Travel Dream Paradise

  • Home
  • Travel Dream Paradise

Travel Dream Paradise help to travaling beautiful place & hotels in srilanka

🚂DUNHINDA ODYSSEY🚂කොළඹ කොටුව / බදුල්ල / කොළඹ කොටුව විශේෂ සංචාරක දුම්රිය සේවය 2024 අප්‍රේල් 05 සිට ඇරඹේ.  🚂 දුම්රිය අංක 1...
05/04/2024

🚂DUNHINDA ODYSSEY🚂
කොළඹ කොටුව / බදුල්ල / කොළඹ කොටුව විශේෂ සංචාරක දුම්රිය සේවය 2024 අප්‍රේල් 05 සිට ඇරඹේ.

🚂 දුම්රිය අංක 1001 | පෙ.ව.06/30 කොළඹ කොටුව - බදුල්ල
අඟහරුවාදා‍, සිකුරාදා සහ ඉරිදා දිනවල පමණක් ධාවනය වේ.
කොළඹ කොටුවෙන් පිටත්වීම - පෙ.ව. 06/30
බදුල්ලට ලඟා වීම - ප.ව. 05/37

🚂 දුම්රිය අංක 1002 පෙ.ව.08/00 බදුල්ල - කොළඹ කොටුව
සඳුදා‍, බදාදා සහ සෙනසුරාදා දිනවල පමණක් ධාවනය වේ.
බදුල්ලෙන් පිටත්වීම - පෙ.ව. 08/00
කොළඹ කොටුවට ලඟා වීම - ප.ව. 06/51

🚂 මෙම දුම්රිය නවත්වනු ලබන සංචාරක ස්ථාන [View points]
🔸හොස්ටේල් දියඇල්ල
🔸ශ්‍රී පාද කන්ද
🔸ශාන්ත ක්ලෙයාර් දියඇල්ල
🔸එල්ජින් දියඇල්ල
🔸සමිට් ලෙවල්
🔸අංක 18 බිංගෙය
🔸සුළං කපොල්ල (ඉදල්ගස්හින්න - හපුතලේ)
🔸කිතල් ඇල්ල දියඇල්ල
🔸ආරුක්කු 9 පාලම
🔸දෙමෝදර බිං ගෙය

🛑 ඉහත ස්ථානයන් වල සංචාරකයන් ට නැරඹීමට හැකිවන පරිදි දුම්රිය ධාවනය කෙරේ.

🛑 මෙම දුම්රියන් පළමු පන්තියේ මැදිරි 04 ක්, දෙවන පන්තියේ මැදිරි 03 ක් සහ තෙවන පන්තියේ භෝජනගාර මැදිරියකින් සමන්විත වේ.

🛑 සියළුම මැදිරිවල ආසන කලින් වෙන් කරවා ගත යුතුවේ.

🛑 දුම්රියන් ඉහළ සහ පහළ දෙසට හුවමාරුව සිදුවන බැවින් එම තත්ත්වයට අදාල නැවතුම් ස්ථානයන් දුම්රිය ප්‍රමාදයන් මත සංශෝධනය විය හැක.

🚂 දුම්රියට අදාල ආසන වෙන්කිරීමේ ගාස්තු

🛑 පළමු පන්තිය
කොළඹ කොටුව - මහනුවර - රු. 6000/=
කොළඹ කොටුව - නානුඔය - රු. 7000/=
කොළඹ කොටුව -ඇල්ල/බදුල්ල - රු. 8000/=

බදුල්ල - නානුඔය - රු. 7000/=
බදුල්ල - මහනුවර - රු. 8000/=
බදුල්ල - කොළඹ කොටුව - රු. 8000/=

🛑 දෙවන පන්තිය
කොළඹ කොටුව - මහනුවර - රු. 4000/=
කොළඹ කොටුව - නානුඔය - රු. 5000/=
කොළඹ කොටුව -ඇල්ල/බදුල්ල - රු. 6000/=

බදුල්ල - නානුඔය - රු. 5000/=
බදුල්ල - මහනුවර - රු. 6000/=
බදුල්ල - කොළඹ කොටුව - රු. 6000/=

🛑 තෙවන පන්තිය
කොළඹ කොටුව - මහනුවර - රු. 3000/=
කොළඹ කොටුව - නානුඔය - රු. 4000/=
කොළඹ කොටුව -ඇල්ල/බදුල්ල - රු. 5000/=

බදුල්ල - නානුඔය - රු. 4000/=
බදුල්ල - මහනුවර - රු. 5000/=
බදුල්ල - කොළඹ කොටුව - රු. 5000/=

දකුණු ආසියාවේ විශිෂ්ටතම සංචාරක ස්ථානය ! 🌊❤️😍🔥ගාල්ල !😍📷 credit goes to original photographer
04/04/2024

දකුණු ආසියාවේ විශිෂ්ටතම සංචාරක ස්ථානය ! 🌊❤️😍🔥
ගාල්ල !😍
📷 credit goes to original photographer

මට ඕනෙ අතුරුදහන් වෙන්න.."ඇත්තටම දැන් එයා කොහෙද ඉන්නෙ..?" අහද්දි.. "දන්නෙ නෑ.., අපටත් කතා කලෙ නෑ.. කොහෙ හරි ඇති.."කියන තර...
10/02/2024

මට ඕනෙ අතුරුදහන් වෙන්න..

"ඇත්තටම දැන් එයා කොහෙද ඉන්නෙ..?" අහද්දි..

"දන්නෙ නෑ.., අපටත් කතා කලෙ නෑ.. කොහෙ හරි ඇති.."

කියන තරමට මං මිනිස්සුන්ගෙ ඈත් වෙන්න ඕනෙ...

මං අඳුරන, මාව අඳුරන හැමෝගෙන්ම..!
මට ඕනෙ එකම එක අතුරුදහන්වීමක්...

ඒත් එක්කම අලුත් ජීවිතයක්..
මං උදේ නැගිටිනකොට රැල්ල කකුල් දෙකෙ වදින තරම් නිදහස් තැනක්...
මාව වෙලාගන්න තරම් කොළපාට තැනක්...

මං විතරක් ඉන්න තැනක්...!

ජය ❤❤

මේ සුන්දරත්වය විඳින්න, ඔයාට පෝද්දිවෙල ගල් බංගලාවට එන්නම වෙනවා !!🏠️🌳🏠️🌳🏠️🌳🏠️🌳🏠️🌳🏠️🌳🏠️🌳🏠️පෝද්දිවෙල ගල් බංගලාවෙ මීදුම පිරි ...
20/12/2023

මේ සුන්දරත්වය විඳින්න, ඔයාට පෝද්දිවෙල ගල් බංගලාවට එන්නම වෙනවා !!
🏠️🌳🏠️🌳🏠️🌳🏠️🌳🏠️🌳🏠️🌳🏠️🌳🏠️
පෝද්දිවෙල ගල් බංගලාවෙ මීදුම පිරි උදයකට අවදිවන ඔබට ඉදියෙන් පේන කඳු පන්තියක් තියෙනවා . ඒ කඳුපෙල අයිති වෙන්නෙ වැඩි දෙනෙක් නොදන්න"පොල්ගහහේන රක්ෂිතය" කියන වන රක්ෂිතයට.

📸මේ ඡායාරූප වල තියෙන "පෝද්දිවෙල මහ දොළ" කියන්නෙ අන්න ඒ පොල්ගහහේන රක්ෂිතය තුළින් ආරම්භ වෙන සුන්දර සහ පිරිසිඳු දිය පහරක්.

ඔයා මේ තැන බලන්න එන්නෙ කොයි තරම් දුරක ඉඳන් උනත්,ඔයාගෙ නවාතැන් අවශ්‍යතාව ගැන අපි බලාගන්නම්. "අපි" කිව්වෙ දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ,පෝද්දිවෙල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය මඟින් පාලනය වෙන ගල් බංගලාව නිවාඩු නිකේතනයේ අපි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

පෝද්දිවෙල ගල් බංගලාවෙ නවාතැන් ගන්න ඔයාට ,පොල්ගහහේන රක්ෂිතය සහ පෝද්දිවෙල මහදොළ විතරක් නෙවෙයි, අවට තියෙන මේ වගේ තවත් සුන්දර ස්ථාන ගොඩක් දැක බලාගන්න හැකියාව තියෙනවා.

ගල් බංගලාව කියන්නෙ තවත් එක Bed & Room සපයන තැනක් නෙවෙයි . ✋

ඔයාගෙ නිවාඩුව, ගොවිපල පරිසරයක නිදහසේ ගත කරන්න, ගොවිපළ සතුන් දැකබලා ගන්න එහෙමත් පොඩි අය උනත් ගොඩක් ආස වෙයි. පෝද්දිවෙල ගොවිපළ නැවුම් ආහාර වර්ගත් ඔයාගෙ කෑම වේලට එකතු කරගන්නත් පුලුවන්.

🐮🐂🐷🐖🐰🐇🏚️🚜👩‍🌾🤸👩‍👩‍👧‍👦🐣🐤🦃🐔️

ගැමි පරිසරයක, නිදහසේ නිවාඩුවක් ගත කරන්න තව මේ වගෙ වෙන තැනක් ඔයාට ලැබෙයි කියළා නම් හිතන්න අමාරුයි.

🏷️අනික, සම්පූර්ණ බංගලාව ම රු 10,000/= ක් විතරමයි.

හිත හිත ඉන්න එපා, දැන්ම ගල් බංගලාව වෙන් කරන්න. රජයේ ආයතනයක් උනාට බොහොම ලේසියෙන්, එක ෆෝන් කෝල් එකෙන් වෙන් කරගන්න පුලුවන්.
පහළින් තියෙන්නෙ ඒ කෝල් කරන්න ඕන නම්බර් එක.
☎️ 091 4943083

තැන හොයාගන්න අමාරු වෙයි කියළා හිතෙනවා නම් මෙන්න අපේ Google Map Location එක. 👇
🛣️ කුරුඳුගහහැතැක්ම අධිවේගී මාර්ග පිවිසුමෙ සිට 20km
📍LOCATION : Poddiwela - Galle
https://maps.app.goo.gl/8Y9mNaPqPk4bTzaz5

 #කොළඹ   ස්ලීඩා නවාතැන් පහසුකම්රාජකාරී සඳහා කොළඹට පැමිණෙන ඔබට නිස්කලංක පරිසරයක ඔබේ දිනය සුවබර ලෙස ගත කිරීම සඳහා.....වෙන්...
11/11/2023

#කොළඹ
ස්ලීඩා නවාතැන් පහසුකම්

රාජකාරී සඳහා කොළඹට පැමිණෙන ඔබට නිස්කලංක පරිසරයක ඔබේ දිනය සුවබර ලෙස ගත කිරීම සඳහා.....
වෙන්කර ගැනීම් හා වැඩිදුර විස්තර සඳහා අමතන්න. 011-5980215/235

28 Prof. G. P. Malalasekara Mawatha, Colombo 00700

කෝච්චියේ සීට් එකක් බුක් කරගෙන ගමනක් යන්න අදහස් කරනවාද?එහෙනම් පොඩ්ඩක් නැවතිලා කියවලා යන්න. දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ස...
03/11/2023

කෝච්චියේ සීට් එකක් බුක් කරගෙන ගමනක් යන්න අදහස් කරනවාද?

එහෙනම් පොඩ්ඩක් නැවතිලා කියවලා යන්න.

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සලසා ඇති වෙන්කල හැකි ආසන වර්ග මොනවාද? ඒවායින් ඔබට ලැබෙන පහසුකම් මොනවාද? මෙම පහසුකම් සලසා ඇති දුම්රියන් මොනවාද? අද මේ ගැන ටිකක් කතා කරන්න හිතුවා.

පහසුවෙන්, නිදහසේ, ආරක්ෂාකාරීව, අඩු වියදමින් සහ ඉක්මනින් ගමනක් යෑමට අවශ්‍ය නම් ඔබ නිසැකවම ⁣තෝරා ගන්නේ දුම්රියයි. නමුත් ඒ සමඟම ඇතිවන ගැටලු වන්නේ සීට් එකක් හම්බවෙයිද? මුළු ගමනම හිටගෙන යන්න වෙයිද? Foot board එකේද යන්න වෙන්නේ.

මෙම ගැටලු මඟහරවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඔබට කලින් ආසන වෙන්කිරීමේ පහසුකම හදුන්වා දී තිබෙනවා.
මෙනිසා ආසනයක් ලබා ගැනීමේ අදහසින් පොරකමින් දුම්රියට නැගීමට අවශ්‍ය නොවන අතර මෙම මැදිරි සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ ආසන ගනනට පමණක් බැවින් මැදිරිය තුල නිදහසේ ගමනාන්තය තෙක් ගමන් කිරීමටද හැකිය.

වෙන්කල හැකි ආසන නම්,
01. වායුසමනය කල පළමු පන්තිය (AFC)
02. නැරඹුම් මැදිරිය (OFV)
03. පළමු පන්තියේ වෙන්කල ආසන (FCR)
04. පළමු පන්තියේ නිදන මැදිරිය (FCB)
05. දෙවන පන්තියේ වෙන්කල ආසන (SCR)
06. දෙවන පන්තියේ නිදන ආසන (SCS)
07. තුන්වන පන්තියේ වෙන්කල ආසන (TCR)
08. තුන්වන පන්තියේ නිදන ආසන (TCS)

01. වායුසමනය කල පළමු පන්තිය (AFC)

ආනතිය වෙනස් කල හැකි වඩාත් සැපපහසු ආසන වේ.
මැදිරියම වායුසමනය කර ඇත.
මැදිරිය මනා ආලෝකකරණයකින්ද යුක්ත වේ. ආසනයකට කුඩා මේසය බැගින් ඇති අතර කවුළු තිර රෙදි යොදා අලංකාර කර තිබේ. ජංගම දුරකථන, ලැප්ටොප් චාර්ජ් කරගැනීමේ හැකියාවද ඇත. ආසනද සිත් ගන්නා ලෙස කුෂන් කවර යොදා අලංකාරවත් කර ඇත..සුඛෝපභෝගී නගරාන්තර දුම්රියන්හි AFC වල රූපවාහිනී නැරඹීමටද ගීත ශ්‍රවනය කිරීමට ද පහසුකම් සපයා ඇත. එමෙන්ම තම ආසනය තමාට රිසි ඕනෑම ප්‍රමාණයකට ආනත කීරීමට වගේම අංශක 360කින්ම භ්‍රමණය කිරීමට ද හැකිය. සැබවින්ම මෙම මැදිරියක ගමන් කිරීම ගුවන් යානයක ගමන් කිරීමට සර්වසමවේ.

කන්කසන්තරය සුඛෝපභෝගී නගරාන්තර දුම්රියේ හා මහනුවර සතිඅන්ත සුඛෝපභෝගී නගරාන්තර දුම්රියේ මැදිරි සියල්ල AFC වන අතර උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ මහනුවර හා මාතලේ සීඝ්‍රගාමි දුම්රියේ( from colombo fort @ 10.35am) එක් මැදිරිය බැගින් ඇත. මීට අමතරව කන්කසන්තරේ රාත්‍රී තැපැල් දුම්රියේ හා මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේද එක් මැදිරිය බැගින් ඇත. තවද මරදාන -මාතර සීඝ්‍රගාමි දුම්රියේද (from colombo fort @6.55am) AFC මැදිරියක් පවතින අතර එහි සුවි⁣ශේෂිතාවය වන්නේ ආසන එකිනෙක ආවරණය කර පැවතීමයි..

02, නැරඹුම් මැදිරිය (OFV)

පළමුවන පන්තියට අයත් වන මෙම මැදිරිවලද සැපපහසු ආසන, ⁣ඒවාට මේසය බැගින් සපයා ඇති අතර වටපිටාව හොඳින් නිරීක්ෂණය වන සේ ආසන ප්‍රේක්ෂකාගාරයක මෙන් ස්ථාපනය කර ඇත. තවද දුම්රිය ධාවනය වන දිශාවට විරුද්ධ දිශාවට ආසන පිහිටුවා ඇති අතර මෙය දුම්රියේ අවසන් මැදිරිය වේ. තවද දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ අධික ඉල්ලුමක් ඇති මෙම මැදිරි සාමාන්‍යයෙන් යොදවන්නේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ගමනාන්ත කරායි. ලංකාව තුල දුම්රියන් 6ක මෙම මැදිරිය ඇතුළත් වේ. කොළඹ කොටුවෙන් පෙ.ව 9.45ට බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රියේත්, මහනුවර දෛනික නගරාන්තර දුම්රියන් දෙකේත්, මහනුවර සතිඅන්ත නගරාන්තර දුම්රියේත්, මහනුවර- බදුල්ල මිශ්‍ර දුම්රියේත් ඇතුළත් වේ. මෙයට අමතරව යාපනය සහ කන්කසන්තරේ බලා ධාවනය වන යාල්දේවී සීඝ්‍රගාමි දුම්රියේ ද නැරඹුම් මැදිරියක් ඇත. සාමාන්‍යයෙන් නැරඹුම් මැදිරිය වායුසමනය නොකරන අතර මහනුවර දෛනික නගරාන්තර දුම්රියන්හි නැරඹුම් මැදිරි වායුසමනයද කර ඇත. ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ සොඳුරු අත්දැකීම් හොදින්ම විඳගැනීමට නම් නැරඹුම් මැදිරියක ගමන් කල යුතුමය.

03. පළමු පන්තියේ වෙන්කල ආසන (FCR)

ආනතිය වෙනස් කල හැකි වඩා සැපපහසු ආසන වේ. ආහාර ගැනීමට කුඩා මේසය බැගින්ද තිබේ. මෙම මැදිරියක් දක්නට ලැබෙන්නේ යාල්දේවී දුම්රියේ පමණි.

04. පළමු පන්තියේ නිදන මැදිරිය (FCB)

සැබවින්ම මෙය ඇදන් 2ක් සහිත කුඩා කාමරයකි. මේස, පුටු, ⁣කබඩ් එකක්, ඇදුම් එල්ලනයක්, කන්නාඩියක්, විදුලි පංකාවක් ආදී කාමරයක අන්තර්ගත සියල්ල මෙහි තිබේ. තවද කාමරයටම සම්බන්ධිත කුඩා නාන කාමරයක්ද ඇත. එක් ඇදක් බිම් මට්ටමේ ඇති අතර අනෙක ඉහලින් ඇත. ඉනිමඟක් ආධාරයෙන් එයට නැගිය යුතුය.
ඉතා දීර්ඝ ගමනාන්ත සහිත දුම්රියන් වලට යොදවන මෙම මැදිරි ලංකාව තුල කන්කසන්තරේ, බදුල්ල , ත්‍රිකුණාමලය බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් වලට එක් කර ඇත. තවද මඩකලපුව බලා ධාවනය වන මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේ ද මෙම මැදිරියක් දක්නට ලැබේ.
ජීවිතයේ එක් වරක් හෝ මෙම Berth මැදිරියක ගමන් කරන්න. එය ජීවිතයට මහඟු අත්දැකීමක් වනු නොඅනුමානයි.

05. දෙවන පන්තියේ වෙන්කල ආසන (SCR)

සාමාන්‍ය මුදලකට පහසුවෙන් ගමන් කල හැකි ආසන මෙහි ඇත. බොහෝ දුම්රියවල SCR මැදිරි වල මේස සපයා නොමැත. වැඩිම දුම්රිය ප්‍රමාණයක සපයා ඇති ආසන වෙන්කිරීමේ ක්‍රමයයි. නගරාන්තර දුම්රියන් සමන්විත වන්නේ මෙම වර්ගයේ මැදිරි කට්ටලයකිනි. අමතර වශයෙන් වෙනත් වර්ගවල මැදිරි 2,3ක් එක් කරයි.
මෙම පහසුකම සහිත දුම්රියන් වන්නේ.
- වව්නියාව ICE
- මහනුවර ICE (උදෑසන )
- මහනුවර ICE ( සවස)
- මහනුවර සතිඅන්ත ICE
- උත්තර දේවි ICE
- යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය
- උදය දේවි සීඝ්‍රගාමි දුම්රිය
- උඩරට මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය
- පොඩි මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය
(ICE = Intercity Express )

06. දෙවන පන්තියේ නිදන ආසන (SCS)

සැපපහසු ආසන වේ. ආසනය සයනක ආකාරයෙන් ආනත කර නිදාගැනීමට හැකි ලෙස සකසා ඇත. එමෙන්ම ආසන අතර සැලකිය යුතු පරතරයක්ද පවත්වා ඇත. රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන් සදහා විශේෂයෙන් සකස්කර ඇත.
ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය හැර අනෙක් සියලු රාත්‍රී තැපැල් දුම්රියන්හි( බදුල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තරය හා තලේමන්නාරම) මෙම Second Class Sleeperets දක්නට ලැබේ. මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියටද මෙම මැදිරියක් යොදවා ඇත.

07. තුන්වන පන්තියේ වෙන්කල ආසන (TCR)

මෙහිදී ආසනයක් මගියා වෙනුවෙන් වෙන්කර දීම පමණක් සිදුවේ. අමතර පහසුකම් සපයා නොමැත. ආසනද සුවපහසු බවින් තරමක් අඩුය. ආසන පේලි අතර පරතරයද සාපේක්ෂව අඩුය. නමුත් අඩුම මුදලට වෙනකර ගත හැකි ආසන වර්ගය වන්නේ TCR ය.
ලංකාව තුල මෙම පහසුකම ඇත්තේ උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් දෙකේ පමණි.

08. තුන්වන පන්තියේ නිදන ආසන (TCS)

TCR මැදිරි වලට සමාන වන අතර වෙනසකට ඇත්තේ ආසන ස්වල්පයක් ආනත කර සාදා තිබීමයි. රාත්‍රී දුම්රියන් වෙනු⁣වෙන් ⁣සකසා ඇත. සාමාන්‍ය මගියෙකුට අඩු මිලකට නිදන ආසනයක් වෙන්කර ගැනීමේදී TCS වැදගත් වේ...
බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ, ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රියේ සහ මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේ මැදිරිය බැගින් ඇති අතර කන්කසන්තරය රාත්‍රී තැපැල් දුම්රිය මැදිරි 2කින් යුක්තය.

උපුටාගැනීම
සටහන හා ඡායාරූප -
R.M. තරිඳු නිශාදව මධුවන්ත

ලක්ෂ 200කට අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. 0773294507අමතන්න .
27/10/2023

ලක්ෂ 200කට අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. 0773294507අමතන්න .

26/10/2023
විකිණීමට ඇත. ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.Mazda bongo252-###XManufacture 1994Registered 1995Engin 100% Paint  75%Pawer Sh...
24/10/2023

විකිණීමට ඇත. ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

Mazda bongo
252-###X
Manufacture 1994
Registered 1995

Engin 100%
Paint 75%
Pawer Shutters. tiyer 80%

0741173321
25.50

එකපාරක් හරි යන්නම ඕන සුන්දරම තැනක් - සූරියකන්ද ⛰️🌈🌞🍀🛵❤️
23/10/2023

එකපාරක් හරි යන්නම ඕන සුන්දරම තැනක් - සූරියකන්ද ⛰️🌈🌞🍀🛵❤️

Year -2014.                                           Reg-2015.                                             78000km.    ...
18/10/2023

Year -2014. Reg-2015. 78000km. Price. - 46.50Lks. 0774168695

Year -2015.                                           Reg-2016.                                             109000km.   ...
18/10/2023

Year -2015. Reg-2016. 109000km. Price. - 46.50Lks. 0774168695

රජයේ සංචාරක බංගලාව -  #බදුල්ල 😱😍🌺🌿❤️🍃ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ මෙය ක්‍රියාත්මකයි. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සෙවකයන්ට පම...
18/10/2023

රජයේ සංචාරක බංගලාව - #බදුල්ල 😱😍🌺🌿❤️🍃

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ මෙය ක්‍රියාත්මකයි. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සෙවකයන්ට පමණක් වෙන්කරගත හැකි බවයි පැවසුවේ

⭕ Package Details
✅ රාජ්‍ය එක් දිනකට එක් කාමරයක් 600/=
✅ අර්ධ රාජ්‍ය එක් දිනකට එක් කාමරයක් 900/=

⭕ Facilities
✅Comfortable bedrooms (Non A/C)
✅3 bedrooms
✅Hotwater facility
✅6 දෙනෙකුට සුවපහසුව නවාතැන් ගත හැක.
✅බංගලාවේ සිට බදුල්ල නගරයට 3 KM

භාරකරු - සුසන්ත මහතා

⭕ Contact
📞 0112050332
සංචාරක බංගලා වෙන් කිරීමෙ අංශය ,
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ,
නිල මැදුර ,
නාරාහෙන්පිට.

සැ.යු : මිල ගනන් වෙනස් විය හැක.

© Travel dream paradise

ගොඩනැගිලි දෙපාර්තමේන්තුවහන්තාන සංචාරක බංගලාව  #මහනුවර ,  #නුවර ,  #හන්තාන   පහසුකම්කාමර - 03නේවාසික සංඛ්‍යාව - 06උපරිම න...
11/10/2023

ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
හන්තාන සංචාරක බංගලාව
#මහනුවර , #නුවර , #හන්තාන

පහසුකම්
කාමර - 03
නේවාසික සංඛ්‍යාව - 06

උපරිම නේවාසික සංඛ්‍යාව 12 ක් වන අතර නේවාසික ගණනට අමතරව වැඩි වන සෑම නේවාසිකයෙකු ස‍ඳහා ම
රු.500 බැඟින් අය කරනු ලැබේ.
අවුරුදු 12 ට අඩු ළමුන් ස‍ඳහා ගාස්තු අය නොකෙරේ.

ගාස්තු
රු. 1500.00 ක් කාමරයක් සදහා අය කෙරේ.

නැරඹුම් ස්ථාන

⭕ හන්තාන ජාත්‍යන්තර කුරුළු උදයානය
⭕ හන්තාන රජමහා විහාරය
⭕ හන්තාන සඳගිරි මහා සෑය
⭕ හන්තාන කඳු තරණය
⭕ හුළං ග්‍රවුන්ඩ්
⭕ මහනුවර සියළුම නැරඹුම් ස්ථානද සංචාරය කළ හැක.

විමසීම්
ලිපිනය : 66/බී/1, හන්තාන නිවාස සංකීර්ණය, හන්තාන, මහනුවර
දුරකථන අංකය : ☎️ +94 812 218 736
ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය : මහනුවර (කලාප 05)

සම්බන්ධීකරණ නිලධාරී : ඒ. එල්. හෙට්ටිආරච්චි මිය
(දුරකථන: +94 812 234 255/ +94 711 040 672)

භාරකරු : පී.ඊ.එම්.අජිත් කරුණාරත්න මයා
(දුරකථන: +94 742 417 563)

සංචාරක බංගලාව වෙන් කරවා ගැනීමට

ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
දෙවන මහල, “සෙත්සිරිපාය”,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.
+94 11 2861489 / 2861494 / 2862588/ 2866788
info[at]buildingsdept.gov.lk
Department of Buildings Circuit Bungalow- Hantana
074 241 7563

NIGHT EXPRESS ශ්‍රී ලංගම නුවරඑළිය ඩිපෝව  [ X ] නුවරඑළිය [ 31 ] ගාල්ල [ N ] [ X ] Nuwara Eliya [ 31 ] Galle [ N ] [ X ] ந...
30/09/2023

NIGHT EXPRESS

ශ්‍රී ලංගම නුවරඑළිය ඩිපෝව

[ X ] නුවරඑළිය [ 31 ] ගාල්ල [ N ]
[ X ] Nuwara Eliya [ 31 ] Galle [ N ]
[ X ] நுவரெலியா [31] காலி [ N ]

•• සාමාන්‍ය ගාස්තු සේවාව
•• සීමිත නැවතුම්
•• ND - 9887 ( NE - 70 )

•• දිනපතා පිටත්වීම්

- නුවරඑළියෙන් - රාත්‍රී 07:40
- වැලිමඩින් - රාත්‍රී 08:20
- බණ්ඩාරවෙලින් - රාත්‍රී 09:15

- ගාල්ලෙන් - රාත්‍රී 08:40
- මාතරින් - රාත්‍රී 09:45
- හම්බන්තොටින් - රාත්‍රී 11:40

- ගාල්ලට ළඟාවීම - පෙ.ව. 02:10
- නුවරඑළියට ළඟාවීම - පෙ.ව. 04:20

•• ගමන් මාර්ගය

:- ගාල්ල *උණවටුන *හබරාදුව * කොග්ගල * අහංගම *වැලිගම * මිරිස්ස *කඹුරුගමුව * මාතර * දෙවිනුවර *දික්වැල්ල *මහවෙල * තංගල්ල * රන්න *හුංගම *නෝනාගම * අම්බලන්තොට - මිරිජ්ජවිල - හම්බන්තොට * උඩමලල *වීරවිල * ලුණුගම්වෙහෙර *තණමල්විල * කුඩාඔය *තෙලුල්ල *ඇතිලිවැව * වැල්ලවාය *රන්දෙණිය *ඇල්ල * කුඹල්වෙල *දෝව *බණ්ඩාරවෙල * දිගන්තැන්න *මීරහවත්ත *වැලිමඩ * කැප්පෙටිපොළ *රේන්දපොල *හක්ගල *සීතාඑළිය * නුවරඑළිය

•• ආසන්න දුර ප්‍රමාණය - 291 Km
Thank you Stb Nuwara eliya

යන්න ඕනේ ගමනක් සෙට් එකත් එක්කම    😇❤️
27/09/2023

යන්න ඕනේ ගමනක් සෙට් එකත් එක්කම 😇❤️

ලග එන නිවාඩුවට Trip යන්න Plan කරන අයට Travel Destinations 😍🌿🐬🍃❤️📌️ හරියට Trip එකක් plan කරන විදිහ මේකේ තියෙනවා.https://m...
27/09/2023

ලග එන නිවාඩුවට Trip යන්න Plan කරන අයට Travel Destinations 😍🌿🐬🍃❤️

📌️ හරියට Trip එකක් plan කරන විදිහ මේකේ තියෙනවා.
https://m.facebook.com/story.php?story_fbid=252971227228526&id=100075469527035&mibextid=Nif5oz

📌️ නුවරඑළියේ අවට බලන්න පුලුවන් තැන්
https://www.facebook.com/100075469527035/posts/255418523650463/

📌️ සබරගමු පලාතේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=253961337129515&id=100075469527035&mibextid=Nif5oz

📌️ මාතලේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=255052360353746&id=100075469527035&mibextid=Nif5oz

📌️ නාවලපිටිය, කිතුල්ගල පැත්තෙ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=254528587072790&id=100075469527035&mibextid=Nif5oz

📌️ ඇල්ල, බදුලු, බන්ඩාරවෙල බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=252943933897922&id=100075469527035&mibextid=Nif5oz

📌️ මන්දාරම් නුවර ගිහින් බලන්න පුලුවන් තැන්
https://facebook.com/100075469527035/posts/226654753193507/

📌️ ලංකාවේ තියෙන ලස්සන මුහුදු තීරයන්
https://m.facebook.com/story.php?story_fbid=251396854052630&id=100075469527035&mibextid=Nif5oz

📌️ ලංකාවේ තියෙන ලෝකාන්ත
https://m.facebook.com/story.php?story_fbid=250939950764987&id=100075469527035&mibextid=Nif5oz

📌️ යාපනේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=250372987488350&id=100075469527035&mibextid=Nif5oz

📌️ ත්‍රිකුණාමලයේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=689504755755811&id=115630383143254&mibextid=Nif5oz

📌️ ගාල්ලේ යනවනම් බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=248900117635637&id=100075469527035&mibextid=Nif5oz

📌️ තලෛමන්නාරම් නව ට්‍රිප් Guide එක
https://www.facebook.com/100075469527035/posts/347643577761290/?mibextid=Nif5oz

📌️ අම්පාරේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=244677591391223&id=100075469527035&mibextid=Nif5oz

📌️ හම්බන්තොට, කතරගම බලන්න පුලුවන් තැන්
https://facebook.com/100075469527035/posts/255625980296384/

📌️ නුවර ගියොත් බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=642819040424383&id=115630383143254&mibextid=Nif5oz

📌️ දෙනියාය පැත්තෙ බලන්න පුලුවන් තැන්
https://www.facebook.com/100075469527035/posts/255575706968078/

📌️ මීගමුව පැත්තේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=348821564310158&id=100075469527035&mibextid=Nif5oz

📌️ බදුල්ල දුම්රියේ යන්න පුලුවන් ට්‍රිප් location 50+ක්
https://m.facebook.com/story.php?story_fbid=332844549241193&id=100075469527035&mibextid=Nif5oz

📌️ මාතලේ riverston guide එක
https://www.facebook.com/61550347297253/posts/122109754562011576/?mibextid=Nif5oz

📌️ පිදුරුතලාගල යන විදිහ
https://www.facebook.com/100075469527035/posts/320069163852065/?mibextid=Nif5oz

📌️ නානුඔය පැත්තේ බලන්න පුලුවන් තැන්
https://www.facebook.com/100075469527035/posts/323763233482658/?mibextid=Nif5oz

📌️ ලංකාවේ වටේ තවත් ලස්සනම Travel Destinations ටිකක්
https://m.facebook.com/story.php?story_fbid=251886857336963&id=100075469527035&mibextid=Nif5oz

📌️ යාපනේ guide එක
https://www.facebook.com/100075469527035/posts/318446830680965/?mibextid=Nif5oz

📌️ ඇල්ල trip Guide
https://www.facebook.com/100075469527035/posts/318974283961553/?mibextid=Nif5oz

📌️ Ella odyssey දුම්රිය ගැන හැම දේම
https://www.facebook.com/100075469527035/posts/343019311557050/?mibextid=Nif5oz

📌️ සීතාවක odyssey ගැන
https://www.facebook.com/100075469527035/posts/347690774423237/?mibextid=Nif5oz

📌️ කොළඹ ඉදලා දවසින් යන්න පුලුවන් ට්‍රිප්
https://m.facebook.com/story.php?story_fbid=266071742585141&id=100075469527035&mibextid=Nif5oz

📌️ කෝච්චියෙන් නුවරඑළියේ යන විදිහ
https://www.facebook.com/100075469527035/posts/322143436977971/?mibextid=Nif5oz

📌️ හපුතලේ ට්‍රිප් guide එක
https://www.facebook.com/100075469527035/posts/352271500631831/?mibextid=Nif5oz

📌️ ලංකාවේ වටේ තවත් ලස්සන Travel Destinations ටිකක්.
https://facebook.com/115630383143254/posts/700803107959309/

⭕ මීට අමතරව තව තැන් ගොඩක් අපේ Page එකේ තියෙනවා. ඔයාලට බලන්න පුලුවන්.👇

⭕ ගිහින් නතර වෙන්න Hotels බලන්න මේ Page එක බලන්න. Page එකට ගියාම තියෙන ඩොට් තුන clik කලාමඑන search option එකේ ඔයාට අවශ්‍ය location එක search කරන්න.👇
https://www.facebook.com/HotelsSriLanka.advertising.lk/?mibextid=ZbWKwL

මෙච්චර පැහැදිලිව විස්තර බලන්න Travel Dream Paradise ලංකාවේ ජනප්‍රියම Travel Page එකත් එක්ක ඔයා තාම එකතු වෙලා නැත්තන් දැන්ම Follow කරලා තියාගන්න.

_______________________

අනිවාරෙන්ම මතක් කරන්න ඕනේ. ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ඇවිදින්න ඒ සුන්දරත්වය විදින්නන, විනාශ කරන්න එපා.🙏

පරිසරයට ආදරය කරන්න💚

4 දෙනෙක්ටම 4000/-යි😱😍 අනුරාධපුරේ එන ඔයාට සුවපහසුව නවාතැන් ගන්න පුලුවන් බජට් Hotel එකක් 😮🌿🐳🦀👫A budget hotel where you can...
26/09/2023

4 දෙනෙක්ටම 4000/-යි😱😍
අනුරාධපුරේ එන ඔයාට සුවපහසුව නවාතැන් ගන්න පුලුවන් බජට් Hotel එකක් 😮🌿🐳🦀👫

A budget hotel where you can stay comfortably when visiting Anuradhapura🌻

මේ Happy Leoni hotel ❤️

අනුරාධපුර පූජා නගරය ආසන්නයෙන්ම අතේ ඇති ගානට නිදහසේ ඉන්න පුලුවන් අලුතින්ම ප්‍රතිව්‍යුහගත කරන ලද Hotel එකක් තමයි මේ.

⭕ Package Details
✅ LKR 4000/= Non A/C Room (4 Pax)
✅ LKR 6000/- A/C Room (4 pax)

⭕ Facilities
✅ Comfortable bedrooms
✅ A/C & Non A/C
✅ Attached Bathroom
✅ Indoor swimming Pool
✅ Restaurant
✅ BBQ Facility
✅ Safety Parking Facility

වන්දනාවේ පැමිණෙන විශාල කණ්ඩායම් සදහා සාදාරණ මුදලකට කෑම බීම ඇතුලු සුවපහසු නවාතැන් පහසුකම් ගන්න පුලුවන්.

300 Seating Capacity එක තියෙන ලොකු Hall එකකුත් තියෙන නිසා Weddings, Birthday Parties, Office Functions, Getogether වගේම ඕනම Function එකක් මෙහෙ arrange කරගන්නත් පුලුවන්😍

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0743655558

ඊශ්‍රායල සමාගමක් වන Aleph Farms විසින් වගා කරන ලද මස් විකිණීමට නියාමන අනුමැතිය ලබා ගැනීම සඳහා එක්සත් රාජධානියේ ආහාර ප්‍ර...
11/08/2023

ඊශ්‍රායල සමාගමක් වන Aleph Farms විසින් වගා කරන ලද මස් විකිණීමට නියාමන අනුමැතිය ලබා ගැනීම සඳහා එක්සත් රාජධානියේ ආහාර ප්‍රමිති ඒජන්සියට අයදුම් කර තිබෙනවා.

වර්ධනය වීමට සති 3-4 පමණ ගතවන මෙම කෘතීම හරක් මස් සකස් කරනු ලබන්නේ කැලිෆෝනියාවේ ගවයෙකුගෙන් ලබාගත් එක් සෛල සමූහයක් හරහායි.

Aleph Farms විසින් අපේක්ශා කරන්නේ මෙම එක් සෛල සමූහයක් මගින් steaks ටොන් දහස් ගණනක් වර්ධනය කිරීමටයි.

ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ඔවුන් විසින් එක්සත් රාජධාණිය තුළ ඔවුන්ගේ නිශ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඔබ ජිවිතයේ එක් වරක් හෝ පැමිණිය යුතු දක්ෂිණ ශ්‍රි ලංකාවේ සුන්දරම ගමනාන්තය..ඓතිහාසික ගාල්ල නගරය ❤🙏❤
28/07/2023

ඔබ ජිවිතයේ එක් වරක් හෝ පැමිණිය යුතු දක්ෂිණ ශ්‍රි ලංකාවේ සුන්දරම ගමනාන්තය..
ඓතිහාසික ගාල්ල නගරය ❤🙏❤

තලෛමන්නාරම් trip Guide එක 😍🌿❤️🌴🌺🇱🇰ලංකාවෙ ලොකුම දූපත🏝️, ඉන්දියාවට ලගම තැන පිහිටි මන්නාරම පැත්තේ trip එකක් යමු.ගියොත් බලන්...
26/07/2023

තලෛමන්නාරම් trip Guide එක 😍🌿❤️🌴🌺🇱🇰

ලංකාවෙ ලොකුම දූපත🏝️, ඉන්දියාවට ලගම තැන පිහිටි මන්නාරම පැත්තේ trip එකක් යමු.

ගියොත් බලන්න යන්න පුලුවන් තැන් ටික

✅තලෛමන්නාරම් ප්‍රදීපාගාරය
✅තලෛමන්නාරම් පරණ ප්‍රදීපාගාරය
✅තලෛමන්නාරම් උද්‍යානය
✅තලෛමන්නාරම් තොට
✅ආදම්ගේ පාලම
✅රාම් සේතු View point
✅මන්නාරම් කොටුව
✅යෝධ බයෝබැබ් ගස
✅පැරණි පාලම මන්නාරම
✅තිරුකේතීශ්වරම් පල්ලිය
✅තිරුකේතීශ්වරම් කෝවිල
✅ඩොරික් බංගලාව
✅අරිප්පු බලකොටුව
✅බූරුවන් රැකබලාගැනීමේ මධ්‍යස්ථානය

උතුරු මාර්ගයේ මැදවච්චිය මංසන්ධියේ සිට විහිදී යන මන්නාරම් මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය ලෙස තලෛයිමන්නාරම හැදින්වේ. මන්නාරම් මාර්ගය ඉදිකරනු ලැ⁣බුවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දුම්රිය මාර්ගයක් හරහා සම්බන්ධ කිරීම අරමුණු කොටගෙන 1894 වර්ෂයේදීය .

🌺 කොළඹ කොටුව සිට මැදවච්චිය හරහා තලෛයිමන්නාරම දක්වා මුළු දුර කිලෝමීටර් 335 ක් වන අතර උන්නතාංශය 7 m වේ. මැදවච්චිය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 106කි.

🌺 මැදවච්චිය මංසන්ධියේ සිට තලෛයිමන්නාරම් තොට දක්වා තනි මාර්ගයේ දුම්රිය ස්ථාන 11 ඇති අතර 🚆 පැයට කිලෝමීටර් 120 ක පමණ උපරිම වේගයකින් ධාවනය කල හැකිය.

🌺 ⁣කොහොම උනත් තාමත් කොළඹ කොටුව සිට තලෛයිමන්නාරම් තොට දක්වා සෘජු දුම්රියක් ක්‍රියාත්මක වෙන් නෑ. යන කෙනෙක්ට අනුරාධපුරට හරි මැදවච්චියට හරි ගිහින් එතනින් මන්නාරම් train එක ගන්න වෙනවා.

කොළඹ ඉදන් තලෛමන්නාරමට tickets price
3rd Class - 500/=
2nd Class - 1000/=

⭕ තවමත් තලෛමන්නාරම් දක්වා දුම්රිය දාවනය නොවේ.

වැඩි විස්තර දැනගන්න තලෛයිමන්නාරම් තොට දුම්රිය ස්ථානයේ දුරකතන අංකය 0233 232237

Tickets book කරනව නම් අනුරාධපුරට හරි මැදවච්චියට හරි විතරයි පුලුවන්. Booking එක දාන්න online ක්‍රමයට හරි ලගම ප්‍රධාන දුම්රිය ස්ථානයකින් පුලුවන්😍

මීට අමතරව බස් ප්‍රවාහන සේවයයත් ක්‍රියාත්මකයි. පෞද්ගලික වාහනයක යනවනම් ගොඩක් ලේසී වෙයි

නවාතැන් සදහා recommend කරන්න තරම් තැනක් හම්බුන්න් නෑ. ඔයාලා දන්න හොද තැනක් තියෙනවනම් පහලින් දාන්න

Photos Credit - Nalinda Deshapriya & others

ලංකාවේ පාරාදීසය - මන්දාරම් නුවර යන්නෙ මෙහෙමයි 😍🌺🌳🦀🌿❤️@ ගැහුවම එන තුන් වෙනියා එක්ක යනවලු😋 A Beautiful Destination in sri ...
23/07/2023

ලංකාවේ පාරාදීසය - මන්දාරම් නුවර යන්නෙ මෙහෙමයි 😍🌺🌳🦀🌿❤️

@ ගැහුවම එන තුන් වෙනියා එක්ක යනවලු😋

A Beautiful Destination in sri lanka - Mandarm Nuwara...

⭕ ගමන් මග

මහනුවර සිට රිකිල්ලගස්‌කඩ හඟුරන්කෙත පසුකොට පදියපැලැල්ට විත් එළමලේ හන්දියෙන් හැරී කිලෝමීටර් 11 ක්‌ පමණ දුර ගිය කල මන්දාරම් නුවර මුණගැසේ.

මේ ගමට මන්දාරම් නුවර කියලා කියන්නේ ඇයි කියලා දන්නවද? ඒ තමයි වෙනදට වඩා පරක්කු වෙලා හිරු උදාව වෙනවා වගේම, හිරු බසින්නේ වෙන ගම් වලට වඩා ඉක්මනින්. මේකට හේතුව තමා මන්දාරම් නුවර කියන මේ ගම තිබෙන්නේ
පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල කඳුවැටි සතරට මැදිව පිහිටි
කඳු වළල්ලක් මැද පතුලේ වීම.

අද ගම්මානයකට සීමාවී ඇති නමුදු මන්දාරම් නුවර යනු විශාල ඉතිහාස කතාන්දරයක්‌ සඟවාගෙන සිටින ගමකි. මන්දාරම්පුර පුවත නමින් කව් 866 කින් යුත් පැරැණි කව් පොත් තිබේ. සීතාවක රාජසිංහ රජුගේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්‌වා රජවරු 8 දෙනෙක්‌ ගැන මේ කව් පොතේ තොරතුරු විස්‌තර වේ. වෙනත් ලෙසකින් කිවහොත් ශත වර්ෂ 2 ක කාලයක්‌ උඩරට රාජධානියේ රජකම් කළ රජවරු ගැන මේ කව් පොතේ සඳහන් වේ.

මන්දාරම් නුවර ඈත ඉතිහාසයේ සිට රජවරුන්ට බොහෝ සේ ප්‍රයෝජනවත් වූ ආරක්‍ෂිත ස්‌ථානයකි. මහනුවර රාජධානියට මැඬලිය නොහැකි ප්‍රහාරයක්‌ එල්ල වූ හැම විටම රජවරු පලාගියේ මන්දාරම්පුරයටය. ඒ තනිවම නොවේ. රජ බිසව ඇතුළු අන්තඃපුර ස්‌ත්‍රීන්ද, රන්, රිදී, මුතු, මැණික්‌ ආදී සියලු ධනයද රැගෙනය.

මහනුවර යුද්ධයක්‌ නම් ඊට මුහුණදී ගත නොහැකි නම් රජවරු අන්ත(පුර බිසවුන් රාජාභරණ රං රිදී මුතු මැණික්‌ ගෙනැවිත් ආරක්‍ෂාවට තැබුවේ මන්දාරම් පුරයේය.

නමුත් මාළිගාතැන්න නමින් හැඳින්වෙන ස්‌ථානයක්‌ හැර රජවරු පදිංචිව සිටියාදැයි දැනගත හැකි කිසිදු පුරාවිද්‍යාත්මක සාක්‍ෂියක්‌ දැන් මන්දාරම් පුරෙහි දකින්නට නැත.

⭕ බලන්න තියෙන තැන්

✅ කොලපතන ඇල්ල.

“රජකාලෙ දි, මල්සරා කියල දේවීයක් ඇල්ල බලන්න කොළපතකට බත් ඔතාගෙන ඇවිත්, කොළපත එතැන දාල ගිහිල්ල. එදා ඉඳන් තමයි කොල පත දාලා ගිය ඇල්ල... කොළපතන ඇල්ල කියල නම වැටිලා තියෙන්නෙ.

* ගමන් මාර්ගය සකසා ඇත.
* රු.100.00 ප්‍රවේශ පත්‍රයක් ගත යුතුය.
* දිය ඇල්ලෙන් නෑම සහ බැසීම තහනම්.
* උදෑසන 8.00 සිට සවස 5 දක්වා ප්‍රවේශ පත්‍රා නිකුත් කරනු ලබයි.

✅ කොඩි ආර ගල

ගම්මානය ආසන්නයේම ඉතාමත් උස් වූ කඳු මුදුනක් තිබෙනවා.ඒකට තමයි කොඩියාකර කන්ද කියලා කියලා කියන්නේ.එහෙම නැත්නම් කොඩියාකර ගල කියලත් එය හඳුන්වනවා. ඔබට එහි යාමට අවැසි නම් ඒ සඳහා අවසර ලබා ගත යුතුයි.

* කූඩැල්ලන් බහුලය.
* බඹර කූඩු ඇති බැවින් ප්‍රවේශම් විය යුතුයි.
* සීග්‍ර නැග්මක් මෙන්ම බැසීමේදී බෑවුම අදිකය.
* ගම් වාසියකුගේ හෝ දන්නා පුද්ගලයකුගේ සහය නැතුව ගමන් කිරීමෙන් වලකින්න
* කන්ද නැගීමට මග පෙන්වීමට යන සමහරක් ගම්වාසීන් රු.2000 -3000 අතර මුදලක් අය කරයි.

✅ බෙර ගහන ඇල්ල.

ගම් වාසීන් පවසන ආකාරයට බෙරයක සද්දයක් මෙම දිය ඇල්ලෙන් අසන්නට ලැබෙන අතර ඈත අතීතයේ පටන් මෙ සදහා බෙර ගහන ඇල්ල ලෙස පවසන බවයි.මගුල් බෙර වාදනයක සද්දයක් මෙම දිය ඇල්ලෙන් නිහඩව කන් දෙන විට අපටද ඇසුනි...

* කොඩි ආර ගල යන මාර්ගයේ මග දුරක් ගමන් කර මගින් හැරී වනය මැදින් අනෙක් පසට ගමන් කල යුතුය.
* මාර්ගයක් නොමැත.කැලය මැදින් යා යුතුය.

✅ කොල්ලන්ගල

ගමට ගිය පසු වට පිට බැලූ විට විශේශයෙන් පෙනෙන පර්වතයකි.කොල්ලන්ගල නමින් එන විශාල ගල් පර්වතයක එක්‌ දිසාවකට අත දිගු කරගෙන සිටින මිනිස්‌ රූපයක්‌ කොටා තිබේ. මන්දාරම් පුරවැසියෝ අදටත් විශ්වාස කරන්නේ කොල්ලන්ගල නමැති මේ පර්වතයේ කොටා තිබෙන මිනිස්‌ රූපය අත දිගු කරගෙන සිටින්නේ නිධානය තිබෙන තැන දෙසටය යනුවෙනි. එහෙත් තවමත් කිසිවෙකුත් නිධානය සොයාගෙන නැත.

⭕ විශේෂ සටහන්

1.නුවර පාරෙන් රිකිල්ලගස්කඩ, හඟුරන්කෙතට ගිහින් මන්දාරම් නුවරට යන එක ලේසි වුණත් නුවරඑළිය, කඳපොළ හරහා මන්දාරම් නුවරට යන පාර තමයි ලස්සනම. නුවර එළියෙ ඉඳන් දුර තියෙන්නෙත් කිලෝමීටර 40ක් විතර නිසා ලොකු අවුලකුත් නෑනෙ.

2.මෙම රක්ෂිතයට අයත් කිසිදු ස්ථානයක විශේෂ අවසරයකින් තොරව camping ගහන්න නම් තහනම්. මේ ගම්මානයේ ජීවත්වන සියලූම දෙනා පානය කරන්නේ ගලාගෙන යන පිරිසිදු ජලය.

3.දිය නෑමට හැකි ස්ථාන ඇත.ගම් වාසියකුගේන් අසා දැන එම ස්තාන පමනක් දිය නෑමට භාවිතා කරන්න.

4.ආහාර පාන ගැනීමට ස්තාන ඇත. (ලොකු හෝටල් නෙමේ...ඒත් කෑම පට්ට රහයි) කලින් කතා කරන් යන්න පුලුවන් නම් ඒ තැනකට ගොඩක් පහසුවක් වෙයි.

5.ඝෝෂාකාරීව හැසිරීම,දුම් පානය සහ මත් පැන් පානය තහනම්.

බොහෝ පිරිස් මන්දාරමු නුවර ගොස් කොළපතන ඇල්ල පමණක් නරඹා එන වග අපි දනිමු. එහෙත් මන්දාරම්නුවර අවටම පවතින මේ සුන්දර ස්ථාන මගහැර ගනිති. කබරගල ඇල්ල ඇතිනිවල ඇල්ල රන්කොටියාබොක්ක නැරඹුම් ස්ථානය පෙයාර්ස් ගොවිපල,කොඩි ආර ගල,බෙර ගහන ඇල්ල....ඔයාලත් ගිහින් සුන්දරත්වය නරඹන්න...ඒත් විනාශ නොකර.

චායාරූප මුල් හිමිකරුවන් සතුයි.

මාතලේ ගියොත් යන්නම ඕන ලස්සන නිදහස් තැනක් - සෙම්බුවත්ත 🌞🍀🌈🌊🦢❤️
23/07/2023

මාතලේ ගියොත් යන්නම ඕන ලස්සන නිදහස් තැනක් - සෙම්බුවත්ත 🌞🍀🌈🌊🦢❤️

😱 නිකිණි මේලා Food Fiesta & Carnival එකට තව දින 35යි.🛕 2023 අගෝස්තු 25 සිට 29 දක්වා ඉමදූව නගරසභා ක්‍රීඩාංගණයේදී,🎵 සංගීත ...
22/07/2023

😱 නිකිණි මේලා Food Fiesta & Carnival එකට තව දින 35යි.

🛕 2023 අගෝස්තු 25 සිට 29 දක්වා ඉමදූව නගරසභා ක්‍රීඩාංගණයේදී,

🎵 සංගීත ප්‍රසංග

🍿 දිව පිනවන ආහාර පාන

🎯 විනෝද ක්‍රීඩා රැසක් සමඟින්,

🫵 ඔයත් එන්න අපිත් එනවා අනිවාරෙන්

📞 විමසීම් 076 89 63 389

අකුරැස්ස දෙදියගල❤ගමේ සුන්දරත්වය උපරිමෙන්ම විදින ගමන් මේ වගේ පොට් එකක නාන්න දකුණටම එන්න ඕන❤😍📷මුල් අයිතිකරු සතුයි
21/07/2023

අකුරැස්ස දෙදියගල❤
ගමේ සුන්දරත්වය උපරිමෙන්ම විදින ගමන් මේ වගේ පොට් එකක නාන්න දකුණටම එන්න ඕන❤😍

📷මුල් අයිතිකරු සතුයි

මිනිස්සු දුෂ්කරයි කියල අත හැරියෙ ලස්සනම තැන් 💚
20/07/2023

මිනිස්සු දුෂ්කරයි කියල අත හැරියෙ ලස්සනම තැන් 💚

ගාල්ලේ යනවනම් නාන්න යන්නම ඕන තැනක් - දූවිලි ඇල්ල , නෙළුව ⛰️🌞🌊🍀🏊‍♂️❤️
20/07/2023

ගාල්ලේ යනවනම් නාන්න යන්නම ඕන තැනක් - දූවිලි ඇල්ල , නෙළුව ⛰️🌞🌊🍀🏊‍♂️❤️

ඕලු දොල , අකුරැස්ස-Akuressa 😍-ඕලු දොල යනු අකුරැස්ස ප්‍රදේශයේ හි පිහිටි ආකර්ශනයෙන් හා සුන්දරත්වයෙන් පරිපුන් දොලකි.අකුරැස්...
20/07/2023

ඕලු දොල , අකුරැස්ස-Akuressa 😍

-ඕලු දොල යනු අකුරැස්ස ප්‍රදේශයේ හි පිහිටි ආකර්ශනයෙන් හා සුන්දරත්වයෙන් පරිපුන් දොලකි.අකුරැස්ස සිට දෙනියාය මාර්ගයේ 10KM පමණ එන විට හුලංදාව ගම්මානය සහ ලේනම ගම්මානය හමුවේ.එම මංසන්ධියේ සිට 5KM දුරක් ඇතුලට යාමෙන් පහසුවෙන් ඕලු දොලට ලගා විය හැකිය-

සොභාදහමේ සුන්දරත්වය රසවින්න ,ඊලග පරපුරටත් මෙම සම්පත් රැකගන්න ❤️🥰

🇱🇰 🚆 යාල්පානම් 🕉️ තල් අරණට... 🌴🌴• දැන් ආයෙත් Train එකෙන් යාපනේ ගිහින් station එකේ නැව්තිලා වාහනයක් Hire කරන් ඇවිදින්න ඉන...
14/07/2023

🇱🇰 🚆 යාල්පානම් 🕉️ තල් අරණට... 🌴🌴

• දැන් ආයෙත් Train එකෙන් යාපනේ ගිහින් station එකේ නැව්තිලා වාහනයක් Hire කරන් ඇවිදින්න ඉන්න අයට ⬇️

🚆 අලුත්ම දුම්රිය කාල සටහන ⬇️ 😍

✨️ ජූලි 15 ඉදන් මාසයකට කලින් Booking කරන්න තියෙනවා , ( ජුලි 21 වෙනකම් දැන් වුනත් Book කරන්න පුලුවන් )

01. 2023 ජූලි 15 ඉදන් කොළඹ කොටුව - කන්කසන්තුරේ අලුත්ම ⏱️ Train Time table eka ⬇️

🚆 4077 යාල්දේවි , Yarl Devi Train.

1st class Booking seats = 144 ( 2800/= )
2nd class Booking seats = 100 ( 1900/= )

ගල්කිස්ස station = 5.10 am
කොළඹ කොටුව station = 5.35 am
යාපනය station = 12.52 pm
කන්කසන්තුරේ station = 01.15 pm

🚆 4017 Vavniya Intercity Train.

1st class Booking seats = 104 ( 3200/= )
2nd class Booking seats = 64 ( 2500/= )
3rd class Booking seats = 90 ( 1800/= )

කොළඹ කොටුව station = 11.50 am
යාපනය station = 6.45 pm
කන්කසන්තුරේ station = 7.31 pm

🚆 4089 Jaffna Night mail Train.

1st class Booking seats = 144 ( 3200/= )
2nd class Booking seats = 100 ( 2200/= )

කොළඹ කොටුව station = 8.00 pm
යාපනය station = 3.51 am
කන්කසන්තුරේ station = 4.10 am

🔁 එද්දි

🚆 4078 යාල්දේවි , Yarl Devi Train.

1st class Booking seats = 144 ( 2800/= )
2nd class Booking seats = 100 ( 1900/= )

කන්කසන්තුරේ station = 1.40 pm
යාපනය station = 2.00 pm
කොළඹ කොටුව station = 9.20 pm
ගල්කිස්ස station = 9.50 pm

🚆 4018 Vavniya Intercity Train.

1st class Booking seats = 104 ( 3200/= )
2nd class Booking seats = 64 ( 2500/= )
3rd class Booking seats = 90 ( 1800/= )

කන්කසන්තුරේ station = 5.40 pm
යාපනය station = 6.16 am
කොළඹ කොටුව station = 1.23 pm

🚆 4090 Jaffna Night mail Train.

1st class Booking seats = 144 ( 3200/= )
2nd class Booking seats = 100 ( 2200/= )

කන්කසන්තුරේ station = 6.55 pm
යාපනය station = 7.32 am
කොළඹ කොටුව station = 4.40 am

🚅 Book කරන්නේ නැතුව යන්න පුලුවන් 2nd & 3rd class පෙට්ටිත් මේ Train වල තියෙනවා..

02. නවතින තැන් 🏠️

අපි station eke සහ නාගවිහාරේ නැවතුනේ.. ( අනිවා යන්න කලින් book කරන් යන්න )

• Jaffna station 021-2222271

Double AC room 2500/= තත්වය හොදටම හොදයි. ( පහල video eke තියෙනවා )

• නාගවිහාර විශ්‍රාම ශාලාව 021-2222014

04 දෙනෙක් ඉන්න AC room 3500/=

( AC rooms තියෙන්නේ පන්සල ඇතුලේ නිසා quality eka normal rooms වලට වඩා හොදයි , අනික කෑම කඩ වගේම Town , station එකට පයින් යන දුර නිසා මේක තමා හොදම තැන )

පන්සලේ පොඩි හාමුදුරුවෝ එක්ක කතා කරාම යාපනේ ඉතිහාසේ ඉදන් වර්තමාන තත්වය ගැනත් හොද Idea එකක් ගන්න පුලුවන්.

03.Transportation 🚐 🛵

• station එකෙන් එලියේ Van hire එකට ගන්න තියෙනවා ඒත් කලින් book කරන් යන එක තමා හොද , අනික ත්‍රීවීලර් පට්ට ගනන්

බස් වල යන්න පුලුවන් , හැබැයි නිතරම bus නැති නිසා ගොඩක් වෙලාව නිකන්ම නාස්ති වෙනවා..

• 🛵 Motor bicycle / Scooty Rent එකට ගන්න පුලුවන් Yarl Hostel eke balanna 0777204847

• 🚐 Van නම් Yarl Tours කතා කරගන්න - Rajeew 0777903090

( මං ගොඩක් van වලට කතා කරා , ඒත් මෙයාගේ තමා මට set wune , KDH with AC - 09 seats , තමන්ට යන්න ඕන කරන විදියට route eka කතා කරගන්න පුලුවන්.. )

අපි 🚐 ගියේ ⬇️

Jaffna - Museum - Nallur temple - Manthirimanai - Raja Veethy red soil area and vegetable fields - Nilawarai bottomless well - Point Pedro (light house & jetty) - Sakkottai cape (Nothern most point of Sri Lanaka) - Lunch at Valvettithurai / KKS Thalsevana - Thondamanaru bridge - KKS beach - Keerimalai pond - Dambakolapattuna - Kathurugoda - Jaffna (Fort, Library, Market)

(110 km ) සිංහල පුලුවන් Drive inne , Call කරලා කතා කරගන්න..Highly recommending 💯

04. කෑම කන්න Hotels 🍱

• නාග විහාරේ ඉස්සරහම තියන vegetarian හොටෙල් එකේ තෝසේ තියනවා හැම ජාතියෙන්ම ( සුපිරි 😋 )

• නාගවිහාරේ ඉස්සරහ Hotel එක ලග ඉදන් 200m යද්දී Lanka Hotel තියෙනවා , ඒකේ දවල්ට , රෑට Rice & curry , ඉට්ලි , ඉදිආප්ප , Fried rice තියෙනවා. ( ගානත් අඩුයි )

• Town eke Malayam cafe එකෙන් Breakfast ගන්න , ඒකේ වෙනමම ගතියක් තියෙනවා.

• කන්කසන්තුරේ නම් තල් සෙවන Restaurant eke කෑම හොදටම හොදයි.. 🏚️ නැත්නම් ඒ හරියෙදි කන්න ඕන වුනොත් කන්කසන්තුරේ station එක පහු කරපු ගමන් තියන සයිවර් කඩේ Fried rice එක shape.. ( නැත්නම ආයේ ලගපාත් කඩ නෑ )

• Jaffna වලදී නිතරම බොන්න වතුර කඩෙන් ගන්න වෙන නිසා බෝතල් අරං ගියත් පාඩු නෑ.

05. Jaffna Visiting Places 🕉️

• යාපනේ කොටුවට 6.00 pm පස්සේ ඇතුල් වෙන්න බෑ.

• යාපනේ Library බලනවනම් 4.30 - 5.30 pm අතරේ යන්න.

• Jaffna Market 8.00 pm වෙනකම් වගේ තමා active..

• අපි Jaffna ගියපු Train journey 🚅 , අනික් දවසේ Yarl Tours Van එක්ක ගියපු හැම තැනක්ම 🕉️ , Jaffna station rooms , 🏠️ Hotels ඔක්කොම පහල link video eke තියෙනවා , බලලා idea ekak ගන්න & යාපනේ Market eke ඇතුල තියෙනවා..

🔆 බබා එක්ක යන නිසා මං හොදට , හොයලා plan කරලා ගියේ , ඒ නිසා කිසි awlak වුනේ නෑ , ඔක්කොම perfect..

🔆 එහේ මිනිස්සු එක්ක කතාබහ කරන්න language අවුලක් නෑ , අනික පිටරටක් නෙමෙයිනේ 🇱🇰 මිනිස්සුනේ ඔක්කොම කෝමත්..

🎦 link eken Video එක බලලා idea එකක් aran yanna 💯 Good luck 👍

0. to 3.52 = Train journey
4.00 = Jaffna station Rooms
4.26 = නාගවිහාරය
4.55 = Jaffna Museum / Nallur kovil
5.20 = Rio Ice Cream
5.45 = සංගිලි රජතුමාගේ මන්දිරය
7.01 = Red soil Vegetable farms 🚜
7.20 = නිලාවර් ලිද
8.24 = To පේදුරු තුඩුව 🇱🇰
8.54 = 🇱🇰 උතුරු කෙලවර sakkotei cape
9.34 = කන්කසන්තුරේ / කීරිමලේ පොකුණ
9.55 = දඹකොල පටුන / Beach
11.18 = යාපනේ කොටුව
13.10 = Jaffna Market
14.32 = Malayan Cafe 🍱
14.50 = Jaffna City
15.30 = Back to Colombo

🎥 Video link - https://youtu.be/k37grYxDCJw

• ජය ✌ 🇱🇰 ❤️

📝 Ruwan Sameera Mallawa Arachchi.

Address


Telephone

+94774168695

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Dream Paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Dream Paradise:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share