තිරික්කලේ - Thirikkalee

  • Home
  • තිරික්කලේ - Thirikkalee

තිරික්කලේ - Thirikkalee වින්දනාත්මක රස්තියාදුවකට ගොඩවෙන්න අපේ තිරික්කලේට.. වින්දනාත්මක රස්තියාදුවක හරවත් වූ රසවත් මතකයන්ට කලාවේ වෙනස් වූ සොබාදහම් එක "තිරික්කලේ"
(19)

රෙඩ්බානා ගමේ හුදකලා වුන "පතන ඇල්ල"තිරික්කලේ ගමන්...
26/06/2024

රෙඩ්බානා ගමේ හුදකලා වුන "පතන ඇල්ල"
තිරික්කලේ ගමන්...

සැනසීමක් තියෙන්නේ කොතනද..? මහා කැලයක් ඇතුලේ සොබාදහමේ කතාවක් අහගෙන මෙහම බලාගෙන ඉන්න එක මොනතරම් සැනසීමක්ද...? ගොඩක්ම රිදෙන...
24/06/2024

සැනසීමක් තියෙන්නේ කොතනද..?

මහා කැලයක් ඇතුලේ සොබාදහමේ කතාවක් අහගෙන මෙහම බලාගෙන ඉන්න එක මොනතරම් සැනසීමක්ද...? ගොඩක්ම රිදෙන හදවතේ අඩියේම තියෙන වේදනා පවා මොහතකට අතුරුදහන් කරන මායාකාරී හුදකලා තැන් තමා මේ....

ගමනක මතක - තිරික්කලේ

උඩවලව යන වෙලාවක නිදහසේ ඉදලා එන්න පුලුවන් තැනක් ගැන කියන්න හිතුනා.Lake view camp udawalawa.  හදිසියේම තිරික්කලේ කස්ටියගේ ...
22/06/2024

උඩවලව යන වෙලාවක නිදහසේ ඉදලා එන්න පුලුවන් තැනක් ගැන කියන්න හිතුනා.Lake view camp udawalawa. හදිසියේම තිරික්කලේ කස්ටියගේ plan එක්කට එකතු වෙමු කියලා තැනක් හොයනකොට අපි හමුවුන ලස්සන තැනක්.. වැවක් ලග තියෙන නිස්කලංක පොල් වත්තක් මැද හදපු ලස්සන තැනක්.
උඩවලව ඉදලා පැය භාගයක විතර දුරකින් තියෙන නිසා පහසුවෙන්ම යන්න පුලුවන්. 20 දෙනකුට ආසන්න පිරිසකට මෙහී නවතැන් ගන්න පුලුවන්. ඒවගේම කෑම බීම පහසුකම් වගේම ලබාදෙන සේවාව ගැනත් අනිවාර්‍යෙන්ම මතක් කරන්නම ඕනේ. ලොකු විස්තරයක් හෙමින් අරන් එන්නම්...
තිරික්කලේ තවත් එක වෙනස්ම රස්තියාදුවක්... අමතක නොවෙන රැයක්.... Travel with Thirikkalee 🥰

අමතක නොවෙන අපි හිටපු තැන්... ගොඩක් අයගේ සෑහෙන්න ලොකු මතක තියෙන තැනක්..Thirikkalee Travel - Trekking                     ...
20/06/2024

අමතක නොවෙන අපි හිටපු තැන්...
ගොඩක් අයගේ සෑහෙන්න ලොකු මතක තියෙන තැනක්..
Thirikkalee Travel - Trekking

කතාවලින් පිරුනු සමහර හවස්වරු හරි රහයි.. දන්නා මිනිසුන්ගේ නොදන්නා කතා එක්කම , නොදන්නා මිනිසුන්ගේ අහපු නැති කතාත් රසකර කර ...
18/06/2024

කතාවලින් පිරුනු සමහර හවස්වරු හරි රහයි.. දන්නා මිනිසුන්ගේ නොදන්නා කතා එක්කම , නොදන්නා මිනිසුන්ගේ අහපු නැති කතාත් රසකර කර අහගන්න මේ හවස්වරු දිගෑරෙන්නේ අමතක නොවෙන දේවල් එක්ක..

තරු අහස යට වෙලාවක අපි මුන ගැහෙමු.. ඒ හවස්වරු රහ කරගන්න ගිනිමැලයක් වටේ වාඩි වෙලා කතා කරමු... අපිට අතෑරුන මොහතවල් මොන තරම් අපරාධයක්ද කියලා හිතෙනකන් හිනාවෙමු... ඔව් එහම දවසක් එනවා..

තිරික්කලේ අපි එක්ක ආපහු යමු... ජූලී මාසේ 13 ⛺️🏕
ගොඩක් කාලෙකට පස්සේ . හැබැයි ඒ හිටිය අපිම තමා. තව විස්තර තියෙනවා..
ඊට කලින් තව වෙනස්ම ගමන් කීපයක් තියෙනවා.
- දූවිලි ඇල්ල දවස් තුනක ගමනක්
- හෝර්ටන්තැන්න හරහා යකාගේ පඩිපෙලෙන් කලුපහනට
- රත්න ඇල්ල මුදුනට

වෙනස් දෙයක් වෙනුවෙන් අපි ආපහු. හැබැයි මේවා සොබාදහමත් එක්ක ඉන්න ආසා අයට විතරයි.. ඔන්න ගියා මෙන්න ආවා වගේ ගමන් නෙවෙයි... මොකද රාමුවෙන් පිට කතා මතක ජීවිතේට ඕන නම් රාමුවෙන් පිටට අඩිය තියන්නම වෙනවා....
එහනම් Thirikkalee එක්ක වෙනස් Travelling experience එක්කට ආයේ සෙට් වෙමු...

fans

සොබාදහම එක්කම ඉන්න පුලුවන් තවත් තැනක්..තිරික්කලේ එක්ක සංචාරය.. විස්තර කියන්නම්
17/06/2024

සොබාදහම එක්කම ඉන්න පුලුවන් තවත් තැනක්..
තිරික්කලේ එක්ක සංචාරය..
විස්තර කියන්නම්

තරු මිලියනේ හෝටල් කාමරයේ රාත්‍රියට සූදානම්... 🏕🏕රෑ හීතලත් එක්ක ගිනිමැලයක් වටේ කතාවකට තමා මේ මුල පුරන්නේ... එහම දවස් මතකද...
12/06/2024

තරු මිලියනේ හෝටල් කාමරයේ රාත්‍රියට සූදානම්... 🏕🏕
රෑ හීතලත් එක්ක ගිනිමැලයක් වටේ කතාවකට තමා මේ මුල පුරන්නේ... එහම දවස් මතකද ..? කොහම අමතක කරන්නද නේද..?

තිරික්කලේ එක්ක ගතවුන සුන්දර දවස්.. ආපහු යමු එහනම් අපි එක්කම..

හවසක 🖤💚
10/06/2024

හවසක 🖤💚

අතරමග දවල් කෑමක්... මේවා ඉතිං අහුලන් කෑමක් තමා...
09/06/2024

අතරමග දවල් කෑමක්...
මේවා ඉතිං අහුලන් කෑමක් තමා...

ගැටෙන එක අඩු වුනාම වැටීම් රිදීම් තැවීම් අඩු වෙනවා... අවබෝදයෙන් අත් හැරීම තුල වේදනා අඩුවී සැනසීම පවතිනවා...හැමදාම පුරුදු ...
08/06/2024

ගැටෙන එක අඩු වුනාම වැටීම් රිදීම් තැවීම් අඩු වෙනවා... අවබෝදයෙන් අත් හැරීම තුල වේදනා අඩුවී සැනසීම පවතිනවා...
හැමදාම පුරුදු සැප පහසු බවින් පොඩ්ඩක් මිදිලා කන්දක් නැගලා කැලයක ඇවිදලා ගීනිමැලයක් ලග වාඩි වෙලා පොඩි වෙනසක් කරාම ජීවිතේ ආපහු අලුත් වෙනවා... එතන වෙනම සැනසීමක්... අල්ලගෙන ඉන්න ජීවන රටාව ඇතුලේ කොයි තරම් නම් බැදීම් හිත් රිදීම් තියෙනවද දැනෙනවද...?
යමු අපි එක්ක .. ඩිජිටල් ලෝකෙන් මොහතකට ඈත් වෙලා... හිත නිදහස් වෙන්න ගිනි මැලයක් වටේ වාඩි වෙලා ආගිය කතාවක් කියන්න....
මොකද කියන්නේ...?
තිරික්කලේ එක්ක ආපහු..? එනවද..?

අවාරයට කලින්.... ශ්‍රීපාදයAdam's peak / Sripaadaya
07/06/2024

අවාරයට කලින්.... ශ්‍රීපාදය
Adam's peak / Sripaadaya

දේවල් දකිනකොට හිතෙනවා ඇත්තටම මේ ලංකාවද කියලා... මේ රටේ භූමී විවිධත්වය ,දේශගුනික විවිධත්වය වගේම සංස්කෘතික විවිධත්වය සංචාර...
06/06/2024

දේවල් දකිනකොට හිතෙනවා ඇත්තටම මේ ලංකාවද කියලා... මේ රටේ භූමී විවිධත්වය ,දේශගුනික විවිධත්වය වගේම සංස්කෘතික විවිධත්වය සංචාරක අත්දැකීම හරි ලස්සන කරනවා.. ඒක විවිධ රස වගේම විවිධ හැඩ එකතු කරනවා.. මේ රට ඇතුලේ ඇවිදන් යනකොට මේ හැමදේම අත්විදින්න දකින්න සූදානම් වෙලා ඉන්නම ඕනේ..
මොන තරම් දේවල් අපිට මෙහම මග හැරිලා ඇතිද..?
මේ ආරුගම්බේ වෙරල තීරයේ..
📷 - බුද්ධි මල්ලිගේ

06/06/2024

4 Followers, 0 Following, 20 Likes - Watch awesome short videos created by තිරික්කලේ

"ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා....."එහම මතකත් සමහර වෙලාවට මතක් වෙනවා ඇති සමහරුන්ට මේ වැස්ස දකිනකොට.... ඇවිදපු මතක .. ...
05/06/2024

"ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා....."
එහම මතකත් සමහර වෙලාවට මතක් වෙනවා ඇති සමහරුන්ට මේ වැස්ස දකිනකොට....
ඇවිදපු මතක .. 🥰🥰🥰
Travel Memories with Thirikkalee

ආපහු යන්න කාලේ ලං වෙලා කියලා දැනෙනවා... 🚩🚩ඒ කදු ටික, දිය ඇලි, කූඩැල්ලෝ කතා කරනවා ඇහෙනවා.... හැම ගමනක් අවසානයේම ආපහු නම් ...
04/06/2024

ආපහු යන්න කාලේ ලං වෙලා කියලා දැනෙනවා... 🚩🚩
ඒ කදු ටික, දිය ඇලි, කූඩැල්ලෝ කතා කරනවා ඇහෙනවා.... හැම ගමනක් අවසානයේම ආපහු නම් ආයේ එන් නෑ කියලා හිතාගෙන ආවට මොකද ඒ ගමන නැතුවම සෑහෙන්න පාලුයි.. මොන තරම් ගියත් එපා නොවෙන ගමනක්...
දූවිල්ල, දුම්බර ඉක්මනට ආපහු එනවා...

විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන......මධ්‍යම පරිසර අධිකාරිය මධ්‍යස්ථාන 97ක දී විද්‍යුත් හා ඉලෙක...
03/06/2024

විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන......මධ්‍යම පරිසර අධිකාරිය මධ්‍යස්ථාන 97ක දී විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කරයි....

නිදහසේ සැනසීමේ දැනෙන්නට හුස්මක් ගන්න... අතෑරලා දාන්න හිතට දැනෙන පීඩන ඔක්කම.... මේ රට තාම ඔයාලා හරියටම දැකලා නෑ....📸 - බු...
29/05/2024

නිදහසේ සැනසීමේ දැනෙන්නට හුස්මක් ගන්න... අතෑරලා දාන්න හිතට දැනෙන පීඩන ඔක්කම....
මේ රට තාම ඔයාලා හරියටම දැකලා නෑ....

📸 - බුද්ධී මල්ලී

දැන් නම් ඕනේ මෙහම තැනක පොඩි නිදහසේ පාඩුවේ ඉන්න පුලුවන් දවස් දෙක තුනක නිවාඩුවක්... මේ ඩිජිටල් ලෝකෙන් පොඩ්ඩක් මිදිලා ටිකක්...
16/05/2024

දැන් නම් ඕනේ මෙහම තැනක පොඩි නිදහසේ පාඩුවේ ඉන්න පුලුවන් දවස් දෙක තුනක නිවාඩුවක්... මේ ඩිජිටල් ලෝකෙන් පොඩ්ඩක් මිදිලා ටිකක් නිදහසේ පාඩුවේ ඉන්න තියෙනවා නම් දැන් ඒක හොදයි කියලා හිතෙන් නැද්ද..?

මාර ගහ යට රොටී කඩේ... කොස්ලන්ද බෙරගල දියලුම හරහා යනවා නැවතිලා කන්න වටින තැනක්... උදේ පාන්දර පොඩ්ඩක් අවුස්සලා ගන්නත් එපැය...
08/05/2024

මාර ගහ යට රොටී කඩේ... කොස්ලන්ද බෙරගල දියලුම හරහා යනවා නැවතිලා කන්න වටින තැනක්... උදේ පාන්දර පොඩ්ඩක් අවුස්සලා ගන්නත් එපැයි....
තිරික්කලේ යන ගමං

ලස්සන පැහෑදිලි දවසක සිරිපාදය...උතුම් සිරිපා වාරයට..
07/05/2024

ලස්සන පැහෑදිලි දවසක සිරිපාදය...
උතුම් සිරිපා වාරයට..

සොබාදහමේ පාට වල හැඩ.... මේ හවස් වෙලාවක ගමක පුංචි තේ කඩේක තියෙන නිදහසත් එක්ක එකතු වුන සැනසීමේ සුන්දරත්වය.. රොටියට සම්බෝලේ...
03/05/2024

සොබාදහමේ පාට වල හැඩ.... මේ හවස් වෙලාවක ගමක පුංචි තේ කඩේක තියෙන නිදහසත් එක්ක එකතු වුන සැනසීමේ සුන්දරත්වය.. රොටියට සම්බෝලේට කහට කෝප්පෙට හකුරු කෑල්ලට එකතු වුන ජීවිත අරගලේ කතා කතන්දර බෙදාගන්නා මොහතක්... කියන තරම් සුන්දර ජීවිත නැතිවුනත් සරල සුන්දර හවස් වරුවක්..
තිරික්කලේ අපිට ඔය කොයි හැඩෙත් අලුත්.. ඒ රහ නොබලා නොවිද අපි යන්නේ නෑ...
තිරික්කලේ ගමනක් අතරතුර..

මතක කදු.. 💚💚තිරික්කලේ එක්ක ගිය ගමන්... වෙලාවක් හදාගෙන අපි එක්කම යන්න තියෙන ගමන් තමා මේ... වරුගානක් වාඩිවෙලා ජීවිතේ දිහා ...
01/05/2024

මතක කදු.. 💚💚
තිරික්කලේ එක්ක ගිය ගමන්... වෙලාවක් හදාගෙන අපි එක්කම යන්න තියෙන ගමන් තමා මේ... වරුගානක් වාඩිවෙලා ජීවිතේ දිහා බලාගෙන ඉමු..

තිරික්කලේ

නිවී සැනසිල්ලෙ නතර වෙලා විදගන්නහවසක මතක ....♥️
26/04/2024

නිවී සැනසිල්ලෙ නතර වෙලා විදගන්න
හවසක මතක ....♥️

දුකක් නොදැනෙන සිතක් නොරිදෙන වැඩි වැඩියෙන් අවිදිනසොඳුරු දවසක් වේවා ♥️
25/04/2024

දුකක් නොදැනෙන
සිතක් නොරිදෙන
වැඩි වැඩියෙන් අවිදින
සොඳුරු දවසක් වේවා ♥️

"කතා කියන කදු මුදුන්වල නවතින්න...." හැබෑයි ලේසි නෑ.. අමාරුවෙන් හරි ඒ දේ කලොත් ලස්සන කතාවක් ජීවිතේ මතකයක් විදිහට එකතු වෙය...
23/04/2024

"කතා කියන කදු මුදුන්වල නවතින්න...."
හැබෑයි ලේසි නෑ.. අමාරුවෙන් හරි ඒ දේ කලොත් ලස්සන කතාවක් ජීවිතේ මතකයක් විදිහට එකතු වෙයි... වාඩිවෙලා අහගෙන ඉන්න කතාවක් කදු හෙමින් ලස්සනට ආදරෙන් කියයි... පිලිගන්නේ නෑ නේද ඒවා එහමයි කියලා.. දවසක කරලා බලන්න.. ඇත්තටම ඒ කදු කතා කරනවා...
මතක තියාගන්න "කදු කතා කියන්නේ ඔයා අහන්න ලෑස්ති නම් විතරයි..."
තිරික්කලේ ගමනේ
.

එහම බහින් නැතුව අතාරින්න පුලුවන් තැන්ද මේවා...කලුවා වැටුනු ඇල්ල - හසලක , මහියංගණය
20/04/2024

එහම බහින් නැතුව අතාරින්න පුලුවන් තැන්ද මේවා...

කලුවා වැටුනු ඇල්ල - හසලක , මහියංගණය

ගම්මානේ සොදුරු සෝබා..... 😃😃😃පික්සු හැදෙනවානේ ඉතිං මෙහම හවස් දැක්කම
19/04/2024

ගම්මානේ සොදුරු සෝබා..... 😃😃😃
පික්සු හැදෙනවානේ ඉතිං මෙහම හවස් දැක්කම

වැඩි වැඩියෙන් ඇවිදින්න ලැබෙන , පරිසරයට මේ සොභාදහමට වැඩි වැඩියෙන් ආදරේ හිතෙන, හිතේ නිදහස සැනසීම වැඩිවෙන සුභම සුභ කරගන්න ශ...
14/04/2024

වැඩි වැඩියෙන් ඇවිදින්න ලැබෙන , පරිසරයට මේ සොභාදහමට වැඩි වැඩියෙන් ආදරේ හිතෙන, හිතේ නිදහස සැනසීම වැඩිවෙන සුභම සුභ කරගන්න ශක්තිය වාසනාව ලැබෙන සුභ අලුත් අවුරුද්දක් පතනවා ඔබ සියලු දෙනාටම...

මේ අවුරුද්දත් තිරික්කලේ එක්ක ඉමු... 😊😊😊

නිස්කලංක සුරක්ෂිත වටපිටාවක තියෙන නිසා ඕන කෙනෙක්ට ඇවිත් විවේකීව ඉන්න පුළුවන් නියම තැනක්...🚩🚩🚩🚩🚩ගාල්ල පැත්තේ ගිහින් කාලය ග...
10/04/2024

නිස්කලංක සුරක්ෂිත වටපිටාවක තියෙන නිසා ඕන කෙනෙක්ට ඇවිත් විවේකීව ඉන්න පුළුවන් නියම තැනක්...🚩🚩🚩🚩🚩

ගාල්ල පැත්තේ ගිහින් කාලය ගත කරන්න හොඳම තැනක් තමයි කුනන්දුරු විලා 😍🇱🇰.

🔳 Location - Galle - Boossa

🔴 කපල් වලටත් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ලස්සන තැනක් 😘♥️👩‍❤️‍💋‍👨♥️

🔴 යාළුවෝ පවුලේ අය එක්ක පාටි දාන්න කියාපු තැනක්.

🔴 ගාල්ලටම ආවේණික කෑම බීම ජාති කන්න පුළුවන් තැනක්.(සීල සඩිච්ච් )

🔴ගාල්ල,උණවටුන සහා හික්කඩුවට ඉතා කෙටි වෙලාවකින් ලගා වීමට හැකියාව වගේම ගාල්ලේ නැරඹීමට හැකි සැම තැනකටම ඉතා පහසුවෙන් යන්න පුළුවන් .😍

🔴බොහෝ වශයෙන් දේශීය හා විදේශිකයන්ගේ අාකර්ෂණය දිනා ගත් තැනක් තමයි මේ.

🔴නිදහසේ විනෝදයක් දාලා ගිහින් ඉන්න හොද තැනක් තමයි මේ .❤👌

හිත මිතුරන්,පවුලේ සියලු දෙනා සමග ගොස් නිදහසේ කාලෙ ගතකරන්න නම් මෙතන මරු.ගොඩක් සුන්දර අත්දැකීමක් වගේම පහසුකම් රැසක් මෙතනට ගියොත් ඔයාලට ලබාගන්න පුලුවන් 😍🤩 .

ඇවිත් බලන්න ආස හිතෙයි 🙏😘

Hurry up for more details,

📞 Call now - 0775696614 /0777934341

යන්නම ඕනි තැනක් අවුරුදු නිවාඩුවට..

" ගග දිගේ "හිටපු ගමන් ට්‍රැක් එකෙන් පිට පනින්නත් ඕනනේ.. ඇත්තටම ඒකට අපේ ට්‍රැක පනින්නත් ඕනා.. එකම රාමුවක ඉන්නවට වඩා එහෙන්...
10/04/2024

" ගග දිගේ "
හිටපු ගමන් ට්‍රැක් එකෙන් පිට පනින්නත් ඕනනේ.. ඇත්තටම ඒකට අපේ ට්‍රැක පනින්නත් ඕනා.. එකම රාමුවක ඉන්නවට වඩා එහෙන් මෙහෙන් පොඩ්ඩක් වෙනස් රස්තියාදුවකුත් ගහන්නම ඕනේ... මිනිස්සු කානු දිහා බලන් ඉන්නවා අඩුයිනේ.. වෙනස් වෙවී යන ඇලදොල දිහානේ ආසාවෙන් බලන් ඉන්නේ...
වෙනසක් කරලා බලන්න..

Address


Alerts

Be the first to know and let us send you an email when තිරික්කලේ - Thirikkalee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to තිරික්කලේ - Thirikkalee:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share