Halloluwa Tours

  • Home
  • Halloluwa Tours

Halloluwa Tours We are committed to providing you with an unforgettable and inspiring trip while ensuring your happiness and comfort throughout the journey.
(9)

With the wealth of experiance backing us, we, the Hallouwatours and our partners, are delighted to offer you the best possible travel experience, throughout your journey, with a distinct consideration for context and quality. Please do not hesitate to contact us for any additional information on our services.
071 195 33 53
[email protected]
www.halloluwatours.com

05/06/2024

බුද්ධ භූමි නෙත් පුරා දාකිමින් …. සිත් පුරා විදිමින්….. පින් පුරා වදින්නට එන්න ඔබත්.... haloluwa tours හා
වන්දනා කරනු ලබන සැදැහැති ස්ථාන-: ලුම්බිණිය (නේපාලයේ) / බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය, සේනානිගම, දුෂ්කර ක්‍රියා කළ ස්ථානය / බරණැස, ඉසිපතන මිගදාය, මූලගන්ධකුටි විහාරය/ කුෂිනගරය, පිරිනිවන් මංචකය, ආදාහන චෛත්‍යය, පැන් වැළඳූ ස්ථානය/සැවැත් නුවර, ජේතවනාරාමය හා ආනන්දබෝධිය/ රජගහනුවර/ ගිජ්ජකූටය/ නාලන්දාව/ විශාලා මහනුවර/ කපිල වස්තුපුර/ සංකස්ස ඇතුළු සියලුම සිද්ධස්ථාන වන්දනා කෙරේ. මීට අමතරව ලක්නව් / කාන්පූර්/ අග්‍රා ටජ්මහල්/ දිල්ල නගරසිරි/ කපිල වස්තු සර්වඥ ධාතු වන්දනාව සහ සාප්පු සවාරි ද ඇතුළත්ය.
දින 14 චාරිකාව-: ගණන 245000/=
ඔබට ලැබෙන පහසුකම් පහතින්-:
දක්වා ඇත
⭕ ගමන් වාර 110 කට වඩා ඇති අත්දැකීම් සහ ( ආරම්භය 1993 ,විශ්වස්නිත්වයේ පලපුරුද්ද )
⭕ කොළඹ සිට දිල්ලි යෑමට-ඒමට ගුවන්ටිකට්පත්
⭕ සංචාරය සඳහා වීසා
⭕ තුන් වේලටම ආහාර
⭕ බීමට බෝතල් කල පානීය ජලය.
⭕ සියලුම ස්ථානයන්ට ඇතුලත්වීමේ ගාස්තු. (ටජ්මහල් මන්දිරය හැර)
⭕ අනුබද්ධ නාන කාමර සහිත සුවපහසු නවාතැන්.
⭕ කිලෝ 30ක් බර රැගෙන යා හැකි බෑගයක් හා අත් බෑගයක්.
⭕ වායුසමීකරණය කළ Air Suspension සහිත බස්රථ.
⭕ චාරිකාව පුරාවටම මග පෙන්වන්නකු සහභාගීවීම.
⭕ නවදිල්ලියේ දී සහ අනෙකුත් ස්ථානයන්හි දී සාප්පු සවාරි
⭕ ලක්ෂ පහක හදිසි අනතුරු රක්ෂණාවරණයක්.
⭕ වන්දනා චාරිකාවේ ඔබගේ ඡායාරූපවල මෘදු පිටපත් (අවශ්‍යනම් ) ⭕ බුද්ධගයාවේ දී කිරිපිඬු සහ විලඳ මී පැණි පූජාව
⭕ කංචුක පූජා, ගිලන්පස සහිත බෝධි පූජා
⭕ වස්ත්‍ර පූජා, චීවර පූජා, අටපිරිකර පූජා
⭕ සාංඝික දාන පූජා කිරීම්
⭕ සර්වඥ ධාතු වන්දනාව සහ ආශිර්වාද පූජා මේ සියල්ල අපෙන් ඔබට.... .
සැ: යු : චාරිකාව අතර තුර කිසිදු අමතර මුදලක් අය නොකෙරේ ,
වාර්ෂිකව පෙබරවාරි ,මාර්තු ,අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් මාසයන්හි
පිටවීම්
ඔබත් අදම සම්බන්ද වන්න ☎
Whatsup -:0777719830
🔴 හල්ලොලුව සංචාරකයෝ. එච්. කේ. ඩබ්.සී. මහේන්ද්‍ර හල්ලොළුව
අංක 97, පොල්ගහහේන පාර ,දකුණු බටගම ,කදාන ☎ 0777719830

භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු පරිනිර්වාණ  දක්වා ගමන...භාණ්ඩ ග්‍රාමයට වැඩීමඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙන් භාණ්ඩග්‍ර...
28/05/2024

භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු පරිනිර්වාණ දක්වා ගමන...
භාණ්ඩ ග්‍රාමයට වැඩීම
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙන් භාණ්ඩග්‍රාමයට වැඩි සේක. වැඩ එහි දී ආර්‍ය්‍ය ශීල, ආර්‍ය්‍ය සමාධි, ආර්‍ය්‍ය ප්‍රඥා, ආර්‍ය්‍ය විමුක්ති යන සතර ධර්මයන් අනුබෝධ ප්‍රතිවේධ නො කිරීම් හේතුයෙන් තමන් වහන්සේත් භික්ෂු සමූහයාත් දික් සසර හැසුරුණු බවත්, එහෙත් දැන් ඒ සතර ධර්මයෙන් අනුබෝධ ප්‍රතිවේධ කළ බවත්, තෘෂ්ණාව සුන් කළ බවත්, එ හෙයින් ඉන් මතු භවයක් නැති බවත් වදාළ සේක. එහි වැඩ හිඳිමින් ශීල සමාධි විමුක්තීන් පිළිබඳ කථායෙන් ම කල් ගෙවූ සේක.

අම්බග්‍රාමදිය පසු කිරීම

එයින් පිටත්ව පිළිවෙළින් හස්තිග්‍රාමය, ආම්‍රග්‍රාමය, ජම්බුග්‍රාමය යන ගම් පසු කොට භෝගනගරයට වැඩ එහි ආනන්දචෛත්‍ය ස්ථානයෙහි වුසූසේක. එහි දී භික්ෂූනට සතර මහා උපදේශයන් 219 වදාළ සේක.

පාවා නුවරට වැඩීම

එහි ටික දිනක් වැස ඉන් පිටත්ව පාවා නුවරට වැඩ එහි චුන්දකාර්මාර පුත්‍රයා ගේ අඹ වනයෙහි වූ විහාරයෙහි වුසූ සේක. චුන්දකාර්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වැඩි බව අසා එහි ගොස් වැඳ පසෙක උන්නේ ය. ඔහුට බුදුරජාණන් වහන්සේ බණ වදාළ සේක. සතුටු වූ චුන්ද තෙම දනට නිමන්ත්‍රණය කොට ගොස් පසු දා බුද්‍ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මධුර වූ ඛාද්‍ය භෝජ්‍යයෙන් සංග්‍රහ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ භෝජනාවසානයෙහි චුන්දයාට අනුමෝදන බණ වදාරා එයින් නික්ම වැඩි සේක.

රෝගය මතුවීම

පෙරැ බේලුව ගම දී ලෝහිත පක්ඛන්දිකා රෝගය හට ගත් විට භාග්‍යවතුන් වහන්සේ එය දස මසක් ම නො හට ගන්නා ලෙස අධිෂ්ඨාන කොට සමාපත්ති බලයෙන් මැඩලූ සේක. ඒ දස මස ගත වූ බැවින් සැඟවී තුබුණු රෝගය මතුවිය. ඒ මතු වූයේ චුන්දයා ගේ දානය වැළැඳීමෙන් පසුය. එහෙත් චුන්දයාගේ සිනිඳු වූ බොජුන් වැළැඳි හෙයින් රෝගය මුල දී මෙන් බලවත් ව නො නැංගේ ය. එ භෝජනය නො වැළඳු සේක් නම් එ දින රෝගය ඉතා බලවත් ව දරුණු ලෙස නැඟෙන්නේ ය. සමාපත්ති බලයෙන් එ දිනත් එය මැඩ පැවැත්විය හැකි වුවත්, බුද්‍ධ ශරීරය පවා රෝග පීඩාවනට ගොදුරු වන බවට සිය සිරුර ම ආදර්ශ කොට පෙන්වා භවය කෙරෙහි සිය සව්වන් කළකිරුවීමෙහි අදහසින් ටික වේලාවක් රෝගය එසේ ම තිබෙන්නට ඉඩ හැරි සේක.

පුක්කුස නම් මල්ලරාජ පුත්‍රයා පැහැදීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස කැටුව කුසිනාරා පුරයට වඩනා සේක්, ක්ලාන්ත බව දන්වා මහ රුකක් මුල හිඳගත් සේක. එසේ හිඳ පිපාසා ඇති බව වදාරා අනඳ තෙරුන් ලවා පැන් ගෙන්වා වැළඳු සේක. එ කල්හි ආළාරකාළාම තවුසාගේ ශ්‍රාවකයෙක් වූ පුක්කුස නම් මල්ල රාජ පුත්‍රයෙක් කුසිනාරාවේ සිට පාවා නුවරට යන්නේ රුක් මුල හුන් බුදුරජාණන් වහන්සේ දැක වැඳ පසෙක හිඳ ගත්තේ ය. එසේ හුන් ඔහුට භාග්‍යවතුන් වහන්සේ බණ වදාරා ඔහු ශරණ ශීලයෙහි පිහිටුවා, ඔහු පිදූ රන්වන් මට සිලුටු වස්ත්‍ර දෙකින් එකක් තමන් වහන්සේ පිළිගෙන අනෙක අනඳ තෙරුනට පිළිගන්නවා ඔහුට බණ වදාළ සේක. ඔහු ගිය පසු අනඳ තෙරණුවෝ තමා ලත් වස්ත්‍රයත් භාග්‍යවතුන් වහන්සේට එළවූහ. බුදුරජාණන් වහන්සේ එකක් හැඳ අනෙක පෙර වූ සේක. එ කලැ උන් වහන්සේ ගේ ශරීරය එදා වැළඳු විශිෂ්ට ආහාර හේතුයෙනුත් “පෙර බුදුවරයන් වැඩි අමාමහ නිවන් පුරට අද ප්‍රවිෂ්ට වන්නෙම්” යැ යි හටගත් බලවත් සොම්නසිනුත්, බුදු වූ දිනයෙහි මෙන් ම, ගිනි දැල් නැතිව දිලිසෙන ගිනි අඟුරු රැසක් මෙන් අතිශයයෙන් දීප්තිමත් ව බැබැළුණේ ය.

කුකුත්ථා නදිය කරා වැඩීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු පිරිස හා කුකුත්ථා නම් නදිය වෙත වැඩි සේක. වැඩ, නදියට බැස ජලස්නානය කොට පැන් වළඳා ඉන් නැඟී නදී තීරයෙහි වූ අඹ වනයට එළැඹි සේක. ඒ වේලායෙහි අනඳ තෙරණුවන් භාග්‍යවතුන් වහන්සේ ගේ ජලශාටිකාව (නාන කඩ) මිරිකමින් ගඟෙහි පරක්කු වූ බැවින්, සමීපයෙහි සිටි චුන්දක ස්ථවිරයන් අමතා සඟළ සිවුර සතර පටක් කොට පණවා සිංහ ශය්‍යායෙන් සැතැපුණු සේක. ඉක්බිති එහි වැඩි අනඳ තෙරුන් අමතා. බුදු වන දාට පෙර දා සුජාතාව දුන් භෝජනය ද ඒ පිරිනිවන්පාන දිනට පෙර දා චුන්ද කර්මාරපුත්‍රයා දුන් භෝජනයද සමඵල බව220 වදාළ සේක.

කුසිනාරා පුර වැඩීම

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඉන් පිටත්ව හිරණ්‍යවතී ගඟින් එතෙර වී කුසිනාරා පුරයට වැඩි සේක. වැඩ, එහි වූ මල්ල රජුන් ගේ උපවර්තන නම් සල් උයනට පැමිණි සේක. පැමිණ එහි රජුන් ගේ සැතැපීමට සාදා තිබුණ ඇඳ යමක ශාල වෘක්ෂයන් අතුරෙහි තබා පිළියෙල කරන්නට අනඳ තෙරුනට නියම කළ සේක. අනඳ තෙරණුවෝ ද එ සේ ම ශයනය පැණවූහ. භාග්‍යවතුන් වහන්සේ එහි සිංහ ශය්‍යායෙන් සැතැපුණු සේක.

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා !!!
23/05/2024

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා !!!

ඉතාමත් විශ්වාසයෙන් කියන්නේ...ඔබට සාධාරණ විදේශ සංචාරක් අවශ්‍යනම් මෙතුමා අමතන්න .0777719380.
17/05/2024

ඉතාමත් විශ්වාසයෙන් කියන්නේ...ඔබට සාධාරණ විදේශ සංචාරක් අවශ්‍යනම් මෙතුමා අමතන්න .0777719380.

සුන්දර තායිලන්ත චාරිකාව 2024..... ඔබත් තායිලන්තයේ සුන්දර අත් දැකිම් ව්දගන්න ඔබත් අදම Halloluwa Tours tours හා එක් වන්න.....
15/05/2024

සුන්දර තායිලන්ත චාරිකාව 2024..... ඔබත් තායිලන්තයේ සුන්දර අත් දැකිම් ව්දගන්න ඔබත් අදම Halloluwa Tours tours හා එක් වන්න..... temple

14/05/2024
සුන්දර තායිලන්ත චාරිකාව 2024..... ඔබත් තායිලන්තයේ සුන්දර අත් දැකිම් ව්දගන්න ඔබත් අදම Halloluwa Tours tours හා එක් වන්න.....
13/05/2024

සුන්දර තායිලන්ත චාරිකාව 2024..... ඔබත් තායිලන්තයේ සුන්දර අත් දැකිම් ව්දගන්න ඔබත් අදම Halloluwa Tours tours හා එක් වන්න..... cruise bangkok

11/05/2024

සුන්දර තායිලන්ත චාරිකාව 2024..... ඔබත් තායිලන්තයේ සුන්දර අත් දැකිම් ව්දගන්න ඔබත් අදම Halloluwa Tours tours හා එක් වන්න..... world

සුන්දර තායිලන්ත චාරිකාව 2024..... ඔබත් තායිලන්තයේ සුන්දර අත් දැකිම් ව්දගන්න ඔබත් අදම Halloluwa Tours tours හා එක් වන්න.....
11/05/2024

සුන්දර තායිලන්ත චාරිකාව 2024..... ඔබත් තායිලන්තයේ සුන්දර අත් දැකිම් ව්දගන්න ඔබත් අදම Halloluwa Tours tours හා එක් වන්න..... world bankok

සුන්දර තායිලන්ත චාරිකාව 2024..... ඔබත තායිලන්තයේ සුන්දර අත් දැකිම් ව්දගන්න ඔබත් අදම Halloluwa Tours tours හා එක් වන්න......
11/05/2024

සුන්දර තායිලන්ත චාරිකාව 2024..... ඔබත තායිලන්තයේ සුන්දර අත් දැකිම් ව්දගන්න ඔබත් අදම Halloluwa Tours tours හා එක් වන්න..... temple

10/05/2024

සුන්දර තායිලන්ත චාරිකාව 2024..... ඔබත තායිලන්තයේ සුන්දර අත් දැකිම් ව්දගන්න ඔබත් අදම Halloluwa Tours tours හා එක් වන්න.....

10/05/2024

සුන්දර තායිලන්ත චාරිකාව 2024..... ඔබත තායිලන්තයේ සුන්දර අත් දැකිම් ව්දගන්න ඔබත් අදම Halloluwa Tours tours හා එක් වන්න.....@ pattaya

සුන්දර තායිලන්ත චාරිකාව 2024..... ඔබත තායිලන්තයේ සුන්දර අත් දැකිම් ව්දගන්න ඔබත් අදම Halloluwa Tours tours හා එක් වන්න......
10/05/2024

සුන්දර තායිලන්ත චාරිකාව 2024..... ඔබත තායිලන්තයේ සුන්දර අත් දැකිම් ව්දගන්න ඔබත් අදම Halloluwa Tours tours හා එක් වන්න.....

තුන් චෛත්‍යයෝභාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “ආනන්දය ශාරීරික, උද්දේශික, පාරිභෝගික යැ යි පූජ්‍ය වස්තූහු තිදෙනෙකි. ඉන් ...
04/05/2024

තුන් චෛත්‍යයෝ
භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “ආනන්දය ශාරීරික, උද්දේශික, පාරිභෝගික යැ යි පූජ්‍ය වස්තූහු තිදෙනෙකි. ඉන් ශාරීරික ධාතු පූජාව බුද්‍ධ පරිනිර්වාණයෙන් පසු ව වන්නේ ය. උද්දේශික පූජාව නම් ධර්මයට බුද්‍ධ ප්‍රතිමාදියට වෙයි. පාරිභෝගික ධාතු පූජා නම් පරිභෝග කළ පාත්‍ර චීවරාදියට ද බුද්‍ධත්වයේ දී පිටදුන් බෝධි වෘක්‍ෂයට ද කැරෙන සත්කාරය යි. එබැවින් ජය ශ්‍රී මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවනාරාමයෙහි රෝපිත කරවා සත්කාර කරත් හොත් ඒ මට කළ සත්කාරය හා සම යැයි වදාළසේක.

අනඳ තෙරණුවෝ මෙ පවත් කොසොල් රජු ආදීනට දන්වා එ වේලායෙහි ම ජේතවන දොරටුව සමීපයෙහි වළක් කණවා, ජයසිරි මහ බෝ රුකින් ඵලයක් ගෙනවුත් දෙන්නට මුගලන් තෙරුන් අයැදූහ. මුගලන් තෙරණුවෝ තමන් එය බෝ රුකින් ගෙනෙන සැටි සියල්ලට පෙනෙන සේ ඉටා එ කෙණෙහි ඍද්‍ධියෙන් ගොස් උරුවිල්වායෙහි වූ ජයශ්‍රීමහාබෝධිවෘක්‍ෂය සමීපයට වැඩ එහි නටුයෙන් ගැළැවී එන ඵලයක් බිම වැටිය නොදී සිවුරු පටින් පිළිගෙන, එකෙණෙහිම ගෙනැවිත් අනඳ තෙරුනට දුන්හ. අනඳ තෙරණුවෝ එය කොසොල් රජුට බාර කළහ. රජ එය රුවන් කරඬුවෙකින් ගෙන හිස මත තබා ගෙන එය හිඳුවීමට කැරුණු වළ තෙවරක් පැදකුණු කොට අනේපිඬු සිටු අතට දුන්නේ ය. සිටුහු ගන රන් තලියෙක සුවඳ කලල් පුරා, තලියේ පතුල සිදුරු කොට වළ මැද තබා එහි බෝ පැළය සිටුවූ හ.

මෙය අනඳ තෙරුන් ගේ නියෝගයෙන් සිටුවන ලද බැවින් ද මහජනයාගේ සිතැ ආනන්දය ඇති කෙරෙමින් වැඩුණු හෙයින් ද ආනන්ද බෝධි නම් වීය.

දිනෙක භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන්ගේ අයදනින් ඒ බෝරුක මුල රෑ තුන්යම්හි සමාපත්ති සැපයෙන් වැඩ හුන් සේක. මෙසේ ආනන්ද බෝධිය පාරිභෝගික චෛත්‍යයක් වීය.

ජීවකම්බ වනය පිදීම

භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අතිශයයෙන් පැහැදුණු රාජ වෛද්‍ය කෝමාරභච්ච ජීවක තුමා ස්වකීය අඹ වනයෙන් උන්වහන්සේ පිදුයේ මෙ සමයෙහි ය.

පින්බර පොහෝ දිනයක් වේවා !!!🔸 බක් පුර පසළොස්වක පොහොය දිනයේ ඇති වැදගත්කම.          ⊱⋅ ──────────────── ⋅⊰▪️බුදුරදුන්ගේ දෙව...
22/04/2024

පින්බර පොහෝ දිනයක් වේවා !!!

🔸 බක් පුර පසළොස්වක පොහොය දිනයේ ඇති වැදගත්කම.
⊱⋅ ──────────────── ⋅⊰

▪️බුදුරදුන්ගේ දෙවන ලංකා ගමනය සිදුවීම.

▪️නාගදීපයට වැඩම කොට චූලෝදර හා මහෝදර අතර මිණි පළඟක් අරඹයා වූ ගැටුම සමථයකට පත්කිරීම.

▪️සතර පෙර නිමිති වලින් පළමු පෙර නිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.

ලෝසතුනට පතළ මහා කරුණාවෙන් යුතුව මේ මහා භද්‍ර කල්පයේ සම්බුදු රජාණන් වහන්සේලා සිව් නමක් පහළ වූ සේක. ඒ උතුම් බුදුරජාණන් වහන්සේලා පහළ වූ භූමිය නම් දඹදිව් තලයේ මධ්‍ය ප්‍රදේශය යි. ඒ සියලු බුදුවරුන් පහළ වූ පින්බර දේශයට ආසන්නව යි අප උපන් කුඩා දිවයින පිහිටා තිබෙන්නේ. ඉන්දියානු මහ සයුරේ කුඩා මුතු ඇටයක් සේ පිහිටි මේ සිරි ලංකාද්වීපය නිර්මල වූ සිරි සදහම් අමාව සුරැකී තිබෙනා ධර්මද්වීපය යි. සිව් බුදුරජාණන් වහන්සේලා ගේ ම පහස ලද පින්බර දිවයින යි.

ගෞතම නමින් තිලොවේ ම පිදුමන් ලබනා අපගේ ශාස්තෘන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සතර වන සම්මා සම්බුදු රජාණන් වහන්සේය. ඒ අනන්ත වූ සම්බුද්ධ ඥානයෙන් අපගේ ශාස්තෘන් වහන්සේ දැක වදාළා නෛර්යානික වූ ස්වාක්ඛාත වූ ධර්මය මතුවට සුරැකෙන්නේ මේ පුංචි දිවයිනේ බව. සම්බෝධියට සෙවන සලසාලූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව සුරැකෙන්නේ මේ පුංචි දිවයින තුළ බව. ශ්‍රීමත් සුගත තථාගත ධාතූන් වහන්සේලා තැන්පත් කොට මනහර සෑයන් ඉදිවන්නේත් මේ පුංචි දිවයිනේ ම බව. ඒ නිසාම ඒ මහා කරැණිකයාණෝ තෙවරක් ම මේ පින්බිමට වැඩම කොට, නික්ලේශී සම්බුදු සිරුරින් මේ භූමිය ස්පර්ශ කොට වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ උදේ සවස විසි සතර කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සිත පතුරවමින් ලෝ වැඩ වැඩීම සිරිතකි. බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චූලෝදර - මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ. උනවහන්සේ නාගයන් කෙරෙහි කරුණායෙන් ඔවුනට සුවසෙත් සාදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම ඍද්ධියෙන් නාගදීපයට වැඩි සේක. මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපති කම් කරමින් සිටියේ ය. ඔහු ගේ සහෝදරී කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩ වැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්න‍යෝ වූහ. චූලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතු ව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නො දී චූලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චූලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතු වූයේ මේ මිණි පළඟ ය. බුදුරජාණන් වහන්සේ මේ ගමන‍ට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක් ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා කැඳ වූ සේක. ඒ දෙව් රද තමාගේ භවනය වූ කිරිපලු රුක උදුරා තථාගතයන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්ලා ගෙන තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාගදීපයට පැමිණියේ ය. සමිද්ධි සුමන දිව්‍යරාජයා දෙව්රම් වෙහෙර දොරටුවේ කිරපලු රුක අධිගෘහිත දේවතා වන්නට පෙර ජාතියේ නාගදීපයේ මනුෂයෙකු ව උපද සිටියේ ය. එකල කිරිපලු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුරවරයන් වහන්සේලා දැක උන්වහන්සේලාට පාත්‍ර පිරිසිදු කර ගන්නට කොළ කඩා දුනි. ඒ පින් බෙලෙන් මිනිස් තෙමේ දෙව්රම් වෙහෙරැ කිරිපලු රුකෙහි දෙවියකු ව උපන්නේය. මේ මහාවංසයේ දැක්වෙන එම ප්‍රවෘත්තිය යි.

බුදුරජාණන් වහන්සේ බක් අව‍ප‍සළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවූහ. නාගයන් බියෙන් හැකිළී සිටින විට ආලෝකයක් මවා තමන් වහන්සේ ඔවුනට දක්නට සැලැස්වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදු සිරි පා කමල් වැන්දාහ. ලෝක නාථයන් වහන්සේ චූලෝදර - මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව, මක්ඛ පලාසාදීන් ගේ ආදීනව, කාකොලුක ජාතකය, එන්දන ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යන මේවායින් වෛර කිරීමෙහි ඇති‍ දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ. පසුව යුද වැදී සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ ප්‍රීතියට පත්ව යුද්ධයට හේතු වූ මිණි පළඟ තථාගතයන් වහන්සේට පිදූහ. අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා අවසන නාගයන් තිසරණ පන්සිල් හි පිහි‍ටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැඳුම් පිඳුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත් නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩියහ.

මෙහිදි සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් ඇත. මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛිත නාග රජ තෙමේත් කැළණි පුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේ ය. බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක්ඛිත නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනක දී තමාගේ වාසභවනය වූ කැළණි පුරයට වඩින ලෙස ‍ආරාධනා කෙළේ ය. බුදුහු එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් පිළිගත්හ.

පාරිභෝගික ධාතුවක් බවට පත්වූ මිණිපළඟ ආපසු නාරජුන් වෙතම භාරදෙන ලදුව එම පාරිභෝගික ධාතුව නිදන් කොට රාජායතන නම් විසිතුරු චෛත්‍යය පිහිටවුහ. උතුරේ යාපන අර්ධද්වීපයේ බුදුහිමි පහස ලත් පින් බිමෙක පිහිටි ඵෙතිහාසික නාගදීප චෛත්‍යය සිංහල බෞද්ධයන්ගේ අති පූජනීය සොළොස්මස්ථානයන්ගෙන් එකකි.

සියළු යස රජ ඉසුරින් පිරිණු සිදුහත් කුමරු බක් මස පුන් පොහෝ දින උයන් කෙළි පිණිස යන්නේ සසර කළ කිරීමට හේතු වූ සතර පෙර නිමිත්තෙන් පළමු පෙර නිමිත්ත වූ ජරා (මහළු) රූපයක් දැක සසරින් එතෙර වීමට මග පෑදුණු දිනයක් වශයෙන් ද බක් පුන් පොහෝ දිනය අති උදාර පොහෝ දිනයකි.

ඉතින් සම්බුදු පියාණන් වහන්සේ ගේ දෙවැනි ලංකාගමනය සිදු වූ මේ පින්බර බක් පොහෝ දිනයේ අපිත් සැදැහැ සිතින් පෙහෙවස් සමාදන් වෙමු. සිත, කය, වචනය සංවර කර ගැනීමට මහන්සි වෙමු. දුර්ලභව ලද මිනිසත් දිවියේ පින් රැස්කර ගැනුමට උත්සාහවත් වෙමු.

තෙරුවන් සරණයි!

උ ගැ the buddst page

සීමිත ආසන 2 ක් ඉතිරිව පවති..පිටත් වීම මැයි 7 - 13
16/04/2024

සීමිත ආසන 2 ක් ඉතිරිව පවති..
පිටත් වීම මැයි 7 - 13

11/04/2024

බුද්ධගයාව වඳින්න යන බැතිමතුන්ට උපදෙස්

අසිරිමත් භාරතයේ මහා පූජා භූමී -:

නේරංජනා නදියේ ගලායන සීතල දිය දහරේ සුවය විඳින හරිත වර්ණ වෘක්ෂ ලතාවෝ මද පවන් සැලූහ. නා නා විධ පුෂ්පයෝ සුගන්ධය පැතුරූහ. අති රමණීය වූ කමනීය වූ ස්ථානයක පිහිටි ඇසතු රුක (අද බෝගස) පාමුල මාරසේනා මර දූවරු මෙන්ම මාරයාද පරදවමින් ත්‍රිවිද්‍යාව උපදවාගෙන චතුරාර්ය සත්‍යය අවබෝධකළ උතුමාණෝ සඩ්වර්ණ රශ්මිධාරා පතුරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූහ. තමා විසින්ම ධර්මය අවබෝධ කරගත් තිලොවටම උතුම් වූ ගුරු හෙයින් සම්මා සම්බුද්ධ ලෙසින් හැඳින් වූහ. වෙසක් පුනු පොහෝදා ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධකරගත් ගෞතම බුදුරදුන් වහන්සේ මෙම භද්‍ර කල්පයේ ජනිත වූ බුදුවරුන් අතරින් වූ 28 වැනි බුදුවරයාය.

ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට තමා උපකාර වූ ස්ථානවලට කෘතගුණ දැක්වීම බුදුන්වහන්සේගේ පළමු රාජකාරිය වූවේය.

පළමු සතියේ උන්වහන්සේට පිටදීමට උපකාර වූ බෝ සෙවණේද දෙවෙනි සතිය එම බෝධියට කෘතගුණ දැක්වීම සඳහා අනිමිස ලෝචන පූජාවේ ද, තෙවන සතිය රුවන් සක්මනේ ද සිව්වන සතිය රුවන් කුටියේ ද, පස්වන සතිය අජපලු නුගරුක මුලදී හයවන සතිය මුචලින් ද නාග දරණය තුළද සත්වන සතිය කිරිපලු නුගරුක මුල ද (රාජායතනය) ආදී ලෙසින් ගතකළ සේක.

පඨමං බෝධි පල්ලංකං
දුතියංච අනිබ්බිසං
තතියං චක්ක මනං සෙට්ඨං
චතුත්තං රථ නාගරන්
පංචමං අජ පාලංච
මුචලින්දේන සට්ඨමං
සත්තමං රාජායතනන්
වන්දේතන් මුණිසේවිතන්

යන ගාථාවෙන් වන්දනා කරනු ලබන්නේ ද එදා බුදුන් වහන්සේ සත් සතිය ගතකළ එම ස්ථානයන්ය. අතීතය එසේය.

බෞද්ධයෙකු විසින් දැක සංවේගය උපදවා වැඳපුදාගත යුතු ප්‍රධාන ස්ථාන හතරෙන් දෙවන ස්ථානය වන්නේ බෝසතුන් බුද්ධත්වය ලැබූ අද බුද්ධගයාව නමින් හඳුන්වන අසිරිමත් ශුද්ධ භූමියයි.

ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ පටිනා නගරයේ සිට කිලෝමීටර් 96 ක් (සැතපුම් 60 ක්) දුරින් බුද්ධගයාව පිහිටා ඇත.

මෙහි ඇති විහාරයට බටහිර දෙසින් උතුම් වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටා තිබේ. මෙය ත්‍රිපිටකයෙහි බෝධිමන් ද ලෙසින් හඳුන්වා දී ඇති අතර ඊට අනුව එය බෝධිමත්ව විහාරය ලෙස ව්‍යවහාරයට ගන්නේය.

මෙම ස්ථානය ගැන බෞද්ධ අටුවාවේ මෙසේ දැක්වේ.

එනම් මෙම බෝධි වෘක්ෂය පිහිටි ස්ථානය බුදු වූ සහ බුදුවන සියලු බුදුවරුන්ට පොදුවූ ස්ථානයකි. පැරණි ජාතක කතාවලට අනුව එය පෘථිවියෙහි නාභිය වෙයි. මෙම ස්ථානයෙහි යම් දුරක් යනතුරු කිසිදු පැලෑටියක් නොවැවෙන බවත්, එහි පස සුමුදු වැලි වලින් සපිරි රිදී තැටියක් සේ පැවතෙන බවත් එම භූමිය අවට කෙටි තණ වැල් සහ වෘක්ෂ පමණක් වැවෙන බවත්, මෙම ප්‍රදේශයෙහි දී ගුවනින් ශක්‍රයාටවත් ගමන් කළ නොහැකි බවත් ලෝක විනාශයේ දී අවසානයට අවසන්වන ස්ථානය මෙය බවත් ලෝකය නැවත හටගන්නා විට පළමුව ආරම්භය පටන් ගන්නා ස්ථානය මෙය බවත් එය දර්ශනය වීම සඳහා නෙළුමක් මතුවන බවත් බුදුවරුන් ඉපදීමට පෙර එම නෙළුම පුෂ්ප දරන බවත් කියැවේ.
මෙවන් වූ අනන්‍යතාවක් සහිත ශ්‍රී මහා බෝධිය අබියස ඇති වජ්‍රාසනය ද බෞද්ධාගමික බැතිමතුන්ගේ වන්දනාවට ලක්වන සුවිශේෂී ස්ථානයකි. මෙය අද සර්ව බෞද්ධයන්ගේ හදවත බවට පත්වී ඇත්තේය.

මෙසේ වන්දනාවට ලක්වන බුද්ධගයා මහා විහාරය වජ්‍රාසන විහාරය ලෙසින් වීරදේව නම් භික්ෂුවක් විසින් ගොඩනංවා ඇති බවත් පසුකාලයක හින්දු බ්‍රාහ්මණයෙකු විසින් එය තරමක් විශාල කර ඇති බවත් අසන්නට ලැබේ.

පසුකාලයේ දී ධර්මාශෝක රජු විසින් බුද්ධගයා විහාරය අඩි 170ක් උසට නිමවා ඇත්තේය. එසේම පෙළින් පෙළට කර වූ කුහර තුළ රන් ආලේපිත පිළිම වහන්සේලා තැන්පත් කර තිබෙන්නට ඇති බවට යම් යම් සාක්ෂි හමුවී තිබේ.

මෙහි පහත මාලයෙහි බුදුන් වහන්සේගේ භූමි ස්පර්ශ මුද්‍රා පිළිම වහන්සේ නමකි. ඉහළ මාලයෙහි මෛත්‍රී හා අවලෝකි තෙශ්වර යන බෝසතුන්ගේ අඩි දහයක් උසැති ප්‍රතිමා දෙකක් දක්නට ලැබේ. විහාරයේ සියලුම බිත්ති බුදුපිළිම වහන්සේලාගේ ප්‍රතිමා හා තාරාදේවි ප්‍රතිමාවලින් සමන්විතය.

එසේම විහාරය තුළ ඇති බුදුපිළිම වහන්සේ ආශ්චර්යජනකය. නැගෙනහිර දෙසට මුහුණලා අැති පිළිමයේ වම් ශ්‍රී හස්තය උකුළ මත ද, දකුණු ශ්‍රී හස්තය භූමි ස්පර්ශයෙන්ද යුක්ත වේ. පිළිමයේ උස අඩි 11 යි අඟල් 5 කි. මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි ප්‍රතිමාවේ මුව කමල සෞම්‍ය සෞභාග්‍යමත්ව නිමවා ඇත්තේය. යම් යම් කාලවල සතුරු ආක්‍රමණ පැවතිය ද බුදු පිළිම වහන්සේ නම් එදා මෙන් අද ද විරාජමානව වැඩ සිටිති.

මෙම පිළිමවහන්සේ නිමවා ඇත්තේ බුදුවීම සඳහා බුදුන් වැඩ සිටි වජ්‍රාසනය මත බව පිළිගැනේ. මෙම පිළිම වහන්සේගේ මුහුණ දෙස බලා සිටිනා ඕනෑම අයෙකුගේ සිත පුණ්‍යවන්ත සිතිවිළිවලින් පිරීයනු ඇත. එය එම වන්දනාවේ නිරත වූ සියලුදෙනාගේ අත්දැකීමකි.

බෝධිය, වජ්‍රාසනය බුදුපිළිමය බුදුන් වහන්සේ දකිනවා හා සමානව ගෞරවය, භක්තිය දනවන දසුන්ය. මීට අමතරව බෝධිය අසල අනිමිස ලෝචනයෙහි යෙදුණ ස්ථානය ද වෙයි.
එනම් බුදුන් වහන්සේ බුදුවී දෙවන සතියේ දී පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන ලද්දේද බෝධිසත්වයෝ තවමත් බුදුවී නැතැයි දෙවියන් සැක කළ අවස්ථාවේ දී යමාමහ පෙළහර පාන ලද්දේද මේ ස්ථානයේ සිටය. කෘතගුණ දැක්වීම සඳහා බෝධිය දෙස සතියක් බලා සිටි එම පූජනීය ස්ථානයේ අද දක්නට ලැබෙන්නේ අනුමිස ලෝචන චෛත්‍යයයි.

බුදුන් වහන්සේ තෙවන සතිය ගතකරන ලද්දේ රුවන් සක්මනෙහි යෙදෙමිනි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත් අනිමිස ලෝචන චෛත්‍යයත් අතර එම ස්ථානය පිහිටා ඇත්තේය. එය පියුම් සහිත වේදිකාවක් ලෙස දක්නට ඇති අතර එහි සක්මන් කරමින් බුදුන් වහන්සේ ධර්මය මෙනෙහි කරන්නට ඇත්තේය. ශ්‍රී මහා බෝධියේ දකුණු පසට වීමට තවත් ගොඩනැගිල්ලක් වෙයි. එය රථනාගාරය හෙවත් හතරවන සතිය ගතකළ රුවන් කුටියයි. අද දක්නට ලැබෙන්නේ පැරණි කුටිය නොවන අතර පසුකාලයේ කළ නිර්මාණයකි.
මෙහි ඇති වැදගත්කම වන්නේ බුදුන්වහන්සේ එදවස සතිපට්ඨානය දේශනා කළ ස්ථානය මෙය බව සැලකීමයි. සිව්වන සතියේ මේ ස්ථානයේ වැඩ සිටිය දී සිරුරින් රශ්මිය නිකුත් වූ බවත් සඳහන්ය. ඒ පිළිබඳව වූ විස්තර මජ්ජම නිකායේ අරියපරියේසන. සූත්‍රයේ සඳහන් වන්නේය.


බුදුන් වහන්සේ පස්වන සතිය ගතකරන ලද්දේ අජපාල නුගරුකමුලය. එහි සිට දෙවන වරටත් පැමිණ මාරයා සහ

මහාවිහාරයට වම් පැත්තේ එදා පැවති නුගරුක වෙනුවට නව නුගගසක් වැවී ඇත. එම ස්ථානය එදා පස්වන සතිය ගතකළ ස්ථානය බවට සොයාගෙන ඇත්තේය. මුචලින්ද නාග දරණය තුළ බුදුන් වැඩ සිටින ප්‍රතිමූර්තියක් සහිත පොකුණක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වම්පසින් දක්නට ලැබේ. සැබෑ විල දැනට ගොඩවී ඇති බවත් එය එම අවස්ථාව සිහිගැන්වීමක් බවත් සඳහන් පුවරුවක්ද එහි ඇත්තේය.

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී පස්වන සතියේ අජපාල නුගරුක මුලට පැමිණ සතියක් ධර්මය මෙනෙහි කරමින් වැඩසිටි අතර එම කාලය තද වැසි කාලයක් වූ බවත් ඒ කාලය තුළ මහා නාග රාජයෙක් පැමිණ බුදුන්ට ආරක්ෂාව සැපයූ බවත්, වැස්ස නිමවීමෙන් පසු මිනිස් වෙස්ගෙන බුදුන් ඉදිරියේ පෙනී සිටි බවත් එහි දී බුදුරදුන් නාගයා අමතා දහම් දෙසූ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත්තේය.

එසේම බුදුවී සත්වැනි සතිය ගත කරන ලද්දේ රාජායතනයේ බව සඳහන් වන අතර එහිදී තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විළඳ මීපැණි පූජා කළ බව හා ඔවුන් තමන්ට වැඳ පුදා ගැනීමට දෙයක් ඉල්ලූවිට කේෂධාතු ලබාදීම සිදු කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත. එවන්වූ ඓතිහාසික වටිනාකමක් සහිත රාජායතනය මුචලින්ද විල පිහිටි පුදබිමේ සිට ආපසු හැරී බුද්ධගයා විහාරය දෙසට එනවිට හමුවන නටඹුන් ස්ථූපය බව පැවසෙයි. එහි කිරිපලු නුගරුක තිබූ ස්ථානයෙහි ස්මාරකයක් පිහිටුවා ඇත්තේය.

මෙවන් වූ ඓතිහාසික වටිනාකමක් ඇති බුද්ධගයාව කාලයෙන් කාලයට විවිධ වූ උපද්‍රවවලට ලක්වී ඇත්තේය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ කරුණා බලමහිමය නිසාම සතුරන්ට හෝ ස්වභාවික ව්‍යසනයන්ට එය විනාශ කර දැමිය නොහැකි විය. මීට හොඳම උදාහරණය ලෙස හයවරක් ජයශ්‍රී මහා බෝධිය විනාශ කිරීමට ගත් කෘරතර ක්‍රියාමාර්ග පෙන්වාදිය හැකිය.

අප මෙලෙසින් වන්දනා කරන ජයශ්‍රීමා බෝධිය සම්බන්ධව ඒ දුක්බර පුවත් මෙසේය. විටෙක ධර්මාශෝක රජුගේ බිසවක වූ තීක්ෂණ රක්ෂිතා විසින් බමුණන් ලවා විෂකටු ගසා බෝධිය විනාශ කරන ලදී. ඒත් ඒ බෝධියේ පැවති බල මහිමය නිසාම යළිත් දලුලා වැඩුණේය.

ඉන් පසු කලෙක බටහිර බෙංගාලයේ රජකළ ශශංක රජු විසින් බෝධින් වහන්සේ කපා ගිනි තබන ලදී. එහෙත් පිංවන්ත බෝධිය නැවතත් මහාපොළවෙන් නැගී සිටියේය. ඒ මගධයේ රජු පූර්ණවර්ධන රජතුමා බෝධියට කළ සත්කාර හේතුවෙනි.

එසේ නැගීසිටි බෝ අංකුරය ආරක්ෂා කිරීම සඳහා අඩි 24 ක් උස තාප්පයක් ද ඔහු ඉදි කළේය.

12 වන ශත වර්ෂයේ දී සිදුකළ මුස්ලිම් ආක්‍රමණයේදීද ජය ශ්‍රී මහා බෝධිය කපා ගිනි තබන ලදී. ඊට පසුත් බෝධීන් වහන්සේ නැගී සිටියේය.

නැවත වතාවක් බෝධීන් වහන්සේ සුළි සුළඟකින් විනාශවී තිබුණේය. එහෙත් එහි අංකුරයක් නැවත දලුලා ආවේය. අද අපි වන්දනා කරනුයේ පැරණි බෝධියෙන් මතුව ආ හත්වන බෝධි රාජයාණන්ටය.

කිසිවෙකුටත් විනාශ කළ නොහැකි වූ මෙම පින්වන්ත අසිරිමත් බෝධිය වටා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා රන්වැටක් ඉදිකර තිබේ. එය අද ද දක්නට ඇත.
වන්දනීය පූජනීය බෝධිය විනාශ කළාසේම වසර කීපයකට පෙර බුද්ධගයා විහාරය ද හින්දු ආගමික මහන්තා විසින් අත්පත්් කරගන්නා ලදී. එසේම ඒ අසල ශිව ලිංගය සහිත කෝවිලක් සාදා හින්දු සම්ප්‍රදායට අනුව කටයුතු කර තිබුණේය. නිමල වූ බුදුදහමේ මහානර්ඝ ස්ථානයක් වූ බුද්ධගයාව මහන්තාගෙන් බේරාගත යුතුයි යන අදහස පහළ වූයේ අනගාරික ධර්මපාලතුමාටය.

‘‘සිංහලයනි නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්’’ යනුවෙන් හඬ නැගූ ඔහු ජාත්‍යන්තරව විසිරී සිටි බෞද්ධයන් ද මීට සම්බන්ධ කර ගත්තේය. අතීතයේ දී බුරුම පන්සලක් පමණක් බුද්ධගයාව අසල පිහිටා තිබූ අතර අනගාරික ධර්මපාලතුමා විසින් මහන්තා සමග කළ සටන ජයගත් පසු ජය ශ්‍රී මහා බෝධිය ආසන්නයේම මහා බෝධි සමාගම පිහිටුවේය.
අද වන විට රන්පට්ටමක් සහිත වහලයක් හා අලංකාර බිතුසිතුවමින් යුත් තායි විහාරයක් ද, මනහර සිතුවමින් යුත් රාජකීය භූතාන් විහාරයක් ද ජපන් පන්සලක් ද, නූතන මොන්ගෝලියන් විහාරයක් ද විශාල රන් බුද්ධ රූප තුනක් සහිත කෞතුකාගාරයක් ද ලාමාවරයෙකු අතින් නිමකළ මනහර උද්‍යානයක පිහිටි මීටර් 25 ක් උසැති හිටි පිළිම වහන්සේ නමක් ද බුද්ධගයා විහාරය අසල බිම් පෙදෙසේ පිහිටා ඇත.

මේ සියලු දේ බැතිමතුන්ට දැකගත හැකි පූජනීය ස්ථානයන්ය. අද ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ගරු බුහුමන් කෙසේ වුවද බුද්ධගයා විහාරය හා ලංකාව අතර ඇති සබැඳියාව අසමසමය.

ඒ පිළිබඳව ඉන්දියාවේ මහාබෝධි සමාගමේ සභාපති පූජ්‍යපාද බානගල උපතිස්ස හිමියෝ දැක්වූ අදහස් මෙසේය.

බුද්ධගයාව පිහිටලා තිබෙන්නේ බිහාර් ප්‍රාන්තයේ අගනුවර වූ පැටිනා වලයි. මේ වනවිට බුද්ධගයාවේ ගුවන් තොටුපොළක් හදලා තිබෙනවා. බුද්ධගයාව වන්දනා කරන කෙනෙකුට කෙළින්ම එහි ගිය හැකියි. ඒ වගේම බුද්ධගයාවට දුම්රියෙන්ද ගිය හැකියි. දුම්රියපොළේ සිට කිලෝමීටර් 8 ක් දුරිනුයි බුද්ධගයාව පිහිටලා තිබෙන්නේ අද වනවිට ජපානය, තායිවානය, චීනය, බුරුමය වැනි ආසියානු සෑම බෞද්ධ රටක්ම මෙහි වෙහෙර විහාර හදලා තිබෙනවා.

ක්‍රි.ව. 1800 ගණන් වනවිට බුරුම පන්සලක් විතරයි තිබුණේ. ක්‍රි.ව. 1891 න් පස්සේ තමයි වර්තමාන දියුණුව ඇතිවුණේ. මොකද කාලයක් කාගේවත් සම්බන්ධයක් නැතිව බුද්ධගයාව දිරාපත් වෙමින් පැවතුණා. එවැනි මොහොතක තමයි ක්‍රිව 1891 දී අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාවට යන්නේ. ගිහිල්ලා එතුමා අධිෂ්ඨාන කළා මගේ ජීවිතේ පූජා කරලා හරි බුද්ධගයාව ආරක්ෂා කරන බව. ඒ කැපවීම තුළ ක්‍රි.ව. 1891 මැයි මාසයේ බුද්ධගයා මහා බෝධි සමාගම ආරම්භ කළා. එය තමයි පසුකාලීනව මහාබෝධි සමාගම වුණේ.

ඉන්පසු මහාබෝධි සමාගම දෙකකට බෙදුණා. ලංකා මහා බෝධි සමාගම ඉන්දියා මහාබෝධි සමාගම යනුවෙනි. කෙනෙක් බුද්ධ ගයාවට යන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ තැන යන අදහසිනුයි. ඒ එක්කම අශෝක රජුගේ කාලයේ එම ස්ථානයේ විශාල විහාරයක් හැදුවා. ඒ විහාරය හැදුවේ බුද්ධත්වයට උපකාරවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලයි. එය හුඟාක් දියුණු කළා.

කාලයත් සමග බුදුදහම ඉන්දියාවෙන් තුරන්වුණා. ඉන්පසු මේ විහාරය මහන්තා කියන හින්දු පූජකයාට අයිති වුණා. ක්‍රි.ව. 1890 ගණන් වෙනකම්ම එහි අයිතිය පැවතියේ ඔහුට. ඒ නිසා ඔහු ඒ අසලම හින්දු කෝවිලකුත් ආරම්භ කළා. ඒ හින්දු අය බුද්ධගයාව අත්පත්කරගෙන සිටි ආකාරය දුටු අනගාරික ධර්මපාලතුමා කොහොමහරි මෙය බෞද්ධයන් සතු කරගන්නවා කියලා අධිෂ්ඨාන කරගත්තා. ඒ නිසයි මහන්තා සමග සටන් කිරීම ඇරඹුවේ.

එය උසාවිය දක්වාම ගියා. ඒ යුගය බ්‍රිතාන්‍ය ජාතීන්ගේ යුගයක්. කාලයක් තිස්සේ නඩුව අහලා උසාවිය තීරණය කළා මේක ලෝක බෞද්ධයන්ගේ ස්ථානයක්. ඒ නිසා මෙය බෞද්ධයන් අතට පත්කළ යුතුයි කියන එක. ධර්මපාලතුමා ලොකු කැපකිරීමක් කරා මේ කටයුත්තට. ඒ යුගයේ ඉන්දියාවේ සිටි ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද් මහතාත් ඒ කමිටුවල හිටියා. මහත්මා ගාන්ධිතුමන් හිටියා. ඒ වගේම එඩ්වඩ් ආහෝඩ් කියලා ඉංග්‍රීසි ජාතික රචකයෙක් බුද්ධගයාව පිළිබඳ කවි​ පොතක් ලියලා තියෙනවා. ඒ පොතෙන් තමයි ගොඩක් විස්තර දැන ගත්තේ.

නඩු කියලා මහාසභාවක් සමග සටන් කරලා ධර්මපාලතුමා ඒ වෙනුවෙන් හිරේ ගිහින් නොයෙකුත් කරදර විඳලා තමයි ඒ සටන මෙහෙයවූවේ. ඔහු ජපානයෙන් බුදුපිළිමයක් අරගෙන ගිහින් එහි තැබුවා. එය මහන්තා විසිකර තිබුණා. ඒ පිළිමය අරගෙන ගිහින් ඒ අසල තිබූ එකම පන්සල වූ බුරුම පන්සලේ තැන්පත් කළා. ඒ බුදුපිළිමය අදටත් කල්කටා මහාබෝධි සමාගමේ තැන්පත් කරලා තිබෙනවා. ශ්‍රී මහා බෝධියට යාබදව තිබෙන ඉඩමේ තමයි ධර්මපාලතුමාගේ මහාබෝධි සමාගමේ විහාරය පිහිටලා තිබෙන්නේ. බුද්ධගයාවේ වර්තමාන දියුණුවට පළමු ගෞරවය හිමිවන්නේ අනගාරික ධර්මපාලතුමාට.

දැනට අවුරුදු 3 ට පෙර ඉන්දියාවේ වර්තමාන අගමැති මෝදි මහතා මෙතනට ගියා. ඉන්දියාවේ ඇමැතිවරු දෙන්නයි බුද්ධගයාවට ගිහින් තියෙන්නේ. අන්තිමට ගිය අගමැති මෝදි මහත්තයා. ඔහු එතන දී ලෝකෙටම ආදර්ශමත් කතාවක් කළා.

අපේ අගනුවර දිල්ලිය. ඒත් බුද්ධගයාව තමයි අපේ අධ්‍යාත්මික රාජධානිය. මේ අවස්ථාවේ මමත් ඇතුළුව ලෝකයේ සෑම රටකම බෞද්ධ නායකයෝ මෙතන හිටියා.
තවත් ලංකාවට වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි ඉන්දියාවෙන් බුද්ධගයාවේ පිහිට වූ ජාත්‍යන්තර ගුවන්තොටුපළ. මේ ගුවන්තොටුපළට ගොඩබට ප්‍රථම ගුවන්යානය තමයි එයාර්ලංකා. මේකේ ලංකාවේ මහානායක හාමුදුරුවරු ගියා. මමත් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් බුදුපිළිමයක් රැගෙන ගියා. මම තමයි බුදුපිළිමයක් රැගෙන ගොස් බුද්ධගයා ගුවන්​ෙතාටුපළට බැස්ස පළවෙනි මගියා.

ක්‍රි.ව. 1891 සිට බුද්ධගයාවේ දියුණුවට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකාව. අදටත් යන වැඩිම බුද්ධගයා වන්දනා කරුවෝ වන්නේ ලාංකික බෞද්ධයෝ.

බුද්ධගයාවේ නේරංජනා ගංගාව, ශ්‍රී මහාබෝධිය සත් සතිය ගතකළ ස්ථාන. ඒ වගේම අශෝක රජු නිර්මාණය කළ විවිධ කුටි හා විහාරය තිබෙනවා. ඒ එක්කම නාලන්දා රාජකිරීට බුද්ධගයාව අසලම තිබෙනවා. ඒ වගේම ගිජ්ජකුඨය නාලන්දා විශ්වවිද්‍යාලය ආදියත් දැකබලාගත හැකියි.

සටහන - කුමාරි හේරත්
ඡායාරූප - අන්තර්ජාලයෙන
උ: ගැ ලංකාදීපය පුවත්ප(2019 පෙබරවාරි මස 16)

බුද්ධ භූමි නෙත් පුරා දාකිමින් ….සිත්  පුරා විදිමින්…..පින් පුරා වදින්නට එන්න ඔබත්.... haloluwa tours හාබුද්ධ භූමි වන්දනා...
03/04/2024

බුද්ධ භූමි නෙත් පුරා දාකිමින් ….
සිත් පුරා විදිමින්…..
පින් පුරා වදින්නට එන්න ඔබත්.... haloluwa tours හා

බුද්ධ භූමි වන්දනා කරනු ලැබෙන පිංබර ස්ථානයන් පහත පරිදි වේ..

දිල්ලිය
:- සතර සතිපට්ඨානය දේශනා කළ පුදබිම
:- කපිල වස්තු සර්වඥධාතුන් වහන්සේලා වන්දනාව
:- දිල්ලි නගර සිරි නැරඹිම

අග්‍රා
:- ලෝක පුදුම හතෙන් එකක් වන ටජ් මහල්
:-

සංකස්ස
:- අශෝක ස්ථම්භය
:- සංකස්ස ස්තූපය
:- ශ්‍රී දේවාවරෝහණ විහාරය

සැවැත් නුවර
:- ගන්ඪබ්බ රුක්ඛ මූලය
:- අංගුලිමාල ස්තූපය
:- සුදත්ත සිටු මැදුර
:- රාහුල කුටිය
:- රාජිකාරාමය
:- සැරියුත් හිමි ධාතු ස්තූපය
:- අටපට්ටම් ළිඳ
:- ජේතවන පොකුණ
:- කරේරු ආරාමය
:- දම්සභා මණ්ඩපය
:- භාග්‍යවතුන් වහන්සේ 19 වසරක් වැඩවිසු දෙව්රම් වෙහෙර
:- ආනන්ද කුටිය
:- කෝසම්භ කුටිය
:- සක්මන් මළුව
:- චින්චිමානවිකාව හා දේවදත් තෙරුන් අපාගත වූ තැන
:- ශ්‍රි ලංකාරාමය පන්සල

කපිලවස්තුපුර
:- නීග්‍රෝධාරාමය
:- සර්වඥධාතු ස්තූපය
:- රම්‍ය, සුරම්‍ය, සුහ මාළිගා නටබුන්

ලුම්බිණිය
:- සිදුහත් කුමරු උප්පත්තිය ලැබු ස්ථානය
:- මායා විහාරය
:- අශෝක කුළුණ
:- මායා පොකුණ

කුසිනාරා නුවර
:- අවසන් වරට පැන් වැළඳු ස්ථානය
:- අඟුරු සෑය
:- පිරිනිවන් මංචකය, පිරිනිවන් සෑය, පිරිනිවන් පා වදාළ ස්ථානය
:- ශ්‍රී දේහය ප්‍රදර්ශන වේදිකාව

විශාලා මහනුවර
:- කූටාගාර ශාලාව
:- රාජාභිශේක පොකුණ
:- ආනන්ද ස්තූපය
:- දැනට නිරූපද්‍රීත එකම අශෝක ස්ථම්භය

රජගහ නුවර
:- නාලන්දා විශ්වවිද්‍යාලය
:- ජපන් සාම ස්තූපය
:- වේලුවනාරාමය
:- සප්තපර්ණි ගුහාව
:- ගිජ්ජකූට පර්වතය
:- ගල් පෙරලු තැන
:- විදුලි පුටු ගමන
:- වාලසංඝාටය
:- විඩූඩභ ගැල් එරුණු තැන
:- බිම්බිසාර රාජ සිරමැදිරිය
:- ජීවක අඹ වනය

බුද්ධගයාව
:- ශ්‍රී මහ බෝධිය
:- වජ්‍රාසනය
:- බුද්ධගයා විහාරය
:- සත්සතිය
:- සේනානිගම
:- දුෂ්කර ක්‍රියා කළ ස්ථානය
:- දුර්ගේෂ්වරි
:- උරුවෙල් දනව්ව
:- නේරාංජනා නදිය

බරණැස
:- ඉසිපතන මිගදාය
:- මූලගන්ධකුටි විහාරය
:- ධම්මරාජික ස්තූපය
:- ධම්මික ස්තූපය
:- දම්සභා මණ්ඩපය
:- අශෝක කුළුණ
:- නව මූලගන්ධිකුටි විහාරය
:- ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ කෞතුකාගාරය
:- සම්මුඛ ස්තූපය

කොසඹෑ නුවර
:-යමුනා ගඟ අසබඩ
:- උදේනි රජ මාළිගය
:- ඝෝෂිතාරාමය
:- අශෝක ස්ථම්භය
:- ශ්‍රී ලංකාරාමය

:- බුද්ධගයාවේ දී සීල සමාදානය, කිරි ආහාර පූජාව සහ පෙරහැර පැවැත්වීම.
:- අටපිරිකර සහිත මහා සාංඝික දානය, සත් සති වන්දනාව, වජ්‍රාසනය අභියස විශේෂ ජය ශ්‍රී මහා බෝධි පූජාව.

:- ජේහවනාරාමයේ දී සීල සමාදානය, අටපිරිකර සහිත මහා සාංඝික දානය, ආනන්ද බෝධි පූජාව, සර්වඥ ධාතු ප්‍රදර්ශනය, කාන්තාවන් ගේ හිස මත ධාතු කරඬුව තබා ආශිර්වාදය ලබා ගැනීමේ දුර්ලභ අවස්ථාව.

වන්දනාව සහ සාප්පු සවාරි ද ඇතුළත්ය.

දින 14 චාරිකාව-:
ගණන 240000/= සාංච් පුද බිමද ඇතුලත් ව..

ඔබට ලැබෙන පහසුකම් පහතින් දක්වා ඇත
⭕ ගමන් වාර 110 කට වඩා ඇති අත්දැකීම් සහ ( ආරම්භය 1993 ,විශ්වස්නිත්වයේ පලපුරුද්ද )
⭕ කොළඹ සිට දිල්ලි යෑමට-ඒමට ගුවන්ටිකට්පත්
⭕ සංචාරය සඳහා වීසා
⭕ තුන් වේලටම ආහාර
⭕ බීමට බෝතල් කල පානීය ජලය.
⭕ සියලුම ස්ථානයන්ට ඇතුලත්වීමේ ගාස්තු. (ටජ්මහල් මන්දිරය හැර)
⭕ අනුබද්ධ නාන කාමර සහිත සුවපහසු නවාතැන්.
⭕ කිලෝ 30ක් බර රැගෙන යා හැකි බෑගයක් හා අත් බෑගයක්.
⭕ වායුසමීකරණය කළ Air Suspension සහිත බස්රථ.
⭕ චාරිකාව පුරාවටම මග පෙන්වන්නකු සහභාගීවීම.
⭕ නවදිල්ලියේ දී සහ අනෙකුත් ස්ථානයන්හි දී සාප්පු සවාරි
⭕ ලක්ෂ පහක හදිසි අනතුරු රක්ෂණාවරණයක්.
⭕ වන්දනා චාරිකාවේ ඔබගේ ඡායාරූපවල මෘදු පිටපත් (අවශ්‍යනම් )
⭕ බුද්ධගයාවේ දී කිරිපිඬු සහ විලඳ මී පැණි පූජාව
⭕ කංචුක පූජා, ගිලන්පස සහිත බෝධි පූජා
⭕ වස්ත්‍ර පූජා, චීවර පූජා, අටපිරිකර පූජා
⭕ සාංඝික දාන පූජා කිරීම්
⭕ සර්වඥ ධාතු වන්දනාව සහ ආශිර්වාද පූජා මේ සියල්ල අපෙන් ඔබට....
සැ: යු : චාරිකාව අතර තුර කිසිදු අමතර මුදලක් අය නොකෙරේ ,
වාර්ෂිකව පෙබරවාරි ,මාර්තු ,අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් මාසයන්හි පිටවීම්

ඔබත් අදම සම්බන්ද වන්න
☎ 0777719830
🔴 හල්ලොලුව සංචාරකයෝ.
ඒ කේ ඩබ් සී මහේන්ද්‍ර හල්ලොළුව
අංක 97, පොල්ගහහේන පාර ,දකුණු බටගම ,කදාන
☎ 0777719830

Address


Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94777719830

Website

Alerts

Be the first to know and let us send you an email when Halloluwa Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Halloluwa Tours:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share