US Tours Sri lanka

  • Home
  • US Tours Sri lanka

US Tours Sri lanka US Tours Lanka (pvt)Ltd is a sri lankan owned and operated Travel company .and it has been helping
(19)

US Tours lanka (pvt) ltd has been a pioneering name in the leisure sector based in kandy sri lanka. Tailor making holidays for over 8 years to people all over the world. This service is efficient yet friendly ,professional yet personalized,qualitative yet good value for money .will welcome you on arrival and from then on we will take care of your transport needs.whether it is a car with priva

te chauffeur guide or a bus tour with national guide .mind you we also provide different language speaking guides depending on your specific requirements .you will then be taken to your hotel or tours and will take you back to the airport for your return journey back home .

23/03/2024
01/03/2024
04/10/2023

අපේ උන් ❤️

අව්රුදු 17ක් තිස්සේ Asian games වල Athletics වලට කිසිම medal එකක් නැහැ.... දවස් දෙකයි medal 4යි...

අව්රුදු 17කට පස්සේ first medal එක Nadeesha for Javelin throw.

අව්රුදු 22කට පස්සේ first gold medal එක Tharushi for 800m

4*400 දුවපු කෙල්ලෝ and කොල්ලෝ දෙගොල්ලෝම bronze

20/08/2023

2023

20/08/2023

දළදා පෙරහරේ වැඩමවන්නෙ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පුජාකරපු කරඬුවයි.

දළදා පෙරහරේ වඩමවන කරඬුවට කවුරුත් අප්‍රමාණ ගෞරවයක් දක්වනවා. පෙරහරේ මේ වැඩමවන්නේ දළදා වහන්සේ යැයි ගෞරව දක්වනවා.
දළදා වහන්සේ වැඩ ඉන්නේ කරඬු හතක් තුළයි. ඉතින් ⁣දළදා වහන්සේ එළියට වැඩමවන්නේ සුවිශේෂිම අවස්ථාවකයි.

පෙරහරේ වැඩම වන්නේ දළදා වහන්සේ නොවේ. දළදා වහන්සේ වැඩසිටින විශාල කරඬුව ළගටම ගිහින් හෝ දුරින් දැක හෝ ඔබ වන්දනා කර ඇති. ඒ විශාල කරඩුව පුජාකර ඇත්තේ පළමුවන විමලධර්මසූරිය රජතුමා. ඉතින් ඒ කරඬුවළගම තිබෙනවා පොඩි කරඩුවක්. ඒ තමයි පෙරහ⁣ර කරඩුව. අන්න ඒ පෙරහර කරඬුව තමයි පෙරහරේ දී වැඩම කරවන්නේ.

1707 - 1739 දක්වා රට පාලනය කරපු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තමයි සිංහල රාජාවලියේ අවසන් රජතුමා. ඉන්පස්සේ රජවුණේ නායක්කාර වංශික රජවරු. එහෙම රජවරු හතරදෙනෙක් අපිට හිටියා. මේ අය අත⁣රින් බොහෝම ගෞරවනිය රජ කෙනෙක් තමයි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. මෙතුමා බොහෝම ලාබාල වියේදි තමයි රජවුණේ. එතුමා ආගමික හා ⁣සාහිත්‍යය කේෂ්ත්‍රයට ගොඩක් වැඩකරපු රජ කෙනෙක්.

ඉතින් වසර 8ක් පමණ උඩරට රජ වූ ශ්‍රී විජයරාජසිංහ රජතුමාගේ මරණයෙන් පස්සේ රජවුනේ එතුමාගේ බිසවගේ සොයුරාවු කීර්ති ශ්‍රී රාජසිංහ. මෙතුමා රජ වනවිට රජවාසලේ නායක්කාර් වංශිකයන් හා සිංහල රදලයන් අතර ගැටුම් තිබුණා බලය ගන්න. රජතුමා බුදුදහම කෙරෙහි නැඹුරුවුණා. නිතරම මහ සගරුවන ඇසුරු කළා .මේ කාලයේ ලංකාවේ උපසම්පදා ව අතුරුදන් වෙලා තිබුණේ. මේ නිසා රජතුමා වැලිවිට සරණංකර හිමියන් සමඟ මේකට විසදුමක් සාකච්ජා කළා. පස්සේ තායිලන්තයෙන් උපසම්පදාව ගෙන ඒමට තීරණය කළා. ඒඅනුව තමයි 1753 දි සියම හෙවත් තායිලන්තයෙන් උපසම්දාව ගෙන ඒමට රජතුමා දුතයන් යැව්වේ. ඒ උපසම්දාව රැගෙන ආවේ තායිලන්තයේ උපාලි හිමිපාණන් ඇතුළු පිරිසයි. ඉන් පස්සේ තමයි සියම් නිකාය බ්හිවුණෙත්.

දළදා පෙරහරේ දී දළදා වහන්සේ වැඩමවන්න රජතුමා හා සංඝරාජ හාමුදුරුවෝ කැමැතිවුනේ නැහැ. ඒ දළදා වහන්සේගේ ආරක්ෂාව සදහායි. ඉතින් රජතුමා අලුත් කරඬුවක් හදන්න නියම කළා. ඒ තනි රත්තරනින් තමයි කරඬුව හැදුවේ. ඔන්න දැන් එහි තැන්පත් කරන්නේ මොනවාද කියලා රජතුමා කල්පනා කළා.

පෙරහරේ දළදා වහන්සේ වැඩම නොකළත් ඒ සංකේතවත් කරමින් රජතුමා මේ කරඬුවේ තැන්පත් කළේ එතුමා වන්දනා මාන කරපු ධාතුන් වහන්සේලා. රන් කරඬුවේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා රජතුමා එය මාලිගාවට පුජාකර තිබෙනවා. හැබැයි ඒ නිකම්ම නොවේ. එතුමාගේ කරේ තිබුණු වටිනා රන්මාලයත් මේ කරඬුවේ පළදලයි පුජාකලේ. අන්න ඒ කරඬුව තමයි අදත් පෙහෙරේ වැඩමවන්නේ. ඒ වගේම කරඬුව නිකම්ම අලියා පිට තැන්පත් කරන්න බැහැනේ. ඒ නිසා රජතුමා අලියා පිට නැග විථි සංචාරය කරනවිට ඉඳගෙන යන ආසනය ඒ කියන්නේ අවුඩාවත් රජතුමා පරිත්‍යාග කළා. ඒ අවුඩාව පෙරහර කරඬුව වඩමම්න්න දුන්නට පස්සේ රජතුමා කිසිම දිනක ඇතා පිටේ ගිහින් නැහැ කියලයි කියන්නේ. ඒ වගේම රන්සිවි ගෙයත් රජතුමා අලුතින් හදලම දුන්නා. අන්න ඒ රන්සිවි ගෙයි තමයි 1993 වෙනකල් පෙරහර කරඬුව වැඩකරවුයේ. ඒ රන්විසි ගෙය 1993 න් පස්සේ දළදා මාලිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා .

මේ පෙරහරෙ වැඩමවන කරඬුවේ රන්මාල බොහෝ තිබෙනවා ඔබ දැක ඇති. ඒ සියල්ල රජවරු, බිසෝවරු, අධිකාරම්වරුන් ඇතුළු පිරිස පුජාකරපු ඒවා. ඒ වගේම කරඬුව හදා පුජකළ කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පෑලදු මාලයත් එහි තිබෙනවා. ඒ වගේම වර්තමානයේත් කරඬුවට රන්මාල පුජාකර තිබෙනවා. ඒ වගේම මහ කරඬුවට පළදලා ඉවත්කරන රන්මාලත් මේ කරඬුවට තමයි පළදන්නේ. මේ කරඬුවේ තියෙන ආභරණ ගැන මාලිගාවේ ලේකම් පොතේ සටහන්ව තිබෙනවා. ඒ ආභරණ කවුද පුජාකළේ මොන අවුරුද්දේද යන විස්තර ඒ පොතේ තියෙනවා.

පෙරහර කරඬුව අවසන් රන්දෝලි පෙරහරෙන් පස්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැන්පත් කරලා තමයි දියකපන්න යන්නේ. ඉතින් කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කරන්න කලින් මාලිගාවේ ලේකම් කෙනෙක් එහි ඇති ආභරණ ගැන ලේඛනය කියවනවා. එය අස්ගිරි මහනාහිමියන් පරික්ෂා කිරිමෙන් පස්සේ කරඬුව සුදු රෙද්දකින් ඔතලා ලාකඩ වලින් සීල් තියනවා. ඒ ලාකඩ උඩ දියවඩන නිලමේ තුමාගේ මුද්‍රාව තබනවා. ආපහු දවල් පෙරහරට කරඬුව එළියට වඩම්මන්නේ මුද්‍රාව ඉවත්කර අර විදියටම ආභරණ ගැන ලේඛනය කිව්වාට පස්සේ.

ඉතින් නුවර යුගයේ දළදා පෙරහර ඇරඹු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තව බොහෝ පන්සල් නිර්මාණය කළා. මල්වතු විහාරය, දෙගල්දොරුව විහාරය ඒ අතර ප්‍රධාන වෙනවා .ඒ වගේම මෙතුමා කැලණි විහාරයත් ප්‍රතිසංස්කරණය තිබෙනවා. මේ.කාලයේ හින්දුන් අල්ලාගෙන සිටි ශ්‍රී පාදස්ථානය යළිත් අපිට උරුමකර දුන්නෙත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමායි. මෙතුමාගේ කාලයේ ලන්දේසින් දළදා මාලිගාව ගිනිබත්ක කළා. රජතුමා ඊට පෙර දළදා වහන්සේ ආරක්ෂිත ස්ථානයක තැන්පත් කළා. පස්සේ යළිත් එතුමා මාලිගාව හැදුවා. ලන්දේසින් එහෙම කලේ එතුමා 1761දි පහතරට ලන්දේසි බලකොටුවට පරදුන් නිසයි.

ඉතින් දළදා ⁣පෙරහරේ අදත් වඩම්මන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පුජාකරපු කරඬුවයි. අපේ සාහිත්‍යයට හා බුදුදහමට මහ මෙහෙයක් කරපු මෙතුමා බුදුදහම වැළදගත්තා කියලත් කියනවා. කොහොම වුණත් අපමණ සේවාවක් කරපු රජතුමා1782 දි මියගොස් තිබෙනවා. ඒ රජතුමා ආදාහනය කර ඇත්තේ අස්ගිරි ගෙඩිගේ විහාර භූමියේදි. එතුමාගේ ස්මාරකය ඉංග්‍රීසි සමය වෙනතුරු ගෙඩිගේ විහාර භූමියේ තිබුණත් ඉංග්‍රීසින් මාතලේ දුම්රිය මාර්ගය හදනවිට ඒ සියලු සොහොන් කඩා දමා තිබෙනවා.

සටහන: ධර්ම ශ්‍රී බණ්ඩාර තිලකවර්ධන. (ලක්බිම පුවත්පතේ හිටපු ප්‍රධාන උප කතෘ)
ඡායාරූපය: බුද්ධික රොෂාන් - ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය.

15/08/2023
14/08/2023
24/06/2023
Seeing is believing ...😍🇱🇰❤️🔥💯Visit this magical island with your Own eyes! Simply write us:ustourskandy@gmail.com      ...
27/03/2023

Seeing is believing ...😍🇱🇰❤️🔥💯
Visit this magical island with your Own eyes! Simply write us:[email protected]

Ciao 🙏
24/12/2022

Ciao 🙏

US Tours Lanka (pvt)Ltd Has won 2022 travelers choice Awards on TripAdvisor.
13/11/2022

US Tours Lanka (pvt)Ltd Has won 2022 travelers choice Awards on TripAdvisor.

  😃
31/10/2022

😃

20/06/2022


Address


Alerts

Be the first to know and let us send you an email when US Tours Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to US Tours Sri lanka:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share