ ගතකරන්න මරුම තැන🤩මේ anju b...
05/08/2023

Anju Beach Villa 🌊⛱️
ගාල්ල පිටිවැල්ලෙන් couple එහකට 5500/= විතරමයි😍💖 beach එක කිට්ටුව නිදහසෙ ගතකරන්න මරුම තැන🤩මේ anju beach villa

පිටිවැල්ල මුහුද අද්දර සෙට් වෙන්න ඔන්න මරුම තැන😃 නිදහසේ එයත් එක්ක නිවාඩුවක් ගතකරන්න. කෑම මෙයාලගෙ menu එකෙන් order කරන්න පුලුවන් 😍😍

➡️5500/= double room
➡️10500/= 4 pax whole villa with 2 rooms

Call for reservations-
0714475265

Whatsapp
+94 76 297 1719

Freedom 🌻
05/08/2023

Freedom 🌻

Sinharaja 360 Rainforest 🌿🌻💚Fullboard 8000/= ට සිංහරාජ මායිමේ තියෙන සුපිරිම සුපිරි Cottages එකක් 😍 🏡මේකනම් දවසක ඔයාල යන්...
05/08/2023

Sinharaja 360 Rainforest 🌿🌻💚
Fullboard 8000/= ට සිංහරාජ මායිමේ තියෙන සුපිරිම සුපිරි Cottages එකක් 😍 🏡
මේකනම් දවසක ඔයාල යන්නම ඕනි හරිම නිස්කලංක තැනක් 😱😍
මේ සිංහරාජයට මායිම්ව දෙනියායේ, Private තියෙන සුපිරිම එකක්😲🐙🌿🐦🍃🌻

Sinharaja 360 Rainforest - Deniyaya ❤️

නාගරික පරිසරයෙන් ඈත්ව සොබා දහමේ නියම අසිරිය විදිමින් විවේකිව සිත්සේ විවේකීම ඉන්න,🌴🚗
අනිවාර්යෙන් දවසක ගිහින් බලන්න 👩🏻‍❤️‍👨🏻
ඒ වටපිටාව හරිම ලස්සන නිස්කලංක පරිසරයක් ❤🥺
සිංහරාජ කැලේ ඇතුලේ ඉන්නවා වගේ දැනෙන තැනක් මෙතනනම්

වලට, පවුලෙ අයට, යාලුවෝ සෙට් එකට නිදහසේ නිවාඩුවක් ගත කරන්න, කියාපු තැනක්💕

Package Details
⭕ Half Board Package
✅ LKR 7250/= PP | Double Basis
✅ LKR 7250/= PP | Tripal Basis

⭕ Full board Package
✅ LKR 8000/= PP | Double Basis
✅ LKR 8000/= PP | Tripal Basis

⭕ Family Package (4pax)
✅ LKR 32,000 Full Board
✅ LKR 25,000 Half Board

⭕ Facilities
✅ Comfortable bedrooms
✅ Attached Bathrooms
✅ Safety Parking Facility
✅ BBQ Facility
✅ Hot water Facility
✅ Free WIFI
✅ Private Dining
✅ Ayurweda wellness center

සිංහරාජ පිවිසුමට 100m දුරින් ලස්සන ලස්සන ලස්සන Location එකක තමයි මේක හදලා තියෙන්නෙ.

මෙහෙ ආවොත් ඔයාලට,
📌️ Sinharaja Rainforest
️📌️ Gatabaruwa temple
📌️ Gongala
📌️ Tea Factor vist
📌️ Lankagama watefall
📌️ Patna (බූරූස් ගල)
📌️ Sathmala Ella, වගේ ලස්සන Location ගොඩාක් බලන්නත් පුලුවන්.

📞 වෙන්කරවා ගැනීම් සඳහා: ☎️0718010700 (Whatsapp or Direct Line)

03/08/2023

අවාරෙක මෙහි ඇවිත්
මගේ හද කියවන්න....
ලියා ලමි ගැඹුරු තැන
ආදරෙයි උතුරන්න...❤️🌻👣

මීමුරේ යන අතර මගදි අපට හම්බුවෙන ගැමි සුවද තාම තියෙන දොඹගහපිටිය ගම්මානය🍃🌴🌿- Laksh*tha Hashan -
24/07/2023

මීමුරේ යන අතර මගදි අපට හම්බුවෙන ගැමි සුවද තාම තියෙන දොඹගහපිටිය ගම්මානය🍃🌴🌿

- Laksh*tha Hashan -

රස කෑම වලින් පිරුණු cafe_montage🌮🍟️ඔයාලත් ගිහින්න බලන්න මේක තියෙන්නෙ බදුල්ලෙ.
19/07/2023

රස කෑම වලින් පිරුණු cafe_montage🌮🍟️
ඔයාලත් ගිහින්න බලන්න මේක තියෙන්නෙ බදුල්ලෙ.

ලංකාවේ සුන්දරම දුම්රිය නැවතුමේ මේ දවස් වල තියෙන සුන්දරත්වය🌿🍃👣📷 : Janith Thilakarathne
18/07/2023

ලංකාවේ සුන්දරම දුම්රිය නැවතුමේ මේ දවස් වල තියෙන සුන්දරත්වය🌿🍃👣
📷 : Janith Thilakarathne

බලතුඩුව කන්ද🌿👣කලුපහන ප්‍රදේශයට ආසන්නව කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටන මෙම බලතුඩුව කන්ද උස අතින් ගත් කළ ශ්‍ර...
17/07/2023

බලතුඩුව කන්ද🌿👣

කලුපහන ප්‍රදේශයට ආසන්නව කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටන මෙම බලතුඩුව කන්ද උස අතින් ගත් කළ ශ්‍රී ලංකාවේ 13 වෙනි ස්තානයේ පවතී.
📷 - Saduwa

Balathuduwa Peak⛰️

Balathuduwa peak is situated close to Kalupahana and facing the Badulla - Colombo main road. Balathuduwa is the 13th highest peak in Sri Lanka with 2012m of height.

රසම රස කෑම ගොඩක් තියෙන Cafe Shibui ඔයාලත් ගිහින් බලන්න.මොනරාගල කුබුක්කන හංදියේ තියෙන්නෙ🍱🍔🍟️😍WhatsApp - 076 52 500 38    ...
16/07/2023

රසම රස කෑම ගොඩක් තියෙන Cafe Shibui ඔයාලත් ගිහින් බලන්න.මොනරාගල කුබුක්කන හංදියේ තියෙන්නෙ🍱🍔🍟️😍

WhatsApp - 076 52 500 38

👆❤️

මතුගම අවට අයට, රබර් වත්තක් මැද්දේ තියෙන නියම ස්වාභාවික තටාකයක්. යාලුවොත් එක්ක යන්න නියම පොට් එකක් තියෙන්නේ නෑබඩ🖤🍃- Magic...
25/06/2023

මතුගම අවට අයට, රබර් වත්තක් මැද්දේ තියෙන නියම ස්වාභාවික තටාකයක්. යාලුවොත් එක්ක යන්න නියම පොට් එකක්
තියෙන්නේ නෑබඩ🖤🍃
- Magical Sapphire Natural Pool -
📷 Dilsara Abeywickrama

🇱🇰❤️

බාලි වලට නොදෙවෙනි අපේ වැලිගම 🌊🇱🇰🍀Cape Weligama Resort, Sri Lanka
25/06/2023

බාලි වලට නොදෙවෙනි අපේ වැලිගම 🌊🇱🇰🍀
Cape Weligama Resort, Sri Lanka

360 City View - Badulla | Hotel Review VlogTravelcations 👇https://youtu.be/Slgff4B90fsබදුල්ලෙ යන අයට Station එක කිට්ටුවෙ...
21/06/2023

360 City View - Badulla | Hotel Review Vlog
Travelcations 👇
https://youtu.be/Slgff4B90fs

බදුල්ලෙ යන අයට Station එක කිට්ටුවෙන්ම දෙන්නටම රු.3000ට නවතින්න සුපිරි view එකක් තියන තැනක් MY162 - https://www.mydayout.lk/listing/360-city-view-badulla/

Double Room ඉදන් Family Room වෙනකන්, ඒ කියන්නෙ 2, 3, 4, 5, 6 දෙනෙක්ට ඉන්න පුළුවන් කාමර තියනවා. පවුලෙ කට්ටිය, යාළුවො සෙට් වෙලා යනවා නම් එක තට්ටුවක්ම book කරගන්නත් පුළුවන්

මෙතන විශේෂම දේ තමයි උඩම තට්ටුවෙ තියන 360° view point එක. ඕනම room එකක ඉන්න අයට මෙතනට එන්න පුළුවන්. නිදහසේ උණු කෝපි එකක් බිබී පොතක් කියවන්න මරු තැන 😍🥺 ඒ වගේම ඔයාලට ඕන කෑම වෙනම ඕඩර් කරගන්නත් පුළුවන්.
ඉතින් දැන්ම කෝල් එකක් දීලා ඔයාගෙ දවස වෙන් කරගන්න.

Call for reservations!!!
☎️ +94 71 83 11 333, +94 71 69 49 350

සැලගම වතුයායේ හැමෝම හොයන - හුලංගල | Hulangala 🌿⛰️🇱🇰- 📷 Kavinsha Epa -හුලංගල පුංචි ලෝකාන්තය පිහිටා තිබෙන්නේ සැලගම වතුයායේ...
15/06/2023

සැලගම වතුයායේ හැමෝම හොයන - හුලංගල | Hulangala 🌿⛰️🇱🇰
- 📷 Kavinsha Epa -

හුලංගල පුංචි ලෝකාන්තය පිහිටා තිබෙන්නේ සැලගම වතුයායේ නකල්ස් කඳු වැටියේ දකුණු කෙළවරේ වන අතර එය කුරුණෑගල හෝ මාතලේ සිට ළඟා විය හැකිය. මේ කන්දට නැව්ගල කියලත් කියනවා.කුරුණගල සිට දඹුල්ල දෙසට තල්ගොඩපිටිය හන්දිය දක්වා ගමන් කර යටවත්ත පාර දෙසට හැරෙන්න ඕනී. මෙය කුරුණෑගල දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටා ඇත.
හයිකින්ග් වලට ආස අයට කුරුණෑගල මඳුරාගොඩ පැත්තෙන් නගින්න පුළුවන්. මේක කුරුණෑගල කියලා කීවට කුරුණෑගල නම් නෙමේ හරියට බැලුවොත් පහල විතරයි කුරුණෑගලට අයිති අනිත් හුලංගල කොටස මාතලේට තමා අයිතී.. අයිතියට මරාගන්න ඕනේ නෑ... කොහේ උනත් ලස්සන තැනක්... හුළංගල කියන නම හැදෙන්න හේතුව මොකක්ද කියලා එතනට ගියාම ඕන කෙනෙක්ට හිතාගන්න පුලුවන්වෙයි පුදුම හුළගක් තියෙන්නේ .ඒ වගේම හවස් වෙද්දී සීතල. වටේටම තියෙන්නේ ලස්සන තේ වතු යාය. හුළංගල වීව් පොයින්ට් එකට ගියාම හරියටම එතන පුංචි ලෝකාන්තයක් වගෙ. ඈතින් කුරුණෑගල දිස්ත්‍රික්කය දක්වාම පේනවා .ඒ වගේම බතලගොඩ වැවත් පැහැදිලිව දැකගන්න පුලුවන්. ඉර බහිද්දි තමයි මෙතන ලස්සන. පරිසරයට ආදරේ කරන සුන්දරත්වය විදින්න කැමති අය එන්න ඇවිත් බලන්න කිසිම තහනමක් නෑ ,කෑම්පින් කරන්න . අමතක කරන්න එපා මෙතන පරිසරය සුන්දරත්වය ආරක්ෂා කරන්න . හැබැයි අර පරිසරයට හානි කරන අසමජ්ජාති කාලකණ්ණි නම් එන්න හිතන්නවත් එපා.මීට ටිකක් එහාට වෙන්න පුරාවෘත කතාවකට හිමිකම් කියන බිසෝ ඇල්ලත් පිහිටලා තියනවා.කුරුණෑගල සිට මුළු දුර කිලෝමීටර 40 ක් පමණ වේ.ඇත්තටම කීවොත් මේක පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නමුත් මේකේ බෑවුමේ පහල තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කය. එම නිසා සැලගම වතුයාය මැදින් වාහනයක මෙම කන්දට නගින්නත් පුළුවන්.. (ගොඩක් අය මේ කන්ද නගින්නෙ මේ වතුයාය මැදින් ) නමුත් අයිතිය කුරුණෑගලට සතුයි.පුංචි ලෝකාන්තය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 760 (අඩි 2500) ක් උසිනි. කෙසේ වෙතත් හුලංගල කන්ද මීටර් 1025 (අඩි 3360) දක්වා ඉහළ යයි.දන්න තරමින් මෙම කාලයේ වත්තට ඇතුළු වීමට අවසර ගත යුතුයි.වතු දොරටුවේදී ඔබට වාහනයක් සඳහා යම්කිසි මුදලක් අය කරයි. සැලගම වතුයායේ ලයිම් නිවාස වලින් ඔබට දර්ශන ස්ථානයට ළඟා වීමට කිලෝමීටර් 2-3 ක් පයින් යා හැකිය. කෙසේ වෙතත්, මෝටර් බයිසිකල්, රෝද 3 සහ 4 × 4 වාහන දර්ශන ස්ථානය දක්වාම යා හැකිය. වාහනෙන්ම යන්න පුළුවන් නිසා එකත් වෙනස්ම අත්දැකීමක්. වාහනෙන්ම ගියත් මග දෙපැත්තෙන්ම තේ වතු, කදු තියෙන නිසා පරිසරයේ සුන්දරත්වය අඩුවක් නැතුව විදගන්න පුළුවන්.පුංචි ලෝකාන්තය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 760 (අඩි 2500) ක් උසිනි. කෙසේ වෙතත් හුලංගල කන්ද මීටර් 1025 (අඩි 3360) දක්වා ඉහළ යයි.
මේ පුංචි ලෝකාන්තය මුදුනට ආවම දැකගන්න ලැබෙන නිදහස, සුන්දරත්වය ඔයාලත් ගිහින්ම විදගන්න. මේ පුංචි ලෝකාන්තය මුදුනට වයඹ හා මධ්‍යම පළාත් හොදින් දිස්වෙනවා. ඒ අතරින් නකල්ස් කදු පන්තිය , බිසෝගල , දොළුකන්ද , රිදී විහාරය , රම්බඩගල්ල වගේ තැන් ගොඩක් බලාගන්න පුළුවන්.

සැලගම වතුයායේ පිහිටා ඇති යටවත්ත බිසෝ ඇල්ලට ද ඔබට පිවිසිය හැකිය. දිය ඇල්ලට ළඟාවීම සඳහා, ඔබ වතුයායේ ලයිම් නිවාස වලින් දකුණට හැරී යටවත්ත හින්දු කෝවිල දක්වා යා යුතුය.කුරුණෑගල ඉඳලා යන්න පුළුවන් ලස්සනම තැනක්. ගියාට කමක් නෑ.ආයෙත් කියන්නේ විනාශ කරන්න එපා.
(Copied)

07/06/2023

හැමෝම හොයන දියනාගල👣🌿
Diyanagala View Point - Badulla


Diyanagala Night Camping Vlog
https://youtu.be/PU3TWdEGtGc

Idalgashinna ඉදල්ගස්හින්න🌿👣 📷 - Travelcations           ශ්‍රී ලංකාවේ 5වැනි උසින් පිහිටි දුම්රිය ස්ථානය තමා මේක.මුහුදු මට...
06/06/2023

Idalgashinna ඉදල්ගස්හින්න🌿👣
📷 - Travelcations



ශ්‍රී ලංකාවේ 5වැනි උසින් පිහිටි දුම්රිය ස්ථානය තමා මේක.
මුහුදු මට්ටමේ සිට උස මීටර් 1666ක් පමණ වෙනවා.බදුලු දුම්රිය මාර්ගයේ 68 වන දුම්රිය ස්ථානය වෙන්නෙත් මෙයයි.

ක්ෂණිකව වෙනස් වන ද්විත්ව කාළගුණයක් සහිත දුම්රිය ස්ථානයක් කිව්වොත් නිවැරදී.

ඒ කියන්නේ එක් මොහොතක පැහැබරවද තවත් මොහොතක මිහිදුමෙන් මුළු ප්‍රදේශයම වෙළාගන්න බවත් දැකගන්න පුළුවන්.
නිතරම මීදුමෙන් ගැවසුණු සිතලෙන් ගල්ගැසුණු ඉදල්ගස්හින්න බෙහෙවින් සිසිල්.

කොළඹ කොටුවෙන් රාත්‍රී 8ට පිටත්වන රාත්‍රී තැපැල් දුම්රිය අලුයම 5 පමණ වන විට ඉදල්ගස්හින්නට ළඟා වෙනවා. 🚂
ඒක තමා හොදම දුම්රිය කොළඹ ඉදලා යන අපේ අයට.
ඉදල්ගස්හින්න දුම්රියපොළ අපූර්වතම දර්ශනතලයක් බව මෙහි ගිය ගොඩක් දෙනෙක් දන්නවා ඇති.

කොළඹින් බදුලු යන ඔබට මේ දුම්රිය ස්ථානයේදී වලවේ ගංගා නිම්නයත් සුවිසල් මහවැලි නිම්නයත් යන දෙකම මෙහිදි දැක ගන්න පුලුවන්.

දුම්රිය ස්ථානයට පහළින් පිහිටියේ රජයේ දෙමළ පාසල දැකගන්න පුලුවන්.මෙහි සිට ඔහිය පැත්තට වන්නට පිටුපසින් ඉදල්ගස්හින්න කන්ද දැකගන්න පුලුවන්.

ඉදල්ගස්හින්න – ඔහිය යන මාර්ග කොටස යනු දුම්රිය පලවල් දෙකක් අතර වැඩිම බිංගෙවල් සංඛ්‍යාවක් ඇති ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයයි.

මෙහි බිං ගෙවල් 14 ක් ඇති අතර ඉන් 8ක් ම දෙකෙළවර නොපෙනෙන දිගු සහ අඳුරු බිං ගෙවල් තියෙනවා.

අපේම වුන්ගේ වැඩ නිසා මෙහෙ දැන් තහනම්. 🥺
(Copied)

ගමනාන්තය තරමක් දුශ්කර වුනත් අවසානය හිතාගත නොහැකි සුන්දරත්වක් තියෙන ටොනැකොම්බේ | Tonacombe View Point🌿👣 නමුණුකුල | Namunu...
01/06/2023

ගමනාන්තය තරමක් දුශ්කර වුනත් අවසානය හිතාගත නොහැකි සුන්දරත්වක් තියෙන ටොනැකොම්බේ | Tonacombe View Point🌿👣
නමුණුකුල | Namunukula 🇱🇰
https://youtu.be/Ro_Ts0o6HGE

අපි plane කරල ගිය ගමනක් නෙමෙයි මේක.අහම්බෙන් පෞද්ගලික වැඩකට නමුනුකුල ටවුන් එකට ගියා.ඊටපස්සෙ තමයි අපි මේ තැන ගැන දැනගෙන බලන්න ගියේ.

මේක අපේ තුන්වෙනි dayout vlog එක.මේපාර විඩියෝ එක හෙල්ලෙනව වැඩී මොකද android phone එකකින් විඩියෝ කරේ.

මේ තැනට යනවනම් පස්සරට ගිහින් නමුණුකුල 10 කණුවෙන් හැරිල නමුනුකුල ටවුන් එකට යන්න ඕන.ටවුන් එකෙන් නමුනුකුල පොලිසීය ගාවින් ඇතුල පාරේ 3KM යන්න ඕන. කාර්, වෑන් වගේ නම් යන්න අමාරුයි බයික් වලට යන්න පුලුවන් පාර හොදටම කැඩිල තියෙන්නෙ.ඔයාලත් ගිහින් බලන්න ලස්සන view එකක් තියෙන තැනක්.

We didnt planned this trip.Just went to Namunukula town occasionally and then all of a sudden we got to know this place.

This is our third dayout.This time video is a little bit shakey because of video taped it from an android phone.

You have to take a turn from Passara Namunukula 10 mile post to Namunukula town and then take a turn from Namunukula police office then go through that road for about 3km. I suggest to go on a bike because it will be a little bit hard for go on a big vehicle for beginners.but buses are going on through the road although it is broken.

I highly recommend this place for you guys.So check this out its such a beautiful view.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travelcations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share