84 කූටරේ - kutare

  • Home
  • 84 කූටරේ - kutare

84 කූටරේ - kutare වරෙං යන්න., නිදහස හොයාගෙන! ඉමක් නැති හතරකොනේ ඉබාගාතේ සැරිසරන්න.�

Riding Mode ON📌🛣 #84කූටරේ
02/06/2024

Riding Mode ON📌🛣
#84කූටරේ

R O A D T R I P 🛵🇱🇰✨ #84කූටරේ
28/05/2024

R O A D T R I P 🛵🇱🇰✨
#84කූටරේ

It's me🛵⛈️🇱🇰 #84කූටරේ
25/05/2024

It's me🛵⛈️🇱🇰
#84කූටරේ

⛈️🥶  #84කූටරේ
22/05/2024

⛈️🥶
#84කූටරේ

09/05/2024

මේව විඳින්නම ඕනෙ හැඟීම්...!🎧
#84කූටරේ

Chit Chat🌻 #84කූටරේ
05/05/2024

Chit Chat🌻
#84කූටරේ

මානසික නිදහස🌾 #84කූටරේ
02/05/2024

මානසික නිදහස🌾
#84කූටරේ

K E R A L A 🌾🌅🛵 #84කූටරේ
01/05/2024

K E R A L A 🌾🌅🛵
#84කූටරේ

හඳපානේ ගමන් යන්න❤️😌  #84කූටරේ
26/04/2024

හඳපානේ ගමන් යන්න❤️😌
#84කූටරේ

14/04/2024

ඒ කාලෙ මෙහෙම තියෙන්න ඇති 🏚️🛵
#84කූටරේ

හිත් පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්🌸
12/04/2024

හිත් පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්🌸

රදල පැලැන්තිය🔞 #84කූටරේ
08/04/2024

රදල පැලැන්තිය🔞
#84කූටරේ

past life🌿🛵 #84කූටරේ
06/04/2024

past life🌿🛵
#84කූටරේ

බොමුද සීතල දොඩම් වීදුරුවක්🌚🙂 #84කූටරේ
04/04/2024

බොමුද සීතල දොඩම් වීදුරුවක්🌚🙂
#84කූටරේ

සමහර හමුවීම්🤍🔞 #84කූටරේ
01/04/2024

සමහර හමුවීම්🤍🔞
#84කූටරේ

මෙතරම් කෙටි කාලයකින් මගේ හුටු හුටුවට ආදරෙන් බැඳුනු ආදරණීය සහෘදයිනි❤️ස්තූතියී✨
31/03/2024

මෙතරම් කෙටි කාලයකින් මගේ හුටු හුටුවට ආදරෙන් බැඳුනු ආදරණීය සහෘදයිනි❤️
ස්තූතියී✨

ගමන් බිමන්🧳 #84කූටරේ
30/03/2024

ගමන් බිමන්🧳
#84කූටරේ

🤍🎑 #84කූටරේ
27/03/2024

🤍🎑
#84කූටරේ

සෙල්ලම් බඩු🥹❤️ බේත් ගන්න දොස්තර මහත්තය ලඟට ගියා #84කූටරේ
26/03/2024

සෙල්ලම් බඩු🥹❤️ බේත් ගන්න දොස්තර මහත්තය ලඟට ගියා
#84කූටරේ

FakeTaxi🫢🔞 #84කූටරේ
25/03/2024

FakeTaxi🫢🔞
#84කූටරේ

යාන්පානම් වන්දනා - 02 කොටසනින්දෙන් ඇහැරෙනකොට සරුවාංගෙම තෙත් වෙලා.. දාඩිය ගලනවා හෝ ගාලා! "අඩෝ නැගිටපන්! කීරිමලේ යන්ද නාන්...
22/03/2024

යාන්පානම් වන්දනා - 02 කොටස

නින්දෙන් ඇහැරෙනකොට සරුවාංගෙම තෙත් වෙලා.. දාඩිය ගලනවා හෝ ගාලා!
"අඩෝ නැගිටපන්! කීරිමලේ යන්ද නාන්න"
ඔන්න දැන් කීරිමලේ යන්න තමා ලෑස්තිය.. (කලින් කොටසෙ කීරිමලේ පොකුනෙ පින්තූර වගයක් ඇමිනුවා! නොබලපු අයට කියවා බලාගන්ට ඇහැකී ඕන් ඒකත්! ආයෙ කතාවට.)
ගූගල් සිතියමට සාදු කියාගෙන දැන් යනවා කීරිමලේ..
"මේකෙ නාන්නෙ කොහොමද බං! මේ බේසිකයො ටික ඌරො පැනල වගේ මේක දෙවනත් කරනවනෙ?!"
අපි යනකොටත් කොල්ලො සෙට් එකක් බැහැලා බර ආතල් එකක් ගන්නවා! වතුර මට්ටම පොඩ්ඩක් අඩු නිසාත්, අර සෙට් එක අස්සෙ අපිට බහින්න බැරි නිසාත් අපේ ඊලඟ නාන තොටුපල උනේ කන්කසන්තුරේ!
ඉගුරු දීල මිරිස් ගත්තා වගේ වැඩක්,.! එතන ඊට හපන්! නෑමෙ අදහස් පැත්තක දාල මුහුද මායිමේ ගලක් උඩ අපි දෙන්නත් වෙනම ලෝකවල කරක් ගහන්න ගත්තා! ගොම්මන එන්න එන්නම වැඩි වෙනවා! කන්කසන්තුරේටත් ආයුබෝවන් කියාගෙන ආයෙත් නැවතුම්පොලට සේන්දු උන අපි, රෑ ජාමේ නා කියාගෙන හිම කිරමක රස බලන්න "රියෝ" එකට ඇද්දා. අතරමැද බඩගින්නට පරාටා 5කටත් වගකියලා ආයෙත් බර නින්දක්!
දැන් පහුවදා පැලෑන නාගදීපෙට! උදේම කැම්පස් එකට ගිහින් එතන රාජකාරි අහවර කරල තිත්පොලට එද්දි 12ඉ.. මොන නාගදීපද කියලා ආයෙත් ඩෞන්! 3ට විතර එකෙක්
"මේ නැගිටපන් නාගදීපෙ යන්න"
ඔන්න ආයෙත් එහෙන් මෙහෙන් ලට්ට පට්ට ටිකක් දාන් ගැම්මට අරිනවා නාගදීපේට!

"අයියේ මේ ටයිම් ගියොත් යන්න බැරි වෙයිද?"
“5.30 වෙනකම් බෝට්ටු තියනව මල්ලි, ඖලක් නෑ"

කයිට්ස් පාරේ නේවි එකේ අයියල එක්ක පොඩි චැටකුත් දාලා දැන් ඉගිල්ලෙනවා!

"මෙතනින් හරෝපන්! ආ නෑ නෑ ඉස්සරහ ඉස්සරහ..,මේක මේක යකෝ"
"හු&$නවා දාලා... මොකක්ද ඕඉ මේ පාර"

ජංජාල ගොඩයි... ඒවයි මේවයි ඔක්කොම එක්ක පැය බාගෙට ජැටියෙ!

"මල්ලි දැන් යන්න පුලුවන්. ඒත් ඔයාලට එන්න බැරි වෙයි. එහෙන් අන්තිම බෝට්ටුව තියෙන්නෙ 5ට"

කාල වරෙල්ලකො! අම්ම මුත්තා සිහිවෙන්න පටන් ගත්තෙ එතකොට!

"මොනව කරන්නද! යමන් දැන් ඉතින්.."

දිග හුස්මවල් කිහිපයක් වා තලයට මුදා හැරලා ආයෙත් යාපනේට එන්න පිටත් වුනා.. දැන් දවස් දෙකක් යාපනේට කැප කරල ඉවරයි.. පහුවදා නාගදීපේ මිෂන්.. ටයිම් ප්ලෑන් කරලා, වේග සීමා එහෙමත් දාගෙන ඔන්න පාගනවා ආයෙත්! කොහොම හරි බෝට්ටුවකටත් පැනගෙන දැන් මුහුදු තරණය නාගදීපෙට... (ඒක වෙනම ආතල් එකක්) කොහොම හරි පන්සල ඇතුලට යනකොටම මෙන්න ඉන්නව එකෙක් බෙරේකුත් බැඳගෙන!

"ස් ස් , අඩෝ"
“අම්මට හුඩූ.. කොහෙන් හරි හම්බෙනවා ඈ"
"අඩෝ අම්ම අප්පා දැක්ක වගේ යකෝ"

ඉස්කෝලෙ කාලෙ ඉදන්ම ඉන්න බොක්කක්! අහම්බෙන් සචියව(සචින්ත අයියා) හම්බෙනවා.. නොදන්නා ඉසව්වක ඉද්දි දන්න කියන එකෙක් දැක්කම ඒ එන ගැම්ම, සතුට වචන කරගන්න අමාරුයි මචං! ආගිය තොරතුරු, ඕපදූප, හුප්පද එහෙම අහවර කොරලා සචියටත් ආයුබෝවන් කියල ආයෙත් යාපනේ එන්න පිටත් වුනා!

"මේ තල් රා ටිකක් හොයාගන්න තිබ්බනම්"
"අඩෝ! ඉදපන් බලන්න"

ඔන්න යාපනෙ ඉදල තල් රා හොයන්න ගනේමුල්ලට කෝල් එකක් එනවා. මගේ සහෘද මිත්‍රයා, තම්බපණ්ණි සංගමේ පෙසා (ප්‍රසාද් අයියා)

"මේ නාගදීපෙට යන පාරෙ ඉන්නෙ.. තල් රා ටිකක් ගන්න තැනක් දන්නෑද?"
"ඔහොම්ම ඉන්න තැන ඉදල පොඩ්ඩක් පලයන්. ටිකක් ඇතුලට වෙන්න පාරක් තියනවා! එතන බඩු ඇති"

ගනේමුල්ලෙ එකෙක් යාපනේ රා තියන තැන් දන්නෙ කෝමද? ඒව රස කතා! එහෙන් මෙහෙන් අටවගත්ත දෙමල කෑල්ලක් දෙකක් දාලා තල් රා බෝතලේකුත් අරන් ඔන්න යාපනේට පාගනවා!
වෙලාව දවල් 2ඉ! දවස් තුනක් යාපනේ කරක් ගහපු අපි යාපනේට සුබ ගමන් කියන ගමන් ආයෙත් ගමරට බලා එන්න පිටත් වුනා!

සම්පූර්ණ දුර - 710km
සම්පූර්ණ දවස් - 4යි
ගමන් මාර්ගය - රාජාංගනය>අනුරාධපුරය>රඹෑව>මැදවච්චිය>වව්නියා>කිලිනොච්චිය>සංගුපිඩ්ඩි හරහා යාපනය

සමහර ගමන් තියනවා, ජීවිතේ මැරෙන්න කලින් එක පාරක් හරි යන්න ඕනේ ගමන්. මේකත් එහෙම එකක්! තවත් කොහේ හරි ගමනකින් ආයෙ හම්බෙමු.. එතෙක් අවසරයි!

"අපි හම්බෙයි! යන එන මගතොටක" 🇱🇰🛵
#84කූටරේ #යාල්පානම්වන්දනා

21/03/2024

එකම මානසික මට්ටමේ උන් හම්බෙන්නෙ කලාතුරකින්🌻
#84කූටරේ #යාල්පානම්වන්දනා

ආයුබෝවන්!வநக்கம்! යාල්පානම් වන්දනා - 01 කොටස.මේ ගිනිකන වැටෙන අව්ව සැරත් එක්ක යාපනේ යනව කියන්නෙ හිතන තරම් ලේසි පහසු කටයුත...
19/03/2024

ආයුබෝවන්!
வநக்கம்!

යාල්පානම් වන්දනා - 01 කොටස.

මේ ගිනිකන වැටෙන අව්ව සැරත් එක්ක යාපනේ යනව කියන්නෙ හිතන තරම් ලේසි පහසු කටයුත්තක් නෙමේ!
අව්ව නෙමේ පස් කාගෙන හරි යනව කියල හිතාගෙන සනුහරේ තව එකෙකුත් ඈඳාගෙන ඔන්න නමෝවිත්තියෙන් ගමනාරම්බ උනේ රාජාංගනෙන්!
රාජාංගනෙන් අනුරාධපුරේට ගාටල එතනින් කෙලිංම මැදවච්චිය, වවුනියා හරහා යාපනේට ගාටන එක තමා අරමුණ! පැලෑනෙ විදියට පාන්දරජාමේ ගමන පටන් ගන්න තිබ්බත් පොඩි පොඩි නිදි මත කේස් එක්ක(මගේ) ගමන පහුවදාට කල් වැටුනා! එක හෝසෙට පාගනව දැන්! 10.45ට එලිබැස්ස ගමන 12 වෙද්දි මැදවච්චියේ.

"මේ මගෙ යාලුවෙක් ඉන්නව මෙහේ.මෙහෙ මරු පොට් එකක් තියනවා නාන්න. වෙලක් මැද්දෙ! ඕන්නම් අද මෙහෙ ඉදල හෙට පාන්දර ගියෑකි!”
“මටනම් ඕන එකක්, එහෙනං එහෙම කරමු"

ඔන්න දැන් පසියත්(මගේ සහෘද මිත්‍රයා) කතාවට එන්ටර් වෙනවා... "මේ උඹ ගෙදරද? අපි යාපනේ යනවා! ඔය පැත්තෙන් එන්නද?"
ඔන්න ඔහොම උටත් නොසෑහෙන්න වදයක් වෙලා අපි පලවෙනි දවස එහෙ නැංගුරම් දානවා! දැන් පාන්දර 4ට පිටත් වෙන්න තමා පැලෑන අඳින්නෙ! ඒව මේව අස්සෙ,"පාන්දරට අලි ඉන්නව හැබැයි අයියේ. බලාගෙන යන්න"
බොකු බඩවැලි රත්වෙන්න ගත්තෙ එතකොට. 6v platinum ඇන්ජිමක එලිය ගැන දන්න උන් දන්නව ඇති මං හිතන්නෙ!
"මල හු@$තයි, අඩෝ එලියත් මදි මේකේ! ඕන රෙද්දක් යමන්කො බලන්න"
පාන්දර 5ට මැදවච්චියෙං යාල්පානම බලා ඔන්න ගමන් ආරම්භ කලා! කට්ට කරුවලේ තඩි මීදුම් කැටි කපාගෙන A9 පාරෙ ඔන්න ගැම්මට අරිනවා ටූර් කියාගෙන! අලියෙක් ඇවිල්ල ඇගේ හැප්පෙනකම් පේන්නෙ නෑ! අපිව පාස් කරන් යන වාහන වල ලයිට් එලියට පින් දිදී කෝම හරි පූනෑව, වව්නියා, ඕමන්තේ, ඉරණමඩු පාස් කරන් කිලිනොච්චියට සේන්දු උනා! කිලිනොච්චියෙන් සංගුපිඩ්ඩි පාලම හරහා ඔන්න යාල්පානමට! දැං තමා ආයෙත් බොකු රත් වෙන්න ගන්නෙ.
"මේ රූම් එකක් කලින් දාගන්න බැරි උනානේ! දැං රූම් හොයන එක තමා මෙහෙ කේස් එක, මුන්ට සිංහල බෑනේ"
අහරෙං මෙහෙං අහගෙන, ඇවිදල කරලා, එක එකාට කෝල් කරලා කෝම හරි නාග විහාරෙන් නවාතැන්පොලක් හොයාගත්තා! දැන් ඉතින් 235km කට පස්සෙ සැප නින්දක ආතල් එක ඕනේ ඇඟට! බෑග් රොත්තයි ගෙනාපු ලට්ට පට්ටයි එහෙ මෙහෙ විසිකරලා අපි බර නින්දක් දැම්මා!

ඉතුරු ටික දෙවෙනි කොටසෙන්.,!
#84කූටරේ #යාල්පානම්වන්දනා

අහසත් එක්ක තියෙන්නෙ පුදුමාකාර බැඳීමක්🌅🌾 . #84කූටරේ
16/03/2024

අහසත් එක්ක තියෙන්නෙ පුදුමාකාර බැඳීමක්🌅🌾
.
#84කූටරේ

සමහර තැන්🌅🌾 #84කූටරේ
16/03/2024

සමහර තැන්🌅🌾
#84කූටරේ

මේ තම්බපණ්ණියෙහි යන එන මගක, තවත් යකඩ හදවතක් මුණගැහෙනවා තරම් සතුටක් නම් මා හට තවත් නැත! කෙටියෙන්ම කියතොත්,"ඒක වෙනම එකක් ම...
13/03/2024

මේ තම්බපණ්ණියෙහි යන එන මගක, තවත් යකඩ හදවතක් මුණගැහෙනවා තරම් සතුටක් නම් මා හට තවත් නැත! කෙටියෙන්ම කියතොත්,

"ඒක වෙනම එකක් මචං" ❤️
අපි ආයෙත් දවසක මුණගැහෙමු., ආදරණීය මිත්‍රයා!

#84කූටරේ #බඩකඩිත්තුව

ඉර බැස යන ගොම්මන් යාමේ🌄 #84කූටරේ
08/03/2024

ඉර බැස යන ගොම්මන් යාමේ🌄
#84කූටරේ

- අරුත් හිටියනම් නේද බන්?- ඌව ගෙන්නගමු කෝම හරි! ආයෙ යන්න කලින් රවුමක් දාමු.- උඹල දෙන්න ගියාම මම ආයෙ තනිවෙනව නේද බන්! - ප...
06/03/2024

- අරුත් හිටියනම් නේද බන්?

- ඌව ගෙන්නගමු කෝම හරි! ආයෙ යන්න කලින් රවුමක් දාමු.

- උඹල දෙන්න ගියාම මම ආයෙ තනිවෙනව නේද බන්!

- පිස්සුද උඹට? මිනිස්සු එහෙම තනි වෙන්නෙ නෑ!

C H A S E the S U N 🌄🤍 #84කූටරේ
05/03/2024

C H A S E the S U N 🌄🤍
#84කූටරේ

Sometimes we need a quiet place.🍃✨️
16/02/2024

Sometimes we need a quiet place.🍃✨️

Address


Alerts

Be the first to know and let us send you an email when 84 කූටරේ - kutare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 84 කූටරේ - kutare:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share