Ceylon Tourism Friends

  • Home
  • Ceylon Tourism Friends

Ceylon Tourism Friends Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Tourism Friends, Tourist Information Center, .

අවුකන බුදු පිළිම වහන්සේ නෙළු බරණ ගල් වඩුවාගේ කතාව..!සමභංග ඉරියව්වෙන් යුත් විශාලම හිටි බුදු පිළිම පහක් ශ්‍රී ලංකා‍‍‍‍‍‍වේ...
13/03/2024

අවුකන බුදු පිළිම වහන්සේ නෙළු බරණ ගල් වඩුවාගේ කතාව..!

සමභංග ඉරියව්වෙන් යුත් විශාලම හිටි බුදු පිළිම පහක් ශ්‍රී ලංකා‍‍‍‍‍‍වේ වෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැවට බටහිරින් අවුකන ග‍‍‍මේ කලා වැව දෙසට මුහුණලා නෙලා ඇති අවුකන බුදු පිළිමය ඉන් එකක් ලෙස දැක්විය හැක.දිවයිනේ බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ වැවත් දාගැබත් වෙනුවට වැවත් බුදු පිළිමයත් ය. දාගැබ හෝ බුදු පිළිමය මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුවත් වැව ‍ලෞකික දියුණුවත් සංකේතවත් කරයි. ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ අවුකන බුදු පිළිම වහන්සේ ගැන නොදන්නා වටිනා කරුණු ටිකක්‌ හා අවුකන බුදු පිළිම වහන්සේ නිර්මාණය කර පුද්ග්ලයා ගැන සැගවුණු තොරතුරු ගැනයි.ඔබත් මේ ගැන දැනගන්න මේ වටිනා ලිපිය කියවන්න.මහාවංශයේ දැක්වෙන පරිදි, ක්‍රි. ව. 459 – 477 කාලයේ රජ කල ධාතුසේන රජතුමා විසින් අවුකන ප්‍රතිමාව නිමවා තිබේ.

ධාතුසේන රජතුමාගේ විශිෂ්ඨතම නිර්මාණයක් වූ කළා වැවට බටහිරින් අවුකන ප්‍රතිමාව පිහිටා ඇත. මෙය නිමවූ ගල්වඩුවා “බරණ” නැමැත්තෙකු බවත්, ඔවුනට ගල්වඩු ශිල්පය ඉගැන්වීමට අවකන් දේශයෙන් ශිල්පියෙකු පැමිණි බවත්, එහෙයින් මෙම ප්‍රතිමාව “අවුකන” ලෙස ප්‍රසිද්ධ වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. බරණගේ දක්ෂතාවය ගැන පැහැදුණු ධාතුසේන රජතුමා, ඔහුට ගම්වරයක් තෑගි දී තිබෙන අතර එය “ ගල්වඩුවාගම ” නමින් අදත් දක්නට ඇත. අවුකන පිළිම වහන්සේ නෙළීම සම්බන්ධයෙන් නොයෙකුත් පුරාවෘත ඉතිහාසයේ සඳහන් වෙන අතර, ඉන් වඩාත් ප්‍රචලිත වන්නේ, ගුරු – ගෝල තරඟයක ප්‍රතිඵලයක් ලෙස “අවුකන” නිර්මාණය වූ බවයි.

සුවිශේෂී විස්තර-ලොව සුපතල අවුකන පිළිමය පිහිටි කළු ගලක නිර්මාණය කරන ලද හිටි පිළිමයකි. මෙම ප්‍රතිම වහන්සේ උසින් අඩි 38 අඟල් 10 කි. සිරස් පත සමඟ උස අඩි 42 අඟල් 6 කි. පිළිමය පාමුල අලංකාර පද්මාසනයක් අති අතර, පද්මාසනයේ සිට සිරස් පතට ඇති මුළු උස අඩි 46 අඟල් 4 ක් ලෙස ගණන් බලා ඇත. මේ සුවිසල් ප්‍රතිමාවේ ඇති සුවිශේෂ ලක්ෂණයක් නම්, එහි සිරසට වැටෙන ජලය නාසය දිගේ ගලාගෙන විත් පහළ සිරිපතුල් දෙක අතර මැද ඇති සළකුණක් මතට වැටීමයි.

මෙයින් පෙනී යන්නේ, මේසා විශාල ශෛලමය ප්‍රතිමාවක් වුවද එය ලම්බකව, සමබරව, සෘජු ලෙස නෙලීමට තරම් බරණ ගල් වඩුවා සමත් වී ඇති බවයි. එය, හෙළ කලා කරුවාගේ විශ්මිත කලා කුශලතාවය මැනවින් ලොවට කියාපාන කදිම සාධකයකි.කිසියම් කලා නිර්මාණයක් ජනතාවගේ වින්දනයට නොගැලපේ නම්, එය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇත. එනිසා ඒ සඳහා යොදා ගන්නා අංගෝපාංග නියමාකාරයෙන්ම යෙදිය යුතුය. මේ හේතුව නිසා පුරාණයේ සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් බුද්ධ ප්‍රතිමාව උසස් තැනක් ගන්නා ලදී. එහිදී පුජනීයත්වය මෙන්ම සුන්දරත්වයද එකට කැටි කර ඇති අයුරු අවුකන ප්‍රතිමා වහන්සේ තුළින් විද්‍යාමාන වේ.

දෙතිස්මහාපුරුෂ ලක්ෂණ-ප්‍රතිමාවක් තුළින් එම පුද්ගලයාගේ බාහිර ස්වරුපය පමණක් නොව ආධ්‍යාත්මික ස්වරුපයද නිරුපනය කල යුතුය. සාමාන්‍ය මනුෂ්‍යයකු නොවන බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ කෙසේනම් ප්‍රතිමාවක නිරුපනය කරන්නද? මෙහිදී බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ සංකේතවත් කරන දෙතිස්මහා පුරුෂ ලක්ෂණ විදහා දැක්විය යුතුය. මෙයින්, බාහිරව දැකිය හැකි මහා පුරුෂ ලක්ෂණ පහළොවක් පමණ අවුකන ප්‍රතිමාව තුළ දැකිය හැකිය.

ඒවා නම්, සුපුහුටි පාද, දික් විලුඹ, දික් ඇඟිලි, දැල් කවුළුවක් බඳු අත්-පා, මත්තෙහි ගොප් ඇටය, ඕලු මුවන්ගේ බඳු කෙණ්ඩා, සෘජුව තිබෙන්නාවූ ගාත්‍රා, පිරි තිබෙන්නාවූ දෙඅතුල් / දෙපතුල් / දෙඅස්න්කූඨ පිටිකර ඇති බව / සිංහයෙකුට බඳු වූ ඌර්වකාය / පිට රන් ඔරුවක් වැනි අන්තාරාංගයක් ඇති බව / රන් බෙරයක් සේ සමව වටවූ ග්‍රීවා ඇති බව / සිංහයකු සේ සමව වටව සිටිනාවූ හනුභාග ඇති බව / ඌර්ණ රෝම ධාතුව / උණහිස්සිස ලක්ෂණ සහ දීර්ඝ වූ අත් ඇති බව වේ.මිට අමතරව තවත් වැදගත් ලක්ෂණ කිහිපයක් අවුකන ප්‍රතිමා වහන්සේගේ දක්නට ලැබේ. සිරුරේ බර දෙපා වලට සමසේ බෙදී යනසේ අවුකන පිළිමය සමංගභාග ක්‍රමයට ඉඳි කර ඇත. වම හස්තය උරහිස මට්ටමට ඔසවාගෙන සිටින අයුරින් නිර්මාණය කර අති මුද්‍රාව “ කටක”මුද්‍රාව වන අතර, අකුණු හිතන් “අභය” මුද්‍රාව නිරූපනය වේ.

බුදු පිළිම නෙලීම කවදා කොතන දී ආරම්භ වුයේදැයි නිශ්චිතව කිව නොහැක. බෞද්ධ සහිත්‍යය හා පුරා විද්‍යාව ට අනුව ක්‍රි.පූ. පළමු හෝ දෙවන සියවස් වලදී බුද්ධ ප්‍රතිමා නෙලීම ආරම්භ වී ඇත. එහෙත් මේ කාලයේ ප්‍රතිමා නෙලූ ශිල්පින් බුදුන් වහන්සේ සියසින් දැක තිබුනා විය නොහැක. එසේනම් මොවුන් බුද්ධ ප්‍රතිමා නෙළුවේ බුදුගුණ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදිය සිහිපත් කරගෙන විය යුතුය. කරුණු එසේ වී නම්, හෙළ කලා කරුවාගේ පරිකල්පනයේ අපුර්වත්වය පෙන්වන කදිම නිදසුනක් ලෙස අවුකන සහ රැස් වෙහෙර බුද්ධ ප්‍රතිමා දැක්විය හැකිය.

පිළිම ඉතිහාසය පිලිබඳ කතා-රැස් වෙහෙර ප්‍රතිමාව, සැස්සේරුව නමින්ද හඳුන්වන අතර අවුකන ප්‍රතිමාවට කිලෝමීටර 16 දුරින් පිහිටා ඇත. මේ පිළිම දෙක නිර්මාණය වීම සම්බන්ධයෙන් අපූර්ව කතාන්දර රැසක් ජනප්‍රවාදයේ ඇත. මේවා අතරින් වඩාත් ප්‍රචලිත එකක් වන්නේ, මෙකී පිලිම යුගලෙහි නිර්මාණකරුවන් දෙදෙනා ගුරා සහ ගෝලයා බවත්, ගුරා ‍රැස් වෙහෙර පිලිමයත්, ගෝලයා අවුකන පිලිමයත් නෙලීම ආරම්භ කර ඇති බවත් වේ. පලමුව පිලිමය නිමවන තැනැත්තා, “හූවක්” තැබීම මගින් අනෙකාට ඒ බව සැලකල යුතුවිය. කෙසේ උවත් ‍රැස් වෙහෙර පිලිමය නෙලමින් සිටි ගුරාට තම ගෝලයාගේ “හූ” හඩ ඇසීමෙන් තමා පරාජයට පත්වූ බව හැගී, එම සිත් තැවුලෙන්ම පිලිමය නෙලමින් සිටි පර්වතයෙන්ම පැන සියදිවි නසා ගත් බවත්ය.ඒ කෙසේ වෙතත්, අවුකන ප්‍රතිමාවට වඩා බෙහෙවින් ප්‍රාථමික ලක්ෂණ රැස් වෙහෙර ප්‍රතිමාවේ දක්නට ලැබේ. අනෙක් අතට රැස් වෙහෙර හෙවත් සැස්සේරුව ප්‍රතිමාව වැඩ අවසන් කර නොමැත. එය අදත් දක්නට හැක්කේ ඒ අයුරින්මය.

අවුකන පිළිමය, පිහිටි ගල මතුකරමින් නිර්මාණය කර අති අතර, රැස් වෙහෙර පිළිමය, පිහිටි ගල හාරා ඒ තුළ නෙලා ඇත. රැස් වෙහෙර ප්‍රතිමාවේ බොහෝ ලක්ෂණ බාමියන් බුද්ධ ප්‍රතිමාවන්ට සමාන වේ. මේ නිසා රැස් වෙහෙර නිර්මාණය කල ගල් වඩුවා, එදා අවකන් දේශය නමින් හැඳින්වුණු බාමියන් රට හෙවත් ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි කෙනෙකු විය හැකි බව ඉතිහාඥයෝ පවසති.එසේ වුවත් මේ පිළිම දෙකම අපේ රටේ ඉතා වැදගත් ප්‍රතිමා දෙකක් ලෙස බොදු ජනතාවගේ වන්දනා මනයටත්, බුහුමනටත් නිතැතින්ම පාත්‍ර වේ. ඔබත් මේ පිළිමවහන්සේලා දෙඇසින්ම දැකගෙන තියෙනවාද? නැතිනම් හැකි වෙලාවක ගිහින් බලාගන්න, ලංකාවේ ආදී කාලයේ සිටි අනර්ඝ ශිල්පීන්ගේ වැඩ දැන් මුළු ලොවම පුදුමයට පත්කරද්දී ලංකාවේ අපිටත් පොඩි ආඩම්බරයක් දැනෙන එක ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ නේද?

උපුටා ගැනීම. අන්තර්ජාලයෙනි
ලිපියේ සහ ජායාරූපයේ අයිතිය මුල් හිමිකරු සතුය.🙏🇱🇰

11/02/2024

11/02/2024

Amazing Sri Lankan people..🙏🇱🇰♥️👇

13/01/2024

ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26,

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

ඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා නම්,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26

එය මෙසේ ද ලිවිය හැකිය.

A =1, B =2, C =3, D =4, E =5, F =6, G =7, H =8, I =9, J =10, K =11, L =12, M =13, N =14, O =15, P =16, Q =17, R =18, S =19, T =20, U =21, V =22, W =23, X =24, Y =25, Z =26.

දැන් අප මෙසේ බලමු.

කැපවීම....?
HARDWORK
H+A+R+D+W+O+R+K
8+1+18+4+23+15+18+11
98%

දැනුම....?
KNOWLEDGE
K+N+O+W+L+E+D+G+E
11+14+15+23+12+5+4+7+5
96%

ආදරය.....?
LOVE
L+O+V+E
12+15+22+5
54%

වාසනාව......?
LUCK
L+U+C+K
12+21+3+11
47%

කිසිවක් 100% සම්පූර්ණ නොමැත.

එසේනම්,
100% සම්පූර්ණ වන්නේ කුමක්ද?

මුදල්.....?
MONEY
M+O+N+E+Y
13+15+14+5+25
72%

නායකත්වය....?
LEADERSHIP
L+E+A+D+E+R+S+H+I+P
12+5+1+4+5+18+19+8+9+16
97%

නැත මේ කිසිවක් නොවෙයි....

නමුත් සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇත.
අපිට වෙනස් කරගත හැකි නම්,

ආකල්ප...?
ATTITUDE...
A+T+T+I+T+U+D+E
1+20+20+9+20+21+4+5
100%

සහ

විනය...?
DISCIPLINE
D+I+S+C+I+P+L+I+N+E
4+9+19+3+9+16+12+9+14+5
100%

ජීවිතය පිලිබඳව ඔබගේ පවතින ආකල්ප සහ විනය 100%ක් ම ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත...

ජීවිතයට ධනාත්මක සිතුවිල්ලක් ලබාගන්න...

✍️උපුටා ගැනීමකි .....

හැමෝටම බලන්න share කරන්න

මේ වගේ තැනක ජීවත් වෙන්න තිබුණොත් කොහොමද..? ♥️🙏
29/12/2023

මේ වගේ තැනක ජීවත් වෙන්න තිබුණොත් කොහොමද..? ♥️🙏

ඇයි අපේ රටේ මෙවැනි ස්ථානයන් ගොඩනැගීමට බැරි...😥👇මේ වගේ ලස්සන කොපමණ මුහුදු වෙරළවල් අපිට තිබෙනවද..👇
26/12/2023

ඇයි අපේ රටේ මෙවැනි ස්ථානයන් ගොඩනැගීමට බැරි...😥👇මේ වගේ ලස්සන කොපමණ මුහුදු වෙරළවල් අපිට තිබෙනවද..👇

24/12/2023








18/12/2023
The Ministry of Environment celebrated the International Mountain Day in the Manavakanda Environment Sensitive Area (ESA...
12/12/2023

The Ministry of Environment celebrated the International Mountain Day in the Manavakanda Environment Sensitive Area (ESA) premises. Restoring Mountain Ecosystems,” is the them of this year calls for nature-positive solutions, best practices and investments that build resilience of ecosystems and livelihoods, reduce vulnerability and increase the ability of mountains and their people to adapt to daily threats and extreme climatic events.
I was also able to participate in the said program as a resource person. After planting a native plant in the land where alien invasive plants were removed, climbing the 650 meter high Manawakanda summit and exploring the archeological site was a part of yesterday's programme.
Coped msg

10/11/2023

කැස්බෑවන් පැටව් විශාල ප්‍රමාණයක් මුහුදට මුදා හරින ඉතා දුර්ලභ වීඩියෝ එකක් ..❤🙏අයිතිය මුල් අයිතිකරු සතුයි..🙏❤👇

10/11/2023

හෝටන්තැන්න ජාතික උද්‍යානයට යන අතරතුරදී මෙවැනි සුන්දර දසුන් දැකිය හැක නමුත් වඩාත් ප්‍රවේශම් වන්න මෙය උපුටා ගැනීමකි. සම්පූර්ණ වීඩියෝ එකේ අයිතිය මුල් අයිතිකරු සතුයි...🙏❤👇

07/10/2023
                  Travel with wasantha medagoda +94773437676
27/09/2023


Travel with wasantha medagoda +94773437676

27/09/2023

27/09/2023

🇱🇰| Amangalla secures the 38th position on the prestigious list of The World’s Best 50 Hotels.👇ලොව හොඳම හෝටල් 50 අතරට ශ්...
23/09/2023

🇱🇰| Amangalla secures the 38th position on the prestigious list of The World’s Best 50 Hotels.👇

ලොව හොඳම හෝටල් 50 අතරට ශ්‍රී ලංකාවේ අමන්ගල්ල හෝටලය නම් කරයි.

2023 සඳහා ප්‍රකාශයට පත් කරන ලද ලොව හොඳම හෝටල් 50 ලැයිස්තුවේ 38 වන ස්ථානයට ගාලු කොටුවේ බලකොටුව තුළ පිහිටා ඇති අමන්ගල්ල හෝටලය තේරිපත්ව තිබෙනවා.

ඊයේ ලන්ඩනයේ ගිල්ඩාල් හි පැවති සජීවී සම්මාන උළෙලකදී ලොව හොඳම හෝටල් 50 ලැයිස්තුව ප්‍රකාශයට පත්වුණා. ප්‍රථම වරට ලෝකයේ හෝටල් ප්‍රජාව එකට එක් කරමින් ඔවුන් ඇගැයීමට ලක් කළ මෙම සම්මාන උළෙලේදී ලොව හොඳම හෝටල් ශ්‍රේණි ගත කර ඇත්තේ සංචාරකයන්ගේ අත්දැකීම්, ආගන්තුක සත්කාරය මෙන්ම ඒවායේ පිහිටීම ආදී නිර්ණායක කිහිපයක් පදනම් කර ගෙනයි. සංචාරකයන්ගේ මනාපය අනුව මාධ්‍ය ආයතන විසින් මින් පෙර ද මෙවැනි තේරීම් කර ඇතත් ලෝකයේ හෝටල් ප්‍රජාවම එක් වී සිදුකරන ලද පළමු ශ්‍රේණිගත කිරීම මෙයයි. මෙම ලැයිස්තුව තෝරා ඇත්තේ ලෝකය පුරා සිටින හෝටල් හිමිකරුවන් සහ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වාර්තා කරනු ලබන මාධ්‍යවේදීන් ඇතුළුව හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 580කින් සමන්විත The Academy නම් ඡන්ද මණ්ඩලයක් මගිනි.

මණ්ඩලය ලොව පුරා කලාප නවයකට බෙදා ඇති අතර ඒ සෑම එකක්ම ඇකඩමියේ සභාපතිවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ.
ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී, සාමාජිකයින් පසුගිය මාස 24 තුළ ඔවුන් නැවතී සිටි හොඳම හෝටල් හත මනාප අනුපිළිවෙලින් ලැයිස්තුගත කරයි.

මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ඉතාලියේ Passalacqua හෝටලය හිමිකරගෙන ඇති අතර දකුණු ආසියාතික රටවල් අතරින් මාලදිවයිනේ Soneva Fushi 7 වැනි ස්ථානයත්, Soneva Jani 36 වැනි ස්ථානයත් හිමිවී තිබුන අතර ඉන්දියාවේ අග්‍රා හි The Oberoi Amarvilas වෙත 45 වන ස්ථානය හිමිවී තිබුනා.

උපුටා ගැනීමකි.

සංචාරක කර්මාන්තයේ අප සහෝදරයෙක් වන ( Kumara Whale Watching)  මිරිස්සේ කුමාර මහතාගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වී ඇති බව ...
30/08/2023

සංචාරක කර්මාන්තයේ අප සහෝදරයෙක් වන ( Kumara Whale Watching) මිරිස්සේ කුමාර මහතාගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වී ඇති බව ඉතාමත් කණගාටුවෙන් දැනුම් දෙමි.🥺 අවසන් කටයුතු සැප්තැම්බර් මස 01, (සිකුරාදා) දින සවස 03.00 ට පවුලේ පොදු සුසාන භූමියේදී සිදු කරයි.

26/08/2023

Visit Sri Lanka 🇱🇰
Travel With Wasantha Medagoda +94773437676

Address


Telephone

+94773437676

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Tourism Friends posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Tourism Friends:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share