Kirage Hakkalama

  • Home
  • Kirage Hakkalama

Kirage Hakkalama The journey changes you; it should change you. It leaves marks on your memory, on your consciousness, on your heart, and on your body. Just love TRAVEL

You take something with you. Hopefully, you leave something good behind.

12/02/2024

Love one Wheels Motor show 2024 | Katukurunda Race cross 🇱🇰

බොලා හොයන අපේ යකා 👹🚖


Weligama 🍃:::
02/02/2024

Weligama 🍃
:
:
:

31/01/2024

යඅලුවෝ : ඇයි බන් උබ ගමේ ගියාම ආයේ කොළඹ එන්නේ නැත්තෙ?

ඒ ගම : 😎🤘


🛑 Subscribe Kirage Hakkalama on YouTube 👇

https://youtube.com/

🛑 Follow kirage Hakkalama on TikTok 👇

https://www.tiktok.com/?_t=8awBK5F8vAX&_r=1



Just a bit of adrenaline to start the week the right way 😊📸 Nicholas Scalabrino with Cornelia Mihai  purewildflight     ...
09/01/2024

Just a bit of adrenaline to start the week the right way 😊
📸 Nicholas Scalabrino with Cornelia Mihai

purewildflight Squirrel Cookie Helmets Para Gear

01/01/2024

-වසර ඉවර උනාට ගමන ඉවර නෑ-

පුරුදු තරඟයක් මැද , හිතවත් අහිතවත් මිනිස්සුන් එක්ක , හිත සුවපත්ව, ලස්සන ගමනක් යන්න ලැබෙන සුබ නව වසරක් වෙන්න පතමු!


May this new year will inspire your bucket list and get you day dreaming about your next adventure. Cheers Travelers!🖤🍃
31/12/2023

May this new year will inspire your bucket list and get you day dreaming about your next adventure.

Cheers Travelers!🖤🍃

Do what you love and Rename the world as you wish | cheers mountain lovers. It’s world mountain day ⛰️🖤🍃
11/12/2023

Do what you love and Rename the world as you wish
| cheers mountain lovers. It’s world mountain day ⛰️🖤🍃

ඇවිදින්න පුලුවන් උපරිම ඇවිදින්න . කාමර මොඩ්ල් එකක් වෙන්න එපා
04/12/2023

ඇවිදින්න පුලුවන් උපරිම ඇවිදින්න . කාමර මොඩ්ල් එකක් වෙන්න එපා

09/11/2023

හැම විදිහෙම වාහන, හැම විදිහෙම පදිකයො මැද ,
අහස උසට නැගුණ ගොඩනැගිලි වලින් දෙපැත්තෙන්ම මායිම් උන වීදී මැද,
නගරයේ කලබලකාරී පැය කිහිපයක උනත්,
නිවෙන්න පුලුවන් තැන් ඇති 🌷🍃🏙

🛑 Subscribe Kirage Hakkalama on YouTube 👇

https://youtube.com/

🛑 Follow kirage Hakkalama on TikTok 👇

https://www.tiktok.com/?_t=8awBK5F8vAX&_r=1



👍
02/11/2023

👍

Sri Pada via Deraniyagala- Udamaliboda Trail  👣🌳⛈🐘🐆🍃______________________________________උඩමාලිබොඩ  වනගත මාර්ගයෙන් අවාර...
05/10/2023

Sri Pada via Deraniyagala- Udamaliboda Trail 👣🌳⛈🐘🐆🍃
______________________________________

උඩමාලිබොඩ වනගත මාර්ගයෙන් අවාරේ සිරිපා කරුණාව 🙏

මේ වතාවේ අවාරේ ගමන මහ වනන්තරේ තියන සුන්දරත්වය වගේම බිහිසුණු බව හොඳින්ම අත්විඳි ගමනක්. සිරිපා කරුණාකරන්න තියන වනගත මාර්ග වලින් එක් දුෂ්කරම මාර්ගයක් විදිහට සැලෙකෙන උඩමාලිබොඩ කැලෑ පාර අවාරේ ගමන් කරන කෙනෙක්ට අමුතුම අත්දැකීමක්. අඩවියේ මහා වනාන්තරය මැදින් ඇදෙන ගමන තරමක් බයංකර වන්නේ මනුෂ්‍ය පුළුටක් පේන්න නොමැති මහා වනය මැදින් ගමන් කිරීමට සිදුවීම නිසාය. පංදෙනිය ඔය අසලින් වනාන්තරයට විවර වෙන මේ ගමන අතරතුර මාගල් ගඟ, මහ ඔය සහ කුරුගඟ ඇතුලු සැලකිය යුතු ප්‍රමාණයක් දොල පාරවල් හමුවීම අනෙකුත් මාර්ග වලට වලට වඩා ඇති විශේශත්වයක්. කූඩලු ප්‍රහාර වලින් අඩුවක් නැති මේ ගමන
අඩුම වශයෙන් පැය 12ක් වත් වැය වෙන දීර්ඝතර ගමනකි.

මාලිබොඩ මාර්ගය සම්බන්ධ වන්නේ කුරුවිට එරත්න මාර්ගයේ මැද හරියකට. එතැනින් ඉහලට නැගගොස් රත්නපුර මාර්ගයට සම්බන්ධ වෙනවා.
උදෑසනම උඩමාලිබොඩින් පටන් ගැනීම සිදු නොකළහොත් ගමන අපහසු වෙනවා මෙන්ම පලවෙනි දවස තුලම කොරසනෙලුව පසුකොට මැදහින්න වෙත ගමන් කිරීමට හැකි උනොත් වනාන්තරය මැද නතර වීමේ ඇති අවධානම මග හරවා ගත හැකි. මක් නිසාද යත්, කළුවර වැටෙන්නට මත්තෙන් මහා වනයෙන් එලියට යන්නට නොහැකි වුවොත් අනෙක් මාර්ග වල මෙන් නිවැරදි ව සලකුණු කරන ලද සටහන් මෙම මාර්ගයේ නැති නිසාවෙන්.

මහා වනාන්තරය පිලිබඳව ඉතා හොඳ අවබෝධයකින් සහ විමසිල්ලෙන් ගමන් ගන්නා අත්දැකීම් වලින් හෙබි නඩයකට ඒ ගුප්ත පරිසරය මැදින් කෙරෙන මේ කරුණාව තවත් එක් අද්විතීය අත්දැකීමක් වනු ඇත.
__________________________________

පා සටහන් පමනක් ඉතිරි කර මතකයන් සහ රැගෙන යන සියලු දේවල් නැවත රැගෙන එන්න.

_KIRA ✍️_
:
:
:
Kirage Hakkalama

https://youtube.com/?si=FXz6dlEOVtjyBmeD

World Tourism Day 2023 | Tourism & Green Investment ________________________________________සංචාරක කර්මාන්තයේ අනාගත ප්‍ර...
27/09/2023

World Tourism Day 2023 | Tourism & Green Investment
________________________________________

සංචාරක කර්මාන්තයේ අනාගත ප්‍රවර්ධනය උදෙසා ආයෝජනයේ ඇති වටිනාකම හඳුනාගනිමින් ලෝක සංචාරක දිනය තුලින් ඒ සඳහා ප්‍රමුකතාවයක් ලබා දීමට මෙවර UNTWO කටයුතු කර තිබේ.

මෙවර තේමාව යටතේ ප්‍රධාන වශයෙන් concept තුනක් අන්තර්ගත වේ.

1. Investing in People ( Investing education & Skill)

ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් තුලින් තිරසාර සංචාරක ක්ෂේත්‍රයන් උදා කර ගැනීමේ අරමුණ ඇතිව කාන්තාවන් ඇතුලුව සියලුම දෙනාට අධ්‍යාපන සහ කුසලතා සංවර්ධනය සඳහා ආයෝජනය කළ යුතු බව මින් අවධාරණය කරයි. ග්‍රාමීය, දුශ්කර පලාත් වල ජීවත් වන පිරිස් වලට, තරුණ තරුණියන් මෙන්ම ස්වයං රැකියා වල නිරත වන කුඩා ව්‍යාපාරිකයන්ට සංචාරක කර්මාන්තය ඉතා හොඳ ප්‍රවේශයක් වන නිසාවෙන් ඔවුන් තව තවත් දිරිගන්වමින් ඔවුන්ට සංචාරක ක්ෂේත්‍රය තුල ඉතා හොඳ අවස්ථාවන් ලබාදීම සඳා මෙම ආයෝජනය සිදු කල යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

2. Investing in planet (Supporting Tourism's green transition)

පෘථිවියට පමණක් නොව සංචාරක කර්මාන්තයට පවා හරිත ලෝකයක අවශ්‍යතාව ඇති අතර මෙම සන්දර්භය තුල හෝටල් ක්ෂේත්‍රයට විශාල කාර්‍යභාර්යක් පැවරී තිබේ. තව දුරටත් සංචාරක ක්ෂේත්‍රය තුල පරිසරයට සහ දේශගුණයට හිතකාමී යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම වායුගෝලයට මුදාහැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කරලීම සඳහා නව විසඳුම් සහ නවීන තාක්ෂණය සඳහාද ආයෝජනය කිරීමේ අවශ්‍යතාව මින් මතුකර දක්වයි.

3. Investing in prosperity ( Fostering innovation and Entrepreneurship)

ව්‍යවසායකත්වයට අනුබල දෙන සහ නවෝත්පාදනය සඳහා විවෘත වන අවස්ථාවන් ලබා දෙන වැඩසටහන් කෙරෙහි ආයෝජන මට්ටම ඉහළ නැංවීම ගෝලීය අවශ්‍යතාවක් ලෙස මෙයින් සැලකේ. UNWTO හි ගෝලිය වාර්තාවන්ට අනූව සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින්නවුන්ගෙන් 54% ක් කාන්තාවන් වන අතර කාන්තා සවිබලා ගැන්වීම මූලිකම සංරචකයක් ලෙස පෙන්වා දේ.
ඒ අනූවා ඩ්ජිටල්කරණයත් සමග ව්‍යවසායකයන් සුරකිමින් ඒ සඳහා වන ආයෝජනයන් ශක්තිමත් කිරීම සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්මට හේතු වනු ඇත.

Tourism & Green Investment යන තේමාව ඇතිව මෙවර ජාත්‍යන්තර සංචාරක දිනය සැමරෙන්නේ මෙම කරුණු වල ඇති වටිනා බව සාකච්ඡාවට ගනිමින්. ශ්‍රී ලංකාව වැනි සංචාරක ආකර්ශනය දිනාගත් රටක ඉහත කී ක්ෂේත්‍රයන් සඳහා කළ යුතු ආයෝජනයත් එමගින් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වන සියල්ලන්ට සැලසෙන යහපත අතිමහත්‍ ය. විශ්මයජනක වූ හරිත පරිසරයකට මෙන්ම වටිනා සම්ප්‍රදායකට උරුමකම් කියන ශ්‍රී ලංකාව ශක්තිමත් ආයෝජනයක් යටතේ ඉහත කී සියලු ක්ෂේත්‍රයන් ජය ගැනීමට හැකි පසුබිමක් සහිත රටක් බව අප සිහි තබා ගත යුතුයි.
📝kira…

23/09/2023
C E Y L O N  🇱🇰 Off peak Adam's peak trail__________________Kirage Hakkalama__________________                          ...
22/09/2023

C E Y L O N 🇱🇰
Off peak Adam's peak trail

__________________
Kirage Hakkalama
__________________






🇱🇰

14/09/2023

කාලාන්තරයක් ගෙවී පැරණි වූ මේ කඳු මුදුන් , ගහ කොළ සහ පොළව අපිට කියන කතා බොහොමයි.

ඒවා ඇසීම පිනිස අපි ඔවුන් වෙත යා යුතුයි !
:
:
:


Ramayana Trails, තවත් පුරුකක් | කනවිද්දාගල  🏔👣🍃Video 👇https://youtu.be/Y2CsrIp1E9M?si=8b0x-YH3GrJZH-8q__________________...
09/09/2023

Ramayana Trails, තවත් පුරුකක් | කනවිද්දාගල 🏔👣
🍃
Video 👇
https://youtu.be/Y2CsrIp1E9M?si=8b0x-YH3GrJZH-8q

_____________________________________
Kirage Hakkalama

කනවිද්දාගල කියන්නෙ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටලා තියන නුවර දිස්ත්‍රික්කයට අයත් එක ත්‍රාසජනක වගේම මෑතකදී ටිකක් ජනප්‍රිය උන වෙනස්ම විදිහෙ ස්වභාවික පිහිටීමක් ගත් කන්දක්.

පුරාවෘත්තයට අනුව, රාම දෙවියන්ගේ බිරිඳ සීතා පැහැරගෙන ගිය පසු, රාවණා රජු ඇයව යහන්ගලට නුදුරින් තියන පර්වතයක් මත තබා යහන්ගල සිට ඊතලයක් විද ඇති බවත් එය සීතාගේ කන පසුකර ගිය බවත් පැවසෙනවා. ඒ නිසා මේ පර්වතය කනවිද්දගල ලෙස නම් බැඳී පසුකාලීනව කනවිද්දාගල ලෙස හැඳින්වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක Rawana Trails වල තවත් එක පුරුකක්.

ගමන හරි සුන්දර එකක් වෙන්නේ යහන්ගලට යන මාර්ගයත් , කෙහෙල්පත්දෝරුවත් පහු කරන් ගිහින් කනවිද්දගලට ලඟා වෙන නිසාවෙන්. යහන්ගල කිව්වම ඉතින් කඳු නගින අලි අපිට අමතක කරන්නම බෑනේ. ගමන අතරේ අලි යාලුවෝ කිහිප දෙනෙකුත් අපිට දැක ගන්න පුලුවන් උනා. කෙසෙල් ගහක අත්තක හැඩේ ගන්න නිසා ඒ නම ලැබුනු කෙහෙල්පත්දෝරුවත් පහු කරන් කණවිද්දගලට අපි ලඟා උනා. පිහිටි ගල් වලට පරිස්සමෙන් වාරු වෙලා මුදුනට නැග්ගට පස්සෙ හාත්පස පරිසරය හරි සුන්දරව විඳගන්න පුලුවන්. මහියංගනය ගම්මානය , රන්‍දෙනිගල සහ රන්ටැඹේ වේල්ලත් දැක ගැනීමට හැකි. මීදුමෙන් වටකරගත් වෙලාවකනම් ඒ හැඟීම විස්තර කරන්නට ඔබ අපොහොසත් වෙවී.
__________________________________

පා සටහන් පමනක් ඉතිරි කර මතකයන් සහ රැගෙන යන සියලු දේවල් නැවත රැගෙන එන්න.

|පරිසරයේ සුන්දරත්වය විඳගත් ලෙසින්ම එයට කලගුණ සැලකීමට ත් අපි නිහතමානී වෙමු!

▶️ Expect the video in the future
🛑 https://youtu.be/Y2CsrIp1E9M?si=YXqe6xILPjDL4F3N

_KIRA_ ✍️


04/09/2023

අය්යෝ හිනා යනවනේ😂

03/09/2023

Ramayana Trails, තවත් පුරුකක් | කනවිද්දාගල 🏔👣
🍃Full video👇
🛑 https://youtu.be/Y2CsrIp1E9M?si=1vjyvgFoadVsGRlU

_____________________________________
Kirage Hakkalama

කනවිද්දාගල කියන්නෙ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටලා තියන නුවර දිස්ත්‍රික්කයට අයත් එක ත්‍රාසජනක වගේම මෑතකදී ටිකක් ජනප්‍රිය උන වෙනස්ම විදිහෙ ස්වභාවික පිහිටීමක් ගත් කන්දක්.

පුරාවෘත්තයට අනුව, රාම දෙවියන්ගේ බිරිඳ සීතා පැහැරගෙන ගිය පසු, රාවණා රජු ඇයව යහන්ගලට නුදුරින් තියන පර්වතයක් මත තබා යහන්ගල සිට ඊතලයක් විද ඇති බවත් එය සීතාගේ කන පසුකර ගිය බවත් පැවසෙනවා. ඒ නිසා මේ පර්වතය කනවිද්දගල ලෙස නම් බැඳී පසුකාලීනව කනවිද්දාගල ලෙස හැඳින්වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක Rawana Trails වල තවත් එක පුරුකක්.

ගමන හරි සුන්දර එකක් වෙන්නේ යහන්ගලට යන මාර්ගයත් , කෙහෙල්පත්දෝරුවත් පහු කරන් ගිහින් කනවිද්දගලට ලඟා වෙන නිසාවෙන්. යහන්ගල කිව්වම ඉතින් කඳු නගින අලි අපිට අමතක කරන්නම බෑනේ. ගමන අතරේ අලි යාලුවෝ කිහිප දෙනෙකුත් අපිට දැක ගන්න පුලුවන් උනා. කෙසෙල් ගහක අත්තක හැඩේ ගන්න නිසා ඒ නම ලැබුනු කෙහෙල්පත්දෝරුවත් පහු කරන් කණවිද්දගලට අපි ලඟා උනා. පිහිටි ගල් වලට පරිස්සමෙන් වාරු වෙලා මුදුනට නැග්ගට පස්සෙ හාත්පස පරිසරය හරි සුන්දරව විඳගන්න පුලුවන්. මහියංගනය ගම්මානය , රන්‍දෙනිගල සහ රන්ටැඹේ වේල්ලත් දැක ගැනීමට හැකි. මීදුමෙන් වටකරගත් වෙලාවකනම් ඒ හැඟීම විස්තර කරන්නට ඔබ අපොහොසත් වෙවී.
__________________________________

පා සටහන් පමනක් ඉතිරි කර මතකයන් සහ රැගෙන යන සියලු දේවල් නැවත රැගෙන එන්න.

|පරිසරයේ සුන්දරත්වය විඳගත් ලෙසින්ම එයට කලගුණ සැලකීමට ත් අපි නිහතමානී වෙමු!

_KIRA_ ✍️


Address


Telephone

+94765542300

Website

Alerts

Be the first to know and let us send you an email when Kirage Hakkalama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kirage Hakkalama:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share