Sathwin Tours

  • Home
  • Sathwin Tours

Sathwin Tours Tour Agency
(2)

It's an unbeatable place to give you for more experience what you wish in your life with travelling and join with us to see the world through from the Sathwin miracle.

21/02/2024

Get your amazing Himachal tour package. 🔥

Rs.198,500/= 🤩🤩

Discover the stunning beauty of Shimla and Manali, nestled in the foothills of the Himalayas. Shimla, the 'Queen of Hills,' offers breathtaking views of snow-capped mountains, lush green valleys, and colonial architecture. Meanwhile, Manali, known as the 'Valley of Gods,' is a paradise for adventure enthusiasts with its thrilling trekking trails, skiing slopes, and river rafting opportunities. Come, experience the charm of these two magical destinations, and create unforgettable memories amidst nature's bounty.

Last minutes offer for 06 night / 07 day tour
🔹 Two nights in Delhi
🔹 Two nights in Shimla
🔹 Two nights in Manali

Includes,
🔹 Returan air ticket.
🔹 Accommodation in 3-star hotels.
🔹 Breakfast, Lunch, and Dinner for seven days.
🔹 Two water bottles per day.
🔹 Seven days air conditioning transport.
👀 With a guide

So, hurry up ❗❗ Book your tour package today 😍😍
Please call 🤙 025 222 4700 | 071 4298 801 | 0714298797


අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සිරිපා පහස ලද උතුම් දඹදිව පුණ්‍ය භූමි සියැසින් දැකබලා වැඳපුදා පිං රැස් කර සැබ...
06/02/2024

අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සිරිපා පහස ලද උතුම් දඹදිව පුණ්‍ය භූමි සියැසින් දැකබලා වැඳපුදා පිං රැස් කර සැබෑ වන්දනාවට එක්වන්න.

👉 ගුවන් ප්‍රවේශ පත්‍රය.
👉 ඉන්දියානු සහ නේපාල වීසා.
👉 රට අභ්‍යන්තර ගමන් කිරීම
සඳහා සුඛෝපභෝගී A/C බස් රථ.
👉 යාබද නාන කාමර සහිත
සුවපහසු නවාතැන්.
👉 ශ්‍රී ලංකීය ආහාර සහ බීමට
වතුර බෝතල්.
👉 සියළුම සිද්ධස්ථාන සඳහා
ඇතුළත්වීමේ ගාස්තු
(ටජ්මහල් හැර)
👉 සංචාරයේදී 30 kg ක් ගෙන යා
හැකි බෑගයක්, අත් බෑගයක් සහ
කුඩයක්.
👉 සම්පූර්ණ සංචාරයේ DVD තැටියක්.
👉 රුපියල් ලක්ශ 5ක් වටිනා හදිසි
අනතුරු රක්ෂණයක්.
👉 සියලු ලියකියවිලි කටයුතු අප
විසින් කරනු ලැබේ.
👉 පළපුරුදු මාර්ග උපදේශකත්වයක්
ඇතුළු තවත් බොහෝ දේ.

දින 14 චාරිකාව - 225,000/=
දින 16 චාරිකාව - 245,000/= (සාංචි සංචාරය සහිතව)

✈️🌎

Contact Us...
01/02/2024

Contact Us...

🔴 බැංකොක් ආසියාවේ නොනිදන නගරය🔴 රන් ආලේපිත අඩි 110ක සැතපෙන      පිලිමය (වට් පෝ)🔴 අරුණෝදයේ විහාරය (වට් අරුන්)🔴 රත්තරං ටොන්...
01/02/2024

🔴 බැංකොක් ආසියාවේ නොනිදන නගරය
🔴 රන් ආලේපිත අඩි 110ක සැතපෙන
පිලිමය (වට් පෝ)
🔴 අරුණෝදයේ විහාරය (වට් අරුන්)
🔴 රත්තරං ටොන් 5හේ සමාදි පිළිමය
(ගෝල්ඩන් බුද්දා)
🔴 දස ලක්ෂයකට එකවර භාවනා කළ
හැකි ලොව විශාලතම භාවනා
මධ්‍යස්ථානය
(ධම්ම කාය)
🔴 අයෝද්‍ය පුරාණ රාජදානිය ඇතුළු
ඓතිහාසික සිද්ධස්ථාන 03 ක්
නැරඹීම(වට් මෝවිට් / විට් යායි /
මොනකෝල් / විට් ශායි)
🔴 සෆාරි වර්ල්ඩ්
(ඔරන් ඔටන් මුහුදු සිංහයා ඩොල්ෆින්
මත්ස්‍යයින් අලි සංදර්ශනය කුරුලු
සංදර්ශනය ඇතුළු විශ්මිත බොහො දේ
🔴 සාප්පු සවාරි

තෝරා ගත හැක...

🔸 රාත්‍රී බෝජන සංග්‍රහයක් සමගින්
සුඛෝපභෝගි නෞකාවක සවාරියක්
🔸 සියම් නිරමිට් සංස්කෘතික සංදර්ශන
🔸 ඩ්‍රීම් වර්ල්ඩ්

✈️🌏

විශාලා මහනුවරබුද්ධකාලීන සොළොස්මහා ජනපද රාජ්‍යයන්ගෙන් ප්‍රබල රාජ්‍යයක් වූ වජ්ජි රාජ්‍යයෙහි අගනුවර විශාලා මහනුවර යි. අතීතය...
31/01/2024

විශාලා මහනුවර
බුද්ධකාලීන සොළොස්මහා ජනපද රාජ්‍යයන්ගෙන් ප්‍රබල රාජ්‍යයක් වූ වජ්ජි රාජ්‍යයෙහි අගනුවර විශාලා මහනුවර යි. අතීතයේ මෙහි වර්ධනය වූ අධික ජනගහනය හේතුවෙන් නගරය කිහිප වරක් විශාල කරවීම හේතුවෙන් විශාලා නම් වී යැයි සඳහන් වේ. මෙය පාලනය කළ රජදරුවන් සහ මිනිසුන් ලිච්ඡවීන් ලෙස හඳුන්වන්නේ සොඳුරු ඡවි වර්ණයක් ඇති පිරිසක් වූ නිසාවෙනි.

එවක භාරතයෙහි ක්‍රියාත්මක වූ ජනසම්මතවාදී ගණතන්ත්‍ර පාලනයක් පැවති වජ්ජි රාජ්‍යයේ, පාලන ව්‍යවස්ථාව වූයේ භාග්‍යවතුන් වහන්සේ වදහළ සප්ත අපරිහානීය ධර්ම යි. විශාලාව අගනුවර කර ගත් වජ්ජි රාජ්‍යය සමෘද්ධිමත් රාජ්‍යයක්ව පැවතුනි. එනමුත් එක් අවදියක දී වැසි නැතිව ගංගා සිඳී, කෙත්වතු වියැළී ගොස් දුර්භික්ෂ බිය ද ඒ හේතුවෙන් රෝග බිය ද උත්සන්න වූ අතර මියගියවුන්ගේ සිරුරුවලට අරක්ගත් අමනුෂ්‍යයන්ද නිසා තුන්බියකින් විශාලාව දැඩි සේ පීඩාවට පත් විය. මෙසේ විශාලා මහනුවරට තුන්බිය ඇති වූ පසු එය දුරු කර ගැනීම පිණිස, මහාලී ලිච්ඡවී රජු ප්‍රධාන දූතයෝ බිම්බිසාර රජු වෙත ගොස් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වඩමවා දෙන ලෙස අයැද සිටියහ.

බිම්බිසාර රජුගේ ද අනුග්‍රහය ඇතිව භාග්‍යවතුන් වහන්සේ වෙත ගිය රාජදූතයෝ තම නගරයෙහි තුන්බිය සන්සිඳුවා ගැනීම පිණිස වැඩමවන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළහ. දෙරටේ ම රජුන්ගේ අපමණ පුද සත්කාර මැද ශාස්තෘන් වහන්සේ විශාලාවට වඩිද්දී මේඝගර්ජනා සහිත වැසි ඇදහැලී නගරය පිරිසිදු විය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයාත්, දිව්‍ය සමූහයාත් පැමිණෙත් ම නගරයට අරක්ගෙන සිටි අමනුෂ්‍ය බලවේග පලා ගියහ. එහි දී තුනුරුවනේ අපමණ ගුණ කැටිකොට, කෙළ ලක්ෂයක් සක්වළ ආනුභාව පතුරා, කල්පස්ථායී ව රතන සූත්‍රය දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් කැඳවූ සේක. තථාගතයන් වහන්සේගේ ශෛලමය පාත්‍රයෙන් පැන් ගෙන, ලිච්ඡවී රාජ දරුවන් සමඟින් නගරයේ පවුරු පදනම් අතර රතන සූත්‍රය සජ්ඣායනා කරමින් ම පැන් ඉසින්නට නියම කළ සේක.

විශාලා මහනුවර තුන්බිය මුළුමනින් ම සමනය වී ගිය අතර ශාස්තෘන් වහන්සේ සතියක් මුළුල්ලේ රතන සූත්‍රය ම දේශනා කළ අතර දිනකට අසූහාරදහස බැගින් උතුම් මග ඵල නිවන් සාක්ෂාත් කළහ. භාග්‍යවතුන් වහනසේ සති දෙකක පමණ කාලයක් විශාලා මහනුවර වැඩසිටි අතර, එසේ වැඩසිටි පුණ්‍යභූමි ගණනාවක් විශාලාවේ හා ඒ අවට තිබේ. චාපාල චේතිය, ගෝතමක චේතිය, සාරන්දද චේතිය යන ආරාම ද කූටාගාර ශාලාව, අම්බපාලී උයන, ආනන්ද ථූපය හා වාළුකාරාමය ද ඒ අතර ප්‍රධාන වේ.

විශාලාව වර්තමාන ඉන්දියාවේ කුෂිනගර් සිට 171ණප දුරිනුත්, හාජිපූර් සිට 37ණප දුරිනුත් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට උස මීටර් 52කි. බිහාර් ප්‍රාන්තයේ උතුරු දෙසට වන්නට පිහිටි එය අද ‘වෛශාලී’ නම් කුඩා ගම්මානයකි. බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලය ගතකරන ලද්දේ විශාලාවේ බේළුව නම් ගමේ ය. ඒ බෞද්ධ ඉතිහාසයේ නටබුන් බොහොමයක් වර්තමාන වෛශාලියේ ‘කොල්හුවා’ නම් ප්‍රදේශයේ දක්නට ලැබේ.

කූටාගාර ශාලාව

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කළ අවස්ථාවන්හී වැඩි කාලයක් වැඩහුන් කූටාගාර ශාලාව පිහිටා තිබුණේ නගරයෙන් බටහිර දිසාවේ තිබුණු මහ වනයෙහි ය. විශාලා නුවරවාසී සැදැහැවතුන් භාග්‍යවතුන් වහන්සේට සුගන්ධ කුටියක් ද භික්ෂු සංඝයාට දිවාස්ථාන රාත්‍රීස්ථාන කරවා ආරාමයක් ද පිදූහ. උස් මුදුන් වහළ තිබෙන ගොඩනැගිලි සමූහයකින් යුක්ත වූ බැවින් සමස්ත සංඝාරාමය ද කූටාගාර ශාලාව නමින් හැඳින්විණි. භාග්‍යවතුන් වහන්සේ අවස්ථා ගණනාවක් මෙහි වැඩ සිටි බව දීඝ නිකාය හා මජ්ක්‍ධිම නිකායට ඇතුළත් සූත්‍ර දේශනාවන්ගෙන් පැහැදිලි වේ. ප්‍රජාපතී ගෝතමී දේවිය ප්‍රධාන පන්සියයක් කුල කාන්තාවන්ට පැවිදි වීමට අවසර ලබා දී භික්ෂුණී සංඝයාගේ ආරම්භය සිදුවූයේ ද මෙහි දී ය. එමෙන් ම සච්චක තෙරුවන් සරණ ගියේ ද භාග්‍යවතුන් වහන්සේ තෙමසක් ඇවෑමෙන් තමන් වහන්සේ පිරිනිවන්පානා බව භික්ෂු සංඝයාට දැනුම් දුන්නේ ද මෙම කූටාගාර ශාලාවේ දී ම ය.

ලිච්ඡවී රජුන් සර්වඥ ධාතූන් නිධන් කරවූ ස්ථූපය

භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ලිච්ඡවී රජුන්ට ලැබුණු ශාරීරික ධාතු මහත් ගෞරවයෙන් යුතුව තැන්පත් කොට විශාලා මහනුවර මහාසෑයක් කරවීය. මෙහි කුරුණියක් පමණ ධාතූන් වහන්සේලා නිධන් කර තිබූ බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් අශෝක අධිරාජයා කරවූ චෛත්‍යයන්හි නිධන් කිරීමට ලබාගෙන ඇති බවත් හියුංසියෑං තෙරුන් සඳහන් කරයි.

ලිච්ඡවීන් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට කරවූ ස්ථූපයේ නටබුන් අද ද දක්නට ඇති අතර ඒවා ඉන්දියානු පුරාවිද්‍යාව මගින් මනාව සංරක්ෂණය කර ඇත. අවස්ථා කීපයක දී ම එම ධාතු ස්ථූපය විශාලත්වයෙන් වැඩිකොට ඇතිබව කැණීම්වල දී හෙළි වී ඇත. සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬුවක් ද හමු වී තිබේ. එමෙන් ම වෛශාලී කෞතුකාගාරය ද මේ අසල ම පිහිටා තිබේ.

ආනන්ද ථූපය

ආනන්ද මහරහතන් වහන්සේගේ ධාතු නිධන් කොට කරවූ ස්ථූපය ආනන්ද ථූපය යි. එසේ කරවන ලද ස්ථූප හයක් ගැන ශාසන ඉතිහාසයේ සඳහන් වේ. ඉන් දෙකක් ගංගා නදියේ වම හා දකුණු ඉවුරු අසල ද තෙවැන්න විශාලා මහනුවර ද සිව්වැන්න රජගහ නුවර ද පස්වැන්න සැවැත්නුවර ද සයවැන්න මථුරා නුවර ද කරවූ බව පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවේ සඳහන් වේ. ආනන්ද තෙරුන් 120 වන වියේ දී ආයු සංස්කාරය අත්හැර ‘එයින් සත්දිනකින් පිරිනිවන් පාන්නෙමි’යි දන්වා බුද්ධ පරිනිර්වාණයෙන් සතළිස් වන වර්ෂයේ දී පිරිනිවන් පෑ සේක.

ආනන්ද තෙරුන් විශාලාවේ පිරිනිවන් පානා අදහසින් මගධ දේශයේ සිට විශාලාවට වඩින අතර එම පුවත දෙවියෝ අජාසත් රජුට දැන්වූහ. අජාසත් රජු බලසෙන් සමඟ රෝහිණී නදී තීරයට පැමිණියේ ය. විශාලාවේ ලිච්ඡවීහු ද අනඳ තෙරුන් වඩිනා බව අසා නදියේ අනෙක් පසට පැමිණියහ. තෙරණුවෝ නදිය මධ්‍යයෙහි අහසට පැන නැගී තේජෝ කසිණ සමාපත්තියට සමවැදී සිය සිරුර දැවෙන්නට සැලැස්සූහ. උන්වහන්සේගේ ශාරීරික ධාතු අධිෂ්ඨාන බලයෙන් දෙකොටසකට බෙදී එක් පසෙකට කොටස බැගින් ලැබුණි.

එසේ දෙපස ම සිටි රජුනට ලැබුණු ධාතු නිධන්කර මහත් ගෞරවයෙන් යුතුව ස්ථූප කරවූහ. පාහියන් තෙරුන්ගේ දේශාටන වාර්තාව අනුව ආනන්ද තෙරුන්ගේ ධාතු නිධන් කොට කරවූ ස්ථූපය සමීපයෙහි දහසක් පසේබුදුවරුන් ද පිරිනිවන් පා වදාළ තැනක් තිබුණේ ය. වෛශාලියේ ඇතුළත ද පිටත ද පූජනීය ස්ථානයන්ගේ සංඛ්‍යාව ගණනින් ද කිව නොහැකි තරම් ය. පියවරක් පාසා විශාල විහාරයන්හී හා ස්ථූපවල පදනම් දක්නට තිබී ඇත. මේ සියල්ල කාලය විසින් විනාශිත ය. භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දී ‘චේතිය ස්ථාන’ වශයෙන් දේශනා කළ ස්ථාන පහක් සඳහන් වේ. මෙම ස්ථාන විශාලා මහනුවරට නුදුරුව පිහිටා තිබෙන්නට ඇතැයි සැලකේ.

පැරණි ඉන්දියාවේ සොළොස් මහා ජන පදවලින් එකක් මගධ දේශයයි. එහි අගනුවර වූයේ රජ ගහ නුවරය. ඉසිගිලි, ගිජ්ඣකූට, වේපුල්ල, පාණ්ඩව ය...
26/01/2024

පැරණි ඉන්දියාවේ සොළොස් මහා ජන පදවලින් එකක් මගධ දේශයයි. එහි අගනුවර වූයේ රජ ගහ නුවරය. ඉසිගිලි, ගිජ්ඣකූට, වේපුල්ල, පාණ්ඩව යන කඳු පහෙන් වටවූ මගධය ආරක්ෂිත රාජධානියක් විය.
බුද්ධ කාලයේ මගධ දේශයේ පාලකයන් වූයේ බිම්බිසාර සහ අජාසත් රජුන්ය. විශේෂයෙන්ම බුද්ධ කාලයේ ප්‍රථම ආරාම පූජාව කරන ලද්දේ බිම්බිසාර රජු විසිනි.
බුදු පහස ලද රජගහ නුවර පුරාවටම විහිදී ඇත්තේ අතීත අභිමානයන්ගේ නටබුන්ය. හැම සිහිවටනයකටම පූජනීයත්වයක් ගැබ් වී ඇත

ධර්ම ප්‍රදීපිකාව ග්‍රන්ථයේ රජගහ නුවර හඳුන්වා දී ඇත්තේ මෙසේය.

" එකල රජගහ නුවර කේන්ද්‍ර කොට ගෙන දහඅට කෝටියක් මනුෂ්‍යයෝ වාසය කළහ. ගම් නියම් ගම් අසූ හාරදහසකි. පන්සියයක් යොදුන් වූ අංග මගධ දෙරටින් ගලා ආ සම්පත්ති ද්වාරය රජගහ නුවර විය. සේවාවන් තිස් පස් වසරක් බුදු රජාණන් වහන්සේට සැදැහැ බැති පෙමින් උපස්ථාන කළ බිම්බිසාර රජු මෙහි රාජ්‍ය විචාරයෙහි යෙදුණේය. එකල සාරිපුත්ත මහ තෙරුන් වහන්සේ රජ ගහ නුවර වටා වේළුවනය ජීවක අඹවනය ප්‍රධාන විහාර දහ අටක් ඇතුළුවන සේ සීමා බන්ධනය කළහ. මෙනුවර බුදුන් දවස ද සක්විත්තුන් දවස ද නුවර වෙයි."
*****ඉසිගිරි පර්වතය

ඒවං මේ සුතං ඒකං සමයං භගවා
රාජගහෙ විහරති ඉසිගිලිස්මිං පබ්බතෙ. තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තෙයි

බුදුරජාණන් වහන්සේ ඉසිගිරිය පර්වත මුදුන සිට භික්ෂුන් වහන්සේ අමතා ඉසිගිලි සුත්තං හෙවත් ඉසිගිලි සූත්‍රය දේශනා කළ සේක. එම සූත්‍රයේ විස්තර වන පරිදි මෙම ස්ථානයේ පසේ බුදුවරු 500ක් දෙනා වැඩ වාසය කර ඇත.

​මෙම පසේ බුදුවරුන් පර්වතයට වඩින බව දුටුවත් ඔවුන් වැඩ වසන ආකාරය හෝ නැවත ගමන් කරන ආකාරය කිසිවෙකුටවත් පෙනී නොමැත. ඒ නිසාම සෘෂිවරයාණන් වහන්සේලා ගිල දමන ස්ථානය යන අරුතින් ඉසිගිලි නම ලැබී ඇත්තේය. බුද්ධෝත්පාදයට පෙර කාලයේ සිටම පූජනීයත්වයට පත් වූ ඉසිගිලි පර්වතය බුද්ධකාලයේ බුදු පහස ලද ධර්ම දේශක ස්ථානයක් වී ඇත.
මීට අමතරව මෙම ස්ථානය සමීපයේ ඇති කාලසීලා නම් ගල් තලාවද වැදගත්ය. එනම් සංයුක්ත නිකායට අනුව බුදුන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේ සමග මෙම ස්ථානයේ වැඩ සිටි අතර විටෙක රහතන් වහන්සේලාගේ පා පහසින් ද පූජනීයත්වයට පත් වී ඇත. තවද නිගණ්ඨයන් අරභයා මූල දුක්ඛක්ඛන්ද සූත්‍රය දේශනා කළේත් මුගලන් මහ රහතන් වහන්සේ පිරිනිවන් පා වදාලේත් මෙම ගල් තලාවේ දී බව පැවසෙයි. බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලාගේ පා පහස ලද මෙම ස්ථානය සෑම බෞද්ධයෙකුම දැක වැඳ පුදා ගත යුතු සිද්ධස්ථානයක් වන්නේය.

වේළුවනාරාමය

වේළුවන උයන පිහිටා තිබුණේ රජගහ නුවරට සමීපවය. එය බිම්බිසාර රජුගේ රාජකීය උද්‍යානය වූවේය. මෙහි උණ ගස් ​ෙබාහොමයක් හෙයින් වේළුවන යන නාමය ලැබී තිබිණි.
මෙම උයනේ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව සිදු වූවේය. එනම් සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කර රජගහ නුවරට වැඩි දිනයේ බිම්බිසාර රජු තවුසාට රාජ්‍ය පාලනයට කතා කළේය. එහෙත් එය නොපිළිගත් ඔහු තම අරමුණ බුදුබව ලැබීම බව පැවසීය.

එසේ නම් බුද්ධත්වය ලැබීමෙන් පසු පළමුව රජගහ නුවරට වඩින ලෙස රජු තවුසාට ආරාධනාවක් කළේය.

බුදු රජාණන් වහන්සේ පොරොන්දු වූ පරිදිම රජගහ නුවරට වැඩි සේක. බිම්බිසාර රජු ඇතුළු පිරිසට සද්ධර්මය අනතුරුව දේශනා කළ සේක. බුදු රදුන්ගේ බණ ආසා සෝතාපන්න වූ රජු ප්‍රථම ආරාම පූජාව ලෙස වේළුවන අරම පූජා කළහ.
එසේ පූජා කළ ​ෙව්ළුවන ආරාමයේ දී බුදුන්වහන්සේ තෙවන සිව් වන සතළොස් වන සහ විසි වන වස්කාල ගත කළ සේක.

ගිජ්ඣකූට පර්වතය

අත් තටු විහිදූ ගිජුලිහිණියකු සේ දිස් වන හෙයින් ගිජ්ජකූට ලෙස හඳුන්වන පර්වතය බුදු පා පහස ලද ​ඓතිහාසික ස්ථානයකි.

දේවදත්ත තෙර බුදුන් මරා බුදු වෙමියි සිතා ගල් පෙරළුවේ මෙම ස්ථානයේ සිටය. මෙම කඳු මුදුන බුදුන් උදෙසා බිම්බි සාර රජු විසින් ආරාමයක් සකසා දී තිබේ. එහි නටබුන් අද දක්නට ඇත. ඒ අසලම ආනන්ද තෙරුන්ගේ කුටියේද නටබුන් මෙම පර්වතය මත සිට බුදුන් වහන්සේ ආටානාටිය සූත්‍රය දේශනා කර තිබේ.

එසේම සැරියුත් හිමිගෙ මාමාහට වේදනානුපස්සනාව පිළිබඳ උන්වහන්සේ දෙසූ සද්ධර්මය අසා සිටි සැරියුත් තෙරණුවෝ රහත් භාවයටත් පත් වූයේ ද මෙහිදී මෙම ඓතිහාසික ස්ථානයට ගමන් කිරීම සඳහා බිම්බිසාර රජු විසින් සකසන ලද පියගැට පසු කාලයේ දී පිළිසකර කර ඇත්තේය.

සප්තපර්ණි ගුහාව

රජගහ නුවර පිහිටි වේහාර පර්වතය පාමුල මෙම ලෙන පිහිටා ඇත. මේ අසලින් තපෝදා නදිය ආරම්භ වේ. මහා කාශ්‍යප තෙරුන් වැඩ සිටි පිප්පිලි ගුහාවද මෙහි ඇත්​ෙත්ය.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පළමු ධර්ම සංගායනාව පවත්වන ලද්දේ මෙහිදීය. සුභද්‍ර භික්ෂුව පැවසූ අභද්‍ර වචනයක් ඊට හේතු පාදක වූ අතර අජාසත් රජුගේ අනුග්‍රාහකත්වයෙන් හා මහා කාශ්‍යප තෙරුන්ගේ මූලිකත්වයෙන් භික්ෂූන් වහන්සේලා 500ක් සහභාගි වී මෙම සංගායනාව පවත්වා ඇත.

පංච සතිකා සංගීතිය නමින් හඳුන් වන්නේ ද ධර්ම විනය කට පාඩම් කරමින් ශාසන ශෝධනයක් කළ මෙම සංගායනාවය.

පිප්පිලි ගුහාව

බුදු රජාණන් වහන්සේ රහතන් වහන්සේලා සමග මෙම ගුහාවේදී මහා කාශ්‍යප බොජ්ඣංග සූත්‍රය දේශනා කළහ. ඒ සඳහා ඇත්තේ ද ඓතිහසික කතා පුවතකි.

මහා කාශ්‍යප හිමිගේ ගිහි කළ නම පිප්පිලිය. පිප්පිලි මානවකයා විවාහ වූවේ භද්ධකාපිලා කුමරිය සමගය. එහෙත් මේ දෙපළටම අවශ්‍ය වූවේ සසරින් එතෙර වීමය.
එ අනුව සියලු සැප සම්පත් දුගී මගී යාචකයන්ට දන් දී සත්‍ය මාර්ගයන් සොයා ඔවුහු ගියහ. එම ගමනේ දී පිප්පිලි තරුණයාට බුදුන් වහන්සේ හමුවිය. බුදු බණ ඇසූ ඔහු සංඝ ශාසනයට ඇතුළත් වූයේ මහා කාශ්‍යප නමිනි. කාශ්‍යප හිමිගේ රුව බුදුන්ගේ රුවට සමාන වූවේය. බුදුන්ට පිහිටි මහා පුරුෂ ලක්ෂණවලින් හතක් කාශ්‍යප හිමිටත් පිහිටියේය. උස අඩු වූයේ එක් අඟලකින් පමණි. බොහෝ දෙනාට කාශ්‍යප හිමියෝ වඩින විට බුදුරදුන් වඩිනවා ලෙස සිතුණි. මෙය මහා කාශ්‍යප හිමියන්ට මහා කනස්සල්ලක් වූවේය. ඒ නිසාම උන් වහන්​ෙස් බුදුන් සිටි ප්‍රදේශයෙන් ඈත්ව කාලය ගත කළහ.

ඒ අනුව උන්වහන්සේ වැඩි කාලයක් ගත කරන ලද්දේ පිප්පිලි ගුහාවේය. වරක් කාශ්‍යප හිමියන්ට මහා කාශ්‍යප සප්තබොජ්ජංග සූත්‍රය දේශනා කළ සේක. එය අසා සිටි මහරහතන් වහන්සේගේ සියලු රෝග දුරු වූවේය.


ධ්‍රතාංග ධාරි භික්ෂූන් අතර අග තැන්පත් වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ අවුරුදු 120ක් ආයු වැළඳීමෙන් පසුය.

විඩුභයන්ගේ රථය එරුණ තැන
ශාක්‍යයන් හා යුද වැදීමට ගිය විඩුභ කුමරුගේ රථය ගිලා බැස්සේ යැයි සලකන ගල් තලාවද රජගහ නුවර දී දැක ගත හැකිය. රථ රෝද එරී ටික දුරක් ගමන් ගත් ආකාරයක් ගල් තලාවේ ඇති සලකුණුවලින් පෙන්නුම් කරයි.

​ෙම් ආකාරයට ගල් තලාවක රථය එරෙන ලද්දේ ශාක්‍යයන් හා විඩුඩභ රජු අතර ඇති වීමට ගිය යුද්ධය නතර කිරීම සඳහා බුදු සමිඳුන් කළ අධිෂ්ඨානයකින් බව විශ්වාස කරයී ගිජ්ඣකූට පර්වතයට මෑතින් පිහිටියා වූ බිම්බිසාර රජු සිරගත කොට තැබුවා යැයි සලකන සිරගෙය, බුද්ධ පරිනිර්වාණයෙන් පසු අජාසත් රජු විසින් රජගහ නුවරට වෙන් කරන ලද සර්වඥධාතූන් වහන්සේලා තැන්පත් කර සාදන ලද වාලසංඝාඨ ථූපය වේහැර පර්වතයේ උස් බිමකින් ගලා එන උණු දිය උල්පත් සහිත තපෝදා නදිය බුදු රදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාටත් බිම්බිසාර රජු ඇතුළු රාජකීය පිරිසටත් වෙදකම් කළ ජීවක වෙද මහතා සතු වූ ජීවක අඹ වනය, නයෙකුගේ පෙණය හැඩති ගුහාවක් ඇති ජීවක යක්ෂ සෙන්පති වාසය කළා යැයි සැලකෙන සීත වනයේ සප්පෂොණ්ඩික පබ්භාය සක් දෙවිඳුන් උදෙසා සක්කපඤහ සූත්‍රය දේශනා කළ ඉන්දසාල ගුහාව ඌරෙකු පස හාරන විට මතු වුණු ලෙනක් බැවින් සුකරඛත ලෙන ලෙස නම් තැබූ පසු කාලයේ එය සුද්ධ පවිත්‍ර කොට බුදුන්ට පූජා කළ ලෙනක් වූ ස්ථානය නිග්‍රෝධ පරිබ්‍රාජයාගේ ආරාධනය අනුව මෝර, නිවාහ හා උඳුම්බරික සිහනාද සූත්‍ර දේශනා කළ මෝර නිවාසය නම් ස්ථානය සහ කුමාර මහබඹු හා බුදුන් වහන්සේ සුහද පිළිසඳරේ යෙදුණු සජ්පිනි ගංතෙර ආදිය ද දැක බලා ගත හැකිය.

දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ දසමාරසේනා ජයගෙන තුන්ලෝකාග්‍රව සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක් උත...
26/01/2024

දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ දසමාරසේනා ජයගෙන තුන්ලෝකාග්‍රව සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක් උතුම් බුද්ධගයා පින්බිමේදී විජය ශ්‍රී බෝධි මූලයේදී ය. එකල මගධ රාජ්‍යයට අයත් වූ බුද්ධගයාව වර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයේ ගයා නගරයේ සිට දකුණු දෙසට කි.මී.16ක් පමණ දුරින් පිහිටා තිබේ. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය හා සබැඳුණු බොහෝ පූජනීය ස්ථාන බුද්ධගයාවේදී දැකබලා වන්දනා කළ හැකිය. අපගේ ශාස්තෘන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කළ උත්තම පින්බිම සාදරයෙන් පිදීමක් ලෙස බුද්ධගයා විහාරය ඉදිකොට තිබේ. එහි කටයුතු වීරදේව නම් භික්ෂූන් වහන්සේ විසින් අරඹා ඇති අතර පසුව ධර්මාශෝක අධිරාජයා විසින් අඩි 160ක් උසැතිව මනරම්ව කරවා තිබේ. විහාරය ඇතුළත ජීවමාන බුදුරජුන් සිහිපත් කරවන, මහා පුරුෂ ලක්ෂණ ඉස්මතු වන, භූමි ස්පර්ශ මුද්‍රාවෙන් යුතු සොඳුරු බුදුපිළිම වහන්සේ නමක් වැඩ සිටී. කලින් කලට දඹදිව ඇති වූ අන්‍යාගමික ආක්‍රමණ හේතුවෙන් බෞද්ධ අයිතියෙන් බැහැර වී ගිය මෙම බුද්ධගයා වජිරාසන ශුද්ධ භූමිය ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන් මූලික වී යළි බෞද්ධ අයිතියක් බවට පත්කරගෙන තිබේ.

*************ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරය හටගන්නේ අප සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ මනුලොව උපත ලැබූ පින්බර මොහොතේදී ම ය. ඒ ගෞතම සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වය පිණිස සෙවන සැලසීමට ය. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව සතියක් මුළුල්ලේ බෝධි මූලයේ නිරාමිස සුව විඳිමින් නිරෝධ සමාපත්තියෙන් වැඩසිටි අතර දෙවන සතියේදී අනිමිස ලෝචන පූජාවෙන් බෝධීන් වහන්සේට ගෞරව සත්කාර දැක්වූ සේක. එමෙන්ම තථාගත ශ්‍රී ශරීරයෙන් එකවර ගිනිජාලා සහ ජලධාරා විහිදුවමින් ප්‍රථම වරට යමාමහ පෙළහර පෑවේ ද බෝධිමූලයේදී ම ය. බුද්ධගයා මහා විහාරය අසල ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අතුපතර විහිදා වැඩසිටී. එනමුත් අද දක්නට ලැබෙන්නේ සම්බුද්ධත්වය පිණිස සෙවන සලසාලූ ඒ මුල් බෝධීන් වහන්සේ නොවේ. ධර්මාශෝක රජුගේ අසීමිත පුද සත්කාර ඉවසනු නොහැකිව ඊර්ෂ්‍යාවෙන් පෙළුණු තිස්සා රක්ඛිතා නම් පවිටු බිසොව මුල් බෝධීන් වහන්සේ විනාශ කරවූවාය. ආශ්චර්යමත් ලෙස යළි හටගත් බෝධීන් වහන්සේ ද ශශංක නම් මිථ්‍යා දෘෂ්ඨික රජෙකු විසින් කපා දමා උණු පැණි වත්කොට විනාශ කරවා තිබේ. එහෙත් බුද්ධානුභාවයෙන් යලි අසිරිමත් ලෙස බෝධි අංකුරයක් හටගත් අතර එය සුරැකීම පිණිස චර්ම නම් සැදැහැති රජතුමා බෝධි ආරක්ෂක පවුරක් කරවීය. අභාග්‍යයකට මෙන් හින්දු අන්තවාදී රජවරු විසින් එම බෝධීන් වහන්සේත් විනාශ කරවන ලද්දාහ. වර්තමානයේ වැඩසිටින බෝධීන්වහන්සේ රෝපණය කරවූයේ ඉංග්‍රීසි පාලන සමයේ පුරාවිද්‍යා අංශය භාරව සිටි කනිංහැම් මහතා ය. ඒ බෝධීන් වහන්සේ වනාහී අනුරාධපුර ශ්‍රී මහාබෝධි ශාඛාවකි. අදටත් ඒ උතුම් බෝධීන් වහන්සේ දිවා රෑ දෙව් මිනිසුන්ගේ අපමණ පුද ලබමින් සුවසේ බුද්ධගයා පින්බිමෙහි වැඩසිටින සේක.

********වජ්‍රාසනය

ජය ශ්‍රී මහා බෝධි මූලයේ නැගෙනහිර දෙසින් වජ්‍රාසනය පිහිටා තිබේ. මෙය අතිශයින්ම සුපූජනීය ස්ථානයකි. සියලු බෝසතාණන් වහන්සේලා උතුම් වූ සම්බුද්ධත්වයට පත්වන උත්තම භූමිය මෙයයි. අනාගතයේදී මෛත්‍රී බෝසතුන් ද සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාවේ බුද්ධගයා වජ්‍රාසන පින්බිමේදී ම ය. වෙසක් පුන් පොහෝ දිනක සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා, සවස් කල සොත්ථිය බමුණා දුන් කුසතණ ද රැගෙන මෙහි වැඩම කළ සේක. මේ වජිරාසන භූමියේ කුසතණ අතුරා බෝසතුන් වැඩ සිටියේ ලොව කිසිවෙකුට සෙළවිය නොහැකි වූ, ඉතා දැඩි වූ, වජ්‍රමය වීරියකිනි. එනිසා ම උන්වහන්සේ වැඩහුන් එම අසුනට වජ්‍රාසන යැයි කියනු ලැබේ. එම චතුරංග සමන්නාගත වීරිය නම් මෙයයි.

“මාගේ මේ ශරීරයේ ලේ මස් වියළී යතොත් වියළී යේවා. සම් ඇට නහර ඉතිරි වෙතොත් ඉතිරි වේවා. යම් පුරුෂ වීරියකින්, පුරුෂ පරාක්‍රමයකින් අවබෝධ කළ යුතු යමක් ඇත්ද එය අවබෝධ නොකොට මම මේ ආසනයෙන් නොනැඟිටිමි” යි ඇතිකරගත් බලවත් අධිෂ්ඨානයයි. ඒ මොහොතේ වසවත් මරු දස බිම්බරක් මාර සේනාව සමඟ පැමිණ නොයෙක් අයුරින් බිහිසුණු අරමුණු මවා පාන්නට විය. අප මහා බෝසතාණෝ නොසැලී මෙහි වැඩ හිඳිමින්, මහපොළොව ස්පර්ශ කරමින් තමන් වහන්සේගේ පාරමිතා පුණ්‍ය බලය කියාපාද්දී, මහපොළොව කම්පිත වී මර සෙනඟ පැරදී පලා ගියහ. එසේ මාර පරාජය කොට අනතුරුව පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය ලබා සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන ලද්දේ මේ උතුම් පින්බිමේ සිටයි. එම නිසා සැදැහැවත් ශ්‍රාවකයෙකු විසින් දැකබලා පහන් සංවේග උපදවාගෙන වන්දනා කළ යුතු උතුම් ‘බෝධි චේතිය’ මේ වජිරාසන පුණ්‍ය භූමියයි.

යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන
ඡෙත්වා සවාසන ක්ලේස බලං මුනින්දෝ
සම්බෝධි ඤාණමවගම්ම විහාසි සම්මා
තං බෝධිචේතියමහං සිරසා නමාමි

සම්බුද්ධත්වය සාක්ෂාත් කළ අප බුදුරජාණන් වහන්සේ පුරා සති 7ක් (දින 49ක්) ඒ අමා නිවන් සුව විඳිමින් මහ බෝ මැඩ සමීපයෙහි ගතකළ සේක. ඒ බව මෙසේ සඳහන් වේ.

“පඨමං බෝධි පල්ලංකං – දුතියං ච අනිම්මිසං
තතියං චංකමනං සෙට්ඨං – චතුත්ථං රතනාගරං
පඤ්චමං අජපාලං ච – මුචලින්දේන ඡට්ඨමං
සත්තමං රාජායතනං – වන්දේ තං මුනිසේවිතං”

අනිමිස ලෝචන චෛත්‍යය:
සම්බුද්ධත්වය ලබා දෙවන සතියේ බුදුරජාණන් වහන්සේ බෝ රජුන්ට ඊසාන දෙසට වන්නට වැඩ සිටි සේක. සම්බුද්ධත්වයට සෙවන සලසාලූ උතුම් බෝධීන් වහන්සේට කෘතගුණ සැලකීමක් වශයෙන් එහි වැඩ හිඳිමින් පුරා සතියක් ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙස බලා සිටිමින් අනිමිසලෝචන පූජාව සිදුකළ සේක. බුද්ධගයා මහා විහාරයට යාර දෙසීයක් පමණ දුරින් වර්තමානයේ එහි මහා විහාරයේ හැඩයට ම විහාරයක් කරවා ඇති අතර එය අනිමිසලෝචන චෛත්‍යයයි.

රුවන් සක්මන:
මෙය බෝධීන් වහන්සේටත් අනිමිසලෝචන චෛත්‍යයටත් අතර පිහිටා තිබේ. සම්බුද්ධත්වයෙන් තුන්වන සතියේ බුදුරජාණන් වහන්සේ ඍද්ධියෙන් රුවන් සක්මනක් මවාගෙන මෙහි සක්මන් කළ සේක. වර්තමානයේ එය සිහිපත් කරවමින් ඉදිකරවා ඇති උසින් අඩි 3කුත්, පළල අඩි 3.5කුත් දිග අඩි 53කුත් වන ඉදිකිරීමක නටබුන් දක්නට තිබේ. මෙහි කණු යොදා සුරක්ෂිත වහලයක් කරවා තිබෙන්නට ඇත. මේ වටා කණු තිබූ බවට සාධක තිබේ.

රුවන්ගෙය (රතනාඝරය):
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උතුරු දෙසට වන්නට රතනාඝරය පිහිටා තිබේ. සම්බුද්ධත්වයෙන් සතරවන සතියේදී භාග්‍යවතුන් වහන්සේ දෙවියන් විසින් මවන ලද රුවන් ගෙය තුළ වැඩ ඉඳිමින්, අවබෝධ කළ ගම්භීර ධර්මය මෙනෙහි කරද්දී සම්බුදු සිරුරෙන් සවනක් ඝණ බුද්ධ රශ්මි මාලා විහිදී ගියේය. අද එහි කුඩා විහාරයක් කරවා ඇත.

අජපාල නුගරුක් සෙවන:
සම්බුද්ධත්වයෙන් පස්වෙනි සතිය ගතකළ අජපාල නුග රුක් මූලය සිහිකරවමින් පුවරුවක් ද සහිතව කුඩා ස්ථම්භයක් බුද්ධගයා මහා විහාරය ඉදිරිපස පිහිටුවා ඇත. (අජපාල නුගරුක පිහිට සැබෑ ස්ථානය උරාලා ගමේ පිහිටි ස්ථානයයි.)

මුචලින්ද විල:
සම්බුද්ධත්වයෙන් සයවන සතියේ සම්බුදු රජුන් මුචලින්ද විල අසල පිහිටි මිදෙල්ල රුක් සෙවනේ වැඩ සිටින මොහොතේ අකල් වැස්සක් හටගත්තේය. එවිට මුචලින්ද නා රජු වැස්සෙන්, පින්නෙන්, සුළඟින් බුදු රජුන්හට පීඩාවක් නොවේවායි සිතා සුවිසල් නාග ශරීරය සම්බුදු රජුන් වටකොට ගෙන දරණලා, සිරසට ඉහළින් මහත් වූ පෙණගොබයක් කොටගෙන සිටියේය. බුද්ධගයා භූමියේ එය සිහිපත් කරවීමට පසුකාලීනව විලක් කරවා ඒ මැද නාග දරණ ප්‍රතිමාවක් ද ඉදිකරවා තිබේ.

එහෙත් සැබෑම මුචලින්ද විල පිහිටි ස්ථානය නේරංජරා නදියෙන් එතෙර පිහිටි මුචලින්ද ගමයි. අද එම ස්ථානය ජරාවාස වෙමින් පවතී. අද ඒ ගම හඳුන්වන්නේ මුචාරි නමිනි.

රාජායතනය:
මෙය බුද්ධගයා මහා විහාරයේ දකුණු පැත්තට වෙන්නට පිහිටා තිබේ. සම්බුද්ධත්වයෙන් සත්වන සතියේ කිරිපලු නුගරුක් සෙවනේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක. එහි පැමිණි තපස්සු සහ භල්ලුක වෙළඳ දෙබෑයන් බුදුරජුන් හට විළඳ හා මී පැණි පිළිගැන්වීය. අනතුරුව ඔවුහු බුද්ධ රත්නය සහ ධර්ම රත්නය සරණ ගියෝය. ඒ මේ බුදු සසුනේ ද්වේවාචික උපාසකයෝ ය. ඔවුන් භාග්‍යවතුන් වහන්සේගෙන් වන්දනා කිරීමට යමක් ඉල්ලා සිටිවිට අප බුදුරජාණෝ ඔවුන්හට කේශධාතු ලබාදුන් සේක.

👉 බැංකොක් ආසියාවේ නොනිදන නගරය👉 රන් ආලේපිත අඩි 110ක සැතපෙන      පිලිමය (වට් පෝ)👉 අරුණෝදයේ විහාරය (විට් අරුන්)👉 රත්තරං ටොන...
23/01/2024

👉 බැංකොක් ආසියාවේ නොනිදන නගරය
👉 රන් ආලේපිත අඩි 110ක සැතපෙන
පිලිමය (වට් පෝ)
👉 අරුණෝදයේ විහාරය (විට් අරුන්)
👉 රත්තරං ටොන් 5හේ සමාදි පිළිමය
(ගෝල්ඩන් බුද්දා)
👉 දස ලක්ෂයකට එකවර භාවනා කළ
හැකි ලොව විශාලතම භාවනා
මධ්‍යස්ථානය
(ධම්ම කාය)
👉 අයෝද්‍ය පුරාණ රාජදානිය ඇතුළු
ඓතිහාසික සිද්ධස්ථාන 03 ක්
නැරඹීම(වට් මෝවිට් / විට් යායි /
මොනකෝල් / විට් ශායි)
👉 සෆාරි වර්ල්ඩ්
(ඔරන් ඔටන් මුහුදු සිංහයා ඩොල්ෆින්
මත්ස්‍යයින් අලි සංදර්ශනය කුරුලු
සංදර්ශනය ඇතුළු විශ්මිත බොහො දේ
👉 සාප්පු සවාරි

තෝරා ගත හැක...

(×) රාත්‍රී බෝජන සංග්‍රහයක් සමගින්
සුඛෝපභෝගි නෞකාවක සවාරියක්
(×) සියම් නිරමිට් සංස්කෘතික සංදර්ශන
(×) ඩ්‍රීම් වර්ල්ඩ්

✈️🌏

රජගහ නුවර සහ නාලන්දා සංචාරය....2024.01.21
21/01/2024

රජගහ නුවර සහ නාලන්දා සංචාරය....
2024.01.21

බරණැස නව මූලගන්ධකුටි විහාරය.... දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව!2024.01.19
20/01/2024

බරණැස නව මූලගන්ධකුටි විහාරය.... දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව!
2024.01.19

පිපුණු කුසුමකි ලොවට නතුකල බුදුන් දෙසූ දහම් සිසිලස...සිසිලසේ අසිරිය විශ්වයට දායාද කර නගරයයි බරණැස.....2024.01.19භාග්‍යවතු...
19/01/2024

පිපුණු කුසුමකි ලොවට නතුකල බුදුන් දෙසූ දහම් සිසිලස...
සිසිලසේ අසිරිය විශ්වයට දායාද කර නගරයයි බරණැස.....
2024.01.19

භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය පිහිටියේ, බරණැසට ආසන්න සාරානාත්හි ය. බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද අතරින් කාසි රාජ්‍යයේ අගනුවර වූයේ බරණැස් නුවර හෙවත් වාරාණසී නගරය යි. බර්ණා සහ අසි යන ගංගා දෙක අතර පිහිටි බැවින් බාරාණසී නම් වූ අතර, සංස්කෘත භාෂාවෙන් වාරාණසී යනුවෙන් හැඳින්වෙන්නේ වරුණ සහ අසී ලෙස ගංගා නාමයන් සැලකීමෙනි. එම ගංගා දෙක සුප්‍රසිද්ධ ගංගා නදියේ ශාඛා දෙකක් වන අතර බරණැස් නගරයේ බටහිර දෙසින් ගංගා නදිය අදටත් ගලා බසී. බරණැස් නගරයේ සිට කි.මී. 10ක් පමණ දුරින් සාරානාත් හෙවත් ඉසිපතන මිගදාය පිහිටා ඇත. මෙම භූමියට ඉසිපතන යන නාමය ලැබී ඇත්තේ ද කරුණු කිහිපයක් නිසාවෙනි. හිමාලයේ සිට අහසින් වඩින ඍෂිවරයන් මෙහි බසින හෙයින් ද, පෙරලා වඩින කල්හි එම උයනේ සිට අහස් ගමන ආරම්භ කරන හෙයින් ද ඉසිපතන නම් විය. එමෙන්ම ගන්ධමාදන පර්වතයේ විසූ පසේබුදුරජාණන් වහන්සේලා සතියක් පුරා සමාපත්ති සුව විඳ අනෝතප්ත විලෙන් පැන් පහසු වී පිඬු පිණිස මිනිස් වාසයට වැඩම කිරීම පිණිස ඉසිපතනයෙන් බිමට වඩින හෙයින් ද ඉසිපතන නම් විය.

තවද සිදුහත් කුමරුන් උත්පත්තිය ලැබීමට පෙර වැඩසිටි අවසන් පසේබුදුරජාණන් වහන්සේ වන මාතංග නම් පසේබුදුරජාණන් වහන්සේ වැඩවාසය කොට ඇත්තේ ද මෙහි ම ය. අප මහා බෝසතාණෝ අතීත ජීවිතයක මුව යෝනියේ ඉපිද සියලු මුව රැලට නායක වූ නීග්‍රෝධ නම් මුව රජුව සිටියදී එකල රජ කළ බ්‍රහ්මදත්ත නම් රජු, මුව රජුගේ අපූර්ව ගුණ සම්පත්තිය දැක සියලු මුවන්හට අභය දානය ලබා දුන්නේය. නිග්‍රෝධමිග ජාතකයේ දැක්වෙන එම කතාපුවත අනුව මුවන්ට අභය දානය දුන් වන පියස බැවින් මිගදාය යන නම ද ඉසිපතනයට එක්විය. සාරානාත් යන නාමය ද සාරංගනාථ යන්නෙන් සකස් වූවකි. සාරංග යනු මුවා ය. නාථ යනු (පිහිට සැලසූ) ප්‍රධානියා ය. එහෙයින් සාරංගනාථ යනු මුව නායකයා හෙවත් මුව රජුය. එම මිගදාය සංකේතවත් කිරීමට වර්තමානයේ ද මෙහි මුව වනයක් කරවා තිබේ. තවද ජාතක පොත් වහන්සේගේ සඳහන් කතා 436ක ම සඳහන් පරිදි මහ බෝසතුන් ඉපිද ඇත්තේද බරණැස ම ය.

***අසිරිමත් දම්සක ප්‍රවර්තනය වූ සුපූජනීය පින්බිම

නිකෙලෙස් තථාගත හදමඬලේ උපන් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය, සම්බුදු මුව මඬලින් ප්‍රථමයෙන් දේශනා කරන්නට යෙදුණු ඉසිපතන මිගදාය බොදුනුවන්ගේ සුපූජනීය පින්බිමකි. ඇසළ පුන් පොහෝ දිනක ඉසිපතන මිගදායට වැඩමකළ බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් ප්‍රධාන දෙවි බඹුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. සියලු බුදුවරු මෙහිදී ම ප්‍රථම දම් දෙසුම පවත්වා, දම්සක ප්‍රවර්තනය ආරම්භ කරන හෙයින් මෙය ද “අවිජහිතට්ඨාන” (අත්නොහරින – වෙනස් නොවන) සුපූජනීය ස්ථාන හතරෙන් එකකි. එමෙන්ම අනත්තලක්ඛණ සූත්‍රය දේශනා කළ කල්හි පස්වග භික්ෂූන් වහන්සේලා අරහත්වයට පත්වූයේ ද, භාග්‍යවතුන් වහන්සේ පළමු වස් කාලය ගතකළේ ද ඉසිපතන මිගදාය පින්බිමේදී ය. එහිදී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි යස කුල පුත්‍රයා ප්‍රධාන සිටුපුත්‍රයන් 54 දෙනා ධර්මය අසා, පැවිදි උපසම්පදාව ලබා, සව්කෙලෙසුන් නසා අරහත්වයට පත්වූහ. ඒ මුල්ම අරහත් ශ්‍රාවක හැට නම ඇමතූ ශාස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, ඔබලා දිව්‍ය වූ ද, මානූෂීය වූ ද සියලු කෙලෙසුන්ගෙන් මිදුණාහුය. දැන් බොහෝ දෙනාට හිත පිණිස, සැප පිණිස දෙව් මිනිස් ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන්, ඔවුනට යහපත පිණිස මුල මැද අග යහපත් වූ ධර්මය දේශනා කරන්න. තථාගත තෙමේ ද දහම් දෙසනු පිණිස උරුවෙල් දනව්වට වැඩම කරන්නේය” කියාය.

මෙලෙසින් ගෞතම බුද්ධ ශාසනයෙහි සමාරම්භය සිදුවූයේ බරණැස ඉසිපතන මිගදාය හෙවත් සාරානාත්හිදී ය. ශ්‍රාවක සංඝ සමාජය ආරම්භ වීමත් සමඟ බුද්ධ,ධම්ම, සංඝ යන තුනුරුවන ම ලොව පහළ විය. ධර්මදූත සේවාව මෙහිදී ආරම්භ වූ හෙයින් ශ්‍රී සද්ධර්මය පැතිරවීමේ කේන්ද්‍රස්ථානය වූයේද බරණැස ඉසිපතන මිගදායයි. මෙම පරම පූජනීය පින්බිමේ සමෘද්ධිමත් භාවය සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වසර එක්දහස් පන්සියයක් ගතවෙන තුරු ම සුරක්ෂිතව පැවතුණි. විශේෂයෙන් ධර්මාශෝක අධිරාජ්‍යයාගේ සමයේදී අන් සියලු බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම ඉසිපතන මිගදායේ ද සුවිශේෂී දියුණුවක් ඇතිවුණි.

2024.01.18 අද දින අපේ පිංවත් පිරිස,අප බුදු පියාණන් වහන්සේ 9 වන වස් කාලය ගත කළ කොසඹෑනුවර ඝෝෂිතාරමයවන්දනා කළා බුද්ධ කාලීන ...
19/01/2024

2024.01.18 අද දින අපේ පිංවත් පිරිස,අප බුදු පියාණන් වහන්සේ 9 වන වස් කාලය ගත කළ කොසඹෑනුවර ඝෝෂිතාරමයවන්දනා කළා

බුද්ධ කාලීන දඹදිව සොළොස් මහා ජනපදයන්- ගෙන් බලවත් රාජ්‍යයක් වූ වත්ස රාජ්‍යයේ අගනුවර වූයේ කොසඹෑ නුවර ය. වත්ස ජනපදය බුද්ධ කාලයෙහි අවන්ති දක්ඛිණාපථය නමින් හැඳින්වූ, අවන්තියට උතුරින් යමුනා නදිය අසබඩ පිහිටා තිබුණි. එවකට එහි පාලකයා වූයේ උදේනි රජතුමා ය. කුසුම්භ නමැති ඍෂිවරයා විසූ හෙයින් ද කොසඹ වෘක්ෂ බහුල වූ බැවින් ද කෝසම්බි නම් වූයේ යැයි පැරණි ග්‍රන්ථවල සඳහන් වේ. කෝසම්බිය භාරතීය ඉතිහාසයේ ද බෞද්ධ ග්‍රන්ථයන්හි ද දැක්වෙන ප්‍රකට නගරයකි. මෙහි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය උදෙසා කරවා පූජා කළ ආරාම හතරක් විය. ඝෝෂිතාරාමය, කුක්කුටාරාමය, පාවාරිකා අම්බවනය සහ බදරිකාරාමය එම ආරාමයන් ය. එමෙන් ම භග්ග නුවර සුංසුමාරගිර නම් වූ පර්වතය හා මිගදාය කොසඹෑ නුවර සමීපයේ පිහිටා තිබූ අතර බුදුරජාණන් වහන්සේ එහි ද වැඩවාසය කොට තිබේ. ආනන්ද හිමියන් පරිනිබ්බාන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පෑම සඳහා සුදුසු යැයි යෝජනා කරන දඹදිව ප්‍රධාන නගරවලින් එක් නගරයක් වන්නේ කොසඹෑ නුවරයි. ගෞතම සසුනේ සිංහනාද පවත්වන ශ්‍රාවකයන් අතර අග්‍ර වූ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ ද කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ කලක් වැඩවාසය කොට ඇත. තව ද උන්වහන්සේ කොසඹෑ නුවර රජ කළ උදේනි රජුගේ පුරෝහිතයාගේ පුත්‍රයා වේ. භාග්‍යවතුන් වහන්සේ අටවන වස් කාලය සුංසුමාරගිරි පර්වතයේ ද නවවන වස් කාලය කොසඹෑ නුවර ද වැඩ සිටි සේක. බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට වැඩි අවස්ථාවන්හි ඉහත දැක්වූ ආරාමයන්හි අභිමත පරිදි වැඩ වාසය කොට ඇත.
2024.01.18.....

ඉන්ලේ විලෙහි බෝට්ටු සවාරියක් ඇතුළුව👉 යැන්ගුන්👉 ස්වෙදගෝන් විහාරය👉 සූලේ පැගෝඩා විහාරය👉 රාජකීය සුදු ඇතුන් නැරඹීම👉 විශාලතම ස...
18/01/2024

ඉන්ලේ විලෙහි බෝට්ටු සවාරියක් ඇතුළුව

👉 යැන්ගුන්
👉 ස්වෙදගෝන් විහාරය
👉 සූලේ පැගෝඩා විහාරය
👉 රාජකීය සුදු ඇතුන් නැරඹීම
👉 විශාලතම සැතපෙන පිළිමය
👉 අමරපුර විහාරය
👉 රන් කන්දේ විහාර
👉 චින්ගුන් විහාරය
👉 මීන්ගුන් ඝණ්ඨාරය
👉 බගාන් නටඹුන්
👉 මහාමුති විහාරය
👉 මණ්ඩලේ විහාරය
👉 ඉන්ලේ විල
👉 ආනන්ද විහාරය
👉 පිණ්ඩයා
👉 පිණ්ඩයා ගල් ගුහාව
👉 බාගායා
👉 මණ්ඩලේ මාලිගා
👉 මනූහා විහාරය
👉 පොපා කදු

ඇතුලුව සාප්පු සාවරියක්ද සමග තවත් බොහෝ ස්ථාන......

(•) ආහාර හා බීමට වතුර බෝතල්
(•) ගුවන් ටිකට් පත් (සියලුම බදු ඇතුලුව)
(•) වීසා
(•) තරු පන්තියේ හෝටල්වල නවාතැන්
පහසුකම්
(•) මියන්මාරය තුල සුඛෝපභෝගී ප්‍රවාහන
පහසුකම්
(•) කිලෝ 30ක් ගෙන යා හැකි ගමන්
මල්ලක් හා අත් බෑගයක්

දින :- 11
මුදල :- රු.390,000/=

🌎✈️

අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සිරිපා පහස ලද උතුම් දඹදිව පුණ්‍ය භූමි සියැසින් දැකබලා වැඳපුදා පිං රැස් කර සැබ...
17/01/2024

අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සිරිපා පහස ලද උතුම් දඹදිව පුණ්‍ය භූමි සියැසින් දැකබලා වැඳපුදා පිං රැස් කර සැබෑ වන්දනාවට එක්වන්න.

👉 සියලු ලියකියවිලි කටයුතු අප
විසින් කරනු ලැබේ.
👉 ගුවන් ප්‍රවේශ පත්‍රය.
👉 ඉන්දියානු සහ නේපාල වීසා.
👉 රට අභ්‍යන්තර ගමන් කිරීම
සඳහා සුඛෝපභෝගී A/C බස් රථ.
👉 යාබද නාන කාමර සහිත
සුවපහසු නවාතැන්.
👉 ශ්‍රී ලංකීය ආහාර සහ බීමට
වතුර බෝතල්.
👉 සියළුම සිද්ධස්ථාන සඳහා
ඇතුළත්වීමේ ගාස්තු
(ටජ්මහල් හැර)
👉 සංචාරයේදී 30 kg ක් ගෙන යා
හැකි බෑගයක්, අත් බෑගයක් සහ
කුඩයක්.
👉 සම්පූර්ණ සංචාරයේ DVD තැටියක්.
👉 රුපියල් ලක්ශ 5ක් වටිනා හදිසි
අනතුරු රක්ෂණයක්.
👉 පළපුරුදු මාර්ග උපදේශකත්වයක්
ඇතුළු තවත් බොහෝ දේ.

දින 14 චාරිකාව - 225,000/=
දින 16 චාරිකාව - 245,000/= (සාංචි සංචාරය සහිතව)

✈️🌎

සාංචිය....චේතියගිරිය විහාරය
17/01/2024

සාංචිය....චේතියගිරිය විහාරය

සදහමේ සිසිල , ශාන්තියේ ධර්මදූතයන් වහන්සේලා ලෙස සපිරිසර මේසිරිලකට වැඩම කළ දෙවන බුදුන් වන මිහිඳු මහරහතන් වහන්සේ වැඩසිටි සද...
17/01/2024

සදහමේ සිසිල , ශාන්තියේ ධර්මදූතයන් වහන්සේලා ලෙස සපිරිසර මේසිරිලකට වැඩම කළ දෙවන බුදුන් වන මිහිඳු මහරහතන් වහන්සේ වැඩසිටි සදා අමරණීය පින්බිමයි... සාංචිය....
2024.01.17

Embarking on a spiritual journey from Sri Lanka to the sacred lands of India. May our pilgrimage be filled with profound...
14/01/2024

Embarking on a spiritual journey from Sri Lanka to the sacred lands of India. May our pilgrimage be filled with profound moments of reflection and enlightenment. "

අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සිරිපා පහස ලද උතුම් දඹදිව පුණ්‍ය භූමි සියැසින් දැකබලා වැඳපුදා පිං රැස් කර සැබ...
13/01/2024

අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සිරිපා පහස ලද උතුම් දඹදිව පුණ්‍ය භූමි සියැසින් දැකබලා වැඳපුදා පිං රැස් කර සැබෑ වන්දනාවට එක්වන්න.

(•) ගුවන් ප්‍රවේශ පත්‍රය.
(•) ඉන්දියානු සහ නේපාල වීසා.
(•) රට අභ්‍යන්තර ගමන් කිරීම සඳහා සුඛෝපභෝගී A/C බස් රථ.
(•) යාබද නාන කාමර සහිත සුවපහසු නවාතැන්.
(•) ශ්‍රී ලංකීය ආහාර සහ බීමට වතුර බෝතල්.
(•) සියළුම සිද්ධස්ථාන සඳහා ඇතුළත්වීමේ ගාස්තු (ටජ්මහල් හැර)
(•) සංචාරයේදී 30 kg ක් ගෙන යා හැකි බෑගයක්, අත් බෑගයක් සහ කුඩයක්.
(•) සම්පූර්ණ සන්චාරයේ DVD තැටියක්.
(•) රුපියල් ලක්ශ 5ක් වටිනා හදිසි අනතුරු රක්ෂණයක්.
(•) පළපුරුදු මාර්ග උපදේශකත්වයක් ඇතුළු තවත් බොහෝ දේ.
(•) සියලු ලියකියවිලි කටයුතු අප විසින් කරනු ලැබේ.

මෙවැනි අවස්ථා මියන්මාරයේදී (බුරුම ) සියැසින් දැක බලා වැඳ පුදා ..පින් රැස් කරගැනීමට  ,අපගේ චාරිකාවන් සඳහා ඔබත් එකතු වන්න0...
15/12/2023

මෙවැනි අවස්ථා මියන්මාරයේදී (බුරුම ) සියැසින් දැක බලා වැඳ පුදා ..පින් රැස් කරගැනීමට ,අපගේ චාරිකාවන් සඳහා ඔබත් එකතු වන්න
0714298800
0714298801
0714298796
0714298797

𝐄𝐦𝐛𝐚𝐫𝐤 𝐨𝐧 𝐋𝐚𝐧𝐝 𝐨𝐟 𝐬𝐦𝐢𝐥𝐞𝐬 "Thailand " with our all inclusive group tour package....😍🤩😍Call us on 0714298796/ 0714298800  ...
08/10/2023

𝐄𝐦𝐛𝐚𝐫𝐤 𝐨𝐧 𝐋𝐚𝐧𝐝 𝐨𝐟 𝐬𝐦𝐢𝐥𝐞𝐬 "Thailand " with our all inclusive group tour package....😍🤩😍

Call us on 0714298796/ 0714298800

සදහමේ සිසිල , ශාන්තියේ ධර්මදූතයන් වහන්සේලා ලෙස සපිරිසර මේසිරිලකට වැඩම කළ දෙවන බුදුන් වන මිහිඳු මහරහතන් වහන්සේ වැඩසිටි සද...
26/09/2023

සදහමේ සිසිල , ශාන්තියේ ධර්මදූතයන් වහන්සේලා ලෙස සපිරිසර මේසිරිලකට වැඩම කළ දෙවන බුදුන් වන මිහිඳු මහරහතන් වහන්සේ වැඩසිටි සදා අමරණීය පින්බිමයි...සිත නිවන සාංචිය....
2023.09.25

ධර්මයේ සිසිලසින් ඒකාලෝක වූ, ජනී ජනයා විසූ.. වන සිවුපාවුන්ගෙන් උවටැන් ලද බුදු හිමි වැඩ විසූ පින්බිමයි...... කොසඹෑනුවර.......
26/09/2023

ධර්මයේ සිසිලසින් ඒකාලෝක වූ, ජනී ජනයා විසූ.. වන සිවුපාවුන්ගෙන් උවටැන් ලද බුදු හිමි වැඩ විසූ පින්බිමයි...... කොසඹෑනුවර....
2023.09.24

Address


Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94714298800

Alerts

Be the first to know and let us send you an email when Sathwin Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sathwin Tours:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share